Thursday, January 4, 2018

ඔවුන් ඔබට සඟවන දෙය - 2

ජනාධිපති සිරිසේන ඊයේ දින විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ බැඳුම්කර කොමිසමේ වාර්ථාව සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්ථාව සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමටයි. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම වචන සහ වචන හැරුණු කොට වැඩි යමක් ඔහු විසින් කියැවුණේ නැත.
මම දෙකක් කියන්නයි හදන්නේ, හිටං !
සිරිසේනයන් විසින් කියැවෙන්නට යෙදුණු වැදගත් කරුණු ඇත්තේ දෙකකි. ඒ දෙක අද ලේක් හවුස් දිනපතා සිංහල ප්‍රවෘත්ති පත්‍රයේ මුල් පිටුවේම සඳහන් වන්නේ පහත අයුරිණි.
  1. අගමැති මහබැංකු අධිපති විධිමත් ලෙස පත් කරලා
  2. 2008 සිට බැඳුම්කර වංචා සොයන්න වෝහාරික විගණනයක් අවශ්‍යයි
ඉතිං දැන් මොකද කරන්නේ...





ජනවාරි 8 ඊනියා විප්ලවයට මනාපයෙන් දායක වූ හැට දෙලක්‍ෂයක් ජනතාව බලා සිටියේ රාජපක්‍ෂලාගේ ලම්බෝ-ගිණි, හෙලිකොප්ටර් සහ ඇමරිකාවේ බකිම්හැම් මාලිගයෙන් ගෙන්වූ රත්තරං අශ්වයන් සොයා ගන්නා තෙක්ය. සමහරු බලාපොරොත්තු වූයේ ලම්බෝ-ගිණියේ දමා ලොක් කර රාජපක්‍ෂලා පණ පිටින් ගිණි තබන්නට ය. කලකට පෙර අභාවප්‍රාප්ත වූ නම ගිය රගර් ක්‍රීඩකයෙකුද මේ සඳහා ඈඳා ගෙන තිබිණි.

එහෙත් බෝකුන්දරින් අල්ලා ගත් වැඩ දැමූ පරණ නිසාන් රථයකට වඩා දෙයක් මේ අයට හමු වුණේ නැත. ඒ රථයක් හිමි කාරයා පැමිණ බැණ බැණ අරන් ගියේය. නුවරඑළියේ සිටින්නේ යැයි කියූ රත්තන් අශ්වයන් තබා බූරුවෙක් වත් සොයා ගැනීමට මේ ආණ්ඩුවට බැරි විය. හොරකම් කළේ යැයි කියූ රාජපක්‍ෂලා නිදහසේ සිටියදී ජනාදිපති ලේකම් දින කීපයකට සිරගත විය. ඔහුත් අභියායචනයෙන් නිදහස් කෙරෙණු ඇත. එතකොට රාජපක්‍ෂලා සොරකම් කර නැද්ද ?

මහබැංකු හොරකම සිදු වන්නේ මේ අතරය. එය කරන්නේ හොරකම දූෂණය ගැන කතා කරමින් බලයට පැමිණි පිරිස අතින් වීමයි මෙහි සරදම.


ඔවුන් ඔබට සඟවන දෙය නමින් මෙහි මුල් ලිපිය පල වෙන්නේ මීට වසරකට පමණ පෙරය. එය විවරණය කරමින් අප හිත මිතුරු ජොසෙෆ් විසින් පවසා සිටියේ මේ මාතෘකාවෙන් පැවසෙන්නේ හොරකම වසා ගන්නට ලිපි කොපමණ ලිවුවත් හොරකම හෙළි කර ගන්නට සිදු වූ දේ යථා අයුරින් කියා පෑම පමණක් ප්‍රමාණවත් බවයි. එහෙත් අප ඉන් අදහස් කරන්නට යෙදුණේ කවර කවර සිද්ධි සිදු වුවත් කවර කොමිසම් පත් වුණත් මේ ජාතික අපරාධයේ සැබෑ මොළ-කරුවා වන අගමැති වික්‍රමසිංහ ඉන් පහසුවෙන් ගැළවී යන බවයි. කොමිසම් පත් කිරීම හුදෙක් කල් මැරීමක් පමණි.

රනිල් වික්‍රමසිංහ බලයට පැමිණීම සහ බලයේ රැඳී සිටීම සිංහලයාට මරු පහරකි. ඔහුගේ පක්‍ෂය සහ ඔහුගේ විපක්‍ෂය කටයුතු කරන්නේ ලංකාව බෙදා වෙන් කිරීමටයි. උතුරු නැගෙනහිර දෙපළාත් පෙඩරල් කර දෙමළාට දීම යනු ඒ පළාත් සිංහලයාට අහිමි කිරීම මිස වෙනකක් නොවේ.


සිංහලයාගේ නිජභූමිය ඉහත කී දෙපළාතත් ඇතුළත් මුළු ලංකාවම මිස, සියවස් හතරක බටහිර ජාතීන්ගේ පාලනයට නතු වීම හේතුවෙනුත් බටහිරයන්ගේ සහ දෙමළුන්ගේ වර්ග-සංහාරයට ලක් වීමෙනුත් සිංහලයන් තුනී වී ඇති අර දෙපළාත් හැර අනෙක් පෙදෙස් පමණක් බව කිසිවෙක් කියන්නේද ඔහු ද්‍රෝහියෙකි. ආක්‍රමණික ලන්දේසින් විසින් සහ ඉංගිරිසින් විසින් ඉන්දීය පෙදෙස් වලින් දෙමළුන් ගෙනැවිත් පදිංචි කිරීම හේතුවෙන් සිංහලයාට සිංහල බිමේ නිජබිම් අයිතිය නැති වී යා යුතු නැත.

දෙමළ ජාතික සංධානය නමින් පෙනී සිටින දෙමළ රාජ්‍ය පක්‍ෂ මන්ත්‍රී සුමන්තිරන් සහ උතුරු පළාත් මහා ඇමති විග් උතුරේදී පවසන දෙයින් අපට ලැබෙන්නේ අගමැති වික්‍රමසිංහ යටතේ සිංහලයන්ට අත් වීමට නියමිත භයානක ඉරණම පිළිබඳ හෝඩුවා මිස වෙන කිසිවක් නොවේ. සාමපුර දාගැබ ඩෝසර් වන්නේ රනිල්ගේ හයියෙනි.

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ජුන්ටාව බලයෙන් පළවා හැරිය යුතුය. ජනාධිපති සිරිසේනගේ බැඳුම්කර කොමිසම මේ සඳහා යොදා ගත හැකි එක් නිත්‍යානුකුල උපකරණයක් පමණි. කොමිසම අපට කියන්නේ අගමැති විසින් මහබැංකු අධිපති "විධිමත්ව" පත් කර ඇති බව පමණක් නම් ඒ කොමිසමෙන් අපට වැඩක් නැත.

එසේනම්, අපට - සිංහලයාට - වැදගත් වන්නේ කුමක්ද?

ඒ දෙය ඔවුන් ඔබට සඟවන දෙය නම් වේ.




ප.ලි.: කොමිසම් වාර්ථාවේ කවර නිර්දේශ තිබුණද ඒවා ඉටු වීම හෝ නොවීමට වසර ගණනක් ගත වනු ඇතිවා පමණක් නොව කවදා හෝ ඒවා ඒ අයුරින් ඉටු වීම ගැන කිසි සහතිකයක්ද නැත. හිටපු ඇමති රවින්ද්‍රන් සංදේශ්, පර්පෙචුවල් ට්‍රේෂරිස් (හොර) අධිපති ඇලෝෂියස් හා හිටපු මහබැංකු අධිපතිට එරෙහිව කුමන ක්‍රියා මාර්ග ගත්තද මේ සම්පූර්ණ ක්‍රියාදාමයට සෘජුව වගකිව යුතු (accountable) එකම පුද්ගලයා වන වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත් නොකර කෙරෙන කිසිවක් ප්‍රතිඵලදායක නොවනු ඇති බව ඔහු කොමිසමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නීතිපතිගේ ක්‍රියා මාර්ග විමසීමේදී පැහැදිළි විය යුතුය.

සිතුවිළි, ඒ ඔබ එදා ඇසූ පැනයට පිළිතුරයි.

12 comments:

  1. මීට වඩා ගැඹුරු විග්‍රහයක් බලාපොරොත්තු උනෙමි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මීට වඩා ගැඹුරු විග්‍රහයක් ඔබේත් මගෙත් හිතාදර ඉකොනොමැට්ටා තුමාගෙන් බලාපොරොත්තු වෙමි.

      Delete
    2. ඉකොනොමට්ටා තවම බැඳුම් කර වාර්ථාව දැක නැතුවා වාගෙයි.
      දකින්නේ කොහොමද? තවම දැකලා තියෙන්නේ සිරිසේන තුමයි, රනිල් හාමුයි RK තුමයි විතරක් කොට.

      දැක්ක දවසට විග්‍රහයක් ලියයි මගේ හිතේ. :) :) :)

      Delete
  2. මේ ගැන විග්‍රහ කිරීම පිණිස ජනාධිපති සිරිසේනගේ කතාව තඹ සතයකවත් උදව්වක් නොවේ.

    නියම වාර්ථාව තවම මහජනයාට විවෘත නැතුවා පමණක් නොව එකී වාර්තාවේ කුමක් අඩංගු වුවත් මහබැංකුව හොරකමට ඇතුලෙන් සම්මාදම් වූ අර්ජුන් මහේන්ද්‍රන්, මහජන මුදල් බිලියන ගණනක් අවභාවිත කල අර්ජුන් ඇලෝෂියස් සහ මේ අයට දිරි දුන් ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පවා පෙනී සිටි රනිල් වික්‍රමසිංහ යන අයවළුන්ට කිසි දඬුවමක් ලැබෙන්නේ නැත.

    රවින්ද්‍රන් සංදේශ් මේ හොරකමේ මොළ කරුවෙක් නොවේ. ඔහුගේ අඹුව ඔහුටත් හොරෙන් බැංකු හොරාගේ මුදලින් නිවසක් ගත්තා පමණි. ඔහුට ලැබෙනු ඇති දඬුවම (එවැන්නක් ලැබුණොත් ! - විනිමය වංචා නඩුවට වූ දේ අමතක නොකරන්න. ඒ නඩුව විසි කෙරුණේ තාක්‍ෂණික දෝෂයක් මතු කරමිනි. නීතිපතිට එකී දෝෂ මගහැර නඩුවක් නැවත පැවරීමේ හැකියාව තිබිණි. එහෙත් පසුව ගෙනා පනතක් මගින් ඒ හැකියාව නැති කර දැමිණි.) මේ අපරාධයට අලගු තැබීමටවත් ප්‍රමාණවත් නොවනු ඇත.

    මේ අපරාධයේ මහ මොළ කරුවා රනිල් හා රනිල්ම පමණි. "නළුවෙක් නොව මොළයක්" කියා කොළොඹ පුරා පෝස්ටර් ගැසුවේ නිකං යැ !

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත:
      "එකී වාර්තාවේ කුමක් අඩංගු වුවත් මහබැංකුව හොරකමට ඇතුලෙන් සම්මාදම් වූ අර්ජුන් මහේන්ද්‍රන්, මහජන මුදල් බිලියන ගණනක් අවභාවිත කල අර්ජුන් ඇලෝෂියස් සහ මේ අයට දිරි දුන් ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පවා පෙනී සිටි රනිල් වික්‍රමසිංහ යන අයවළුන්ට කිසි දඬුවමක් ලැබෙන්නේ නැත."

      "නළුවෙක් නොව මොළයක්" සහ "ලැජ්ජා බය නැති අගමැති" කියා කොළොඹ පුරා පෝස්ටර් ගැසුවේ නිකං යැ !

      Delete
  3. මටනං පෙනෙන හැටියට මේ බැඳුම්කර නාටකය යහ පාලන මෙගා නාටකයේ එක් එපිසෝඩයක් පමනකි.

    රනිල් හාමුගේ නැටුම නම් වු එපිසෝඩය වර්නනාවට නගමින් අපේ සිංහල බ්ලොග් අධිපති වරුන් ලියා ඇති ලිපි දුටු විට ඇතිවූ පිළිකුල පැහැදිලි කිරීමට වචන නැත. රනිල් නැටුවාට අපිට කම් නැත, රනිල් කැමරාව පිටුපස ඊට වඩා නැටුම් නටන බව රටේ ජනයා කියති. එහෙත් ඒවා අපිට වැඩක් නැත.
    බ්ලොග් ඔස්තාර්ලාට අනුව, රනිල් හාමුගේ පරම්පරාව මේ රට හෙබවිය යුතු මහ්න්තත්ව පවුල් සංස්ථාය. ඔවුන් දැන් දේශපාලනයට නො එන්නේ රටේ මහා අවාසනාව නිසාය. අනෙක් හැමකෙක්ම උත්සහ දරන්නේ ඒ පැලැන්තියට ගොඩ වීමටය. අහෝ කුමක් කියන්නද? මේ එදා නොදන්නා හොරාට වඩා දන්නා හොරා හොඳයි කී මහින්දගේ අනුගාමිකයින්ට වහලුන් කී උන්ගේ වත්මන් භාවිතාවය.
    රෙද්ද බැනියම අඳින් එකාට පක්ෂ වීම අමු ගොඩේ දූපත් මානසික ලෝකය නොදන්නා පහත් මට්ටන්මේ කොටිනම පොඩ්ඩක්වත් පොෂ් නැති කැත වැඩකි.
    ඒ වගේද ටයි කෝට් දමන, නමෙන් හා හමෙන් සිංහල වෙන පැවැත්මෙන්, චින්ටනයෙන් ආගමෙන් බටහිරයන් වෙන රල්නිල හාමුලාගේ පරම්පරාවට වහල් කම් කිරීම මොන තරම් ජාත්‍යන්තර උත්කර්ශවත් කාරියක්ද? මාර පොශ් වැඩක්ද? රනිල් හාමු මේ වැඩේ කොරන්නට ඇත්තේ ඔහුගේ දූපත් මානසිකත්වයෙන් එහාට ගිය ශ්‍රේශ්ට මොලයෙන් සිතා බලා ඔහුගේම මාධ්‍ය ඒකකය විසිනැයි උන් අනුමාන කරති. අපි අත්පුඩියක් ගහමු නේද මිත්‍ර වරුනි.

    ඔන්න ඔහොමයි වැඩ සිද්ද වෙන්නේ.
    මුළු පාර්ලිමේන්තුවම විහිළුවක් බවට පත් කල ලැජ්ජා භය නැති ශ්‍රේෂ්ට අගමැති වරයාට අවලාද නොනගනු.

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් එක මම දැක්කේ නෑ, දැක්කත් බලන්නේ නැති වෙයි. මට පිස්සුද ඔය වගේ ජලාහුටං විකාර කියව කියව ඉන්න.

      හැබැයි, මුන් තමා නියම වහල්ලු !

      Delete
  4. අන්න වාර්තාව පිට කරලා...

    ReplyDelete
  5. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතයි - පුවතක්

    ඉස්සර අගමැතිලා කතාව ඉවර කළේ 'ඔබ සැමට තෙරුවන් සරණයි' කියල.
    ඒකට දැන් ...
    ‘මං කෑ ගැහුවම ඔය ගොල්ලො කෑගහන්න’

    ReplyDelete
  6. නයනෙ - සිතුවිළිJanuary 18, 2018 at 7:46 PM

    ඔය වාර්තාව නිකුත් වුනයි කියල රනිල්ගෙ මයිලක්වත් හෙල්ලෙන්නෙ නෑ හිටං ඉන්නකං

    ඒ වගේම ඔය වාර්ථාව හරහා මහ දවල් බැංකු කොල්ලකෑ නඩය හිටං විසින් දඬුවමට ලක්කර වැඩකරන ජනතාවගේ ඊ පී එෆ් අරමුදලින් කොල්ලකෑ කෝටි ගනනක ධනය නැවත ජනතාවට අයකර දෙනු ඇතැයි යමෙකු බලාපොරොත්තු වනවානම් හෙතෙම එළුවාගේ අහවල් එක වැටෙන තුරු පස්සෙන් ගිය නරියාට දෙවෙනි නොවන්නෙකි.

    ඒවගේම මගේ අනාවැකියකුත් කියන්නම්.

    මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වනතුරු මේ නාටකය රඟාගෙන ගොස්, අවසන් මොහොතේදී රනිල්ව අගමැති කමින් නෙරපීමට තමා තීරනය කල වග ප්‍රකාශ කරනු ඇත.
    එමගින් උරනවන කොල ලේ ඇති උන් පෝලිමේ ගොස් තම පක්ශය බේරාගැනීම වෙනුවෙන් චන්දය ප්‍රකාශ කරනු ඇත.
    එසේම ඉන් කුල්මත් වන දැනට පොහොට්ටුවට පක්ශ මතයක සිටින් නිල් ලේ ඇති උන් වහා අංශක 180 කින් කරකැවී මයිහ්‍රී ගේ වීරත්වයෙන් උමතු වී අතලකුනට චන්දය දෙනු ඇත.
    එමහින් බලාපොරොත්තු වන්නේ කෙසේ හෝ පොහොට්ටුව ජය ගැනීම වලකා එ ජා පයට ජය අත්කර දීමයි.
    එසේම චන්ද ප්‍රතිපල නිකුත් වූ පසු මාධ්‍යයට රනිල් ධූරයෙන් පහ කරන කථාව අමතක අතර එවැනි ගැසට්ටුවක් කිසිදින නිකුත් නොවනු ඇත.
    ඉන් පසු මයිත්‍රී රනිල් යුගලය අපූරුවට ජනතාවට කොකාපෙන්වා ඉදිරියටත් ධූරයන් දරාගෙන සිටිනු ඇත.
    මාගේ අනාවැකිය බොරු වේවා යැයි මා පතමි.

    ReplyDelete
  7. 360 ට අවිත් ආයෙත් ලජ්ජ භය නැති බව ඔප්පු කලා නේද

    සොරකම කලායින් පස්සෙත් ආයෙ ජනතාව නැවත පත් කල නිසා ඉල්ල අස්වෙන්න වුවමනාවක් නැහැලු.
    දෙතිස් කථා මේ ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. 360 නොබැලීමි.

      එහෙත් ජුන්ටාධිපති වික්‍රමසිංහගේ තර්කයේ ඇත්තක් තිබේ. ජනාධිපති කොමිසමෙන් සොයා බැලූ දූෂණය සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස් විය යුතුනම් අස් විය යුතු වන්නේ ඒ කාලයට අදාළ ධුර කාලයෙන් බව ඔහුගේ තර්කයේ පදනමයි. (ඔහුට අනුව වරදට දඬුවම අගමැති තනතුර අහිමි වීමයි !). දැන් දරමින් සිටින අගමැති තනතුර අර වංචාවට පසුව ලැබුණු දෙයක් නිසා ඊට දඬුවම් වශයෙන් ඉල්ලා අස් විය යුතු නැත.

      මේ තර්කය ඉදිරියට ගෙන ගියහොත් මහින්ද රාජපක්‍ෂ සමයේ සිදු කළා යැයි බෙරිහන් දෙන වංචා දූෂණ ගැන කතා කිරීමත් තේරුමක් නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !