වික්‍රමසිංහ පසුපස ලිච්ඡවී පාලනයක් ගැන කතා කිරීම නිවැරදිය. ලිච්ඡවීන් යනු සාමාන්‍ය මහජනයාගෙන් වියෝ වූ වෙනම ජන කණ්ඩායමකි. ඔවුන් ජන්මයෙන්ම වෙනස්ය - රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රත්වත්තේ, පාස්කරලිංගම්, චන්ද්‍රිකා, විග්නේස්වරන්, සුමන්තිරම්, අර්ජුන් මහේන්ද්‍රන්, කුමාරස්වාමි වැන්නන් ලංකාවේ ලිච්ඡවීන් වේ. මේ ගජ-මිතුරු කැල එකමුතුව රැස්වී එකමුතුව බී, එකමුතුව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන විසිර යාම ලිච්ඡවී පාලනය නම් වේ.
අනුර කුමාර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වියන්ගොඩ පමණක් නොව දිවංගත සෝභිත උන්නාන්සේ ද, කීකරු ජයසූරිය ද ඉහත පෙලැන්තිය වෙනුවෙන් blog ලියන රචකයින්ද තරාතිරම කවරක් වුවත් එකී ලිච්ඡවීන් ගේ දාසයෝ පමණක් වෙති. විශාලා මහනුවර තුන් බිය ඇති වූ අවස්ථාවේ මහජනයා මාළිගාවේ දොරකඩට පැමිණ උද්ඝෝෂණය කරන තෙක් ලිච්ඡවීන්ට ඒ දුක දැනුණු බවට සඳහනක් නැත. අජාත ශැතෘයා පැමිණ ලිච්ඡවීන් කඩු ගා දමන විට මහජනතාව හුරේ දැමුවේ නම් ඒ විස්මපත් වන්නට හේතුවක් නොවේ.