Sunday, December 7, 2014

ලෝකය කවරාකාරද...

නා නා පෙදෙස් වල විසූ ජනයා ලෝකය මෙසේ වේ යැයි නා නා කතා ගෙතූහ. ලෝකය කවරාකාරදැයි ඒ ඒ සංස්කෘතීන්ට, ඒ ඒ ශිෂ්ඨාචාර වලට අනන්‍ය වූ ආවේනික හැඩයක් වෙයි. ලෝකයේ සම්භවය ගැනත් ලෝක විනාශය ගැනත් එවැනිම කතාන්තර වෙයි. නිදසුනක් ලෙස, පැරණි චීන්නු ලෝකය ගැන ගෙතූ කතාව පැරණි මිසරයින්, නැතිනම් ග්‍රීකයින් ඒ ගැන ගෙතූ කතාවට වඩා හාත්පසින්ම වෙනස් වේ. පැරණි ජම්බුද්වීපවාසීහු ද තමන්ට ආවේනික කතා කිහිපයක්ම ලෝකය ගැන ගොඩ නැගූහ. සිංහලයින් සතුව පවා එවැනි අදහස් නොතිබෙන්නට හේතුවක් නැත. සක්වල සිතියම, තාරකා දොරටුව වැනි හැඳින්වීම් විවිධ ගුරුකුල විසින් ලබා දෙන ලද, අනුරපුරයෙන් හමු වූ රේඛා සටහන ඇතැම් විටෙක මෙවැනි චිත්‍රයක් විය හැක.

ඒ අප මීට වසරකට පමණ පෙර පල කෙරුණු ලිපියක කොටසක්. පහත දැක්වෙන්නේ ඒ සමග පල කරන්නට යෙදුනු රූපයයි.
මේ කුමක්ද
ඒ අපේ පැරැන්ණන් විසින් ලෝකය දුටු ආකාරය යයි සමහරු කියත්. එසේම පුරාණ ජම්බුද්වීපවාසින් විසින් 'සක්වල' නමින් හඳුන්වන්නට යෙදුනු සමස්ථ ලෝක ධාතු වල එකතුව ගැනත් අපි වෙනත් ලිපියක හඳුනා ගත්තෙමු. පහත දැක්වෙන්නේ ඒ රූපයයි.
සක්වල
ලෝකයේ අනෙක් ජාතීන්ට තම තමන්ගේ ලෝක තිබිණිද? තිබිණි නම් ඒවා කවරාකාරද යන්න පිළිබඳ අද අවධානය යොමු කරමු.



බුරුමවාසින් (වර්තමාන ම්‍යන්මාර්) ලෝකය දුටු ආකාරය

බුරුම ලෝකය
බුරුමවාසීහු බෞද්ධයෝය. උන්ගේ ලෝකය බෞද්ධ ලෝකයකි. වෙනත් වචන වලින් කියතොත් පුරාණ ජම්බුද්වීපවාසින්ගේ සක්වලම අඩු-වැඩි වශයෙන් බුරුමවාසි බෞද්ධයින් විසින් ද යොදාගෙන තිබේ. ඉහත චිත්‍රය ක්‍රි.ව. නමවන සියවසට අයත්ය.

ජපනුන්ගේ ලෝකය

ජපනුන් දුටු ජම්බුද්වීපය
තුමූම දූපත්වාසින් වන ජපනුන් බාහිර ලෝකයෙන් තරමක් දුරට හුදෙකලා ජීවිතයක් ගෙවූහ. මෙහි උච්චතම වකවානුව තුල නිර්මාණය කෙරුණු ඉහත සිතියම වර්ෂ 1710 දී පමණ හුටං නම් බෞද්ධ යති වරයෙකුගේ නිර්මාණයකි. වර්තමානයට ගලපා බැලුවත් ඉහල මට්ටමේ නිවැරදිතාවයකින් යුතුව ආසියාවේ බොහෝ ප්‍රදේශ මෙහි දැක්වේ. මෙය වෙනම ලෝක නිර්මාණයක් පිළිබඳ චිත්‍රයක් නොවෙතත් ලෝක සිතියමේ ක්‍රමානුකුල පරිණාමය පෙන්නුම් කරන එක් අවස්ථාවකි. වඩා වැදගත් වන්නේ ඒ සිතියමේ මධ්‍යයට වන්නට ජම්බුද්වීපය, අනෝතත්ත විල හා ඉන් ඇරඹෙන මහා ගංගා සතරත් දක්වා තිබීමයි.

ලාමා වරුන්ගේ ලෝකය

මාර ග්‍රහණයට හසු වූ ලෝකය
ටිබෙට්වාසින් මහායානයට බර බුදුදහමක් අදහති. මරණින් මතු තත්වය, අන්තරාභවය ආදී බොහෝ 'බෞද්ධ' මතවාද මෙහි පවතී. ඉහත දැක්වෙන රූපය ලෝකය පෙන්නුම් කරන්නේ ටිබෙට් බෞද්ධ දෘෂ්ඨි කෝණයෙනි. ඉතා ගැඹුරු අරුතක් දෙන නිර්මාණයකි.

මෙහි හරිත වර්ණයෙන් බහිරවයෙක් සේ සිටින්නේ ලෝකාධිපති මාරයාය. ඔහු රොටියක් සේ අල්ලාගෙන-බදාගෙන සිටින්නේ ලෝකයයි. ලෝකය මාර වසඟයේ පවතින බව මින් නිරූපනය කෙරේ. අර රොටියේ දාරයේ කොටස් දොළසකි. එය පටිච්චසමුප්පාදය නිරූපනය කරයි. අවසන් කොටසින් ආලෝක ධාරාවක් සේ ඉවතට විහිදෙන්නේ සෝවාන්, සකදාගාමී, අනාගාමි, අරහත් ආදී මාර්ග ඵල වලට පත් වී ලෝකයෙන් හෙවත් මාර පාශයෙන් මිදී යන ආර්යයන් වහන්සේලාය. චිත්‍රයේ ඉහල වම්පස සිටින්නේ ඒ උත්තමයන් වහන්සේ ලා වන අතර ඉහල දකුණු පස මහා කාරුණිකයන් වහන්සේ තමන් වහන්සේ ලෝකයෙන් මිදී අන් සත්ත්වයන් ලෝකයෙන් මුදා ගනිමින් සිටී.

චිත්‍රයේ අභ්‍යන්තර කොටස් සයෙන් දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත, අසුර, තිරිසන් සහ නිරය සත්ත්වයින් පෙන්නුම් කරයි. සිතුවම මධ්‍යයේ සැවුලෙක්, සර්පයෙක් සහ සූකරයෙක් වශයෙන් ලෝභ, ද්වේශ, මෝහ හෙවත් අකුසල් මූල පෙන්නුම් කෙරේ. ලෝකයත් ලෝක නිර්මාණයත් ලෝක නිරෝධයත් මෙයට වඩා හොඳින් පැහැදිළි කරන චිත්‍ර සටහනක් අපට මෙතෙක් හමු වී නැත.


මධ්‍යකාලීන අරාබින් දුටු ලෝකය

කාන්තාර ලෝකය
මධ්‍යකාලීන අරාබීහු නූතනත්වයේ පුරෝගාමීහුය. මුල් කාලයේ මොහොමඩ් නබි ගේ ම්ලේච්ඡ ඉගැන්වීම් අනුව යමින් රටවල් ආක්‍රමණය කර ජනතාව තලා මරා දමා ධනය පැහැරගෙන ගැහැණුන් වහලියන් කර ගනිමින් කටයුතු කළත් එය පවත්වාගෙන යා හැකි සීමාව කරා පැමිණි විට අද ඇමරිකානු එක්සත් ජනපද කරන්නාක් මෙන් නූතනත්වය කරා යොමු වීමට අරාබීන්ට සිදු විය. පැරණි ක්‍රමය මගින් ජනශුන්‍ය මැද පෙරදිග වැලි කතර පාලනය කළත් අභිනවයෙන් අත්පත් කරගත් යුරෝපා ආසියා රටවලට ඒ ක්‍රම නොගැලපුන බැවිණි. හැරත් තමන් විසින් යටපත් කරගත් දේශ දේශාන්තර වල පැවති දැනුම ඔවුන්ට පහසුවෙන් අමතක කර දමන්නට හැකියාවක් තිබුණේ නැත. භාරතයෙන් ගණිතයද මිසරයෙන් තාරකා විද්‍යාවද ග්‍රීසියෙන් ජ්‍යාමිතිය හා තර්ක ශාස්ත්‍රය ද උකහා ගත් අරාබීන් චීනයෙන් කඩදාසි හා වෙඩි බෙහෙත් ගැන දැන ගත්හ. ස්පාඥ්ඥයේ සිට මැලේසියාව දක්වා වෙළෙඳ අධිරාජ්‍යයක් පිහිටවූ අරාබීන් අතින් සිතියමක් බිහි වීම අහම්බයක් නොවේ.

මේ සිතියමේ සුපුරුදු පරිදි මැක්කාව මධ්‍යයේ පිහිටුවා තිබේ. ඒ වටා ඉන්දියාව චීනය බයිසන්ට්‍යම ආදී මධ්‍යකාලීන ජනපද දක්වා තිබේ. මෙයත් පෙර දැක්වූ ජපන් සිතියම වැනි, අරාබි සංකල්ප වලින් මුක්ත නොවූ නූතන භූගෝල විද්‍යාත්මක සිතියමකි.

මිසරයින්ගේ ලෝකය

නට් ආකාශ දෙවඟන
පුරාණ මිසරයින් තමන්ගේ දෙවි-දේවතාවුන් වෙනුවෙන් දැවැන්ත දේවාල ගොඩ නැංවූහ. ඉහත රූපයේ දැක්වෙන්නේ රාත්‍රිය නිරූපනය කරන 'නට්' නැමැති මාතෘ දේවතාවිය (ආකාශය) නිරූපනය කරන සිතුවමකි. ලෝකයේ ඇති සියල්ල ආකාශයට පහළින් වේ. මෙය දේවස්ථානයක හෝ පිරමිඩයක ඇති අර්ධ-කවාකාර ගුහාවක ඉහල සිට පහලට ඇඳ ඇති (දළදා මාළිගාවට ඇතුල් වන විට අප මෙවැනි 'ගුහාවක්' තුලින් යමු.) චිත්‍රයක පිටපතක් නිසා එහි දෙපසටම ඒ දේවතාවියගේ රූප දෙකක් ඇඳ තිබෙනු දැක්වේ. ඒ මිස මිනිසුන් යටිකුරුව (ඔළුවෙන් හිටගෙන) සිටින සේ ඇඳි චිත්‍රයක් නොවේ.

ඉහත දැක්වූ උදාහරණ කිහිපය හැරුණු කොට ලෝකයේ නා නා ජාතින් විසින් ඉතිහාසයේ එක්තරා කාලයක ඇදහූ ලෝක විග්‍රහ දහස් ගණනක් තවමත් පවතී. මධ්‍යම ආසියාවේ එඩේර ගෝත්‍ර, අප්‍රිකානු දඩයක්කාර එකතු කරන්නන් (hunter gatherers), යුරෝපීය ම්ලේච්ඡයන් (barbarian), අරාබි වැලි කතරේ මංකොල්ල කාරයන් ආදී නොදියුණු මනුෂ්‍ය වර්ගයාගේ නිර්මාණාත්මක හැකියාව මේ කරුණේ දී පුරාණ ජම්බුද්වීප, චීන, සිංහල, බැබිලෝනියානු, මිසර, ග්‍රීක, රෝම ආදී ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයන් විසින් දැක්වූ නිර්මාණ කෞශල්‍යයට දෙවෙනි නොවේ.

මෙසේ ඒ ඒ මනුෂ්‍ය වර්ගයාට වෙන වෙනම ස්වාධීනව තනා ගත් ලෝක විග්‍රහ පැවති අතර ඒවා අනුසාරයෙන් තමාගේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට ද ඔවුහු සමත් වූහ. එහෙත් මෙහි ඇති වැදගත් කමනම් නා නා ජාතින් හා ජන වර්ග විසින් නිර්මාණය කරන ලද ලෝක විග්‍රහය ඒ ඒ ජාතිය හෝ ජන වර්ගය විසින් නිර්මාණය කෙරුණු අනෙක් දැනුම සමග සංගත වීමයි. අනෙක් ජාතීන්ගේ ලෝක විග්‍රහ සමග සංගත නොවීම කිසි සේත්ම ගැටළුවක් නොවේ.

ගැටළුව ඇති වන්නේ කිසියම් ජාතියක් විසින් ඓතිහාසික වශයෙන් ගොඩනගා ගත් දැනුම හා සංගත නොවන නවීන දැනුමක් ගොඩ නගන විටයි - නැතිනම් තම දැනුම හා සංගත නොවන බාහිර සංස්කෘතියක දැනුමක් ලබා ගන්නා විටයි. මධ්‍යතන යුගයේ යුරෝපයේ සිදු වූයේ එයයි.

45 comments:

  1. නිහඬතාවය බිඳිමින් හොඳ ලිපියක් පල වෙලා.
    මේ ලිපිය කියැවූයේ තරමක් හදිසියෙන් ඒ වුවත් කියැවීමට රුචි විව්ධාකාරයෙන් විග්‍රහ කර ගත හැකි ලිපියක් ලෙසයි තේරෙන්නේ.
    මෙහි එන රූප විශේශයෙන් ටිබෙට් චිත්‍රය වඩාත් විශාල කර විමසිය හැකි ලෙසින් වූවා නම් අගනේයැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි සහ අනෙකුත් මිතුරනි,
      ඔබට පින්තූරය මත කෙටීමෙන් එය විශාල කරගෙන බැලීමේ පහසුව ඇත. ඉහත රූප සටහන් අතරින් වසවර්තියා ලෝකය බදාගෙන සිටින අයුරු නිරූපිත ටිබෙට් චිත්‍රය වඩාත් විස්තරාත්මක හෙයින් ම පැහැදිළි බව අඩුය. අනෙක් රූප වලට එවැනි ගැටළුවක් නැත.

      Delete
    2. අපේ තුන්දෙනාගෙ වන් මෑන් ශෝ එකට මොකද උනේ?
      ඒ පාර තුන්දෙනාවත් නැතිද?

      අනේ අනිච්චං !!!!

      Delete
    3. සිතුවිළි, උඳුවප් මහ අව පසට හැරිණි. ඉස්සරහට එන්නේ හීතල දුරුත්තයි. උතුරු කොනේ හීතල රට වල රතු කබා ඇඳ ගත් නත්තල් පප්පා හක්කලන් කරන මෙකල මේ විකාර අපට කුමටදැයි කියා හිම වලස්සු හිමේ ගුහාවක් හාරාගෙන එක දිගට මාස කීපයක් නිදා ගනිති. හීතල රටවල් වල මිනිස්සු මේ කාලෙට එළියට බහින්ට බැරි නිසා නිවාඩු ගන්නා බැවින් ඒ රටවල් හා ගනුදෙනුවෙන් යැපෙන අපේ රටේ සමාගම් පවා මේ කාලෙට නිවාඩු දෙති. මේ ඇත්ත වශයෙන් අඩුවෙන් වැඩ කෙරෙන වැඩියෙන් බොන කාලයයි. ඒ නිසා නව ලෝක අනුක්‍රමයට අනුගත වෙමු. අපේ මහජනයා ගැන දිවා රෑ වෙහෙසෙන ඌව පළාත් සබාවේ මන්තිරි තුමන්ලා මේ හීතල ඉවර වෙනකං හයි-බර-නෙට් ගසන්න තීන්දු කළා නම් ඉතිං අනිත් හුදී ජනයා ගැන කවර කතාද...

      Delete
    4. කණිෂ්ක,
      ඌවේ අයියලා ටික හයි බර නෙට් එක ගසා අවධි වනවිට උන්ගේ දැනට ඉන්න මහ එකා ඉල්ල අස් වී අනෙක් පස මහ එකා සභාවේ මහ එකා වීමට ඉඩ තියෙන බවක් නේ දැන් ආරංචි වෙන්නේ. අනේ මන්දා අපි රැයක් නිදාගෙන අවධි වෙන කොට ලංකාව යුරෝපා සංගමේ රටක් වෙලා උතුරු කොනට ගෙනිහිල්ලා අපේ මිදුලට හිම වැටිලා තියෙයිද කවුද දන්නේ?
      ඒකෙන් කමක් නැහැ,
      හෙට අනිද්දා අපේ මහ රජතුමා බැහැ දකින්න නෑ ගම් එන්න නියමිත වතිකානුවේ රජ තුමා ඊයේ පෙරෙදා කිව්වලු හැම සතෙක්ම මරණින් පස්සේ ස්වර්ගයට යනවා කියලා. මේ ගැන අපේ ජෝසප් මොනවා කියාවිද?

      Delete
    5. පහත තියෙන්නේ වතිකානුවේ රජ තුමාගේ ප්‍රකාශයට මම සී නිව්ස් එකේ දාපු පිළිතුර.

      අගෙයි පාප් තුමෝ අගෙයි,
      අහිමි වූ සියළු සුරතලුන් ස්වර්ගයේදි හමුවෙනවනම් ස්වර්ගයෙදී බොහෝම සතුටින් ඒ සතුනුත් එක්ක කාටත් විනෝද වෙමින් ඉන්න පුළුවන් වේවි!
      හැබැයි,
      ඔබ තුමාට අමතක උනාද මන්දා, දෙවියන් වහන්සේ අවසර දීලා තියෙන නිසා අපි ජීවිත කාලයක් තිස්සේ මරාගෙන කාපු හාල් මැස්සගේ කූනිස්සාගේ ඉඳලා හරකා බැටැලුවා ඌරා දක්වා ඔක්කොම එවුන් ටිකත් එහෙදි මුණ ගැහෙයිවත්ද?
      අපොයි දෙයියනේ එහෙම උනොත් එදාට කොහොම උන්ට මූණ දෙන්නද අපි?
      ඇයි සර්ව බලධාරි උන්නාන්සෙ අපිව මෙහෙම අමාරුවක දැම්මේ????

      Delete
    6. කතරගම දේවාලේ බස්නායක නිලමේ තුමා ලබන චන්දෙන් පාර්ලිමේන්තු එන්න අදහසක් ඇති. කොහොම උනත් 'පොල්පිත්තා' මහඇමති උනත් එකයි මට නැතත් එකයි. පළාත් සභා කියන්නේ කතා කරන්න වටිනා දෙයක් නෙමෙයි. ඒ උනාට සීතයි කියල සභාව කල් තැබීම මම දකින විදියට ඉතාම හොඳ අදහසක්. මෙයින් කියවෙන්නේ ඌව පළාත් සභාව එළවලු පාත්තියක් තරම්වත් වැදගත් කමක් නැති බවයි. ගොවි රාළ කවදාවත් හීතලයි බොල කියලා එළවලු පාත්තිය කල් දාන්නේ නෑ... හික් !

      Delete
    7. සිතුවිළි,
      අඬන පොඩි එකෙක් සනසන්න කියන දෙයක් සීරියස් ගන්න අවශ්‍ය නෑ. කවුරු හරි අළුතෙන් හදපු ගෙදරකින් අබ මිටක් ඉල්ලගෙන මල මිනියකුත් කර ගහන් පන්සල් ගියොත් කෙළවෙනවා නේද.

      Delete
    8. දැන් එතකොට බුදු හාමුදුරුවෝ කිසා ගෝතමිය අඬන විට කිසිවෙකු නොමළ ගෙදරකින් අබ මිටක් රැගෙන එන ලෙස පැවසුවේ අඬන පොඩි එකෙක් වගේ කිසා ගෝතමියව නලවන්නද?
      ඕනෙම ප්‍රෂ්ණයකට මේ වගේ ගොන් ප්‍රතිප්‍රෂ්ණ නැගිය හැකියි.
      ඒ ගැන තර්කයක් නැහැ. එහෙත් පාප් උන්නැහේ කියූ දෙය සත්ත්ව අවිහින්සා සංවිදාන බොහෝම බරපතලව ගෙන ඇති නිසයි මම එවන් අදහසක් පල කලේ ඔබට උවමනා මා මෝඩයෙකු බව ඒත්තු ගැන්වීමට නම් ඒ ගැන මගේ කිසිම තරහක් හෝ තවදුරටත් විවාදයක් නැහැ.
      කැමතිනම් දිනුම් යැයි සිතා ගන්න.

      Delete
    9. 'කැමතිනම් දිනුම් යැයි සිතා ගන්න' යි ඔබ කීමෙන් ගම්‍ය වන්නේ, සිතුවිළි, මා පෙන්වා දුන් සදෘශ්‍යය සත්‍ය බවයි. එහෙත් ඔබ වඩා වැදගත් කරුණ නොසළකා හරියි.

      බුදුරදුන් කිසා ගෝතමියට අබ මිටක් ගෙනෙන ලෙස කියන විටදී ඇගේ දරුවාට පණ දීමටවත්, නන්ද හිමිට භාවනා කළොත් දිව්‍යන්ගනාවන් 500 ලබා දීමට මා ඇප වෙනවා යැයි කියන විට එසේ 500 ලබා දීමටවත් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ තැන් වලදී කියන දේ එසේ සිදු නොවන බවට අපට සැකයක් නෑ -- මක් නිසාද, මළවුන්ට පණ දීමත් කාට හරි අන්තඃපුර තනා දීමත් බුදුදහමේ අරමුණක් නොවන බව අප දන්නා නිසා. එවැනි අවස්ථා වල බුදුරදුන් එසේ පැවසීමේ අරුත වෙනකක්.

      කතෝලිකාගම සතුන්ට ස්වර්ගය අයිති බවක් උගන්වන්නේ නෑ. ඒ තබා සතුන්ට ආත්ම (spirit) ඇතැයි කියා හෝ සළකන්නේ නෑ. එවැනි විටෙක පාප් වහන්සේගේ ප්‍රකාශය සන්ධර්භයෙන් ඉවතට ගැනීමෙන් අපට ලැබෙන්නේ දේවධර්ම විරෝධී අදහසක්. මේ ප්‍රකාශය සැළකිය යුත්තේ අදාළ සන්ධර්භය තුල පමණයි. එය සන්ධර්භයෙන් පිටතට ගැනීම සත්ත්ව අවිහිංසා සංවිධාන කළත් අපේ හිතමිත්‍ර සිතුවිළි කළත් වැරදියි.

      අනිත් එක, ඔබ තුමාට ඔච්චර ඩෝන් යනවනම් "මේ ගැන අපේ ජෝසප් මොනවා කියාවිද?" වගේ විවෘත ආරාධනයක් කළේ ඇයි ? ආයේ එහෙම කරන්න එපා බබෝ !!! හික් !

      Delete
    10. බබාට ඩොං යන එක පැත්තකින් තියමුකෝ,
      ඔබගේ තර්කය හා එකඟ වීම කල නොහැක්කක්,
      බුදු හිමියන් කිසා ගෝතමියට මිය ගිය දරුවාට පණ දෙන බවට පොරොන්දුවක් දෙන්නේ නැහැ.
      දරුවා මල බව නොපිළිගන්නා ඇය ඉල්ලන්නේ දරුවාට ප්‍රථි කරමයක්. බුදු හිමියන් එකඟ වන්නේ අබ මිටක් රැගෙන ආවොත් ප්‍රථිකාර කරන බවටයි. ඇයට අබ මිට සොයාගත නොහැකි වූ කල්හී එම එකඟ තාවය වලංගු නැත.
      එසේම නන්ද කුමරුට භාවනා කල හොත් දිව්‍යන්ගනාවන් 500ක් ලබා ගත හැකියැයි බුදු හිමියන් කියන්නේ නැහැ. මෙය දැන දැන කරනු ලබන විකෘති කිරීමක්
      බුදු හිමීයන් පවසන්නේ තමා සමග පැමිණෙන ලෙසත් දිවිය ලෝකයේදී ජනපද කල්‍යානියට වඩා සුන්දර දිව්‍ය ලඳුන් පන්සියයක් පෙන්වන බවත්. එහෙත් සැබවින්ම බුදු හිමියන් හා කථාවෙන් පසු නන්ද කුමරුට එවන් වුවමනාවක් නැත.

      ඉතින් මෙවන් වූ ගැඹුරු තැන් පාප් තුමන් විසින් දරුවෙකුට මිය ගිය සුරතලා ස්වර්ගයේදී හමුවන බව කීම වැනි දෙයක් සමග සමපාත කරන්නේ කෙසේද?
      ඔබ නිවැරදිවම කියන ලෙස මෙය දේවධර්ම විරෝධී මතයක් නම් පාප් තුමා වැනියෙකු එවන් අදහසක් පවසන්නේ කෙසේද?

      එසේම ඔබ බුද්ධ චරිතයෙන් ගන්නා උදාහරණ වල බුදු දහමේ මූලික සංකල්පයන්ට පටහැනි වූ යමක් වේද? එසේ ඇතිනම් කරුනාකර පෙන්වා දෙන්න.

      Delete
    11. ඔබ මා උදාහරණ කර දුන් කතා දෙක නැවත සොයාගෙන කියවිය යුතුයි.

      කිසා ගෝතමිය ආවේ දරුවා මැරුණු බව නොදැන නොවේ. දරුවා මැරී ඇති බව ඇයට නොකීවේ බුදුහාමුදුරුවන්. ඊට පෙර හැම දෙනාම ඇයට කීවේ දරුවා මළ බව. පැහැදිළිවම බුදුහිමියන් අබ ඉල්ලන්න කියා කියන්නේ (ගෙනාවොත්) පණ දීම පිණිසයි. එය බුදුදහමට විරුද්ධයි. ගෙනාවේ නැති නිසා ගැටළුවක් නෑ.

      එසේම නන්ද කුමාරයා දිව්‍ය ලෝකේ ගෙනියන්නේ 'බඩු' පෙන්නන්න කියා ඔබ සිතනවානම් එය බොළඳ කමක්. එයා හිටියේ මෝල් තද වෙලා. බුදුහාමුදුරුවන් කළේ යන ගමන් පිළිස්සුනු හේනක මිය ගිය වැඳිරියක පෙන්නා දිව්‍ය ලෝකයට ගෙන ගිය නන්දට දිව්‍යාංගනාවන් පෙන්වීමයි. දිව්‍යාංගනාවන් දුටු නන්දයාට ජනපද කල්‍යාණිය මගදී දුටු වැඳිරිය සේ පෙනී යාමත් ඒ වෙනුවට දිව්‍යන්ගනාවන් ඕනෑ වීමත් තමයි සිදු උනේ. බුදුහාමුදුරුවන් මේ අවස්ථාවේදී ඔහුට පොරොන්දු වෙනවා හරියට මහණකම කළොත් දිව්‍යන්ගනාවන් 500 ලැබෙන බවට තමන් සහතික වන බව. (මෙය නම් කිසා ගෝතමියට කී බොරුව තරම් බොරුවක් නොවෙයි - ඒත් ඒ පොරොන්දුව කිසා ගෝතමියට දුන් පොරොන්දුව සේම ඉටු නොකිරීම පිණිස දුන් පොරොන්දුවක් !)
      මේවා වැටෙන්නේ සම්‍යක්ප්‍රයෝග ගණයට මිස බොරු වලට නොවේ.

      පාපයා අර ළමයාට සත්තු ස්වර්ගයේදී හමු වන බව කීමත් එවැනි සම්‍යක්ප්‍රයෝගයක්.

      Delete
    12. ජෝසප්, ඇත්තෙන්ම මා විමතියට පත් වූවා ඔබ වැනි වැටහීමක් ඇති මිතුරෙකුගෙන් මෙවන් අදහසක් ඇසීමට ලැබීම ගැන.
      කථාව මා කියවූවා වැරදි විය හැකියි. එහෙත් බුදු හිමියන් කිසා ගෝතමියට දරුවාගේ පන ලබා දීමට ඉදිරිපත් කරන්නේ ඉටු කල නොහැකි කොන්දේසියක්. එසේම ඒ කොන්දේසිය ඉදිරිපත් කිරීමේ අරමුනෙහි ඇත්තේ ඇයට සත්ත්‍යය වටහා දීමේ කමටහනක්.
      නන්ද කුමරු දෙස බලමු.
      ඔහු සිටි මානසික තත්වය අනුව මේ දිව්‍යාංගනාවන් තුලින් බුදු හිමියන් ඔහුව යොමු කරන්නේ සත්ත්‍යාවබෝධය දෙසට.ඒ සත්ත්‍යාවබෝධය ලද පසු ඔහු දිව්‍යාංගනාවන් කෙරෙහි නොඇලෙන බව බුදු හිමියන් දන්නා කාරනයක්.

      මේ තැන් දෙකේදීම අදාල පුද්ගලයින් සම්‍යක් දෘෂ්ඨිය වෙත යොමු කිරීම අරමුණු කොටගෙන බුදු හිමියන් යම් ප්‍රයෝග යොදාගැනීමක් තමයි දකින්නේ.
      එය පැහැදිලිවම සම්‍යක් ප්‍රයෝගයක්. ඒ ගැන ඔබ හා මා එකඟයි.

      දැන් බලමු පාප් තුමාගේ අදහස ගැන.
      ඔහු එය කියන්නේ හුදෙක් දරුවෙකුගේ ඇඩුමක් වැලකීමට. ඔවු ඔබ කියන ලෙස අපට හෝ ඔහුගේ අනුගාමිකයින්ට එය බරට නොගෙන සිටිය හැකියි. එහෙත් එය ඔහුම දේශනා කරන ධර්මයට ඉඳුරා පටහැනි කථාවක්. ඒ තුලින් එතුමා බලාපොරොත්තු වන්නේ ඒ අවස්ථාව සඳහා දරුවා සැනසීම පමණක් විය හැකියි. එය යහපත් චේතනාවෙන් කී බොරුවක් ලෙස දැකිය හැකියි. එහෙත් ඒ දරුවා සතුන්ට ආත්මයක් නැතැයි කියන කථාව මුළු ජීවිතයටම පිළි නොගැනීමට ඉඩ තිබෙනවා. ඒ තුලින් ඔහු දේව ධර්ම විරෝධියෙකු වනවා.
      පාප් තුමාගේ අරමුණ දරුවා සම්‍යක් දෘශ්ටියට තබා තමාගේ දේව දෘෂ්ඨියටවත් යොමු කිරීම නොවෙයි.
      ඉතින් එයට ඔබ සම්‍යක් ප්‍රයෝගයකියි කියන්නේ කෙසේද?
      සම්‍යක් ප්‍රයෝගයක් තුලින් කෙනෙකු රැවටෙන්නට හැටියක් නැහැ.
      ඔබ මෙයට එකඟ නොවනවානම් කරුනා කර පහදන්න . ඔබ හිතන හැටි සැම විටම වෙනස්.

      Delete
    13. "ඔහු එය කියන්නේ හුදෙක් දරුවෙකුගේ ඇඩුමක් වැලකීමට. ඔවු ඔබ කියන ලෙස අපට හෝ ඔහුගේ අනුගාමිකයින්ට එය බරට නොගෙන සිටිය හැකියි. එහෙත් එය ඔහුම දේශනා කරන ධර්මයට ඉඳුරා පටහැනි කථාවක්. ඒ තුලින් එතුමා බලාපොරොත්තු වන්නේ ඒ අවස්ථාව සඳහා දරුවා සැනසීම පමණක් විය හැකියි. එය යහපත් චේතනාවෙන් කී බොරුවක් ලෙස දැකිය හැකියි. එහෙත් ඒ දරුවා සතුන්ට ආත්මයක් නැතැයි කියන කථාව මුළු ජීවිතයටම පිළි නොගැනීමට ඉඩ තිබෙනවා. ඒ තුලින් ඔහු දේව ධර්ම විරෝධියෙකු වනවා."

      මේ ප්‍රකාශය සත්‍ය යැයි ගනිමු.

      ඉතිං පාපයාගේ දේව ධර්මය නො-අදහන අපිට ඒ ගැන ඇති අමාරුව මොකද්ද ?

      Delete
    14. ඔව් හරියටම හරි,
      ඒ ගැන අපිට කිසිම අමාරුවක් නැහැ.
      ඒ වගේම ඒ දරුවා බුද්ධිමතෙකු නම් යම් දිනෙක මේ ප්‍රකාෂය හේතුවෙන්ම ප්‍රෂ්ණ කර ඔවුන්ගේ පොත ප්‍රථික්ෂේප කරාවි.
      හැබැයි මේ කථාව චේත්නාත්මකව සම්‍යක් දෘෂ්ඨිය කෙරෙහි දරුවා යොමු කරවීමට නොකී බවනම් ඔබ පිළිතුරු නොදුන්නාට පිලිගන්නා බව දනිමි.
      එසේවීනම් එය සම්‍යක් ප්‍රයෝගයක් නම් නොවේ!

      ඒ අනුව මගේ අදහස නම් පාප් තුමන් විසින් කරන්නට යෙදුනු මේ ප්‍රකාශය හුදෙක් දරුවෙකු සැනසීම් වස් කල වගකීමක් රහිත හිස් කථාවකි. (මාත් ඒක සීරියස් ගත්තා වැඩි බවටනම් ඔබ හරිය )
      එය වචන මාත්‍රයකිනුදු බුදු හිමියන් ගේ කිසා ගෝතමී සිද්දිය හෝ නන්ද කුමරුන්ගේ සිද්දිය සමග ගැලපිය නොහැකි සේම උත්සහ කිරීමකුදු නොකල යුතුය.

      Delete
    15. මේ ගැන එකඟ වෙන්න පුළුවන් අපි දෙන්නටම.

      "ඒ වගේම ඒ දරුවා බුද්ධිමතෙකු නම් යම් දිනෙක මේ ප්‍රකාෂය හේතුවෙන්ම ප්‍රෂ්ණ කර ඔවුන්ගේ පොත ප්‍රථික්ෂේප කරාවි" කියන දේ නම් වෙන්න ඉඩකඩ බොහොම අඩුයි. ඇත්තටම වෙන්නේ අපේ වයසත් එක්ක අපි "අදහන" දේ පරිණාමය වීම. මේ දරුවා සම්‍යක්දෘෂ්ඨිය කෙසේ වෙතත් අවුරුද්දෙන් අවුරුද්දට පල්ලියෙන් ගිල්ලන ගුලි කාල පල්ලි ඇබිත්තයෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පොඩි කාලේ "අදහ ගත්ත" දෙයක් අත හැරලා ඊට වෙනස් දෙයක් "අදහ ගැනීම" එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒකට ඕනේ වෙන්නේ සමවයස් සහ ආසන්න සමාජ (පවුල/ පාසැල ) පුද්ගලයන් අතර පිළිගැනීමක් ඇති දෙයක් වීම පමණයි.

      පාප වහන්සේත් පල්ලියත් සමාජයත් ඒ ටිකට වගබලා ගනීවි.

      කිසා ගෝතමී සිද්දිය මෙතැනට ගලපා ගැනීමේ අබිප්‍රාය අප තුලටම එබී බැලීම මිස වෙනකක් නොවේ.

      Delete
  2. අපායෙ ඉන්න සත්තු දුකට ගැලපෙන විදියට පරිනාමය වෙන්නෙ නැද්ද?
    බුද්ධාගමට අනුව මී වදයක් හෝ කුහුඹු ගුලක් සලකන්න වෙන්නේ තනි සතෙක් හැටියටද නැත්නම් සත්තු ගොඩක් හැටියටද?

    ReplyDelete
    Replies
    1. පැනල දුන්නට කමක් නැද්ද මන්ද.
      * නෑ.
      * ගුලේ ඉන්න සත්තු ගානට.
      (හැබැයි ඇමීබා වගේ එකෙක් අදින්න ඔට්ටු නෑ)

      Delete
    2. ජගත්,
      සාමාන්‍යයෙන් පැනල දෙන එක අපේ මේ කථා 32 කේ සම්ප්‍රදායක්
      ඒක නිසා මමත් එක අනුගමනය කරනවා.
      ඔක්කොටම කලින් මම ඔබේ බ්ලොගයත් ටිකක් කියෙව්වා. ඒකෙත් අපූරු ලිපි තියෙනවා.
      එළාර ගැන ඔබේ කෙටි අදහස සාකච්චාවකට හොඳ වස්තු බීජයක්. හැකි උනොත් ඉදිරියේදි අපි කණිෂ්කවත් හවුල් කරහෙන ඒක ගැන ටිකක් පැහැදිලි කර ගනිමු. ඔහු මහා වංශය ගැන හොඳ දැනුමක් ඇත්තෙක්.
      දැන් ඔබේ ප්‍රෂ්නයට,
      1) සතෙකු පරිණාමය වන්නේ (පරිනාම වාදයට අනුව ) එක් සතෙකුගෙන් ඊලඟ පරම්පරාව හට ගැනීමේදීය. එසේනම් අපායේ පරිනාමයක් වුවත් නැතත් වෙනසක් ද නැතිය. එහෙත් මාපිය සම්බන්ධයක් නැතිව උත්පත්තිය ලබන සතුන් පරිණාමයක් වීමෙහි ඉඩක් නැත.
      2)කුහුඹි මී මැස්සෝ කියන නිර්ණායකයට යටත්ව ජෝසප් හා එකඟයි. සෑම එක් කුහුඹුවෙක් හෝ මී මැස්සෙක්ම එක් සසර සරණ සත්ත්වයෙකු විය යුතුයි.

      Delete
    3. ජගත් ඔබ පළමුව දෙතිස් කතාවට පිළිගන්නා බවත්, ඔබේ අදහස් අප වෙත එක් කිරීම අපට ශක්තියක් බවත් සඳහන් කරමු. ඔබේ Google+ පිටුවත් Blog අඩවියත් මදක් බැලූ බව කීමත් යුතු කමකැයි සිතමු. "අන්තෝනියෝ බහිජටා !" මෙය දුටු අපට "Desperado" චිත්තරපටිය හෙවත් බයිස්කෝප් එක සිහියට ආවේ නිතැතිනි.
      >> https://www.youtube.com/watch?v=QwFHimQCBn0

      ඔබේ ප්‍රශ්න දෙකට පිළිතුරු දැනටත් ලැබී ඇති බැවින් අප දෙන පිළිතුරේ වැදගත් කම අඩු වේ. එහෙත් ඒ අපූරු ප්‍රශ්න දෙක පිළිතුරු නොදී සිටිය නොහැකි තරමේ දැඩි පෙළඹවීමක් ඇති කරයි. ඒ නිසා පිළිතුරු දෙමු.

      Delete
    4. අ. අපායෙ ඉන්න සත්තු දුකට ගැලපෙන විදියට පරිනාමය වෙන්නෙ නැද්ද?
      මෙහිදී 'සත්තු', 'දුක' හා 'පරිණාමය' යන වචන තුන වැදගත්ය. අප සාමාන්‍ය ව්‍යවහාරයේ 'සත්තු'යි කියන්නේ තිරිසන් අපායේ සිටින සත්ත්වයින්ට බව මෙහිදී සිහියට ගත මනාය. 'දුක' යනු කුමක්ද? "ජාති (උපත) ද දුකකි" ආදී වශයෙන් පටන් ගෙන "සංක්‍ෂිප්තව ගත් කල පංචුපාදානස්ඛන්ධයම දුකකි" ආදී වශයෙන් ඉගැන්වෙන්නේ දුකයි. පරිණාමය යනු කුමක්ද? පරිණාමය යනු පවත්නා ස්වරූපයකින් වෙනත් ස්වරූපයකට කාලානුරූපව වෙනස් වීමයි.

      මෙසේ ගත් කල පරිණාමය අඛණ්ඩ අනවරත ක්‍රියාවලියකි. දුක එවැන්නක් නොවේ. දුක ඇති පැවති වී නැති වී යයි.
      [ජාතිය දුකකි. එය ඉපදීමෙන් පසුව නැති වේ. ජරාව දුකකි. ව්‍යාධිය දුකකි. එය සුවපත් වීමෙන් කෙළවර වේ...]
      නැති වී යන දුකකට (ගැලපෙන සේ) පරිණාමය විය හැකිද? එසේ වීමේ ප්‍රයෝජනයක් තිබේද? සරම්ප හෝ පැපොල වැනි රෝගයක් සෑදුනු කෙනෙකුට නැවත නොසෑදෙන බව කියයි. මෙසේ වන්නේ පරිණාමය වීම නිසාද?

      ඔබ මෙහිදී අදහස් කරන්නේ වසර ලක්‍ෂ ගණන් නිරා දුක් විඳින සත්ත්වයින් ගැනනම් කිව හැක්කේ ඒ සඳහාත් මේ ලොව දෙසම බැලිය යුතු බවයි. ජාත්‍යන්ධයින් පරිණාමය වී කවදා හෝ පෙනීම ලබනවාද? අත් පා රහිතව උපදින උන් පරිණාමය වී ඒවා වවා ගන්නවාද? නොයෙක් රෝග සහිතව උපදින උන් ඒවා සුව කර ගන්නවාද? මිනිස් ලෝකයේ එසේ නොවන කල නිරයේ එසේ සිදු වේ යයි ගත හැකිද?

      මිතුරු සිතුවිළි පෙන්වා දෙන පරම්පරා ගලා යාම ඉතාම ගැලපෙන කතාවකි. බටහිර විද්‍යාවේ ඉගැන්වෙන "පරිණාමය" සිදු වීම පිණිස මූලික අවශ්‍යතාව වන "ප්‍රවේණිය" නිරයේ ඇත්තේ නැත.

      Delete
    5. ආ. බුද්ධාගමට අනුව මී වදයක් හෝ කුහුඹු ගුලක් සලකන්න වෙන්නේ තනි සතෙක් හැටියටද නැත්නම් සත්තු ගොඩක් හැටියටද?

      බෞද්ධයෙක් වශයෙන් මෙවැනි ප්‍රශ්නයක් නැගීමත් පුදුමයකි. මී වදයක්, කුහුඹු ගුලක්, වේ තුඹසක් වැනි පද්ධතියක්ම එක සතෙක් ලෙස සළකන විට ඇති වන විශේෂ වාසිය නම් ඔබට සම්පූර්ණ කුහුඹු ගුලම වනසා දැමිය නොහැකි වීමයි. එවිට කුහුඹු ගුල කෙරේ ඔබට ප්‍රාණඝාත අකුශලය සිදු වීමට ඉඩක් නැත. කුහුඹු රැජිණක් ඉතිරි වුවහොත් කුහුඹු ජනපදය නැවත ආරම්භ වන බැවිනි. එසේම කුහුඹුවා අමරණිය වීමත් ඒ සමගම සිදු වේ. ප්‍රාථමික ගෝත්‍රික ඇදහිල්ලක් වශයෙන් මෙවැනි අදහස් සුදුසු වුවත් බුද්ධිමත් ජනතාවක් විසින් මෙවැනි අදහස් දැරිය යුතු නැත.

      සමහර අන්‍යාගමිකයින් විසින් අසන අංක ගණිතමය ප්‍රශ්න නිසාත් බෞද්ධයින්ට මෙවැනි 'ෂෝට් කට්' සංකල්ප පහල වේ. එහෙත් ඒ ෂෝට් කට් වලින් නියම ගමනාන්තයට යා නොහැකි බව සැම විටම සිහියේ තබා ගත යුතුය.

      ප්‍රශ්නය 1: ලෝකේ ඉන්න මිනිස්සු ගානට වඩා එක කුඹි ගුලක කුඹි ඉන්නවා. මිනිස්සු මැරිලා කුඹි වෙනවනම් එච්චර මිනිස්සු ලෝකේ හිටියේ කොහොමද?
      ප්‍රශ්නය 2: ලංකාවේ ඉන්න මිනිස්සු ගානට වඩා එක වදයක මී මැස්සෝ ඉන්නවා. උන් ඔක්කොම මැරිලා මිනිස්සු උනොත්...?

      මෙවැනි ප්‍රශ්න ඔබ නොමග යවයි. ඔබ ඉහත දෙවැනි ප්‍රශ්නය අප වෙත ඉදිරිපත් කරන්නේ ඇයිදැයි හරියටම කීවොත් වඩාම ගැළපෙන පිළිතුර දිය හැකියි. එතෙක් අප මිතුරන් "පැනලා දුන්" පිළිතුරු හා එකඟ වෙමින් නවතිමි.

      Delete
  3. 1.අපි සපත්තු දාන්නෙ නැත්නම් අපේ පතුල් ගොරෝසු වෙලා බොරලු පොළවට හැඩගැහෙනවා අව්වේ යනකොට කළුවෙලා අව්වට හැඩ ගැහෙනවා ඒ වගේ දෙයක් අපායවල් වල වෙන්න බැරිද කියලා ඇහුවේ
    2. බටහිර ජීව විද්‍යාවට අනුව මී වදයක් තනි සතෙක් ලෙස සැලකිය හැකිය අපි මී මැසි රැජින කියන්නේ එම සතාගේ ස්ත්‍රි ලිංගයයි අනි්ත් මැස්‍ෝ එම සතාගේ අතපය වගේ අපි අපේ ඇ‍ෙඟේ හැම සෛලයක්ම වෙනම සතෙක් හැටියට සලකන්නේ නැත්නම් තනි මී මැස්සෙක් වෙනම සතෙක් හැටියට සලකන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. ජගත්,
      බොහෝම හොඳ ප්‍රෂ්නයකටයි අපි සරලව උත්තර දීලා තියෙන්නේ කියල හිතෙනවා,
      1, ඔබ කියන හැඩගැසීමේ ශරීර ස්වභාවය පෘථිවි වාසී සතුන්ගේ ලක්ෂනයක් නේද? ඒක නිරි සතුන්, ප්‍රේත් භූත ආදී සතුන්, දිව්‍ය බ්‍රහ්ම ආදී සතුන් සඳහා එලෙසම විය යුතුද? විය හැකිද? මේ ප්‍රෂ්ණ අපි විසඳා ගත යුතුයැයි සිතනවා.
      අපාය ගාමී නිරි සතුන්ගේ ශරීර ස්වභාව අපගේ ශරීර ස්වභාවයන් හා එක් වන් නොවනා නිසා මේ හැඩ ගැසීම වලංගු නැතිවිය යුතුයැයි සිතනවා. කණිෂ්ක සතුව වඩා හොඳ කරුනු සහිත පැහැදිලි කිරීමක් තිබිය හැකියි.

      2/ඔබගේ දෙවැනි ප්‍රෂ්නය ඉදිරියේදී නම් මේ ගැන වඩා දුරට ගිය විමසීමක් කල යුතුයැයි සිතෙනවා.
      පළමුවම විමසිය යුතුවන්නේ බුදු දහමේ කියැවෙන සත්ත්වයා හා බටහිර විද්‍යාවේ කියැවෙන සත්ත්වයා හෙවත් ඇනිමල් හා බටහිර විද්‍යාවේ කියැවෙන ජීවියා යන සංකල්ප වල ඇති වෙනස් කම් පිළිබඳවය.
      බුදු දහමට අනුව එක් පංචස්කන්ධයක් එක් සත්ත්වයෙකු වේ. එසේනම් එක් සත්ත්වයෙකු සතුව එක විඤ්ඤානයක් එක සිතක් පැවතිය යුතුය. එක් මොහොතක විඤ්ඤාන දෙකක් සහ සිත් දෙකක් දැරීමට එක සතෙකුට නොහැකිය.
      එසේනම් අපගේ ශරීරයේ සෛල සැලකුවහොත්, ඒවාට ස්වාධීන වූ විඤ්ඤානයන් පවතීද?
      ස්වාධීන වූ සිත් පවතීද?
      එසේම මී මැස්සෙකු සැලකුවහොත්, මී මැස්සාගේ සිරුරේ එක් එක් සෛල වලය ස්වාධීන වූ සිත් පවතීද?
      මී මැසි ගොමුවක් ගත හොත් ඒ සියල්ලන්ම එක විට එකම සිතක් පහල කරමින් එක සිතක අරමුණු වලින් යැපෙනවායැයි කිව හැකිද?
      එක් මී මැස්සෙකුට කෙනිත්තූ විට එය රැජිනගේ විඤ්ඤානයට ග්‍රහනය වනවාද? ඒ පදනම්ව සිතුවිලි හට ගැනීමක් වේද?

      මේ ප්‍රෂ්න වලට ලැබෙන පිළිතුර අනුව මී මැස්සා ද මී වදයද එක් සත්ත්වයෙකු වන්නේ කියන පැනය පහදා ගත හැකියැයි සිතමි.

      Delete
    2. 1. අපි සපත්තු දාන්නෙ නැත්නම් අපේ පතුල් ගොරෝසු වෙලා බොරලු පොළවට හැඩගැහෙනවා අව්වේ යනකොට කළුවෙලා අව්වට හැඩ ගැහෙනවා වගේ දෙයක් හඳුන්වන්න ඔබ තුමා භාවිතා කරන වචනය පරිණාමය ද?
      ---------

      2.1] බටහිර ජීව විද්‍යාවට අනුව මී වදයක් තනි සතෙක් ලෙස සැලකිය හැකිය --- හැබෑට !

      2.2] අපි මී මැසි රැජින කියන්නේ එම සතාගේ ස්ත්‍රි ලිංගයයි අනි්ත් මැස්‍ෝ එම සතාගේ අතපය වගේ --- එසේනම් මී මැසි රැජිණගේ ස්ත්‍රී ලිංගය ඔබ හඳුන්වන නම කුමක්ද?

      2.3] අපි අපේ ඇ‍ෙඟේ හැම සෛලයක්ම වෙනම සතෙක් හැටියට සලකන්නේ නැත්නම් තනි මී මැස්සෙක් වෙනම සතෙක් හැටියට සලකන්න බෑ නේද? --- ඔබ "නැතිනම්" කියා ඉදිරිපත් කරන්නේ වැරදි උපමාවකි. හොඳයි, තනි මී මැස්සෙක්ගේ ඇඟේ සෛලයක් ගැන ඔබට කිව හැක්කේ කුමක්ද? මටනම් තනි මී මැස්සෙකුගේ ඇඟේ සෛලයක් සහ තනි අලියෙකුගේ ඇඟේ සෛලයක් අතර වැඩි වෙනසක් නැත.

      Delete
    3. ජෝසප්,
      මට හිතෙනවා මේ "බටහිර ජීව විද්‍යාවට අනුව මී වදයක් තනි සතෙකු ලෙස සැලකිය හැකිය" යන ප්‍රකාශය යම් කිසි ජීව විද්‍යා උගතෙකුගේ ප්‍රකාශයක් පදනම්ව ජගත් විසින් උපුටා දක්වන ලද්දක් කියා.
      ජගත්, මේ ප්‍රකාශයට යම් එවන් මූලාශ්‍රයක් වෙත්ද? එසේනම් එය දක්වන්න. එය බරපතල ලෙස නොමග යවනා සුළු ප්‍රකාශයකි.
      තම උගත් කම පෙන්වීමට මෙවන් හරසුන් ප්‍රවාද බිහිකිරීමට තැත් දරන උගතුන් යැයි කියාගන්නා උන් අප කොතෙකුත් දැක ඇත.

      Delete
    4. අපායෙ ඉන්න සත්තු දුකට ගැලපෙන විදියට පරිනාමය වෙන්නෙ නැද්ද?
      අපි සපත්තු දාන්නෙ නැත්නම් අපේ පතුල් ගොරෝසු වෙලා බොරලු පොළවට හැඩගැහෙනවා අව්වේ යනකොට කළුවෙලා අව්වට හැඩ ගැහෙනවා ඒ වගේ දෙයක් අපායවල් වල වෙන්න බැරිද කියලා ඇහුවේ??


      මිතුර ජගත්,

      ඔබේ ගැටළුව පරිණාමය පිළිබඳව නොවේ. ඔබ අසන්නේ දුකම විඳින විට 'එය' පත්තියං වීම පිළිබඳවයි. මෙය සිතීමට වටිනා ප්‍රශ්නයකි - විශේෂයෙන් අපාගත වීමේ බලාපොරොත්තුවක් ඇති කෙනෙකුට. "ස්ව-පීඩා-කාමුකත්වය" යන වදනක් සමහර තැන් වලදී අපට හමු වේ. සමහරු කන් විද ගනිති; ඇහි බැම විද ගනිති; බුරිය හෙවත් නාභිය විද ගනිති; මෙහි සඳහන් කළ නොහැකි අවයව විද ගනිති; ඒවායේ විවිධ දේ එල්ලා ගනිති. අලි බඳින දම්වැල්, නැව් අදින කඹ, ඔතා ගනිති. ශරීරයේ විවිධ රූ (පච්චා) කොටා ගනිති. මෙසේ කර ගනිමින් ආනන්දයක් ලබති. මේවා ස්ව-පීඩා-කාමුකත්වයේ ලක්‍ෂණ වේ. මට පැරණි කතාවක් සිහි වේ.

      එක්තරා ස්ත්‍රියක් බිමත් සැමියා දිනපතා දෙන ගුටිබැට වලට හුරු වී සිටියාය. හවස් ජාමයේ සැමියා ගීතයක් ගයාගෙන කඩුල්ල පනින විට ඇගේ ගෝරනාඩුව ඇරඹීමත්, අනතුරුව 'ධිග්' 'ථග්' අනුකරණයෙන් පහර පිට පහර ලැබීමත්, ස්ත්‍රියගේ විලාපයත් අනතුරුව එය කෙඳිරියක් වී වා තලයට මුසු වී අවසන් වීමත් අසල්වැසියන්ට සුපුරුදුය. ඇගේ කරුමෙට මිනිහා මලාට පසුව ටික දිනක් නිහඬව තිබූ නිවසින් අර විලාපය මතු වූ විට............

      අසල්වැසියන්ට දැක ගන්නට ලැබුණේ බාල්කයේ එල්ලූ වංගෙඩිය පද්දා තමා දෙසට එන විට ඊට පිට අල්ලා විලාප දෙන අර කාන්තාව ලු ! ඒ අප ඒ කතාව අසා ඇති සැටියි.

      ඒ කාන්තාව ගුටි කෑමේ දුකට පරිණාමය වී ඇති බව ඔබ සිතන්නේද?

      Delete
    5. "බටහිර ජීව විද්‍යාවට අනුව මී වදයක් තනි සතෙක් ලෙස සැලකිය හැකිය"
      යන ඔබේ ප්‍රකාශය හා එකඟ වීමට තරම් ඉහලට අප බටහිර ජීව විද්‍යාව හදාරා නැත. එහෙත් මේ සාකච්චාවේ ඉදිරි සුභ සිද්ධිය තකා ඊට එකඟ වුනත්, "බුද්ධාගමට අනුව මී වදයක් හෝ කුහුඹු ගුලක් සලකන්න වෙන්නේ තනි සතෙක් හැටියටද නැත්නම් සත්තු ගොඩක් හැටියටද?" යන ඔබේ මූලික ප්‍රශ්නයට දිය යුතු පිළිතුර වෙනස් නොවේ.

      ජගත් පතිරණගේ පියා සද් ගුණවත් පතිරණ මහතා බව සත්‍යයක් වුවත් ජොසෙෆ් සමීරගේ පියා එම පතිරණ මහතා නොවන්නාක් මෙනි. බටහිර විද්‍යාවට අනුව මී වදයම (වඩා නිවැරදිව කිවහොත් මී මැසි ජනපදයම) එක සතෙක් ලෙස සැළකුවත් බුද්ධාගමට අනුව එය තනි සතෙක් ලෙස සැළකීමේ අවශ්‍යතාවයක් නැත. බුද්ධාගම බටහිර ජීව විද්‍යාවට ජාතක වූ තවත් එක් ප්‍රවාදයක් (පරිණාමවාදය වැනි එකක්) නොවේ.

      මේ ප්‍රශ්නයට පිළිතුර මෙතෙකින් අවසන් වුවත් ඔබේ ප්‍රශ්න මෙතෙක් අපට හමු වූ අපූරුම ඒවා බව සටහන් කරන්නේ ඇත්ත වශයෙන් ඔබට කරන ගෞරවයක් වශයෙනි. අප හා ඔබේ අදහස් බෙදා ගැනීම පිළිබඳව නැවත ස්තුතිය පල කරමි.

      Delete
    6. අයියෝ සල්ලි !!
      "ජගත් පතිරණගේ පියා සද් ගුණවත් පතිරණ මහතා බව සත්‍යයක් වුවත් ජොසෙෆ් සමීරගේ පියා එම පතිරණ මහතා නොවන්නාක් මෙනි."

      ජොසෙෆ් සමීරගේ පියා ස්වර්ගස්ථ ඇන්ටනි අයියා වේ.
      (මැරුණ මිනිහෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ..)

      Delete
    7. ස්ත්‍රියගේ විලාපය ... විනෝද සමයමකට හොඳ කතාව. හැබැයි ගෑණි එල්ලුවේ වංගෙඩිය කියලත්, ඒකට ඇල්ලුවේ පිට කියලත් හොඳටම විශ්වාසද??? මට හිතෙන්නේ වෙනම දෙයක්, හික් !

      Delete
    8. අනේ අපොයි අපේ ජොසෙෆ් මහත්තයාටත් හිතෙන දේවල්.
      හොඳයි ඔය එල්ලුවේ වංගෙඩිය වෙන්න බැරිනම් මොකක් කියලද හිතන්නේ කියමු බලන්න.
      හැබැයි ජෝසෙෆ් ගේ කථාව කියෙව්වට පස්සේ අර මුල් කථාවේ මට නොවැටහුනු තැනකුත් වැටහුනා.
      මමත් මාරම ටියුබ් ලයිට් එකක් බලාගෙන ගියාම!

      Delete
    9. අයියෝ, ඒක ඕනේ නෑ. හික් ! මේවා පොඩි ඈයොත් කියවනවා.
      මුල් කථාවේ ඔබ තුමාට නොවැටහුනු තැන මොකක්ද කියමු බලන්න.

      Delete
    10. ඒකත් ඕනේ නැහැ සභ්‍ය අසභ්‍ය කියලා සීමාවක් තියෙන්න ඔනෑනේ!

      Delete
    11. හික් ... වනචරයා !!!

      Delete
  4. මට තව ගැටලුවක් තියෙනවා මේක වෙන තැනක අහපු දෙයක්
    දැන් දිව්‍යලෝක වල සත්වයන් උපදින්නේ ඕපපාතිකව නම් ඔවුන්ට ලිංගේන්ද්‍රියක් නැද්ද?
    (හැබැයි මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් වල නම් ලොස් ඇන්ජලීස්ලට ලිංගයක් නෑ කියනවා)

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනම් මමත් කවදාවත් හිතපු නැති උතරේ හිතාගන්නවත් බැරි ප්‍රශ්නයක්.

      අපි බලමු ජෝසප් හා කණිෂ්ක දෙන්නා මේ ගැන දරන මතය මොකක්ද කියලා.

      Delete
    2. ලොස් ඇන්ජලීස් ??
      මමනම් එහෙම ජාතියක් ගැන අහල තියෙනවා කියල මතකයක් නෑ. ෆෝලන් ඒන්ජල්ස් ගැනනම් අහල තියෙනවා.

      ඒවා පැත්තකට දාමු. බුදුදහමට අනුවනම් දිව්‍යලෝක වල ඔය කියන අවයවේ තියෙනවා. බ්‍රහ්ම ලෝක වල නැති වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වල ගෑණු ජාතිය නෑ. ගෑණු ජාතිය නැති නිසා පිරිමි ජාතිය ඉන්නවා කියල කියන්න බෑ. ගෑණු-පිරිමි සඤ්ඤා නැති තැනක ලිංගේන්ද්‍රිය කියල දෙයක් නෑ.
      (කණිෂ්කට වෙන උත්තරයක් තියෙනවනම් විරෝධතාවයක් නෑ.)

      Delete
    3. මිතුර ජගත්,
      ඔබ ප්‍රශ්න පත්‍රයක් බව පෙනේ. ඔබේ ප්‍රශ්න සැබවින්ම අපූරු බව නැවත කියමි.

      * දැන් දිව්‍යලෝක වල සත්වයන් උපදින්නේ ඕපපාතිකව නම් ඔවුන්ට ලිංගේන්ද්‍රියක් නැද්ද?

      මෙහි 'දැන්' යන්න වැදගත් නැත.
      දිව්‍යලෝක පමණක් නොව, බ්‍රහ්ම ලෝක සහ නිරය (තිරිසන් යෝනිය හැරුණු කොට) වලද සත්ත්වයන් උත්පාද වන්නේ ඕපපාතිකව වේ. එහෙත් එපමණකින් ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ යෝජනා කරන නිගමනයට පැමිණීම සුදුසු නොවේ.

      අම්බපාලිය ගැන ඔබ අසා ඇතැයි සිතමි. ඈ නගර සොභිනියකි. නගරසොභිනියක් වීමට ලිංගේන්ද්‍රියක් අවශ්‍යද නැද්ද යන්න නොසළකා, ඈ ඕපපාතිකව උපන් බව පමණක් සඳහන් කරමි. ඈ හැරුණු කොට ඕපපාතික උපත් ඇති තව කිහිප දෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. උපත ඕපපාතික වන හෙයින් මේ අය මනුෂ්‍යයන්දැයි ප්‍රශ්න කළහොත් එය වැරදි ප්‍රශ්නයක් නොවේ.

      බ්‍රහ්මයන් නිරූපනය කෙරෙන්නේ බොහෝ විට මහළු පිරිමි රූ සපුවකිනි. ඔවුන් ගැන මිතුරු ජොසෙෆ් කර ඇති සඳහනෙන් ඔබ්බට නොයමි. එහෙත් චාතුර්මහාරාජිකයේ සිට පරනිම්මිතවසවර්තිය දක්වා දෙව් ලෝ වල දෙවියන් ගැහැණු-පිරිමි වශයෙන් සඤ්ඤා ඇති බව ස්ථිරව සඳහන් කළ හැක. උපත් ඕපපාතික වුවත් ස්වාමි-භාර්‍යා සම්බන්ධතා මේ දෙව් ලෝ දෙවියන් අතර ඇත. ශක්‍ර දේවතාවාට භාර්‍යාවන් සිව් දෙනෙකි. ඒ සිටියදීත් ඔහු වෙනත් දෙවඟනන් කෙරේ බොහෝ ලොල් බව කියැවේ. පඞචසිඛයා සුරියවච්ඡසා දෙවඟනට පෙම් බැඳ සිටි අයුරු තවත් කතාවක එයි. ඔහු ඈගේ රූ වර්ණනා කරමින් බුදුරදුන් ඉදිරියේ ගැයූ ගී දෙවියන් තුල අපට වඩා කාමාශා ඇති බව ඉඟි කරයි.

      එසේම අරුන්දතිය පිළිබඳ කතාව අපට උගන්වන්නේ නාග කන්‍යාවන් (නාගයින් චාතුර්මහාරාජිකයට අයත් වේ - සමහර තන්හි තිරිසන් නයින් ගැනත් සඳහන් වුවත් අප මෙහි කතා කරන්නේ තිරිසනුන් ගැන නොවේ) මනුෂ්‍ය පුත්‍රයින් හා සංයෝග වන (compatible) බවයි. ඒ හැරුණු කොට මනුෂ්‍යයින් යක්‍ෂ ස්ත්‍රීන් හා වාසය කළ අවස්ථා ගැන ජාතක පාලියේ සඳහන්ය. සම්බුලා ජාතකයේ එක්තරා යක්‍ෂයෙක් මනුෂ්‍ය ස්ත්‍රියකගේ පතිවෘත්තතාව බිඳීමට තැත් කරයි. චාතුර්මහාරාජිකයට අයත් යක්කු ද ඕපපාතිකයෝය.

      ඉහත කරුණු අනුව නිගමනය කළ හැක්කේ බ්‍රහ්ම ලෝක හැරුණු කළ ඉතිරි තල සියල්ලේම සත්ත්වයින්ට (ලිංගේන්ද්‍රිය කෙසේ වෙතත්) ලිංග භේදයක් පවතින බවත් ස්ත්‍රී-පුරුෂ සඤ්ඤා පවතින බවත්ය. ඕපපාතික වීම සමග මෙහි සම්බන්ධයක් නැත.

      ඔබ වෙනත් මිත්‍යා දෘෂ්ඨින් ගැන සඳහන් කර ඇති නිසා...
      යෙහොවඃ හෝ අල්ලාඃ ලෙස ඒ ඒ ලබ්ධිකයින් විසින් හඳුනා ගැනෙන යක්‍ෂයා තමාගේ රූපයෙන් යුතුව පොළොවේ දුහුවිල්ලෙන් මිනිසා මැවූ බව කියැවේ. ඒ අනුව එකී බලවත් යක්‍ෂයා සතුව ලිංගේන්ද්‍රියක් පැවති බව නිගමනය කිරීම සහේතුකය. එහෙත් ඉල ඇටයෙන් නිර්මාණය කෙරුණු ස්ත්‍රියගේ ලිංගේන්ද්‍රිය සැලසුම් කිරීම නම් විවාදයකින් තොරව බුද්ධිමත් නිර්මාණය සනාථ කිරීම පිණිස භාවිතා කළ හැකි වැදගත් සාධකයක් බව අපේ අදහස වේ.

      Delete
    4. ජෝසප්,
      ලොස් ඇන්ජලීස් කියන්නේ ස්පාඤ්ඤ හෝ ප්‍රංශ වැනි යුරෝපා භාෂාවකින් "දි ඒන්ජල්ස්" යන අදහසයි.
      මා හිතන හැටියට "ඒන්ජල්ස්" කියන වචනය සිංහලයට "සුරංගනාවන්" ලෙස ස්ත්‍රී ලිංගිකව පරිවර්ථනය කිරීම දෝශ සහිත පරිවර්ථනයක්.

      Delete
    5. ලොස් ඇන්ජලීස් කියන්නේ ස්පාඤ්ඤ බව ගැන සැකයක් නෑ. පුදුමයකට නමුත් මා ඒ ගැන අසා තිබුනේ කැලිෆෝනියාවේ නගරයක් ලෙස පමණයි. කැලිෆෝනියාව කලින් මෙක්සිකෝවේ කොටසක්. ඇමරිකාව එහි ඇති වටිනා ඛනිජ පිළිබඳව දැනගෙන එය ඈඳා ගත්තා. අද ඇමරිකාවේ හිස්පැනික් ලෙස හඳුන්වන ජන කොටස මෙක්සිකානු සම්භවයක් ඇති පිරිසක්. ඔවුන් කතා කරන්නේ ස්පාඥ බස.

      Delete
    6. බ්‍රහ්ම ලෝක හැරුණු කළ ඉතිරි තල සියල්ලේම සත්ත්වයින්ට (ලිංගේන්ද්‍රිය කෙසේ වෙතත්) ලිංග භේදයක් පවතින බවත් ස්ත්‍රී-පුරුෂ සඤ්ඤා පවතින බවත්ය. - කණිෂ්ක

      කණිෂ්ක ඔබගේ පැහැදිලි කිරීම අගෙයි.

      එහෙත් ඔබගේ ඉහත ප්‍රකාෂ පරිදි නිරයේ නිරි සතුන් හට ස්ත්‍රී පුරුෂ සංඥා ඇතැයි අප සිතිය යුතුද? එයට හේතු කවරේද?

      Delete
    7. අග්ගඤ්ඤ සුත්‍රයට අනුව ස්ත්‍රී, පුරුෂ ලක්ෂණ මනුෂ්‍ය ලෝකයේ පහල වෙන්නෙත් ආරම්බයේදීම නොවෙයි නේද?

      ´´කුඩු රහිතවූ දහයියා, (පොතු) රහිතවූ සුවඳ ඇත්තාවූ සහල්ම ඵල කොට ඇත්තාවූ හැළ් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත්ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද බෙහෝසෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

      Delete
    8. හික්...
      වැඩේ නැගල යන්න වගෙයි හදන්නේ.
      ජගතෝ මෙහෙ වරෝ...
      මොනවා හරි කියාපියෝ ...

      Delete
  5. මෙන්න මම යෙහෝවා ගැන ලියපු අදහසක්
    http://nidahass.blogspot.com/2014/08/blog-post_92.html#comment-form

    ReplyDelete
    Replies
    1. ජගත්
      ඔබගේ අදහසත් ඊට මූලික වූ ලිපියත් කියෙව්වා.
      ඔබත් අගේ ඇති අදහස් දරන්නෙක්, කියවන උන් විපරීත කිරීමට හැකි අදහස් දරන්නේක්.
      මම නම් ඔබේ අදහස් වලට කැමතියි.
      හැබැයි ඔබ කියා ඇති එක දෙයක් නම් වැරදියි කියලයි මට හිතෙන්නේ.
      ඒ තමයි බුදු දහමේ කියන අනාත්ම සංකල්පය යනු පරමාත්මයක් නැති කම නම් නොවෙයි.
      එය ඊට වඩා එහාට ගිය සංකල්පයක් ඒ වගේම ඒ තුලින් පරමාත්මයක් තිබිය නොහැකි බවනම් ඔබට වටහා ගත හැකිවෙනවා.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !