ද්‍රවිකෘත ඛණිජ වායු (LPG) සමාගම් ඔවුන්ගේ 18 L හොර ටැංකි එළියට දමන්නේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. ඒ කාලයේ සිටම එකී ව්‍යාපාරය පාඩු පිට පවත්වාගෙන යන බව සමාගම් විසින් ප්‍රචාරය කරන්නට යෙදිණි. සමාගම් පාඩු පිට පවත්වාගෙන යා යුතු නැත. කළ යුත්තේ මිළ වැඩි කිරීමයි. මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර දිය යුතුය. එතැනට ගිය විට තවදුරටත් ඒ තීරණය ව්‍යාපාරික තීරණයක් නොව දේශපාලන තීරණයක් බවට පත් වෙයි. කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වලින් ප්‍රමාණය සටහන් කර මහජනයාගේ ඇසට වැලි ගැසීමට සමාගමට සිදු වන්නේ මෙකී ස්තර දෙකෙහි මූලික අභිප්‍රායන් අතිපිහිත නොවන බැවිණි. පසුගිය ලිපියේ සඳහන් කළ ගැසට්ටුවේ ලාමක ටිං ටිං ගතියට හේතුව එයයි. සැමට තේරෙන අයුරින් කීවොත් මෙහිදී යොදාගෙන තිබෙන්නේ
අපි විරුද්ධ වෙන්නම්, ඕගොල්ලෝ කරගෙන යන්නයන කුප්‍රකට යහපාලන+රතන™ ක්‍රමවේදයයි.
෴