Tuesday, April 22, 2014

හඳුනා ගත්තොත් ඔබ මා



දෙතිස් කතා කියවන සියලු සහෘදයන්ට අලුත් අවුරුද්දේ අලුත් ආරංචියක් කියන්නයි මේ සූදානම. මේ ගෙවෙන්නේ දෙතිස් කතා අඩවියේ දෙවෙනි වසර. මෙතෙක් දෙතිස් කතා හි පල කෙරී ඇති සියලු ලිපි රචකයන් තිදෙනෙකුගේ.

ඒ තිදෙනා අතරට තවත් අලුත් රචකයක් එක් වන පුවත තමයි මේ අලුත් අවුරුද්දේ දෙතිස් කතා ඔබ හා බෙදා හදා ගන්නා නවතම ආරංචිය.

මේ අලුත් රචකයා දෙතිස් කතා කියවන සහෘදයන්ට නම් අලුත් කෙනෙක් නෙවෙයි. පසුගිය වසරක පමණ කාලයක පටන් අප හා එක්ව අදහස් බෙදා හදා ගත් දෙතිස් කතා ආදරයෙන් වැළඳගත් අප හා සංවාදයේ යෙදුණු ඒ වගේම තමන්ගේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යමින් තමන්ගේ වටිනා අදහස් ලෝකයා වෙත බෙදා දුන්, ඒ නිසාම දෙතිස් කතා නොකියවන පාඨකයින් අතර පවා දන්නා හඳුනන කෙනෙක් තමයි ඔහු.

එතුමා තමන්ගේ බ්ලොග් අඩවියේ දී තමන්වම හඳුන්වා ගන්නේ මේ විදියටයි.
අවිද්‍යාවක්ම වූ මාගේ, අවිද්‍යාවක්ම වූ දැනුමේ සැටියට මෙහි දිගහැරෙන කිසිවකින් කිසිවෙකුටවත් අපහාසයක්, උපහාසයක් හෝ සිත් තැවුලක් නොවේවා!!. දහම් කරුණු පිළිබද සදහනකින් ත්‍රිවිධ රත්නය උදෙසා යම්සේ වරදක් සිදුවී ඇත්නම් මට සමාවන සේක්වා!! මා නොදන්නා බැවින් ඔබගේ උපදෙස් හා මගපෙන්වීම් ඇත්නම් බොහෝ සේ අගයමි.
තමන් නොදන්නේ යැයි තමන් විසින්ම ඉතාම නිහතමානිව තමාව හඳුන්වා ගනිමින් වසරක පමණ කාලයක් අප හා භජනය කළ මේ සහෘදයාගේ දැනුම කොපමණ ගැඹුරුදැයි අපට එබී බැලිය හැක්කේ ඔහුගේ ලිපි කියැවීමෙන් ම පමණයි. ඔහු මෙතෙක් පල කළ ලිපි කිහිපයක් පහත දැක්වේ. ඒවා කියවා බලන ලෙස දෙතිස් කතා කියවන සැමගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.

එසේනම් අලුත් අවුරුද්දක අලුත් රචකයින් විසින් සංගෘහිත අලුත් අදහස් සමග අලුත් ගමනක් යෑමට ඔබ සැමටයි මේ ආරාධනා. සහෘද සියලු දෙනාටම දෙතිස් කතා සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරයි.


12 comments:

  1. අප්පට සිරි !
    එතකොට අවිද්‍යා කඩේ වහනවද ?

    ReplyDelete
  2. කණිෂ්ක ඇතුළු දෙතිස් කතා සියළු සහෘද ඔබ සැමට සුභ සිංහල අළුත් අවුරුද්දක් වේවා!. අවිද්‍යාව දෙතිස් කතා වෙත පිළිගැනීම වෙනුවෙන් කණිෂ්ක වෙත අපගේ ගෞරවය පළමු කොටම පිරිනමමි. දැනුම නිර්මාණය, සියලු ආගම් හා ජාතින් පවා තමන්ගේ පුද්ගලික බුදලයන් ලෙස සිතමින් අයිතිකරුවන් වීමට පොරබදන සමාජයක ඔබගේ අන්‍ය මත ඉවසීම සහ අයිතිය බෙදාගැනීමට ඇති නම්‍යතාවය අගය කල යුතුමය.

    Josep වෙත.
    එතකොට අවිද්‍යා කඩේ වහනවද ?
    "අවිද්‍යා කඩේ" අරින්න කලින් මම අපේ K ගෙන් ඇහුවේ අපට ඔහු සමග අදහස් බෙදාගන්න පුලුවන්ද කියල. එයා උත්තර දෙන්න ප්‍රමාද බව දැනගෙන හිටියේ නැතිනිසයි "අවිද්‍යා කඩේ" පටන් ගත්තේ. පහුගිය මාස කිහිපය තුල සමාජය අන්‍ය මත ( නව, වෙනස් හෝ වෙනසක් සිදුවේයැයි සිතෙන මත) ඉවසීමට දක්වන ප්‍රතිරෝදය තුල බොහෝ වෙහෙසීමකට ලක්වීම නිසා යම් කලකිරීමක් ඇතිවිය. සහ වෙනත් පුද්ගලික හේතුද ( කාර්ය බහුල වීම) නිසා වෙනම blog adaviyak පවත්වාගෙන යාමට සහ එය අන්‍යන් අතරට ගෙනයාමට වෙහිසිම අසීරු කරුණක් බව පෙනුනි. අප ගරු කරන ඇතැම් පුද්ගලයින් පවා පෙරලා අපගේ අදහස් හෝ සංකල්ප කෙරෙහි දක්වන අවඤ්ඤා සහගත බවද බුක්ති විදි විටෙක K වැනි සහෘද මිතුරෙකුගේ සමගමය උවද සහනයක් බැවින් ඉඩ ලද විටෙක දෙතිස් කතා තුලින් අදහස් බෙදා ගැනීමට සිතුයෙමි.
    K ගේ මෙම ආරාදනය හොඳ හැදින්වීමක් ලෙස මමද සිතමි.
    "එසේනම් අලුත් අවුරුද්දක අලුත් අදහස් සමග අලුත් ගමනක් යෑමට ඔබ සැමටයි මේ ආරාධනා. සහෘද සියලු දෙනාටම දෙතිස් කතා සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරයි."

    ReplyDelete
    Replies
    1. සිතුවිළිApril 23, 2014 at 6:50 PM

      වෙනස් මතවාද දරන පුද්ගලයින් කෙරේ අතිවන සමාජ ආකල්පය බොහෝ සිතන්නන් මැඩ පවත්වන සුළු බව මාද අත්දැකීමෙන් දනිමි.
      ථේරවාදය ඇතුළු සියළු වාද කෙරෙහි නොඇලී සිටීමට වෙරදරන මා වරෙක මාවත් නොදන්නා ඔල්කට් වාදියෙකු වී ඔල්කට් බෞද්ධයෙකු ලෙස හංවඩු ගසන ලද්දේ ධර්ම සාකච්චා වල නියැලෙන අප බුද්ධිමත් මිතුරන් විසිනි. එහි කල කිරීමෙහි ඵලයක් නැතැයි මට වටහා දුන්නෝ ඔවුන්ය.
      ත්මන් දරන මත කෙරෙහි අන්‍යයන් දක්වන අවඥ්ඥාශීලී මත වාද මැඩ පැවැත්වීමෙහි ජෝසප් දක්වන පරිචය නම් මා ඉතා අශා කරමි. ඔහු එවන් තැන් වලදී දැඩි පෞරුෂයකින් අවඥ්ඥාවන් මැඩ පැවැත්වීමට දක්ෂයෙකි.
      මීට ටික කලකට පෙර අප හා සාකච්චාවෙහි යෙදුනු පිස්සා නමින් තමා හඳුන්වා ගත් අප නොදුටු මිතුරා මේ ගැන ඉතා රසවත් කථාවක් කීවා මතකය. ඒ ඔහු ගේ විචාර ශීලී අදහස් ඉදිරියේ සැවොම ඔහුට පිස්සෙකුයැයි කියනා නිසා ඔහු තමාගේ වෙබ් නාමය ලෙස පිස්සා යන්න යොදාගත් බවකුයි. ඔහු එය ඉතා නිර්මානාත්මක හා රසවත් ලෙස පවසා තිබින. (ජෝසප්ට මෙය මතක ඇත )
      එකිනෙකාගේ බ්ලොගයන් තුලට වැදී මෙවන් දෑ සාකච්චා කරනා අප සැවොම "පිස්සන්ය" එහෙම කිව්වොත් වැරදිද?

      Delete
    2. අවිද්‍යාව අරඹා ඇත්තේ නොවැම්බර් 27 හෝ ඊට මදක් පෙර දිනක. ඒ කාලයේ ඔබ කේ වෙත කල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමට මෙතෙක් කලක් ගත කිරීම නම් සුදුසු නැත. මේ ගැන අප්‍රමාදී විය යුතුව තිබුනා නේද? (අවිද්‍යාව ලිපිය අවධාරණය කරන්නේ අප්‍රමාදී වීම ගැනයි.කේ එය කියවා නැත.)

      Delete
    3. ඔව් සිතුවිළි, පිස්සා දෙතිස් කතා අඩවියෙත් අප හා සාකච්චා කළා. ඔහුගේ දැනුමත් විශිෂ්ඨයි. ඒ වගේම අප හා බොහෝ කලක් සාකච්චා කළ SiTH තවදුරත් නොමැති වීමත් පාඩුවක්.

      Delete
    4. Josep,
      මෙය කණිෂ්කගේම ප්‍රමාදයක් නොවේ. ඔහු දෙසැම්බර් මස 11 වන දින මාහට පිළිතුරු ඒවා තිබුනි. ඒ වන විට මා අවිද්‍යාව අරබා තිබුණි. ඉන්පසු එහි ලිපි පල නොවීමට මා මුලින් සදහන් කල අනෙක් කරුණු සහ මගේම දැනුම මටම ගැටළු සහගත වීම නිසා වැඩිපුර ගවේෂණයට යොමුවීමද හේතුවක් විය. වැඩිදුරට පසුව සාකච්චා කරමු.

      Delete
    5. හ්ම් ඒකත් එහෙමද...
      එහෙනම් දැන් තුන් දෙනාම එකතු වෙලා මට කියවන්න ලියන එකයි ඇත්තේ... හික් හික් හික් !

      Delete
  3. සිතුවිළිApril 23, 2014 at 6:30 PM

    මේ නම් අනගි උත්සහයකි.
    අවිද්‍යා ගේ ලිපි කිහිපයක් කියවීමි, ඉන් මා ඉතා ඇළුම් කල අදහසක් වූයේ සංඥා ස්කන්ධය හා දැනුම පිළිබඳව වූ සඳහනයි. මා සිතන්නේ ඔහු සිතන්නෙකු හැටියටයි.
    කොතරම් අගෙයි ද එවැන්නන් සමග සාකච්චාවකට මග විවර වීම.?

    කෙසේවෙතත් අවිද්‍යා විසින් සාකච්චාවට බඳුන් කරනා වූ පඬියන් ගැන යමක් කිව යුතුය. අප සමාජය කොතැනකදී වත් පූර්ණ ලෙස එම පඬියන් වෙන්කොට ගත හැකිදැයි මා නොදනිමි. අප සැවොම තුල අල්පමාත්‍ර වශයෙන් හෝ එම වර්ගයේ පඬියන් නැතිදැයි විමසා බැලීම නොවටීද?
    මෙවන් පඬියන් පිටුදැකීම පවා දෘශ්ටිවාදයක් කරපින්නා ගැනීමක් යැයි මට සිතේ.

    අවිද්‍යාගේ අදහස් ගැන මාගේ මත දැක්වීමක් කරනවානම් බොහෝ දේ කිව හැකිය. එහෙත් එක් ලිපියක් තුල සාකච්චා කරන කරුනු ප්‍රමාණය ඉතාමත් විශාලය.
    එහෙත් එම ලිපිවල සාකච්චා කරන ඇතැම් එක් කරුනක් මාසගනනක් සාකච්චාවකට තරම් සුදුසු කරුනුයැයි සිතේ.

    අපි බලමු මේ ඔස්සේ සාකච්චාවක් කිරීමට අපට ඉඩක් ලැබේවිද කියා.

    ReplyDelete
    Replies
    1. අවිද්‍යා ගේ ලිපි මමත් කියෙව්වා. කණියා ගේ සමහර ලිපි වගේම එයාගෙත් වැරැද්ද තමා ලිපි දිග වැඩි වීම. මේ අය ලිපි ලියනවනම් කරන්න ඕනේ වැඩක් තමයි එක ලිපියක දිග සිමා කිරීම. දිග වැඩි ඒවා කියවන්න කම්මැලියි. විශේෂයෙන් අපි වගේ නොවන, සිරිතක් විදියට නොඑන අයට මේ දිග හෑලි කියවන එක කම්මැලි වැඩක්. මොකද ඒ ගැන කියන්නේ ?

      Delete
    2. සිතුවිළිApril 26, 2014 at 4:49 PM

      ඔව් ඒක හරි ලිපිදිග වැඩියි වගේම අසීමිත කරුනු ප්‍රමානයක් ඉතා සැකෙවින් හා හදිසියෙන් සාකච්චා කිරීම. ඒක නිසා ලිපිවල ඇටි සැබෑ හරවත් කරුණු මග හැරී යනවා.
      මට හිතෙනවා මේක අපේ ලංකාවේ උසස් අධ්‍යාන්පන ක්‍රමය විසින් මිනිසුන් හුරුකරවන ක්‍රමයක්ද කියලා.
      මේක බොහෝම දෝශ සහිත ක්‍රමයක්. ඒක නිසා සැබැවින්ම කියවන්නාගේ අවධානයට පාත්‍ර විය යුතු හරවත් කරුනු යට ගොස් අනවශ්‍ය ආරුලු බූරුලු සාකච්චා වෙනවා.
      මේ මට හිතෙන හැටි
      කණිෂ්කයි අවිද්‍යායි මට විරුද්ධව යුධ ප්‍රකාශ කරනවානම් කල් ඇතිව කියන්න. මට කලින්ම සාමය ප්‍රකාශ කිරීමකට ඉඩ තියලා.

      Delete
  4. සිතුවිළි ඔබට හැකිනම් ආතර මාමාට දන්වන්න මගේ ප්‍රතිචාර LcN වල දැන් පල නොවන බව. ඔහුට ප්‍රතිචාර දැක්වීමට කොතෙක් උත්සාහ කළත් ඒ සියල්ල කපා දැමීමට ලක් වේ. අවසන් වරට "කණගාටුයි" කියා අද දැමූ ප්‍රතිචාරයත් මුන් දැම්මේ නැත (අදටත් 10-15 වාරයක් ප්‍රතිචාර දැම්මත් වෙන නමකින් දැමූ ඒවා පල පමණක් වේ). අවුරුදු ගානක් කැප වීමෙන් හදා ගත් නම නැතුව එහි නැවත ප්‍රතිචාර දමන්නේද යන්න සිතමින් සිටිමි.

    k, මේ ප්‍රතිචාරය තැනට නොගැලපෙන බව දනිමි. දින කිහිපයක් තබා මකා දමන්න.

    ReplyDelete
    Replies
    1. සිතුවිළිApril 28, 2014 at 6:25 PM

      මීට ටික කලකට පෙර මාද මේ අත්දැකීමට මුහුණ දුන්නා. ඒත් හේතුවක් නොදනිමි.
      ඔබ වෙනුවෙන් මා ආතරට එය දන්වන්නම්.
      වෙනත් නමකින් එහි පැමිනීම සුදුසුයැයි මාද නොසිතමි.
      මදක් ඉවසා බලමු, ඔවුන්ගේ වෙබ් අඩවියේ අරමුණු අපගේ අරමුනු හා නොගැලපෙන බව ඔබ හොඳින්ම වටහාගෙන සිටිනා බව මා දනිමි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !