Wednesday, August 5, 2015

දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාව

අනාගතයට සහතිකයක් ලෙස නම් කර ඇති එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාළාවකින් සමන්විත වේ.
අනාගතයට සහතිකයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීම
  1. ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය.
  2. දූෂණය පිටුදැකීම සහ අධිකරණයේ ස්වාධිපත්‍යය සුරැකීම පිළිබඳ ප‍්‍රතිපත්තිය
  3. ආර්ථික කළමනාකරණ ප‍්‍රතිපත්තිය
  4. විදේශ ප‍්‍රතිපත්තිය
  5. නිවාස හා ඉඩම් ප‍්‍රතිපත්තිය
  6. අධ්‍යාපන ප‍්‍රතිපත්තිය
  7. සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය
  8. පාරිසරික සහ වනජීවී ප‍්‍රතිපත්තිය
  9. සංස්කෘතික, කලා සහ සන්නිවේදන කටයුතු ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
  10. ක‍්‍රීඩා සහ තරුණ කටයුතු ප‍්‍රතිපත්තිය
  11. කාන්තා සහ ළමා ප‍්‍රතිපත්තිය
  12. ආයෝජන සහ යටිතල පහසුකම් ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්තිය
මේ දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති එකිනෙක ගෙන විමසමු.






ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය

ජාතිවාදයෙන් මිදුණු ජාතිකත්වයක් – ආගම්වාදයෙන් මිදුණු ආගමික නිදහසක්…

මේ පරිච්ඡේදයේ යට දැක්වෙන කරුණු විවාදසම්පන්න වේ.

3. සියලු ජාතිකත්වයන්ට සාධාරණය ඉටු වන රාජ්‍ය ව්‍යුහයක් ගොඩ නගන අතර දිනූ දේශයේ නිදහස, භෞමික අඛණ්ඩතාව සහ ඒකීයත්වය අපි දිවිහිමියෙන් සුරකින්නෙමු.
මෙහි "ජාතිකත්වය" යනු කවරක්දැයි පැහැදිළි නැත. එසේම "සාධාරණය" යනු කුමක්ද යන්න ඊටත් වඩා ගැටළුවකි. රාජ්‍යයක් විසින් සියලු ජාතිකත්වයන්ට සාධාරණය ඉටු කළ යුතු යැයි කිසිදු සම්මතයක් නැතුවා පමණක් නොව එසේ කිරීම පිණිස රාජ්‍ය ව්‍යුහය "ගොඩ නගන" බවට පොරොන්දු දීම ද විහිළුවකි. මේ කරන්නට යන්නේ සිංහල රටේ සිංහල උරුමය කල්ලතෝනි ඇතුළු විවිධ වාර්ගිකයන් සමග බෙදා හදා ගැනීමට යෝජනා කිරීමක් බවට වන සැකය ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාවක් නැත.


5. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන, ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත් රටක් බව අපි එදත් පිළිගත්තෙමු, අදත් හෙටත් පිළිගන්නෙමු.
මේ භයානක කතාවකි. "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන" රටක් බව ප්‍රතිපත්ති ප්‍රකාශනයක පිළිගත යුතු කරුණක් නොව ජනසංගණනයක නිගමනයකි. එය "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත් රටක්" බව ද ප්‍රතිපත්ති ප්‍රකාශනයක දක්වා විශේෂයෙන් පිළිගත යුතු කරුණක් නොවේ. වර්තමාන ලෝකයේ "ජාතික හා ආගමික විවිධත්වයෙන් යුත්" නොවන රටක් නම් කළ හැකි ද? වතිකානු රාජ්‍යයවත් එවැනි රටක් බව කිව හැකිද?

මේ විකාර වෙනුවට "ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්" බව කෙළින් නොකියන්නේ ඇයි? මෙය සැක කටයුතු තැනකි. එක්සත් ජනතා නිදහස් සංධානයට දෙමළ මුස්ලිම් වාර්ගිකයන් පමණක් නොව සිංහල කතෝලිකයින් ද රැවටිය නොහැක - ඔවුන් තම මනාපය ප්‍රකාශ කරන්නේ ඉහළින් දෙන අණ අනුවය. මේ රවටන්න තැත් කරන්නේ සිංහල බෞද්ධයා ද?

සිංහල බෞද්ධ විරෝධී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන විජේදාස රාජපක්‍ෂ විසින් මෙය සිංහල රටක් නොවේ'යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අපට ප්‍රශ්නයක් නොවෙතත් සිංහල බෞද්ධයා නියෝජනය කළ යුතු මහින්ද රාජපක්‍ෂ මෙය සිංහල රට'ය කීමට පැකිලීම රටේත් සිංහලයාගේත් යහපත පිණිස නොවන්නේය.


6. ... සියලු පුරවැසියන්ට තම ජාතිකත්වය පිළිබඳව අභිමානයෙන් ...
මේ කරුණ ද ඉහත අංක 3 යටතේ දැක්වූ හේතු නිසාම අයහපත් ප්‍රතිපත්තියකි. රටක ජාතිකත්වයන් තිබිය හැක්කේ එකකි. ජාතිකත්වයන් කිහිපයක් වෙත්නම් ජාතික කොඩි, ජාතික ගී, ජාතික පක්‍ෂි, වෘක්‍ෂ, පුෂ්පාදී සෑම ජාතික සංකේතයක් ම කිහිපය බැගින් පැවතිය යුතු වේ.


7. ජාතික ප්‍රශ්ණය විසඳීම...සියලු ජාතීන්ගේ අයිතීන්...දේශපාලන විසඳුමක්...
එක්සත් ජනතා සංධානය වෙත ඡන්දය ප්‍රකාශ නොකිරීමට සාධාරණ හේතුවකි. පළමුව "ජාතික ප්‍රශ්ණය" යැයි කියා ප්‍රශ්නයෙන් පැන යයි. ලංකාවේ විසඳීමට ඇති ඊනියා ඇති ජාතික ප්‍රශ්ණය කුමක්ද?

දෙවනුව සියලු ජාතින් ගැන කතා කරයි. සියලු ජාතීන් ගැන කතා කිරීමටත් ඒ ගැන කටයුතු කිරීම පිණිසත්ය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ. දෙවියන්ගේ දේ දෙවියන්ටත් සීසර්ගේ දේ සීසර්ටත් දෙන්නැයි දෙතිස් කතාව එක්සත් ජනතා නිදහස් සංධානයට යෝජනා කර සිටී.

"දේශපාලන විසඳුමක් ගැන මෙහි කතා කිරීම ද තක්කඩි කමකි. විසඳුම කතා කිරීමට ප්‍රශ්ණය තවම හඳුන්වා දී නැත. ප්‍රශ්නයක් නැති තැන විසඳුම් ගැන කතා කිරීම තරම් විලම්බීතයක් තවත් ඇත්ද?


8. ... ජාතික සුහදතා ප්‍රඥප්තියක් ...
ඉහත විස්තර කළ හේතු පදනම් කරගෙනම සංවාදයට බඳුන් නොකරම ප්‍රතික්‍ෂේප කෙරේ.


මේ අනුව නිගමනය කළ හැක්කේ එක්සත් ජනතා නිදහස් සංධානය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශන ලියවිල්ලේ පළමු යෝජනාවලිය වන "ජාතික ඒකාග‍්‍රතාව සහ තිරසාර සංහිඳියාව පිළිබඳ ප‍්‍රතිපත්තිය" සමස්ථයක් ලෙස ප්‍රතික්‍ෂේප කළ යුතු, ඒ පක්‍ෂය ජයග්‍රහණය කළත් ක්‍රියාත්මක නොකළ යුතු රටටත් ජාතියටත් හානිදායක ප‍්‍රතිපත්තියක් බවයි.

ඉතිරි යෝජනාවලි පිළිබඳවත් අවස්තාව ලැබෙන පරිදි ඉදිරියේදී කරුණු දක්වමු.



16 comments:

  1. පුදනකොටම කාපි යකා !

    ReplyDelete
  2. මටනම් හිතෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගිකව නිවැරදි වන්නේ මහින්ද සමඟ නොසැලී ඉන්න 3දෙනෙක්ට මනාප දීමයි.
    පුලුවන්නම් ගම්පහින් මෙයයට සුදුසු 3දෙනෙක් නම්කරන්න.
    මටත් හරියට හිතාගන්න බැරුව ඉන්නේ.
    මම කොළඹ නම් අනිවාර්යයෙන්ම ගම්මන්පිලට මනාපය දෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කොළඹ නම් දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන යන දෙදෙනාට මනාප දීමට බොහෝ දුරට ඉඩ තිබේ. ගම්මන්පිල තෙවැනියාය.

      මෙහි තේරුම මා කොළඹ වී නම් ශ්‍රී.ලං.නි.ප. අපේක්‍ෂකයන්ට මගෙන් මනාපයක් නැති බවයි. මෙය සත්‍යයම නොවේ. පවතින තත්වය අනුව පක්‍ෂ නායකත්වයට අවනත වීම හේතුවක් ලෙස දක්වා මෛත්‍රී තුරුළට යෑමේ වැඩි ඉඩක් ඇත්තේ ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට බව සත්‍යයකි. නමුත් ඊනියා ජාතික ආණ්ඩුවක නාමයෙන් ඇමති කම් ලබා ගැනීමේ බාදාවක් අන් අපේක්‍ෂකයන්ට ද නැත. එහෙත් එසේ කළ යුත්තේ තම දේශපාලන අනාගතය අහිමි කර ගනිමිනි. මේ නිසා ඉහත නම් සඳහන් කළ අය කෙරේ විශ්වාසය තැබිය හැක.

      ගම්පහ ලැයිස්තුව තවම අතට පත් වූයේ නැත. ඊට link එකක් ඔබ සතුද?

      Delete
    2. ගම්පහ ලැයිස්තුව

      1 අලගියවන්න ලසන්ත
      2 ඩුලිප් විජේසේකර
      3 ඇන්ටනි උපුල් රාජිත
      4 සරත් කුමාර ගුණරත්න
      5 සිසිර ජයකොඩි
      6 නිමල් ලාන්සා
      7 උපාලි ගුණරත්න
      8 උපුල් මහෙන්ද්‍ර රාජපක්ෂ
      9 උපේක්ෂා ස්වර්ණමාලිනි
      10 ෆීලික්ස් පෙරේරා
      11 පණ්ඩු බණ්ඩාරනායක
      12 චිතාරි ගුණවර්ධන
      13 ගුණසිරි ජයනාත්
      14 සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ
      15 ප්‍රසන්න රණතුංග
      16 ප්‍රසන්න රනවීර
      17 මොහොමඩ් නවුසාන්
      18 රුවන් රණතුංග
      19 තිලක් වරාගොඩ
      20 කෝකිලා හර්ශණී ගුණවර්ධන
      21 ඉන්දික අනුරුද්ධ

      Delete
    3. අපේ වුවමනාව හුටංගේත් රනිල්ගේත් යහ පාලනය පිටුදැක රට වෙනුවෙන් රාජ්‍ය ආරක්ශාවට මුල්තැන දී ක්‍රියා කරන රජයක් පත් කර ගැනුම නම් කල්හැකි එකම විකල්පය වන්නේ ජගත් යෝජනා කරන දෙයම තමයි.
      කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්හට නම් එතරම් බැරෑරුම් ප්‍රෂ්ණයක් මෙවර ලැයිස්තුව සමග නැහැ. ඔවුන්ට මහින්ද සමග හිඳීවියැයි විශ්වාස එසේම එකිනෙකාගේ දේශපාලන භාවිතය ගැන රටටම යම් වැටහීමක් සහිත ශ්‍රී ලංකා කාරයින් හා එසේ නොවන උන් රැසක් අතරින් පහසුවෙන් තෝරා ගැනීමට ඉඩ ඇත.
      එහෙත් ගම්පහ ලැයිස්තුව එහෙම පිටින්ම හෝදා පාලු වූවකි.

      මේ ලැයිස්තුව තුලින් අපේක්ශකයින් තෝරා ඡන්දය දීමට නම් අපට අන් සියළු නිර්නායක පසෙක ලා එකම කරුන ජගත් කියූ පරිදි මහින්ද හා නොසැලී සිටීවියැයි විශ්වාස කල හැකි උන් යන පදනමින් කිහිප දෙනෙකු තෝරා ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.
      එහෙත් සංධානය පැරදුනහොත් ලැබිය හැකි අවම ආසන ගනන වූ 8 සඳහා හෝ ජය ගතහොත් ලැබිය හැකි උපරිම ආසන සංඛ්‍යාව වූ 11 සඳහා එවැන්නන් තෝරා ගැනීමට මේ ලැයිස්තුවේ ඉඩක් නැත.
      අන් සියළු නිර්නායක හලා මහින්ද සාදකය පමණක් සැලකුවද මෙම ලැයිස්තුවේ 11 දෙනෙකු තෝරා ගැනීමට නැත.
      එසේ වූ කල මහින්ද සාදකය මත තෝරා ගත හැකි 7-8 දෙනා අතර සිටින කිසි සේත්ම අපගේ ප්‍රථිපත්ති සම්පාදක නියෝජිතයින් වීමට නුසුදුසු උන් ගැන අපි කුමක් කරමුද?
      අපගේ බුද්ධිමත් මිතුරන් මේ ගැන සාකච්චාවක නියැලේනම් එය ඉතා වටිනා වග මට සිතේ.

      Delete
    4. ජගත් මේ කරුණ සම්බන්ධව උපදෙස් දීමට අපට සුදුසුකම් නැති බව පෙනේ. ගම්පහ දිස්ත්‍රික්කය නිජබිම් කරගත් අපේ ජොසෙෆ් පවා ලැයිස්තුව නොදන්නා බව කියන කල....

      සිතිවිළි සැපයූ ලැයිස්තුව බැලීමි. රාජිත සේනාරත්නගේ කුප්‍රකට පුතණුවන් ඉල්ලන්නේ යහපාලන පක්‍ෂයෙන් බව සිහි නොවූ බැවින් ඔහුගේ නම සොයා ගැනීමට බොහෝ වෙහෙසීමි.

      මෙවැනි අවස්ථාවක කළ හැකි දෙයක් වෙයි. එය යට දක්වමි.

      Delete
    5. රනිල් අගමැති කොරන්න බලා ඉන්න සිරා ගෙ සෙට් එකේ ගම්පහ කට්ටිය යි මේ ඉන්නෙ:
      1. අජිත් බස්නායක,
      2. ලසන්ත අලගියවන්න,
      3. සුදර්ෂනී ප්‍රනාන්දුපුල්ලෙ,
      4. ෆිලික්ස් පෙරේරා,
      5. පන්ඩු බන්ඩාරනායක
      යන ෂුවර් නැති උන්ට දෙන්න එපා මනාපෙ.

      Delete
  3. ප්‍රසන්න රණතුංග නොසැලෙයිද? එහෙනම් අනිත් උන් දෙන්නට හොඳ කවුද?

    ReplyDelete
    Replies
    1. මහින්ද සාදකය මත පමණක් රැඳුනු කල
      ප්‍රසන්න රණතුංග
      ප්‍රසන්න රණවීර
      නිමල් ලාංසා
      සරත් කුමාර ගුණරත්න
      සරණ ගුණවර්ධනගේ බිරිඳ (ඇයගේ නම හෝ අංකය කුමක්දැයි නොදනිමි )
      ආදී වශයෙන් වූ නම් කිහිපයක් සඳහන් වේ.
      එසේම මේ ලැයිස්තුවේ ජා නි පෙ, ම එ පෙ, පිවිතුරු හෙළ උරුමය ආදී පක්ශ නියෝජනය කරන්නන් සිටිනවාද ඒ කවුරුන්ද, ඔවුන්ගේ සුදුසු කම් නුසුදුසු කම් මොනවාද ආදී ලෙසින් කිසිවක් අප නොදන්නා අතර ඒ ගැන දැනුවත් කිරීමකට එම පක්ෂ උත්සහ කරන අයුරක්ද නොපෙනේ.

      මහින්ද සමග රැඳේවියැයි විශ්වාස කල හැකි මාවිසින් ඉහත නම් සඳහන් කල අය අපගේ ව්‍යවස්ථා සම්පාදක නියෝජිතයින් වීමට කොතෙක් දුරට ගැලපේද යන කාරනය වෙනමම බරපතලව සලකා බැලිය යුතු කාරනයකි.

      Delete
    2. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පත් වී සිටින අපහසුතාව දිටිමි. මෙවැනි අවස්ථා වල කළ යුත්තේ ලැයිස්තුව සපයා ගැනීමයි. එය සිතිවිළි විසින් ඉහත දී ඇත.

      1. දැන් කළ යුත්තේ නම් එකිනෙක ලකුණු කිරීමයි. අනිවාර්‍යයෙන් තම මනාපය ලැබෙන අපේක්‍ෂකයින් ඉදිරියේ X ලකුණු කිරීමත් අනිවාර්‍යයෙන් මනාප නොලබන අයගේ නම් කපා දැමීමත් දෙවන පියවර වේ. X තුනක් ලැබේනම් මේ ව්‍යායාමය අවසන්ය. එවිට කළ යුත්තේ ඒ අංක තුන මතක තබා ගැනීම පමණි.
      ---------

      2. එසේ නොවන විට හැකි තරම් නම් කපා දැමීම කළ යුතුය. එසේ නම කපා දැමීම පිණිස මැතිවරණ සමයේ අපේක්‍ෂක මුවින් පිටවන වචනයක් වුව ප්‍රමාණවත්ය. දන්නා හඳුනන අය අපේක්‍ෂකයන් පිළිබඳව දක්වන අදහස් ද සැළකිල්ලට ගත හැක. එසේම අපේක්‍ෂකයින් ගැවසෙන තැන් සහ ඒ අයගේ සහචරයින් ගැනත්, පෝස්ටර වල දැක්වෙන දේත්, ඒ පෝස්ටර වල අපේක්‍ෂකයින් සමග පෙනී සිටින වෙනත් අයත් සැළකිය යුතුය.

      ඒ ඒ අපේක්‍ෂකයින් පිළිබඳව කිසිවක්ම නොදන්නේ නම් පෝස්ටරයක පෙන්වන "මූණ" බැලීමෙන් පවා ඒ අයගේ කල්ක්‍රියාව ගැන මැනීමට උත්සුක විය හැක. පෝස්ටරයට යොදන්නේ ඒ අය අපට පෙන්වීමට කැමති මූණයි. අපේ අරමුණ ඒ අයට චරිත සහතික දීම නොව අපේ මනාපය ප්‍රකාශ කිරීම වන බැවිනි.

      3. මැතිවරණ දින උදෑසන වන විටත් මනාප ලැයිස්තුව 3 දක්වා අඩු කර ගත නොහැකි වී නම් X ලකුණු කර ඇති නම් සමග මනාපය ලකුණු කිරීම පිණිස අර ඉතිරි නම් වලින් එකක් හෝ දෙකක් අහඹු ලෙස තෝරා ගත හැක. තමාගේ පවුලේ අය හෝ මිතුරන් හෝ මනාප දෙන්නේ කාටද යන්න විමසීම අවසන් මොහොතේ නොව මුල් අවස්ථාවේ කිරීම සුදුසුය.

      Delete
  4. මනාප ක්‍රමය කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියා පෙන්වන්න මීට වඩා හොඳ උදාහරනයක් නෑ. නමුත් ආසනය නියෝජනය කරන්න මන්ත්‍රී කෙනෙක් සිටිය යුතුයි කියන අයම රට නියෝජනය කරන්න විධායක ජනපති කෙනෙක් සිටීමට විරුද්ධයි.
    ජා නි පෙ, ම එ පෙ, පිවිතුරු හෙළ උරුමය වගේ අයගේ නිහඬතාව ගැන කණගාටුයි. මොකද මේ අයට මනාප ලැබෙන්නේ මූලිකවම බස්නාහිර පලාත තුලයි. එයාලට දිනන්න ඕන නැද්ද මන්දා?
    සමහරවිට සංධානය ඇතුලෙන් මෙයාලට තිබෙනවා වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. "මනාප ක්‍රමය කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියා පෙන්වන්න මීට වඩා හොඳ උදාහරනයක් නෑ."
      ඒ උදාහරණය කුමක්ද? තමන්ට මනාපය ප්‍රකාශ කිරීමට කෙනෙක් සොයා ගැනීමට නොහැකිව සිටීමට සිදු වීමද ?

      Delete
    2. ඇත්තටම මමත් හිතුවේ ඒකම තමයි.
      ඡන්දෙ දෙන්න සුදුසු එකෙක් හොයා ගැනීම මෙතරම් අසීරු වීම ප්‍රජාතන්ත්‍ර වාදයේ සුපිරි ගුනාංගයක් උනේ කොහොමද කියලා????

      Delete
    3. "මනාප ක්‍රමය කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියා පෙන්වන්න මීට වඩා හොඳ උදාහරනයක් නෑ." යන්නේ අරුත නම් තෝරා ගැනීම් වැඩි ප්‍රමාණයක් තිබීමයි. පැරණි කේවල ක්‍රමයේදී තමන්ගේ ආසනයට ඉල්ලන එක් අයෙකුට පමණක් මනාප ප්‍රකාශ කළ යුතු විය. ඉල්ලන පිරිස (පක්‍ෂ සහ ස්වාධීන) සෛද්ධාන්තිකව අසීමිත වුවත් ප්‍රයෝගික තලයේ දී සිදු වූයේ පක්‍ෂයට කැමති නිසා පුද්ගලයාට මනාප දීමට හෝ පක්‍ෂ ප්‍රතිපත්තියට විරුද්ධ වුවත් අනෙක් පක්‍ෂ අපේක්‍ෂකයාට වඩා මේ අපේක්‍ෂකයා හොඳ බැවින් තමන් නොකැමැති පක්‍ෂයට මනාප දීමට හෝ ය.

      තෝරා ගැනීම් වැඩි වීමේදී තෝරා ගැනීම අපහසු වීම ස්වභාවයයි. එකම වර්ගයක එකම මොඩලයක කාර් ඇති රටක සහ විවිධ වර්ග වල විවිධ මොඩල වල කාර් ඇති රටක පාරිභෝගිකයන් පත් වන තත්වය සිතා බලන්න.

      Delete
  5. පරණ ක්‍රමය තිබුනානම් ඔහොමවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.
      මේ ක්‍රමයේදී "කාට හෝ" මනාපය දිය හැකියි, ඔහු තම කොට්ඨාශයේද නැත්ද යන වග නොසළකා. පැරණි ක්‍රමයේදී කිසිදු විකල්පයක් තිබුණේ නැත.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !