දොරටුපාලයෙක් රජ වීම ගැන කතාවක්? අපේ කතා අවශ්‍ය නැත. රහතන් වහන්සේගේ දේශනාවට සවන් දෙමු. සාදු සාදු සාආආදු !!! ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක නම් තිථිය ලත් කුජ දින ෴
නේරුලා විසින් නූතන ඉන්දියාව සාදා ගැනීම පිණිස කෙවට්ඨ උපක්‍රමය භාවිතා කළ අයුරු අප පෙර ලිපියෙන් සංවාදයට ගතිමු. එහි ලා අවාසිදායක ගිවිසුම් වලට එළැඹීමට ස්වකිය අසල්වාසීන් පෙළඹවීම පිණිස මිලිටරි බලහත්කාරය යොදා ගත් අයුරු උදාහරණ සහිතව හැදෑරුවෙමු. තත් කාරණයේදී ඉන්දියාව විසින් උපකරණ කර ගත් ගිවිසුම් පිළිබඳව අද විමසා බලමු. Standstill Agreement Instrument of Accession මින් පළමුවැන්නෙන් අදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමග වූ ගිවිසුම්ගත බැඳීම් එළෙසම අභිනව `නිදහස්` ඉන්දියාව සමගද වලංගු බවයි. සැකෙවින් කියතොත් වාංශික රාජ්‍ය වලට ස්වෛරීභාවය වෙනුවට ඉන්දියාවේ අභිමතය පරිදි පමණක් විදේශ සම්බන්ධතා හා ආරක්‍ෂක කටයුතු පවත්වාගෙන යාමට මින් බල කෙරිණි. ඉන්දීය මහකොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන බවට බැලූ බැල්මට පෙනෙන වර්තමාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යවල දී කිසියම් පිරිසක් අමතමින් ශ්‍රී ලංකා හමුදා බලය 1/3 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත්, බ්‍රිතාන්‍ය අගමැති විසින් රුපියල් බිලියන ගණනක් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා `ප්‍රතිසංවිධානය` උදෙසා `දන් දීමට` ප්‍රතිඥා දීමත් මේ සන්ධර්භය යටතේ විග්‍රහ කළ යුතු කරුණු වේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ නවම් අව තෙළෙස්වක නම් තිථිය ලත් සඳු දින ෴