"මෑතකදී මා ප්රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම
සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් මම අවධාරණය කරමි.
ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් මා තුළ නොමැත. එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස මම සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.
පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇත."
මේ නිවේදනය නිකුත් කිරීමට හේතු වන්නේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ සිට පහළට මෙතෙක් කෙරුණු යම් යම් පත් කිරීම් ය; එසේ නැතිනම් පත් නොකිරීම් ය.
෴
ලංකාවේ දෙවැනියට වැඩිම මනාප ලැබූ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍යධුරයක් පමණක් ලබා දීමත් අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයාට කැබිනට් අමාත්‍යධුරයක් ලබා දීමත් එකකි. කිසි මනාපයක් නැතිවත් ජනාධිපතිවරයාගේ නඩු වලට (නොමිලේ?) පෙනී සිටීම පමණක් හේතුවෙන්, පත් කළ මන්ත්‍රී මොහොමඩ් අලි මහතාට බලවත් කැබිනට් ඇමති ධුරයක් වන අධිකරණ ඇමති ධුරය ලබා දීමත් තවත් හේතුවකි. කුමන්ත්‍රණ පිළිබඳ විශාරද විමල් විරවංශ මහතාට අනුව ජනාධිපති ලේකම් වරුන් අතරත් CIA කුමන්ත්‍රණ කරුවන් සිටී; ඔවුන් පැත්තකින් තබමු, ජනාධිපති ලේකම් වරයාත් විමල් විරවංශ මහතාට අනුව ආර්ථික ඝාතකයෙකි. පසුගිය මැයි මාසයේ කුප්‍රකට පඩි-බාගේ ගොන් කතාව කීමෙන් පසුව මෙතෙක් ඔහු කළ කී දෑ අනුව විමල් විරවංශ හරි යැයි අපට සිතෙන්නට ඉඩ තිබේ. මිළින්ද ප්‍රශ්ණය පැණ නගින්නේ මේ අතර ය.
දැන් ජනාධිපති මෙකී සකලවිධ පත් කිරීම් පිළිබඳවම නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයේ හරය වන්නේ "දැන් කට වහගෙන හිටපල්ලා" යන්නය. පුඤ්චි බණ්ඩා ජයසුන්දර මහතා දෙරණ නාලිකාවේ පෙනී සිටිමින් දිල්කා සමන්මලී සමග කළ සංවාදය අනුව පැහැදිළි එක දෙයක් නම් මහජනතාව දැන් 'දෙන දෙයක් කා බී වෙන දෙයක් බලාගෙන සිටීමට' හිත හදාගෙන සිටින බවට පූර්ව නිගමනයක ආණ්ඩුව සිටින බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ඉහත නිවේදනය හේතුවෙන් මිළින්ද ප්රශ්නය කතා කිරීමේ අදහස අතහැර දැමීමට අපට සිදු වෙයි, ඒ ගැන ගැටළුවක් නැත. නමුත් තවත් නිවේදනයක් මේ දින වලම ප්‍රචාරය විය. එහි හරය තමන් රාජ්‍ය උත්සව වලට මිස මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, පාටි වලට, කඨින පිංකම් වැනි පෞද්ගලික උත්සව වලට නොපැමිණෙන බවත් ඒවාට ආරාධනා නොකළ යුතු බවත් ය.
මෙහි හොඳ පැත්තක් ද ඇත. අප ඡන්දය දී ජනාධිපති කෙනෙක් පත් කර ගන්නේ අනුන්ගේ මගුල් වලට අස්සන් කරන්නට නොවේ. නමුත් එහි නරක පැත්තක් ද ඇත. ජනාධිපති ඉහත උපුටා දැක්වූ පළමු නිවේදනයෙන් කියන්නේ තමන් කළ පත් කිරීම් කාගේවත් බලපෑම් වලට වෙනස් නොකරන බවය. එනම් ඔහුගේ තීරණ ගැනීමේ සහායක කල්ලිය ඔවුන් බවය. රනිල්ගේ තුම්මුල්ලේ ඉස්කෝලේ ආදී ශිෂ්‍ය සංගමය මෙනි. අනෙක් පැත්තෙන් අර නොයනවාය කියන "පෞද්ගලික" අවස්ථා ඔහුගේ සහචර කල්ලියේ නොවන අයට (මේ අප වැනි සාමාන්‍ය ජනයා නොවීම වෙනම කතාවකි) ඔහු වෙත සමීප වී තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා අහිමි කිරීමකි. මේ තමන් විසින්ම තනා ගත් සිර කූඩුවක තමන් විසින්ම වැටීමකි. රත්තරනින් තැනුවත් සිර කූඩුව නම් සිර කූඩුවම වෙයි. මේ එතරම් හොඳ දෙයක් නොවේ.
෴
ලංකා ඉතිහාසයේ සඳහන් වන වඩාත් ධාර්මිකම රජතුමා කවුදැයි ඇසුවොත් ඊට සෘජු පිළිතුර එළාර නම් වෙයි; වෙනත් පිළිතුරු නැත. ඔහු ධාර්මික යැයි කියැවෙන්නේ ඒ රජතුමා විසින් නීතිය සැමට සමානව ක්රියාවේ යෙදැවූ බැවිනුත් රටවැසි තිරිසනෙකුට වුව (මෙය අතිශයෝක්තියක් විය හැක - එසේ වුවත් ගින්නක් නැතිව දුමක් නොනගී) රජු වෙත කෙළින්ම පැමිණ පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් තිබීමත්, එයින් සාධාරණය ඉටු වන සහ එසේ වන බව මහජනතාවට පෙනී ගිය බැවිනුත් නිසා මිස ඊනියා ධර්ම යුද්ධය යැයි නම් කර මිණී මරණ යුධ කළ බැවින් වත් සත්‍ය ක්‍රියා කර වැසි වැස්සවූ බැවින් වත් නොවේ.
වර්තමාන ගෝඨාභය රජතුමා තෝරා ගෙන තිබෙන්නේ මෙහි අනෙක් පැත්තයි. ආනවිළුන්දාව ඩෝසර් කරන්නේ යැයි කී විට ඔහු කරන්නේ හොරාගේ ඡන්ද ප්රතිග්රාහකයාගෙන් ඒ ගැන ඇසීමයි; සිංහරාජය කපන්නේ යැයි කී විට ඔහු කරන්නේ කැලය කපන්නට බලපෑම් කළවුන් සමග මාධ්‍ය ඉදිරියේ සංවාදයේ යෙදීමයි. පත් කිරීම් විවේචනය කළ විට දැක්වූ ප්‍රතිචාරය ඉහත දැක්විණ.
මේ යන පාර නම් මහළු වේදේහ රාජයා සේනක පුක්කුසාදී පඬි වරුන් සමග ගිය ගමනයි. වේදේහ රාජයාට තමන් ගැන අවබෝධයක් සහ තමන්ගේ පණ්ඩිතයන්ගේ තරම ගැන අවබෝධයක් තිබූ නිසා ළදරු මහෞෂධ පණ්ඩිතයන් සොයා ගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලය අටළොස් අක්ෂෞහිනියක් මහා සතුරු සේනාව විසින් වට කළේ වුවත් මියුළු නුවර ලේ බිඳකුදු නොසොල්වා ගළවා ගත හැකි වීමයි. ගෝඨාභය රාජයාට තමන් ගැනත් තමන් වටකොට සිටින ළාමක-පණ්ඩිතයන් ගැනත් හරි හමන් තක්සේරුවක් තිබේද ?
෴
උත්කෘශ්ටයි මිත්‍රයා, මේ ප්‍රකාශය නම් උත්කෘශ්ටයි.
ReplyDeleteඑක හුස්මට කියවාගෙන ගිය අපූරු ලියවිල්ලක්.
මෙහි මා ඉතා වටිනා කාරනා දෙකක් ග්‍රහණය කලා
"මේ ඊනියා සභාව අහෝසි කිරීම පළාත්සභා අහෝසි කිරීමට පමණක් දෙවැනි වන ජාතික සේවයකි"
සත්තකින්ම ඔව්. රටේ ජනමතය හංගා පාලකයන්ට රුචි පරිදි පරගති බලපෑම් මත සිය පෞද්ගලික වාසි සලසා ගනිමින් හිතුමතයේ රට විකුනා දැමීමට, රටේ සම්පත් අන් සතු කිරීමට ස්වදේශික ජනයා සූරා කෑමට සකස් කල කූට වැඩපිළිවෙල සුනුවිසුනු කර ඩ්දැමීම පාන් භාගයට බදු ගෙවන මිනිසාගේ අයිතිය සුරැඊමකි
අනෙක පළාත් සභා අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සභාවට ඉදිරිපත් කිරීම. ඔව් මේ අනෙක් කල යුතුම කාරනය. ජයගැනීම කෙසේ වෙතත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුම යෝජනාවකි. ජනතා ප්රමාධිපත්යය ගැන පාරම්බාන පාර්ලිමේන්තු නියෝජිතයන් අතුරෙන් කී දෙනෙකු සැබැවින්ම ජනතා පරන්මාඪිපත්යය නියෝජනය කරනවාදැයි අපට දැනගත හැකි වන්නේ එවිටය.
කෙසේ වෙතත් සිරිසේන ජනාධිපති වන විට පැවති තත්වයට ව්‍යවස්ථාව පත් කිරීම යම් සෙයකින් නුසුදුසු බවක්ද දකිමි. ජනාධිපති වරයාගේ බලතල පිළිබඳව ගැටැළුවක් නැත. එහෙත් හුදෙක් තමාගේම දේශපාලන පැවැත්ම පිණිස ගෙනා 18 සංශෝධනය බලාත්මක වීම මගින් යම් අවැඩක් සිදුවිය හැකිය.
19 මොන උගුලක් වුවද, 19න් අහෝසි කොට දැමූ 18 නවත බලාත්මක වීම සුදුසු වන්නේද නැත.
18 වැනි සංශෝධනයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික අභිලාෂයන් ඇතුළත් බව සැබෑය. එසේ වුවත් ඒ සංශෝධනයේ අරමුණ 17 වන සංශෝධනයෙන් ඇති කළ ව්‍යාකූලත්වය ඉවත් කිරීමයි. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තමාට විශ්‍රාම යන්නට ඉඩ දෙන්නැයි අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ආකාරය ඔබට මතක යැයි සිතමි.
Delete19 ඉවත් කිරීම අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය වෙයි. 18 ඉවත් කළ යුත්තේ 17 ද සමගය. එසේ නොවන්නේ නම් 18 එසේම පැවතිය යුතුය. එසේම 16 වන සංශෝධනය තවත් ප්‍රමුඛතාවයකි. 16 ඈඳී තිබෙන්නේ 13 සමගය. මෙයින් දෙමළ භාෂාවට ලංකාව තුල අති විශේෂ තත්වයක් ළඟා කර දී තිබෙයි. නැතහොත් සිංහල භාෂාව දිවයිනේ එක පෙදෙසකදී තුන්වන කැලෑසියට දමා තිබෙයි. මෙය ජාතික ඒකාග්‍රතාවයට හානියකි. නවසමසමාජ පක්ෂයේ නායකයාගේ මස්සිනා පාර්ලිමේන්තුවේදී මේ බව දෙමළෙන් ම පැහැදිළි කර දී තිබේ.
මේවා මේ ආණ්ඩුවෙන් අප බලාපොරොත්තු වන දේය. සමහර විට ඉන්දියාවට "ජනාධිපති" බලතල ඇති මහකොමසාරිස්වරයෙක් පත් කිරීමෙන් ඉහත දේවල් අප වෙනුවෙන් කිරීමට යන විට පැමිණිය හැකි ඉන්දීය විරෝධය යටපත් කර ගැනීම "පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට" සුදුසු බව තීරණය කිරීමේ විශේෂ බලයක් ඇතිව පත් වී සිටින ජනාධිපතිතුමාගේ අරමුණ විය හැක.
ජනාධිපතිවරයාගේ පත් කිරීම් පිළිබඳව ඔහු කරන ප්‍රකාශය මගින් සැබැවින්ම ඔහු ඒ පත් කිරීම වල යහපත හා අයහපත පිළිබඳ පූර්ණ වගකීම තමා මත පවරා ගැනීමක්ද කරන්නේ?
ReplyDeleteඑය යම් ආකාරයක Strategic decision ලෙස ඔහු සලකනවාද?
තමා වගකීම ගන්නවායැයි පාර්ලිමේන්තුවේදීම සපත කොට රනිල් විසින් මහේන්ද්‍රන් නම් කූට චෞරයා මහ බැංකු අධිපති කල බව (ජනපතිගේද විරෝදය මැද ) රටේ ජනතාවට මතකය.
මේ අනුව පත්කිරීම් වල හේතුව
රට කෙරෙහි Strategic decision හෝ තම පෞද්ගලික අරමුණු විය හැකිය.
වත්මන් ජනපතිගේ පත් කිරීම මේ දෙකෙන් කුමක් විය හැකිද?
තීරණය කිරීමට හෝ අනාවැකි කීමට අපි තවම ඉක්මන් වැඩිද?
ජනාධිපතිවරයා විසින් කරන පත් කිරීම් හි වගකීම කොහොමත් ඔහු සතුය. ඒ ගැන කිය කියා යාමේ අවශ්‍යතාවයක් නැත. මේ නිවේදනය අනුගාමිකයන් මේ මොහොතේ සන්තර්පණය කිරීම සඳහා ඉදිරිපත් කළ එකකි. අපට ඒ කෙරේ බැඳීමක් නැත.
Deleteජනාධිපති විසින් වගකීම ගන්නේ යැයි ප්‍රකාශ නිකුත් කිරීමම (ඉහත නිවේදනයේ 'වගකීම' ගැන සඳහනක් නැත) ප්රශ්නය බවට පත් වන්නේ එවැනි නීති ප්රතිපාදනයක් නැති නිසාය.
මේ නිවේදනයෙන් අපට ගම්‍ය වන එකම දේ නම් ජනාධිපති පූර්ව නිර්මිත සැලසුමකට අනුව ඉදිරියට යාමට අදහස් කොට සිටින බවයි. ඒ සැලසුමේ නිර්මාපකයා කවුදැයි අපට තවම අදහසක් නැත. එසේ වුවත් මේ පත් කිරීම් කොළොඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිර්දේශිත පත් කිරීම් විය හැක. මා මේ සමහර පත් වීම් දකින්නේ තමන්ගේ ජනාධිපති සිහිනය ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට තිබූ ව්‍යවස්ථාපිත අවහිරතා ඉවත් කර ගැනීමට දුන් සහය වෙනුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලය වෙත යුතුකම් ඉටු කිරීමක් ලෙසයි.
"ඇමරිකානු තානාපති කාර්යාලය වෙත යුතුකම් ඉටු කිරීම" අතිශය බරපතල ප්‍රකාශයක් හා අප්රකාශිත සුවිසල් කථාවක් ගැබ්වූ ප්‍රකාශයක්.
Deleteමේවා ගැන ඔව් හෝ නෑ කීමට නොහැකි කථා.
සලසුම් සහගත වැඩපිළිවෙලක නියැලී ඉන්න බවනම් පැහැදිලිවම පෙනෙනවා. ඒත් ඒ වැඩ පිළිවෙල තුල යම් අපැහැදිලි බවකුත් පෙනෙනවා.
තත්වය සංකීර්නයි
ලංකාවේ පවත්නේ ඩීල් දේශපාලනයකි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි අයුරින් සම්මත කළ බවට අත්සන යෙදුවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත කරුණාරත්න ජයසූරිය නොව චමල් රාජපක්ෂ බව අමතක කළ යුතු නැත.
Deleteකරුණා කථානායක ධුරය දැරූ කාලසීමාවෙත් දැනුත් ඔහු වෙනුවෙන් නිකුත් කෙරෙන මාධ්‍ය නිවේදන ඉංගිරිසි ලියැවිලි වල ශාස්ත්‍රීය සිංහල පරිවර්ථන වෙයි. මේවා ඇමරිකානු තානාපති කාර්යාලයේ අනුදැනුම මත ලියැවෙන බව අපගේ උපකල්පනයකි. ඔහුගේ කාර්යාලයේ / කාර්ය මංඩලයේ බොහෝ බරපැන දරණ ලද්දේ ඒ තානාපති කාර්යාලය විසිනි. එමතුද නොව ඔක්තෝබර විප්ලව මාසයේ පාර්ලිමේන්තුවේ කඳවුරු බැඳ සිටි හුදු හූරලා එසේ සිටියේ එහි රඟ දැක්වූ මධු රසාංග නැරඹීමට යැයි සිතන්නේ නම් ඒ මහත් මුලාවෙකි. උහු ඒ රංගනයේ අධ්‍යක්ෂක නිෂ්පාදක වරු ය.
එක්සත් ජාතික පක්ෂය මේ සා පරාජයකට ලක් වීමට අප අකමැති වන්නේ ඉහත හේතුව නිසාය. සායි බබා බැතිමතෙකු ලෙස සමහර තන්හි සඳහන් වන, තව සමහර තන්හි ක්‍රිස්තියානි නිකායක යැයි සඳහන් වන, නමුත් බොහෝ දෙනා විසින් බෞද්ධයෙකු යැයි වටහා ගැනෙන කරුණා එජාපයේ නායකත්වයට යෝජනා වීම අහම්බයක් ද ? එසේනම් රනිල් ගේ කෘත්‍යාධිකාරී මංඩලය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමන් අනතුරුව නායකත්වය සඳහා මංගල සමරවීර යෝජනා වීම ඊටත් වඩා අහම්බයකි.
ඔක්තෝබර විප්ලවය පරාජය වුවත්, ඉන් නිකුත් වූ සංඥාව පැහැදිළි ය. පළාත් පාලන මැතිවරණයෙන් තානාපති කාර්යාල වල මෙහෙයුමේ පරාජයේ ආරම්භය සනිටුහන් වී තිබිණි. නැව ගිළෙන විට මීයන් කරන්නේ ඊළඟ නැවට නැග ගැනීමයි. දැන් අප මේ දකින්නේ ඒ මීයන් තමන්ගේ විනාශකාරී කටයුතු ආරම්භ කර ඇති බවට වන ලකුණුය.
සිංහලයන් බෙරය බැඳ තිබෙන්නේ මීයන් ඇතුළට රිංගවා ද ?
මට දෙමල බාශාව බෑ.
ReplyDeleteඅනී මට අලි ලැජ්ජයි ඒක ගැන. (pra jay)
මේ වගේ ගොන් කතා කියන අය බිහිවීම පරිනාම වාදයෙන් පැහැදිලි කල හැකිද?
සමලිංගික ආශාවන් ඇතිවිම යුක්ති යුක්ත කරන්න පරිනාම වාදය යොදාගෙන කල පැහැදිලි කිරීම් තියෙනවා.
නමුත් ඉහත දැක්වූ විදියට සතුරාට ආදරය කිරීමේ පුරුද්ද මොන වාදයකටත් එකඟ නෑ.
මට දෙමල බාශාව බෑ.
Deleteඅනී මට අලි ලැජ්ජයි ඒක ගැන.
මා විශ්වවිද්‍යාලයේත් රාජකාරි කළ ස්ථාන වලත් ගත කළ කාලය කිව යුත්තේ දශක ගණනිනි. ඇත්ත නම් දෙමළ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් මේ කාලය තුල පැමිණියේ නැති බවයි, හේතුව සරළය. දෙමළු සිංහලෙන් කතා කරත්, සිංහල බැරි දෙමළු ඉංගිරිසියෙන් වහරත්. නමුත් සමහරුන්ට ඒ වාසනාව නැත.
අන්න ඒ ඈයින් ඉහත අයුරින් කීම සාධාරණය.
කතාව ගොන් දැයි තීරණය වන්නේ සන්ධර්භය අනුවය. අඩුජාති කාරයින් සිංහලයින් අතර නැද්ද? ඇත්තේමය. උනුත් මෙවැනි කතා කියති. බොහෝ විට උන්ට දෙමළ තබා සිංහලත් බැරිය. මේ ඈයින් කරන්නේ ඇරියස් කවර් කිරීමයි. ඔවුන් බොහෝ ප්‍රිය කරන සංඛ්‍යාවක් ද තිබේ, ඒ 2500 යි.
මේ "සතුරාට ආදරය කිරීමේ පුරුද්ද" නම් නොවේ, මේ තමාටම වෛර කර ගැනීමයි. නොහොත් හීනමානයයි. ලෝකෙට පරකාසේ ලෙස මූනිච්චාවට මෙසේ පඬි වදන් දෙසුවාට මේ හාදයින් දෙමළුන් වෙනුවෙන් පෞද්ගලිකව යමක් කැප කරන්නේ ද නැත.
දැන් අපි ජීවත්වන ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටට මොකක්ද වෙලා තියෙන්නේ?
ReplyDeleteලියන්න ගත්තාට ඉවර වෙන පාටක් නැත.
Delete