Thursday, July 28, 2016

ඡායා කැබිනෙට්ටුව සහ රණවිරුවන් පාවාදීම

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතා විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී වරුන්ගේ සංසදය වන "ඒකාබද්ධ විපක්‍ෂය" විසින් ඡායා කැබිනෙට්ටුවක් පත් කර ගත් බව පුවත් පත් වල පල විය. මේ වනාහී බ්‍රිතාන්‍යයේ වහරේ එන shadow cabinet යන්න පදගත පරිවර්තනයට ලක් කිරීමෙන් තනා ගත්තකි.

ජාතිවාදීන් ලෙස නිකරුනේ චෝදනාවට ලක් වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලය නාඳුනන බව ඉහත සිද්ධියෙන් පෙනේ. ඉංගිරිසි මනුෂ්‍යයෙක් shadow cabinet ය යන්නෙන් ලබා ගන්නා අදහස සිංහලයෙකුට 'ඡායා කැබිනෙට්ටුව' යැයි කී විට ලැබේද?

වෙනත් වචනයෙන් කියතොත්: පොල් බූරුවාට ඉංගිරිසි මනුෂ්‍යයා coconut donkey යැයි කියන්නේ නම් ඒ මිනිසා විසින් පකිස් බූරුවා හැඳින්වීම පිණිස භාවිතා කළ යුත්තේ කවර වදනක්ද?

සිංහලය නාදුනනු පමණක් නොව, ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින බවද තවත් තහවුරු කරමින් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීමේ පනත අධිකරණයේදී අභියෝගයට ලක් නොකර සිටීමටද ඒ අය තවදුරටත් කටයුතු කර තිබිණි. ඒ දිනවල උදය ගම්මන්පිල්ල රිමාන්ඩ් භාරයේ සිටින්නට ඇත. එහෙත් අනික් අයවළුන් අල හිටෙව්වා ද?





ආණ්ඩුව විසින් ඉදිරිපත් කෙරුණු රණවිරුවන් පාවාදීමේ පනත සහ එහි ආනිසාංශ ගැන මනා විග්‍රහයක් ආචාර්ය නලින් ද සිල්වා විසින් තමන්ගේ කාලය වෙබ් අඩවියේ පල කර තිබිණි. පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කොටසකි.

රණවිරුවන් පාවාදීම


ආණ්ඩුව මේ ඊනියා කාර්යාලය පිහීටුවන්නේ නීතියට පිටිනි. එය සුපිරි අධිකරණයක් බව ආණ්ඩුව නො කියයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 4(c) වගන්තියට අනුව පාර්ලිමේන්තුව මගිනි. එහෙත් එම වගන්තිය අනුව ඒ ක්‍රියාත්මක කළ හැක්කේ ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අධිකරණ බලතල සහිත උසාවිවලට ය. එසේත් නැත්නම් නීතියට අනුව පිහිටුවන ලබන ආයතනවලට ය. මෙහි නීතිය යනු පවත්නා නීතිය මිස අනෙකක් නොවෙයි. යම් ආයතනයක් පිහිටුවීමට අලුතෙන් ම පනතක් ගෙන ඒම, පවත්නා නීතිය අනුව ආයතනයක් පිහිටුවීමක් වන්නේ නැහැ. එවිට ආයතනය පිහිටුවෙන්නේ ඒ සඳහාම ගෙනෙන ලද නීතියක් මගිනුයි. ආණ්ඩුව මෙහි දී 4(c) වගන්තිය අනුව ක්‍රියා කරන්නේ නැහැ. එසේ කළත් ආයතනයක් පිහිටුවීමට නව පනතක් ගෙන එන්න බැහැ.

ආණ්ඩුව එබැවින් දෝ අධිකරණ බලතල ගැන කතා නොකර අධිකරණ බලතල දෙන ආයතනයක් පිහිටුවීමට නව පනතක් නීතියට පිටින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. කොටියාට බළලා යැයි කී පමණින් සම්මත ව්‍යවහාරය අනුව ඌ බළලකු වන්නේ නැහැ. ආණ්ඩුව පවත්නා නීතිය අනුව ක්‍රියාත්මක නොවී ව්‍යවස්ථාවට පටහැණිව අධිකරණ බලතල සහිත ආයතනයක් ඊනියා කාර්යාලයක් නමින් පිහිටුවන්න උත්සාහ කරනවා. මේ පනත ගෙන ඒමෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ගැටුම තවත් උග්‍ර කරනවා.

මේ ආයතනය කිසිම අමාත්‍යංශයක් යටතේ නැහැ. එය අධීක්‍ෂණය කරන්නේ කවු ද? ජනාධිපති ද, අගමැති ද, කතානායක ද? එය පාර්ලිමේන්තුවට වග කියනවා යන්න බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතාවක්. පාර්ලිමේන්තුවට වග කීම සඳහා ක්‍රම වේදයක් නැහැ. මෙය මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයටත් වඩා භයානකයි. මේ කොට්ඨාශය පිළිබඳ අධිකරණය ඉදිරියේ නඩුවක් තිබෙනවා. ඒ නිසා ඒ ගැන වෑඩිදුර කතාකරන්න බැහැ. ඊනියා කාර්යාලයට හත්දෙනකු පත්කරන්න පුළුවන්. මේ හත්දෙනාම සිංහල බෞද්ධ විරෝධී හමුදා විරෝධී අය වන බවට සැකයක් නැහැ. අවසානයේ දී ඊනියා කාර්යාලය කටයුතු කරන්නේ පාකියසෝති සරවනමුත්තුට හා චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය ආකාරයට ද?

මේ ආයතනයට (නිලධාරියකුට) ඉදිරිපත්කරන රහස් තොරතුරු සම්බන්ධ කරුණු විමසීමට ශ්‍රෙෂ්ඨාධිකරණයටවත් බැහැ. ඊනියා කාර්යාලයට විභාග කිරීමටත් බලය තිබෙනවා. අතුරුදහන්වූවන්ගේ නෑයන්, මිත්‍රයන්, විදේශීකයන් සමග ගිවිසුම්වලට ඒමට ඊනියා කාර්යාලයට බලය තිබෙනවා. ඊනියා කාර්යාලයට විදේශවලින් අරමුදල් ගන්න පුළුවන්. විදේශීය සාක්‍ෂිකරුවන් කැඳවන්න පුළුවන්. එයට සාක්‍ෂි ආඥාපනත වලංගු වන්නේ නැහැ. ඕනෑම සිංහල විරෝධී හමුදා විරෝධී අයකුට සා’’ක්‍ෂි නැතිව වුවත් ඊනියා කාර්යාලයට තම අසත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. චැනල් 4 නාලිකාවේ මැක්රේලාට ඇවිත් බොරු කියා යන්න පුළුවන්. ඔවුන්ගේ බොරු චෝදනාවලට ඔවුන්ගේ ම බටහිර ජනමාධ්‍ය මගින් ප්‍රචාරයක් දේවි. අද යාපනයේ සිදුවන දේටත් වැරදිකරුවන් හමුදාව හා සිංහල සිසුන් බව කියන බටහිර ජඩමාධ්‍යවලට සිංහලයන් සමග ඇති බද්ධ වෛරය නිසා කියන්න බැරි දෙයක් නැහැ. ඔවුන්ගේ ඊනියා සාක්‍ෂි අනුව හමුදාව හා රණවිරුවන් පාකියසෝතිලාගේ දංගෙඩියට දැක්කවීමට ආණ්ඩුව සූදානම් වෙනවා. රාජපක්‍ෂලාට විරුද්ධවත් ඊනියා සාක්‍ෂි ගෙන ඒවි.

මේ ආයතනයට පොලිසිවලට, හමුදා කඳවුරුවලට, බන්ධනාගාරවලට, ඕනෑම වෙලාවක දැනුම් දීමකින් තොරව ගිය හැකියි. ඕනෑම භාණ්ඩයක්, ලියවිල්ලක් තමන් සන්තක කරගත හැකියි. හමුදා, පොලිසි බුද්ධි අංශ ආදී නිලධාරීන් මේ ඊනියා කාර්යාලයට සහයෝගය දැක්වීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන එහි දී බලරහිත වෙනවා. ආයතනයට සහයෝගය නොදෙන අයකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කිරීමට පුළුවන්. මේ ඊනියා කාර්යාලයේ සේවකයන් ලෙස විදේශීකයන් වුවත් බඳවා ගන්න පුළුවන්. උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් දෙන්නට හැකි වන්නේ උසාවියකටත් වඩා බලතල සහිත ආයතනයකටයි. මේ ආයතනය පාර්ලිමේන්තුවත් ඉක්මවා යන්නක් බවට පත්වෙනවා.

මෙතැනදී නැවත සඳහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ජුන්ටාධිපති නාමධාරී වික්‍රමසිංහ තෙමේ මේ ලක පහල වූ අතිශය තක්කඩි කූට කෛරාටික අශික්‍ෂිත දේශපාලනඥයා බවයි. මෙවැනි පාවා දීමක් ඔහු විසින් කෙරෙන්නේ ඉතාම සද්භාවයෙනි. එහෙත් ඔහු පසුපස සිට බබුරාගෙන පනින බල්ලාට රඟන ගරු වෙල් විදානේ තුමා, ඔහුටම අනුව මහා යුධ අපරාධකාරයා හෙවත් යුද්ධය තනියෙන් ඉවර කළ තැනැත්තා, මේවා ගැන කටවල් දෙකම වසාගෙන සිටින්නේ ඇයි? මෙහි ඇත්තේ ඩීල් එකක් ද?

තමාට උපන්තේකට ලබා ගත නොහැකිව තිබූ අගමැති තනතුර කුටෝපක්‍රම භාවිතයෙන් ලබා දුන් බටහිර සහ ඉන්දීය ඔත්තු සේවා වෙත ජුන්ටාධිපති කළගුණ සැළකිය යුතුය. ජනතා වරමින් මන්ත්‍රී ධුරයට පත් විය නොහැකි තමා මන්ත්‍රී පදවියට පත් කර ඇමති කමක්ද ලබා දුන් ජුන්ටාධිපති වෙනුවෙන් වෙල් විදානේ කෘතඥතාව දැක්විය යුතුය. ඒ ඒ අය තම තමාගේ ඩීල් යහමින් කරගෙන අවසන් වන විට අපට රටක් ඉතිරි වී තිබේද?


11 comments:

  1. අවාසනාවන්ත ජාතියක ඉරණම එලෙස ලියැවෙමින් පවතී............

    ReplyDelete
  2. සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?

    කුඩා ළදරුවෙක් වැඩිහිටියෙකු හා 5000 නෝට්ටුවක් ගැන සිතා බලන්න.
    5000 වටිනාකම ලධරුවා නොදනි. ඔහුට එය අතට අහුවන යමක් පමණි.
    බුදුදහමේ සංකල්ප වලින් ඇත කර ජිවිතයෙන් අඩක් බටහිර දැනුම පිරුණු ඔලුවට ඒ දැනුම ඔස්සේ අනෙක් දැනුම් සංකල්ප තේරුම් ගැනීමට යාමෙන් අදහස් විකුර්ති විය හැක. සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?
    ජීවියා අතැහැර සත්වයා ගැන බෞද්ධ ඉගෙනුම කුමක්දැයි කියාදිය හැකිනම් වටී යයි සිතේ.
    ඉඩක් ඇත්නම් සලකා බලන්න..........

    ReplyDelete
    Replies
    1. හරියට හරි. බයවෙන්න එපා ගහන්ඩ මහත්යෝ ඕකගෙ හතර හන්දි කැඩෙන්න.

      Delete
    2. මා විසින් ලියන ලද ලිපියේ ප්‍රමුඛාර්ථය මේ ඇනෝ විසින් මතු කරන කාරනයම තමයි.
      ජීවියා යන්න නූතන විද්‍යාවට ගැලපෙන වචනයකි
      (එහෙත් පුරාතන දැනුම් පද්ධති වලද මේ සංකල්පය තිබූ බව පෙනේ )
      සත්ත්වයා යන සංකල්පය හා පැහැදිලි කිරීම බුදු දහමේ හැර අන් කිසිදු දැනුම් පද්ධතියක හමු නොවනු ඇත.
      ජීවයෙන් වෙන්කොට ගත් සත්ත්වයා ගැන ඉදිරි ලිපියක් ලියන්නම්.

      Delete
  3. කණිෂ්ක, මේ දේශපාලන තත්වය පාලනය කල නොහැකි තරමටම මුහුකුරා යමින් ඇති බව සිහි බුද්ධිය ඇති කාටත් වැටහෙනවා. ඒත් ඒ නිසාම මෙසේ කථා 32 නිහඬ වන්නට හැරීම අපරාධයක් නේද?
    කථා 32 පසුගිය 5 වසරක් තුල ගොඩ නගා ගත් අනන්‍යතාවය මත ඒ සතු සමාජ වගකීමක් තියෙනවා නේද?
    ජාතියේ ඛේදවාචකය ගැන මෙන්ම පාඨකයාගේ අවබෝධය වෙනුවෙනුත් ආයෙත් යමක් කරමුද?

    ReplyDelete
  4. අතිශයින්ම කාර්‍යභහුල නොවන සෑම දිනකම අඩුම ගනනේ දිනකට එක් වතාවක් කථා 32 විවර කර බලා පෙරලා යමි !

    ReplyDelete
  5. අද පෝය. මේ කුණුහරුප වෙනුවට හොඳ දෙයක් කතා කරමු.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත,
      කාලෙකින් ජෝසප්ගෙන් හොඳ අදහසක් කියෙව්වේ නැහැ.
      නරකද ඔබතුමා ලිපියක් සම්පාදනය කරලා දුන්නොත්.
      අපේ කනිෂ්ක සහෝදරයා ලොකු අවුලක වගෙයි පෙනෙන්නේ.

      Delete
    2. රාජකාරි පරිසරය වෙනස් වීම හේතුවෙන් නිතර ප්‍රතිචාර දැමිය නොහැක. දැන් එකෙක් පස්සෙන් ඉඳගෙන 'මූ මොකද කරන්නේ දැන් මූ මොකද කරන්නේ' කියා බලා සිටින්නේය. එසේ වුවත් ඔබ තුමාගේ අදහසත් නරකම නැත. බලමු.

      Delete
    3. සතුටුයි සතුටුයි ! ඔබගේ පිළිතුර දැක මා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.
      ඉක්මනින් අපට එම වාසනාව උදා වේවායි පතනෙමි !

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !