ජනමත සමික්‍ෂණ වලින් කියවුණේ හිලරි ක්ලින්ටන් දිනන බවය. ජනමාධ්‍ය වලට ඇගෙන් තොර අනාගත ඇමරිකාවක් නොවීය. සුප්‍රකට නිවුස්වීක් සඟරාව ඇගේ රුව මුල් පිට කවරයට යෙදූ සඟරා දහස් ගණනක් මුද්‍රණය කර බෙදා හරින ලද බවට අන්තර්ජාල කටකතා පැතිරුණේ එහෙයිණි. ජනාධිපති නෝනා ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාම බලවත් පාර්ෂව බලාපොරොත්තු වූයේ හිලරිගේ ජයග්‍රහණයයි. ලංකාවේද මේ තත්වයේ වෙනසක් නොවීය. ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක නම් තිථිය ලත් සඳු දින ෴
ඩොනල්ඩ් ට්‍රම්ප් අභය මුද්‍රාව දක්වමින් වර්තමාන ලංකාවේ ජනතාව ලංකාවට ආදරය කරනවාට වඩා ඇමරිකානු ජනතාව ඇමරිකාවට ආදරය කරන බව පෙන්වා දී තිබේ. 2005 දී රනිල් sms ජනාධිපති ලෙස සහ 2010 දී සරත් facebook ජනාධිපති ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වූ අයුරින් දැන් හිලරිද ඇමරිකාවේ ජනමත විමසුම් ජනාධිපති ලෙස සතුටු විය හැකිය. ලංකාවේ සිරිසේන සේම ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් ද ඇමරිකානු ජනතාවගේ නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේක්ෂිකාව වූවාය. වෙනත් වචන වලින් කියතොත් හිලරි ක්ලින්ටන් ටොයියන් ආමන්ත්‍රණය කළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ආමන්ත්‍රණය කරන ලද්දේ ඇමරිකානු බයියන් වෙතය. සිරිසේන වෙත ජනමාධ්‍ය සහය සහ ජාත්‍යන්තර සහය පැවති අයුරින්ම හිලරි වෙතද ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර සහය පැවතිණි. ජනාධිපතිවරණයට වසර කිහිපයක් පෙර සිටම රාජපක්‍ෂ ප්‍රතිරූපය වැට්ටවීමට ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියා කළ අයුරින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය වැට්ටවීමට ඇමරිකාවේ සහ ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් ක්‍රියා කෙරිණි. මේ ක්‍රියා මල්පල ගන්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා වැඩි ඡන්ද ගණනක් දිනා ගැනීමට ක්ලින්ටන් සමත් වූයේ ලංකාවේ සිරිසේන වැඩි ඡන්ද හාරලක්‍ෂ ගණනක් ගත් අයුරින් මය. එහෙත් ඇමරිකානු ටොයියන්ගේ අවාසනාවට ඇමරිකානු ජනාධිපතිවරයා මහජනතාවගේ සෘජු ඡන්දයෙන් තේරී පත් වන්නේ නැත. ජාත්‍යන්තර ප්‍රජාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට වාසනාවන්ත වීම පිළිබඳව ඇමරිකානු ප්‍රජාව වෙත දෙතිස් කතාවේ සුභ පැතුම් ! ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර දසවක නම් තිථිය ලත් ගුරු දින ෴