Friday, January 4, 2013

ලම්බෝර්ජිනී සහ රේල්ලුව


පුතණ්ඩියගෙ හිතේනම් රට යන්න කිසි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මේ යන විදියටත් මුගේ දාංගලේ හැටියටත් කොහෙන් ගිහිං කොහේ නතර වෙයිද කියන්න බැරි නිසා අපුච්චා පුතණ්ඩියව රට පැටෙව්වේ වැඩිදුර ඉගෙන ගන්න යන බවට රට්ටුන්ට බොරු කියලා.

සතියකින් මෙන්න එනවා රට ලියුමක්. ලියුමක් කිව්වට email එකක්. අපුච්චා ඕව කියවන්න දන්න එකක්යැ. ඒවාට තමා ලේකම්ලා ඉන්නේ.

ආදර පියේ,
ලන්ඩන් නම් පට්ට ආතල්, ලංකාව වගේ පීචං නෑ, සිරා බඩු. දවසක් දෙකක් ගියා මට වැඩ ටික අල්ලා ගන්න, දැන්නම් ඔක්කොම හොයා ගත්තා. මම මෙහෙට කැමතියි, මං ගැන බය වෙන්න එපා.
පූංචි අවුලකට තියෙන්නේ මම විතරක් ලම්බෝර්ජිනි එකේ එනනකොට, අනිත් උන් ඔක්කොම එන්නේ රේල්ලුවේ. මට නිකං අවුල් වගේ. වෙනනම් කිසි ප්‍රශ්නයක් නෑ.

මීට,
සුදු පුතා.
අපුච්චා පොළොවේ අඩි හැප්පුවා... එහෙම ලජ්ජා වෙන්න දෙන්න පුළුවන්ද මගේ කොල්ලට, එයා තමන්ටම මුණු මුණු ගා ගත්තා.

"ලියපන් මෙහෙම!"

ගෝරනාඩුව අහපු ලේකමා ගැහි ගැහි ලියන්න ගත්තා.
ආදර සුදු පුතා වෙත ලියා දන්වන වගනම්,

උඹේ ලියමන අම්මයි මායි කියවා බොහෝ දුක් උනෙමු. අපේ පරම්පරාවේ එකෙක්වත් කිසි දේකට ඔහොම ලැජ්ජා වී නැත.
මම උඹේ නමට ලස්ස දෙසීයක් ඩොලර් වලින් දාන්නම් හෙටම, මොකෝ අපේ සල්ලියැ. උඹ වහාම ගිහිං ගනං වැඩිම තැනින් ගනිං රේල්ලුවක්, උඹේ නමටම, අපේ මූනේ දැලි නොගා.

උඹට රත්නත්තරේ සරණයි, කාලි දේව මෑණියන්නේම පිහිටයි.

මේ වගත් එසේම,
උඹේ ඩැඩී - හැඩි දැඩී
එහෙම ලියපු ලේකමා ඒ ලියමන තැපැල් කළා, ඒ කියන්නේ email එක send කළා.

8 comments:

  1. හිඃ හිඃ හී !
    බඩ අල්ලන් හිනා උනා... නියමයි.
    හැබැයි කොල්ලෝ අන්තිම චුට්ටක් අඩුයි නේද කතාවේ??? ඒ චුට්ටත් තිබුනනම් එළම එළ කිරි.

    ReplyDelete
    Replies
    1. ම්හ්... මොනවද අඩු? මම දන්න කතාවේ තියෙන්නේ මේ ටික තමයි.

      Delete
    2. හරි හරි... ඔය කතාවේ චරිත වල නම්-ගම් නෑනේ... කතාව කොච්චර තාත්විකද කියනවානම් මම හිතෙන්ම චරිත වලට නම් දාගෙනයි කියෙව්වේ. මම අඩුයි කිව්වේ, "නම් ගම් මනඃකල්පිතයි" කියන කෑල්ල. ඒත් ඉතිං නම්-ගම් නැති කතාවකට එහෙම ලියන්න බෑනේ.

      සිතුවිළි, ඒ පරණ කථාව කියවීමටත් අපි කැමතියි.

      Delete
    3. සිතුවිළිJanuary 7, 2013 at 8:30 PM

      This comment has been removed by a blog administrator.

      Delete
  2. සිතුවිළිJanuary 4, 2013 at 11:04 PM

    පරන කථාවකට අලුත් චරිත අදේශ කරලා!!!

    කථාවනම් පංකාදු පහට ගැලපෙනවා.

    ReplyDelete
  3. අපේ සල්ලිත් ඔය වගේ තමයි රෝල් වෙලා යන්නේ. ඒ ගැන දුකක් දැනුනේ නැද්ද කාටවත් ?

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් ... කාටවත් ඇහෙයි !

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !