Thursday, December 31, 2015
2016 දින දසුන
Sunday, December 27, 2015
ජුන්ටාධිපතිගේ ව්‍යවස්ථා තැනීම
දෙතිස් කතාව පසුගිය වසර පුරා පුන පුනා ප්‍රකාශ කළ කරුණක් නම් ජනවාරි 9 දින ප්‍රකාශ කළ මැ.කො. ගේ ඡන්ද ප්‍රතිඵලයේ සැබෑ ප්‍රතිඵලය වශයෙන් සිංහලයින්ට -විශේෂයෙන් සිංහල බෞද්ධයින්ට - තමන්ගේ රටේ උරුමය අහිමි වන බවයි. උපන් ගෙයි තක්කඩියෙක් සහ බෞද්ධ විරෝධියෙක් වන රනිල් වික්‍රමසිංහ පියවරින් පියවර මේ ඉලක්කය වෙත ලඟා වන බව අප කළින්ම දුටුවෙමු; එය සටහන් කර තැබුවෙමු.
ජනවාරි 9 දා තකහනියේ හොර අගමැති කෙනෙක් පත් කරන විට අප විරුද්ධ වීමු. කැබිනට් චිට් එකෙන් අගවිනිසුරු ඉවත් කර අධිකරණය විහිළුවක් බවට පත් කරන විට ඊට එරෙහිව හඬ නැගුවෙමු. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහදවාලේ 'හයිජැක්' කර ඒ පක්‍ෂයේ 'දූෂිත' මන්ත්‍රීවරුන්ගේ සහයෙන් කැබිනට් එකක් සාදන විට එයටත් එරෙහි වීමු. නිදහස් පක්‍ෂය සිරිසේනට පාවා දීමේ වරද මහින්ද රාජපක්‍ෂගේ බව අප තවමත් අදහමු.
එසේම කුප්‍රකට 19 වන සංශෝධනය ගෙන එන විට හැකි සියළු වෙර යොදා එය පැරදවිය යුතු බව සටහන් කළෙමු. ගෙන ඒමට තැත් කළ 20 වන සංශෝධනයට එරෙහි වීමු. මහමැතිවරණයෙන් පසු හොරට සාදා ගත් ඊනියා ජාතික ආණ්ඩුවට එරෙහි වීමු. (මෙය තමන් විසින්ම පම්පෝරි ගසා අටවා ගත් 19 වන සංශෝධනයට පවා විරුද්ධ බව රනිල්ගේ ජුන්ටාව නොදන්නේ නොවේ.) තමාට මේ සම්මජ්ජාතියේ ලැබිය නොහැකි ජනාධිපති පුටුවට පාර පෙන්වීම වෙනුවෙන් දෙමළ බෙදුම්වාදයට දෙන කප්පම වශයෙන් විරුද්ධපක්‍ෂ නායක කම දෙන විට ප්‍රතිවිපාක පිළිබඳව ලිපි එකක් නොව තුනක් ම ලිවීමු.
දැන් එළඹී ඇත්තේ ඉහත සියළු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සහ සම්ප්‍රදාය විරෝධී උපක්‍රම වල කූටප්‍රාප්තියයි. ජුන්ටටාධිපති නාමධාරී රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතට පවසන්නේ තමා විසින්ම කඩිමුඩියේ 19 වැනි සංශෝධනයක් ගෙනැවිත් මන්ත්‍රීවරුන්ගේ බෙලි ඇඹරීම මගින් එය සම්මත කර ගනිමින් තමාට රිසි අයුරින් සකස් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි කර දමා එජාප ව්‍යවස්ථාව වැනි බහුබූතයක් සකසා ගැනීමට තමාගේ අභිප්‍රායක් පවතින බවයි.
මේ බහුබූත වලට ඉඩ දුන්නොත් ලංකාව තවදුරටත් මෙලෙස නොපවතිනු ඇති අතර සිංහලය එහි අවසානය දකිනු ඇත. සිංහලයා තම නිජබිමෙහිම දෙවන පංතියේ පුරවැසියෙක් බවට පත් වනු ඇත. සිංහලයන් ලෙස පෙනී සිටිමින් පරවැඩ කරන වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, ජයම්පති වික්‍රමරත්න, නිර්මාල් රංජිත් වැනි අසිංහලයින්ට පමණක් මේ රටේ තත්වයක් ලැබෙනු ඇත. අප මෙතක් කරුණු පෙන්වා දී ත් මේවා කියවන සිංහලයින්ට මේවායේ වගේ වගක් නැත්නම් මීට වඩා කරන්නට දෙයක් නැත. පෙරද සටහන් කර ඇති පරිදි පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් කරගත හැකි සුළු කරුණක් වෙනුවෙන් මහමගට බැස වෙඩි කෑමේ ආසාවක් හෝ අභිප්‍රායක් හෝ අපට නැත.
Tuesday, November 24, 2015
පොඩි එකාගේ ළියුම...!
"පොඩි එකා ලියන්නේ", "..... කියා අපේ තාත්තා කියනවාය" අදී ලෙසිනි. එහෙම බැලුවහම මේ අති දීර්ග ලියැවිල්ල පොඩි එකාගේත් පොඩි එකෙකුගේ බව සිතේ.
එහෙම නැතිව බැරිම තැන මුදල් ඇමති කම පොඩි එකෙකුටවත් (ළමේකුට !) දුන්නාදැයි සැකයක් සිතේ......
එය ඉදිරිපත් කල භාශා ශෛලියෙන් නම් මෙලෝ යකෙකුට එම අයවැය ප්‍රකාශනයේ තිබුනේ මොනවාදැයි නොවැටුහුනු බවනම් සැක නැත. එක අතකට එහෙම වීමත් හොඳ ඇති. මොකද එතකොට කාටවත් අය වැය විවේචනය කල නොහැකි නිසා. ඊට පසු පත්තර කාරයින් එකින් එක උලුප්පා දැක්වීම නිසා දැන් අපිට මේ අයවැයේ තිබුනේ මොනවාදැයි යන්තමට තේරෙන්නට පටන් ගෙන ඇත.
Labels:
කාලීන ප්රවණතා,
විචාර,
විනෝද සමයම,
සිතුවිලි
Tuesday, November 10, 2015
අඤ්ඤා කොන්ඩඤ්ඤ සහ සිද්ධාර්ථ
![]() |
| www.telegraph.co.uk |
මේ කුමරු ගිහිගෙයි සිටියොත් සක්විති රජ වෙයි පැවිදි වුවොත් බුදු වෙයිකියමින් දෑඟුල් පෑහ. සැමට බාල කොන්ඩඤ්ඤ තෙමේ
මේ කුමරු ඒකාන්තයෙන් ගිහි ගෙයි නොරඳනේ වෙයි, ගිහිගෙන් නික්මී පැවිදි වී බුදු වෙයිකියමින් එක් ඇඟිල්ලක් පෑහ.
මේ කුමරු මතු තමාටත් වැඩක් කෙරෙයි අනුනටත් වැඩක් කෙරෙයි යන අර්ථයෙන් සිද්ධාර්ථ නම් වේවායි ඒ බමුණෝ ප්‍රකාශ කළ බැවින් ගෝත්‍රයෙන් ගෞතම වූ ඒ පින්වත් කුමරුන්ට සිද්ධාර්ථ යන නාමය තබන ලදී.
පන්තිස් වසක් ඇවෑමෙන් ගයාවේ දී සම්මා සම්බුද්ධත්වය සාක්‍ෂාත් කර ගත් ඒ සිද්ධාර්ථයන් විසින් බරණැස ඉසිපතනයේ දම්සක් පැවතුම් සුතුර දේශනා කරන කල්හි පැවිදිව සිටි කොන්ඩඤ්ඤ තෙමේ පළමුව දහම් අවබෝධ කර ගත් හෙයින් හෙතෙම අඤ්ඤා කොන්ඩඤ්ඤ නම් විය.
මෙසේ කොන්ඩඤ්ඤ තමන් සිද්ධාර්ථ නම තැබීමට මුල් වූයේ යම් සේද ඒ සිද්ධාර්ථයෝ ම කොන්ඩඤ්ඤ තෙරුන්ට 'අඤ්ඤා' යන අභිදානය ලැබීමට උපස්තම්භක වූහ.
නම් තැබීම
සුදොවුන් රජු කළ අයුරින්ම නොවුණත්, නම් තැබීම සෑම තැනකම සෑම කල්හිම විශේෂ වැදගත් කමක් ගත් චාරිත්‍රයක් බව පසුගිය දෙතුන් වසර තුල එංගලන්ත රජ පවුලේ සිදු වූ නම් තැබීම් වලින් පෙනේ. සමහර නම් වල අනෙක් ඒවාට වඩා අමුතු බලයක් තිබේ. පසුගිය දස වසර පුරා "මහින්ද" යන නාමය නොමැතිව ලංකාවේ පොදු වැසිකිළියක්වත් විවෘත නොවූ බව සමහරු කියත්. රුහුණු මාගම්පුර මහින්ද රාජපක්‍ෂ තටාකාංගනය, මත්තල මහින්ද රාජපක්‍ෂ වී ගබඩා සංකීර්ණය (මෙය මුළින් සැළසුම් කෙරුණේ කටුනායකට විකල්ප ගුවන් තොටුපොළක් වශයෙනි), නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනය, තවම වැඩ නිම නැති නෙළුම් කුළුන මහින්ද රාජපක්‍ෂ විදුලි සංදේශ කුළුන සහ මෑතකදී කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් මහින්ද රාජපක්‍ෂ භූගත බංකර සංකීර්ණය ද ඉහත අදහස සනාථ කරන ජීවමාන උදාහරණ වේ.
අද එසේනම් නම් තැබීම පිළිබඳව කතා කරමු. ඊට පෙර මධ්‍යස්ථ මතධාරියා නම් ලත් යකාට ස්තූති කරමු. මක් නිසාද, නම් තැබීම පිළිබඳ කතා කිරීමට අප පෙළඹවූ ආසන්න හේතු කාරකය යකාගේ අඩවියේ පළ වූ ලිපියක් වන නිසාය.
Saturday, October 31, 2015
ශ්‍රීමත් ඩෙස්මන්ඩ් සමග "යුද අපරාධ"
![]() |
| ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ලෝරන්ස් ද සිල්වා |
යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ත්‍රස්තවාදය, මානව හිමිකම් යන ක්‍ෂේත්‍රයන්හි විශේෂඥයෙකු වන ඔහු විසින් යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් 2001 වසරේදී හේග් අධිකරණයේදී වරදකරු බවට පත් කරන ලද්දේය. ශ්‍රී ලංකාවේ සිදු වූවා යැයි කොටි හිතවාදීන් විසින් ප්‍රචාරය කෙරෙන ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු විසින් පළ කරන ලද වාර්තාව සාරාංශගත කිරීමෙන් පහත ලිපිය සකසා ඉරිදා දිවයින පුවත්පතේ පළ කර තිබිණි.
Wednesday, September 23, 2015
චරිත දෙකක් ගැන කතා ගොඩක්
![]() |
| Parliament of World Religions, Chicago, Sept. 1893 |
සැප්තැම්බර් මස 17 දින එකට ජන්ම දිනය සමරන මුත් නිවුන් සොහොයුරන් නොවන මේ යුග පුරුෂයන් දෙදෙනා වන්නේ ක්‍රි.ව.1864 උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ ඊට දශක සතරකට පසු 1906 දී මෙලෝ එළිය දුටු ජූනියස් රිචඩ් ජයවර්ධන යන මහතුන්ය.
Monday, September 7, 2015
වි.නා.ස. වීමේ ප්‍රතිඵලය
![]() |
| යහපාලානේ ඇහැරුණොත් තොපිට බඩුම තමයි |
පෙර සඳහන් කළ ලෙස මේ පත් කිරීමේ ඉක්මන් සහ දැඩිම තර්ජනය ඇත්තේ පසුගියදා සම්මත කෙරුණු 19 වන සංශෝධනයෙන් යෝජනා කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් නම් කිරීමේදී වේ.
Labels:
කාලීන ප්රවණතා,
දෙමළ,
දේශපාලන,
පුවත්,
විචාර
Saturday, September 5, 2015
වි.නා.ස. වීමට හේතුව
![]() |
| පහක් එකතු වී හය වැන්නාගේ අඬු කැඩිම |
Labels:
කාලීන ප්රවණතා,
දෙමළ,
දේශපාලන,
පුවත්,
විචාර
Subscribe to:
Posts (Atom)
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.
එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !





