Monday, September 7, 2015

වි.නා.ස. වීමේ ප්‍රතිඵලය

ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නායක R සම්පන්තන් මහතා එම ධුරයට පත් වූ දෙවන දෙමළ වාර්ගිකයා වෙමින් මෙරට විපක්‍ෂනායක ලෙස රජය විසින් පත් කිරීම පිළිබඳවත්, ඒ පසුපස තිබූ කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී ව්‍යාපෘති පිළිබඳවත් පෙර ලිපි වල සංවාදයට ගතිමු.

කට වහපිය - යහපාලානේ ඇහැරෙයි
යහපාලානේ ඇහැරුණොත් තොපිට බඩුම තමයි
මේ ලිපියෙන් එහි ප්‍රතිවිපාක පිළිබඳව විමසමු.

පෙර සඳහන් කළ ලෙස මේ පත් කිරීමේ ඉක්මන් සහ දැඩිම තර්ජනය ඇත්තේ පසුගියදා සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන් යෝජනා කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් නම් කිරීමේදී වේ.






ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව


අප පෙරද සඳහන් කළ ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතිශයින්ම සිංහල විරෝධිය. සිංහල බෞද්ධයින්ට මේ රටේ හිමි දෙයක් වෙතොත් එය අහිමි කිරීමේ ශක්‍යතාව මේ සංශෝධනය විසින් සිංහල විරෝධීන් අතට ගොස් තිබේ. සිංහල බෞද්ධයින්ට හිමි දෙයක් නැතොත් ඒ නැති දේ ලබා ගැනීමේ හැකියාව ද මෙමගින් අහුරා දමා තිබේ. අප මේ බව එකල ද පෙන්වා දුන් මුත් විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා හැර මෙහි බරක් පතලක් තේරුම් ගත් කෙනෙක් සිටියේ නැත. (ජාතික වීරවරයෙක් වන සරත් වීරසේකර මහතා මෙය දැන ගත්තේ එතුමාගේම ඥානයෙන් මිස අප කී නිසා නොවේ.)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය විසින් යෝජිත 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව' ට පත් වන සාමාජිකයින් පහත පරිදි වේ.
  • 1: අග්‍රාමාත්‍ය (රනිල් වික්‍රමසිංහ - එජාප)
  • 1: කථානායක (කරු ජයසූරිය - එජාප)
  • 1: විරුද්ධ පක්‍ෂ නායක (R සම්පන්තන් - දෙරාප)
  • 1: ජනාධිපතිගේ නියෝජිතයෙක් (වික්‍රමසිංහ විසින් අනුමත කෙරන චන්ද්‍රිකාගේ ගෝලයෙක් හෝ නොරාජ්‍ය සංවිධාන බැලයෙක්)
  • 3: අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්‍ෂ නායක එක්ව නම් කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක්
  • 1: අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්‍ෂ නායක අයත් නැති පක්‍ෂය විසින් නම් කරන තැනැත්තෙක් (මොහු ජවිප නියෝජිතයෙක් බව අපට පෙනේ - මායාදුන්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ මේ තනතුර ලබා ගැනීමට විය හැක.)
දැන් මේ සභාවේ සිංහලයින් වෙනුවෙන්, සිංහලයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීයැයි විශ්වාස කළ හැකි කී දෙනෙක් වෙත්ද ? ඉහත අට දෙනාම සිංහලය 'අරහං' ලෙස සළකන මෙරට සැබවින් නැති මුත් තමාගේ හිතේ ඇති ඊනියා සිංහල බලාධිපත්‍යයක් තුරන් කිරීම අරමුණු කර ගත් අසිංහල පුස්සන් සමග දෙමළ සහ මුස්ලිම් (හම්බ-මරක්කල-ජා-ඇෆ්ගන් ආදී සියලු ඉස්ලාමිකයන්) පුද්ගලයන් වූ විට සිදුවිය නොහැක්කේ කවරක්ද ?


සිහළුන්ට සීය නිජභුමියේ දේශපාලන බලය අහිමි වීම


පසුගිය කාලය පුරා දෙතිස් කතාව ලියන අප බියෙන් සිටි දේ දෑස් ඉදිරිපිට දිස් වෙමින් තිබේ. සිදු වෙමින් යන දේ දකින විට ජනවාරි 8 වැනිදා ඡන්දය වර්ජනය කිරීමට ගත් තීරණය වැරදිදෝ'යි සිතෙන වාර ගණන විශාල මුත් ඉකුත් අප්‍රේල් මස තමාගේම හෙංචයියන් විසින්ම 19 වන සංශෝධනයේ නාමයෙන් මරා වලදැමුණු "අප්පච්චි" මේ වරදින් නිදොස් කොට නිදහස් කිරීම අපහසුය.

අප කලින් ද කියා ඇති පරිදි 2005 දී ඔහුට දුන් ඡන්දයට 2009 දී සාධාරණය කිරීමට ඔහු සමත් විය. 2010 දී ඔහුට දුන් ඡන්දයට සාධාරණය නොකර 2015 දී ඡන්දයකට යෑම ඔහු කළ වරදකි. දෙමළ කැරැල්ල මැඩ පැවැත්වීමෙන් අනතුරුව කළ යුතු හදිසි කර්තව්‍යය දෙමළ කැරැල්ලට තුඩු දුන් දෙමළ වර්ගවාදය සහ වර්ගවාදී දේශපාලනයත්, දෙමළ වර්ගවාදයට උඩගෙඩි දෙන මතවාදත් ලාංකීය දේහයෙන් අතු ගා දැමීමයි. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ ඒ භයානක සතුන් හීලෑ කර සුරතලයට ඇති කිරීම පිණිස යොදා ගැනීමයි.

උතුරු වසන්තය නැගෙනහිර උදානය ආදී අලංකරණ ඔහුට දෙමළ සිත් දිනා නුදුන්නා පමණක් නොව, පළාත් සභා අහෝසි කිරීම වෙනුවට උතුරු පළාත් සභාව පිහිටුවීම, දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රමාණවත් පරිදි නීතිමය පියවර නොගැනීම, විශ්ව විද්‍යාල වල, ජනමාධ්‍ය වල සහ ඊනියා සිවිල් සංවිධාන ලෙස අලුතින් නම් කෙරුණු නොරාජ්‍ය සංවිධාන වල දෙමළ වර්ගවාදයට සහය දෙන කොටස් වලට විරුද්ධව ක්‍රියා නොකිරීම, දින දින දැඩි වන ඉස්ලාම් අන්තවාදය වෙත අන්ධ නෙත් යොමු කරගෙන සිටීම, විල්පත්තු වන සංහාරය, සිංහලයින් හලාල් කිරීමට ඉඩ දීම, අවතැන් වූ සිංහල වැසියන් උතුරේ සහ නැගෙනහිර පදිංචි කිරීමට අසමත් වීම, කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි වලට හිතුමතේ කටයුතු කරන්නට ඉඩ දී නියාළුව සිටීමත් දේශපාලන බලවේග නොවන සිංහල සංවිධාන ඔහුගෙන් දුරස් කළේය. මෙහි භයානක ප්‍රතිඵල ඔහු අද අත්විඳිමින් සිටී. අවස්ථාවාදී දේශපාලනයක නිරත වන හෙළ උරුමය අවසන් මොහොතේ ඔහු අතරමං කර අනෙක් පසට යාම තේරුම් ගත හැක්කේ එය කවදත් නියෝජනය කළේ එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද දායකයින් වීම නිසාය. (කලින් පැවති රනිල් 'රෙජීමය' ගත් බෞද්ධ විරෝධී ක්‍රියා මාර්ග හේතුවෙන් කළකිරුණු එජාප ඡන්ද එකතු කර ගත් හෙළ උරුමය නැවත එජාපයට එක් වීම සිදු විය යුතුව තිබූ සිද්ධියකි.)

එසේම මේ සියල්ල අතර රාජපක්‍ෂ දරුවන් ඕනෑවට වඩා මාධ්‍ය ඔස්සේ පිම්බීම ඔහු කළ වැරැද්දකි. සිංහලයෝ දරුවන් හුරතල් කිරීමට කැමති මුත් කරදඬු උස්-මහත් වූ කොල්ලන් වඩාගෙන යන්නේ නැත. එසේම තමා විසින් ඔසවා තැබූ වන්දිභට්ටයන් ද මේ තත්වයට වගකිව යුතුය. ජැක්සන් මාමා මහින්ද මාමාව අපට එපා කරවන බව අප දැන ගත්තේ අර 'ජනමූල' අණ්ඩරදෙමළය ජනගත කළ වකවානුවේදීමය.

මේ අයුරින්ම සිංහල බෞද්ධයෝ දෙවියන් විශ්වාස කරන්නේ අන්‍යාගමිකයන් දෙවියන් අදහන අයුරින් නොවේ. අපට දෙවියන් ලොකු නැති අතර අප දෙවියන් දකින්නට යන්නේ අපේ කාර්යය කර්තව්‍යය කර ගැනීමට මිස දෙවියන්ට පුද පූජා කර දෙවියන් සතුටු කිරීමට නොවේ. 'මහරජාණෙනි...' ආදී සිංදු හදාගෙන දිවා රෑ ප්‍රචාරය කරමින්, ගමේ නාන ලිඳටත් 'මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර' යැයි නම් දමා ගනිමින් කළ ප්‍රතිරූප වන්දනා දේශපාලනය සිංහලයින් - විශේෂයෙන් නාගරික උගත් සිංහලයින් - ඉවසන්නේ නැත. මිහින්එයා (Mihinair) එකට මහින්දඑයා නොකියන්නේ මහින්දයා වගේ ඇසෙන බැවිනැ'යි මිතුරෙක් කළේ විහිළුවක් ම නොවේ.

දැන් පරාජය වූ පසු මේ එකෙක්වත් නැත. තමන්ගේ ප්‍රතිරූපය භාවිතා කර ආසන 95 ක් දිනවා දී පාර්ලිමේන්තු යැවූ පක්‍ෂය ගසා කෑමට පක්‍ෂය එජාප අලියාගේ වලිගයේ එල්ලූ හිටපු මහලේකම් සමත් වී සිටී. තුන් වන වරටත් ජනාධිපති වෙමි'යි අකාලයේ කැඳවූ ජනාධිපතිවරණයෙන් පරාජය වූ ලෙසම විධායක අගමැති වෙමි'යි පාරම් බා ඉදිරිපත් වූ මහමැතිවරණයෙන් ද පරාජය විය. අඩු තරමින් විපක්‍ෂ නායක කමවත් පක්‍ෂයට ලබා ගැනීමට අසමත් වෙයි නම් එය පක්‍ෂයට ඡන්දය දුන් (හෝ නොදුන්) ජනතාවගේ වරදක් නොවේ. මෙය අප දුටු බැවිණි මහින්ද රාජපක්‍ෂ සභාපති තනතුරේ තබාගෙන ශ්‍රී.ලං.නි.පය ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් විය යුතුය. දැන් රටේ පවතින්නේ විජාතික ආණ්ඩුවකි. සිරිසේන මහතා සකල බුජං තනතුරේම සිටීද නැතහොත් විධායක බලතල නිසිලෙස භාවිතා කරමින් ස්වියත්වයක් ගොඩ නගා ගනීදැයි දැන්ම කීමට බැරි මුත්, විජාතික ආණ්ඩුවට විකල්පයක් අවශ්‍යය. යනුවෙන් ජනවාරි 12 දින යහපාලනයක් ලිපියේදී සඳහන් කළේ.


ප්‍රතිඵල කවරාකාර වේවිද?


මේ සියල්ලේ ප්‍රතිඵලය: සියවස් දෙකකට පසු සිංහල බෞද්ධයින්ට ස්වකිය නිජබිම තුලම දේශපාලන බලය නැවතත් අහිමි වීමයි. 1810 දී ඉංගිරිසි සන්නද්ධ බලමුළු අන්ත පරාජයකට පත් කර උඩරටින් පළවා හැරියත්, 1815 දී සම්මුතියක නාමයෙන් මුළු රටම යටත් කර ගැනීමට ඩොයිලිගේ කටකතා සහ කුමන්ත්‍රණ හමුදාව සමත් විය. 2010 දී ලක්‍ෂ 18 ඡන්ද පරතරයකින් ලැජ්ජා සහගත ලෙස පරාජය කර දැමූ රොබටෝ බ්ලේක් ගේ සුදුකොඩි හමුදාව කිසි කලබලයක් නැතිව 2015 දී රට අත්පත් කර ගන්නේ කටකතා සහ කුමන්ත්‍රණ මගිනි.

1815 සම්මුතියේ ප්‍රතිඵලය තමා රැවටුණු බව පමා වී තේරුම් ගත් ජනතාව කළේ 1818 දී විමුක්ති අරගලයට එකතු වීමයි. එහි විපාකය ඌව වෙල්ලස්සේ සිංහලයින් සමුලඝාතනය කිරීමට ඉංගිරිසින්ට අවස්ථාව හිමි වීමත් එයින් නැගෙනහිර පළාත් වල සිංහල ජන ඝනත්වය අඩු වීමත්ය. ඉංදියානුවන් ලංකාවේ උතුරු-නැගෙනහිර සහ කඳුකරයේ බහුතරයක් බවට පත් වීමට මෙයත් හේතු කාරකයකි.

2015 දී තමන් රැවටුණු බව 2018 වන විට සිංහලයින් තේරුම් ගනීවිද? සිංහලයින් විසින් නිජබිමේ අයිතිය ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ වලට මෙවර පිළිතුර සමූලඝාතනය නොවේවිද? මේවා අද තත්වය අනුව නුදුරු අනාගතයේ පිළිතුරු ලැබීමට නියමිත ප්‍රශ්න වේ.

එහෙත් අපට එක් දෙයක් කිව හැක.

ඊනියා රාජපක්‍ෂ රෙජීමය යටතේ එදා උද්ඝෝෂණය කළ රතුපස්වල සිංහල තරුණයාට සහ හලාවත සිංහල ධීවරයාට තිබූ මුත් වික්‍රමසිංහ සහ සිරිසේන ජුන්ටාවට එරෙහිව අනාගතයේ උද්ඝෝෂණ කිරීමට නියමිත සිංහලයින්ට නොතිබිය හැකි දෙයක් වේනම් ඒ ඇමරිකානු තානාපති, රාජ්‍ය ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ආදීන් විසින් කෙරෙන ප්‍රකාශ වලදී පුන පුනා සඳහන් වන "මානව හිමිකම්" මිස වෙනකක් නොවේ.


22 comments:

  1. මේ පත් කිරීමේ ඉක්මන් සහ දැඩිම තර්ජනය ඇත්තේ පසුගියදා සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන් යෝජනා කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් නම් කිරීමේදී වේ

    නිවැරදියි !
    මෙය මේ කතාවේ බොහෝ දෙනා කියවන්නට අසමත් වූ භයානක කොටසක්. සම්බන්දන් රට ගොස් කියන දේට වඩා මෙරටට වී කළ හැකි හානිය විශාල වන්නේ මෙතැනින්. අපේ අයියලා, විමල් වීරවංස, ගම්මන්පිල, ගුණදාස අමරසේකර, ආදී පොල්මඃකාර උරුමක්කාර හැතිකරයක් සිටිද්දීත් මෙවැනි දේ නොදැකීමයි පුදුමය. අඩු තරමින් ආචාර්ය නලින්වත් මේ බස් එක එන බව දුටුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ පත්වීම් නුදුරු අනාගතයේ දිනෙක කෙරෙනු ඇත. ඊනියා ව්‍යවස්ථා සභාව කැබිනට් ඇමතිවරුන්ගෙන් පිරෙන විට එහි ස්වාධීනත්වය අපට බලා ගැනීමට හැකි වනු ඇත.

      එදාට රොටී බාසුන්නැහේ සහ ඊනියා විද්වතුන් කට ඇරියොත් ගොම ගැසිය යුතුය. මේ විකෘති දරුවාගේ පියවරු එතුමන්ලා වන බැවිණි.

      Delete
  2. සම්භන්ධන් කියන්නේ ද්‍රවිඩ දේශපාලකයෙක්ද නැත්නම් බෙදුම්වාදී කොටියෙක්ද? මේ වගේ සිංහල මූලික විග්‍රහ වලින් කෙරෙන්නේ තුවාල තවත් පාරෙන එක විතරයි කියල මට හිතෙන්නේ ඇයි? අහ.. සරත් වීරසේකර මහත්තයා ඉද්දී මාත් නාවික හමුදාවේ සිටියා.. ඒ ගැන නම් සන්තෝෂයි :)

    ReplyDelete
    Replies
    1. සම්භන්ධන් කියන්නේ ද්‍රවිඩ දේශපාලකයෙක්ද නැත්නම් බෙදුම්වාදී කොටියෙක්ද?
      -- මේ දෙක හැර වෙන ක්‍රමයක් සම්බන්දන් ගැන කියන්න ඇත්තෙම නැද්ද?

      මේ වගේ සිංහල මූලික විග්‍රහ වලින් කෙරෙන්නේ තුවාල තවත් පාරෙන එක විතරයි කියල මට හිතෙන්නේ ඇයි?
      -- තුවාල ඇති උනේ කොහොමද මොකක් මූලික විග්‍රහ වලින්ද ?

      Delete
    2. කල්‍යාණ මිත්‍ර,

      මේ ඔබේ පළමු සංවාදය ලෙස සළකා ඔබ සාදරයෙන් පිළිගනිමි. ඔබ සරත් වීරසේකර හා සමග හමුදාවේ සිටි බව දැන ගැනීමත් අපට සතුටක්. එහෙත් ඔබේ පෞද්ගලික තොරතුරු කතා කිරීම නුසුදුසු බව සිතමි.

      'සිංහල මූලික' විග්‍රහ යනුවෙන් ඔබ හඳුන්වන්නේ කුමක්ද ? අප සිංහල බැවින් අප දකින ආකාරයේ, විග්‍රහ කරන ආකාරයේ සිංහල ලකුණ ඇති බව සැබැවි. ඔබ යෝජනා කරන්නේ 'අසිංහල අමූලික' විග්‍රහයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලෙසද?

      එසේම සම්පන්තන් පිළිබඳ ඔබ නගන ප්‍රශ්නයට අප හිත මිතුරු ජොසෙෆ් නගා ඇති ප්‍රති-ප්‍රශ්ණය ඉතාම ගැළපෙයි. සම්පන්තන් කොටියෙක් නොවේ (LTTE යන්නෙහි ඇති Tiger යන්නට කොටියා කීම වරදකි. එය පසෙක තබමු.)

      සම්පන්තන් දෙමළ වර්ගවාදියෙකි. එසේම ඔහු දෙමළ දේශපාලනඥයෙක් ද වෙයි. ඒ සමගම ඔහු වෙනම දෙමළ රටක් වෙනුවෙන් පෙනී සිටියි. අපට එසේ නොකියන බව මෙහිදී අදාළ නැත. දෙමළ වර්ගවාදියෙක් වශයෙන් සිංහල ආණ්ඩුව ලෙස ඔවුන් විසින් හැඳින්වූ ආණ්ඩුව පෙරළා දමා තමන්ගේ පදයට නැටවෙන ආණ්ඩුවක් පත් කර ගැනීමේ සත්-ක්‍රියාවට ජනවාරි 8 ඔවුන් දායක වූයේ නැත්ද ? ඒ අරුතින් ඇමති ධුර නොදැරුවත් ඔවුන් ආණ්ඩුවේ හවුල් කරුවන්ය.

      ආණ්ඩුවේ හවුල්කරුවන් වශයෙන් සිටිමින් විපක්‍ෂ නායකත්වය තමන් සතු කරගෙන සැබෑ විපක්‍ෂයට හිමි විය යුතු වරප්‍රසාද අහිමි කිරීම මංකොල්ලයකි. එසේම ආණ්ඩුවට විරුද්ධ 47 ලක්‍ෂයක් ජනතා හඬ පාර්ලිමේන්තුවේ යටපත් කර දැමීම තුච්ඡ ඒකාධිපතිවාදයකි.

      අප හඬ නගන්නේ මේ ෆැසිස්ට්වාදී වියරුවට එරෙහිව මිස (ඔබ සිතන්නට කැමති යැයි මට සිතෙන අයුරින්) සම්පන්තන්ගේ ජාතකයේ ඇති ඊනියා අඩුවකට එරෙහිව නොවේ.

      ජනවාරි 8 වැනිදා ගමරාළගේ ගොඩේ නොසිටි කිරලෙකුට මෙදා පොටේ දියවන්නාවේ හඬ නැගීමේ ඉඩක් ඇත්ද? මෙය මම ඔබෙන් අසමි.

      Delete
  3. නියා රාජපක්‍ෂ රෙජීමය යටතේ එදා උද්ඝෝෂණය කළ රතුපස්වල සිංහල තරුණයාට සහ හලාවත සිංහල ධීවරයාට තිබූ මුත් වික්‍රමසිංහ සහ සිරිසේන ජුන්ටාවට එරෙහිව අනාගතයේ උද්ඝෝෂණ කිරීමට නියමිත සිංහලයින්ට නොතිබිය හැකි දෙයක් වේනම් ඒ ඇමරිකානු තානාපති, රාජ්‍ය ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ආදීන් විසින් කෙරෙන ප්‍රකාශ වලදී පුන පුනා සඳහන් වන "මානව හිමිකම්" මිස වෙනකක් නොවේ.//

    මේ ගැන බය නිසාම මාත් පෝස්ට් එකක් දැම්මා.අමේ ආණ්ඩුවට විරුද්ධ වෙන අයට මානව හිමිකම් නෑ 89 දි ජේවීපී එකට තිබුනෙත් නෑනෙ. ජාතිවාදී ලේබලය යටතෙ අහිංසකයො මැරෙනව දකින්න බැරි නිසා හොඳම දේ කටපියාගෙන ඉන්න එක කියා යෝජනාවකුත් කළා.

    තව එකක් 1815, 1915 හා 2015 මාර සමානකමක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. දැනටම උඩුගම්පොලල අල්ගමල පිටපොට ගහනවද දන්නෙ නෑ. කවුරුහරි ගොනෙක් ගොන් වැඩක් කරන්න ගියොත්නම් ජනතාව විරුද්ද වෙන්න ඕන. මොකද අඩන්න ඉන්න එකාගෙ ඇහැට ඇගිල්ලෙන් අනිනව වගෙ පිකටින් එකක් කළත් ඔන්න ජාතිවාදියො කලබල කරනව ඔහෙ හිටු කඩාකප්පල්කාරීන් ට හොඳ පාඩමක් උගන්න්නන්න කියල පරන ටයර් වල දූවිලි පිහදාගෙන එන්න බැරි නෑ.

      Delete
    2. අනිවාර්යයෙන්ම, පරණ ටයර් නම් ලෑස්ති කරගෙන ඇති.

      Delete
    3. හිතවත,

      ඔබේ අදහසම අපත් දරණ බව කීමට කැමතියි. යෝජිත 20 පිළිබඳ අප ලියූ ලිපියේ ප්‍රතිචාරයක් දක්වමින් පහත කරුණ ඉදිරිපත් කළෙමි.

      විස්සට විස්වාසබංගයක්

      "දෙන්නට යන දේ සිංහලයින්ට හොඳක් නැති බව පෙනේ --- මෙය බොහෝ දුරට පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය අඩු කිරීමේ ඉලක්කයෙන් යුතුව ගෙනෙන යෝජනාවකි. මෙය සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුව තුලදී නොව ඊනියා ස්වාධීන කොමිෂන් සභාවක් විසිනි. එතැනදී අපට කළ හැකි දෙයක් නැත. පාර්ලිමේන්තුව තුල ඡන්දයකින් කළ හැකි දෙයක් වෙනුවෙන් පාරට බැස වෙඩි කෑමේ අවශ්‍යතාවය කුමක්ද?"

      ඒ ශ්‍රී.ලං.නි.ප.යට බහුතරය තිබූ පාර්ලිමේන්තුවක් යටතේය. හැරත් ගමරාළ සහ වඳුරා එදා මෙතරම් බලයක් පිහිටුවාගෙන සිටියේත් නැත. විපක්‍ෂ නායක ධුරය නමට හෝ ඉතිරිව තිබිණි. අද ඒ කිසිවක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සියල්ල අහිමි කර ඇති විටෙක ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රම වලට ඉඩ විවර වේ. අප තවමත් උත්සාහ කරන්නේ මේ තත්වය වළක්වා ගැනීමටයි.

      එහෙත් අප කියන දේ අසන කෙනෙක් නැත. අසන කෙනෙක් නෑ කියා අප මේවා සිතේ හිර කරගෙන සිටියොත් නහරයක් පිපිරී මරණය ඉක්මන් විය හැකි බැවින් ම නිදි වරාගෙන ලියමි. අඩුම තරමින් අප සිත සහනයට පත් වේ.

      Delete
  4. ඉහත සභාවේ සාමාජික ලැයිස්තුව නිවැරදිද?
    එය ලබා ගත මූලාශ්‍රය දක්වන්න.

    ReplyDelete
    Replies
    1. http://www.parliament.lk/files/pdf/constitution/19th-amendment-act-si.pdf

      Delete
  5. කන්‍යා ධර්මපාල තුමා ගැන ලිපියක් දාන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. "කන්‍යා" ?? මෙය යම් කිසි අපහාසාත්මක අදහසකින් කල ප්‍රකාශයක්ද?

      මේ වචනය භාවිතා කිරීමේ අරමුණ අපිට ටිකක් පැහැදිලි කරන්න

      Delete
    2. කන්‍යා යනු ස්ත්‍රීලිංග පදයකි. මෙය අපහාසයක් මිස වෙනත් යමක් නොවේ. මෙය දැමීමේ අභිප්‍රායම තමා සොයා ගත අලුත් වචනය මාකට් කිරීම බව පෙනේ.

      අනගාරික ධර්මපාල තුමා පිළිබඳ ලිපියක් මමත් බලාපොරොත්තුවෙන් හිටියා. මේක කියවන්න.
      >>> http://www.divaina.com/2015/09/18/feature02.html

      ධර්මපාල තුමා පිළිබඳ කියැවීමක් මට තිබුණත්, එය ඉදිරිපත් නොකර සිටියේ ලිපියක් බලාපොරොත්තුවෙන්.

      කෙටියෙන් කියතොත්: ධර්මපාලතුමා ජාතිවාදියෙක් ය යන සුලභ චෝදනාව කරුණු හරිහැටි නොදැන කරන වැරදි චෝදනාවක්.
      ඔහු සිංහල බෞද්ධයා නගා සිටුවීමට කටයුතු කළා මිස අනෙකුන් තලා පෙලා දැමීමට කටයුතු කළේ නෑ. ඔහු බනින තරමක් බැන්නේ කුසීත සිංහලුන්ටම මිස හම්බයන්ට දෙමළුන්ට නෙවෙයි. එතුමා ඉන්දියාවේ ගොස් නතර වීම වෙනුවට මෙරට සිට තම ජාතික කර්තව්‍යය තවදුරටත් ඉටු කළ යුතුව තිබුණා.

      එහෙත් ඉන්දියාවේ ගොස් නතර වීම ධර්මපාල තුමාගේ අභිප්‍රාය වීනම් අපට ඊට විරුද්ධ විය හැකිද? නොහැක.

      Delete
    3. බිරියන් ඇතත් දරුවන් නොලබන නපුංසකයන් අධිකාරිත්වය දරන සමාජයක තම ධාර්මික අරමුණු වෙනුවෙන් ශීලයක් රකිමින් බ්‍රහ්ඃමචාරී ජීවිතයක් ගතකල උතුම් මිනිසෙකුට, ඒ ජීවිතයෙන් ලද පන්නරයෙන් පැවිද්දට පත් උතුම් පැවිදි රුවනකට "කන්‍යා" වැනි වදනක් යොදමින් අපහාස කරන උන් හට අර මුලින් කී නපුංසකයන්ගේ තත්වය ස්වභාවිකදෙයකි උන්ගේ අයිතිවාසිකම් පිලිගත යුතු සාධාරණ දේවල්ය එහෙත් උතුම් පැවිදි රුවන අපහාසයට ලක් කොට හෙලා දැකිය යුතු සමාජයට නොගැලපෙන්නේකි.
      ඔව් ඒක තමයි අද භූමියේ යථාර්තය.
      අපි එය වටහාගත යුතු බව මා සිතමි.

      දම්පල්තුමන් ගැන ජෝසප් දක්වන අදහස හා මාද බොහෝ දුරට එකම මතයක් දරම්මි. එහෙත් උන් වහන්සේ ගැන මාගේ දැනුම අල්ප බවක් සිතමි.
      ජෝසප්, ඔබට හැකිනම් උන් වහන්සේ ගැන ලිපියක් සම්පාදනය කොට මෙහි පල කරමු. දැඩි ලෙස දේශපාලනී කරනය වී ඇති බ්ලොගයට එය යම් අළුත්බවක් ලබා දේවී.

      Delete
    4. කතෝලික ආගමේ කන්‍යා සහොදරියො කියන අයගේ "කන්‍යා" කියන එකේ තේරුම අනගාරික කියන එක වියයුතුයි. ඒ නිසයි මේක විහිලුවට ලිව්වේ.

      Delete
    5. කතෝලික ආගමේ කන්‍යා සොහොයුරියන් 'කන්‍යා' මරිය තුමිය අනුගමනය කරමින් දෙවියන් වහන්සේගේ සේවයට කැප වූ කාන්තාවන් වේ. ඔවුන් රකිනා 'අනගාරික' සීලයක් නැත. විහිළුවක් වශයෙන් ගත් කළ ඔබ කර ඇත්තේ 'තකතීරු' විහිළුවකි. එසේම පැහැදිලි අපහාසයකි.

      blog එකක් ලියන ඔබ, නොලියන අපට වඩා නොසැලකිලිමත් වීම පිලිබඳ ඇත්ත වශයෙන් කණගාටුවක් දැනේ. ඒත්, කතා32 අයිතිකාරයා වශයෙන් k ට නැති ඇම්මක් අපට කුමටද ? නැද්ද සිතුවිළි?

      Delete
    6. සත්තකින්ම ඔව්,
      කථා 32 හි මෙය ලියවීම ගැනනම් මට ඇති ඇම්මක් නැත.
      එහෙත්පෞද්ගලිකව මාගේ ගෞරවයට බඳුන් වී ඇති චරිතයක් වන අනගාරික ධර්මපාල තුමන් හෙවත් ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමියන් අරමුනු කොට එවැනි වදනක් කියැවීම නිසා ඇම්මක් හට ගැනිනි.
      අපට ලෝකයක් වෙනස් කල නොහැකිය. එහෙත් ධම්පල් තුමන් හට එය කල හැකි විය.

      Delete
  6. අම්මෝ මෙයාලත් හරියට නලීන්ද සිල්වා වගේ පොඩ්ඩ වැරදෙනකොට තද වෙනවා.
    වැඩි අවධානයට ලක් නොවුනු කරුණක් ගැන අවධානය යොමුකරන්නම්.

    පියදාස සිරිසේන මහත්තයගේ මහා වියවුල කියන පොතේ 7වන පරිච්චේදය සහ 10වන පරිච්චේදයේ විවේචනය කරලා තියෙන්නේ කවුද? ධර්මපාල තුමාද නැත්නම් වෙන කෙනෙක්ද? දෙන්නා අතර ගැටුමක් තිබුනද? මෙතනින් බලන්න.

    https://si.wikibooks.org/wiki/පියදාස_සිරිසේන_නවකථා_එකතුව-_01-මහා_වියවුල#07_.e0.b6.b4.e0.b6.bb.e0.b7.92.e0.b6.a0.e0.b7.8a.e0.b6.a1.e0.b7.99.e0.b6.af.e0.b6.ba

    ReplyDelete
    Replies
    1. මිතුර ඔබේ වදන් තෝරා ගැනීම කෙරේ අපේ අමනාපයක් නැත. 'කන්‍යා' යනුවෙන් යෙදීම මගින් අපහාස කිරීමට, උපහාස කිරීමට සේම මේ කිසිවක් නොකිරීමට ද හැකියාව තිබේ.

      පියදාස සිරිසේන ශ්‍රීමතාණන් ගේ මහා වියවුල පොත අප සතුව තිබේ. එහි අනගාරික ධර්මපාල තුමා ඉලක්ක කර කෙරුණු විවේචනයක් නොදිටිමි. ඔබ දක්වන 7 වන පරිච්ඡේදය තුල ඉලක්ක කෙරෙන්නේ වෙනත් පිරිසක් (එක් අයෙකු නොවේ) බවයි අපගේ අදහස.

      මහා වියවුල ලියැවෙන්නේ විසි වැනි සියවසේ මුල් භාගයේදීය. ඒ වන විට අනගාරික ධර්මපාල තුමා මෙවැනි ලුහු අවලාද වලින් සෙළවිය නොහැකි ප්‍රතිරූපයක් සහිතව සිටි බවත්, සිරිසේන මහතා විසින් ඉලක්ක කරන ලද්දේ ධර්මපාල තුමා නම් එය ඔහු වෙතම පාරාවළල්ලක් විය හැකිව තිබුණු බවත් අපගේ අදහස වේ.

      Delete
    2. ජගත් සහෝදරයා, ඇත්තටම මම නලින් ද සිල්වා මහතාගේ තද වීම ගැන එතරම් ප්‍රසාදයක් නැතිවයි උන්නේ. ඒත් ඉතින් එතුමාට තද වෙන්නේ මෙවැනි කාරනා අබියස නම් ...! එතුමා හරි

      පියදාස සිරිසේනයන්ගේ ඔබ දක්වන පොත මාගේ අවධානයට ලක් වූවක් නොවෙයි. එය කියවා බැලිය යුතුයැයි සිතමි.

      Delete
    3. සිතුවිළි,
      ඔබ "මහා වියවුල" කියැවූවාද?

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !