Tuesday, November 10, 2020

පිනට ඉන්ජෙක්ෂන් ගැසීම හෙවත් ගිලන්පස පූජාව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වියදමින් ලංකාවේ මහජනතාවගෙන් පහෙන් එකකට කාවිද රෝගය සඳහා එන්නත් ලබා දීමට යන බවට අද (නොවැ 9) පුවත් පල විය. මෙහි සත්‍යාසත්‍යතාවය කෙසේ වෙතත් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කෙරුණු නිවේදනය පහත දැක්වේ.
ගිලන්පස පූජා

මේ රෝගය රෝගයක්මද යන්න ගැනත්, ඒ රෝගය නිර්ණය කරන ක්‍රමය ගැනත් විශ්වාසයක් නැති බව අප සඳහන් කර වැඩි දිනක් ගත වූයේ නැත. දැන් අමුතුවෙන් සඳහන් කළ යුතු එකම දෙය වන්නේ මේ දෙනවාය කියන එන්නත ගැනත් අපගේ කිසි විශ්වාසයක් නැති බවයි.

පෙර ලිපියේ අප සඳහන් කළ එක ඡේදයක් මෙහිදී නැවත දක්වමි.
රෝග ලක්‍ෂණ සමූහයකට බය හිතෙන නමක් දෙයි; ඊට පසු ජනමාධ්‍ය කාරිය කරවන රාළලා බවට පත් වෙයි. මහජනයා බියපත් වේ, ආණ්ඩු වික්‍ෂිප්ත වේ, බිල් ගේට්ස් වැනි ධන කුවේරයෝ අප වැනි සොච්චම් රටවල් එක්කෝ test lab බවට පත් කර ගනී, නැතිනම් වෙනත් කොන්දේසි දහසක් සමග වෛද්‍ය ආධාර ප්‍රදානය කරයි. පසුගිය දා නෑගම් ආ පොම්පි මාමා වෙන්ටිලේටර සිය ගණනක් දී ගියේ නැද්ද (ඒවායේ වියදම ඇමරිකානු බදු ගෙවන්නන්ගෙනි - ආදායම ඒවා නිෂ්පාදනය කළ, එරට ආණ්ඩුව සමග සම්බන්ධතා ඇති ධන කුවෙරයන්ටය)? කෙසේ වුවත් අවසානයේ වාසිය ගන්නේ කොහෙවත් යන පර බල්ලෙකි. අප මේවාට අසු වී රටේ දෛනික පැවැත්ම කඩාකප්පල් කර ගත යුතුද? නැත. බ්‍රැන්ඩික්‍ෂ් මුදලාලි කළ දේ වැරැද්දක් නොකියමි. ඔහුගේ කිසි සේවිකාවක් මෙකී රෝගයෙන් මළේ නැත.
මේ ගැන කිව යුතු සියල්ල ඉහත යටින් ඉරක් ගැසූ එක වාක්‍යාංශයකින් පවසා තිබේ. ඉඳින් මේ ගැන තවදුරටත් කිව යුතුව තිබෙන්නේ එක දෙයකි; කොහොමත් හොඳ දේ බෙදන හැන්ද අතේ තබාගෙන සිටින අයම ඒ එන්නත් ලක්‍ෂ හතළිහත් (රටේ ජනගහනය කෝටි දෙකකැයි සැළකීමෙන්) ගසා ගත්තාවේ. අපට බලෙන් (ජීවත් වන පළාත පදනම් කරගෙන, වයස පදනම් කරගෙන ආදී වශයෙන්) දෙන හෙවත් ස්ව-කැමැත්ත පදනම් කර නොගෙන දෙන එන්නත් අවශ්‍ය නැත. එසේම එවැනි එන්නතක් ලබා ගන්නා අයගෙන් මිස ලබා නොගන්නා අයගෙන් මෙහි වියදම අය කර ගැනීමටත් අප විරුද්ධය. WHO එක හෝ ඊට අනුග්‍රහ දක්වන ප්‍රකෝටිපති දානපති මහතුන් බෙහෙත නොමිලේ දෙන්නේ වී නමුත් ඒවායේ ප්‍රවාහන වියදම්, ගබඩා කර තැබීමේ වියදම්, එන්නත් කිරීමේ වියදම් බදු ගෙවන්නන්ගේ මුදලින් වැය නොවන බව කිව හැකිද ? මෙවැනි එන්නතක තිබිය හැකි අතුරු ආබාධ ගැන වග කියන්නේ කවුද ? අතුරු ආබාධ පැයකින් දෙකකින් නොඑන බවත් සිහියේ තබා ගමු.



ඊටත් වඩා වැදගත් කතාවක් අද දෙරණ biz විසින් වාර්තා කළේය.



කොරෝනා අභියෝග මැද ලොව ලොකුම පොහොසතාගේ ධනය තවත් වැඩිවෙද්දී ලංකාවේ ලොකුම ධනවතාගේ ධනස්කන්ධයත් කෝටි 1,500කින් ඉහළට >>> http://biz.adaderana.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c-%e0%b6%b8%e0%b7%90%e0%b6%af-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a/

මේ ගැනත් වැඩිමනක් විස්තර කළ යුතු නැත. කෝවිද රෝගය නාමයෙන් කෙරෙන්නේ දුබල දුප්පතා හැකි සියළුම ආකාර වලින් පීඩනයට පත් කිරීමත් (ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 5000 පමණි - ඔවුන්ට හඬක් නැත), අතරමැදි මට්ටමේ පුද්ගලයින් යම් තරමකින් පීඩනයට ලක් කිරීමත් නිහඬ කිරීමත් (රටේ හඬක් තිබෙන කණ්ඩායම මෙය වේ), ධම්මික පෙරේරා වැනි අයවළුන්ට නිදහස් පිටියක් සකස් කර දීමත් ය. ඔහු වැනි දැවැන්ත ව්‍යාපාරිකයෙක් ඇඳිරි නීති කඩ කර අත්අඩංගුවට පත් වන්නේ නැත. මෙය ලංකාවට පමණක් ආවේණික තත්වයක් නොවේ. ඉහත දෙරණ ප්‍රවෘත්තියෙන් කියා පාන්නේ මේ ලෝක යථාර්තයයි.

අප මුල සිටම කියා සිටියේත්, දැන් කියා සිටින්නේ ආණ්ඩුවේ රාජකාරිය මහජනයා රැකීම මිස මහජනයාගේ ජීවිත පාලනය කිරීම නොවන බවයි. දෙමාපියන් වුවත් දරුවන් පාලනය කරන්නේ එක්තරා වයසකට එන තුරු පමණි. මහජනතාවගෙන් කොටසක් (ඉතා අඩු ප්‍රතිශතයක්) වසයින් කොතරම් මුහුකුරා ගියේ වුවත් ළදරු හැසිරීම් ඇත්තෝය. සුදුවැල්ලේ කුඩ්ඩන්, බණ්ඩාරගම අටළුගම ශ්‍රී ලාංකිකයන්, අර ඉතාලියෙන් පැමිණි වංශක්කාරයන් එවැන්නෝ වෙති. එවැනි සුළු කොටසක් වෙන් කිරීම කරනු මිස රටෙන් බාගයකට ඇඳිරි නීති දමා කඩේට යෑමට එළියට බසින අහිංසක මිනිසුන් කුදලාගෙන ගොස් ඔවුන්ගේ වාහන පොලීසි වල ගාල් කර ජඩමාධ්‍ය මගින් ගණන් හිලව් ඉදිරිපත් කිරීම වීර කමක් වත් රෝග පාලනයක්වත් නොවේ.



අද ජනාධිපතිතුමා විසින් ඉතා වැදගත් අදහසක් පවසන්නට යෙදිණි. මේ ලිපිය ලිවීමට උපස්තම්භක වන්නේ ඒ ප්‍රකාශය යි.



ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ තමන් කළ යුත්තේ කුමක්දැයි දන්නා බව පෙනෙයි. "මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්" යනුවෙන් පටන් ගෙන "මේ සෞඛ්‍ය අංශයේ ඉන්නේ මේ රටේ ක්‍රීම් එකනේ" යනුවෙන් අවසන් කරන ජනාධිපති රාජපක්‍ෂගේ ප්‍රකාශයෙන් අප තේරුම් ගන්නේ දැන්වත් මෙහි කෙළවරක් තිබිය යුතු බවට ඔහු තීරණයක් ගෙන ඇති බවයි.

වෙනත් අයුරකින් කිවහොත් නැවත රටේ පාලනය තමන් අතට ගැනීමට ඔහු අදහස් කර සිටින බවයි. තමන් මේ රටේ ක්‍රීම් එකය කියා සිතා සිටින වෛද්‍යවරුන්ට සහ ඒ ක්‍ෂේත්‍රයේ අනෙක් අයවළුන්ට කාවිද රෝග පාලනය බාර දී රට පාලනය ඔවුන්ගෙන් තම අතට ගැනීමට මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිතුමා තීරණය කරන්නේ නම් දෙතිස් කතාව අභිමානයෙන් යුතුව ඔහු සමග සිට ගැනීමට පැකිළෙන්නේ නැත. (අප එසේ සිට ගැනීම කාටවත් නොදැනුණාට කරන්නට දෙයක් නැත !)


14 comments:

  1. කොහෙ තියන අටමගල් එන්නතක්ද දන්නෑ.. 90% සාර්ථක එකක් තියනවා කියලා කියවුනේ ඊයෙ තමා. අපිට දෙන එන්නත ගැන ඊටත් කලින් ඉඳන් සඳන් වුනාට කාගෙද, කොහෙන්ද සාර්ථකත්වය කොහොමද යනාදි මුකුත්ම කියලා තිබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකයි ප්‍රශ්නේ.

      දැන් මෙහෙ රට වෙද්දු ලෝකේ පෙරළන්න හදනවා සිංහල / ආයුර්වේද බේතක් දෙන්න එපා කියල. හැබැයි රටින් එන ඕන අටමගලක් ඉහේ තියාගෙන යනවා කිසි හෙවිල්ලක් නැතිව.

      Delete
  2. https://www.youtube.com/watch?v=o7A_cMpKm6w&feature=share&fbclid=IwAR18THP54fZtSSwz5nWkapfJamoko7IykvNij3BP-1Xv77T_VphCzuomEEg

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට පිං ! අවස්ථාවක් ලැබුණු වහාම බලන්නම්.

      Delete
  3. Replies
    1. අවස්ථාවක් ලැබුණු වහාම බලන්නම්.

      Delete
  4. මම ඩිලන්ත ලියනගේ දේවගැති තුමාගේ දහම් අසන කෙනෙක්.
    එතුමා කියලා තියෙන විදියට මේ බයිබලයේ හෙලිදරව් පොතේ තියෙන යක්ෂයාගේ සලකුනයි.
    මෙම එන්නත ගත් කෙනාට හිමිවන්නේ සදාකාලික ගිනි විලයි.

    ReplyDelete
    Replies
    1. මම ඩිලන්ත ලියනගේ දේවගැති තුමාගේ දහම් අසන කෙනෙක් නෙවෙයි.
      මගේ ප්‍රියම්බිකාව ශ්‍රීපා අඩවියේ බවුන් වඩන කවුදෝ යෝගියෙකු / මහණෙකු ගේ බණ අහපු කෙනෙක්.

      අන්න එයත් ඔය කතාවම කිව්වා. ඉතිං මම දුන්න උත්තරේ මේකේ ලියන්න බෑ.

      Delete
  5. මේ එන්නත් ගැහිල්ලට කෝඳුරු තෙල් ජුන්ඩක් ඕන වෙන වචන පේළිය දැක්කද ?

    "එන්නත ලබාදෙන පිරිස් තීරණය කිරීම"

    ඊළඟ වසංගතය එනතෙක් මෙම තීරණය ගැනීමට වාද විවාද උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වේවා.

    ReplyDelete
    Replies
    1. නැහැ. මේවා තීරණය වෙන්නේ බලය මත.

      ඔය කියන විශේෂ කමිටුව වැඩක් නෑ කියල නෙමෙයි මම කියන්නේ. ඒත් කමිටුවට දෙන ලද සීමාවෙන් එපිටට යන්න බෑ. මේවා අදාළ අංශ විසින් (ඒ කියන්නේ බලය තිබෙන සහ මේ තීරණ වලින් වාසි සැළසෙන පාර්ෂව විසින්) තීරණය කර අවසානයි. කමිටුවට ඉතිරි වෙලා තිබෙන්නේ සරළ කරුණු කිහිපයක් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණයි. ඒ සඳහා කාල සීමාවක් දී ඇති.

      පොම්පියෝ මාමා දී ගියාය කියන වෙන්ටිලේටර ගැන ගරු ඉකොනොමැට්ටා තුමා ලියා ඇති දේ බලන්න.

      Delete
  6. Replies
    1. :D

      ඇමරිකානු මාධ්‍ය වල හැසිරීම (බොහෝ දුරට ප්‍රවෘත්ති සිරස්තල කියවා දැනෙන අදහසකි) අනුව ට්‍රම්ප් මේ තරඟය තවම අතහැර නැති වීම සතුටකි. 2020 ඇමරිකානු ජනාධිපතිවරණය 2015 ලංකාවේ පැවති ජනාධිපතිවරණය මෙනි. සිංහල ජාතිකත්ව විරෝධී බලවේග 2015 සඳහා සූදානම් වූයේ 2010 ටත් පෙර සිටයි. එළෙසම ඇමරිකානු ජාතිකත්ව විරෝධී බලවේග, සමහර විට චීනය පවා, මේ ජනාධිපතිවරණය සඳහා බලපෑම් කරන්නට ඇත.

      2010 දී ලංකාවේ පරාජයට පත් වූ පාර්ශව වලට එය අදහා ගැනීමට නොහැකි වූ අතර "කොම්පීටර ජිල්මාට්" කතාව එහි ප්‍රතිඵලයයි. 2016 දී ඇමරිකාවේ පරාජයට පත් වූ පාර්ශව වලට ද හිලරි ක්ලින්ටන් ගේ පරාජය අදහා ගත නොහැකි වූ අතර "not my president" ආදී විරෝධතා වලින් එය ප්‍රකාශයට පත් විය.

      ඒ ඒ පරාජ වලින් පසු පරාජිත පාර්ශව වල උපක්‍රමය වූයේ fake news ය. ලංකාවේ නම් ලම්බෝජිනි, රත්තරං අස්සයෝ, කක්කුස්සියේ TV, වැනි කතා නැගලා ගිය අතර ඇමරිකාවේ "ඩේවිඩ් ෆ්ලොයිඩ්", "කළු ජීවිතත් වටී" ආදී ව්‍යාපාර සහ කොරෝනා මේනියාව ට්‍රම්පච්චිගේ හරහට හිටියේය.

      මේ සියල්ල තිබියදී ජෝ-බෛදානයා දිනා ඇත්තේ හොර ඡන්ද වලින්ය යන කතාවට පදනමක් නැතුවාම නොවේ. ඔරුමිත්තනාඩුව, බයිස්කෝප් වලින් මොන සුරංගනා ලෝකයක් මවා දුන්නත්, ලංකාව තරම් සමජාතීය දියුණුවක් ඇති රටක් නොවේ. එහි ක්‍රමවේද වල අපමණ හිල් තිබේ. බෛ-දානයාට වැටුණු වැඩිමනක් ඡන්ද ඡන්ද පෙට්ටියේ හිලෙන් නොව ඡන්ද ක්‍රමයේ හිල් වලින් වැටුණු ඡන්ද බවට අපගේත් විශ්වාසය වේ. මේ විශ්වාසය අපට ඇති කළේ පසුගියදා අප බලන්නට "නෑගම්‍" ඇවිත් ගිය පොම්පියෝ මාමා ය. නමුත් එය අප දැන ගත්තේ ඔබ එවන දිවයින පුවත් පතෙන් නොව වෙනත් ඇමරිකානු ලියවිල්ලක් හරහාය.

      කෙසේ වුවත් මෙය මෙහි සටහන් කර තැබීමට සහ සැමගේ අවධානයට එය යොමු කරවීම පිළිබඳව තුති !

      Delete
  7. දෙතිස් කථා තුලින් අපි ආයේත් දෙලොවට වැඩක් ඇති කථාවක් කථා කරන්නේ කවදාද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !