කුලාවක ජාතකයේ දැක්වෙන මඝ මානවක කතාව පසුගිය ලිපියෙන් කියැවීමු. බෝසත් මඝ මානවකයා ඔහුගේ භාර්‍යාවන් සිව්දෙනා සහ ඔහුගේ පිරිවර දෙතිස් දෙනා දිවා රෑ පින් වැඩෙන මහා පිංකම් කොට තව්තිසා දෙව්ලොව මහේසාක්‍ය දිව්‍ය රාජයන්ව උපන් අයුරු ඒ කතාවෙන් පැහැදිලි කෙරේ.
තව්තිසා දෙව් ලොව උපන් ඒ උතුමා සුරා පානයට ලොල් වූ දේවතාවන් පිරිසක් තම පිරිවර සහය කොටගෙන තව්තිසාවෙන් පළවා හැරි ආකාරයත්, ඒ දෙව් ලොවින් පහළට ඇද වැටුණු දෙවියන් 'අසුරයින්' බවට පත් වුණු ආකාරයත්, අනතුරුව ඇති වූ සුරාසුර යුද්ධය පිළිබඳවත් ඒ කතාවේ ඊළඟ කොටසින් කියැවේ. එය මෙතැනින් කියැවිය හැක. මෙකී සුරාසුර යුද්ධයයි ධජග්ග සූත්‍රයට පසුබිම් වන්නේ.
සක් දෙවිඳු ඇතුළු ප්‍රධානම දෙවියෝ
ධජග්ග සූත්‍රයේ මෙසේ එයි.මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට (මෙසේ) කථාකර කීවේය: ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේ මේ කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.ශක්‍ර දේවේන්ද්‍ර යනු පදවි නාමයකි. බෝසතුන් වහන්සේ ආයු ගෙවී ඒ ශක්‍ර දේවාත්මභාවයෙන් චුත වුවත්, ශක්‍ර දේව පදවිය අහෝසි වී යන්නේ නොවේ. අනෙක් දේව පදවි ද එසේමය. අප මහා බෝසතුන් බුදු බව ලැබ පූර්වාරාමයේ වෙසෙන සමයේ එක්තරා අවස්ථාවක ශක්‍ර දිව්‍ය රාජයා ස්වකිය සේනාව පිරිවරා මහත් ඓශ්චර්යයෙන් උයන් කෙළියට යන්නෝ සිතට නැගුනු එක්තරා පැනයක් විසඳා ගනු පිණිස තමන් සිටි යානින් නික්ම දික් කළ අතක් වක් නොකරන ඉක්මනින් පූර්වාරාමය කරා පැමිණි බවත්, උන් පැන විසඳීම අවසන දුන් සාදුකාර හඬ ඇසූ මහා මුගලන් තෙරුන් තව්තිසා දෙව්ලෝ වැඩ ප්‍රාතිහාර්ය දක්වා සක් දෙවිඳුන් ලොමු දැහැගන්වා ඒ පැන විසඳීම ඔහුගෙන්ම අසා ගත් බවත් අමාවතුරේ පෙනෙයි. පහත විස්තරය උපුටා ගැනෙන්නේ පූජාවලියෙනි. අවස්තාව සක් දෙව්රජු දෙදෙව් ලෝ වැසි දෙවියන් පිරිවරා උයන් කෙළියට යන අවස්ථාවයි.
ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.
මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ වෙෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. (හෙතෙම) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක (එහෙයිනි)෴
ඓරාවණ හස්තිරාජ වර්ණනාව
...නොයෙක් දිව්‍ය නළුවන් පිරිවරා ඒ සක් දෙවු රජ උයන්කෙළියට යනුයේ ඇතැම් කලෙක විශ්මකර්මයා මැවූ නාරිවාහන නම් සතරුවන්මය වූ විසිතුරු මණ්ඩපයෙකින් යෙයි. ඇතැම් කලෙක දහස් පමණ දිව්‍ය වූ ශ්වේත සෛන්ධවයන් යෙදූ පඤ්චවර්ණ ධ්වජමාලාවෙන් හොබනා වූ සත්රුවන්මය වූ යෙළ සියයක් යොදුන් විජයත් නම් දිව්‍යරථයෙන් යෙයි. සමහර කලෙක ඓරාවණ නම් හස්තිරාජයා පිටට පැන නැගී මහත් වූ ඓශ්චර්යයෙන් යෙයි. ඒ කෙසේ වූ ඇතෙක් ද යත්,දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් එක් දිව්‍යපුත්‍රයෙක් ඓරාවණ නම් ඇත් වෙසක් මවාගන්ති. ඔහුගේ දිග යෙළ සියයක් යොදුන, උස අනූ යොදුන, බොල පනස් යොදුන, කුඹු තෙතිසක් ඇත, එකෙකි කුඹේහි පනස් යොදුන් පමණ දිග ඇති සත්දළ ය, එකී එකී දළෙහි සත් සත් පොකුණු ය, එකී එකී පොකුණෙහි සත් සත් පියුම් ගස, එකෙකි ගසෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමත් සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි තුන්ගව් උස දිව්‍යාංගනාවෝ සත් සත්දෙන නටන්නාහුය. එකෙකි දිව්‍යාංගනාව පිරිවරා සත් සත් දිව්‍යාංගනාවෝ සිටිනාහු ය. මෙසේ එක හස්තිරාජයාගේ ම කුඹු තෙතිසක, දළ දෙසියඑක්තිසෙක, පොකුණු එක්දහස්සසිය දසසතෙක, පියුම් ගස් එකොලොස්දහස් තුන්සියදසනවයෙක, පියුම් සැත්තෑනවදහස් දෙසිය තෙතිසෙක, පෙති පස්ලක්‍ෂ සිවුපනස්දහස් සසිය එක් තිසෙක, නාටකස්ත්‍රීන් අටතිස් ලක්‍ෂ දෙයාසූදහස් සාරසිය දසසත්දෙනෙක, පරිවාර ස්ත්‍රීන් දෙකෙළඑක්සැත්තෑලක්‍ෂ සැත්තෑදහස් නවසියදසනවදෙනෙක, මෙසේ අලංකෘත වූ ඒ හස්තිරාජයා පිට සක්දෙව්රජහට දිග පනස් යොදුන්, උස පසළොස් යොදුන්, සත්රුවන් මණ්ඩපයක් හෝ මැවී යෙයි. නොහොත් මධ්‍යයෙහි සුදර්ශන නම් මහකුඹ පිට දොළොස් යොදුන් රුවන් මඬුවෙක් හෝ මැවී යෙයි.
ඒ මඬුවෙහි සුවාසූදහසක් පමණ පා පෙළ වෙයි. එකෙකි පාය වැළඳ සිටිනා වූ සත් සත් රන්ලිය වෙයි. එකෙකි ලියෙහි සත් සත් මල්කැන් වෙයි, ඒ අතරතුරෙහි සත්රුවන්මය වූ ධ්වජපෙළ වෙයි, තැන තැන එලෙන මිණිකිකිණි දැල් වෙයි, ඒ දැල් මන්දමාරුතයෙන් පහළ කළ පඤ්චාඞගික තූර්යනාද සේ මධුර නාද ඇසෙයි. ඒ මඩුව වටා මණිමය වූ පදනම් වෙයි. ඒ පදනමින් පිටත අටවිසි යක්‍ෂසේනාධිපතිවරු ආයුධ ගෙණ සිටිති. ඒ පදනමින් ඇතුළ සක්දෙව් රජහට වල්ලභ වූ මහේසාක්‍ය දිව්‍යරාජයෝ සිටිති. තෙතිස්‌කුඹෙහි මැවූ රුවන් මඩුවල තෙතිස් දිව්‍යපුත්‍රයෝ සහපිරිවරින් සිටිති. ඒ රුවන් මඩු වල මැද යොදනක් උස් මිණි පළඟ මතුවෙහි තුන් යොදුන් උස සේසත් යට සක්දෙව් රජ සැට ගැලක් පුරාලන ආභරණ හා යෙලයාලක් සුවඳ විලවුන් ගල්වා, ගවු උස මිණිඔටුනු පැළඳ මහත් වූ දිව්‍යරාජශ්‍රින්සොභාමාන ව හිඳ ගන්ති.
චතුශ්කෝටිකය කී විට කෝටිකය යනු කොනයි අන්තයයි!
ReplyDeleteඔබගේ අදහස් අවධි කිරීම අනුව තිස් තුන් කෝටියක් දෙවියන් යනු තිස් තුන් කොන රකිනා දෙවියන්ද?
දෙවියන් ගැන කාලෙකින් කියවූ අපූරු ලිපියක්. කවදත් වගේ කණිෂ්කගේ ලිපියක් කියවීමෙන් සතුටට පත් උනා.
කථා කල හැකි දේනම් බොහෝමයි ඒ පසුවට තබමු.
සිතුවිළි,
Deleteතිස් තුන් කොනක් ගැන අසා නැත. එහෙත්, උතුර-නැගෙනහිර-දකුණ-බස්නාහිර ප්‍රධාන දිශා වෙයි. ඊසාන-ගිනිකොණ-නිරිත හා වයඹ අනුදිශා වෙයි. උතුරත් ඊසානත් අතරින් ආදී වශයෙන් තවත් අනු-අනු දිශා හඳුනා ගත්තොත් දිශා ගණන 16 බවටත්, එයම නැවත කිරීමෙන් දිශා ගණන 32 බවටත් පත් කර ගත හැකි බව පැහැදිලිය.
එසේම, ඉහත පෙන්වා දුන් දෙවිවරු පිරිවර කෝටියක් සහිත බව කෙනෙක් පෙන්වා දුන්නොත් තිස්තුන් කෝටිය සංඛ්‍යාත්මක අගයක් බවට පිළිගැනීමේ නොහැකියාවක් නැත. එහෙත් කෝටිය යනු සංඛ්‍යාර්ථයේ යෙදුන බවට දැනට සාධක නැත.
ඉහත ඓරාවණ විස්තරයේ දැක්වෙන පරිදි ඔහුගේ කුඹ තිස් තුන පෙති තිස් දෙකක පද්මයක් වැනි ව්‍යුහයක් දරයි. මධ්‍යයේ මහකුඹය මත ශක්‍ර දේවේන්ද්‍රයා සිටින අතර දෙතිස් මහාදෙවි වරු පෙති වල සිටී. ඒ පෙති ආකාර ව්‍යුහය එකම පරිධියේ පවතින්නේද (සර්වසම) නොහොත් පරිධියන් කිහිපයක පවතින්නේද (බල ශේණි කිහිපයක) යන ප්‍රශ්නයට දැනට පිළිතුරක් නැත.
කොන යනු දිශා යැයි ගත් කළ කොන් රැකීම ගැනනම් පිළිතුරක් දිය හැක. සතර දිශාව රකින්නෝ සතරවරම් දෙවි වරුය. උහු සිටින්නේ තව්තිසා දෙව් ලොවට පහල ඇති චාතුර්මහාරාජිකය නම් දෙව් ලොවේය. තිස්තුන්කෝටියක් දෙවියන් තව්තිසා දෙව්ලෝ වසන ඉතාම මහේශාක්‍ය දෙවිවරු වන බැවින් මුර වැඩක් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.
මට සන්තෝසේ බෑ.
ReplyDelete32 බෝල්ඩ් කරගෙන, මඝ මානවකයගේ පිරිවර ගැන කියනකොටම මට හිතුණා මේ තමයි 33 කෝටිය කියලා (කරන්ට් එකක් වැදුණා වගේ !). ඇත්තටම 33 ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. ප්‍රශ්නය තිබුණේ කෝටිය ගැනයි. දැන් සිතුවිළි කියන විදියට කෝටිය කියන්නේ ලක්‍ෂ සීය නෙමෙයිනම් (k නොකියා කියන්නේ ඒකම තමයි) තිස්තුන් කෝටියක් දෙවිවරු මීට පස්සේ කිසි කෙනෙකුට ගැටළුවක් වෙන්න බෑ.
ඒ වගේම k, LcN එකේදී jasy ට දුන් පිළිතුර "තිස් තුන් කෝටියක් දෙවි වරු ඉන්නවා මල්ලි… තව්තිසා දිව්‍යලෝකේ ඉන්නේ, ඇයි ෂැකද", ඒ පිළිතුර සාධනය කරනවා මෙතැනදී. jasy ඇසූ ප්‍රශ්නය "බිස්නස්. මෙ විකාර තිස්තුන් කෝටියක් දෙවිවරු කොහෙද කොල්ලෝ ඉන්නේ ඔය අතරින් විෂ්නු දෙවියොත් එක දෙවියෙක්ද. සහෝ. විෂ්නු දෙවියෙක් නම් බටකොල කනවද".
k ගේ සම්පූර්ණ පිළිතුර.
⇒ http://lankacnews.com/sinhala/main-news/102962/#comment-621008
දැන් මට එනවා ප්‍රශ්නයක්. මේ දෙන්නා මේවා ලියන්නේ කතා වෙලාද ?
කෙටි පිළිතුර.
Deletejasy හා අප අතර සම්බන්ධයක් නැත.
එහෙම කියනවනම් පිළිගන්නම්.
Deleteනෑ මම කොහොමත් හිතන්නේ නෑ මෙතන කතා වෙලා කරන දෙයක් කියලා. හැබැයි, අර යකාගේ ප්‍රශ්නේ උත්තේජනයක් නොවුණා කියන්න බෑ නේද? ඒ මිනිහා ඒ ප්‍රශ්නේ නොඇහුවානම් මෙයා තවමත් කල්පනා කරනවා. ඒ නිසා ජසයට මේ ලිපිය ගැන ස්තුතියක් ලබන්න අයිතියක් තියෙනවා.
Pardon for not writing in Singhala. Do or don't we need a place for the worship of තිස් තුන් කෝටියක් දෙවි වරු?
ReplyDeleteමිතුර කිර්ති, සිංහලෙන් නො-ලිවිම සමාව ඉල්ලීමට හේතුවක් නොවේ. ඔබ ගූගල් පහසුකම භාවිතා කරන්නේ නම් ඉංගිරිසි අකුරෙන් සිංහල ලිවීමට දැන් හැකියාව පවතී.
Deleteවැඳීම ගැන නම් කිව යුත්තේ ඒ එක එක පුද්ගලයා විසින් (පෞද්ගලිකව) සලසා ගත යුතු දෙයක් බවයි. මේ ගැන මීළඟ ලිපියකින් ලිවීමට අදහසක් වෙයි.
අපි වඳින්න ඕනේ නෑ දෙවියන්ට !
Deleteමමනම් හැමදාම කියන්නේ, දෙවියෝ ඕනෙනම් එන්න ඕනේ අපි ළඟට. අපිට එයාල ලඟට යන්න බෑනේ.
තිස් තුන් කෝටියක් දෙවිවරුන් හට අප "වර්ශිප්" කල යුතුද?
ReplyDeleteහරිම අපූරු පැනයක් මේ ඉදිරිපත්ව ඇත්තේ.
කණිශ්ක සොයුරාගේ පිළිතුර දැක ගැන්මට මාත් ආසාකරමි.
ඒ අතර "හොට දමා" මාගේ අදහසක් කීමටද රුචි වෙමි.
මා දක්නා හැටියට ධජග්ග සූත්‍රය (කොඩියෙහි කෙළවර ගැන කියනා සුතුර ) තුලින් බුදු හිමියන් දෙවියන් ගැන කථා නොකරයි. එහිදී උන් වහන්සේ දෙවියන් පිළිබඳ යම් දැනුමක් යොදා ගනිමින්, සුර අසුර යුද්ධය ගැන පැවති දැනුමක් උදාහරණයකට ගෙන මිනිසුන්හට පහදන්නේ දෙවියන් යනුත් කෙලෙස් භරිත සත්ත්ව කොට්ඨාශයක් බවත්, උන් නැමැදීමෙන් හෝ යැදීමෙන් ලද හැක්කක් නොමැති බවත් ය.
ඉතින් මෙතුලින් හඳුනාගන්නා දෙවියන් යැදීම හෝ නැමදීම පිනිස තෝරා ගැනීම පැහැදිලිවම ප්‍රකට උපමාවක් වන හඳ පෙන්වූවිට ඇඟිල්ලේ ඇදය ගැන කථා කරනවා වැනි නොවේද?
පසුගිය මස LCN හි පොගොය ලිපිය මගින් සසිත් රාජසූරිය සාකච්චා කළ මහ සමය සූත්‍රයද මෙවැනිම පොට පටලවාගත් ලිපියක් ලෙසයි මා දුටුවේ.
http://lankacnews.com/sinhala/main-news/101330/
එම සුතුරෙහි බුදු හිමියන් විවිධ ඛාන්ඩ වලට අයත් දෙවියන් ගැන පවසා, එහි රැස්ව හුන් භික්ෂූන් ඩෙවියන් තමනට ගෝචර නොවනා බව දැන්වූවිට, දෙවියන් දැකීමට වෙරවඩා නිර්වාණ අවබෝධය ඇතිකරගන්නා හැටි දෙසා වදාල බවක් කියැවේ. බුදු හිමියන්ගේ උප්දෙස් ගරු කල එම භික්ෂූන් වෙරවඩා අර්මුණු සාක්ශාත් කරගත් බවක්ද ඉන් කියැවේ.
එහෙත් ලිපිය තුලින් සසිත් රාජසූරියයන් සාකච්චා කරන්නේ එම සුතුරෙහි එන දෙවියන් ගැන වර්ගීකරණය සෙවීමයි.
බුදු හිමියන්ගේ සැබෑ අරමුණ වන යමෙකුට දෙවියන් ගෝචර කරගත යුතුනම් කළ යුත්තේ කුමක්ද යන මග පෙන්වීම ඔහු අතින්ද මග හැරී ගොස් තිබුනි.
මේ කනිෂ්කගේ ලිපියෙන්ද අප එවන් වූ මගක යා යුතුද නැතහොත් සුනාත ධාරේථ චරාථ ධම්මේ කියා බුදු හිමියන් පෙන්වූ මග යමුද?
මාගේ මේ මතය ගැන කණිෂ්කයන්ගේ අදහසද දැන ගැනීමට කැමැත්තෙමි.
කීර්ති සොයුරා මේ ඉදිරිපත් කරන පැනයෙහි අරුත ඇතැම් විට මා කියන අරුතින්ම නගන උපහාසයෙන් යුතු අදහසක් විය හැක. එසේ නොවීමටද හැක. කීර්ති සොයුර ඔබගේ පැනයෙහි සැබෑ අරුත ඍජුව කියන්න.
"කීර්ති සොයුරා මේ ඉදිරිපත් කරන පැනයෙහි අරුත ඇතැම් විට මා කියන අරුතින්ම නගන උපහාසයෙන් යුතු අදහසක් විය හැක. එසේ නොවීමටද හැක." - සිතුවිළි
Deleteමෙය එසේ යැයි නොසිතමි. ඔහුගේ ප්‍රශ්නය පැහැදිලිය. වැඳීම ගැන නොවේ ඔහුගේ ගැටළුව ඇත්තේ. වැඳීමට තැනක් අවශ්‍යද නැත්ද යන්නයි ඔහුගේ ප්‍රශ්නය.
(Do or don't we need a place?)
ඊට අපේ පිළිතුර වන්නේ එය පෞද්ගලික කැමැත්ත බවයි.
දැන් ඉහත පිළිතුර තවත් සංකීර්ණ ආර්ථික හා සමාජයීය මානයන් කිහිපයක් විවර කරයි. ඒ මාන ගැනයි ඊළඟ ලිපියෙන් කතා කිරීමට සැළසුම් කර තිබුණේ. එහෙත් දැන් එය ඇවැසි නැති බව පෙනෙයි. මා කෙළින්ම ප්‍රස්තුතයට එන්නම්.
තිස්තුන්කෝටියක් දෙවියන් වෙනුවෙන් දේවාලයක් සෑදීමට (අටවා ගැනීමට?) පළපුරුදු කපු මහතෙක් ඉදිරිපත් වේවා !
කණිශ්ක,
Deleteඔබගේ මීලඟ ලිපියට බාධාවක් වී ඇතැයි මා නොසිතමි.
එම ලිපිය ඔබගේ ආකර්ෂනීය හැඩගැන්වීමෙන්ම ඉදිරිපත්කරන්න.
එය රසවත් හා හරවත් දෙයක්ම වනු ඇත.
මා එම ලිපිය පල වන තුරු නිහඬව ඉන්නම්. ඉන් පසු ඔබ මාගේ පැනයන්ටද ඔබගේ දැක්ම පැහැදිලි කරදෙන්න.
ඔබ දකිනා අයුරින් මාගේ දැක්මෙහි ඇති වරද නිවරද පෙන්වන්න.
ඔබගේ සම්පූර්ණ ලිපිය එය අවසන් වන අයුරින්ම අපට ලබා දෙන්න.
මටනම් හිතෙන්නේ එයා දැනටම ඊළඟ ලිපිය ඉවර කරගෙන වගේ, සිතුවිළිගේ මුල්ම ප්‍රශ්නෙට දුන් උත්තරෙන්. සිතුවිළි මොකද හිතන්නේ ඒ ගැන?
Deleteමං හිතනවා ඔබේ පුරෝකථනය නිවැරදියි කියලා.
Deleteඅපි බලමු මොකද වෙන්නේ කියන එක.
ඔන්න මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ReplyDeleteඅපි බුදුන් වැද අවසන්ව දෙවියන්ට පිං දෙනවා නේ.එතකොට බුදුන්ට වැදපු දෝත ඉවතට ගෙන දෙවියන්ට පිං දෙනවා. හරිද?
ඒ වුනාට පුද පඩුරු අරගෙන දේවාලෙට යන්නේ පුජා වට්ටිය කරේ තියාගෙන දොහොත් මුදුන් දීගෙන ඒ ඇයි? දෙනකොට මෙහෙමයි, ඉල්ලනකොට මෙහෙමයි කියන තේරුමද? නැති නම් මේ සියල්ල බොරු මායාවන්ගෙන් පිරිලද?
අති බහුතරයක් උපාසකයන් ඉන්නා තැන එක්ක බැලුවහම බිංදු අහන ප්‍රශ්නය ඉතාම වැදගත් හා අර්තවත් ප්‍රශ්නයක්.
Deleteමේ ප්‍රශ්නයට කණිෂ්ක, ජෝසප් හෝ මා ඉන්නා තැන සිට පිළිතුරු දීම අතිශයින්ම අසාධාරණයි.
මිනිස්සු එහෙම කරන්නේ මිනිසුන්ගේ වරදකින් නෙවෙයි. ඒත් ඒ තමා කෙලෙස් මල විසින් මෙහෙයවනු ලබන සත්ත්වයින්ගේ යථා ස්වභාවය.
කණිෂ්ක සොයුරා මේ ගැන හරවත් පිළිතුරක් ලබා දෙනු ඇතැයි බලා සිටිමි
බිංදු, ඔබේ ප්‍රශ්නය 'මැනවි' කියා වර්ණනා කළ යුතුම ප්‍රශ්නයකි. ඇත්ත වශයෙන් බෞද්ධයන් පුරුදු වී සිටින්නේ 'ආකාසට්ඨාච භුම්මට්ඨා...' ආදී වශයෙන් දෙවියන්ට පින් දෙන අවස්ථාව වන විට මුදුනත් බැඳගෙන නොහොත් දොහොත් මුදුන් දීගෙන සිටි දෑත් පහළට හෙළා ඇඟිලි බැඳ ගැනීමටයි. ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේදීත් මේ පුරුද්ද එසේමයි.
Deleteඑහෙත්,
දේවාලෙට යන අය දොහොත් මුදුන් දීගෙන යන බව ඔබ කියයි. එය එසේ නොවේයැයි කිව නොහැකියි. ඔබට මා තව දෙයක් එක් කරන්නම්.
රජ කාලයේ හුදියන් රජු බැහැදැකීමට ගිය කතා ඔබ අසා ඇතැයි සිතමි. "පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස...", "බලු ගැත්තාට කරුණා කරන්ඩ ..." ආදී වශයෙන් ගැති කම් දක්වමින් අපේ මුතුන් මිත්තන් රජ දැක්මට ගියෙත් දොහොත් මුදුන් දීගෙන තමයි.
දැන් නැවත ඔබේ ප්‍රශ්නයට...
පින් දෙන විට අත් පහළට හෙළා ඇඟිලි බැඳ ගන්නා මිනිසුන් පූජා වට්ටි රැගෙන දේවාලයට යනවිට දොහොත් මුදුන් නගා ගන්නේ ඔබ කියන දෙබිඩි චරිත රඟන නිසා නොව, ඒ මිනිසුන්ගේ අසරණ කම නිසාම බව මා කීවොත්, ඔබට විරුද්ධ විය හැකිද ?
එසේ නම් ඇයි අපට බැරි දොහොත් මුදුන් දී බුදුන්ට වදිනවා නම්, දෙවියන්ටත් පිං දෙන මොහොතේ වැද නමස්කාර කරන්න, මට දෙයක් හිතුනා කිතුණු බැතිමතුන් වන්දනා කරන ආකාරයට නේද අපත් දෙවියන්ට පිං දෙන්නේ? තෙරුවන් සරණයි ! සැමටම සෙත් වේවා!
Deleteමගේනම් අදහස දෙවියන් අපට නමස්කාර කළ යුතු බවයි.
Deleteහැබැයි මෙහෙම දෙයක් තියෙනවා...
මිනිස්සු ඇමතිලා මන්ත්‍රීලා මුණ ගැහෙන්න යනවනේ, නැමීගෙන වැඳගෙන. ඒ යන්නේ ඇත්තම ගෞරවේටද නැතිනම් තමුන්ගේ වැඩේ කර ගන්නද?
ඉතිං, දෙකට නැවීගෙන ඇමතිට වඳින උන් බඩගාගෙන දෙවියන් වැන්දත් මොකෝ?
මට නම් එකම දෙයයි වැටහෙන්නේ, වාසි තියනේ කොයි පැත්තෙන්ද ඒ පැත්තට හෝයියා.
Deleteතවත් දෙයක් සිංහල අවුරුදු කාලෙට , බුලත් අතක් දී සැමට සුභ පතන අතරට තෑගි බෝග මිල මුදල්ද හුවමාරුවෙනවා. මෙය දකින පොඩි ළමයින් මොකද කරන්නේ, දෙන කෙනාට වාර කීපයක් වදින්න සැදී පැහැදී ඉන්නවා. කිසිවක් දෙන්න නැති කෙනෙකුට වදින්න පසුබට වෙනවා දැක තිබේද?
මෙන්න අහනවනම් ප්‍රශ්න. බිංදු හොඳ දියුණුවක් පෙන්වනවා මේ අවුරුද්දට. හැබැයි මම ඔය ප්‍රශ්නයටනම් උත්තර දෙන්න යන්නේ නෑ. කමක් නෑ නේද?
Deleteසසිත් රාජසූරිය “භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ වෙමි, සුගතයන් වහන්ස මම ජනවසභ වෙමි” යන මාතෘකාවෙන් පසුගිය පෝ දා පල කළ ලිපියේ පහත කොටසට අවධානය යොමු කරන්න කැමතියි.
ReplyDelete"තව්තිසා වැසි දෙවියෝ යම් කරුණක් අරභයා රැස් වූයේද, ඒ කරුණ සාකච්ඡා කොට, සතර වරම් රජ දරුවෝ තව්තිසාව පාලනය කරන “තිස්තුනක්” වූ දෙව් රජුන් විසින් දෙනු ලබන උපදෙස් අනුශාසනා අසමින් නැවත නැවත කතිකා කරමින් සිටියාහු වෙති. තෙතිස් දෙව් පුත් රජුන් විසින් දෙනු ලබන අනුශාසනාවෙන් සතුටුව සිය අසුන්හිම සිටියාහු වෙති."
දැන හෝ නොදැන සසිත් රාජසූරිය තිස්තුන් කෝටියක් දෙවියන් ගැන ඉඟියක් දෙනවා. හැබැයි ඒක තේරුන කෙනෙක් නම් එතන හිටියා වෙන්න බෑ. එහෙම හිටියනම් ජසයාට ඒ උත්තරේ පෙන්වල දෙන්න තිබුණා. කිසි කෙනෙක් එහෙම කළේ නෑනේ.