Sunday, August 10, 2014

දසබෝධිසත්තුප්පත්තිකථාව



මේ වස් කාලයයි. පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින වෙහෙර විහාර වල ගජරාමෙට පින් කම් සංවිධානය කෙරෙන්නේ මේ කාලයේදී ය. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වෙතොත් උන් වහන්සේලා පසුවස් සමාදන් වන්නේ නිකිණි පෝ දිනයේය.
සම්මා සම්බුදුවරු
මේ කාලයේ පැවැත්වෙන විචිත්‍ර පිංකම් අතර බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා, සත්බුදු නමස්කාරය ආදී විවිධ පූජා වේ. කෙරෙන දේ බොහෝ දුරට එක සමාන වන මුත් සංවිධායකයන් වහන්සේගේ සිතැඟි පරිදි සහ අනුග්‍රාහක පිංවතුන්ගේ ශක්ති පරිදි මෙකී නොයෙක් පුද පූජා තෝරාගනු ලැබේ.


සූවිසි විවරණය සහ අටව්සි බුදු වරු

සූවිසි විවරණය ගැන අප බොහෝ දේ අසා ඇත. දීපංකර පාද මූලයේ දී එදා සුමේධ තාපසතුමා ලෙස ප්‍රථම නියත විවරණ ලබා ගත් අප මහා බෝසතාණන් වහන්සේ, තමන් වහන්සේ පාරමී පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය තුල සූවිස්සක්‌ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබුහ. ඒ ලැබූ විවරණ ශ්‍රීයයි සූවිසි විවරණ යනුවෙන් හැඳින්වෙන්නේ.

මෙසේ අප මහා බෝසතාණන් වහන්සේට ප්‍රථම විවරණය දුන් දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ඒ කල්පයේ උන් වහන්සේට ප්‍රථමයෙන් තණ්හංකර, මේධංකර, සරණංකර යන නම් ඇති බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වූහ. අනතුරුව දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් මේ මහා භද්‍ර කල්පයේ බුදු බවට පත් වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග ගත් කළ අප මහා බෝසතුන් පාරමී දම් පිරූ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය පුරා පහළ වූ බුදුරජාණන් වහන්සේලා ගණන සත් විස්සකි. ඊට අප සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේත් එකතු කළ කල අටවිසි බුදුරජාණන් වහන්සේලා සම්පූර්ණ වේ. අටවිසි බුද්ධ පූජා යනු මේ බුදුරජාණන් වහන්සේලා නම් වශයෙන් සිහි කරමින් බුද්ධ පූජා පැවැත්වීමයි.

සත් බුදුවරු

සත් බුදුවරු යනු මේ කපේ පහල වූ බුදුරජාණන් වහන්සේලා සිව් නම සමග එයට පෙර පහල වූ විපස්සි, සිඛි, වෙස්සභු යන නම් ඇති බුදුවරු තුන් නම එකතු කර වන්දනා කිරීම සහ පුද පූජා පැවැත්වීම පිණිස සකසා ගත් සීට්ටුවකි. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දුටු බොහෝ පිංවත් උතුමන් වහන්සේලාගේ පාරමී පිරිම ආරම්භ වන්නේ මේ සත් බුදුරජාණන් වහන්සේලා ගේ කාල සීමාව ඇතුලත වේ. මේ සත් බුදුරජාණන් වහන්සේලා පහල වීමට පෙර කිසියම් සත්ත්ව කෙනෙක් ශ්‍රාවක බෝධියෙන් සසරින් එතෙර වීම පිණිස පාරමී පිරීම ඇරඹුවා නම්, ඒ පිංවත් සත්ත්වයින් අතුරින් කෙනෙක් මේ වන විට සසරේ සිටීමට කාරණා නොපෙනේ.

අනාගත බුදුවරු

අතීත බුදුවරු මිස අනාගත බුදුවරු පිළිබඳ කතා එතරම් ප්‍රචලිත නැත. මෙතේ බෝසතුන්, හෙවත් තව්තිසා දෙව්ලොවදී අභිධර්ම දේශනාව පවත්වා සකස්ස පුරයට දෙවාරෝහණ පූජා විඳිමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ දැක පැහැදී පැවිදි වූ අජිත තෙරුන් පිළිබඳව මිස වෙන බෝධිසත්ත්ව කෙනෙකුන් ගැන කතාවක් ධර්ම දේශනාවක හෝ අසන්නට ලැබී නැත. එසේ වුවත් අනාගත කාලයේ ලොව පහල වන්නා වූ බුදුරජාණන් වහන්සේලා දසනමක් ගැන විස්තරයක් අපට හමු විය. ලෝ වැඩ තකා එය බෙදා ගමු.

මෙහි අවස්ථා සම්බන්ධය පහත පරිදි වේ.

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:

ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද? යනුවෙනි.

එසේ විමසූ සාරිපුත්ත තෙරුන්ට තථාගතයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය යනුවෙනි.

ඒ දශවිධ බුදුරජාණන් වහන්සේලාගේ නම් පහත පරිදි වේ.
  1. මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අජිත තෙරුන් වහන්සේ
  2. රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ: රාම රජතුමා
  3. ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පසේනදී කොසොල් රජතුමා
  4. ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: අභිභූ දෙව්රජු
  5. නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ: දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා
  6. රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ: චඞකි බ්‍රාහ්මණයා
  7. දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ: සුභ බ්‍රාහ්මණයා
  8. නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ: තොදෙය්‍ය බ්‍රාහ්මණයා
  9. තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ: ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා
  10. සුමඞගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ: පාරිලෙය්‍යක හස්ති රාජයා
අපි උන් වහන්සේලා පිලිබඳ මදක් විමසමු.

දසබෝධිසත්තුප්පත්තිකථාව

ඉහත නම් දැක්වූ දස බුදුවරයන් වහන්සේලාගේ උත්පත්ති කතාව සැකෙවින් පහත දැක්වේ.

මෛත්‍රිය සම්මා සම්බුදු රජාණන් වහන්සේ

මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.

බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.

මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.

පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.

මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.

රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේ

මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.

එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.

මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.

නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.

ධම්මරාජ සම්මා සම්බුදු රජාණන් වහන්සේ

රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.

දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.

ධම්මසාමි සම්මා සම්බුදු රජාණන් වහන්සේ

රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.

වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.

නාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ සහ රංසිමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ

ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ).

රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.

දේවදේව සම්මා සම්බුදු රජාණන් වහන්සේ

රංසිමුනි බුදුරදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.

නරසීහ සම්මා සම්බුදු රජාණන් වහන්සේ

දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.

තිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ

නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.

සුමඞගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ

තිස්ස සම්බුදුරදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.


පසු සටහන: ඉහත විස්තරය අප වෙත ලැබුණේ විද්‍යුත් තැපෑලෙනි. අන්තර්ගත කරුණු වල දුර්ලභත්වය එය දෙතිස් කතාවේ පල කරනු ලැබීමට හේතු විය. මූලාශ්‍ර ගැන එහි සඳහන් වන හැඳින්වීම පහත අයුරින් වේ.
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.

සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝසත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි.

64 comments:

  1. තවත් කතා පෙළක් !
    මහායාන ඉවක් දැනේ.

    ReplyDelete
  2. ලංකාවේ කවුරුත් නැ නේ මේ පෝලිමේ, ඒ වුනාට සමන් දෙවියන් , දුටුගැමුණු රජතුමා ගැන කියන්නේ අසත්‍යක් ද?

    ReplyDelete
    Replies
    1. ඇයි නාථ දෙවියන් !
      දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක නාථ දෙවියන්ගේ කොළ කැඳ වට්ටෝරුව, ඒ ගැන දන්නේ නැත්ද?

      අවලෝකිතේශ්වර බෝධිසත්වයා තවත් කෙනෙක්. එයාගේ පිළිමයක් තියෙනවා බුත්තල පැත්තේ.
      තාරා දෙවඟන කියල ගෑණු කෙනෙකුත් හිටියා. එයාටත් බෝසත් සම්බන්දයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා.

      Delete
    2. බිංදු,

      සමන් දෙවියන් පමණක් නොව රාසිං දෙවියන් ද, එසේම ස්ත්‍රී පරාණයක් වන පත්තිනි දේවිය ද මතු බුදු වන බව ජනප්‍රවාද වල කියැවේ. එපමණක් නොව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමි මතු බුදු වන බෝසතාණ කෙනෙක් බව බොහෝ දෙනා අදහත්. දොළුකන්ද ආශ්‍රමයේ සහ අවට ප්‍රදේශ වල බල පරාක්‍රමය පතුරුවාගෙන වැඩ වාසය කළ (අනුරාධපුරේ නන්දවිමල වැනි නමක් ඇති) අමුතු පිරිත් දේශනාවකින් රටම ආලෝලනය කළ ස්වාමින් වහන්සේ, තමන් බුදු බව පතන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

      දුටුගැමුණු රජතුමා මේ මහා භද්‍රකල්පයේ බුදු වන මීළඟ බුදුරජාණන් වහන්සේගේ දක්‍ෂිණාආර්ය ශ්‍රාවක වන බව මහාවංශය කියයි. ඒ කතාවට අනුව එතුමා මේ වන විට තුසිතයේය.

      එසේම සද්ධාතිස්ස රජ සමයේ ලක්දිව විසු කළුබුද්ධරක්ඛිත මහා තෙරුන් වහන්සේ අනාගතයේ පසේබුදු බව ලැබ නිවන් අවබෝධ කරන බවද කියැවේ. උන් වහන්සේ බුද්ධ කාලයේ දී සච්චක නම් මහා පණ්ඩිතයෙකි.

      Delete
    3. ජොසෙෆ්,

      නාථ යනු අවලෝකිතේශ්වර බෝසතුන්ම විය හැක. අවලෝකිතේශ්වර නාථ යැයි බොහෝ තන්හි යෙදේ. ඔහු මහායානය මද ඉඩක් ලබා ගත් අනුරාධපුර අවසන් භාගයේ තරමක ජනප්‍රියත්වයක් ලබා ගත් කෙනෙකි. දැන් ඔහු අදහන කෙනෙක් නැත. නාථ දෙවි වෙනුවෙන් තැනුණු දේවාල කිහිපයක් ලක්දිව පුරා තිබේ.

      තාරා දෙවඟන අවලොකිතෙශ්වරයන්ගේ ම තවත් ස්වරූපයක් බවටත්, ඈම ඔහුගේ භාර්‍යාව බවටත් මත පවතී. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ පිළිරූ බොහෝ විට එක තැනින් හමු වේ.

      මේ හැරුණු කොට තවත් බෝසත් වරු කිහිප දෙනෙක් එකල ලක්දිව ජනතාවගේ වන්දනාවට පාත්‍ර වී තිබේ. එහෙත් වඩාත් ජනප්‍රිය අවලෝකිතේශ්වර බෝසතුන්ය.

      Delete
    4. ඉස්තුති කියන්නද පිං කියන්නද මන්දා ... !

      Delete
  3. සිතුවිළිAugust 13, 2014 at 6:13 PM

    අතීත බුදු වරුන්ගේ සසුන් වැනසී ගොසිනි
    අනාගත සම්බුදු සසුන් පැමිණ නැති
    ගෞතම සම්මා සම්බුදුන්ගේ අකාලික වූ සන්දිට්ටික වූ දහම අවතින අද
    ජීවත් වන අප නිවන සොයන්නේ අනාගත බුදු සසුනකින්ද? නැතහොත් පෙර බුදු සසුනකින්ද?
    දහයක් නොව නොගිනිය හැකි තරම් බුදු වරු අනාගත ලොව පහල වන බවම බුද්ධ දේශනාවනම්!
    මේ නොපැමිණි බුදු වරුන් දස දෙනෙකු ගැන වෙහෙසෙන්න කුමටද?
    පවතින දහමින්ම වැඩක් ගනිමුද?

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ ඔය ටිකමයි. මොකෝ තවත් පොරක් අලුතෙන් බුදු උනාය කියල අලුත් බණක් කියන්නයැ. කොච්චර බුදු උනත් ඔච්චර තමා.

      Delete
    2. නිවැරදිව කියවන්නෙකු විසින් අකුරුත්, අකුරු සංයෝජනයෙන් තැනුණු වචනත්, එහි ඇති විරාම ලක්‍ෂණත් පමණක් නොව වචන අතර ඇති හිස් තැනුත් කියැවිය යුතු බව කවුදෝ පණ්ඩිතයෙක් කියා ඇත.

      මිතුරනි, ඉහත රචනයේ වැදගත් කොටස ඇත්තේ අන්තරයේ ය. "අන්තරය" කියවා ගන්න.

      Delete
    3. @සිතුවිළි,
      අන්තරය කියවා ගත්තාද.?

      Delete
    4. සිතුවිළිAugust 15, 2014 at 8:30 AM

      කිවූ පණ්ඩිතයා කවුරු වුවත්, රචනාවක් කියවන විට එහි අකුරුත් වචනත් නොව අකුරුත් වචනත් අතර ඇති අරුත කියැවිය යුතු බව මා තරයේ අදහන්නකි.
      එහෙත් මේ රචනාවෙහි නම් මා ඉහත අයුරින් කියවා ගත් අරුතට වඩා හරවත් වූ අරුතක් වචන අතරින් නොදුටුවෙමි.
      ඒ මා දරන සංඥා ස්ඛන්ධයෙහි තරම පමණක් විය හැක.
      කියවා ගත නොහුනු අන්තරය කුමක්දැයි පහදා දීමට කණිෂ්කයන් කාරුණික වනු ඇතැයි සිතමි.
      මෙතැනදී නම් මා විවාදයකින් තොරවම ජෝසප්ගේ මතය හා එකඟ වෙමි.
      ශ්‍රී සද්ධර්මය හෙවත් ලෝක ධර්මතාවය එක් බුදු වරයෙකු දෙසූ අයුරින් වෙනස්ව දෙවැනි වූ බුදු මුවකින් නික්මිය නොහැකි වනු ඇත. ඉතින් වැලැලී ගිය සසුනකින් හෝ නොපැමිනි සසුනකින් මේ උතුම් බුද්ධෝත්පාද කාලයක තේරවාදී ත්‍රිපිටකයෙහි සරණ ලබන අපට ඇති ඵලක් වේවිද කියන පැනයට නැත හැරුනු කල අන් පිළිතුරක් නෙවේයැයි මා සිතමි.

      ශ්‍රී සද්ධර්මය නම් වූ කලී උතුම් බුද්ධත්වය විසින්ම ලොවට පහල කරනු ලබනාවූ දැනුම් සම්භාරයකි. මෙය අසමාන වූ සංසාරික වෙහෙසකින් කෙනෙකු තමා තුලින් මතුකර ගන්නා වූ ධර්ම ස්ඛන්ධයක්ම වන බැවින් එයට මග පෙන්වීමට නිමිති ඉදිරිපත් කිරීමට දෙවියෙකුට දැනුම අවබෝධය ඇති වන්නේ කෙසේද යන පැනය පවා මතුවේ.
      එසේ දෙවියෙකුට නිමිති ඉදිරිපත් කිරීමෙහි හකියාවක් තිබීමටනම්, එම දෙවියන් සතුව සර්වඥ්ඥතා ඥානය යනු කුමක්ද, කියා පැහැදිලි වැටහීමක් තිබිය යුතු නොවේද?
      මේ ගැන කණිෂ්ක සොයුරාගේත් ජෝසප් සොයුරාගේත් අදහස් දැන ගැනුමට කැමැත්තෙමි.

      Delete
    5. දෙවියන් ගැන ඇදහිල්ලක් මගේ ඇත. කතෝලික/ ක්‍රිස්තියානි දෙවියන් යනු මාරයා බව මවිසින් මීට පෙර (LcN) කියා තිබුණා මතකයි.

      "එයට මග පෙන්වීමට නිමිති ඉදිරිපත් කිරීමට දෙවියෙකුට දැනුම අවබෝධය ඇති වන්නේ කෙසේද යන පැනය පවා මතුවේ." කියා "එසේ දෙවියෙකුට නිමිති ඉදිරිපත් කිරීමෙහි හකියාවක් තිබීමටනම්, එම දෙවියන් සතුව සර්වඥ්ඥතා ඥානය යනු කුමක්ද, කියා පැහැදිලි වැටහීමක් තිබිය යුතු නොවේද?" යනුවෙන් ඔබ නගන ප්‍රශ්නයේ වැදගත් කමක් ඇත.
      (නමුත් එය ඇසිය යුතුව තිබුනේ පෙර ලිපියේ බව සිතේ.)

      නමුත් මෙයයි වඩා වැදගත් ගැටළුව:
      බෝසතුන්ට නිමිති දැක්වීමට දෙවියන් නිමිති දැන ගත යුතුයි නේද? ඔවුන් ඒ නිමිති දන්නේ කෙසේද?

      දැන් මේ ලිපියේ මෙසේ කියයි.
      "...මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය..."

      එක් අසඞ්ඛෙය්‍යක් කල්ප බුද්ධ ශූන්‍ය වූ කළ .... අර නිමිති දන්නා කෙනෙක් ඉතිරි වී සිටීමට ඉඩක් නැත. එවිට ගෞතම බුදුරජාණන් වහන්සේට කෙසේ වෙතත් රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නම් නිමිති නොදැකම බුදු වන්නට සිද්ධ වන බව පෙනේ.

      Delete
    6. මිතුරනි,

      ඔබලා අන්තරය කියවා ගැනීම අපූරුයි. ඔබ ලිපියේ සැළැස්ම කියවා ගත්තා නම් අටවිසි බුදු වරුන් හා උන් වහන්සේලාගේ අතර ඇති බුද්ධාන්තර හෙවත් ඇති දීර්ඝ අබුද්ධොත් පාද කාල දකින්නට ඇත. එසේම මිතුරු ජොසෙෆ් ඉහත දක්වා ඇති අනාගත බුදු වරුන් අතර ඇති අබුද්ධෝත්පාද කාල ද දකින්නට ඇත. මේ දේශනාවේ වැදගත් කම එයයි. අනාගතය කෙරේ භය උපදවා ගැනීමයි. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභයි. එසේ හෙයින් ලැබූ ක්‍ෂණ සම්පත්තියෙන් වහ වහා ප්‍රයෝජන ගත යුතු.

      Delete
    7. ජොසෙෆ්,

      නිමිති දැකීම ගැන මේ සන්ධර්භය තුලදී අප අසරණයි. කිව හැකි එකම දේ මෙය නියාම ධර්මයක් බව පමණයි (දේව නියමයක් ??? ... !).

      බුද්ධ කෝලාහලය නම් දෙයක් බුදු කෙනෙකුන් පහල වීමට පෙර දිව්‍ය ලෝකයේ ඇති වෙයි. මහත් දීර්ඝායුෂ ඇති අරුප තල හා අසංඥ තල වලට පහතින් පිහිටන එහෙත් කල්ප විනාශයෙන් නොදැවෙන අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 16,000 කි. එය අසංඛ්‍ය සමග සැසඳූ කල කුඩා ප්‍රමාණයකි.

      සුද්ධාවසයක් වන මෙහි වසන්නෝ අඩු තරමින් අනාගාමි මහා බ්‍රහ්මයෝ ය. මේ බ්‍රහ්මයන්ගෙන් සමහරෙකුට හෝ තිබිය හැකි පූර්ව ජාති දැකීමේ නුවණ මෙහිදී පිහිටට පැමිණේය කියා බලාපොරොත්තු විය හැකියි. නැතිනම් අර බුද්ධ කෝලාහලය දකින දෙවියන් විසින් සතර පෙර නිමිති ප්‍රබන්ධ කර ගන්නවා විය හැකියි.
      (ඇපල් ගෙඩියක් වැටෙනු දුටු නිවුටන් විද්වතා ගුරුත්වාකර්ෂණය ප්‍රබන්ධ කර ගත්තා සේ...)

      Delete
    8. සිතුවිළිAugust 20, 2014 at 4:44 PM

      කණිෂ්ක,
      මෙහි ඔබ මතුකරන එක් ප්‍රකාශයක් ගැටළුවක් ඇති කරයි. ඒ අකනිටා බඹලොව අනාගාමී බ්‍රහ්මයින් සිටින බවයි. මහා බෝධිසත්ත්වයෙකු ලොව පහල වන විටද මෙම අනාගාමී සත්ත්වයින් සිටින බවක් ඉන් ගම්‍ය වේ.
      ඔබ සැබැවින්ම අදහස් කලේ එයද?
      අරියඥාන හිමියන් ඉතා පැහැදිලිවම දේශනා කරනවා කිසිදු බ්‍රහ්ම, දේව හෝ මිනිස් තලයක මග ඵල ලාබියෙකු සිටියදී මහා බෝසතෙකුගේ ලොව පහල වීමක් සිදු නොවනා වග.
      මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න.

      Delete
    9. "මහා බෝධිසත්ත්වයෙකු ලොව පහල වන විටද මෙම අනාගාමී සත්ත්වයින් සිටින බව" මටද මුලින් ගැටළුවක් වුවත් "අන්තරය" කියවා ගත් කල පිළිතුර ලැබේ.

      "අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 16,000 කි" යන්න සමග "සුද්ධාවසයක් වන මෙහි වසන්නෝ අඩු තරමින් අනාගාමි මහා බ්‍රහ්මයෝ ය" යන්න ඈඳා ගත් කල ඔබ කියන දේ ලැබේ. ඊට අමුතුවෙන් එකතු කර ගත යුත්තේ මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහල වේය යන කරුණ පමණි. මේ කරුණු තුන වෙන් වෙන්ව සත්‍ය නම් නිගමනය සත්‍ය වේ.

      Delete
    10. අප විසින් දිය යුතු කෙටි පිළිතුර මිතුරු ජොසෙෆ් විසින් දී ඇත.
      එබැවින් සපුරා පිළිතුරක් දෙමි.
      1] ඒ ඒ ලෝක වල උපදිනා සත්ත්වයින් ගැන: සත්ත්වයන් උපදනා ස්ථානයෝ | රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ‘බෞද්ධයාගේ අත්පොත’ කෘතියෙන් උපුටා දිනමිණේ පල වූ ලිපියකි.
      එයට අනුව "චතුර්ථධ්‍යාන ලැබූ අනාගාමීහු ශුද්ධාවාස භූමිවල උපදිති"

      2] කල්ප, අන්තඃකල්ප, අසංඛ්‍ය කල්ප හා මහා කල්ප ගැන: බුදුබවට හේතුවෙන පාරමිතා හා කල්ප | පූජ්‍ය කරඳන සමිත හිමි දිවයින බුදුමගට ලියූ ලිපියකි. එයට අනුව අසංඛ්‍ය කල්ප සතරක් මහා කල්පයකි.
      මහා කල්පය අවසානයේ කල්ප විනාශය සිදු වේ.

      ඉහත කරුණු සැළකූ කල වඩාත් සුදුසු වන්නේ ඔබ නම් කල අරියඥාන හිමියන්ගෙන්ම එකම එක ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගැනීමයි.

      ප්‍රශ්නය: අනාගාමී නොවූ තැනැත්තෙකුට ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්ධි ගත හැකිද?
      පිළිතුර "ඔව්" නම් ඔබේ ගැටළුව විසඳුනා නොව අවුල් වුනා වේ. "නොහැක" යන්න පිළිතුර වී නම් ශුද්ධාවාස වල ආයු කාලය උන් වහන්සේගේ අදහස සමග පරීක්‍ෂා කොට විසඳුමක් ලබා ගත හැක.

      Delete
    11. සිතුවිළිAugust 21, 2014 at 7:30 AM

      ඔබලාගේ පිළිතුර මට පිළිතුරක් නොව තවත් පටැලැවිල්ලකි,
      මා සඳහන් කල අරියඥාන හිමියන් යනු "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙල සම්පාදනය කල හිමි නමයි.
      මා උන් වහන්සේ අදහන්නෙකුයැයි වැරදි වටහීම් ගන්න එපා. මා සඳහන් කලේ උන් වහන්සේගේ දේශනාවක් සඳහන් වූ හා මට එය නිවැරදියැයි හැඟුනු කාරනාවකි.
      තව දුරටත්,
      අසංඛ්ය කල්පය යනු අසංඛ්‍යය නම් වූ සංඛ්‍යාවෙන් දැක්වෙන ගනනක් කල්ප යන්න නොවෙයිද?
      එය යම් කිසි වරගයක කල්පයකට දෙනුලබන නමක්ද?

      Delete
    12. සිතුවිළිAugust 21, 2014 at 10:11 PM

      ජෝසප්,
      ඔබට ලැබෙන පිළිතුර වන්නේ අකනිට්ට බඹ ලොව ආයු මහා කල්ප 16,000 බැවින් හ මේ මහා භද්‍ර කල්පයෙහි බුදු වරුන් දැනට 4 දෙනෙකු පහල වී ඇති අතර තවත් එක් අයෙකු පහල වීමට ඇති බැවින් මේ භඩ්‍ර කල්පයේ පලමු බුදුන් බුදු වීමටත් ප්‍රථම අකනිට්ටාවෙහි පහල වූ යම් අනාගාමී සත්ත්වයෙකු වෙත්නම් ඔවුන් අදටත් එහිම වසන බවද?
      ඔවුන් බුදු වරුන් සිව් දෙනෙකුන් වහන්සේ ලොව පහලව පිරිනිවන් පා වදාල බවක් දන්නේත් නැතිවද?

      මා අසා ඇති අයුරින් බ්‍රහ්මයන් යනු එකිනෙකා අතර පවා ගනුදෙනුවක් නැති ස්වාධීනව සමාධි සැපත වලඳන සත්ත්ව කොටසකි. මෙය නිවැරදිද?

      Delete
    13. සිතුවිළි,

      ඔබ ජොසෙෆ් වෙත නැගූ ප්‍රශ්න වලට පිළිතුර එය එසේ වන බවයි. යම් හෙයකින් කකුසඳ බුද්ධ සමයේ අනාගාමි වූ කිසියම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ ශුද්ධාවාස යේ ප්‍රතිසන්ධි ලැබී නම් ඔහු තවමත් සිටිනු සත්‍යයි.

      බ්‍රහ්මයන් පසෙක තබමු. තිරෝකුඩ්ඩ සූත්‍රයට නිධාන කතාව සළකන්න. බිම්බිසාර රජුගේ පූර්වාත්මභාව වල (ඵුස්ස බුදුරදුන් සමයේ) ඥාති වූ පිරිසක් මේ කල්පය තෙක් නිරා දුක විඳ අනතුරුව ප්‍රේත ලෝකයේ ඉපිද බුද්ධාන්තර ගණනක් සාපිපාසාවෙන් වෙලී සිටි කතාව සිහිපත් කර ගන්න. ඒ ප්‍රේතයෝ අඩු තරමින් කාෂ්‍යප බුදු සමිදුන් හමුවේ අනාගතයේ පහල වන ගෞතම නම් සම්බුදුරජාණන් සමීපයේ බිම්බිසාර නම් ඔබේ ඥාතියාගේ පින් අනුමෝදන් වී සැප ලබන්නේය යන බස ලැබූහ.

      එහි අරුත ප්‍රේතයින් එක කල්පයේ පහල වන බුදු වරු කිහිප නමක් දකින තරම් ආයු ඇති බවයි. එසේ වූ කල කල්ප ගණන් ආයු ඇති බ්‍රහ්මයින් ගැන කියනුම කවරේද !

      අප බුදුරජාණන් වහන්සේ සමයේ අනාගාමි වූ පිරිස් බඹ ලොව ඉපදී සිටිති. සෝවාන් බිම්බිසාර රජු ජනවසභ නම් යක්‍ෂ සේනාපතියෙකි. අනේපිඬු, ආදී සිටු වරු, ශක්‍ර දේවේන්ද්‍රයා ආදීහු දෙව් ලොව සිටිත්. මේ පිරිස් නැවත මනු ලෝ එන්නේ නැත. දෙව් ලොවදීම විදසුන් වඩා අනාගාමි වී බඹ ලොව උපත ලබා එහිදී රහත් වී පිරිනිවති. ඒ මුළු කාලය කල්ප ගණනකි.

      එසේම ඔබ පෙර පිළිතුරේ ඇසූ කල්ප පිළිබඳ ප්‍රශ්නයට:
      * අසංඛ්‍යය යනු සංඛ්‍යාවකි.
      * අසංඛ්‍ය කල්පය යනු කාල සීමාවකි.
      * මහා කල්පය හෙවත් අප සාමාන්‍යයෙන් කල්පය යැයි හඳුන්වන කාල ප්‍රාන්තරයට අසංඛ්‍ය කල්ප සතරක් අයත් වේ. ඒ;
      (1) සංවට්ට කල්පය;
      (2) සංවට්ටට්ඨායී කල්පය;
      (3) විවට්ට කල්පය; සහ
      (4) විවට්ටට්ඨායී කල්පය යනුවෙනි.
      මෙයින් ලෝකය මනුෂ්‍ය වාසයට සුදුසු වන්නේ දෙවැන්න පමණි.

      සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය යන්න අපට සිතෙන්නේ 'අසංඛ්‍ය කල්ප' සාර ලක්‍ෂය කියාය (මෙය වැරදි විය හැක). පාරමිතා පිරීමට ඉඩ ලැබෙන්නේ මහා කල්පයකට ඇති අසංඛ්‍ය කල්ප සතරින් දෙවැන්නේ පමණි. එනයින් කාලය වශයෙන් ගත්තොත් සාරාසංඛ කල්ප ලක්‍ෂය එතරම් ම මහා කල්ප ගණනක දිග ඇති බව කිව හැකියි.

      Delete
    14. සිතුවිළිAugust 22, 2014 at 7:08 AM

      කණිෂ්ක,
      මේ පැහැදිලි කිරීමට බොහෝ පින්.
      සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යනු මා මීලඟට ඇසිය යුතු පැනයයි එයට ඔබ නොඅසාම පිළිතුරු දී ඇත.
      මාහට මෙයින් බොහෝ පිළිතුරු ලැබිනි.

      Delete
    15. සිතුවිළිහට මෙයින් බොහෝ පිළිතුරු ලැබිනි ලු.
      මගේ ප්‍රශ්නය තවමත් නිරුපද්‍රිතයි.
      >> http://katha32.blogspot.com/2014/08/nikini-poya.html?showComment=1408091598231#c4187661143535097448
      ---------
      බෝසතුන්ට නිමිති දැක්වීමට දෙවියන් නිමිති දැන ගත යුතුයි නේද? ඔවුන් ඒ නිමිති දන්නේ කෙසේද?

      දැන් මේ ලිපියේ මෙසේ කියයි.
      "...මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය..."

      එක් අසඞ්ඛෙය්‍යක් කල්ප බුද්ධ ශූන්‍ය වූ කළ .... අර නිමිති දන්නා කෙනෙක් ඉතිරි වී සිටීමට ඉඩක් නැත. එවිට ගෞතම බුදුරජාණන් වහන්සේට කෙසේ වෙතත් රාම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නම් නිමිති නොදැකම බුදු වන්නට සිද්ධ වන බව පෙනේ.
      ---------

      Delete
    16. සිතුවිළිAugust 23, 2014 at 8:10 PM

      පැනලා දීම ගැන සමා වන්න,
      කණිශ්කයන් ඔහුගේ මුල් ලිපියෙහි රාම සම්බුදු රජානන් වහන්සේ ගැන කියන තැනදී මෙසේ කියයි.
      “මේ මහා භද්ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්යසක් බුද්ධ ශූන්ය වන්නේ ය. අසඞ්ඛෙය්ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්යායවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.”
      ඉන් අනතුරුව, මා බ්‍රහ්ම තල වල මගපල ලාබීන් ගැන ඇසූ විට ඔබ දෙදෙනාම එක්ව පිළිතුරු සොයාගෙන මා හට මෙසේ කියයි!

      අක්නිට්ඨාවෙහි ආයු මහා කල්ප 16,000 කි
      මහා කල්පයකට අසංඛ්යාය කල්ප සතරකි.

      එසේම කණිෂ්කයන් තව මෙසේ කියයි.
      කණිෂ්කAugust 19, 2014 at 11:33 PM
      අකනිට්ඨ බ්රහහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 16,000 කි. එය අසංඛ්ය සමග සැසඳූ කල කුඩා ප්ර්මාණයකි.
      ඉහත කරුනු අනුව මා මෙසේ නිගමනය කරමි.
      සම්මා සම්බුදු වරයානන් වහන්සේලා පස් නමක් බුදු වන මේ මහා භද්ර කල්පයද අසංඛ්ය කල්ප සතරකින් සැදී ඇත්තකි!
      මෙය දහයෙ 141 වැනි බලයෙන් ලිවිය යුතු තරම් කල්ප සතර වරක් ගෙවී යාමක්ද?
      නැතහොත් අසංඛ්ය්ය කල්පය යනු අන් යම් සංඤ්ඤාවක්ද?
      කණිශ්කයන් අවසන මෙසේ කියයි
      . සාරාසංඛ්ය කල්ප ලක්ෂය යන්න අපට සිතෙන්නේ 'අසංඛ්ය කල්ප' සාර ලක්ෂය කියාය (මෙය වැරදි විය හැක).
      යකා කියන තරම්ම කලු නැතිව ඇති! නැතිනම් කලුම කලු ඇති!
      ප්රශ්නයට පිළිතුරක්ද මෙහි ඇති....?

      Delete
    17. අහෝ සිතුවිළි,

      ඔබ "කණිශ්කයන් ඔහුගේ මුල් ලිපියෙහි රාම සම්බුදු රජානන් වහන්සේ ගැන ..." කියා කීම ගැන පැහැදිලි කිරීමක් කළ යුතුව තිබේ.

      මේ ලිපිය ඉතා පැහැදිලිවම උපුටා ගැනීමකි. සම්පූර්ණ ලිපිය අපගේ නිර්මාණයක් බව සැබෑවකි; එහෙත් 'දසබෝධිසත්තුප්පත්තිකථාව' යන කොටස සම්පූර්ණයෙන් උපුටා ගත් දෙයකි. එහි කරුණු ගැන අපේ එතරම් එකඟතාවයක් නැත.

      එකඟතාවයක් නැතත් ඉදිරිපත් කිරීමට හේතුව නම් එමගින් සංවාද කිරීමට දේ උපදවා ගත හැකිය යන අදහසයි. ඔබ උපුටා දක්වා ඇති දේ අපේ එකඟතාවයක් නැති අදහසකි.

      අප ජොසෙෆ් ගේ ප්‍රශ්නයට "නිමිති දැකීම ගැන මේ සන්ධර්භය තුලදී අප අසරණයි." යනුවෙන් පිළිතුරු දීමට හේතුවත් එයමයි.

      අසංඛ්‍යය ඉලක්කම් 141 කින් ලිවිය හැකි සංඛ්‍යාවක් බව සත්‍ය මුත් එතරම් දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් තිබීම සැක සහිතයි. මෙය තව ගවේෂණය කළ යුතු තැනකි.

      ප්‍රතිචාර වලදී දුන් පිළිතුරු ගැන වග කිව හැක. ඒවා හුදෙක් උපුටන නොවේ.

      අසංඛ්‍යය ගැන ලිපියක් ලිවීමට කාලය සුදුසු බව පෙනේ.
      ------------------------------------

      ජොසෙෆ්,
      ඔබට පිළිතුර දී ඇත. ඉහත සිතුවිළිට දුන් පිළිතුර තුලත් ඒ පිළිතුර අඩංගුයි. ඔබ එය දකිනු ඇති බවට විශ්වාසයක් ඇත.

      Delete
    18. සිතුවිළිAugust 24, 2014 at 10:07 AM

      ඔබ විසින්ම පල කල ලීයෙහි අන්තර් ගතය හා ඔබ එකඟ නැතිනම්, ඔබගේ අදහසක් ලෙස එය හුවා දැක්වීම මගින් යම් සිත් තැවුලක් වූවානම් මා කනගාටුව පල කරමි.

      කෙසේ වෙතත් මෙතේ බුදුන්ගෙන් පසුව එළැඹෙන අබුද්ධෝත්පාද කාලය අංක 141කින් ලිවිය යුතු තරමේ කල්ප ගනනක් නොවී එක් අසංඛ්‍යය කලපයක් වේනම් එය හුදු මහා කල්පයකින් 1/4 ක් පමණක් නොවේද?
      එසේ වනවානම් ඔබම කියා ඇති පරිදි මහා කල්පයක පලමු අසංකය කල්පය පාරමිතා පිරීමටවත් නොගැලපෙන්නකි. එය බුද්ධෝත්පාද වීමට හැකිදැයි ගැටළුවකි. එසේනම් එහි අමුතු දෙයක් නැත සිරිත් පරිදි දෙවැනි අසංඛ්‍යයේදි බුදු වරයෙකු පහල වනු ඇත. (බුද්ධත්වය මෙතරම් සුලභනම් අපි කුමකට බය වෙමුද? )
      ගෞතම සසුනින් බැරි උනොත් මෛත්‍රී සසුනින් එයත් බැරි උනොත් රාම සසුනින්.
      ඔය තියෙන්නේ විසඳුම අද දවස ඔහේ ජොලියන් ඉන්න බැරියැයි?

      Delete
    19. 1] සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය යන්න අපට සිතෙන්නේ 'අසංඛ්‍ය කල්ප' සාර ලක්‍ෂය කියාය (මෙය වැරදි විය හැක).
      2] මෙතේ බුදුන්ගෙන් පසුව එළැඹෙන අබුද්ධෝත්පාද කාලය අංක 141කින් ලිවිය යුතු තරමේ කල්ප ගනනක් නොවී එක් අසංඛ්‍යය කලපයක් වේනම් එය හුදු මහා කල්පයකින් 1/4 ක් පමණක් නොවේද?
      ------------------------------------

      සිතුවිළි,

      ඉහත පළමු වැන්න අපගේ රචනයකි - දෙවැන්න ඔබගේය. අපගේ රචනයේ වරහන් තුල ලියූ දේ නිවැරදි බවට මේ සපථ කිරීමයි. ඒ අනුව ඔබේ ගැටළුව ලිහේ. එසේම වැරදි ව්‍යවහාරයක් ඇති කිරීමට උපස්තම්භක වීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීමට ද මෙය කාලය කර ගනිමු.

      සාරාසංඛ කල්ප ලක්‍ෂය යනු අසංඛ්‍ය කල්ප සාර ලක්‍ෂය නොවේ.
      තරමක සෙවීමකින් අනතුරුව එහි තේරුම කල්ප සාරාසංඛ එක ලක්‍ෂයක් බව අවසන් වශයෙන් නිගමනය කළෙමු.

      මූලාශ්‍රය: පූජාවලිය | තුන් වන පරිච්ඡේ‍දය (විවරණ මඟුල් පූජා කතා) සහ සතර වන පරිච්ඡේ‍දය (බෝධිසම්භාර පූජා කතා)

      ඒ අනුව අසංඛ්‍යය යන සංඛ්‍යාව නූතන ඉලක්කමෙන් ලියූ කල:
      10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000 වේ.
      මෙය Microsoft Excel යොදා ගණනය කළ විට 1 පසුපස බිංදු 133 ලියූ විට ලැබෙන අගයයි.
      (එහෙත් අප පාරම්පරිකව දන්නේ අසංඛ්‍යයට ඉලක්කම් 142 පවතින බවයි. එයත් වැරදි විය හැක.)

      නැවත ඔබේ ගැටළුවට:
      සාරාසංඛකල්ප ලක්‍ෂය ඉතා දීර්ඝ කාලයකි. ඉහත බිංදු 133 ලිවිය යුතු තරම් දීර්ඝ අබුද්ධෝත්පාද කාල තිබේ. මේ කියන්නේ කල්ප වලින් මිස අවුරුදු වලින් නොවේ. කල්පයට ඇති අවුරුදු ගණන ද ඉලක්කමෙන් කිව නොහැකි දීර්ඝ ගණනකි. ඉතුරු ටික සිතා ගැනීම කියවන්නන්ට බාරයි.

      Delete
    20. මිතුර කණිශ්ක,
      ඔබගේ පෙර පිළිතුරෙහි ඔබ කල්ප අසංඛ්‍යයක් අබුද්ධෝත්පාද වීම අබව්‍ය බවට හැඟෙන ප්‍රකාශයක් කරනා ලදී.
      මා එයට තදින්ම විරුද්ධ වන නිසාත් එය ප්‍රායෝගික පැහැදිලි අසත්‍යයක් නිසාත් මා අද දවස ජොලියෙන් සිටීමක් ගැන පැවසුවෙමි.
      සත්‍යය වශයෙන්ම අතීතයෙහි උන් බුදු වරුන් ගනන අසීමිත බව අප බුදු රදුන් පවසා ඇත. එසේම අනාගතයෙහි පහල වන බුදු වරුන් ගනනද නියම කොට දැක්විය නොහැකි බවයි උන්වහන්සේගේ දෙසුම. ඒ නමුත් බුදු වරයෙකු පහල වනුයේ ඉතාමත් විශාල මිනිස් දිවියකදී සිතා ගත නොහැකි තරම් විශාල කාල පරාසයනට පසුවය. මේ අප දිවි ගෙවන මහා භද්‍ර කල්පය සුවිශේශී වූ අවස්ථාවකි. එහෙත් අප පෙර බුදුවරුන් ගැන දන්නේ නැත. තවත් කවර නම් කථාද?
      ඔබ මුලින් අංක 141කින් ලිවිය යුතු තරමේ කාලයක් අබුද්ධෝත්පාද වීම සැක සහිත බව කියා තිබිනි. මෙවැනි අදහසක් සැබැවින්ම පුහුදුනන් දහමට උකටලී කරවන සුළුයි. එය කිසි සේත්ම දහම සාකච්ඡා කරන්නන් තුලින් සිදු නොවිය යුත්තකි. එක් අසංඛ්‍යයක් කල්ප නොව, කල්ප අසංඛ්‍යයන් කිහිපයක් වුව අබුද්ධෝත්පාද වීමෙහි හැකියාව ඇත කීමයි සත්‍යය. එවැනි කාල පසුකරන සත්ත්වයා මෝහයෙන්ම පීඩිතව කල් හැරීම මිස ලබන දියුනුවක් නැත.
      අප ලද සසුනින් ඵල ලැබීමට සත්ත්වයින් යොමුකරවීම හැර කල යුතු අන් යමක් නැත. අනුනට පෙර අප අපම මේ සසුනින් ඉක්මනින් වැඩ ගනිමු.
      මෙවන් සාකච්ඡා තුලින් කෙරෙනුයේද එයමයි. මේ සාකච්චා සභාව තුලින් යමෙකු එක් දහම් වදනක් අවබෝධ කරයිද එය ඔබට නිර්වාන සම්පත්තිය පිණිසම හේතු වාසනා වේ.

      සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යන සංකල්පය මා වටහා උන්නේ
      අසංඛ්‍යයක් වූ (අංක 142 හෝ 133 න් යුක්ත ගනනක් කල්ප ) කල්ප සාර ලක්ෂයක් ලෙසිනි. හෙවත් කල්ප අසංඛ්‍යැයෙහි කොටස් සාර ලක්ෂයක් ලෙසිනි.
      මෙහි මූලාස්‍රයක් මට මතක නැත.
      කෙසේ වෙතත් අප සම්බුදු රජානන් වහන්සේගේ පාරමී කාලය එතරම් දීර්ගය.
      එහෙත් අපට එතරම් දුක් විඳීමට හේතුවක් නැත උන් වහන්සේ අප ඉදිරියෙහි අරිඅටඟි මග විවර කොට තබා තිබේ. තව දුරටත් උකටලී වන දෑ හැර පියා මග හෙලි පෙහෙලි කරගනිමු!

      Delete
    21. මේ කියන්නේ මම මුලින් කිව්වා වගේ දෙවියන් විසින් සතර පෙර නිමිති දක්වනවානම් ඒ කලින් දැනගෙන දැකගෙන ඉඳීමෙන් ම නෙවෙයි කියන එකයි. අසංඛ්‍ය කල්පයක් ආයුෂ ඇති මොකෙක්වත් නෑ නේ.

      බ්‍රහ්ම ලෝක ලෝක වල සතර පෙර නිමිති ග්‍රන්තාරූඪ කරනවද කියන එකයි ඊළඟ ප්‍රශ්නය..?

      Delete
    22. ඔබේ මේ අදහස මෙතේ බුදුන්ගෙන් පසු පහල වනවායැයි කියන රාම බුදු රදුන් උදෙසා සත්‍යය විය හැක.
      එහෙත් ගෞතම බුද්ධෝත්පත්තියෙන් එක් කල්පාවසානකටත් පෙර පහල වන මෙතේ බුදුන් උදෙසා එය නොගැලපේ.
      සිද්ධාර්ථ උපතේදී නොයෙකුත් තවුසන් බුද්ධත්වය ගැන පවසන්නේ කෙසේද? ඔවුන් දන්නා බුද්ධත්වය කුමක්ද?
      සිදුහත් කුමරුගේ කලකිරීමට හේතුවන දෑ රජුහට කියා දෙන්නේ ඔවුන් නේද?
      එවිට රජු විසින් කලකිරීමට හේතුවන දෑ සඟවා තැබීමට උත්සුක වන අතර දෙවියන් කරනුයේ සැඟවූ දෙයම පෙන්වා සිටීමක් පමණි.

      එනම් දෙවියන් නිමිති ගැන දන්නා දෙයක් නැත. එහෙත් කලකට පෙර තමන් සමග සිටි සගයා සතුව සකල ලෝක වාසීන් දුකින් මුදවා ගැනීමෙහි අරමුණක් වූ බව ඔවුන් දනී. එම අරමුණට බාධා ලෙස රජු වලකන්නේ කුමක්ද. දෙවියන් එය ඔහුට නිරාවරනය කරවන ලදී.

      නමුත් දැන් ප්‍රෂ්ණය අසිත කොන්ඩඤ්ඤ ඇතුළු තවුසන් ඒකාන්ත බුදු වීමක් ගැන පැවසුවේ කෙසේද?
      බුදු වරයෙකු ගැන ඔවුන් දන්නවානම් බුදු වරයෙකුගේ දහමෙහි මූලාස්‍රයවත් නොදන්නවා යැයි කීම පිළිගත හැකිද?

      Delete
    23. ජොසෙෆ්,

      බ්‍රහ්ම ලෝක ලෝක වල සතර පෙර නිමිති හෝ වෙනයම් දෙයක් හෝ ග්‍රන්තාරූඪ කිරීමේ සිරිතක් ඇත්දැයි නොදනිමි. එහෙත් එක දෙයක් ඇත.

      කල්පාරම්භයේදී ඒ කල්පයට පහල වන්නා වූ බුදුරජාණන් වහන්සේලා ගණනට සමාන ගණනක් පාත්‍රා ධාතු පහල වන බව පොත පතේ සඳහන් ය. ඒ පාත්‍රා ධාතුවයි බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කරන විට ඝටීකාර නම් බ්‍රහ්මයා විසින් පිළිගන්වන්නේ. මේ කල්පය ආරම්භයේ දී පාත්‍රා ධාතු පහක් පහල වූ අතර මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන විට ඒ සියල්ල අවසන් වේ.

      මේ වනාහි නිමිත්තකි. එසේම පෙර ද සඳහන් කළ බුද්ධ කෝලාහලය තවත් එකකි. බෝසතාණ කෙනෙක් පශ්චිම භවයේ මවුකුස පිළිසිඳ ගන්නේ ආරාධනයෙනි. එයත් දෙවි බඹුන් මේ ගැන දන්නා බවට සාධකයකි.

      (අසංඛ්‍ය කල්පයක් බුද්ධ ශුන්‍ය වූ පසු දෙව් බඹුන් මේවා දැන ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳව අපේ පිළිතුර වන්නේ අයින්ස්ටයින් සාපේක්‍ෂතාවාදය ඉදිරිපත් කළ අයුරින් බවයි. නිමිති හාත්පස දකින්නට ලැබෙන විට ඒවා හා සංගත වන ප්‍රවාදය සාදා පුරෝකථනය කර ගැනීමට දෙව්-බඹුන් සමත් වනු ඇතැයි අපට සිතේ. ජොසෙෆ් මේ ඔබේ පිළිතුරයි. මෙය මීට පෙර ද දී ඇත.)

      Delete
    24. සිතුවිළි,

      අසිත කාලදේවල සහ කොන්ඩඤ්ඤ තවුසන් දෙමගක ගිය දෙදෙනෙකි.

      * අසිත යා සුද්ධෝධන රජුගේ ගුරුවරයා ය. මහළු වියට පත් හෙතෙම තාපස පැවිද්දෙන් පැවිදි ව අභිඥා උපදවා සමවත් සුවයෙන් කල් යවයි. හෙතෙම අනාගතයෙන් සතලිස් කපක් හා අතීතයෙන් සතලිස් කපක් දක්නා නුවණ ඇත්තේය. ඔහුගේ අනාවැකිය මේ නුවණ පාදක කොටගෙන පැන නැගුණකි.

      ඒ හැරත් තව්තිසා දෙව් ලොව සමවත් සුවයෙන් කල් ගත කළ ඔහු සුදොවුන් රජ මාළිගයට පමා වී පැමිණෙන්නේ දෙවියන් විසින් මතු බුදුවන මහතෙක් උපන් බව කියනු ඇසීමෙනි. ඔහුගේ අනාවැකිය මේ දෙආකාරයෙන් පළ කෙරුණකි.

      * කොන්ඩඤ්ඤ යා ත්‍රිවේද පරප්‍රාප්ත වූවෙකි. බුදුවරු නම් මේ මේ ලක්‍ෂණ සහිතව උපදනා හ යන දේහ ලක්‍ෂණ ශාස්ත්‍රයක් ඔහුගේ දැනුමේ විය. උපන් කුමරු සක්විති රජ හෝ බුදු හෝ වේය යනුවෙන් ඒ බමුණන් අනාවැකි කියන්නේ ළදරු කුමරුගේ දේහ ලක්‍ෂණ බැලීමෙනි. ඌර්ණ රෝම ධාතුව විශ්ලේෂණය කළ කොන්ඩඤ්ඤයා මේ කුමාර තෙම ඒකාන්තයෙන් බුදු වෙතියි අනාවැකි කීය.

      මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු වන්නේ "බුද්ධ" යන්න අලුත් පදයක් නොවූ බවයි. පූරණ කස්සපයා ප්‍රමුඛ සය දෙනෙක් සහ තවත් බොහෝ අය 'මම බුදු වෙමි', "අහං බුද්ධෝ" ය කියමින් ජනයා රවටමින් සිටි බව පත පොතේ සඳහන් ය. බුද්ධ යන වචනය, ධම්ම යන වචනය අසන්නටත් නොලැබෙන්නේ දහම් සොඬ රජතුමා සිටි කාලය වැනි අබුද්ධෝත්පාද වලදී ය. බුද්ධෝත්පාද කාලය වන විට ඊට අනුරූප පරිසරය මැනවින් සකස් වේ. මෙය ධම්ම නියාමය යැයි සිතමි.
      (ඉබේ කෙරෙන දේ ගැන පිළිගැනීමක් බුදුදහමේ නැත.)

      Delete
    25. අනේ මන්දා.....
      මේකෙන් අහනවානම් කප්පරක් ප්‍රෂ්න තියෙනවා. කොහෙන් පටන්ගෙන කොහෙන් කෙලවර කරන්නද?

      Delete
    26. කණිෂ්කයන්ගේ ඉහත විවරනයට අනුව,
      1/ අසිත තවුසා අති ප්‍රභලව පුබ්බේ නිවාසානුස්සති ඤානය හා චුතෝපපාද ඤානය ඇත්තෙකි.
      මෙය රහතුන් අතර පවා දුර්ලබ ඤානයක් සේම සම්මා සම්බුදු විශයයෙහි ඇති සුවිශේශී ඤානයකි.
      එය එසේ විය හැකිද?
      අරහත් භික්ෂූනින් අතර පෙර භව සතක් දැකීමට හැකියාව ඇතිව උන් භික්ෂුණියක් පුබ්බේනිවාසානුසාති ඤානය ඇති භික්ෂුණීන් අතර ප්‍රමුඛතාවය දැරීය. එසේනම් සතලිස් කපක් පෙරට හා පසුපසට දැකිය හැකි වීම රහතුන් ඉක්මවා යන මහා ආශ්චර්‍යයක් නොවන්නේද?
      2/මිනීස් ආත්මභාවයෙන්ම අසිත තවුසානන් සමවත් සුවය විඳින්නේ තුසිතයෙහිදීය.
      මෙය සිදුවිය හැක්කේ කෙසේද?
      3/ කොන්ඩඤ්ඤ යනු අප ගෞතම බුද්ධ ශාසනයෙහි ප්‍රථම භික්ෂුව හා රහතුන් වහන්සේය. උන් වහන්සේ වැනි සසුනෙහි අති ප්‍රමුඛ චරිතයක්, අසූ මහා ස්‍රාවකයන් අතර වූ චරිතයක් කණිෂ්කයන්හට "කොන්ඩඤ්ඤයා" වූයේ කෙසේද?
      4/ කොන්ඩඤ්ඤ බමුණා සතුව බුදුවරු නම් මේ දේහ ලක්ෂන සහිතව උපදින්නාහ යන දේහ ලක්ෂන සාස්ත්‍රයක් තිබින නම්? බුදු වරයෙකු අවශේශ ශාස්තෲන්ගෙන් වෙන් වන්නේ කුමන කරුනකින්ද කියා ඔහු නොදැන සිටියේ කෙසේද?
      බුදු වරයෙකු යනු චතුරාර්‍යසත්‍යය ලොවට හෙලි කරන්නෙකු බව ඔහු යම් අයුරකින් දැන සිටියේද?
      5/බුද්ධ යන පදය අළුත් දෙයක් නොවූයේනම්, බුද්ධයන පදය හුදු ආගමික ශාස්තෲ වරයෙකුගෙන් වෙනස් වන අයුරක් මිනිසුන් දැන සිටියේද?
      6/ බුදු වරයෙකු පහල වීමට පෙර ඇතිවන බුද්ධ කෝලහාලය ධම්ම නියාමයකියි පිළිගත හැක. එසේනම් බුද්ධ යන පදයද එලෙසම වූ ධම්ම නියාමයකින් ලොව පහල වන බවක් ඔබ අදහස් කරන්නේද?

      Delete
    27. සිතුවිළි,

      ඔබ පැහැදිලිවම "අන්තරය" ඉතා ගැඹුරින් කියවාගෙන ඇති බවකි පෙනී යන්නේ. වරද අපගේමයි.

      ඔබේ ගැටළු වෙත එමු.
      1. අසිත තවුසා
      ඔබ මාතංගාරන්‍යය උත්පත්ති කතාව (මෙය අමාවතුරේ පෙනේ) කියවා ඇත්නම් අතීතානාගත අසූ කපක් දැකිය හැකි මාතංග තවුසා ගැන දැනගෙන සිටිය යුතුයි. මේ අතීතානාගත දක්නා නුවණ ෂඩ් අසාධාරණ ඥානයන් අතරින් එකක් නොව සාමාන්‍ය පඞචාභිඥා සහිත අෂ්ඨසමාපත්ති ලාභින් විසින් උපදවා ගැනෙන ඥානයකි. අසිත තවුසා මේ නුවණ ඇත්තෙකි. අප මහා බෝසතුන් බොහෝ ආත්ම භාව වලදී අභිඥා උපදවා ගත් බව පන්සීයපනස් ජාතකයෙන් පෙනේ.

      ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබ්බෙනිවාසානුස්සති හා දිබ්බචක්ඛු යනු මේ ඥාන පහ බව මදක් සෙවීමෙන් සොයා ගැනිණි.

      ඔබ අවසානයේ අසන ප්‍රශ්නය නම්-ගොත් සහිතව අසන්නේ නම් පිළිතුරක් දිය හැක.

      2. අසිතයා තුසිතයේ සිටි බවට මූලාශ්‍රයක් ලැබුණේ නැත. ඔහු තව්තිසාවේ සිටි බවයි අප විසින් ඉහත දක්වා ඇත්තේ. ඉද්ධිවිධ ඥානය උපදවාගෙන සිටි අසිත කාලදේවල තවුසා ගුවනට පැන නැඟී තව්තිසා දෙව් ලෝ යාම ගැටළුවක් කර ගත යුතු නැත. එවැනිම බල උපදවාගෙන සිටි සුමේධ තවුසා ගුවනින් යන අතරතුරදී පැළලුප් නුවරට යන මග හෙළි-පෙහෙළි කරමින් සිටින මිනිසුන් දුටු බවත්, ඒ දැක බිමට බැස තමාටත් සුද්ධ කිරීමට කොටසක් ඉල්ලා ගත් බවත් සිහි කර ගැනීම වටි.

      Delete
    28. 3. කොන්ඩඤ්ඤයා යනු සුදොවුන් රජු විසින් පුත් කුමරුට නම් තැබීම පිණිස ආරාධනා කෙරුණු බමුණෙකි. ඔහු ත්‍රිවේද පරප්‍රාප්ත බුද්ධිමතෙකි. එහෙත් ඔහු ගැන ඔබ කියන දේ මෙතැනට අදාළ නැත.

      4/5. ඔබේ ගැටළුවම ගැටළුවකි. "බුද්ධ" යනු එකල භාවිතයේ පැවති පදයකි. ෂට් ශාස්තෘ වරු තම තමන් වෙන වෙනම "අපි බුදුම්හ" යි කියා ගනිමින් සිටි බව බොහෝ තැන්හි සඳහන් ය. "රහත්" ය යන පදයත් එසේමය. කොන්ඩඤ්ඤ බමුණා "මේ කුමරු ඒකාන්තයෙන් බුදු වන්නේමයැ"යි එක ඇඟිල්ලක් ඔසවා කියන සඳ බුදුවීම කෙසේ සිදු වන්නේද යන්න ගැනත් චතුරාර්‍ය සත්‍යය ගැනත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත් අදහසක් ඔහු තුල තිබීමට හේතු නැත.

      6. ඔබ වචනය ගැන සිතන්නේ නම් පෙර කාල වලදීත්, එසේම අනාගත කාල වලදී ත් "බුද්ධ" යන්න වෙනුවට වෙනත් නමක් නොකියා ඒ නමම කියා ඇත්දැයි සෙවිය යුතුව පවතී. මේ බව අපට ස්ථිරවම කිව නොහැක.

      Delete
    29. ඔබ අන්තරය ගැඹුරින් කියවා ඇති බවකි පීන්නේ කියා කීමෙන් ඔබ කියනා වූ ව්‍යංගය මට නොවැටහේ. එය උපහාසයක්ද? අපහාසයක්ද? ප්‍රසංශාවක්ද?
      කුමක් හෝ වේවා එහි වැදගැම්මක් නැත.
      අසිත තවුසා සිටි තැන තුසිතය යැයි ලීවේ මාගේ දොසකිනි එය තව් තිසාව වශයෙන් ගෙන පිළිතුරු දි ය හැකිනම් අගෙයි
      3 යටතේ මා කියූ කොන්ඩඤ්ඤ බමුනා ගේ වැදගත් කම මෙතැනට අදාල නැතැයි ඔබ කියනවානම් මා තර්ක නොකරමි. එහෙත් මා පිදිය යුත්තන් පිදීමට තැනක් නොතැනක් නොසොයමි. ඒ මාගේ ප්‍රථිපත්තියයි.
      6 වැනි පිළිතුර ගැන මා එසේම එකඟ වෙමි.
      ඔබ රතුපාට දකින අයුරින් මා නිල් පාට දකිමින්, ඔබ රතුයැයි කියන දෙයටම මා රතුයැයිද ඔබ නිල්යැයි කියන වර්ණයට මාද නිල්යැයි කිනවා විය හැකියි!!!!!

      Delete
    30. අන්තරය කියවීම භයානක කර්තව්‍යයක්. හික් !
      කෙසේ වෙතත් අසිතයා, කොණ්ඩඤ්ඤයා කීම ගැන සිතුවිළිගේ දුක් ගැනවිල්ල හැරුණු කොට වෙන වලියකට හේතුවක් නම් මෙහි නැත. මෙසේ මාද ලියන බැවින් (මේ බෝවන රෝගයක් ද?) අපුලක් නොදැනුනත් සමහරු ඊට අකමැති බව පෙනේ.

      Delete
    31. නැත සිතුවිළි, මීට පෙර ඔබට අන්තරයත් කියවා ගන්නැයි ඇරයුම් කළ මුත් මෙහි එවැනි දෙයක් නැත. ඔබ අප කිසි සේත් අදහස් නොකළ දේ උකහාගෙන ඇති බැවිණි එසේ සඳහන් කිරීමට සිත් වූයේ; ඒ හැර වෙනත් අපහාසයක්-උපහාසයක්‌ මෙහි අඩංගු නැත.

      අසිත තවුසා සුද්ධෝදන රජුගේ පිය මහරජාණන් වහන්සේගේ පුරෝහිත බ්‍රාහ්මණයාය. හෙතෙම බාල සුද්ධෝදන කුමරුට ශිල්ප ඉගැන්වීය. පසුව සෘෂි ප්‍රවෘජාවෙන් පැවිදි වූ එතුමා පඤ්ඤාභිඥා අෂ්ඨ සමාපත්ති උපදවාගෙන රජුගේ උයනේම වාසය කරයි. සමහර විටෙක ධ්‍යාන ක්‍රීඩාවේ යෙදීම පිණිස හිමවතට හෝ මෙරමුදුනේ පිහිටි තව්තිසාවට හෝ වැඩම කිරීම මෙවැනි බලවත් සෘෂි වරුන්ගේ සිරිතකි. මේ කියන දිනයේ අසිත තාපස තෙමේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ නන්දන උයනේ ධ්‍යාන සුවයෙන් සිටි බව පූජාවලියේ 137 පිට, මහබිනිකමන් පූජා කථා හි සඳහන් වේ.

      මේ ඔබේ ගැටළුවට පිළිතුරයි. හෙතෙම අතීතානාගත දෙකාලයෙන් අසූ කපක් දක්නා නුවණ ඇති බව එහිම දැක්වේ.

      Delete
    32. කණිෂ්ක ඔබගේ අදහස ඉතාම පැහැදිලියි.
      පූජාවලි කතු තුමා එසේ කියා ඇත, එය කියවා ගැනීම එකිනෙකාගේ නැන පමණිනි. මා සිතන්නේ එසේ කීවොත් කථාව සම්පූර්ණ වන බවයි.

      ජෝසප්,
      සිතුවිළි ගේ දුක්ගැනවිල්ල පැන නගින්නේ සිතුවිළිගේ දැක්මෙහි හා අවබෝධයේ තරමිනි. එය අපහාසයට උපහාසයට හෝ ප්‍රසංශාවට ලක් වීමට කාරනයක් නොවෙයි.
      තව දුරටත් අවබෝධය වැඩෙන විට මේ දුක්ගැනවිල්ල යුධ ප්‍රකාශ කිරීමක් දක්වා හෝ නිහඬව ඉවසා වදාරා සිටීමක් දක්වා වෙනස් විය හැක.

      Delete
  4. සිතුවිළිAugust 13, 2014 at 10:31 PM

    කණිෂ්ක සහෝදරයා,
    මේ අනාගත බුදු වරු දස දෙනා වහන්සේ ගැන ට්ථේරවාදී ත්‍රිපිටකයේ කිසිම යම් වූ තැනෙක සඳහනක් ඇතිද?
    විශේශයෙන් එය බුදුන් වහන්සේ දෙසූ බවට සඳහනක් සහිතව සූත්‍ර පිටකය තුල????

    ReplyDelete
    Replies
    1. "දීඝනිකායේ චක්කවත්ති සූත්‍රය" යනු අපට ලැබුණු විද්‍යුත් ලිපියේ මේ සම්බන්ධව ඇති එකම සඳහනයි. දීඝ නිකායේ එනම් සූත්‍රයක් ඇත්ද නැත්ද යනු අප නොදන්නා කරුණකි. අප දීඝ නිකාය (හෝ අනෙක් නිකායක් හෝ) සම්පූර්ණයෙන් කියවා නැත.

      එසේම, මෙතේ බෝසතුන් මිස වෙනත් කෙනෙකුට අප බුදුරජාණන් වහන්සේ විසින් විවරණ ශ්‍රී දී වදාළ බවක් මෙතෙක් කියවා ද නැත. එහෙත් දෙව්දත් තෙර ඇතුළු කිහිප දෙනෙක් පසේ බුදුබව ලැබ නිවන් අවබෝධ කරන බව නම් දම් දෙසුම් වලදී අසා ඇත.

      විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම්, "සුමඞ්ගල" නමින් මතු බුදු වන්නේයැයි ඉහත විස්තරයේ සඳහන් වන පාරිලෙය්‍යක ඇත් රජු මතු බුදුවන බෝසතාන කෙනෙකු බව දින දෙක-තුනක් ඇතුලත බෞද්ධයා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ දහම් දෙසුමකින් අසන්නට ලැබුණු බවයි. ඒ මේ කතාව ට උපස්තම්භක වීම පිණිස අප සතු එකම බාහිර සාධකයයි.

      Delete
    2. චක්කවත්ති සූත්‍රය ද නැතිනම් චක්කවත්ති සීහනාද සූත්‍රය ද ?
      චක්කවත්ති සීහනාද සූත්‍රය නම් අහල තියෙනවා.

      Delete
    3. සිතුවිළිAugust 14, 2014 at 7:57 PM

      දීඝ නිකායෙහි චක්කවත්තී සිහනාද සූත්‍රය මෙතේ බෝසතුන්ගේ බුද්ධත්වය ගැන පණි වුඩය කියා පායි.

      එහෙත් එහි අන් කිසිදු මහා බෝසතෙකුගේ විස්තරයක් අඩංගු නොවේ.

      http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/26-cakkavatti-sihanada-s.html

      Delete
    4. සිතුවිළිAugust 18, 2014 at 3:23 PM

      කණිෂ්ක,
      මේ අපි සාකච්ඡා කල දේ අනුව පැහැදිලි වන්නේ මේ දසබොධිසත්තුප්පති කථාව ථේරවාදී ත්‍රිපිටක ධර්මයට සම්බන්ධ වූ දෙයක් නොවන බව නේද? ( මා එසේ කියන්නේ මෙය බැහැර කල යුත්තකියි කීමට නොවෙයි )
      දැන් දැන් බෞද්ධ භික්ෂූන් ධර්ම දේශනා පැවැත්වීමෙදී ද්Zඑන් කථා, ටිබෙට් බෞද්ධ කථා ආදිය උප්යෝගී කරගන්නා අවස්ථා බොහෝමයි. ඉතින් බන දේශනාවකදී පාරිලෙයිය ඇත් රජු මතු බුදුවන බව කියැවීම හොඳ මූලස්‍රයක් නොවෙයි නේද?
      කොහොම උනත් අපි මේකෙනුත් ධනාත්මකව ධරමයට එකඟ වූ අරුත් මතුකර ගනිමු.
      රාජගිරියේ අරියඤාන හිමියන්ට අනුව මෙතේ බෝසතුන් මේ ලොවම පහල වන මුත් එය සිදු විය යුත්තේ අදින් වසර පන් ලක්ෂයකට එහාපැත්තේදීය.
      ඉන් තවත් බොහෝ කලක් ඇවෑමෙන් කල්ප විනාශයත් සිදුවේ.
      දැන් මේ දස බෝධිසතුප්පත්තිකථාවට අනුව මේ බද්‍ර කල්පය අවසානයෙහි ඇති වන්නේ එක් අසංඛ්‍යයක් කල්ප දිගු බුද්ධ ශූන්‍ය කාලයකි.
      මෙහි මා දකින වැදගත්ම කරුන එයයි. ලොව සරණ බුද්ධිමත් සත්ත්වයාට සසර බිය දැක්මට අන් කරුනු කුමටද? කොපමණ පින් දහම් කලත්, කුමන සුගතියක මීලඟ උපත ලැබුවත් ඒ සියල්ල අනිත්‍ය වී අප සැවොම සතර අපා ගත වීමෙහි ඉඩ කඩ ඇතිනම්, ඊට වඩා දැනිය යුතු සසර බියක් තව වෙත්ද?
      අසංඛ්‍ය වූ කල්ප ගනනක් බුද්ධ ශූන්‍ය කාලයක්??

      Delete
    5. @සිතුවිළි,
      "අන්තරය කියවා ගත්තාද.?" යනුවෙන් මා ඔබෙන් ඇසුවේ එයයි. කේ එය පැහැදිළි කරනු ඇතැයි සිතුවත් ඔහු මේ සති අන්තයේත් කොහේ හෝ ගොස් ඇති බවයි පෙනෙන්නේ. ඔහු අන්තරය යැයි කී සැනින් "බුද්ධාන්තරය" යන වචනය සිහි විය.

      ඇත්ත වශයෙන් මේ කතාවෙන් උකහා ගත යුතුව ඇති දේ අන්තරය සහ අන්තරයම පමණි.

      Delete
    6. සිතුවිළිAugust 19, 2014 at 2:43 PM

      ඔබ ඇසූ ප්‍රශ්නය මා තනිකරම කියවා ගත්තේ වෙනත් අයුරකිනි.
      කෙසේ වෙතත් ඔබ කියන අන්තරය මාද දැකීම ගැන සතුටු වෙමි.

      Delete
    7. මා කියන අන්තරය ඔබ කියවා ගත් තනිකරම වෙනත් අයුර කුමක්ද?

      Delete
    8. සිතුවිළිAugust 19, 2014 at 5:27 PM

      ඔබගේ ප්‍රශ්න නැගීම මට සිහි කරවන්නේ මාගේ දියනිය වයස 4 - 5 කාලයේදී මාගෙන් පැන විමසූ හැටියි.
      ඇයගේ ප්‍රශ්නයකට මා කුමන අයුරින් පිළිතුරක් දුන්නද ඒතුලින් නැවත ඇසීමට ඇයට ප්‍රශ්නයක් විය.

      හොඳයි ඔබගේ ප්‍රශ්නයට,
      අන්තරය කියවූවාද කී විට මා එය ගත්තේ වචන හා අකුරු අතර වූ අදහස තේරුම් ගත්තාද යනුවෙනි. එසේම බුද්ධාන්තරය හෝ මෙහි සාකච්ඡාවට බඳුන් වූ කාලාන්තරය පිළිබඳ ඔබ ඇසූ බවක් නිකමටවත් මට නොසිතුනු බවයි මා කීවේ.

      Delete
  5. ඉස්සර සාලිය කියල ගොබිලෙක් හිටිය නේද පණ දීගෙන...?
    මොකද පොරට උනේ ???

    සාලියAugust 2, 2012 at 1:14 PM
    "මට හිතට හුඟක්ම දැනුන කොටස දර මිටි පෝය ගැන කියවෙන ටික. ඒ ක කියවලා සින්දුවක් මතක් උනා. තිත්ත උනත් ඇත්ත කියවෙන සින්දුවක්.

    දර මිටි බැන්දා... රෑ නිදි මැරුවා.... ගිණි මැළ ගහගෙන රැක සිටියා...
    එහෙව් අපට අද එන්න තහංචි ද ... ජය සිරි මා... හාමුදුරුවනේ....."

    ReplyDelete
    Replies
    1. සාලියා මේ දිනවල ඇතත් නැතුවා වාගෙය. එතුමා හරි බර-සාර වැඩක !
      අපි වාගේ කොල්ලන්-කුරුට්ටන් හා වාදය, සංවාදය එතුමාට අවහිරයක්ය කියා සිතම්හ.

      Delete
    2. හා.. ඒකත් එහෙමද...!

      Delete
  6. සිතුවිළි,
    "මේ අනාගත බුදු වරු දස දෙනා වහන්සේ ගැන ට්ථේරවාදී ත්‍රිපිටකයේ කිසිම යම් වූ තැනෙක සඳහනක් ඇතිද? විශේශයෙන් එය බුදුන් වහන්සේ දෙසූ බවට සඳහනක් සහිතව සූත්‍ර පිටකය තුල?" යන ගැටළුව සම්බන්ධයෙනි.

    මෙවැනි තැනක් අපට මෙතෙක් හමු වී නැත. පාරිලෙය්‍ය හස්තියා අනාගතයේ බුදුවන බෝසත් කෙනෙකැයි යන්න දෙසුම කළ ඒ ස්වාමින් වහන්සේ උපුටා ගත්තේ කොතැනින්දැයි අප නොදන්නා කල ඒ දෙසුම මූලාශ්‍රය කර ගැනීම අශාස්ත්‍රීය කටයුත්තකි.

    මෙතේ බුදුන්ට පසුව බුදු වන පුද්ගලයින් සැලකුවොත්:

    1] රාම රජතුමා: මෙතුමා ගැන අප කිසිත් අසා නැත.
    2] පසේනදී කොසොල් රජතුමා: ඉතාම කෛරාටික පුද්ගලයෙකි. අපගේ අදහස මොහුගේ බුද්ධ ඇදහිල්ල ක්‍ෂත්‍රිය මායමක් මිස සැබෑ සැදැහැවත් කමක් නොවන බවයි.
    3] අභිභූ දෙව්රජු: අහිභූ නම් රහතන් වහන්සේ නමක් ගැන මිස දෙවියෙක් ගැන අසා නැත. දෙදෙනාම එක්කෙනෙක් වීමේ ඉඩක් ද නැත.
    4] දීඝසෝණ රාහු අසුරේන්ද්‍රයා: මොහු ගැන අමාවතුරේ සඳහන්ය. මතු බුදුවන බවක් තිබුණාද යන්න ප්‍රශ්නයකි.
    5] චඞකි බ්‍රාහ්මණයා: මේ බමුණාගේ නම පුරුදු මුත් විශේෂ මතකයක් නැත.
    6] සුභ බ්‍රාහ්මණයා: පසුව බුදු වන්නේ යැයි කියවෙන තෝදෙය්‍ය බමුණාගේ පුත්‍රයා විය හැක.
    7] තෝදෙය්‍ය බ්‍රාහ්මණයා: එකල ජිවත් වූ මහා ධනවත් මුත් කිසි දනක් නොදුන් මසුරෙකි. මරණින් මතු සුනඛ යෝනියේ උපන්නේය. තමන්ට බුරාගෙන පැන්න බල්ලාට "තෝදෙය්‍ය තෝ මට එදත් බුරාගෙන පැන්නා අදත් බුරාගෙන පනිනවා" කියා බුදුරදුහු කීහ.
    8] ධනපාල හෙවත් නාලාගිරි හස්ති රාජයා: බෝධිසත්ත්ව ලක්‍ෂණ පෙනේ. නාලාගිරි දමනයෙන් අනතුරුව මොහු ඉතා සාමකාමී ජිවිතයක් ගත කළේය.
    9] පාරිලෙය්‍යක හස්ති රාජයා: ක්‍රියාවෙන් බෝධිසත්ත්වයෙකි.

    ඉහත නාම ලේඛනය දී මතු බුදුවන බෝසතුන් තෝරන්නැයි ඉල්ලීමක් ලැබුනොත් අප තෝරන්නේ තුන් මාසයක් බුද්ධෝපස්තානය කළ පාරිලෙය්‍යක හස්ති රාජයා පමණි.

    විශේෂයෙන් ඉහත බුදුවරු අතරින් පළමු රාම නම් බුදුරදුන් බෝසත් කල නාරද නම් මානවකව කළා යැයි කියැවෙන "ගිණි පන්දම් පූජාව" අපට සිහි ගන්වන්නේ රාමයා නොව හනුමාය. වසරකට පෙර දළදා මන්දිරය ඉදිරිපිට මෙවැනිම හනුමාකාර ගිණි පූජාවක් කළ ස්වාමින් වහන්සේ නමක් ද මතකයට නැගෙන්නේ නිතැතිනි.

    මේවා පැහැදිළිවම මහායාන ප්‍රබන්ධ වේ. මෙවැනි ගිණි පූජා බෝසතුන් විෂයෙහි වුවත් පිළිකුල දනවයි. ගැහැණු ගින්නට දමන, සත්තු ගින්නට දමන, අදහන යක්‍ෂයාගේ නම අඬගසා සතුන්ගේ බෙලි කපන ආගම් වලටනම් මේවා ගැලපේ. ඒ හේතුවෙන් ඉහත කතා මහායානම වෙතත් නොවෙතත් අපට ආගන්තුක, ත්‍රිපිටකයේ පැවතිය නොහැකි කතාම බවයි අපේත් අදහස.

    ReplyDelete
    Replies
    1. හප්පා... !
      තමනුත් පිළිනොගන්නා කතා තමන්ගේ බ්ලොග් එකෙක් ඉදිරිපත් කරන ... අනේ මන්දා. නිදහස් අදහස් ගරු කිරීමද මේකට කියන්නේ ?

      ඉහත ලැයිස්තුව ගැන මමත් එතරම් දන්නා දෙයක් නැත. එහෙත් පසේනදී කොසොල් රජතුමා ගැන ඉතාම කෛරාටික පුද්ගලයෙකියි දුන් හැඳින්වීම සිත් නොගනී. අසදෘශ මහා දන් දුන් ජේතවනාරාමයට නිතර ආගිය උපාසකයෙක් වන කොසොල් රජතුමාට මෙසේ ඇමතීම ගැන පැහැදිලි කිරීමක් දීම සුදුසුයි.

      Delete
    2. කොසොල් රජු ජේතවානාරාමයට නිතර නිතර යාම කෛරාටික කමේ අග්‍ර ඵලයයි.

      ඔහුගේ අධික බඩජාරීකමට බුදු රජාණන් වහන්සේගෙන් ප්‍රතිකාරයක් ලැබුනේ එසේ ගිය නිසයි. ඔබ කොසොල් රජු හා සම්බන්ධ පුවත් සහිත ධර්ම දේශනා ඇසුවොත් ඔබටම එය ස්පුඨ වනු ඇත.

      1] එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හා සාමිචි කතා කර කර සිටින විට ජේතවනාරාමය අසලින් රෙදි නැති තවුසන් පිරිසක් ගමන් කරනු දුටු රජතුමා වහා ගොස් ඔවුන්ට වැඳ කතා කර නැවත ආවේය. එසේ පැමිණි හෙතෙම ලැජ්ජා නැතිව බුදුරජාණන් වහන්සේට "මේ ලෝකයේ රහතුන් කියා කොටසක් ඉන්නවානම් අර ගිය තවුසන් පිරිසත් ඒ අතර ගැනෙන රහතුන්යැ" යි පැවසුවේය.

      ඇත්ත නම් ඒ පිරිස කොසොල් රජුගේම චර පුරුෂයන් පිරිසක් බවයි.

      2] එසේම ඔහු ජේතවනාරාමයට අල්ලපු ඉඩම නිඝන්ඨයින්ට ආරාමයක් සඳහා දී සංඝයා මගහැර සිටියේය. බුදුරජාණන් වහන්සේම රජු හමුවට ගිය විට කර ගත හැකි දෙයක් නැතිව අර ඉඩම හිස් කිරීමට එකඟ විය.

      3] ඔහු අසදෘශ මහා දානය දුන්නේ ශ්‍රද්ධාවකින් නොවේ, මහජනයා පරදවා තම බල පරාක්‍රමය පෙන්වීමේ අරමුණෙනි. ඔහුට ඒ මහා පින්කමෙන් සැළකිය යුතු පිනක් අත් වීදැයි යන්න සැක සහිතයි. ඒ දානය රජු වෙනුවෙන් සංවිධානය කළ කෝසල මල්ලිකාව පවා ඒ රජාත් රවටාගෙන සිටි කෛරාටික අම්මණ්ඩි කෙනෙකි.

      4] කොසොල් රජුගේ බෞද්ධ කමට හේතුව සැවැත් නුවර සාතිශය බහුතරය මාර්ග ඵල ලාභී සැදැහැවත් උපාසක උපාසිකා පිරිසක් වීමත්, බුදුරජාණන් වහන්සේ ඒ නුවර ඉතා වැඩි කාලයක් වාසය කිරීමත් නිසා, බෞද්ධ වීමෙන් රට පාලනයට ඇති වන පහසුව වන්නට ඇත.

      5] ඔහුගේ කෛරාටික කම දක්වන අවසන් උදාහරණය නම් බන්ධුල සේනාපතියා ගේ ඉරණම සම්බන්ධ කතා ප්‍රවෘත්තියයි. සැදැහැවත් උපාසකයෙක් රජුට දිවි හිමියෙන් පක්‍ෂපාත මිත්‍රයෙක් වූ බන්ධුලයා හා දෙතිසක් ඔහුගේ දරුවන් කුමන්ත්‍රණකාරී ලෙස එක තැන එක විට මරා දැමීම මගින් ඔහු දිනපතා ජේතවනයට ගියත් "හක්කේ බුදු රැස් - බොක්කේ දඩ මස්" වර්ගයේ අසත්පුරුෂයෙක් බව සනාථ වේ.

      ඔහුත් කවදා හෝ බුදු වීම නම් සිදු විය හැක. සංසාරය එතරම්ම නරක තැනකි.

      Delete
    3. "කොසොල් රජුත් කවදා හෝ බුදු වීම නම් සිදු විය හැක. සංසාරය එතරම්ම නරක තැනකි."

      මේ කතාව නම් හරියටම හරි !

      Delete
  7. "අසංඛ්‍යය ගැන ලිපියක් ලිවීමට කාලය සුදුසු බව පෙනේ." --- කණිෂ්ක

    "අසංඛ්‍යය ගැන ලිපියක් ලිවීමට කාලය සුදුසු බව පෙනේ." --- මම

    ReplyDelete
  8. ජෝසප්,
    සී නිව්ස් හී ලියන විට නමට ඉදිරියෙන් අයිකන් එකක් යොදන ආකාරය මට කියා දෙනවාද?
    කවුදෝ කෙනෙක් මගේ සංකෙත නාමය යොදාගෙන දේශපාලන සාකච්චා වල ඉතා අශෝබන ප්‍රථිචාර දමමින් ඉන්නවා.
    ඇතැම් විට සින්ග් හෝ ඩයස් වැන්නෙකු විය හැකියි.
    මට ඔබගේ උදව්ව අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. >> http://en.gravatar.com
      එහෙත් ගැටළුවක් ඇත.
      එය අද මට ඇතුල් වීමට දෙන්නේ නැත.
      හේතුව සොයා දන්වන්නම්. එතෙක් කිසිවක් නොකර සිටින්න.

      එසේම, තකතීරු ඩයස් සහ ජයසිංහකාරයා ඔබේ නමින් ලියාවි කියා සිතිය නොහැකියි. ඒ දෙදෙනාම අරමුණකින් සහ මතවාදයකින් යුතුව කොමෙන්ට් දමන අය.
      ---------
      මා පෙර වෙනත් අයට දී ඇති උපදෙස්:
      > http://lankacnews.com/sinhala/main-news/90968/#comment-474531
      > http://lankacnews.com/sinhala/news/88148/#comment-434436

      Delete
    2. මාහිතන්නේ එය නිවැරදිව කර ගත්තා කියා.
      දන්න දෙ ලෝබ නැතිව කියා දෙන ඔබට පින්.

      Delete
    3. සිතුවිළි,

      Gravatar අප දන්නා තරමින් Wordpress වල අංගයක්. Blogger සඳහා Gmail (හෝ Google) ID යොදා ගන්නා අයුරින් Gravatar විසින් Wordpress හි අනන්‍යතාවක් සාදා දෙනවා.

      එහෙත් දැන ගත යුතු දේ නම් එය ඔබව පුද්ගලයෙකු ලෙස බන්ධනයකට හසු කර ගන්නා බවයි. ඔබ ලංකා සී නිවුස් හෝ වෙනයම් අඩවියක් භාවිතා කරන විට එකම Email ලිපිනය යොදා ගැනීමට සිදු වනවා. මෙවිට ඔබ යොදා ගන්නා ලිපිනය සත්‍ය වශයෙන් පවතින ලිපිනයක් බව සැවොම දැන ගනී.

      එසේම, යම් හෙයකින් ඔබේ ඒ ලිපිනය දන්නා කෙනෙකුට ඔබේ නමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මෙයින් නැති වෙන්නේ නෑ. ඒ නිසා අනුමාන කළ නොහැකි ලිපිනයක් මේ සඳහා යොදා ගැනීම ඉතා වැදගත්.

      උදාහරණයක් ලෙස, මිතුරු ජොසේෆ්ගේ ලිපිනය joseph@gmail.com වී නම් Gravatar මගින් ඔහුට කිසි සහයක් ලැබෙන්නේ නෑ. ඕනෑ කෙනෙකුට එය අනුමාන කළ හැකියි. එවැනි අවස්ථාවක පින්තූරය වෙනස් කිරීමෙන් පලක් වන්නේ නෑ. හොරා විසින් ඒ අලුත් පින්තූරය සොරකම් කිරීමට අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ.

      ජොසේෆ් තම ලිපිනය ලෙස juthe_uwbfnz@ymal.com හෝ klsfjkdfyfjdfsf@yahoo.co.sg වැනි ලිපිනයක් සාදා ගත්තොත් හොරකම් කිරීම ලෙහෙසි නෑ.

      ඔබට මේ දැනුම් දීම පමා වැඩි බව දනිමි. එහෙත්, ඔබ වැරදි ලිපිනයක් සාදා යොදා ගත්තේනම් එය වෙනස් කිරීමට තවම පමා වැඩි නැත.

      තවද සඳහන් කළ යුතු දේ නම් Gravatar, Wordpress හා සංයෝජනය වීම නිසා Gravatar එකක් සාදන විටම ඔබ Wordpress සාමාජිකයෙක් බවට ඉබේ පත් වන බවයි. මේ අනවශ්‍ය බන්ධනයකි. ජොසේෆ්ට මතු වූ ගැටළුව Gravatar වෙත "ඇතුල් වීම" නම් හේතු කාරකය Wordpress විය හැක.

      Delete
    4. කණිෂ්ක,
      ඔබගේ උපදේශයට හා අවධානය යොමු කරවීමට පින්.
      මා මේ සඳහා යොදා ගත්තේ වෙබ් සාකච්ඡා සඳහාම නිමවා ගත් ඊ මේල් ලිපිනයකුයි

      කෙසේ වෙතත් මේ ලෝගෝ එකක් යොදා ගැනීම තවකෙකු ඔබගේ අනන්‍යතාවය සොරා ගැනීම වැලකීමට නිවැරදිම මග නොවිය හැකියි.

      මා යම් ලෝගෝවක් යොදාගත් විට තවකෙකුට වෙනත් ඊ මේල් ලිපිනයකින් එම ලෝහෝවම ලියා පදිංචි කල හැකියි. එවිට එවැන්නෙකුට ඔහු විසින්ම ලියා පදිංචි කර ගත් ඊ මේල් ලිපිනය යොදාගන මාගේ නාමයෙන් හා මාගේ ලෝගෝවෙන් අදහස් පල කල හැකිවනවා.
      එහෙත් යමෙකු එතරම් දුරක් නොයනු ඇත.

      Delete
    5. සිතුවිළි, ඔබේ අනන්‍යතාවය ඔබේ රූපයම වන බැවින් ඔබ විසින් ගත් ඡායාරූපයක් හෝ ඔබේ නිර්මාණයක් යොදා ගැනීම නුවණට හුරුයි. ඔබ යොදා ගත් රූපය අන්තර්ජාලයෙන් සපයා ගත්තක් නම්, සොරාට එය සොයා ගැනීම අපහසු නැත.

      Delete
    6. සිතුවිළි, මොකද්ද හලෝ දාගෙන තියෙන පින්තූරේ ...

      Delete
    7. සබන් පෙන බුබුලක්
      සිතුවිල්ලක් රූපයකින් දැක්විය හැකි වඩා හොඳ රූපයක් තියෙනවාද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !