Monday, March 7, 2016

වත්ත බද්දට දී ඇස්සට දත නියවීම

නේරුලා විසින් නූතන ඉන්දියාව සාදා ගැනීම පිණිස කෙවට්ඨ උපක්‍රමය භාවිතා කළ අයුරු අප පෙර ලිපියෙන් සංවාදයට ගතිමු. එහි ලා අවාසිදායක ගිවිසුම් වලට එළැඹීමට ස්වකිය අසල්වාසීන් පෙළඹවීම පිණිස මිලිටරි බලහත්කාරය යොදා ගත් අයුරු උදාහරණ සහිතව හැදෑරුවෙමු. තත් කාරණයේදී ඉන්දියාව විසින් උපකරණ කර ගත් ගිවිසුම් පිළිබඳව අද විමසා බලමු. මින් පළමුවැන්නෙන් අදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමග වූ ගිවිසුම්ගත බැඳීම් එළෙසම අභිනව `නිදහස්` ඉන්දියාව සමගද වලංගු බවයි. සැකෙවින් කියතොත් වාංශික රාජ්‍ය වලට ස්වෛරීභාවය වෙනුවට ඉන්දියාවේ අභිමතය පරිදි පමණක් විදේශ සම්බන්ධතා හා ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට මින් බල කෙරිණි.

ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්‍රහ කළ යුතු කරුණු වේ.






පෙර කී වංශික රාජ්‍ය පසුව යටත් කර ගන්නා තෙක් (ඒ අවස්ථාවේ ඉන්දීය හමුදා බලය සීමිත නිසා) වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධ වී රාජ්‍යතාන්ත්‍රික වශයෙනුත් හමුදාමය වශයෙනුත් ශක්තිමත් නොවන බවට Standstill Agreement ගිවිසුම් මගින් වගබලා ගන්නා ලදී.

දෙවන වර්ගයේ ගිවිසුම මගින් ඉටු කරන ලද්දේ අදාළ රාජ්‍යයේ එවකට සිටි පාලකයාට නාම මාත්‍රිකව ගෞරවාන්විත සමුගැනීමක් ලබා දීමයි. එහිදී රාජ්‍යයේ සහ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කිසිවක් සළකා නොබැලිනි. යට දැක්වෙනුයේ අප පෙර ලිපියේ සඳහන් කළ ත්‍රීපුරය අමුණා ගැනීමේ කටයුත්තේදී අත්සන් කිරීමට බල කෙරුණු ගිවිසුමයි.
AGREEMENT made this ninth day of September 1949, between the Government-General of India and His Highness the Maharaja of Tripura.

WHEREAS in the best interests of the State of Tripura as well as the Dominion of India it is desirable to provide for the administration of the said State by or under the authority of the Dominion Government:—

It is hereby agreed as follows:—

Article I

The Maharaja of Tripura cedes to the Dominion Government full and exclusive authority, jurisdiction and powers for and in relation to the governance of the State and agrees to transfer the administration of the State to the Dominion Government on the fifteenth day of October 1949 (herineafter referred to as the said day).

Article II

The Maharaja shall with effect from the said day be entitled to receive from revenues of the State annually for his privy purse the sum of Rupees Three lakhs and thirty thousand only [R330,000] free of taxes. This amount is intended to cover all the expenses of the Ruler and his family, including expenses on account of his personal staff, maintenance of his residences, marriages and other ceremonies etc. and will neither be increased nor reduced for any reason whatsoever.[1] The said sum may be drawn by the Maharaja in four equal installments in advance at the beginning of each quarter from the State Treasury or at such other treasury as may be specified by the Government of India.

Article III

The Maharaja shall be entitled to the full ownership, use and enjoyment of all private properties (as distinct from State properties) belonging to him on the date of this agreement.

The Maharaja will furnish to the Dominion Government, before 10 October 1949, an inventory of all the immovable property, securities and cash balances held by him as such private property.

If any dispute arises as to whether any item of property is the private property of the Maharaja or State property, it shall be referred to a judicial officer qualified to be appointed a High Court judge and the decision of that officer shall be final and binding on both parties.

Article IV

The Maharaja shall be entitled to all the personal rights, privileges, immunities and dignities enjoyed by him as the Ruler of Tripura, whether within or without the State, immediately before 15 August 1947.

Article V

All the members of the Maharaja's family including Her Highness the Rajmata shall be entitled to all the personal privileges and titles enjoyed by them, whether within or without the territories of the State, immediately before the 15th day of August, 1947.

Article VI

The Dominion Government guarantees the succession, according to law and custom, to the Gaddi of the State and to the Maharaja's personal rights, privileges, dignities and titles.

Article VII

No enquiry shall be made by or under the authority of the Government of India and no proceedings shall lie in any Court of Tripura against His Highness the Maharaja or Her Highness the Mararani Regent whether in a personal capacity or otherwise in respect of anything done or omitted to be done by them under their authority during the period of Regency administration of the State.

Article VIII

The Government of India hereby guarantees either the continuance in service of the permanent members of the public services of Tripura on conditions which will be no less advantageous than those on which they were serving before the date on which the administration of Tripura is made over to the Government of India or the payment of reasonable compensation.

The Government of India further guarantees the continuance of pensions and leaves salaries sanctioned by the Government of His Highness the Maharaja to members of the public services of the State who have retired or proceeded on leave preparatory to retirement before the date on which the Administration of Tripura is made over to the Government of India.

Article IX

Except with the previous sanction of the Government of India no proceedings civil or criminal shall be instituted against any person in respect of any act done or purporting to be done in the execution of his duties as a servant of the State before the day on which the administration is made over to the Government of India.

In confirmation whereof Mr. Vapal Pangunni Menon, adviser to the Government of India in the Ministry of States has appended his signature on behalf and with the authority of the Governor-General of India and Her Highness Queen Kanchanprava Devi, Maharani Regent of Tripura, has appended her signature on behalf of His Highness Maharaja Bir Bikram Kishore Manikya Bahadur Debbarma, the minor Ruler of Tripura, his heirs and successors.

Dated New Delhi, The 9 September 1949. ෴


බොහෝ කුඩා රාජ්‍ය ඉන්දියාව හා එක් වීමට තෝරා ගත්තේ තමාට ස්වාධීන පැවැත්මක් ඇත්තේය යන්න යථාර්තය නොවන බව වැටහුණ බැවින් වුවත් ප්‍රමාණයෙන් විශාල හා ධනවත් රාජ්‍ය ඊට එකඟ නොවීමට තමාගේම හේතු තිබිණි.

එහෙත් වඩා සටකපට වූ ඉන්දියාව වඩා ඉක්මන් ද විය. මේ රාජ්‍ය ජාතික රාජ්‍ය නොවීය - එනම් රාජ්‍යය හා ජාතිය එකක්ම නොවීය. උදාහරණයක් ලෙස හයිදරාබාදය මුස්ලිම් රාජ්‍යයක් වුවත් බහුතරය හිංදු අදහන්නොය. එසේම හිංදු මහාරාජා කෙනෙකුගේ පාලනය යටතේ පැවති ජම්මු කාශ්මීරයේ බහුතරය මුස්ලිම් විය. මේ හේතුව නිසා ඉන්දියාවට ඒ ඒ රටවල අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමට ඉඩ ලැබිණි. එකී රටවල් ස්වාධීන වී ජාතියක් ගොඩ නගා ගැනීමට පෙරම ඒ රටවලට කිඳා ගොස් අස්ථාවරත්වය ඇති කිරීමට සමත් වීම ඉන්දීය කෞටිල්‍යයයන්ගේ සාර්ථකත්වයයි. මෙයම සිංහල රටේ දෙමළුන් සමග අත්හදා බැලීමට ගිය නේරුගේ මුණුපුරාට දෙමළරටේදී වාෂ්ප වීමට සිදු වීම දෛවයේ සරදමකි.

පහසුවෙන් නොනැමුණ පාලකයන් මෙවැනි හානිදායක ගිවිසුම් නම්මවා ගැනීමට ඉන්දියාව යොදා ගත් පළමු ආයුධය මහජන කලකෝළාහල වේ. පාන් කෑල්ලකට මිනිසෙක් මරා දැමීමට පසුබට නොවන තුච්ඡ සහ පිළිකුල් සහගත මිනිසුන් කෝටි ගණනක `කක්කා හමුදාවක්` නේරුට සහ ගාන්ධිට මේ කාර්‍යයේදී උදව්වට සිටි අතර බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව සාර්ථකව 'එපා' කරවන ලද්දේ අදත් මහපාරේ මළපහ කරන ඉන්දියානුවන්ගේ මෙකී පූර්වජයන් විසිනි.

නීතිය සහ සාමය රැකීමේ මුවාවෙන් ඒ රට තමන් යටතට ගැනීමට මේ ආකාරයේ සිවිල් කලකෝලාහල වලින් ඉන්දියාවට ඉඩ ලැබිණි. පාකිස්ථානය හා එක් වීමට තීරණය කළ ජනාබාද් රාජ්‍යය යටත් කර ගැනීමට ඉන්දියාව කළේ දේශසීමාව වසා දමා ජනතාව හාමතේ තැබීමයි. පසුව ඉන්දියාව තුල සිටි තම හෙංචයියන් ලවා `විකල්ප රජයක්` තනවා ඔවුන් ලවා නියම රජයට බලපෑම් කරවීමත් පසුව ජනාබාද් රාජ්‍යය නම්‍යශීලි වූ අවස්ථාවේ ප්‍රතිරෝධයකින් තොරව හමුදාව යොදවා තමාට අවශ්‍ය පරිදි ජනමත විචාරණයක් පැවැත්වීමත් කරවන ලදී. ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කර දෙමළුන්ට මයිසූර් පරිප්පු දැමීමත් කොළඹ වරාය අවහිර කර ජනාධිපති ජයවර්ධන බිය කර නින්දිත ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් ගැනීමත් මේ හා සමාන කර්තව්‍ය වේ. රාජිව් ගාන්ධිට ඒ සඳහා වන උත්තමාචාරය රයිෆල් බඳකින් පිට පුරා ලැබිණි.

මේ සියල්ල පල රහිත වූ විට නිර්ලජ්ජිත හමුදා යෙදවීම් වලටද ඉන්දියාව පසුබට නොවීය. හයිදරාබදයෙන් සහ කාශ්මීරයෙන් පෙනෙන්නේ ඒ උදාහරණයයි. මනිපූර් සහ ත්‍රීපුර රාජ්‍යයන් ඉන්දියාවට යටත් වීමට තීරණය කරන්නේ මේ නිරුවත් ආක්‍රමණයෙන් පසුය. සිකීම් රාජ්‍යයේ බල පෙරළිය ක්‍රමානුකුල සැලැස්මකට අනුව වසර ගණනක සිට කෙරුණු දේදුණු විප්ලවයකි. එහි සොභිතලා සහ සිරිසේනලා ද සිටියහ.

මේ සියල්ලෙන් අප ඉගෙන ගත යුතු පාඩම නම් ඉන්දියාව කිසිවෙකුගේ හෝ මිතුරෙක් නොවන බවයි.

ඉන්දියාවත් ඉන්දීය මහකොමසාරිස් තැනත් පමණක් නොව ඔහු වෙනුවෙන් ලංකාවේ ක්‍රියා කරන විදේශ අමාත්‍යාංශයත්, ඉන්දීය සහයෙන් පැවති ආණ්ඩුව පෙරළා දමා බලයට පත් වර්තමාන ජුන්ටාවත් ඉන්දියාව බෝධිසත්වයෙක් බව කියනු ඇත - ඉන්දියාවෙන් අපට බුදුදහම සහ තවත් බොහෝ දේ පැමිණි බව කියනු ඇත. ඉන්දියාවේ ආර්ථිකය නැංවීමේ ඇමැති (අනේවාසික !) හෙවත් රනිල් ජුන්ටාණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමත් ඉන්දියාව හා ගසන ගිවිසුමක් මගින් ලංකාව තුලම කේතුමතී ස්වර්ග රාජ්‍යය පහළ වනු ඇති බවට දේදුණු වර්ණ කතාන්තර කියනු ඇත. එහෙත් අප මතක තබා ගත යුතු කරුණු ඇත්තේ දෙකකි.
  1. ඉන්දියාව සෑදීම ඇරඹුණේ 1947 දී වන අතර එය 1970 ගණන් වල බොහෝ දුරට සම්පූර්ණ විය. 1947 වන විටත් අපි වසර 2300 පමණ බුදුදහම ඇදහූ ජාතියක් වූ අතර ඉන්දියාවෙන් අපට ලැබුණු කෙංගෙඩියක් නැත.
  2. ඉන්දියාව ගිවිසුම් ගසන්නේ අප කවදා හෝ ඈඳා ගැනීම අරමුණු කොටගෙනය. ඔවුන් මීට පෙර ඈඳා ගත් රාජ්‍ය සමග ගැසූ ගිවිසුම් වලින් ජාතික ආරක්‍ෂාව, විදේශ කටයුතු හා විද්‍යුත් මාධ්‍ය පළමුව තමන් යටතට පවරා ගත් බව අපි දනිමු. අද මේ සියළු අංශ ඉන්දියාව පවරාගෙන නැද්ද ?
ඊනියා සහයෝගීතාවක නාමයෙන් අපේ ආර්ථිකය වහල්භාවයට පත් කර ගැනීම ඉන්දියාවේ මීළඟ අභිලාශය වෙයි. සාමපුරේ ගල් අඟුරු බලාගාරයක් තනන්නෙත්, ගෝකන්ණ වරාය ආශ්‍රිතව තෙල් ටැංකි අයිති කර ගන්නෙත් CEPA හෝ ETCA හෝ කවර හෝ නමකින් තවත් අප ග්‍රහණයට ගැනීමට තැත් කරන්නෙත් මේ අභිලාශය වෙනුවෙනි.

ජුන්ටාධිපති සහ ජුන්ටාණ්ඩුව පෙනී සිටින්නේ ඉන්දීය අභිලාශ වෙනුවෙනි. අප පෙනී සිටිය යුත්තේ කාගේ අභිලාශ වෙනුවෙන්ද ?




23 comments:

  1. අනර්ග ය!

    කිසි දා නෙලුම් යායෙන් සම්මානයට පාත්‍ර නොවන ඔබේ අගනා ලිපියට මෙන්න සා ර ස තුමා ගේ සා ර ස සම්මානය!

    ReplyDelete
    Replies
    1. සා ර ස තුමා ගේ සා ර ස සම්මානය ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගනිමි.

      Delete
    2. සරසා නෙලුම් යායත් එක්ක තියෙන අරෝව මොකක්ද? ඔයාට ඔය කතා කරනන් තියන නිදහස් අපට මහින්ද හිටපු කාලේ ඒ විධිහටම දුන්නේ නැහැ. අපට මහින්ද එක්ක තිබ්බේ ඒ ප්‍රශ්නය විතරයි. වෙන ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එකත් ඒ විධිහට වෙලා තිබ්බේ වටේ හිටිය පෞද්ගලික වාසි වලට ලෙවකාගෙන හිටිය වන්දි භට්ටයෝ නිසා කියල අපි අද දන්නවා. උන්ට කවුරු හරි විරුද්ධ කාරයෙක් පෙන්වනන ඕනේ ගාන කපා ගන්න. මේ ආණ්ඩුවේ උනත් එච්චරයි. අපිව අයින් කරලා ඔයාගේ වැඩේ ගෙනියන්න. කනිෂ්කගේ මේ ලිපය දාන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහම ලිපිත් ඒකෙ දානවා.
      http://nelumyaya.com/?p=5129

      Delete
    3. ලිපිය කියා ලියවිය යුතුයි.
      එසේම ඒ නිසා කස්තුරි ආරච්චි මහත්මයෝ මතක තබා ගන්න රජයේ තර්ජනයකින් තොරව ඔබට කොමෙන්ට් හෝ බ්ලොග් ලිවීමේ ඔබේ නිදහස වෙනුවෙනුත් අපි පෙනී හිටින බව.

      Delete
    4. මධ්‍යස්ථ මතධාරියා පවසන අයුරින් හුදෙකලාවේ ම පැවති බ්ලොග් අඩවියක් වන දෙතිස් කතාවේ අප නෙලුම් යාය හෝ ඒ නමින් දෙන සම්මාන හෝ ඒවා පසුපස වන දේශපාලන/සමාජයීය අභිලාශ පිළිබඳව හෝ වැඩි යමක් දන්නේ නැත.

      සා ර ස තුමාගේ ප්‍රතිචාරය විසින් අජිත් මහතාට යම් සිත් තැවුලක් වී නම් ඒ සම්බන්ධයෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරමි.

      Delete
  2. අද ශ්‍රී ල නි ප මරා දමා ඇති අතර මෛත්‍රිපාල සිරිසේන ව්‍යායාම කරන, රෝගීන් බැලීමට යන, මළගෙවල්වල යන, ජම්බෝරිවලට යන ජනාධිපතිවරයකු බවට පත් වී ඇත. ඔහු කටයුතු කරන්නේ රනිල්ට අවශ්‍ය ආකාරයට ය. රනිල් කටයුතු කරන්නේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ය. මේ මා කැමති නෑනට, නෑනා කන කෑමට යන්නෙහි විලෝමයකි.

    ඒ අතර ලංකාව ක්‍රමයෙන් ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙමින් සිටියි. බෑණාගේ එට්කා ගිවිසුම මාමාගේ 1987 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවැනි පියවර වෙයි. දේශපාලන වශයෙන් ද ආර්ථික වශයෙන් ද ඉන්දියාවට අපේ ඇති ගැති බව වැඩිවෙමින් පවතියි. ඉන්දියාව තම රැකිරක්‍ෂා ප්‍රශ්නය ඇතුළු ආර්ථික ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා ගැනීම සඳහා ලංකාව යොදා ගැනීමට යයි. මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය 1980 දී පිහිටුවනු ලැබූ එනමින් වූ පක්‍ෂය නො වේ. මෝදි පක්‍ෂයේ නායත්වයට පත්වූ විට අතල් වාජ්පායි පක්‍ෂයේ කටයුතුවලින් ඉවත් විය. අද භාරතීය ජනතා පක්‍ෂයට එ ජා පක්‍ෂය ද සාමාජිකයකු වන ඊනියා ඊනියා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකත්වය හිමි වී ඇත. මේ සංගමය ලෝකයේ තිබෙන දක්‍ෂීණාංශීක සංවිධානවල එකතුවකි. මූලික ප්‍රතිපත්තිමය වශයෙන් ඒ පක්‍ෂ යටතවිජිතවාදී ය. ඇමරිකන් හා ඉංගිරිසි ගැති ය. පසුගිය දා නවසීලන්ත අගමැති ජෝන් කී ලංකාවට මූලික වශයෙන් පැමිණියේ මේ සංගමයේ විධායක සභා රැස්වීමකට ය. භාරතීය ජනතා පක්‍ෂයට සංගමයේ සාමාජිකත්වය පිරිනැමුණේ එකී විධායක සභා රැස්වීමේ දී ය. රනිල් මේ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ සභාපති ය. එක්සත් ජාතික පක්‍ෂය මෙන් ම භාරතීය ජනතා පක්‍ෂය ද අද වන විට බටහිර ගැති යටත්විජිතවාදී පක්‍ෂ වෙයි.

    ඉන්දියාව අද බටහිරයන්ගේ අනුග්‍රහයෙන් සීකිම් දේශය මෙන් ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමට සැරසෙයි. ඉන්දියාව හා බටහිර රටවල් ද ඔවුන්ගේ ඔත්තු සේවාවන් ද ඊනියා මහින්ද රෙජීමය පරාජය කෙළේ මූලික වශයෙන් රනිල් ලවා ඒ කටයුත්ත ඉටුකර ගැනීමටත්, දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමටත්, අවසානයේ දී මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට බැරි නම් දුර්වල කිරීමටත් ය. මහින්ද පරාජය කිරීම සඳහා රෝ ඔත්තු සේවය ද බටහිර ඔත්තු සේවාවන්ද මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්තේ ය. ඔවුන් නිමල් සිරිපාල සිල්වා වුව ද ඒ සඳහා යොදා ගැනීමට තිබිණි.

    නලින් ද සිල්වා
    2006 මාර්තු 03

    ReplyDelete
    Replies
    1. අප සිකීම් සංසිද්ධිය ආචාර්ය නලින්ගෙන් 'කොපි' කළේ නැත. එය ජනමනසේ ඇති පොදු දැනුමකි. ලංකාවේ දැන් වන දේ සිකීම් හි දී මීට පෙර සිදු වූ දේ ම බව අප ලියා තැබූයේ පහත අයුරිණි.

      ඉතිහාසය පුනරුච්චාරණය වේ. එහෙත් ඒ එකම තැනදී නොවේ. 1970 ගණන් වලදී සිකීම් දේශය මුහුණ පෑ තත්වයට අද ලංකාමාතාව පත් වී නොසිටින්නීද ? මේ විලම්බීතය අද හෙටම නවතා නොදැමුවහොත් අපට කියා ලංකාවක් ඉතිරි වේද ?

      ඒ ආචාර්ය නලින් ගේ ලිපිය පල වීමට සති එකහමාරකට පමණ කළිනි. ඔබ දක්වන උපුටනයේ දිනය නිවැරදි වීමේ ඉඩක් නැත. එය 2016 වසරේ මාර්තු විය යුතුය. ඔබ එය උපුටා ගත්තේය යනුවෙන් සැළකිය හැකි කාලය අඩවියේ ඇත්තේ ද ඒ වැරදි දිනයම වේ.

      Delete
    2. සමහරවිට නන්න පොලින් සිකීම් සිද්ධිය ගැන අදහස ගත්තේ මේකෙන් වෙන්නත් පුළුවන්. මොකද මීට කලින් නලීන් මහත්තයා වෙල් විදානේ කතාව කියලා තිබුනා.

      Delete
    3. වෙල් විදානේ නාමය හඳුන්වා දීම පිළිබඳ ගෞරවයක් වේ නම් පිළිගනිමි. ඒ අපගේ නිර්මාණයකි.
      ලංකාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් ?

      Delete
  3. Name a single country that has given ethno-religious minorities privileges as Sri Lanka has done

    When global powers are in the hands of Christian West and their media, human rights and other spokesmen come out in a chorus to say that Sri Lanka’s majority Sinhala Buddhists are the wrong doers, the world believes them without looking at the facts. For the majority Sinhala Buddhists to accept guilt they must know the allegations with evidence. So far other than a tirade of name calling there is nothing to show that legally, constitutionally & legislatively minorities suffer grievances because they are a minority. Will countries entertain demands to change national anthem, national song, national flag, and insidious campaigns of baseless allegations, demands for homelands when minorities show no indigenous roots and now even the demand to change the country’s constitution to fulfil their aspirations?

    Name a country that has given status to minorities in the country’s national flag as Sri Lanka has with orange symbolizing Tamils and green symbolizing Muslims. The original national flag did not have the two strips and these were incorporated as an act of good will. How have minorities reciprocated?

    Name a country that has violated the constitution to sing the national anthem in Tamil instead of the language it is to be sung in? Those that said singing the anthem in Tamil ushered unity cannot explain why Tamils created a party seeking separatism in 1949 and are now asking for a separate state in 2016 via a new constitution even after singing in Tamil.

    Name anything legally, constitutionally and legislatively denied to minorities which legally, constitutionally and legislatively is allocated to only Sinhalese.

    Name any insistence where the law and the judgment has been changed because a person was a minority

    Tamils came from Tamil Nadu. Muslims came from Middle East & the Christians/Catholics of both Sinhalese & Tamils arose after forced conversion following the arrival of the 3 colonial invaders. Globally there are 76million Tamils, 1.3billion Muslims and 2.2billion Christians. Their institutions are rich and expansionism of their faith is the job of their religious institutions through their religious heads. In spite of this minorities of Sri Lanka have freedom to practice their religion. They cannot expect individual religious freedom to be entangled with the global mission of conversion through their religious institutions.

    There are only 14.8million Sinhalese. They built the nation as is evident from archaeological and historical data. They built the civilization and developed the nation to what it was when colonials arrived to take over it.

    Name any country that has reciprocated Sinhala Buddhists in their countries by giving a similar place to Sinhala Buddhists in the same manner that the ethno-religious minorities are enjoying in Sri Lanka? Isn’t it legally accepted that one cannot demand what one is not prepared to give?

    ReplyDelete
  4. Is it not because Abrahamic religions use minorities to demand rights of religion so that their institutions can influence society incrementally to eventually replace Dharmic faiths with theirs?

    Did Singapore Hindus not object to hijacking pongal by Christians in 2004? Were Christian missionaries not accused of hijacking yoga, Bharatanatyam in 2006? http://www.asiantribune.com/index.php?q=node/4959 Are Churches not setting up Hindu type of buildings and calling them ‘ashrams’ run by ‘saffron robed padres’ who project themselves as swamijis’ with the intent to project that there is no difference in Hinduism and Christianity so it is easy to convert masses? Have Christians not gone to the extent of creating statues of Jesus in ‘meditating posture siting cross-legged on a lotus like Buddha? Are these initiatives not with evil motive?

    When Hindus or Buddhists react they are bashed by the Christian media as intolerant, racists, fascists and radicals.

    Name a country that has given refuge to Maldivians because for over 3 decades they have been saying their islands are going under water and now over 300,000 Maldivians are living, working, studying and even marrying and thereby owning land in Sri Lanka. How have Maldives reciprocated? They have removed the Buddhist history of Maldives from their history, they attempt to destroy whatever Buddhist archaeological artifacts remain in their museums, they deny Sinhalese Buddhists visiting Maldives to even carry a Buddhist statue.

    When countries have strict moratoriums on religious structures especially in Islamic and Christian countries just travel from Colombo to Ja-Ela, or Colombo to Beruwela and to the North and East to see how freely Islamic mosques, Churches, Evangelical churches, madrassas and all sorts of new religious faiths have set up shop. Even residential areas have been turned into prayer centers disturbing residents.
    Name any country that has given key cabinet level portfolios concerning national policy to minority leaders representing ethno-political parties as Sri Lanka has. Many countries are very specific about positions that minority leaders hold in governance.

    What Tamil Hindus enjoy

    •Pongal national holiday in January
    •Mahasivarathri Day a public holiday in March
    •Deepavali Festival Day a public holiday in October
    •Tamils have held cabinet portfolios in government
    •There have been Tamil IGPs, Tamil Foreign Minister, Central Bank Governor, 3 Tamil Chief Justice, Judges, Ambassadors

    Stamps issued for
    •Sir Ponnambalam Arunachalam 1977
    •Ponnambalam Ramanathan, lawyer, educator (1975)
    •Ananda Coomaraswamy (1971)

    ReplyDelete
  5. •G G Ponnambalam in 1986 (founder of the first Tamil political party the All Ceylon Tamil Congress, pushed for 50-50 representation for Tamils & Sinhalese which were rejected by the British as a mockery of democracy given that Tamils were less than the Indian Tamils in Sri Lanka at the time of request)
    •Vipulananda Adigal
    •Jaffna Central College 1996
    •Swami Vivekananda, Indian Hindu monk (2013)
    •S Thondaman, Politician
    •Jeyraj Fernandopulle, assassinated by LTTE
    •Birth Centenary of Dr. Pandithamani Kanapathipillai (Tamil scholar) 1999
    •2nd World Hindu Conference 2003

    What Muslims/Islam enjoy
    •Id-Ul-Fitr (Ramazan Festival Day a public holiday in July
    •Id-Ul-Alha (Hadji Festival Day) a public holiday in September
    •Holy Prophet's Birthday – Milad-un-Nabi a public holiday in December
    •Muslims have held cabinet level posts including Justice Minister.

    Stamps issued for
    •A.M.A, Azeez (Sri Lanka’s first Muslim civil servant) 1986
    •centenary of Zahira College 1993
    •Abdul Cafoor in 1993
    •120th Birth Anniv of Abdul Cader (lawyer) in 1995
    •Translation of The Koran into Sinhala 1985
    •95th Birth Anniv of Dr. Badiudin Mahmud (Islamic politician) 1999
    •All Ceylon Young Men's Muslim Association conference 2000
    •A C S Hameed, former Minister 2002

    What Christians/Catholics enjoy
    The spread of Christianity/Catholicism began after the arrival of the Portuguese in 1505 and as a result of forcibly converting Sinhala Buddhists and Tamil Hindus to create a new group of Sinhala Christians/Catholics and Tamil Christians/Catholics loyal to the Church before loyalty to their native country (the enlightened have realized that country comes first)

    •Good Friday a public holiday in March
    •Christmas day a public holiday in December

    Stamp issued for
    •Every year Christmas
    •150th Anniv of Talawila Church
    •Papal Visit and Beatification of Father Joseph Vaz 1995 (the person responsible for mass forced conversions of Tamils & Sinhalese and killing those that refused)
    •St. Anthony’s Shrine – Kochchikade 2010
    •Anniversary of St. Patricks College, Jaffna 2000
    •300th Anniv of De La Salle Brothers (Religious Order of the Brothers of the Christian Schools) 1981
    •Reverend Father Tissa Balasuriya, Roman Catholic priest and theologian (2013)
    •Pope John Paul II, leader of Catholic Church from 16 October 1978 - 2 April 2005 (1995)
    •Joseph Vaz, Indian Catholic missionary, "Apostle of Sri Lanka" (1992)
    •300th Anniv of Arrival of Father Joseph Vaz in Kandy 1987
    •Centenary of St. Lawrence School 2001
    •Diocese of Kurunegala, Golden Jubilee
    •Centenary of St. Servatius' College, Matara 1997
    •Centenary of the Freemansons Hall Colombo 2002
    •Holy Cross College, Kalutara, Centenary 2002
    •Uddupiddy American Mission College 2002
    •Kopay Christian College 150th Anniversary 2002
    •Holy Family Convent, Bambalapitiya – Centenary 2003

    Name a single Christian/Islamic country that has reciprocated by issuing a stamp in honor of the world’s greatest visionary/philosopher Buddha or any country other than Russia and Austria that has given official religious status to Buddhism?

    Can anyone name a country that allows minorities to declare areas as belonging to them when they have no historical or indigenous roots to showcase except well-palmed propaganda? In the North Tamil politicians cry no Sinhalese while in the East the Muslims are putting up Arabic towns with Arabic names/culture which even the Muslims cannot read.

    Name any country that allows laws like Thesavalamai to exist where purchase of land is denied to others and is an affront to equal justice.

    While the world enjoys denigrating the majority Sinhala Buddhists they are totally silent when minorities actually pay to put adverts like below. To test this further anyone can go to flats/apartments owned by Tamils & Muslims in Bambalapitiya, Dehiwela, Wellawatte and ask whether it is for rent. They will immediately say it is for only Tamils/Muslims.

    ReplyDelete
  6. http://www.lankapropertyweb.com/sale/property_details-77227.html

    Why are the differences among the minorities never highlighted? How many are aware that high caste Tamils do not donate blood because they do not wish their blood to be mixed with low caste Tamils?

    How many knew that it was the Sri Lanka Armed Forces that were keeping the blood bank in the North supplied with blood donated by our soldiers? The Chief Minister of the Northern Province can say no Sinhalese can live in the North but he does not mind when Sinhalese soldiers donate blood for them or these very soldiers who do not have proper homes of their own build houses for Tamil IDPs. Why does the media, human rights and others never highlight this side of the story?

    If minorities are discriminated who can explain
    •Can you think of any sizeable population where industry and property are dominated by the minority communities as in Sri Lanka?
    •Colombo the commercial hub of Sri Lanka is populated by Tamils and Muslims leaving Sinhalese in the minority
    •The largest supermarket chain – Cargills is owned by the Page Family who are Jaffna Tamil Christians
    •The largest brewery – Carsons (brands Lion, Three Coins Beer) is owned by the Selvanathan family who are Tamils
    •The largest media network – MTV, Sirasa are owned by the Maharaja family who are Tamil
    •The largest hardware manufacturer – Slon, Kevilton are also owned by the Maharaja family who are Tamil
    •The largest construction conglomerate – St Anthony’s (Anton, Tokyo Cement) are owned by another Tamil family the Gnanam’s.
    •Tamils and Tamil speaking Muslims dominate gem/jewellery industry as well
    •Tamils and Tamil speaking Muslims dominate the wholesale trade too.
    •Tamils and Tamil speaking Muslims dominate the property ownership in Colombo as well
    •The rich list of minorities include the Captains, Kundanmals, Pestongees, Mahendrans and now Patels and Singhs are entering too.
    •Go around Colombo on a Friday noon time to gage the number of Muslim owned shops which would all be closed including the supermarkets owned by them.
    •When the LTTE prevailed the Hindus never celebrated or demanded to celebrate Vel… now virtually every month there is a kovil procession blocking the traffic systems across Colombo.
    •Has no one wondered how minorities can thrive if the majority did not buy from them when 7 out of 10 are Sinhalese? How can minority owned businesses succeed if the majority do not buy from them? If there was discrimination shouldn’t you now ask how minorities have come to dominate important areas of business and property throughout the country?
    •By this same logic why is no one asking why Tamils can buy property in South and live and why they should say Sinhalese cannot do the same in the North, when the constitution affords right of residence anywhere and right of movement.

    There are many other examples to showcase the rights and privileges enjoyed by all the minorities in Sri Lanka but no one has stopped to ask what the majority grievances are.

    Shenali D Waduge

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියපන්කො මිනිහෝ !

      Delete
    2. සිංහලෙන් ලිවීම අත්‍යාවශ්‍ය නැත. හැරත්, මේ ලිවීමක් නොව උපුටා ගැනීමක් බව සිතමි. කෙසේ වුව රචනාව සිංහලෙන් වී නම් වඩා සුදුසුය. (එසේ වීනම් වෙනම ලිපියක් ලෙස පල කළ හැකිව තිබිණි)

      Delete
  7. ඇත්තටම උම්මග්ග ජාතකේදි අන්තිමට කේවට්ට පාර්ශවය දිනුවා නේද?

    ReplyDelete
    Replies
    1. උම්මග්ග ජාතක කතාවේ පරාජිතයන් නැත. සියලු දෙනා ජයග්‍රාහකයෝ ය. සුළු හෝ අසාධාරණයක් වුවා යැයි අප සිතන්නේ උදුම්බරා දේවියට පමණි.

      Delete
  8. ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට යටත් වූ පසු බ්‍රිතාන්‍ය පාලකයන්ට අවශ්‍ය වුනෙත් උඩරට රාජ්‍යය තුල ඉන්දියානු ක්‍රමයේ පාලනයක් ඇති කරන්න. එතනදී දිසාවේ වරුන්ට මහාරාජාවරුන්ගේ බලය දී ඔවුන්ගේ සහයෙන් ලංකාව පාලනය කරන්න. නමුත් 1818 සටනින් පසු එම සැලසුම වෙනස් කරන්න සිදු වුනා. බ්‍රිතාන්‍ය පාලනය නිසා ප්‍රජාතාන්ත්‍රවාදය වැනි දියුනු රාජ්‍ය අංග ලංකාවට ලැබුනා නම් ඒ සඳහා සිංහලයන් තම ජීවිතයෙන්ම මිල ගෙවා තියෙනවා අපි බ්‍රිතාන්‍ය පාලකයන්ට ණයගැති නෑ.

    ReplyDelete
    Replies
    1. අපට උගන්වා ඇති දේ මෙය නොවුණත් ඉන්දියාවේ සාර්ථක වූ දේ මෙරට සාර්ථක නොවීමට හේතුව අපේ ජාතියේ සැළැස්ම බව සිතමි.

      ඉන්දියාවේ මහාරාජා, නිසාම්, නවාබ් ආදී පාලකයන් මෙන් නොව ලංකාවේ රජවරු ජන-සම්මතයෙන් පාලනයට පත් වූහ. රාජ්‍යය රජුගේ ප්‍රවේනියක් නොව ජනතාවගේ උරුමයක් වූ ලක්දිව පාලකයින්ට ඉංගිරිසින් හෝ වෙනත් 'පරයෙක්' සමග 'ඩීල්' එකක් දැමීමෙන් පාලනය කරගෙන යාමේ හැකියාවක් නැත. එවැනි 'ඩීල්' වලට ගිය පාලකයන් අවාසනාවන්ත ඉරණම් වලට ලක් වූ ඉතිහාසයක් අපට තිබේ.

      දිසාවේවරුන්ට ප්‍රාදේශීය බලතල ලබා දී ඉංග්‍රීසින් විසින් රාජ්‍යය පාලනය කිරීම මෙහි සාර්ථක නොවූයේ සිංහලයන් විසින් රැකි නීති පද්ධතිය, ජාතික ආගමික වැදගත් ස්ථාන (විහාර-දේවාල), සහ චිරාත් කාලයක් ඇදහූ දේවාගම් සහිත බුද්ධාගමට ඉංගිරිසින් වෙතින් නිසි සැළකිල්ලක් නොලැබුණු බැවිණි. සිංහලයින් කොන් කර පරයින් (සහ කල්ලතෝනින්) හවුල් කරගෙන කරගෙන ගිය රාජ්‍ය පාලනයට එරෙහි ජනතා නැගිටීම 1818 දී සිදු නොවිණි නම් ඊට පසුව හෝ සිදු විය යුතුව තිබිණි. (2015 හා 2018 ට ගලපා ගැනීම ඔබලාට බාරයි)

      ඉන්දියාවේ වාංශික රාජ්‍ය වල ජාතියක් ගොඩ නැගී තිබුණේ නැත. කවුරු හෝ පාලකයෙක් හමුදාවක් රැගෙන පළාතක් යටත් කරගෙන රටක් 'අටවා' ගත් පමණින් ජාතියක් බිහි වන්නේ නැත. සිංහලයින් වසර දහස් ගණනකට පෙර සිටම ජාතියක් ගොඩ නගාගෙන තිබූ අතර රජා අල්ලා ගත් පමණින් එවැනි ජාතියක් යටත් කර ගැනීමේ හැකියාවක් පරයෙකුට ඇත්තේ නැත.

      1818 ඊනියා කැරැල්ලෙන් පසු ඉංගිරිසින් විසින් කරන ලද්දේ සිංහල ජාතියට සෘජුවම පහර දීමයි. "බ්‍රිතාන්‍ය පාලනය නිසා ප්‍රජාතාන්ත්‍රවාදය වැනි දියුනු රාජ්‍ය අංග ලංකාවට ලැබුනා" යැයි ඔබ විසින් පුනරුච්චාරණය කරන්නේ මේ කතාවයි.

      Delete
    2. ජගත්, ඇත්තෙන්ම ඔබ මෙතනට පැමිණ යම් ප්‍රකාශයක් කර එයට අපගේ පිළිතුරු බලා පොරොත්තු වීමෙන් කරන්නේ කූඹින්ට උනු අළු ඉස ආතල් එකක් ගන්නවා වැනි වැඩක්ද?
      මේ උනු අළු කථාව ඔබ කීවක් නොවුනත් ඔබ එය නිහඬව ඉවසා දරා ගැනීම මගින් අනුමත කල බවක් මට සිතුනා.

      Delete
    3. මම කන්‍යා කතාව කිව්වේ විහිලුවට. මම හිතුවේ ඔයාලා බැන්නෙත් විහිලුවට කියලා. ඒකයි ඔය සිද්ධිය මතක් කලේ. ඕනෙනම් ආයේ ඔයගැන කතා නොකර ඉන්නම්

      Delete
    4. ජගත් වැරදියට වටහා ගන්න එපා, මේ විදියට කියන්නේ අපි තලේබාන් පන්නයේ අන්තවාදීන් නිසා නම් නෙවෙයි.
      අපිත් විහිළු වලට කැමතියි, ඒත් වැදගත් මාතෘකා හා වැදගත් පුද්ගලයින් විහිළුවට ගැනීමේ පුරුද්දක් නැහැ.
      මේක ඔබත් එක්ක හෝ අනෙක් බ්ලොග් කරුවන් එක්ක ඇති තරහකට කියන දෙයක් නෙවෙයි.
      මේ මගේ පුද්ගලික මතය මිස කතා 32කේ මතය නෙවෙයි.
      අපි කියලා ලියුවට ඒක මම විදියට කියවන්න.
      අත්තටම මේ ගැන ආයේ කථා නොකර සිටීම වඩා හොඳයි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !