Sunday, June 22, 2014

සමාධිගත අවබෝධයකින් තොර දැනුම ... (2)



හැඳින්වීම

පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.

මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.

සටහන: මෙම ලිපිය මීට පෙර ලිපිය හා බැඳේ


සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - දෙවන කොටස

අපගේ ද්විතීය නිගමනයන්

  • එම ආකෘතිය මගින් බොහෝදේ පැහැදිලි කල හැකිය. මෙහිදී අප සැලකුවේ සුර්ය ග්‍රහ මණ්ඩලය සුර්යා කේන්ද්‍රයේ වන පරිදි පහලට ඇදෙන සුලියක් ලෙසට වේ. (අයින්ස්ටයින් විද්වතාට අනුව ආලෝකයේ වක්ර වීම, ජෝතිර්වේදය අනුව අනාවැකි පලකල හැකිබව එනම් පෘතුවියේ යම් පිහිටීමකට අනෙක් ග්‍රහ වස්තුන්ගේ පිහිටීමේ බලපෑමක් ඇතිබව, ඉලිප්සයාකාර පථය, ආදී වශයෙන්)
  • සියලු චලනයන් සමග සම්බන්දව සුළි පවතී. (නිරික්ෂණයකි) උදා :-ජලය ගමන්කිරීම, වාතය ගමන්කිරීම, ගුවන්යානා ගමන් කිරීමේදී, අදිවශයෙන්
From Wikipedia:
Vortices form in stirred fluids, including liquids, gases, and plasmas. Some common examples are smoke rings, the whirlpools often seen in the wake of boats and paddles, and the winds surrounding hurricanes, tornadoes and dust devils. Vortices form in the wake of airplanes and are prominent features of Jupiter's atmosphere.

අපගේ පසු ගවේෂණයන්

  • සුළි (vortex) පිලිබදව අද්යනයකට යොමුවීම. එවිට mercury vortex engine පිලිබදව අසා තිබු දැනුම අලුත්විම.
  • mercury vortex engine පිළිබඳව සුළු ගවේෂණයක් කිරීම සහ එවිට එහි චුම්බක පවතින බැවින් ඒ පිළිබඳව දැනුම අලුත්වීම.
  • blog අඩවියක් තුලින් ලැබූ දැනුමක් පිලිබඳ මතකය අලුත් වීම.
notice that string also. it too has some amazing role

අපගේ තෘතිය නිගමනයන්

  • චුම්බක ක්ෂේත්රයක් යනු ක්ෂේත්ර රේඛා ( flux lines ) මගින් දක්වන දෙය නොව, චුම්බක ආකර්ශනය සහිත අංශුන් සුලියක ආකාරයෙන් චලනයක් ඇති කරන ශක්ති ක්ෂේත්රයකි (පසුව වැඩිදුරටත් විමසමු).
අප පාසලේදී ඉගෙනගත් ආකාරය
flux lines පිළිබඳව වත්මන් හදුනාගැනීම
අපගේ නිගමනය වන්නේ චුම්බක ක්ෂේත්රයක් යනු ඉහත අවසාන රුපසටහනේ පරිදිම වන, නමුත් අංශුවක් සුලියක ආකාරයෙන් සර්පිලාකාර පථයක නිරන්තරව චලනය කළහැකි ශක්ති ක්ෂේත්රයක් බවය. එනම් සංවුර්ත ශක්ති ක්ෂේත්රයක් බවය (එයට එනම් චුම්බක ක්ෂේත්රයකට තනිව පැවැත්මක් නැත).
  • ඉහත ආකෘතිය තුලින් චක්‍රීය බව සහ තවත් බොහෝ දේ පැහැදිලි කල හැකිය.
  • big bang වලින් තොරව විනාශ වී නැවත හටගැනීම පැහැදිලි කල හැකිය.
  • පෘතුවි ධ්‍රැව දීර්ග කාලයකින් මාරු වීම පැහැදිලි කල හැකිය.
  • අප ග්‍රහලෝකය සූර්යා දෙසට ක්‍රමයෙන් ලංවිම පැහැදිලි කල හැකිය.
  • අයින්ස්ටයින් විද්වතාගේ ප්‍රවාද (සාපේක්ෂතාවාදය ) අවකාෂ කාල වක්‍ර වලින් තොරව පැහැදිලි කලහැකිය.(ප්‍රවාදය අහෝසි වේ. නිරීක්ෂණයන් පැහැදිලි කල හැකිය)
  • ද්විත්ව සිදුරු පරීක්ෂණය පැහැදිලි කල හැකිය.

අපගේ දෙවන විමසීම

  • විද්යුත් ක්ෂේත්රද මේ ආකාරයටම පැහැදිලි කල හැකිය.
  • ගුරුත්ව ක්ෂේත්රය යනු කුමක්ද?
  • තරංග චලිතය කුමක්ද?
  • තාප ශක්තිය විද්යුත් ශක්තියමද?( or is attraction repulsion in magnetic filed is equal to electric and thermal energy?)
  • තරංග චලිතය පිළිබඳව ආකෘතියක් ගොඩනැගීම.

විද්යුත් චුම්බක තරංගයක් යනු

වත්මන් හැදින්වීම (sine wave)

අපගේ හැදින්වීම



 
  • අපගේ හැදින්වීම යටතේ පළමු රූපයෙහි අංශුවෙහි පථය වන්නේ නිල් පැහැති සර්පිලාකාර පථය වේ. නමුත් අප මැන ගන්නේ සහ පසුව ප්‍රස්ථාර ගත කරන්නේ රතු පැහැති අගයන් වේ.
  • පහලම රූපයෙහි කොළ පැහැයෙන් විද්‍යුත් ක්ෂේත්‍රයද, දම් පැහැයෙන් චුම්බක ක්ෂේත්‍රයද, කළු පැහැයෙන් අංශුවේ පථයද දැක්වෙන බව සලකන්න. (ක්ෂේත්‍රයක් පවතින්නේ ඉහත චුම්බක ක්ෂේත්‍රය පිළිබඳව කෙරෙන විග්‍රහයේ ආකාරයට වන අතර මෙහි පහසුව සලකා මෙසේ දක්වන්නෙමු.) තවද මෙහි අංශුවක් ලෙස අප හැදින්වීමක් කලද අංශුව යනු ඉහත ශක්තින් තුනම එනම් (විද්‍යුත්, චුම්බක සහ චාලක )වේ.

මුලාශ්‍ර: From wikipedia(මෙතනින්)
EMR carries energy—sometimes called radiant energy—through space continuously away from the source
(this is not true of the near-field part of the EM field).EMR also carries both momentum and angular momentum. These properties may all be imparted to matter with which it interacts. EMR is produced from other types of energy when created, and it is converted to other types of energy when it is destroyed.

ඉහත wikipedia උපුටාගැනීම අනුව EMR වලට angular momentum එකක් ලැබෙන්නේ කෙසේද?

මෙම ලිපිය මතු ලියැවෙන ලිපි හා බැඳේ...

2 comments:

  1. බුවා මට කියනවද,
    ගුරුත්ව ක්ෂේත්‍ර ගැන බටහිර විද්‍යාව තවදුරටත් කතා වෙනවද?

    ReplyDelete
    Replies
    1. "ගුරුත්ව ක්ෂේත්‍රය" කියල කියන්නේ අපගේ යම්කිසි අත්දැකීම් මාලාවක්. නිව්ටන් විද්වතා, අයින්ස්ටයින් විද්වතා අදින් නොයෙක් කතා හදමින් එම අත්දැකීම් විස්තර කළා. වස්තුවක් ඉහල සිට පහලට වැටීම, බරක් දැනීම වැනි අත්දැකීම් නැතිවෙන්නේ නැහැ නේද? ඇපල් ගෙඩි දෙකක් අතර හරි ඇපල් ගෙඩියකුයි පොලවයි අතරයි එකිනෙකාට ඇතිකරන ආකර්ෂණ බලයක් ගැන නෙවෙයි අපි මේ කියන්නේ. හැබැයි යම්කිසි බැදීමක් නැත්තේ නැහැනේ. ඉතින් අන්න ඒ එකිනෙක කෙරෙහි ඇති බැදීම තමයි අප සාකච්චා කරන්නේ. ඔය සමස්තය නූතන මානවයාට පැහැදිලි කල හැකි වෙනත් කෙටි යෙදුමක් ඔබ සතුද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !