Saturday, September 27, 2014

Cloud storage for File backup

අප සතු විවිධ ගොනු (file) ව්‍යසනයකදී සුරැකිව තබා ගැනීමට අන්තර්ජාලය භාවිතා කළ හැකි බව සඳහන් කළෙමු. එහෙත් ඒ ගැන වැඩිදුර විස්තර කිරීමට අවස්තාවක් නොවීය. ඒ සඳහා යොදා ගත හැකි සේවාවන් කිහිපයක් ගැන අද කතා කරමු.



Microsoft OneDrive Promotion
Microsoft OneDrive
ඩිජිටල් කැමරාවේ හඳුන්වාදීම බොහෝ දෙනා ඡායාරූප ශිල්පින් බවට පත් කළ බව අවිවාදිත කරුණකි. එහි දෙවන පරිච්ඡේදය ජංගම දුරකථනයට ඩිජිටල් කැමරාව ඈඳා ගැනීමයි. කැමරා ෆෝන් ලෙස මුල් යුගයේ හැඳින්වුණු මේවා රූපාන්තරණයට ලක් වී ස්මාට් ෆෝන් බවට පත් වීමත් මේ වන විට අලුත් පුවතක් නොවේ. අන්තර්ජාල සම්බන්ධය සහිත (සම්බන්ධිත) වඩා උසස් තත්ත්වයේ කැමරා අන්තර්ගත ජංගම දුරකථන පමණක් නොව දැන් දැන් නිපැයෙන ඩිජිටල් කැමරා පවා සැකසෙන්නේ Wi-fi වැනි උපක්‍රමයක් යොදා සම්බන්ධතාවයක් සහිතවයි. මේ සියල්ල හුදෙකලා සිදු වීම් නොවේ. ඒවාට පහසුකම් සැපයීම පිණිස අන්තර්ජාලය අනුවර්තනය වීමත් ඒ සමගම බැඳී ඇත.

අන්තර්ජාලය භාවිතා කෙරෙන්නේ ඡායාරූප පල කිරීමට පමණක් නොවේ. අද සමහරු කාර්යාල කටයුතු පවා කර ගන්නේ ජංගම උපකරණ වලිනි. මේවා අන්තර්ජාලය නිබඳවම භාවිතා කරයි. නිවසේ සිට සකස් කෙරෙන ලිපියක් කාර්යාලයෙන් මුද්‍රණය කරවා ගැනීම, කාර්යාලයේ සිට ආරම්භ කළ කිසියම් වගුවක්/ වාර්තාවක්‌ ක්ෂේත්‍රයේදී අවසන් කිරීම වැනි උදාහරණ මේ සම්බන්ධයෙන් දිය හැක. මෙහිදී කෙරෙන්නේ කිසියම් ගොනුවක් අන්තර්ජාලය මාධ්‍යය වශයෙන් භාවිතා කර උපකරණ දෙකක් අතර හුවමාරු කර ගැනීමයි. නොමිලේ ලබා ගත හැකි එවැනි සේවාවන් කිහිපයක් පිළිබඳව අද කතා කරමු.


Microsoft® OneDrive

Microsoft OneDrive
වින්ඩෝස් සහ ඔෆිස් යන ලෝකයේ ප්‍රමුඛ මෘදුකාංග සපයන සමාගම වන මයික්‍රොසොෆ්ට් වෙතින් නොමිලේ ලැබෙන සේවයකි. වින්ඩෝස් පද්ධතිය, විශේෂයෙන්ම Windows 8 හෝ Windows 8.1 පද්ධතිය භාවිතා කරන කෙනෙකුට ඉතාම සුදුසු cloud සේවය මෙය වේ. Hotmail.com, Live.com හෝ Outlook.com වැනි විද්‍යුත් ලිපිනයක් භාවිතා කරන්නෙකුට මේ සේවය ස්වයංක්‍රීයවම සක්‍රීය වේ. කළ යුතු වන්නේ OneDrive මෘදුකාංගය බාගෙන ඒ විද්‍යුත් ලිපිනය භාවිතා කර ගොඩ වැදීමයි.

මෙය නොමිලේ ලබා දෙන ඉඩ ප්‍රමාණය 7 GB වුවද මෑතක දී එය 15 GB දක්වා වැඩි කර ඇත. ජංගම දුරකථන වලින් ගන්නා පින්තූර ඉබේ cloud storage වෙත යැවෙන සේ සකස් කිරීමේදී අමතර ඉඩක් ලබා දේ. අප සතු ගිණුම ඒ අනුව 30 GB ධාරිතාවයකින් යුක්තය.
Microsoft OneDrive ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.

Dropbox

Dropbox
Linux භාවිතා කරන්නෙකුට Microsoft OneDrive සුදුසු උපක්‍රමයක් නොවේ. එවැනි කෙනෙකුට වඩාම සුදුසු ක්‍රමය වන්නේ Dropbox ය. මයික්‍රොසොෆ්ට් ප්‍රතිමල්ලවයාට වඩා තරමක් පැරණි එසේම ලෝකයේ බොහෝ දුරට පැතිරුණු සේවයකි. Microsoft OneDrive ලබා දෙන තරම් විශාල ඉඩක් ලබා නොදුන්නත් පහසුකම් අතින් සහ පැතිරීම අතින් එයට දෙවෙනි යැයි කිව නොහැක.

නිතර වෙනස් වන Microsoft OneDrive හා සසඳන කළ Dropbox ගිණුම වඩා ස්ථාවර බව කිව හැක. මෙයද කැමරා වලින් ගන්නා සේයා රූ කෙළින්ම cloud වෙත යැවීම වෙනුවෙන් 3 GB අමතර ඉඩක් ලබා දේ. ඒ නොමිලේ දෙන 2 GB ට අමතරවයි. එසේම මිතුරන්ට ආරාධනය කිරීම වෙනුවෙන් ද අමතර 500 MB බැගින් එකතු කිරීමද Dropbox සිදු කරයි. පෞද්ගලිකත්වය සහ තොරතුරු වල රහස්‍ය භාවය සැළකූ කළ මෙය එතරම් සුදුසු ක්‍රමයක් දැයි සිතා බැලීම ඒ ඒ පුද්ගලයාගේ කාර්‍යයකි.
Dropbox ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.

Google Drive

Google Drive
Google Drive යනු ඉහත සේවාවන් දෙකෙහිම ගුණාංග කැටි කර ගත් සේවයකි. මේ සේවය සක්‍රිය කර ගැනීමේ යතුර Gmail විද්‍යුත් ලිපිනය වේ. Windows, Linux සහ Mac යන සියල්ලේම භාවිතා කළ හැක. 15 GB ධාරිතාවයක් නොමිලේ සපයයි. Google සමාගමේ ක්‍රියාකාරිත්වය විමසා බැලූ විට Google Drive ඉහත සේවාවන් දෙකම ඉක්මවා යෑමේ ඉඩක්ද නැතුවා නොවේ.
Google Drive ගිණුමක් ඇරඹීමට ඉහත පින්තූරය (icon) මත කොටන්න.

ඉහත සේවාවන් පිළිබඳව හැඳින්වීමේදී බොහෝ කරුණු නොසළකා හැරිණි. ඊට හේතුව මේ ගැන කිසිත් නොදන්නා අයට අවශ්‍ය මූලික හැඳින්වීම පමණක් කිරීම අපට අවශ්‍ය වීමයි.

සරලව ගත් කළ ඉහත විස්තර කර ඇති සේවාවන් තුනම අපට සපයන්නේ අපේ පද්ධතිය () මත ස්ථාපනය කර ගත යුතු කුඩා මෘදුකාංගයක් සහ ජාලගත ආරක්‍ෂිත දත්ත ගබඩාවකි. ඒ ජාලගත ගබඩාව මාධ්‍යය වශයෙන් ක්‍රියා කරන අතර අපට අවශ්‍ය ඕනෑම ගොනුවක් ඒ හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නැවත ලබා ගත හැක. අපේ පද්ධතිය මත ස්ථාපනය කළ සැහැල්ලු මෘදුකාංගයෙන් කෙරෙන්නේ අප විසින් තෝරා දුන් ස්ථානයේ හෝ ස්ථාන වල හෝ ඇති ගොනු ජාලය වෙත යැවීමයි. එසේම ජාලයේ ඇති ගොනුවක් අපේ පද්ධතිය තුලට බෑම ද ඊට අයත්ය.

Google Drive හා Microsoft OneDrive යන දෙකම අන්තර්ජාලයේ ඇති ලිපි සැකසීමේ පහසුකම ලබා දේ. එසේම මේ සේවාවන් Android, iPhone හෝ Windows මත ක්‍රියා කරන ජංගම දුරකථන සඳහා ද සහයෝගය දක්වයි. ඒවා වෙන වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය. මේ ලිපියේ මූලික අරමුණ ව්‍යසනයක් වූ විටෙක නැවත ලබා ගත හැකි ලෙස වැදගත් ගොනු ආරක්‍ෂා කර ගැනීම වේ.

12 comments:

  1. මේකනම් අසාර්ථක ලිපියක්. ඇත්තම කියනවනම් මම සම්පූර්ණයෙන්ම කියෙව්වෙවත් නෑ. සමහර විට මම මේ ගැන දැනටත් දන්න නිසා වෙන්න පුළුවන්. කරුණු ගැලපීමත් ගලා යාමත් සාර්ථක නෑ.

    සමහර විට සිතුවිළිට මේක ප්‍රයෝජනවත් වෙයි.

    සරලව කියනවනම්:
    1. Linux පාවිච්චි නොකරන කෙනෙකුට ගැලපෙන්නේ OneDrive. Online apps කිහිපයක් (Word, Excel, Powerpoint, Onenote) සපයන නිසා ඕනෑම තැනකින් ලිපි ලේඛන සකස් කර ගන්න පුළුවන් - Linux සහිත පරිගණකයක උනත්.

    2. Linux පාවිච්චි කරන කෙනෙකුට Google Drive ගොඩක් ගැලපෙනවා. විශේෂයෙන් Google Apps (ඊමේල් සමග) ලැබෙන නිසා Word, Excel සහ Powerpoint වෙනුවට පොහොසත් විකල්පයක්.

    මේ දෙකම 15GB ධාරිතාවක් සපයන නිසා ඉඩකඩ ප්‍රශ්නයක් නොවේ. පහසුකම් අතින් දෙකම හරි හරියට තියෙන බව කියන්න පුළුවන්. ලිපි ලේඛන backup කරන්න නම් ඒ දෙන ඉඩ උවමනාවටත් වඩා වැඩියි. විශේෂයෙන් Google Drive එක සැලකුවොත් Google Docs ඒ ධාරිතාව ඇතුලට ගණන් හදන්නේ නැති නිසා MS Office විකල්පයක් විදියට ඒක ඉතාම හොඳයි. අනික් අතින්, Microsoft OnDrive ඉතාම ලොකු (මට මතක විදියට 10GB වගේ) file upload කරන්න ඉඩ දෙනවා. එක ඒ පැත්තේ වාසියක්.

    3. Dropbox කතා කරන්නේ වෙනම කණ්ඩායමකට. ගොඩක් දුරට platform indipendance තමයි එයාලගේ ශක්තිය. File ගැන මිස Document ගැන සාපේක්ෂව වැඩි අවධානයක් එයාල දෙන්නේ නෑ. හැබැයි photo upload කරන්න නම් Dropbox හොඳයි කියලයි මම හිතන්නේ.

    4. ඒ වගේම box.com වගේ තව file upload services ගොඩක් තියෙනවා. ඒත් කණිෂ්ක තෝරාගෙන තිබෙන services වැරද්දක් නෑ කියල කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි ජොසේෆ්. ඒ අදහස් ටික බොහෝ වටී.

      Delete
  2. මේ කාරනයගැන මුලින්ම විමසුවේ මමමය. එහෙත් මෙතරම් සවිස්තර තාක්ශනික ලිපියක් මට කියැවීමට සිත් නොදේ.. ඉතාම දැඩිව සිත හික්මවාගෙන බලහත්කාරයෙන් කල යුතු ක්‍රියාවකි.
    එහෙත් කණිෂ්කගේ පොදු පරමාර්ථයෙන් කල ක්‍රියාව අගැයීම් වස් කෙසේ හෝ මේ භාධකය බිඳගෙන හැකි ඉක්මනින් ලිපිය කියවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එසේනම් කියවා ප්‍රයෝජන ගන්න. එය අපට සතුටකි.

      Delete
  3. සද්දයක් තිබුනානම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. සද්ද දැමීම ඔබලා සතුය. LcN එකේනම් ඔබලා බොහෝ සද්ද දමා තිබෙනු දිටිමි. ඒ දැක නිහඬව සිටිනු නොහැකිව අපද සද්දයක් දැමූ බව දකින්නට ඇත.

      Delete
    2. අහෝ එහි "ක" යන්නක් මතුව තිබුනේ එසේද?
      මා එය නොහැඳිනිමි.
      නැවත ගොස් බැලිය යුතුමය.

      මෙහි ආ අනෙක් උන් කොහේ ගියාද?

      Delete
    3. SiTH තුමාගේ මළ ගෙදර ගියාද?

      Delete
    4. ඉර්ධි බල සහිත රහතුන් මතුවන කාලේ.....
      අවිද්‍යාවට මක් උනාද?

      Delete
    5. SiTH හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා..
      අවිද්‍යා පච්චයා සංකාරා සංකාර පච්චයා උපාදාන => අවිද්‍යාට උපාදානයක් !

      Delete
    6. අවිද්‍යාට උපාදානයක් කීවේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං වගේ එකක් ද?

      Delete
    7. අවිද්‍යාට කවරක් උපාදාන වීදැයි අප හරිහැටි දන්නේ නැත. ඒ ගැන විමසීම පෞද්ගලිකත්වයට කෙරෙන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් බව සිතේ.

      Delete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !