Monday, March 23, 2015

අපේ සිරි ලංකාවේ ජාතික ගීය

ලංකාවේ ජාතික ගීය ලීවේ කවුදැයි ඇසුවොත් පොඩි එකෙක් පවා ආනන්ද සමරකෝන්ය යනුවෙන් පිළිතුරු දෙනු ඇත. සමරකෝන් මේ ගීතය ලීවා පමණක් නොව තනුවක්ද යෙදිය. එකී ගීතය නිදහස් ලංකාවේ ජාතික ගීය බවට පත් වූයේ විවෘත තරඟයකිනි.


ඒ තරඟයෙන් ජයග්‍රහණය කළ ගීය ආනන්ද සමරකෝන්ගේ ගීය නොවන බවත් තේරීමේදී සිදු වූ අක්‍රමිකතාවක් හේතුවෙන්, තරඟයෙන් ජය ලැබූ ගීය ඉවත් කිරීමට සිදු වීම නිසා මේ ගීතයට තැන ලැබුණු බවත් ලංකා ඉතිහාසයට එක් වී අවසන් ය.




ජාතික ගීය: ජාතික ගීය අපේ ද?

බොහෝ දෙනා ජාතික ගීය පිළිබඳ හද පිරි ආලයෙන් කතා කරනු පසුගිය දිනවල දක්නට හැකි වීය. එහෙත් ජාතික ගීය යනු එසේ ආලය කළ යුතු දෙයක්ද, අඩු තරමින් එය අපේ දෙයක්ද යන්නවත් මෙසේ කතා කළ බොහෝ දෙනා තුල පැහැදිළි අදහසක් නොවීය.

1815 කුප්‍රකට ඉංගිරිසි-සිංහල ගිවිසුම අත්සන් කිරීමට පෙර අපට ජාතික ගීයක් තිබුණු බවට සඳහනක් නැත. අපට පමණක් නොව ලොව බොහෝ ජාතීන්ට එකල ජාතික ගීයක් තිබුණේ නැත (එකල නොව මෙකලවත් ජාතියක් නොවන දෙමළුන් පිළිබඳව මෙහිදී සංවාදයට බඳුන් කිරීමට අදහසක් නැත). එහෙත් රාජභවනේ වන්දිභට්ටයන් විසින් රජු උදෙසා ගැයූ ස්ත්‍රෝත්‍ර එකලත් තිබිණි. රජා සහ රදළවරුන් යටතේ අදටත් ජිවත් වන එංගලන්තය වැනි වැඩවසම් රටවල ජාතික ගීය ලෙස රජුට ගැයූ ප්‍රසස්ති තවමත් භාවිතා වේ. අපේ ලංකාවේ ද ආනන්ද සමරකෝන් මහතාගේ ගීය ජාතික ගීය ලෙස තෝරා ගන්නා තෙක් තිබුණේ එම ගීයයි.

ආනන්ද සමරකෝන් මහතාගේ ගීය තෝරා ගත් පසුවත් තව අවුරුදු විස්සක් අප එංගලන්ත රාජිණියගේ යටත් වැසියන් වීමු. එසේනම් ඒ ගීයේ වැදගත් කම කුමක්ද ? අපේ ජාතික ගීය එංගලන්ත රාජිණියගෙන් නිදහස් කර ගැනීම ආනන්ද සමරකෝන් මහතාගේ රචනය විසින් කෙරිණි. එහෙත් ඒ ගීයට විවේචන සැමදා තිබිණි.

මේ ගීයේ ගණ පිහිටුවීම පිළිබඳව බොහෝ දෙනාට විවේචන තිබිණි. ලංකාවට පැමිණෙන සෑම ව්‍යසනයක්ම මේ ගීයේ ගණ දෝෂ හේතුවන් වන බවට එකල සමහරු ප්‍රචාරයක් ගෙන ගියහ. ලක්දිව පසුගිය වසර දහය මුළුල්ලේ ඉදි වූ සෑම හෝටලයක්ම, විශාල ගොඩනැගිල්ලක්ම, සරු ව්‍යාපාරයක්ම එක දේශපාලන පවුලකට අයත්යැයි ගෙනගිය කටකතා ව්‍යාපාරය ඇසින් දුටු කණින් ඇසූ අපේ සහෘදයන්ට එකල ජාතික ගීයට එරෙහිව ගීය ව්‍යාපාරය පිළිබඳව සිතෙන් මවා ගත හැකියැයි සිතමි.

මේ උද්ගෝෂණ ජයග්‍රහණය කරමින් "නමෝ නමෝ මාතා" යනුවෙන් ඇරඹුණු ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කරමින් "ශ්‍රී ලංකා මාතා" ලෙස යෙදීමට එවකට පැවති රජය විසින් තීරණය කෙරිණි. මෙයින් උරණ වූ ආනන්ද සමරකෝන් මහතා අකාලයේ ජීවිතය හානි කරගත් බව අප කියවා ඇත. එතුමා ජිවිත හානි කර ගත්තා හෝ නොගත්තා හෝ ඒ අකල් මරණයත් මේ ගියේ දෝෂයටම බැර කිරීමට තරම් එකල ඒ කටකතා නියමුවෝ සූක්‍ෂම වූහ.

හරි ඒ කියන්නේ ජාතික ගීය අපේ නේද ?

මෙතැන 'අප'යැයි හඳුන්වන්නේ ඉංගිරිසින් විසින් මෙහි තනා ගීය සිලොනිස් නම් ජාතියක් නම් ජාතික ගීය අපේය. මෙකී සිලොනිස් නම් ජාතිය ප්‍රධාන වශයෙන් ඉංගිරිසි කතා කරන බර්ගර්වරුන්ගේ සහ දෙමළුන්ගේ සංකලනයෙන් ඇති වීය. සිංහල පවුල් කිහිපයක්ද මීට අයත්ය.

ඉතිහාසය පුරා අප දැක ඇති පරිදි ජාතියක් තනන්නේ එක්කෙනෙක් හෝ කිහිප දෙනෙකි. විශේෂයෙන් ජාතියකට අනන්‍යතාවයක් දෙනු ලබන්නේ සුළු පිරිසක් විසිණි. ඉතිරි ජනතාව අර සුළු පිරිස විසින් අවනත කර ගනු ලදුව ඒ අනන්‍යතාවයට අන්තර්ග්‍රහණය වේ. ඇමරිකා එක්සත් ජනපද වල මේ සුළු පිරිස ෆෝ-ෆාදර්ස් ලෙස හැඳින්වේ. ඔවුන් විසින් රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වුණු ස්වදේශික ඇමරිකානුවන්ගේ රුධිර ගංගා මතින් ඉදි කෙරුණු පාලම් වල පීලි මත ඇන්ග්ලෝ ඇමරිකානු යකඩ යක්‍ෂයා තවමත් ධාවනය වේ.

ඉංගිරිසින් විසින් මෙහි තනා ගිය සිලොනිස් ජාතිය වසර දහයක් තුල වඳ පිදී ගියේය. වසර තිහක් යන විට එය ලක් පොළොවෙන් තුරන් විය. එයට හේතුව රතු ඉන්දියානුවන් මෙන් නොව ලංකාවේ ස්වදේශිකයන් විසින් මෙයට වසර දෙදහස් ගණනකට පෙර සිංහලය නම් ජාතියක් තනාගෙන තිබීමයි. පරයන් විසින් තැනූ පර-ජාතියකට එකතු වී අඩු-ජාති කාරයින් වීමට ලංකා පොළොවේ භූමිපුත්‍රයන් වන සිංහලයන් කැමති වූයේ නැත. සිංහලයින්ට කිසිදා ජාතික ගීයක් නොතිබිණි. ඒ අරුතින් ආනන්ද සමරකෝන් මහතාගේ ගීය, එය කොතරම් සුන්දර වුවත්, අභිමානවත් වුවත්, සිංහලයින්ගේ ජාතික ගීයක් නොවේ.

ජාතික ගීය වෙනස් කළ හැකිද?

ජාතික ගීය වරක් වෙනස් කෙරිණි, එය නැවත වරක් වෙනස් කිරීමේ නොහැකියාවක් නැත. හැරත් එය අවශ්‍ය අවස්ථාවේ, එනම් ක්‍රීඩා තරඟයක් වැනි උත්සවයක භාවිතා කරනු විනා ඉන් එහා දෙයක් කෙරෙන්නේ නැත. එහෙත් සමහර රටවල ජාතික ගී ඒ රටවල් වල ජනතාව විසින් නිදහස් අරගල අවස්තාවන්හිදී උද්වේගය වඩවනු පිණිස ගැයුණු රණ ගී වේ. එසේ නැතිනම් ඒ ගී වල ජාතික වැදගත් කමක් ඇත. අපේ ජාතික ගීයට ජාතික ගීය නිසාම වැදගත් කමක් ලැබෙනවා විනා එවැනි ඓතිහාසික වටිනාකමක් හෝ ආශ්චර්යමත් බලයක් හෝ නැත. මෙයට වඩා ජාතිකාභිමානය ඇති කරන සරල ගී ගුවන් විදුලියේ තිබේ.

ජාතික ගීය හිතුමතේ වෙනස් කළ හැකි'යැයි මෙයින් කියවෙන්නේ නැත. විශේෂයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජාතික ගීය එහි තනුව සමගම ඇතුලත් කර තිබේ. ඒ නිසා නීතිමය පැත්තෙන්නම් ජාතික ගීය වෙනස් කිරීම අසීරු කාර්‍යයකි. එහෙත් එය නොහැකි හෝ නොයුතු හෝ දෙයක් නොවේ. ජාතික අවශ්‍යතාවයක් ඇත්නම් එය වෙනස් කළ යුතුය.

ජාතික ගීය දෙමළෙන් ගැයීම

ලංකාවේ දෙමළු සිහින මවන්නේ ස්විට්සර්ලන්තයේ, ස්වීඩනයේ, නොර්වේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පුරවැසිබව ලබා ගැනීමටය. මෙකී රටවල මේ මිනිසුන්ට අමුතු සැළකිල්ලක් ලැබෙන්නේ නැත. එහෙත් පරම්පරා ගණනාවක් තුල ගොඩ නගා ගත් ව්‍යාපාරික අධිරාජ්‍යයන් වීම හේතුවෙන් එකී රටවල අතිරික්ත ධනයක් තිබේ. මේ ධනය ඒ රටවල ආණ්ඩු විසින් නොමසුරුව වියදම් කරන්නේ අප වැනි රටවල ප්‍රශ්න ඇති කිරීමටයි - එනයින් තමාගේ වෙළෙඳ අධිරාජ්‍යය නඩත්තු කර ගැනීමටයි. දෙමළු මෙතැනට පැන ගනිති - පැනගෙන එම හිස් ඉඩ පූරණය කරති. ලංකාව තුල දෙමළුන්ට හරි හැටි නොසළකන බව මෙසේ හොර පාරෙන් ව්දෙශගත වන දෙමළුන්ගේ දුක්ගැනවිල්ලකි.

ලංකාවේ සිලොනිස් ජාතිය පුපුරුවා හැරීමට සිංහලයන් සමත් වූ නමුදු දේශපාලන බලය අත්පත් කර ගැනීමට සිංහලයෝ සමත් නොවූහ. 1956 දී මේ සඳහා ස්වර්ණමය අවස්ථාවක් එළඹුණේ වී නමුත් බණ්ඩාරනායක මහතාගේ "සෙවල" ප්‍රතිපත්ති හේතුවෙන් ඒ අවස්ථාව ගිලිහී ගියේය. ඔහුට ජීවිතයත් අහිමි වීය. දෙවනුව සිංහලයින්ට අවස්ථාවක් එළඹුණේ ඉන් වසර පනහක් ගත වුණු තැන 2005 දිය. 2005 සිට අප සිංහලයින් වශයෙන් ලබාගත් ජයග්‍රහණ බොහෝ වුවත් අද්භූත පුවත් විශ්වාස කිරීමට සිංහලයින් තුල ඇති සහජ ලැදියාවත්, කහ කුඩු දමා කොත්තමල්ලි බිමේ නොතිත් ආශාවත්, ලාබෙට පැට්‍රොල් ගසාගෙන සවාරි යෑමේ උවමනාවත් විසින් එකී ජයග්‍රහණ එකින් එක ආපස්සට හරවමින් තිබේ. අල්ලපු රටේ කවුඩු පනික්කියා අපේ රටේ කෝලම් මඩුවට පැමිණ කෝචෝක් කර යාම මෙහි සන්ධිෂ්ඨානයකි.

දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ජනාධිපති සිරිසේන විසින් අනුමැතිය දුන් බවත් ඒ සම්බන්ද ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කෙරුණු බවටත් මේ වන විට ආරංචි ලැබෙමින් පවතී.

ජාතික ගීය දෙමළෙන් ගැයිය නොහැකිද ?

මොහිදීන් බෙග් මහතා සිංහල දැනගෙන සිටියේ නැත. එතුමා සිංහල ගී තමාට කියැවිය හැකි බසින්, එය දෙමළ හෝ උර්දු හෝ වීය හැක, ලියා ගත්තේය. ලියාගෙන ගැයුවේය. එතුමා "ඔබෙ රාගී මන කැළඹේදෝ..." කියා ගයන විට මේ ගයන්නේ උර්දු බව අපට සිතුණේ නැත. එසේමය: ශ්‍රී ලංකා මාතා ජාතික ගියත් කිසි කරදරයක් නැතිව එළෙස දෙමළෙන් ගැයිය හැක.

ජාතික ගීය අහම්බෙන් ඇසෙන දෙයක් නොවේ. සියලුම පුරවැසියන් එහි අරුත දැනගෙන සිටිය යුතු අතර එහි තේරුම දැන ගැනීමට ගීය ඇසෙනකම් සිටීමට වේය කියා කීම තක්කඩි කමකි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේම තිබේ. එහෙත් එය දෙමළ පරිවර්තනය මිස ජාතික ගීය නොවේ.

සිංහල නොදන්නා කෙනෙකුට ජාතික ගීය ගැයෙන විට අභිමානයක් ඇති නොවන බව යමෙකු කියත්නම් එය ජාතික ගීය සිංහලෙන් තිබීම පිළිබඳ ප්‍රශ්නයක් නොව තමාගේ ජාත්‍යාලය සහ දේශභක්තිය පිළිබඳ ප්‍රශ්නයකි. ජාතික ගීය දෙමළෙන් ගැයීම මෙවැනි ප්‍රශ්න වලට විසඳුමක් සපයන්නේ නැත. ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැයෙන විට කෙනෙකුට අභිමානයක් ඇති වේනම් ජාතික ගීය ගැයෙන විට තමාට එම දෙමළ පරිවර්තනය සිහියට නගා ගත හැක. අසරණ සිරා (ජනාධිපති සිරිසේන) මෙයට ගාවාගෙන ඔහු තවදුරටත් දේශපාලන නපුංසකයෙකු කළ යුතු නැත.

ජාතික ගීය දෙමළෙන් ගැයීමට ඉල්ලන්නේ ඇයි ?

නිවට ඇම්බැට්ටයා දුටුවාම එළුවාත් නිකට පානවා කියා කතාවක් තිබේ. ජනාධිපති සිරිසේනට ඇදුණේ පිනා චාන්ස් එකකි. ඔහු සිටින්නේ චන්ද්‍රිකාගේ උකුළේය. අප කලින්ද සඳහන් කළ පරිදි චන්ද්‍රිකා සකල බුජෝ අරක ගෙනෙන් කියන විට අරක කුමක් වුවත් එය ගෙනත් දීම මිස වෙන දෙයක් කතා කිරීමට සිරාට උරුම නැත. චන්ද්‍රිකාගේ සැමියා දෙමළ ත්‍රස්තවාදීන් සමග එක ගෙයි කෑවේය. චන්ද්‍රිකාටද උන් හා හාදකම් තිබේ. සිරිසේන නටවන අනෙක් තැනැත්තා රනිල්ය. ඔහුටත් කොටින් හා බොහෝ පැරණි මිත්‍ර කමක් තිබේ. මේ දෙදෙනාම බලයට ගෙනාවේ කෝටි ත්‍රස්තවාදී බෝම්බ සහ වෙඩි උණ්ඩ වලිනි. සිරා බලයට ගෙනෙන ලද්දේ කොටින්ගේ චන්ද වලිනි. කොටින්ගේ යාලු මිත්‍රයන්ගේ උදව්වෙන් කොටින්ගේ චන්ද වලින් ජනාධිපති වූ සිරිසේන දැන් නිවට ඇම්බැට්ටයා චරිතයට පණ පොවමින් සිටී. මේකා නිවටයා බව දන්නා එළුවා මේකත් කපහන් කියා රැවුල පායි.

ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් ජාතික ගීය ලෙස ගැයීමෙන් දෙමළුන්ට ලැබෙන කෙංගෙඩියක් නැත. එහෙත් සිංහලයින්ට රිදවීමට බලා සිටින, එසේ රිදවීමෙන් සතුටක් ලබන, ඊනියා සිංහල ජාතිවාදයක් පිළිබඳව අදහන ඊට කොන්දේසි විරහිතව විරුද්ධ වීම තම ආගමය කියා සිතාගෙන සිටින සමහර ඇම්බට්ටයින්ට තමාගේ නිවට කම දෙමළුන් ඉදිරියේ පෙන්වීමට මෙය අවස්ථාවකි. ඒ අය දෙමළ පරිවර්තනය ජාතික ගීය වෙනුවට ගැයීම සාධාරණිකරණය කිරීමට ඉදිරිපත් වෙති.

එහෙත් රටකට ජාතික ගී තිබිය හැක්කේ එකක් පමණක් බව මේ මහදැනමුත්තලා අමතක කරති. රටකට තිබෙන්නේ එක ජාතික කොඩියකි, එක ජාතික පුෂ්පයකි, එක ජාතික පක්‍ෂියෙකි, එක අගනුවරකි, එක ජාතික ගීයකි. සිංහලෙන් එකක් දෙමළෙන් එකක් හිංදියෙන් තවත් එකක් තිබුණොත් එයින් සැබෑ ජාතික ගීය වන්නේ එකම එකක් පමණි. රාජ්‍ය භාෂාව හිංදි වන ඉංදියාවේ ජාතික ගීය වංග බසින් ගැයෙන "ජන ගන මන" ගීයයි. ලංකාවේ ජාතික ගීය සිංහලෙන් ගැයෙන "ශ්‍රී ලංකා මාතා" ගීයයි.

ජහඃපාලන ජුන්ටාව කැමති නම් දෙමළ පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජාතික ගීය බවට පත් කර ගත හැක. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර එය නිල වශයෙන් වෙනස් කරන තෙක් ආනන්ද සමරකෝන් මහතාගේ සිංහල ගීතය ජාතික ගීතය වශයෙන් නිරුපද්‍රිතව එසේම පවතිනු ඇත.

53 comments:

  1. එල කතාව.... ජයවේවා!!

    ReplyDelete
  2. හ්ම්, මට තේරෙන විදියට නම් මෙතන අවුලක් තියෙනවා. මේ ගැන LcN එකෙත් මම කතා නොකර හිටියේ ඒ නිසා. පැහැදිලිවම 'ශ්‍රී ලංකා මාතා' කියන්නේ අපේ ජාතික ගීතය. ඒකෙ සැකයක් නෑ. ඒක "අපේ" මිසක් "තොපේ" නෙවෙයි. ඉතිං එක එකාට ඕනේ විදියට ඒක වෙනස් කරන්න දෙන්න බෑ. දෙමළ ජාතිවාදීන් උත්සාහ කරන්නේ තමන්ට ලෝකේ කොහෙවත් නැති නිජ බූමියක් ලංකාවේ හදා ගන්න නම්, උන් ඒකට උතුර සහ නැගෙනහිර ඉල්ලද්දී විරුද්ධ උන අපි උන් ලංකාවම ඉල්ලද්දී අහක බලං ඉන්නවනම් එතන වැරැද්දක් තියෙනවා. සිරිසේන නිවටයෙක් බව ඇත්ත. එහෙම කියල ඌ කරන කරන දේ බලං ඉන්නවනම් අපි ඌට වඩා නිවටයෝ නෙවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ජොසෙෆ්,

      ජාතික ගීය අපේ'ය කියා සිතීමට අපට උගන්වා තිබේ. එය නීති මගින් කළ දෙයකි. ඉස්සර කාලේ අපේ සීයලා "අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා - ජෝජ් මහරජා ගුණ කඳ ..." ආදී වශයෙන් එංගලන්තයේ මහරජාට ප්‍රසස්ති ගායනා කරවීමට හුරු කර තිබිණි. නිදහස ලැබීමෙන් පසු එංගලන්තේ මහරජාට හෝ රැජිණට ප්‍රසස්ති ගායනා කිරීම වෙනුවට දේශයේ ගුණ ගැයීම ඇරඹිණි.

      එහෙත් එසේ වීම මගිනුත් ජනමනසේ සිදු වූ වෙනසක් නැති බව අපේ නිවට ඇම්බැට්ටයා (එතුමා කියන විදියට ඇමරිකාවේ) බකිංහැම් මාලිගයේ දී මහරැජින හමු වී සමාචාර පවත්වා පැමිණි ආකාරය තමන් විසින් පැහැරගත් පක්‍ෂයේ ඊනියා ජනතා නියෝජිතයන්ට විස්තර කරන අයුරු ඇසූ අයට පැහැදිළි වන්නට ඇත. "මට වාසනාව ලැබුණා ..." යි කියා පටන් ගන්නේ වෙන මොන බූතයෙක්ද?

      එහෙත් අපේ විවේචනය එය නොවේ. අද පවතින ජාතික ගීය අපේ අභිමානය පිළිබඳ කියැවෙන අපේ ලොමු දැහැ ගන්වන අප ඉබේම සීරුවෙන් සිටවන ගීයක් නොවේ. මෙය දෙමළ ජාතිවාදීන් සනසා තබා ගැනීම පිණිසත් බලවත් රෝමානු සහ එංගලන්ත පල්ලි එරෙහි කර නොගැනීම පිණිසත් ලියූ දියාරු රචනයකි. මෙවැනි රචනයක් අපේය කියා කර තබාගෙන ඒ වෙනුවෙන් උද්ගෝෂණය කිරීමට අපට සිත් නොදේ.

      රටකට තිබිය යුත්තේ එක ජාතික ගීයක් බව අපගේ ද අදහස වේ. මේ පිළිබඳවත් දෙමළ පරිවර්තනය ජාතික ගීතය වෙනුවට යොදා ගැනීම පිළිබඳවත් අපගේ අදහස ඉහත අවසන් පරිච්චේදයෙන් දක්වා ඇති නිසා ඒ ගැන නැවත නොකියමි.

      Delete
    2. "අම්මෙ පෙම්බරා ... " සුනිල් එදිරිසිංහ ගේ සිංදුවක් නොවේද ?

      Delete
    3. ඔබතුමාට අන්‍යයන්ට නම් පටබැඳීමට මනා හැකියාවක් තිබේ.

      එදා සිරිසේනගේ භාරියාව ගැන සඳහන් කරද්දී "සිරාගේ ඈඹේණිය" හා "සිරිසේන හාමිනේ" යැයි කීමත් අද සිරිසේන හැඳින්වීමට "නිවට ඇම්බැට්ටයා" යොදා ගැනීමත් අර්ථ සහිත නියම සිංහල පද යෙදීම් ය. මේ ගැන ගෞරවය පිළිගන්න.

      Delete
    4. "අද පවතින ජාතික ගීය අපේ අභිමානය පිළිබඳ කියැවෙන අපේ ලොමු දැහැ ගන්වන අප ඉබේම සීරුවෙන් සිටවන ගීයක් නොවේ" මෙය බොහෝ දුරට ඇත්තකි. එහෙත් එසේය කියා අපේ රටේ ජාතික ගීතය කෙළෙසීම ඉදිරියේ ඇස් කන් පියාගෙන සිටිය යුතුද ?

      Delete
    5. අපේ රටේ ජාතික ගීතය කෙළෙසීම ඉදිරියේ ඇස් කන් පියාගෙන සිටිය යුතුද ?
      --- http://katha32.blogspot.com/2015/03/national-anthem.html?showComment=1427221916291#c2973288828718627839

      එහි මෙයට යම් තරමක පිළිතුරක් තිබේ.

      එහෙත්, අප කියන්නේ...
      1. මෙය ජාතික ගීය "කෙළෙසීමක්" නොවේ.
      2. ඇස කන පියාගෙන සිටිය යුතුද කියා ඇසිය යුතු මට්ටමේ බරපතල ගැටළුවක් නොදකිමි.

      දෙමළ බස රාජ්‍ය භාෂාවක් කිරීම ඊට වඩා වරදකි - දෙමළ බස රාජ්‍ය සේවකයන්ට උසස්වීම් උදෙසා අනිවාර්‍ය කිරීම බරපතල වරදකි. උතුරු පළාත් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එළිපිට රාජ්‍ය විරෝධී කටයුතු වල නිල වශයෙන් ම නිරත වී සිටින විට ඒ ගැන මේ රටේ රස්තියාදුකාරයින් විසින් රස්තියාදුකාරයින් උදෙසා පත් කර ගන්නා ලද ජහඃපාලන ආණ්ඩුව ඇස කණ පියාගෙන සිටීම අපරාධයකි.

      තේරුමක් නැති ජාතික ගීයක් වෙනුවෙන් අරගල කිරීමට උත්සාහ කිරීම තේරුමක් ඇති දේ වෙනුවෙන් මිඩංගු කළ හැකි කාලය අපතේ හැරීමකි.

      Delete
    6. ඔබ සැමවිටම කරන්නේ දෙන ලද ප්‍රශ්නය වෙනත් කෝණයකින් විග්‍රහ කිරීමකි. පහත ලිපිය කියවන්න.
      >>> http://sinhala.lankanewsweb.net/art-news/16291-2015-03-21-23-06-27
      එය ඔබේ අදහසට එක් කළ ඌන පූර්ණයකි, නැතහොත් ඔබේ අදහස ශක්තිමත් කිරීමකි.

      එසේ වුවත් පහත Anonymous ඉදිරිපත් කරන මතය සමග එකඟ වෙමි.
      ඔබ සිතුවිළිට හඳුන්වා දෙන "අසිංහල අබෞද්ධ රාජ්‍යය" (මා ඊට කියන්නේ ක්‍රිස්තියානි රාජ්‍යය කියාය - මේ රාජ්‍යයේ තීන්දු-තීරණ පල්ලියේ අනුමැතියට යටත්ය.) තම ජාතික ගීය සිංහලෙන් ගයන්නේ නම් එය සිංහලයාගේ ජයග්‍රහණයකි. එය වෙනත් බසකින් ගැයීමට ඉඩ දීම සිංහලයාගේ පරාජයකි.

      මේ ගැන කිව හැකි දෙයක් ඇතය කියා නොසිතමි.

      තිබේනම් අදහස් ඉදිරිපත් කරන්න.

      Delete
    7. ජෝසප්,
      ඔබ යොමු කල බැඳිය ඉතාමත් අගනා රචනාවක්. ඇත්තෙන්ම අප ජාතික ගීයෙ විසින් අපව යම් කිසි තැනකට තල්ලු නොකරන බව වටහා ගන්නේ ඉවකිනි. එහෙත් ඒ තත්වයට හේතු කණිෂ්කයන් විසින් මැනැවින් දක්වා තිබෙනවා. ඒ වගේම මේ රචනාව ඉතා සවිස්තරාත්මකව අපව ඒ වරද ඇත්තේ කොතැනදැයි යන වැටහීම එරෙහි යොමු කරනවා.

      මේ ගැන කථා 32හි තරම් හොඳින් කරුනු දක්වමින් අදාල ලිපි සම්බන්ධ කර ගනිමින් සාකච්චාවක් වෙනත් තැනෙක වූවාදැයි සිතිය නොහැකියි.

      එහෙත් ඇත්තෙන්ම සිරාගේ රෙජීමය මේ කැමැති තරමක් ඇමතිවරු පත් කොටගෙන ජනතා අනුමැතියකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරවාගෙන තව අවුරුදු දෙකක් මේ පාර්ලිමේන්තුව යටතේ රට ගෙන යාමට ඒ දේවල් කෙරෙහි වන ජනතා අවධානය වෙනතක හැරවීම් වස් මේ කතාව සමාජ ගත කල බව හොඳින්ම පෙනෙනවා.

      Delete
    8. සිතුවිළි, ඔබ ඉතාම නිවැරදිව අප දුටු දේ ග්‍රහණය කරගෙන ඇති බව කිව යුතුයි. මේ මොහොතේ සිංහලයා, වඩා නිවැරදිව කිවහොත් සිංහල බෞද්ධයා, වෙත ඇති ප්‍රධාන අභියෝගය මෙකී "ජාතික ගීය දෙමළෙන් ගැයීම" නොවෙයි. මෙය ලංකාවේ "මෝඩ චූන්" සිංහල ජාතිවාදීන් කුලප්පු කිරීම උදෙසා කෙනෙකු විසින් හිතා මතා අඹරා දැමූ ගුළියක්.

      අප මුලිනුත් කීවේ, නැවතත් කියන්නේ, ශ්‍රී ලංකාවේ ජාතික ගීය ආනන්ද සමරකෝන් විසින් රචිත සිංහල ගීය බවයි. එහි දෙමළ පරිවර්තනයක් තිබෙනවා. ජනාධිපති සිරිසේනට ඔහුගේ විදෙස් ස්වාමින් වෙනුවට අණ නිකුත් කිරීමට අටවාගෙන තිබෙන ජාතික විධායක සභාව නම් ලිඳළඟ සංගමය ජාතික ගීය වෙනුවට එය ගැයීමට උපදෙස් දීම මේ මොහොතේ ගත් කූට දේශපාලන ක්‍රියාමාර්ගයක්.

      මේ ක්‍රියා මාර්ග කෙතරම් සූක්ෂමදැයි තේරුම් ගැනීමට අප කළ යුත්තේ පෙරහැරේ එක එක කොටස් ක්‍රියා කරනාකාරය වටහා ගැනීමට උත්සාහ කිරීමයි.
      මේ පෙරහැරේ කස කාරයා වන නාග විහාරාධිපති ස්වාමින් වහන්සේත් මේ තීරණය ගැන කියන්නේ 'අනේ අපිටවත් කලින් කියන්න තිබුණා' කියාය. දෙන දෙයක් වළඳා වෙන දෙයක් බලාගෙන වැඩ සිටීම මිස එරෙහි වීම උන් වහන්සේට අකැප බව උන් වහන්සේත් අපත් හොඳාකාරවම දන්නා මුත් උන් වහන්සේ සිරස නිවේදිකාවක් සේ මාධ්‍ය ඉදිරියේ බබා පාට් දමනු බලා සිටීම අපට කාලකන්ණි ආස්වාදයක් ද ගෙන දේ.

      කෙසේ වෙතත්,
      1. කෙටි කාලීනව දැනට පවත්නා ජාතික ගීය ව්‍යවස්ථාපිත අයුරින් රැක ගත යුතුය.
      2. දීර්ඝ කාලීනව අප අපට ගැළපෙන සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගත යුතුය.
      යන්න දෙතිස් කතාවේ අපගේ ස්ථාවරයයි.

      මෙහිදී අවධානය කළ යුතු කරුණක් තිබේ;
      * දෙමළ ගීය කවුරු හෝ ගැයීමෙන් කෙටි කාලින අවශ්‍යතාව භංග නොකෙරේ. සිංහල ගීයට නිසි ගෞරවය අනිවාර්යයෙන් ලැබිය යුතුය. දෙමළ ගීයට කැමති කෙනෙකුට කැමති සේ ගෞරව දැක්වීම/ නොදැක්වීම කළ හැක. දෙමළ පරිවර්තනය ව්‍යවස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ගීය නොවන බැවිණි.

      යම් හෙයකින් රනිල්-මෛත්‍රී ජහඃපාලන ජුන්ටාව දෙමළ ගීයට සිංහල ගීයට සමාන ලෙස ගෞරව කළ යුතුය කියා නීතිගත කළහොත් අන්න එදාට වීදි බැසීමට ජනතාව සූදානම් වීය යුතුය. දෙමළ සිංදුවක් යන විට නොනැගිට්ටා කියා සිංහලයෙක් උසාවි ගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරයි නම් එය සිංහල රටේ සිංහලයාට කරනා බලවත් කෙනෙහිලි කමකි.

      Delete
    9. ජොසෙෆ්, මහගම සේකර ශුරීන්ගේය කියා ඔබ ඉදිරිපත් කරන රචනය කියැවීමි. එතරම් ගැඹුරට නොගියත් අපගේ අදහස ඒ හා සමපාත වේ. මෙය දෙමළ ජාතිවාදීන් සනසා තබා ගැනීම පිණිසත් බලවත් රෝමානු සහ එංගලන්ත පල්ලි එරෙහි කර නොගැනීම පිණිසත් ලියූ දියාරු රචනයකි.යි අප විසින් කියන්නට යෙදුණේ ඒ වගයි.

      "එක මවකගේ දරු කැළ බැවිනා", "ප්‍රේම වඩා", "සැම භේද දුරැර" යන යෙදුම් අපට සැමදා ප්‍රශ්නකාරී වීය. ජිප්සීස් විසින් ගැයෙන "ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා" යන ගීය මීට වඩා කදිමට එම පණිවුඩය ජනතාව අතරට ගෙන යන බව අපගේ අදහස වේ. රනිල්-මෛත්‍රීපාල ජහඃපාලන ජුන්ටාව තම රෝයල් සගයාගේ ගීය ජාතික ගීය ලෙස නම් කළත් අපට නම් පුදුම වීමට දෙයක් නැත.
      ---------------

      සේකර ලිපිය අපට කියැවීමට ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට පින්.

      Delete
    10. පහතින් පිළිතුරක් දමන්නම්.

      Delete
  3. ආචාර්ය නලින් ද සිල්වා මේ ගැන කියන දේ...
    >>> http://www1.kalaya.org/2015/03/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. ආචාර්ය නලින් ද සිල්වා අපට වඩා බොහෝ දුර දක්නා කෙනෙකි. ඒ හේතුවෙන් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ එතුමා අද පවතින ජාතික ගීය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින අයුරක් පෙනේ. එහි වැරද්දක් නැත. එතුමා දක්වන පරිදි නම්,
      "රටක ජාතික ගීය ගැයිය යුත්තේ එරට වැඩිදෙනා කතාකරන භාෂාවෙනි. නැත්නම් එරට සංස්කෘතිය ගොඩනැගූවන්ගේ බසිනි. එසේත් නැතහොත් යටත්විජිතවාදයට පසුව නම් නිදහස දිනාගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් කළ ජනවර්ගයේ භාෂාවෙනි."

      ඉහත කරුණු සියල්ල සත්‍ය වුවත් පොඩි පරහක් ද පවතී. එය නම්, අප ඉහත සිලොනිස් නම් ජාතියක් පිළිබඳව කළ සඳහනයි. නලින් ද සිල්වා මහතා තම ලිපියේ "දෙමළ ප්‍රභූහු සිංහලයන්ට සිංහල සංස්කෘතියට හිමි තැන ලබා දීමට විරුද්ධ වෙති. එබැවින් ජාතික ගීය සිංහලෙන් පමණක් ගයනු ඇසීම ඔවුන්ගේ කන්වලට යවුල් ඇනීමක් මෙනි." යි කියයි. මේ අප පෙන්වා දීමට උත්සාහ කරන කරුණ වේ.

      ඉහත "ජාතික ගීය දෙමළෙන් ගැයීම" යටතේ "ලංකාවේ සිලොනිස් ජාතිය පුපුරුවා හැරීමට සිංහලයන් සමත් වූ නමුදු දේශපාලන බලය අත්පත් කර ගැනීමට සිංහලයෝ සමත් නොවූහ. 1956 දී මේ සඳහා ස්වර්ණමය අවස්ථාවක් එළඹුණේ වී නමුත් ..." ආදී වශයෙන් අප විසින් පෙන්වා දෙන්නේ මේ කාරණයයි.

      අප සිංහලයින් වශයෙන් මේ රට තවමත් අත්පත් කරගෙන නැත (එසේ අත්පත් කර ගැනීමට අප සමත් වී නම් මේ රටේ ජනාධිපති තෛපොංගල් දවසට රාමසාන් දවසට සුබ පැතුම් එක් කරන්නේ නැත. නිදහස් දවසට එංගලන්ත පල්ලියේ සහ රෝමානු පල්ලියේ රාජගුරු තැන් විසින් අපට නියෝග ඉදිරිපත් කරන්නේ නැත.). අද අප දකින ශ්‍රී ලංකාව සිංහලයින් විසින් ඉංගිරිසින්ට ගිවිසුමකින් පවරා දුන් සිංහලයින්ගේ ලක්දිව හෙවත් හෙළදිව නොව ඉංගිරිසින් විසින් තනා බර්ගර් කාරයින්, දෙමළුන් සහ නොයෙක් වර්ග වල විදේශිකයින් සමග බෙදා හදා ගැනීමට පවරා ගීය සිලෝනයම වේ. කිසියම් දිනෙක අප විසින් සිංහලයන් වශයෙන් අපගේ අභිලාෂයන් රැකෙන රාජ්‍යයක් බිහි කර ගතහොත් අන්න එදාට ගැයෙන ජාතික ගීය වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් පෙනී සිටීමට අප සූදානම් ය.

      නලින් ද සිල්වා මහතා සමහර විට එතුමාගේ පෘථුල දැක්ම හේතු කොටගෙන අප නොදකින යමක් දකිනවා වීය හැක. ඒ නිසා එතුමාගේ මතයට එරෙහි නොවෙමි.

      Delete
  4. භාෂා එකකට වැඩි ගණනකින් ජාතික ගීය ගායනා කරන රටවල් වන්නේ කැනඩාව, බෙල්ජියම, ස්විස්ටර්ලන්තය, දකුණු අප්‍රිකාව, සුරිනාම් හා නවසීලන්තය යි. මේවයින් පළමු රටවල් තුන සන්ධීය (ෆෙඩරල්) මාදිලියේ ආණ්ඩු ක්‍රමයක් සහිත වේ. සුරිනාම් හා නවසීලන්තය තම රට වල ආදිවාසී භාෂාව සහ ඉංග්‍රීසි (එම රටවල් යටත් කල අදිරජ්‍යවාදීන්ගේ භාෂාව) වලින් ජාතික ගීය ගායනා කරයි. දකුණු අප්‍රිකාව බහුතර භාෂාවක් නැති zulu, Africaans සහ ඉංග්‍රීසි ආදී භාෂා රාශියක් කතා කරන රටකි. මේ කිසිඳු කොටසකට නොවැටෙන ලංකාවේ ජාතික ගීය පිලිබඳ ගැටළුවක් ඇති කිරීම පිටුපස බෙදුම්වාදය හැර වෙන අරමුණක් තිබේද?

    ReplyDelete
    Replies
    1. මිතුර ඔබ අප දැනුමට එකතු කරන දේ පිළිබඳව අනෙක වාරයක් තුති පුදමි.

      අපට ස්විස් ජාතික මිතුරෙක් සිටියේය. අපේ දැනුම පෙන්වීම සඳහා ඔබේ රටේ භාෂාවල් තුනක් තිබෙනවා නේද'යි ඔහු විමසීමි. සතරක් බව ඔහුගේ පිළිතුර විය. ජර්මන්, ඉතාලි, ප්‍රංශ භාෂා වලට අමතරව ලතින් භාෂාවත් එහි කතා කෙරෙන බව ඔහු විස්තර කළේය. අප එතෙක් සිතා සිටියේ ලතින් බස මළ බසක් ලෙසයි.

      කෙසේ වුව, ස්විට්සර්ලන්තය යනු පෙර කී භාෂා කතා කරන ජන වර්ග එකතු වී සාදා ගත් රටක් මිස එක භාෂාවක් කතා කරන ස්විස් ජාතිකයන්ය කියා හඳුනා ගත හැකි පිරිසක් විසින් ගොඩ නැගූ රාජ්‍යයක් නොවේ. කැනඩාව ඉංගිරිසින් සහ ප්‍රංශයන් වෙන වෙනම කොළණි කරමින් සිට පසුව යුද්ධ හා ගිවිසුම් මගින් එකතු කර තනා ගත් කෘතීම රාජ්‍යයකි. ප්‍රංශ භාෂාව කතා කරන ජනයා කැනඩාවට එකතු කර තබා ගැනීමට නම් ඊට සම තැන දිය යුතුව තිබේ. බෙල්ජියම් උදාහරණයත් ස්විස් උදාහරණයට සම වේ. මෙකී රාජ්‍යයන් ගොඩ නැගී ඇත්තේම වෙනත් රාජ්‍ය වලට එකතු විය හැකිව තිබූ ප්‍රාන්ත හෝ කෝරළ කිහිපයක් එකතු කර ගැනීමෙනි. නූතන ලංකා රාජ්‍යය ගොඩ නැගීම පිණිස දෙමළුන් විසින් බිම් කොටසක් ඉන්දියාවෙන් ගෙන ආවේ නැත.

      ඔබ විසින් ඉදිරිපත් කරන අනෙක් උදාහරණ ආක්‍රමණිකයන් විසින් ස්වදේශිකයන් යටපත් කොටගෙන තැනූ බලහත්කාර රාජ්‍ය වේ. ඒවායේ ජාතික ගීය ආක්‍රමණිකයාගේ භාෂාවෙන් තිබී පසුකාලීනව ස්වාදෙශිකයා රැවටීම පිණිස කොටසක් එකතු කරන්නට ඇත. දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ සිදු වූයේ එය නොවේද?

      ශ්‍රී ලංකාව සිංහලයන් විසින් ජනාවාස කරන ලද ශිෂ්ඨාචාර කරන ලද වසර දහස් ගණනක් පුරා ලෙයින් දහඩියෙන් පෝෂණය කර ඉතිහාසයක් ගොඩ නැගූ බිමකි. එහි භූමිපුත්‍ර උරුමය පවතින්නේ සිංහලයන් සතුව පමණි.

      ඔබ නිවැරදිව පෙන්වා දෙන පරිදි ලංකාවේ ජාතික ගීය දෙමළෙන් ගැයෙන ලෙස ඉල්ලීම බෙදුම්වාදී ඉල්ලීමකි. එහෙත් එසේ කිරීමෙන් බෙදුම්වාදයට සහයක් නොලැබේ. මෙකී ඉල්ලීමෙන් සිදු වන එකම දේ නම් රටේ උරුමක්කරුවා වන සිංහලයාට රිදවීමත් එමගින් සිංහල විරෝධීන් කුහක වින්දනයක් ලැබීමත් පමණක් වේ.

      අවංකව කියතොත් අප මෙය දකින්නේ වෙස් වලාගෙන ආ ආශීර්වාදයක් ලෙසිණි. අපේම නිජ භූමියේ අප අසරණ වී ඇති බව බයියන්ට පමණක් නොව ටොයියන් වීමට පෙරුම් පුරන කිරි-ටොයියන්ටද හදවතට දැනිය යුතුය. කිරි-ටොයියන් දඬු-ටොයියන් බවට රූපාන්තරණය වීමට පෙර එය දැනුනොත් පමණක් ජාතියක් වශයෙන් සිංහල අපට අනාගතයක් තිබෙනු ඇත.

      Delete
    2. මා සිතන පරිදි මෙයින් බෙදුම්වාදයට සූක්ෂම සහයක් ලැබේ. මෙයට කෙලින්ම විරුද්ධ වන සිංහලයන්ට ජාතිවාදී චෝදනාවෙන් දමා ගසා, දෙමළ ජන වර්ගයට කරන අසාධාරණයක් ලෙස උලුප්පා පෙන්විය හැකිය. ඒ නිසාමදෝ සිංහලයන් මේ පිළිබඳව ඇල් මැරුණු ප්‍රතිචාර දක්වන බව පෙනේ. මීට අමතරව, බොදු බල සේනා වැනි සංවිධාන වලට දෙමල ජාතිවාදයට හා බෙදුම්වාදයට අවශ්‍ය ආයුධ සපයා දීමේ හැකියාවක් ඇත.

      Delete
    3. මිතුර,

      මේ රට, මේ පවත්නා තත්වයෙන්, නැවත අවධාරණය කරමින් කියමි - මේ පවත්නා තත්වයෙන් - සිංහල (හෝ සිංහල බෞද්ධ හෝ) රටක් නොවේ. සුද්දන් විසින් කෘතීමව තැනූ ජාතියකට (මෙය සිලෝනිස් ලෙස අප විසින් හඳුන්වා දී ඇත) පවරා දී ගිය මේ රට එදා සිට අද දක්වා පවත්වාගෙන යන්නේ ඔවුන් විසිනි. සිලෝනිස් ජාතිය, සිදු විය යුතු ලෙසම, වඳ වී ගියත් එහි අනුප්‍රාප්තිකයා වන ඊනියා "ශ්‍රී ලාංකික" ජාතිය මේ රටේ හිමිකාරයෝය. ශ්‍රී ලාංකික යනු සිංහල නොවේ. මෙය සිංහලයාට කළ නොමනා සැළකිල්ලකි - හෙවත් discrimination එකකි.

      මේ රටේ කිසියම් අයිතියක් සිංහලයාට ඇත්නම් දෙමළාට ද එපමණම අයිතියක් තිබේ. මරක්කලයාට, බර්ගරයාට, ජාවාට, හම්බයාට, පාර්සි කාරයාට, ඇෆ්ගන් කාරයාට, මාල දිවයින් කාරයාට සහ වෙන ඕනෑම වර්ගිකයෙකුටත් පුරවැසිබව ඇත්නම් සමාන අයිතිවාසිකම් හිමිය.

      "ශ්‍රී ලංකා මාතා" ජාතික ගීය අපගේ පමණක් නොව ඔවුන්ගේ ද ජාතික ගීය වේ. එය වෙනස් කිරීමට අපට ඇති අයිතියට සමාන අයිතියක් ඔවුන්ටද තිබේ. අපිට සිංහලෙන් එය ගැයීම අවශ්‍යනම් දෙමළුන්ට දෙමළෙන් ගැයීමටත් පකිස් කල්ලතෝනියාට උර්දු භාෂාවෙන් ගැයීමටත් මාල දිවයින් කාරයාට දිවෙහි බසින් ගැයිමටත් අයිතියක් ඇත. එසේ කිරීමේ වරදක් නැත.

      එහෙත් දෙමළ භාෂා පරිවර්තනයක් මිස අනෙක් භාෂා පරිවර්තනයක් දැනට නැති අතර දෙමළ පරිවර්ථනය ජාතික ගීය ද නොවේ. මෙය නීතිමය ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය විසඳා ගතහොත් (නීතිපති පත්වීම බලරහිත යැයි තේ කෝප්පයක් බීමෙන් තීන්දු කළ, කිසිම නීතියකට යටත් නැති, සර්වබලධාරී 'දෙවියන් වහන්සේ' වැනි අනභිබවනීය බලතල සහිත, විධායක සභා නම් බලවත් ආයතනයක් ඇති මේ රටේ කළ නොහැක්කක් නැත !) ජාතික ගීය දෙමළෙන් පමණක් නොව මෝඩි ඊළඟට එන දවසට හින්දි පද යොදා බංග්(ර්)ඩා තාලයට ගැයුවත් අපට කළ හැකි දෙයක් නැත.

      විරුද්ධ වීමට මේවාට වඩා වැදගත් කරුණු තිබේ. අපගේ අවංක අදහස: ජාතික ගීය දෙමළ කර ගැනීමට උවමනා උන්ට කර ගැනීමට දෙමු. අනතුරුව වඩා භයානක ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කිරීමට එය හේතුවක් කර ගනිමු.

      Delete
    4. ඔබගේ කමෙන්ටුවේ අවසන් අදහස ගැන නම් මට එකඟ විය නොහැක. දෙමල බෙදුම්වාදී දේශපාලන භාවිතාව (ප්‍රභාකරන්ගේ නොවේ) හැම විටම ක්‍රියාත්මක වුනේ චෙල්වනායගම්ගේ "දැන් ටිකක් පසුව ගොඩක්" සංකල්පය තුලයි (මහාචාර්ය නලින් ද සිල්වාගේ 'ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා' කෘතියෙහි මෙය මනාව විස්තර වේ). ජාතික ගීය සම්බන්ධයෙන් සිංහල සමාජය තුල ප්‍රබල කතිකාවක් ඇති වුවහොත් ඔබ කියන 'භයානක ඉල්ලීම්' ගැන ඔවුන් දෙවරක් සිතනු ඇති (අඩු තරමේ ඒවා කල් දමනු ඇති). යම් ස්ථාවරයකින් සිංහල සමාජය විතැන් කල පසු, බෙදුම්වාදී අදහස් කාන්දු කිරීම ක්‍රමානුකුලව සිදුවේ. චන්ද්‍රිකා, මංගල වැන්නවුන් සාමය පළමුව විකුණා සුදු නෙලුම්, තවලම්, පොන්ගු තමිල් හරහා ෆෙඩරල් විසඳුමකට සිංහල සමාජය (අඩු තරමේ උගතුන්) තල්ලු කල අයුරු සිහිපත් කරන්න.

      Delete
    5. Anonymous,
      ඔබගේ අදහස ගැන මට එකඟ විය හැක.
      http://katha32.blogspot.com/2015/03/national-anthem.html?showComment=1427276985606#c3289072093603125726
      කරුණාකර කුමක් හෝ නමක් දමා ගන්න.

      Delete
    6. ඔන්න නමකුත් දැම්මා. :)

      Delete
    7. ඉතා හොඳයි !
      ;)

      Delete
  5. ජාතික ගීය ගැන මේ ප්‍රෂ්ණය රටේ කතාබහට ලක්වී තිබෙන්නක් තමයි. එහෙත් ඇත්තෙන්ම රජයේ අරමුණ මේ උනුසුම් මාතෘකාව කරලියට ගෙනැවිත් ඒ යටින් තවජනතා අවසරය නොලැබෙන බලය පවත්වා ගැනීමෙහි වැදගත් ක්‍රියාවන් රැසක් ඉටුකර ගැනීමයැයි මම සිතනවා.
    කෙසේ වෙතත් මෙය පමණක්ව වුවද රටක් ගිනි තැබිය හැකි මහා අමන මුග්ද තීරණයක් බවනම් නොකියා නොහැකිය. ශ්‍රී ලංකාව පිළිබඳ තත්වය සැලකීමේදී අසවල් රටේත් එය මෙසේයැයි කීම නොහොබිනා කතාවකි. එයට පිළිතුරු ලෙස කිව හැක්කේ "ඉතින් අපට මොකෝ " කියා මිස අන් යමක් නොවෙයි.
    කෙසේ වෙතත් මාගේ පෞද්ගලික මතය නම් එක් රටක් නියෝජනය කිරීමට එක් ජාතික ගීයක් විය යුතුමය. (එක් රටක් නියෝජනය කිරීමට ජනාධිපති වරුන් දෙදෙනෙකුට හැකිද? මේ යන විදියට අනාගතයේ දිනක ඔව් එහෙමත් පුළුවන් කියා වුව මේ අමනයින් කීවොත් පුදුම විය යුතු නැත.)
    දැනට රටේ පිළිගත් ජාතික ගීය සිංහල වචන වලින් ඇතැයි අපි සිතමු. එම නිසාම දරුණු "සිංහල අසාත්මික තාවයකින්" පෙළෙන ශ්‍රී ලාංකික බෙදු වාදී දමිළ නායකයන් යැයි කියා ගන්නා කොටස එයට විරුද්ධ වේ.
    ඇත්තෙන්ම මේ ගීයේ පද සිංහලද?
    මදක් විමසා බලමු
    ශ්‍රී ලංකා - මෙය නමක් මිස එක් බසකට අයත් වදනක් නොවේ
    මාතා - සිංහලෙන් මව යන අරුතට මාතා යැයි යොදනවාද? මෙය ඔහෝ දුරට පාලි වදනකි.
    අප - මෙය සිංහල වදනකි
    නමෝ - මෙය සිංහල වදනක්ද? සංස්කෘත වදනක්ද?

    මේ ආකාරයෙන් වදනින් වදන විමසුවහොත් මුළු ගීතයෙන්ම සොයා ගත හැකි වනුයේ පිරිසිඳු සිංහල වදන් අතලොස්සක් පමණකියි සිතමි.
    ඉතින් මෙය සිංහලත් නොවේනම්, දමිළයන්හට මෙය බරපතල ගැටළුවක් නම්, යහපාලකයින්ට මෙය වහා විසඳිය යුතු බරපතල ගැටළුවක්ම නම්, කළ යුත්තේ හෝ කල හැක්කේ එකකි.
    සියලු ශ්‍රී ලාංකිකයින්ට ජාතික ගීය දෙමළෙන් ගැයීම නීති ගත කල යුතුය. අපේ නොවන ජාතික ගීය ගැන අප වද වන්නේ කුමකටද? හැකිනම් යහපාලකයන් කල යුත්තේ මෙයයි.

    මා විරුද්ධ වන්නේ එක් රටක් තුල ජාතික ගී දෙකක් තිබීම ගැන මිස එය දෙමළෙන් ගායනා කිරීම ගැනනම් නොවෙයි!

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      අපේ ජාතික ගීය සිංහල වන්නේ එය සිංහල අපට තේරෙන සිංහලෙන් ලියැවී ඇති නිසයි. ඔබ වචනයෙන් වචනය ගෙනහැර පා එකී වචන වල නිරුක්තිය ගෙනහැර පෑම නිරර්ථක ව්‍යයමක් බවයි අපේ අදහස. දෙමළ මනුෂ්‍යයෙකුට මේ ගීතය තුලින් කිසිවක් තේරෙන්නේ නෑ. ඒ නිසාමයි මේ ගීතයේ දෙමළ පරිවර්තනයක් ඉදිරිපත් කර ඇත්තේ. ඉඳින් සිංහල නොතේරෙන තරම් නූගත් දෙමළ බයියෙක් වෙත්නම් දෙමළ පරිවර්තනය ඉගෙන ගැනීමයි කළ යුතු. කොළඹ වෙසෙන ඉංගිරිසියෙන් කතා කරන දෙමළ ටොයියන් නම් දෙමළට වඩා සිංහල දන්නා බවයි අපේ අත්දැකීම.

      එහෙත් කරුමය නම් සිංහල නොතේරෙන දෙමළ බයියන් නොව සිංහල සහ ඉංගිරිසිත් තේරෙන දෙමළ ටොයියන් සහ උන්ටම අල්ලන සිංහල ඇම්බැට්ටයන් එකතු වී සිංහල ජාතික ගීයට වෛර බැඳ ගැනීමයි. මුන්ට පිස්සුද, නැතිනම් මුන් අප පිස්සන් කිරීමට තැත් කරනවාද ?

      Delete
    2. කණිෂ්ක,ඔබ මෙහි මතුකරන කාරනා තුළින් මා දකින වැදගත්ම කරුන නම් මුන්ට පිස්සුද නැත්නම් මුන් අප පිස්සන් කිරීමට තනනවාදැයි අසන පැනයයි.
      ඇත්තෙන්ම මා දකින අයුරු උන්ගේ තැත අප පිස්සන් කිරිමම මිස අන් යමක් නොවෙයි.

      http://groundviews.org/2015/03/22/sri-lankan-national-anthem-symbolism-nationalism-racism-and-other-stories/
      මේ බැඳියෙන් දක්වා ඇති ලිපිය ඉඩක් ලදොත් කියවන්න. මෙහි රචකයා දැනට හාවඩ් හි පශ්චාත් උපාධියක් හදාරමින් සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්‍ය වරියෙකි. මාගේ යොමුව ඔස්සේ ඇය මේ ලිපියද කියැවා ඇත.
      එම ලිපියේ කියැවෙන දේද බොහෝ දුරට අප මෙහි සාකච්චා කර ඇති කරුනු හා සසැඳේ.

      Delete
    3. සිතුවිළි,

      ඒ ලිපිය සම්පූර්ණයෙන් කියවීමට වෙලාව යොදා ගත්තා. එහි රචිකාව (ඔබට අනුව) ශ්‍රී ලාංකිකයෙක් (සිලොනිස්ලාගේ අනුප්‍රාප්තික) මිස සිංහලයෙක් නොවන බව ලිපියේම කියැවෙන නිසා අප කියන දේත් ඈ කියන දේත් (අවසන් නිගමනය සමාන වීම මත) සමාන වන්නේ නැත.

      "දැනට හාවඩ් හි පශ්චාත් උපාධියක් හදාරමින් සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්‍ය" යන ඔබගේ හැඳින්වීම ම අප දෙපාර්ශවය කියන දේ එකම නොවන බවට සාධක සපයයි. ඒ ලිපියේ අන්තර්ගතය අඩුවක් නැතිව ඔබේ හැඳින්වීම සනාථ කරයි.

      කණගාටුයි සිතුවිළි, ඈ කියන්නේ අප කියන දේට වඩා හාත්පසින් විරුද්ධ දෙයකි. ඈ මේ අසිංහල අබෞද්ධ රාජ්‍යය ආරක්ෂා කරමින් එය රැක ගැනීම උදෙසා එහි ජාතික ගීය පාවා දීමට යෝජනා කරයි. අප යෝජනා කරන්නේ අසිංහල අබෞද්ධ රාජ්‍යයේ ජාතික ගීය ගැන වෙහෙසීම පසෙක තබා සිංහල බෞද්ධ රාජ්‍යය රැක ගැනීම පිණිස වෙහෙසිය යුතු බවයි.

      Delete
    4. සත්තකින්ම කණිෂ්ක ඔබ කියන දෙය හා මා එකඟ නොවනවා නොවෙයි. මේ සිංහල බෞද්ධ රාජ්‍යය සත්තකින්ම අද ප්‍රායෝගික තලයෙහි පවතින්නේ ශ්‍රී ලංකාව නම් භහුවාර්ගික භහු ආගමික මිශ්‍ර සංස්කෘතික දෙශයෙහි අභ්‍යන්තරයෙහි ගිලී අප්‍රකටවයි.
      මෙය අප වරදවා වටහාගත යුතු නැතැයි මා සිතමි. මේ සාකච්චා වන ජාතික ගීය අයත් වන්නේ ශ්‍රී ලංකාවනම් වූ සංකල්පිත දේශයටද නැතහොත් සැබෑ සිංහල බෞද්ධ දේශයටද?
      වඩා වැදගත් වනුයේ ශ්‍රී ලංකාව නම් වූ සංකල්පය සතු ඊනියා ජාතික ගීය නම් වූ පදමාලාවක් ඔබ කියන අරුතින්ම ගතහොත් සිංහලයාට වැටහෙන බසකින් (සිංහලෙන් යැයි කීම සුදුසුදැයි මා හට පැහැදිලි නැත ) පවත්වා ගැනීමද නැතහොත් මේ මිශ්‍ර සංස්කෘත්යක් තුල ගිලී ගොස් ඇති සිංහල බෞද්ධ රාජ්‍යයේ ඉදිරි පැවැත්මද?
      ලංකාව ඉන්දියාවේ ප්‍රන්තයක් වූවා නම් වඩා යෙහෙකියි වරෙක අනගාරික ධර්මපාල තුමන් කියා ඇතැයි මා අසා ඇත.

      Delete
    5. ඔබට පිළිතුරක් ලිවීමට පළමු බොහෝ කොට සිතීමි, නැවත නැවත සිතීමි.

      අප විසින් පෙර ලියූ ප්‍රතිචාරය 'http://katha32.blogspot.com/2015/03/national-anthem.html?showComment=1427221916291#c2973288828718627839' කියවන්න. අප දෙදෙනා දරන්නේ ප්‍රතිවිරුද්ධ අදහස් ය. ඔබ සැබෑ සිංහල බෞද්ධ දේශයක් සහ ශ්‍රී ලංකාවනම් වූ සංකල්පිත දේශයක් ගැන කතා කරයි.

      මෙය සැබෑව පිළිබඳ සංවාදයකට යොමු වන අයුරක් දැනේ ---> http://anthoniyo-bahijata.blogspot.com/2015/02/blog-post.html, මේ ලිපිය කියවන්න.

      සිංහල බෞද්ධ රාජ්‍යය අප විසින් ගොඩනගා ගත යුතුව ඇති බව අපේ අදහස වේ.

      Delete
    6. කණිෂ්ක,
      අවාසනාවකි, අන්තෝනියෝ බහිජටා ලිපිය ඉවත්කරගෙන ඇත. මා හට එය කියැවීමට අවකාශ නොලදිමි.
      අප දෙදෙනා දරණ අදහස එකඟ වේවා විරුද්ධ වේවා, අද මේ පොළොව මත සිංහල බෞද්ධ දේශයක් (රාජ්‍යයක් ) මා නොදකින නිසාම ඒ අදහස දක්වූයෙමි. එය ගිලී ගොස් අප්‍රකටව පවතින බව ඔබ පිළිගන්නවාද නැතහොත් එය වැනසී ගොස් ඇති බවක්ද ඔබ කියන්නේ කියා පැහැදිලි නැත.
      මේ සිංහල බෞද්ධ රාජ්‍යය අප විසින් ගොඩ නගා ගත යුතු යැයි කීමෙන් වැටහෙන්නේ ඔබ දකින ලෙසින් අද එය සෙවනැලි මාත්‍රයකින්වත් නොපවතින බවකියි සිතේ.
      කෙසේ වෙතත් දහම පවා එකිනෙකා එකිනෙකා ගේ සිතුම් පරිදි විකෘති කරමින් සිටින අවධියක, ඒ සෑම විකෘතියක් පසු පසම ඇදෙන උපාසක උපාසිකා රැලක් ඇති අවධියක, සැබේ සිංහල බෞද්ධ රාජ්යය එක මුතු කරන්නේ කෙසේද? එයට සමත් ප්‍රභල නායකත්වයක් පිළිබඳව වූ ඉඟියක්වත් ඇත්ද? ගරුතර සෝම හිමියන් විසින් මේ දේශය යම් පමණකින් අවධි කල බවනම් මා සිතමි.

      Delete
    7. අන්තෝනියෝ බහිජටාගේ ලියමන පහතින් ඉදිරිපත් කරන ලද්දේ මා විසිනි. එය කියැවිය යුතු බව සිතමි. ලියූ ජගත්ටත් ලින්ක් එක දැමූ කණිෂ්කටත් ඒක නෑ කියා බොරු කිවූ සිතුවිළිටත් ඒක ඇති බව සොයා බලා කියවා සම්පූර්ණයෙන් මෙහි එබූ මටත් ස්තූතියි.

      Delete
  6. දැන් ඔය දෙමල ජාතික ගීයේ එන ශ්‍රී ලංකා තායී ද මොකද්ද වචනේ ලංකා කියන්නේ සිංහල වචනයක්... ලංකා කියා දෙමල වචනයක් නැහැ....ඒකේ දෙමල වචනේ ඉලන්කෙයි....

    සින්හල වචන දාලා දෙමලා ජාතික ගීය පටන් ගන්නවා නම්... ඊට වඩා හොඳයි නේද තනි සින්හලෙන් ම ජාතික ගීය ගායනා කලා නම්...


    ඔය සිරිසේන උන්නැහෙත් ඉංගිරිසි කතා සින්හලෙන් ලියාගෙන රැජින මරන්නේ....

    ReplyDelete
    Replies
    1. ලංකා යන්න සිංහල බවට අපට විශ්වාසයක් නැත. එය සංස්කෘත බවයි අපේ අදහස.

      "සින්හල වචන දාලා දෙමලා ජාතික ගීය පටන් ගන්නවා නම්... " යන්න දෙමළුන් විසින් සිතා බැලිය යුතු දෙයක්. එහෙත් ඉදිරිපත් කරන හේතුව සැබෑ හේතුව නොවන විට ඔවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන්නේ නෑ.

      සිරා "රැජිණ මැරීමත්" මරා "ජයලලිතා මැරීමත්" අතර වෙනසක් ඔබ දකිනවාද ? අපටනම් දෙවැන්න වඩා ජුගුප්සාජනකයි.

      Delete
  7. ආතර් සී ක්ලාර්ක් මහතා ගේ පොත්වල ලංකාව ගැන තියෙන කොටස්වල තියෙන්නේ "සිලොනිස්" ජාතිය ගැන.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට, මෙවැන්නක් අපට සිහියේ නැත. කෙසේ වුව "සිලෝනිස් නම් ජාතිය" පිළිබඳ අදහස අපගේ නමට ලියා ගැනීමේ අදහසක්නම් නැත. මේ ගැන සඳහන් වන තැනක් දැක්වීම පිළිබඳව ස්තූතියි.

      Delete
    2. ආතර් සි ක්ලාක් ලගේ පොත්වල ලංකාව ගැන තියෙන කොටස් බැලුවාම ලංකාව ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්නේ මේකෙ ඉන්නේ බර්ගර් සහ දෙමළ මිනිස්සු කියලා
      උාහරණයක් හැටියට අවසන් සිද්ධාන්තය පොත බලන්න.

      Delete
    3. සොයාගෙන බැලිය යුතු බව සිතමි. 2001 සහ 2010 ත් තව එකකුත් (සිංහල පරිවර්තන) කියවා ඇත. එහෙත් ඒවා වැරදි ඓතිහාසික කරුණු පදනම් කරගෙන ලියා ඇති බව හැඟිනි.

      Delete
  8. පොඩි දෙයක් දැනගන්න. මේ හවුල් ආණ්ඩුවට මහ මැතිවරණයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි යයි නීතිමය බැදීමක් තියනවාද? නැත්නම් 2/3 බලය අරගෙන තව කාලයක් ඉන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මහමැතිවරණය නිත්‍යානුකුලව පැවැත්වීමට තව වසරක් කල් තිබේ. ඊට පෙර (මැතිවරණයක් පැවැත්වීම නොව) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිට තිබේ. අප්‍රේල් 23 ට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට එතුමා දුන් චන්ද පොරොන්දුවකි. එහෙත් එදාට පාර්ලිමේන්තු මැතිවරණයක් බලාපොරොත්තුවෙන් හංසයාට කතිරය ගැසූ අය වෙත්නම් ඒ ඉතා අල්පයකි. එනිසා හැල හොල්මනක් නොමැතිව අප්‍රේල් 23 දිනය පසු කර යෑමේ අවස්ථාව රනිල්-සිරිසේන ජුන්ටාව සතුව ඇත.

      පාර්ලිමේන්තු නිල කාලය අවසන් වීමෙන් පසුව මෙය දිගටම කරගෙන යෑමේ නීතිමය ඉඩකඩ නැත්තේ දින පූර්ණයත් සමග පාර්ලිමේන්තුව ඉබේ විසිරෙන නිසාය. එහෙත් සර්වබලධාරී විධායක සභා වහන්සේ විසින් දෙසා වදාරත් නම් එයත් සිදු වීමේ ඉඩකඩ නැත්තේ නොවේ --- අද අප අත්විඳින ජහඃපාලනය යනු එවැනි ආශ්චර්යවත් ප්‍රපංචයකි.

      ජනවාරි 9 දින සිට සිදු වූ රනිල් ජුන්ටාව පත් කිරීමත්, ශ්‍රී පවන් හොර පාරෙන් අගවිනිසුරු කර ගැනීමත්, වෛරීපාල ශ්‍රී.ලං.නි.ප. සභාපති වීමත්, මහබැංකු අධිපති මාමා සහ බෑනාගේ මධුර ජවනිකාත් යන සිද්ධි සමග ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට සම පිළිගැනීම ලබා දීමත් යන කරුණු පමණක් සළකා බැලුවත් කිව හැක්කේ මෙකී සර්වබලධාරී සභා වහන්සේගේ කැමැත්ත මිස වෙනකක් සිදු වීමේ ඉඩකඩක් මේ සම්මජාතියේ නැති බවයි.

      හැරත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලා වන එක්සත් ජනපද වලට මේ පිළිබඳ ඇම්මක් නැත්නම් එහි අරුත ප්‍රජාතන්ත්‍රවාදය මෙරටේ රැකී ඇත'ය යන්නයි. නියමිත කාලයට ජන්දය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිර්නායකයක් නොවේ.

      Delete
    2. විධායක සභාවට නියමිත කාලයට පස්සෙත් පාර්ලිමේන්තුව විසුරුවා හරින එක නවත්තන්න තරම් බලයක් පවරලා තියෙන්නේ අධිකරනයෙන්ද?

      Delete
    3. ජාතික විධායක සභාව මෙය නිත්‍යානුකූල ක්‍රමවේදයකට පත් වුන ආයතනයක් නොවේ. ඊට ව්‍යවස්ථාවක්, බලතලයක්, කාර්යභාරයක් හෝ අයිතිවාසිකමක්වත් නැත. නිකංම නිකං දන්නා අඳුනන කීප දෙනෙක් එක් වී කරන සාද සාමීචියක් පමණි. වැරැද්ද ඇත්තේ එහි කතා කරන දේ එළියට පැමිණ ක්‍රියාත්මක කිරීමට තරම් ඊට සහභාගී වන අය බලවත් වීමත්, ඔවුන් කියන දේ කිරීමට තරම් අනෙක් අය නිවටයන් වීමත්ය.

      Delete
    4. ජොසෙෆ් නිවැරදියි.

      ඊනියා ජාතික විධායක සභාව (නොහොත් එවැනි නමකින් යුත් පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුගෙන් සැදී සමාගම) කිසිදු නෛතික බලයක් ඇති ආයතනයක් නොවේ. මෙය පක්‍ෂ ව්‍යවස්තාවකින්, විනයකින් නොබැඳුණු දේශපාලන පෙරමුණක් වෙනුවෙන් තීන්දු-තීරණ ගැනීමට රැස් වන අවිධිමත් මණ්ඩලයකි. එහි සිටින කිහිප දෙනා රැස් වී ගන්නා තීරණ ඒ ඒ අයගේ පක්‍ෂ විසින් ක්‍රියාත්මක කරනු ඇත. රට කරවන්නේ එකී පක්‍ෂ විසින් නිසා අවිධිමත් දේශපාලන බලයක් එම ආයතනය සතුව පවතී.

      ගැටළුව වන්නේ එයමයි. මෙකී මණ්ඩලය නීත්‍යානුකුල එකක් නොවන නිසා එහි තීරණ අභියෝගයට ලක් කිරීමට තැනක් නැත. එම මණ්ඩලය ගන්නා තීරණ බොහෝ විට ලංකාවේ ඇමරිකානු තානාපති, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහ ඉන්දීය මහකොමසාරිස් වැනි ඒ මණ්ඩලයේ සහභාගිත්වයක් නැති අයගේ අභිලාෂයන් වන විට තත්වය වඩාත් භයානකය.

      ශ්‍රී ලංකාව 2015 දී කළේ 1815 කළ දේ ම බව මේ ගැන විග්‍රහ කර බැලූ විට පෙනේ. රාජපක්‍ෂ පරදා සිරිසේන ජනාධිපති කළෙමු. සිරිසේන විධායක සභාවට බලතල දී සවාරි යයි. විධායක සභාව ඉංදියාවේදී ලියා රෝ නියෝජිතයා අත ලංකාවට එවූ දේ තමන්ගේ දෙයක් සේ සාකච්චා කර අනුමත කරයි. එදා උනෙත් ඒ දේමය - අදත් වෙනසක් නැත.

      Delete
  9. 1. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ආනන්ද සමරකෝන් විසින් රචිත සිංහල ගීයයි. එහි දෙමළ පරිවර්තනයක් තිබෙනවා.
    2. දෙමළ පරිවර්තනය ව්‍යවස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ගීය නොවේ.
    3. දෙමළ ගීයට කැමති කෙනෙකුට කැමති සේ ගෞරව දැක්වීම / නොදැක්වීම කළ හැක.
    4. සිංහල ගීයට නිසි ගෞරවය අනිවාර්යයෙන් ලැබිය යුතුය.
    ඉහත කරුණු පිළිබඳව මුළු හදවතින් එකඟ විය හැක.

    නමුත් පිළිගත යුතු දේ නම්, මෙය අපේ පසුබැසීමක් බවයි. මේ සංවාදය ඇරඹීමට පෙර, ජාතික ගීය වෙනුවට ගැයිය හැකි දෙමළ ගීයක් නොතිබිය යුතුය යන්න මගේ අදහස විය. ඒ නිසා එකඟ වීම ඇත්තේ ඉහත කරුණු වලට මිස සිංහල ගීය සමග හෝ එය වෙනුවට හෝ දෙමළ ගීය භාවිතා කිරීමට නොවේ.

    එසේම අනාවැකියක් කියන්නට අපට අවසර.
    නුදුරු දිනෙක එංගලන්තයේ මහරැජිනගේ බූට් ගැලවූ කකුල ලෙව කෑමට එහේ යන අපේ සිරිසේන කාරයා පිළිගැනීමට හිතෲ ගුවන් තොටුපොලේදී දෙමළ සිංදුව කියනු ඇත.
    එදාට අප සිනාසිය යුතුද, හැඬිය යුතුද ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාවට එකහෙලා එකඟ වෙමි. මීට අමතරව, අනවශ්‍ය බෙදීම් රැසකට ජාතික ගීය පිලිබඳ ප්‍රශ්නය මුලපුරන බව මගේ හැගීමයි. ජාතික උත්සවයකදී සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයුවොත් සමහර දෙමළ කොටස් නැගී සිටීම ප්‍රතික්ෂේප කිරීම වැනි දෑ සිදුවිය හැක.

      Delete
    2. මිතුර ජොසෙෆ්,
      අපගේ සංවාදයේ සාරාංශයක් ගෙනහැර දැක්වූවාට තුති. එහෙත් මෙය සම්පූර්ණ නැත. ඔබ ඉදිරිපත් කරන කරුණු හතරට අමතරව ඉතා වැදගත් කරුණක් තිබෙනවා. එය නම්,

      * ශ්‍රී ලංකා මාතා ජාතික ගීය දෙමළෙකුට තබා සිංහලයෙකුටවත් ජාතික හැඟීම් කුළුගන්වන, දේශාභිමානය ඇති කරවන, රට වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමට පොළඹවන ගීයක් නොවන බවයි.

      හොඳයි එය පසෙක තබමු. තබා ඔබේ අනාවැකියට එමු.
      "නුදුරු දිනෙක එංගලන්තයේ මහරැජිනගේ බූට් ගැලවූ කකුල ලෙව කෑමට එහේ යන අපේ සිරිසේන කාරයා පිළිගැනීමට හිතෲ ගුවන් තොටුපොලේදී දෙමළ සිංදුව කියනු ඇත."

      මෙන්න මෙදා වන තෙක් වෛරීපාල ඔය පුටුවේ සිටිනු ඇතැයි අපට බලාපොරොත්තුවක් නැත. සියල්ල සැලසුම්කරුවාගේ සිතැඟි අනුව සිදු වෙමින් පවතින බැවින් හෙතෙම මේ දිය කෙළිමින් සිටින්නේ හැළියේ බව ඔහුට නොපෙනුනාට අපට පෙනේ.

      "අයියෝ සිරිසේන" කියා සිරිසේන වැන්දඹුවට වඩා ශෝකයෙන් විලාප දෙන බේබදු කොන්ත නෝනාත්, හීනියට හිනා වෙන කටකතා බලකායේ අණ දෙන නිළධාරීතුමාත් අපට මැවී පෙනේ.

      ඒකයි මට කනගාටු !

      Delete
    3. anuhasa2011,
      ලංකාවේ ජාතික ගීය සිංහල එක මිස දෙමළ එක නොවන නිසා ඊට හිමි ගෞරවය නොදීමට එරෙහිව පියවර ගත යුතු වේ. එහෙත් ඒ සඳහා කොන්දක් සහ උවමනාවක් නැති වගකිවයුත්තන් ඇති තැනෙක එතරම්වත් ගැටළු ඇති නොවනු ඇත.

      Delete
    4. ඔය සියල්ලටම වඩා ඉතාමත් වැදගත් කරුනු පිළිබඳව කෙරෙන මෙවන් සාකච්චා අනවශ්‍ය පල හෑලි ලෙසින් අප සමාජයේ අති බහුතරය දැකීම තරම් තවත් අවාසනාවක් තිබේද?

      Delete
  10. "සැබෑ"+ නිදහස


    මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගැන ලිවීම නොව, අනාත්මවාදය ගැන මගේ මතය ඉදිරිපත් කිරීමයි.

    අනාත්ම වාදය නම් සංකල්පය බෞද්ධයන් විසින් පමණට වඩා සංකීර්ණ කරගෙන ඇත. බොහෝ විට මෙය සාමාන්‍ය ජීවිතයට අදාල නොවන දාර්ශණික සංවාද වලට සීමා වූ දෙයක් වී ඇති අතර, ඊටත් වඩා මෙය වචන හරඹයක් බවට පත්වී ඇති බවද පෙනෙයි උදාහරණයක් ලෙස පුනරුප්පත්තිය, පුනර්භවය වචන දෙක අල්ලාගෙන වාද කිරීම දැක්විය හැක.

    මෙම තත්වය නිසා විශේෂයෙන් අන්‍යාගමිකයන් අතර බුදුදහම හාස්‍යයට ලක්වීමටද ඉඩක් ඇත. ඒ නැතත් අනාත්මවාදය කිසිවෙකුට නොතේරෙන මහාප්‍රාණයක් වීම බුදුදහමට හිතකර තත්වයක් නොවේ.

    අනාත්ම වාදය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අදාල කරගත හැකි පරිදි අර්ථ දැක්වීමට හැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරමි. මෙය අනාත්මවාදයට දියහැකි එක් අර්ථ දැක්වීමක් බව සිහිතබාගන්න.

    ලිපියේ මාතෘකාව සලකා බලමු, නිදහස් දිනය ආසන්න වනවිට මෙය සැබෑ නිදහසද? නැතිනම් සැබැ නිදහස කියන්නේ කුමක්ද? යන මාතෘකා ඔස්සේ සංවාද ඇතිවෙනු නිරීක්‍ෂණය කල හැක. මීට සමාන අදහස් නත්තල් දිනය ආසන්නයේදීත් අසන්නට ලැබේ එනම් "මේකද සැබෑ නත්තල" යන මාතෘකාව යටතේ පලවන ලිපියක් නත්තල් දිනට ආසන්න පුවත් පතක පල නොවෙන්නේ කලාතුරකිනි. කලකට පෙර දිවයින පුවත් පතේ සුචරිත් ගම්ලත් මහතාගේ "සති සිතු මිණි" ලිපි පෙලෙහි සැබෑ ප්‍රේමය ගැන ලිපි පළවිය.

    මේ ආකාරයට "සැබෑ නත්තල","සැබෑ නිදහස","සැබෑ ප්‍රේමය","සැබෑ ප්‍රීතිමත් පවුල් ජීවිතය","සැබෑ උගත්කම","සැබෑ සමාජවාදය", සැබෑ අරක, සැබෑ මේක ආදී වශයෙන් ගැනීම බුදු දහමට එකඟද? එසේ සැබෑ දේවල් තිබේද? "සැබෑ නත්තල" යනු නිර්වාණයද? මේකද? සැබෑ x යනුවෙන් ප්‍රශ්න කරන්නා x තුල නොවෙනස් වන පරම දිව්‍යමය හරයක් (ආත්මයක්?) ඇතැයි විශ්වාස කරයි. සැබෑ ජීවිතයේ x යනුවෙන් හැඳින්වෙන්න තුල මෙම x හි ආත්මය නොමැතිවීම ගැන චෝදනා කරයි. නමුත් x හි ආත්මය කුමක්දැයි එසේ චෝදනා කරන්නා වුව නොදනී. අවසානයේ මෙම අවුල නිසාම දුකට පත්වේ. මෙය ආත්මවාදය විනා අන් කවරක්ද? මෙවැනි ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්‍ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය.

    මෙයින් අදහස් වන්නේ බෞද්ධයා "නත්තල","නිදහස","ප්‍රේමය","ප්‍රීතිමත් පවුල් ජීවිතය","උගත්කම","සමාජවාදය" යනාදිය බැහැරකල යුතු බව නොවේ. එයතුල පරම උත්තරීතර අන්තයක් ඇත යන මිත්‍යාව බැහැරකල යුතු බවයි. යම් දෙයක "සැබෑ" යනුවෙන් හරයක් ඇතැයි සිතා එය ලඟා කරගැනීමට වෑයම් කිරීමෙන් ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන බව නම් සත්‍යයකි නමුත් මගේ මතය නම් නොපෙනෙන ඉලක්කයක් කරා හඹා යාම වෙනුවට තේරෙන ඉලක්කයක තනාගෙන ඒ වතට යාමට තැත්කිරීමෙන්ද ඉහත දැක්වූ යහඵලම ලඟාකරගත හැකි බවයි.

    ReplyDelete
    Replies
    1. ලිපියේ යොමුව දුන් කණිශ්කටත්, ලිපිය සොයා දුන් ජෝසප්ටත් ස්තුතියි!
      හැබැයි මම බොරු කිව්වා කියන එක වැරදියි. මොකද මම ඒ යොමුව භාවිතා කරලා කිහිප සැරයක්ම එතැනට ගියා එහෙත් යොමු වුනේ ඉවත් කර දැමුනු ලිපියකටයි. හ්ම්ම්ම්. ඒකට කමක් නැහැ. දැන් ලිපිය කියෙව්වානේ.
      මේකේ හරය මම කවදත් දැරූ මතයක්. ඒ කියන්නේ දැනට සැලකිය යුතු කාලෙක ඉඳලා.
      පහත යොමුවේ ඇති මා විසින් ලියූ කතාවෙහි අවසන් වැකිය පමණක් කියවන ලෙස මම ඔබලාගෙන් ඉලා සිටිනවා.

      http://www.katha32.blogspot.com/2013/05/naama-goththan.html

      Delete
    2. "ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්‍ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය." --- අන්තෝනියෝ බහිජටා

      "මට නොතේරෙන මොකක් හරි අවුරුදු හතලිහක් තිස්සේ තියෙන්න ඇති" --- සිතුවිළි

      හ්ම්, ඔව් කියලත් හිතෙනවා.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !