Friday, August 3, 2018

බදු ගැසීම සහ පර්මිට්

රනිල් වික්‍රමසිංහ සිතා සිටින්නේ සාමාන්‍ය එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙන් ලංකාවේ අනෙක් ජනතාවත් තණකොළ කන ගොනුන් බවය. නැතිනම් වැඩි කළ බද්ද අඩු කරන්නේ කවදාදැයි මුදල් අමාත්‍යාංශයෙන් අසා එය පුවත් පත් වලත් පල කිරීමට සළස්වන්නේ නැත. වික්‍රමසිංහට එසේ සිතීමේ වරදක්ද නැත. මක් නිසාද යත් මීට පෙර ඔහු විසින් අටවා ගත් ආණ්ඩුව ගත් මුග්ධ ක්‍රියා මාර්ග වල ආදීනව ඇස් පනාපිට පෙනී පෙනී තිබියදීත් නැවත ඔහු බලයට පත් කිරීම පිණිස තම ඡන්දය භාවිතා කළේ මේ ලංකාවේ මහජනතාවම බැවිණි.
වැගන් R හොඳම නෑ ... කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් හොඳාආආආයි !
බ්‍රේස්ලට් දමාගෙන චුයිංගම් හප හපා ෆ්‍රී වයි-ෆයි වලින් ෆේස්බුක් යන මේ කාලයේ මල්ලිලා කාර් පදින්නේ නැත. ඒ මල්ලිලා පංචවිධ කාර් අක්කා පදී. චන්දයට පෙර කාර් ගැනීමට සිටි හැමෝම වාගේ මේ වන විට කාර් අරගෙන ඉවර බව එක ඇමතියෙක් කීවේය. ඇත්තය ! කාර් ගත් අයට කාර් වැඩි වී ඒවා නැවත්වීමට ගෙවල් වල ඉඩ මදි වී කොළොඹ ඇලවල් වල පවා ඒවා පාක් කරන බව ඒ ඇමතියාට වඩා හොඳින් දන්නා කෙනෙක් නැත. ඕකා ගේ කුණු කටට පණුවෝම ගහපිය !





වාහන බදු වෙනස් කිරීම ගැන වගකිව යුත්තේ මුදල් ඇමති මංගල සමරවීර ය. මහජනතාව විහිළුවකට නොගෙන ඒ ගැන පැහැදිළි කිරීමක් කළේ ඔහු පමණි. සමරවීර කියූ දේ සහ නොකියූ දේ එකතු කළ විට චිත්‍රය පැහැදිළිය.

ලංකාවේ ආර්ථිකය පවත්නේ අර්බුදයකය. විශේෂයෙන්ම ගෙවුම් ශේෂය පවත්නේ යහපත් තත්වයක නොවේ. එසේ තිබියදී රජයේ සේවකයන්ගේ මෙතෙක් නවතා තිබූ වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කළේය. දැන් මේ නිකුත් කළ බලපත්‍ර සියල්ලටම වාහන ආනයනය කෙරෙනු ඇත. ඒ සඳහා රටේ විදෙස් මුදල් සංචිත වැය වේ. බලපත්‍ර වලට ආනයනය කෙරෙන්නේ එන්ජින් ධාරිතාව 660 පොඩි වාහන නොවේ. රජයට අය විය යුතු බදු මුදල අඩුම වශයෙන් රුපියල් ලක්‍ෂ 35 ක් පමණ වන එපමණ හෝ ඊටත් වැඩි හෝ විදෙස් මිලක් දරණ වාහන මේ යටතේ ඇණවුම් කෙරෙනු ඇත.

බලපත්‍ර සියල්ලටම වැඩි මිල වාහන ගෙන්වනු ලැබුවත් ඒ සියළු වාහන බලපත්‍ර ලාභින් විසින් තමන් උදෙසාම ගෙන්වන්නේ නැත.

බලපත්‍ර ලාභින් කොටස් කිහිපයකි.
  • එක කොටසක් තමාට යහමින් මුදල් ඇති බැවින් සහ දැනටත් වාහනයක් ඇති බැවින් බලපත්‍රය විකුණති. ඒ ක්‍ෂණික ලාභයකි.
  • එවැනි සමහරු තමන්ම වාහනයක් ගෙන්වා එය විකුණති. සාපේක්‍ෂව වඩා කල් ගත වුවත් පළමුවැන්නට වඩා ප්‍රතිලාභය මෙහි වැඩිය.
  • යහමින් මුදල් ඇති සහ දැනටත් වාහනයක් ඇති දෙවන කණ්ඩායම තම බලපත්‍රයට වාහනයක් ගෙන්වාගෙන පැරණි රථය විකුණති.
  • දැනට වාහනයක් නැති මුත් යම් මුදලක් ඇති උදවිය තමන් උදෙසා වාහනයක් ගෙන්වා ගනිති.
  • එසේත් නැති අය කරන්නේ බලපත්‍රය විකුණා දමා දැනට වෙළෙඳපොළේ ඇති පැරණි රථයක් හෝ අඩු ධාරිතාවක කුඩා වාහනයක් හෝ මිළදී ගැනීමයි.
  • එයත් කළ නොහෙන අයවළුන් බලපත්‍රය විකුණා දමා බසයෙන් වැඩට යති.
මේ කවර කණ්ඩායමක් විසින් වුවත් වැය කරන්නේ රටේ විදෙස් මුදල් සංචිතයයි - එයින් රජය ලබා ගන්නා බදු ආදායමක් ද නැත. මේ වියදමේ සෘජු ප්‍රතිලාභීන් බලපත්‍රලාභින් වන අතර වාහන ආනයන කරුවන් වක්‍ර ප්‍රතිලාභීන් බවට පත් වේ.

ඇමති මංගල පිංසිරි සමරවීර තම පැහැදිළි කිරීමෙන් අපට පෙන්වා දෙන්නේ මේ කටුක සත්‍යයයි. සරළව කිවහොත් වරප්‍රසාදලාභී කිහිප දෙනෙක් විසින් රටේ විදෙස් සංචිතය ගසා කෑමේ අනිෂ්ඨ ප්‍රතිඵලයයි.

පිංසිරි ඒ සඳහා "පංචවිධ" විසඳුමක් ද යෝජනා කරයි. ඒ බලපත්‍ර වලට ගෙන්වනු නොලබන, අඩු ආදායම්ලාභීන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති අඩු මිලැති වාහන උදෙසා බදු වැඩි කිරීමයි. බලපත්‍ර ලැබුවත් වාහනයක් ගෙන්වීමට මුදල් නැති සහ බලපත්‍ර නොලබන දහස් ගණනකට මේ තීරණය හේතුවෙන් තමාගේ වාහනයක් අයිති කර ගැනීමේ බලාපොරොත්තුව දුරස් වේ. එසේම දැනටත් වාහන ඇති අයවළුන්ට නිදහසේ ගමන් බිමන් යෑමේ වරම හිමි වේ.


ඒ හැරුණු කොට මෙහි තවත් පැත්තක්ද තිබේ. 660cc ධාරිතාවේ ජපන් වාහන ලංකාවට පැමිණීමෙන් පහර වදින්නේ 800cc සහ 1000cc කාණ්ඩ වල ඉන්දීය, මැලේසියානු සහ කොරියානු වාහන ගෙන්වා බෙදා හරින ආයතන වලටයි.

උදාහරණයක් ලෙස මෙතෙක් ලංකාවේ වැඩිපුරම විකිණෙමින් තිබූ ඉන්දීය මරුති සුසුකි ඇල්ටෝ 800cc රථය අභිබවා ජපන් සුසුකි වැගන් R රථයත්, ජපන් ඇල්ටෝ රථයත් අළෙවි වෙමින් තිබිණි. මැලේසියානු පෙරෝදුවා සහ කොරියානු කියා මෝටර් රථ වෙළෙඳ පොළෙන් විසි වී යාමේ අවධානමක් තිබිණි. හරි හැටි ආදායම් බදු වත් නොගෙවන ජපන් වාහන ආනයන කරුවන් විසින් වාහන නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්ගත ලංකාවේ නිල ඒජන්ත සමාගම් ගසා කෑම වැළක්වීමට රජයකට යුතු කමක්ද තිබේ.

මේ නව බදු වෙනස් කම හේතුවෙන් ඉහත අභිප්‍රාය (එවැන්නක් ඇත්නම්) නම් සැබැවින්ම ඉටු වේ.

බදු වෙනසට පෙර වෙළෙඳ පොළේ 660cc ජපන් ඇල්ටෝ රථයක් සහ 800cc ඉන්දියන් ඇල්ටෝ රථයක් සමාන මිල මට්ටම් වල තිබිණි. බදු වෙනස හේතුවෙන් ජපන් රථය ඉන්දීය රථයට වඩා අඩු තරමින් රුපියල් ලක්‍ෂ දෙකක් මිල වනු ඇත. ඒ කාණ්ඩයේම අඩු මිළට පැවති ඩයිහට්සු Mira, නිසාන් dayz, සහ මිට්සුබිෂි EK wagon රථ ඉන්දීය සුසුකි Celerio රථයේ මිළ අභිබවනු ඇත. එසේම ලංකාවේ වෙළෙඳ පොළේ වැඩියෙන්ම අළෙවි වෙමින් තිබූ ජපන් සුසුකි Wagon R රථයේ මිළ පෙරෝදුවා Axia රථයේ සහ කියා Picanto හි මිළ ඉක්මවනු ඇත.

මෙයින් ඒ ඒ වාහන ගෙන්වා බෙදා හරින ආයතන වලට වන්නේ යහපතකි. WagonR ගෙන්වනු ලබන්නේ AMW යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් AMW සමාගමට අත්තිකාරම් ගෙවා මාස තුනක්-හතරක් බලා සිටින ගොබිලන් ලංකාවේ නැත. ලාංකිකයන් WagonR ගන්නේ නමක් වත් හරි හැටි නොදන්නා සේල් වලිනි. මේ සේල් වල අළෙවියට පෙර කෙරෙන මවා පෑම් සහ අළෙවියෙන් වගකීම් ගැන කතා කිරීමේ සුදුසු කම් අපට නැත.

ලංකාවේ වාහන ගැන වෙන දවසක කතා කරමු.



5 comments:

  1. මට දීපල්ලා ළම්බෝගිණි එකක්, මුන් එක්ක රේස් පැදලා මැරෙන්න !

    ReplyDelete
    Replies
    1. රනිල් වික්කමසිංහ නොව, රිචඩ් නික්සන් ආවත් ලැම්බෝගිණි නිකං දෙන්නේ නැත. ඒවාට බදු අඩු කර තිබෙන්නේ ඇති හැකි අයට මිලට ගෙන පැදීම පිණිසය.

      Delete
  2. කාර් බදු මොනවද අප්පා....

    තියෙන කර්මාන්ත සොච්චමත් ගෙන්වා ගත් අමුද්‍රව්‍ය ටිකට බදු ගෙවා ගන්න බැරුව. අළුතින් ආ දහසකුත් එකක් බලපත්‍ර කොන්දේසි ඉටු කර ගන්න බැරුව. කන්ටේනර් පිටින් වරායේ හිරවෙලා. ලක්ෂ ගනනින් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඉහ අත් බදාගෙන ඉන්නවා.
    තව හය මාසයක් මෙහෙම ම ගියෝතින්......

    අනේ මන්දා
    එක්කෝ ඔනේ නැහැ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත; අන්න සිංගප්පූරු ගිවිසුමේ තීරු බදු නිදහස් බාන්ඩ ප්‍රසිද්ද කරලා.

      Delete
  3. Aslams
    Hello. How may I help you?

    Visitor
    tell me the price of Ertiga

    Aslams
    3:14 pm
    Hi good afternoon sir

    Im sorry we do not import it at the moment sir

    Visitor
    how about CelerioX?
    Aslams
    We have only Alto, WagonR and CelerioX.

    CelerioX ZXI (O) AGS approx price is Rs. 3,030,000

    Visitor
    it's 1000cc i suppose?
    Aslams
    Yes sir

    Visitor
    when i checked last time @ BMICH it was less than 3m.
    that was during June as I remember
    Aslams
    Okay sir

    Visitor
    now the tax is reduced by 250 000 by the government, isn't the prices supposed to be lower?
    Aslams
    The price before was Rs.3,100,000

    Visitor
    well, that means the agents @ BMICH lied to me. that's okay. The price they told me was 2,900,000 & 3,095,000 for WagonR.
    How much is the WagongR now?
    Aslams
    SUZUKI WAGONR Premium Hybrid (Japan) Selling price is Rs.3,500,000

    Visitor
    government increased the tax for WagonR. It's understandable.
    Aslams
    Yes sir.

    Visitor
    but i was never really interested on WagonR. I was interested on CelerioX & Perodua Axio.
    Since government reduced tax by 250,000 I was expecting a considerable reduction of price.
    Aslams
    I am sorry sir this is the price we are selling the CelerioX for

    Visitor
    Yea, You can't help here.
    During June, CelerioX was 2,990,000 may be and 3,225,000 for Axio. I expected a substantial reduction. Now it seems my hope is hollow.
    Aslams
    Sir Maybe you can try negotiating and get it for a lower price

    Visitor
    You have stopped Celerio, is it?
    Aslams
    Borella showroom - 0112690040

    No sir we sitll import it

    Visitor
    Thanks for the phone number. What is the price of Celerio?
    Aslams
    Still*

    Sorry sir We only import the CelerioX, Not the Celerio, Im sorry that was a mistake.

    Visitor
    that's okay. mistakes happen.
    your website says the DZIRE will be available soon.
    any idea about the price?
    Aslams
    No sir we have not yet been informed on the details On the vehicle

    We will inform you on its availability sir

    I will need your contact details for that, Your name ,number and email sir

    Visitor
    what is the price for Alto 800?
    Aslams
    SUZUKI ALTO with Airbag Selling price is Rs.2,342,000

    Visitor
    this includes the staggering tax amount of 1,500,000 imposed by the government.
    am i correct?
    Aslams
    Yes sir

    Visitor
    so the actual price of the vehicle shall be 842,000 including the company profits and other costs.
    see, how an ordinary person buy a vehicle in this cursed country.
    Aslams
    Yes sir I understand

    Visitor
    apita panchavidha kaar akkage pite thamayi malli yanna wela thiyenne.
    Aslams
    Yes sir

    Visitor
    balamu malli, let's see. ilanga changen passe balamu.
    tan Q
    Read
    Aslams
    Okay sir. You're welcome sir.

    Thank you for visiting Suzuki Sri Lanka website.
    Have a nice day

    Please be kind enough to rate the above chat with a thumbs up

    You rated our customer service as good.

    You left the following comment: good boy

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !