Saturday, June 21, 2014

සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ !



හැඳින්වීම

පිළිගැනීම සදහා නොව විමසීම සදහාමය!!.

මෙම ලිපියෙහි අන්තර්ගතය බොහෝ විවේචන, සාකච්චා සහ නිර්දය වාග් ප්‍රහාර දක්වා ගමන් කලහැකිය. ඒ සදහා මෙහි කරුණු හැකිතාක් පාටකයන් අතරට ගමන් කල යුතුය. එවැනි සමාජීය වැදගත් කමක් ඔබ දකීනම් ඒ සදහා ඔබගේ දායකත්වය අගයමු. අප බොහෝවිට සදහන් කරන පරිදිම අපට දැනුමට අයිතියක් කීමේ හෝ අපගේ දැනුම පමණක් විශිෂ්ට වේ, එයම ඒ ආකාරයෙන්ම අන්‍යන්ද දැරිය යුතුය යන අදහසක් හෝ අපට නැත. අපට අවශ්‍ය වන්නේ විනාශකාරී චින්තනය වෙනුවට එහි විනාශකාරී බව පැහැදිළිව දැකිය හැකි සහ අප පැරණි දැනුම වඩා නිවැරදිව විග්‍රහ වන චින්තනයක් කරා ගමන්කිරීමට යම් හෝ සාකච්චාවක් ඇරබීම වේ.

මෙහි අඩංගු කරුණු, විශේෂයෙන් එක් එක් දැනුම් පද්දති අනෙක්වා සමග අනුරූප කිරීම් ආදිය අවසාන විග්‍රහ කිරීම් නොව අපගේ දැනුමේ පමණට කරන ලද විග්‍රහයන් පමණක් වේ. ඔබට ඒ සදහා යම් එකතු කිරීම් කපා හැරීම් ඇත්නම් එයටද විවුර්ථ වේ. තවද මෙහි අන්තර්ගතය තුල බොහෝ ප්‍රවාද (Theory ) ඇති බව අප දනිමු. ඒ ඔස්සේ ගමන් කිරීමට අවශ්‍ය අයට සහය දීමටද (වැඩිදුරටත් විග්‍රහ කිරීම් මගින්) අප සුදානම්ය. ඔබ කලයුත්තේ අපගේ අරමුණ ( එනම් වඩාත් හොඳ සමාජයක් ගොඩනැගීම) වෙනුවෙන් එය යොදාගැනීම පමණකි. මෙහි අඩංගු කරුණු හුදු නිරීක්ෂණ හෝ හුදු හිතළු පමණක් නොවන බවද අවධාරණය කල යුතුය.


සමාධිගත අවබෝධයකින් තොර දැනුම අවිද්‍යාවේ මාවත වේ - පළමු කොටස


මෙහිදී අපට දැනුම සපයන ලද ප්‍රධාන මාර්ගයන් වනුයේ.(අනෙක් උපුටාගැනීම් හැකි පමණ අන්තර්ගත කිරීමට උත්සහ කරමු.)
  1. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහතෙරුන්වහන්සේ විසින් රචිත මාහැගි ග්‍රන්ථ රත්නයන්.
  2. අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන මහනාහිමිපාණන්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා.
  3. මහාචාර්‍ය නලින්ද සිල්වා විසින් රචිත ලිපි.
  4. අන්තර්ජාලය. (අප අවබෝධ කරගත් කරුණු විමසීම සදහා)

අපව වැඩිදුර ගවේෂණය සදහා දිරිමත් කල කරුණු හෙවත් අපගේ මුලික අවබෝධය.

  • වාස්තවික ඉතිහාසයක් නැත.
  • දැනුම සංස්කෘතියට සාපේක්ෂ වේ.
  • වර්තමානයේ අප රට තුල පවතින්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් නොවේ.
  • බටහිර දැනුම (බටහිර සංස්කෘතිය තුල නිර්මාණය වූ) ඔස්සේ කරන විග්‍රහයන් තුලින් පෙරදිග සංස්කෘතිය තුල ආරක්ෂා වූ බුදු දහම නිවැරදිව අර්ථකථනය නොවේ.

අපගේ මුලික අරමුණ

පැරණි දැනුමේ මූලික ආක්කෘතිය වටහා ගැනීම සහ එතුලින් පෙරදිග සංස්කෘතිය තුල ආරක්ෂා වූ බුදු දහම සහ අපේ ඉතිහාසය විග්‍රහයට මාර්ගයක් ප්‍රවේශ කර ගැනීම.

අප මෙහිදී විමසීමට ලක්කළ කරුණු.

  • කාලය මනසේ පනවා ගැනීමක් පමණි.
  • අපගෙන් තොරව ලෝකයක් ඇතද, නැතද, පවතින්නේ කුමක්ද?
  • ශුන්‍යතා මුලධර්මය සමග එකඟ විය හැකිද?
  • පඨවි, අපෝ, තේජෝ,වායෝ යනු මොනවාද?
  • මේවා ශක්ති ආකාරයෙන් පවතින බව බොහෝවිට අසා ඇත. පඨවි, අපෝ, තේජෝ,වායෝ අතීතයේ පැවති බවත් ,වර්ථමානයේ පවතින බවත්, අනාගතයේද පවතින බවත් බුදු රජාණන් වහන්සේ තම නුවණින් දැන, දැක දේශනා කල බව සුත්ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ හමුවේ.
  • වර්තමානයේ අප අත්දකින විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය, චුම්බක ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය යන ශක්තින් සහ පඨවි, ආපෝ, තේජෝ, වායෝ අතර සම්බන්ධය කුමක්ද? එවැනි සම්බන්ධයකින් මුලින් සදහන් කල ශක්තීන්ගේ ගුණදොස් දැකිය හැක්කේ කෙසේද?(මෙවැනි ශක්තින් එකිනෙක ගැලපීමක් නොමැති නාමකරන දෙකක් මගින් විමසීමට සිදුවීමම වර්ථමාන අවුල අපට නම් මනාව පිලිබිබු කරන්නේය.)
  • ක්‍ෂණ වාදය සමග එකඟ විය හැකිද?

අපගේ උත්සාහය

  • කාලය පිලිබදව හැඟීමක් (අතීත, වර්තමාන, අනාගත වශයෙන් ) අපතුල හටගන්නා බැවින් කාලය ඇතැයි ගැනීම.
  • බාහිර ලෝකය (ගෝලාකාර ලෙස වර්තමානයේ සලකන්නාවූ පෘතුවිය සහ අනෙකුත් වස්තුන් පිළිබඳව) පිළිබඳව හැඟීමක් ඇතිබැවින් බාහිර ලෝකයක් ඇතැයි ගැනීම.

අපගේ අභියෝගය

  • කාලය පවතී නම් සහ ලෝකය පවතී නම්, කාලය සමග ලෝකයේ පැවතීම ප්‍රස්ථාර ගත කිරීම.(මෙම මොහොතේ ලෝකයේ පැවැත්ම ප්‍රස්ථාර ගත කිරීම)

අපගේ මුලික වටහා ගැනීම

  • එය කල නොහැක්කකි. මෙම මොහොතේ පැවැත්මක් ගැන හැගීමක් හෝ ඇතිකරගත හැක්කේ අප මෙම මොහොතේ සවිඥ්ඥානිකව සිටින දෙය ගැන පමණි. අනෙක් සියල්ල මනස තුල ඇති දැනුමක් (පවතී යන හැගීම හෝ දැනගැනීම) පමණි. එසේනම් පැවතිය හැක්කේ කාලය සමග නිරන්තරයෙන් (අතොරක් නැතිව) වෙනස් වන යම් දෙයක් පමණි.

අපගේ ගැටළු

  • වෙනස්වීම සිදුවන්නේ කවර ආකාරයෙන්ද?
  • එයට රටාවක් තිබිය හැකිද?
  • යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් පංච ඉන්ද්‍රිය ගෝචර වීමට හේතුව කුමක්ද? එනම් අපත් සමගම සියල්ල නිරන්තරව වෙනස් වද්දී වෙනස්වීම වෙනුවට යම් කාලයක හෝ පැවැත්මක් අපට දැනෙන්නේ කුමක් නිසාද?

අපගේ මුලික නිගමනයන්

යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් පංච ඉන්ද්‍රිය ගෝචර බැවින් සිදුවන වෙනස්වීමට යම් රටාවක් සහ චක්‍රීය බවක් තිබිය යුතුය. එනම් ක්‍රමානුකුල බවක් හෙවත් අතීතය සහ අනාගතය පිළිබඳව යම් සටහනක් සහිත බවක් තිබිය යුතුය.

අපගේ පළමු ආකෘතිය.

පවතින්නේ සුලියක් (vortex ) තුල අංශුමය චලනයක් පමණි. මෙහිදී සුලියක් තෝරා ගැනීම අහබු තෝරා ගැනීමක් නොවේ. යම් වස්තූන් හෝ අංශු රාශියක් එකම දිශාවකට ඇද ගැනීමේ හැකියාවක් ඇත්තේ එයට පමණක් බව අපගේ වැටහීම වේ. සැබවින්ම එය සුලියක් නම් එවන් අදගැනීමක් කළහැකි සුලියක් ඇතිවීමට හේතුව කුමක්ද?(below is from wikipedia)
  • If the fluid rotates like a rigid body – that is, if v increases proportionally to r – a tiny ball carried by the flow would also rotate about its center as if it were part of that rigid body. In this case, \vec \omega is the same everywhere: its direction is parallel to the spin axis, and its magnitude is twice the angular velocity of the whole fluid.
Rotational vortex.gif
  • In a stationary vortex, the typical streamline (a line that is everywhere tangent to the velocity vector) is a closed loop surrounding the axis; and each vortex line (a line that is everywhere tangent to the vorticity vector) is roughly parallel to the axis. A surface that is everywhere tangent to both velocity and vorticity is called a vortex tube. In general, vortex tubes are nested around the axis of rotation. The axis itself is one of the vortex lines, a limiting case of a vortex tube with zero diameter.
  • When vortices are made visible by smoke or ink trails, they may seem to have spiral pathlines or streamlines. However, this appearance is often an illusion and the fluid particles are moving in closed paths (අප මෙය සමග එනම් සර්පිලාකාර චලිතය මායාවක් යන්න සමග එකඟ නොවන්නෙමු). The spiral streaks that are taken to be streamlines are in fact clouds of the marker fluid that originally spanned several streamlines and were stretched into spiral shapes by the non-uniform velocity distribution. This is the case, for example, of the spiral arms of galaxies and hurricanes.
  • In a rigid-body vortex flow of a fluid with constant density, the dynamic pressure is proportional to the square of the distance r from the axis. In a constant gravity field, the free surface of the liquid, if present, is a concave paraboloid.
මෙම ලිපිය මතු ලියැවෙන ලිපි හා බැඳේ...

16 comments:

  1. සිතුවිළිJune 22, 2014 at 12:10 AM

    අවිද්‍යා, සියල්ලට පළමුව ඔබගේ සපැමිණීම හරහා කථා 32 අඩවියට ඔබ ලබා දුන් සප්‍රානිකත්වයට මාගේ ප්‍රනාමය පුදමි.

    එසේම ඔබගේ අදහස් වල ගැටළුකාරී ලෙස මාහට පෙනෙන තැන බොහෝ වුවද, ඔබ විසින් ඔබ තුලින්ම යම් විමසීමකින් පසු මේ කරුනු ගොනු කර ඇතැයි මට සිතේ. එම නිසා එවන් කරුනු නවතාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට ඔබ සමත් වී ඇත.

    මෙම සමස්ථ රචනාවෙන් මා ඇස ගැටුනු වෙසෙස් කරුනක් ගැන පමණක් දැනට යමක් කියමි.
    අපගේ ගැටළු අංක 3, - යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් පංච ඉන්ද්‍රිය ගෝචර වීමට හේතුව කුමක්ද?

    මා දකිනා හැටියට මේ ප්‍රශ්නයම වැරදිය. එසේ වූ කල නිවැරදි පිළිතුර කෙසේනම් ලබත්ද?
    ඇත්තෙන්ම පසිඳුරන්හට ස්පර්ශ වන්නේ අදාල රූප ශබ්ද ගන්ද රස ආදියෙහි වෙදනාවම පමනක් නොවේද? එය ගෝචර වන්නේ ඉන් හට ගන්නා වූ විඥ්ඥානයට නොවේද?
    එම විඥ්ඥානය පාදක කොට හට ගන්නා සිතට නොවේද?
    ඔබ වරක් දුටු දෙය ඔබගේ ඉඳුරන් මත ගොඩ නැගූ වේදනාවෙන් උපන් ස\ඥ්ඥාව නිසා ඔබ හඳුනා ගනී, සුළු කලක් ඇවෑමෙන් රූපය ඔබ ඉඳුරන් මත එවැනිම වූ වේදනාවක් ගොඩ නැගූ විට හට ගන්නා සංඥ්ඥාව සමාන නම් ඔබ එය පෙර රූපය ලෙසම හඳුනා ගනී. මේ සංඥා දෙකින් ගොඩ නැගූ විඥ්ඥාන එකක් බවට ඔබ දකින්නේ මෝහය විසින් සැකසීමෙන්ම යැයි මා කීවොත් ඔබ එකඟද?

    ඔබගේ ලිපියෙහි ඉතිරි කොටස් කියැවීමෙන් පසු වැඩි දුරටත් සාකච්චා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබ උපුටා ගත් කොටසේ "යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් පංච ඉන්ද්‍රිය ගෝචර වීම" යන්න ගැන අවධානය යොමු කරන්න. මෙයින් අපට වැටහුනේ "යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක්" ඇති බවත් එය "පංච ඉන්ද්‍රිය ගෝචර" වන බවත් නොව, "යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් ඇති බවක් පංච ඉන්ද්‍රිය වලට ගෝචර වන්නේය" යන්නයි. අවිද්‍යා විසින් සොයා යන්නේ එසේ "ගෝචර" වීමට හේතුවයි.
      (මෙය අවිද්‍යා විසින් කෙරෙන නිවැරදි කිරීමට යටත්ය.)

      Delete
    2. සිතුවිළිJune 24, 2014 at 8:41 AM

      කණිශ්ක ඔබගේ මදිහත් වීම අගයමි.
      ඔව් අවිද්‍යාගේ පැනය මා කියැවූ හැටි වැරදියැයි දැන් මට සිතේ. ඔබ පැහැදිලි කල අයුරින් ගතහොත් පැනයෙහි වරදක් නැත එහෙත් එහි යම් වරදක් තවමත් ඇත. එනම් යමක පැවැත්මක් පසිඳුරන්ට ගෝචර වන බව කීමයි.
      සැබැවින්ම පැවැත්ම ගෝචර වන්නේ පසිඳුරටද නැතහොත් ඉඳුරන්ගේ වේදනා නිසා හටගන්නා වූ විඥ්ඥානයටද?
      ඉඳුරන් සතුව ඒසා හැකියාවක් ඇතිනම් සත්ත්වයෙක් සම්පූර්ණ වීමට විඥ්ඥානයක් හා සිතක් කුමටද?

      Delete
    3. ගෝචර වන්නේ පසිඳුරන්ටමැයි. අශ්ව හිස නෙබියුලාව හබල් දුරේක්ෂයටත් සෙම්ප්‍රතිශ්‍යා බැක්ටීරියාව අනුදක්නයටත් ගෝචර වන්නාක් මෙනි.
      හා වැරදිද?

      Delete
    4. සිතුවිළිJune 24, 2014 at 9:22 PM

      හබල් දුරේක්ශයේ පිටුපසින් (ඡායා රූප විමසමින් ) සිතක් සහිත මිනිසෙකු නොසිටියානම් ඔය හබලට නෙබියුලාව අගේට ගෝචර වන හැටි දකින්න තිබුනා නේද?

      Delete
    5. සිතක් සහිත මිනිසාට ඉදිරියෙන් හබලට නොතිබුනානම් ...
      නොතිබුණානම් ගෝචර නොවන දෙයක් එය තිබීම නිසා ගෝචර වී නම් එහි අරුත ඔබ දකින්නේ කෙලෙසද?

      Delete
    6. Josep,
      ඔබ හරි. මිනිසාට හෝ සිතට අවශ්‍ය දෙය නොව ඇසට පෙනෙන දෙය පමණක් බලා (දකිමින් ) සැනසෙන්නට වීම "මිනිසත් බවයේ ඇසක්" ලැබීමේ අරුමයයි. හැබැයි ඉතින් ඔය කියන සිතට ඕන දේ දකින්න පුළුවන් උනානම් පාරේ යන ගැහැණු උදවිය ඇදුම් ඇදීමේ පලක් තිබේවිද?

      Delete
    7. සිතුවිළිJune 26, 2014 at 4:26 AM

      ජෝසප්, ඔබ පැනය නිවැරදි දිශාවටම යොමුකරවමින් සිටී.
      අපි මෙහෙම බලමු, මාහට කුඩා අකුරු දැක ගැනීමට නොහැකි වීමේ දුබලතාවයක් ඇත. ඒ නිසා මා උපැස් පළඳියි.
      කුඩා අකුරු තවමත් මාගේ ඇස මත ඵස්සය ඇති කරයි එනමුත් එම ඵස්සය විසින් දෙනු ලබන සංඥ්ඥාව පැහැදිලි නැත. උපැස යෙදූ විට සංඥ්ඥාව පැහැදිලි වේ. එවිට පැහැදිලි විඥ්ඥානයක් ගොඩ නැගී ඒ අනුව සිතුවිලි පහහල වේ.
      උපැස මේසය මත ඇති විටද ඒ තුලින් ආලෝකය ගලා යයි එහත් එය ගොඩ නගන ඵස්සයක් නැත ගොඩනැගෙන සංඥ්ඥාවක් නැත, විඥ්ඥානයක් ගොඩනගන්නෙකු නැත, එම නිසා සංඥ්ඥාව හඳුනා ගැනීමකුදු නැත.
      දැන නැවත හබල දෙසට හැරෙමු. හබල නැතිවිට ගෝචරනොවන දෑ ඇති විට ගෝචරවේ. ඔබගේ ප්‍රකාශය එලෙසින්ම පිළිගනිමි. ඇතිවිට ගෝචර වන දෑ හඳුනා ගැනීමට මේ මිහි පිට කිසිදු ජීවියෙකු නැති තත්වයක උදා වූවායැයි සිතන්න. හබල ඇත ඒ තුලට වැටෙන ආලෝකය අනුව එය විසින් ඡායා රූප ගොඩ නගනු ඇත එහෙත් ඒ ඡායාරූප ගොඩනැගූ බව දන්නෙකු නැත. ලොවම ඇත ලොවෙහි ඵස්සය ලබන්නෙකු නැත. විඥ්ඥානයන් නැත සිත් නැත. ලොව තිබුනාට එය දන්නෙකු නැත. දැන් ලොව ගෝචර වන්නේ කාහටද?
      හබල හෝ උපැස වැනි උපකරණ මා දකින්නේ ඉඳුරන් මත ඇති කරන ඵස්සය තීව්‍ර කරවන උපකරන මෙනි. (රූපවාහිනියට බූස්ටරයක් දැම්මා මෙන් ) ඒවා තුල හඳුනා ගැනීමක් නැති බැවින් ඒවාට කිසිවක් ගෝචර වන්නේද නැත. ඉඳුරන්ටද එසේමැයි.
      ගැහැනුන්ගේ ඇඳුම් ගැන කළබල නොවන මෙන් අවිද්‍යා මිතුරාට කියමි. මන්ද ඉඳුරන් නැති සිතකට කල හැකි දෙයක්ද නැති බැවිනි. ඒ සිතට අරමුණු විය හැක්කේ මනෝ සංචේතනා මිස භාහිර අරමුණු නොවේ. එසේ වූකල එම සිත ගැණුන්ගේ ඇඳුමට යටින් ඇතිදේ නොව ගැණියක ඇතිබව හෝ හඳුනා නොගනු ඇත.
      ඇඳුම විනිවිද එන ආලෝකය හෝ අන් යම් කිරණයක් මගින් ඇස මත ඵස්සයක් ගොඩ නැගිය හැකි වුවහොත්, පියවි ඇසට ඵස්සයන් ඇති නොකරන දෑ හබල තුලින් දකින්න මෙන් එම කිරණ වල ඵස්සය තුලින් ඔබගේ අරමුණ ඉටුකර ගත හැකි වේවි. එදාට නම් ගැහැණුන් පමණක් නොව පිරිමි අපද ඇඳුම් ඇඳීමේ එක් හේතුවක් අහෝසි වී යාවී.

      Delete
    8. ඔබේ උපමාවේ හරය සමග ගැටීමක් නැත. අප දෙදෙනා කරන කතා කරන දේවල් වල වෙනස භෞතික විද්‍යාව ඇසුරින් නොව පටිච්ච සමුප්පාදය ඇසුරින් පැහැදිළි කල හැකියි.

      "සළායතන පච්චයා ඵස්සො - ඵස්ස පච්චයා වේදනා"

      මා ගෝචර වීම යැයි කියන්නේ ඉහත "ඵස්ස" ගැනයි; ඒ අතර ඔබ "වේදනා" ගැන කතා කරයි. ඔබ කියන 'සංඥ්ඥාව' ඇත්තේ වේදනාව ඇසුරේය.

      අපගේ default සලායතන වලට ගෝචර නොවන දෑ ගෝචර කර ගැනීම පිණිස අප විවිධ මෙවළම් තනමු. මා උදාහරණයට ගත් අණුදක්නය සහ දුරදක්නය මෙවැනි මෙවළම් වේ. ඒ අතර බල්ලාගේ සලායතන වලට අපට ගෝචර නොවන දෑ ගෝචර වන්නේ යැයි කියනු ලැබේ. ඌ අත හැර දමමු.

      කවරාකාරයකින් හෝ ගෝචර කර ගැනීමෙනි "ඵස්ස" ඇති වන්නේ. ඵස්ස හේතුවෙන් වේදනාව ඇති වීම ස්වයංසිද්ධයි.

      සලායතන හේතුවෙන් ඵස්ස ඇති වීමත් ඵස්සය හේතුවෙන් වේදනාව ඇති වීමත් වෙන වෙනම හඳුනා ගත නොහැකි කෙනෙක් විසින් කිව යුතු කතාවකි ඔබ කියන්නේ. මෙයින් ඔබ වහා නිවැරදි විය යුතුයි.

      ඉහත විග්‍රහය කරන ලද්දේ කණිෂ්ක විසින් ඉදිරිපත් කල පටිච්චසමුප්පාද විග්‍රහය ගැනීමෙනි. ඔහු එය ඉදිරිපත් නොකළේ නම් අප උපුටා දක්වන්නේ පහත පාඨයයි. එය ඔහුගේ "ලෝකය හට ගැනීම හා එහි නිරෝධය" ලිපියෙනි.

      "චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා..." එය මා හට අමතක වන්නේ නැත. මීට කලිනුත් කියා ඇති පරිදි මා තුල චින්තන විප්ලවයක් ඇති කළේ "තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා" යන මේ ගාථාවයි. එය මගේ උරගලයි.

      ඊට එකඟ නොවන ඕනෑම කතාවක් විසි කර දැමීමට මා පැකිළෙන්නේ නැත.

      Delete
    9. සිතුවිළිJune 26, 2014 at 6:06 PM

      ජෝසප්,
      එකඟ වෙමි, වැරදුනේ ගෝචර වීම යන වදන අප දෙදෙන දෙයාකාරයකට යොදා ගැනීම නිසායි. කිසිදු ගැටළුවක් නැත. ඉඳුරන් හා ගැටෙන්නෙ යමක්ද ඒ ක්ශ්නයෙන් වේදනාවත් සංඛාරයත් විඥ්ඥානයත් ගොඩ නැගෙනු ඇත. එසේ නොවේනම් එම ඵස්සය සිදුවී ඇත්තේ ඉඳුරෙකු මත නොවිය යුතුය. ඔබ නිවැරදියි. මා එය බෙදා වෙන්කොට දැක්වීමට තැත් කලා වැඩි බව දකිමි.

      ඔබගේ උරගල මාගේත් අති මහත් ගෞරවයට බඳුන් වූ බුදු වදනකි. නැවතත් ඒ බව කියා සිටිමි.

      Delete
  2. නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. අපගේ අරමුණ ධර්මය තුලින් පැවැත්ම දැකීම සහ නැවැත්ම (අඩුම තරමින්) හදුනා ගැනීමත්ය.

    ReplyDelete
  3. සිතුවිළිJune 27, 2014 at 1:36 PM

    මිතුර අවිද්යාු,
    කණිශ්කයන්ගේ හා ජෝසප් ගේ මැදිහත් වීමෙන් පසු කරනා ලද සංශෝදනයන්ට යටත්ව, මා නැවත මුලට එමි. ඔබ විසින් නගන්නා වූ පැනයට මාගේ අදහස් දැක්වීම මෙයාකාරයෙන් ඉදිරිපත් කරමි.
    එයට ඔබගේ හා අප අන් මිතුරන්ගේ අදහස් දැක්වීම මගින් අප සැම තවත් දැනුවත් වේවි.

    ගැටළු අංක 3, යම් කාලයකට හෝ වෙනස් නොවන පැවැත්මක් පංචඉන්ද්රිරය ගෝචර වීමට හේතුව කුමක්ද?
    මෙහි පංච ඉන්ද්රි්ය ගෝචර වීම යන කරුන සත්ත්වයින්හට ගෝචර වීම ලෙස සලකා මාගේ අදහස් දැක්වීම් කරමි.

    මා මින් පෙරද කීවාක් මෙන්, සත්ත්වයෙකු යමක් හඳුනා ගැනීමෙහි මූලිකම අවස්ථාව යනු භාහිර බලයක් සත්ත්වයාගේ පසිඳුරන් මත ඵස්සයක් (ගටීමක් ) ඇති කිරීමයි.
    එමගින් ඉන්ද්රිඳය මත වේදනාවක් ගොඩ නැගේ.
    එම වේදනාව මත ඊට අනුරූප වූ සංඥ්ඥාවක් සැම විටම ඇත.
    විඥ්ඥානය මගින් එම සංඥ්ඥාව හඳුනා ගැනීම තුල සත්ත්වයා ඒ පිළිබඳ දැනුවත් වීමත් ඒ පිළිබඳව වූ සිත් පහල කිරීමත් සිදුවේ.
    මේ අනුව අප යම් දෙයක් හා ඵස්ස් වූ කල ඉන් නැගෙන සංඥ්ඥාව හඳුනා ගැනීමක් පමණක් කරනු ලබන අතර කිසි ලෙසකින්වත් ගැටුනු වස්තුව හො බලය හඳුනා ගනු නොලබයි.
    එසේ වූ කල ඕනෑම වස්තු රාශියකින් එක් එක් වස්තුව බැගින් විටින් විට ඇති කරනු ලබන සංඥ්ඥා එක සමාන නම් අප ඒ සියළු වස්තූන් එකම වස්තුව ලෙස වරදවා ගනී. මෙය අප ප්රා යෝගිකව බොහෝ විට අත්දැක ඇති දෙයකි. එහෙත් අප පසිඳුරන්ගෙන් ලබන වෙනස් වූ සංඥ්ඥා වෙන්ව සලකා බැලුවද ඒවා ඉතා කෙටි කලක් තුල එකිනෙක හා සහ සම්බන්ධ වන බැවින් අප හඳුනා ගන්න වූ වස්තුවෙහි ඇති ඉතා සූක්ශම වූ වෙනසක් පවා හඳුනා ගැනීමට අප සමත් වෙයි.
    ඒ එසේ වුවද, අප ඉඳුරෙකු මත යම් බලයක් වේදනාවක් ගොඩ නැගූ විට ගොඩ නැගෙන සංඥ්ඥාවම මොහොතකට පසු නැවත ගොඩ නැගුන හොත් ඒ එකම සංඥ්ඥාක් ලෙස අප හඳුනා ගන්නා නිසා අදාල වස්තුවෙහි වෙනස් වීමක් අප ග්රුහනය කොට නොගනී.
    ඔබගේ පරිඝනකය හා සැම අතින්ම සමාන වෙනත් පරිඝනකයක් ඔබගේ මේසය මත තැබුවහොත් ඔබ එය ඔබගේ එක ලෙස වරදවා නොගනීද?
    සැමදා පදවනමෝටර් රථය ලෙස වරදවා ඒ සමාන අන් රථයන්ට නගින්නට තැත් දරන පුද්ගලයින් කොතෙක් වේද? මේ සංඥ්ඥාව එකක් ලෙස වරදවා ගැනීමෙහි ලක්ශනයන්මය.
    අප භාණ්ඩ වල පැවැත්ම ලෙස වරදවා ගන්නේත් මෙයනයැයි මට සිතේ.
    අප දැන උගත් මිතුරන්ගේ අදහස් මේ පිළිබඳව පලවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. වැරදියි.

      Delete
    2. 1. "විඥ්ඥානය මගින් එම සංඥ්ඥාව හඳුනා ගැනීම තුල ..."
      2. "චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා..." යන දෙක නොගැලපේ.

      Delete
    3. සිතුවිළිJune 27, 2014 at 4:48 PM

      නැහැ ජෝසප්,
      මෙහි වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.
      මා මෙහිදී මේ විග්‍රහයට පාදක කර ගන්නේ පංචස්කන්ධ විග්‍රහය මිස පටිච්ඡ සමුප්පාදය නොවෙයි. එසේම ඒ දෙක එකක් නොවෙතත් අතර කිසිදු තැනෙක පරස්පරයක් නැහැ.
      පංච්ස්ඛන්ධ විභාගයේදී කියැවෙන්නේ සත්ත්වයා නිර්මිත වී ඇති ඒකක 5 ගැන නිසා මා අවිද්‍යාගේ පැනැයට පිළිතුරු සෙවීම පිණිස එය යොදා ගනු ලබනවා. මෙහිදී බුදු හිමියන් මේවායේ හටගැනම වෙන් වෙන්ව දැක්වූවද ඒ සියල්ල එක්විට සිදු වන දේ ලෙස දක්වනවා. අවසන පංචස්කන්ධය හට ගන්නවා හාම පෙර පසු නොවී සිතද හටගන්න බවක් එහි කියැවෙනවා.

      චක්කුඤ්ච පටිච්ච රූපේච ගාථාවේදී උප්පජ්ජති චක්ඛු විඥ්ඥානං ලෙස දැක්වීමේදී පංචූපාධාන ස්කන්ධ විග්‍රහයේදී මෙන් නොව අනවශ්‍ය කරුනු සම්පිණ්ඩනය කොට දැක්වීමක් කොට ඇතැයි මට සිතෙනවා. මන්ද මෙහිදී එක් විටම හටගන්න බව කියැවෙන සංඥා සංඛාර ස්ඛන්ද ගැන කථා කිරීම පලක් නැති දෙයක් නිසා.
      ඇසත් රූපයත් විඥ්ඝ්නානයත් නැති තැන ඵස්සයක් නැති නිසාම උන් වහන්සේ තින්ණං සගති ඵස්සෝ ලෙස කිවා යැයි සිතන්නට හැකි නේද?
      කෙසේ වෙතත් පංචස්ඛන්ධය එකක් පසුපස අනෙක ලෙස ගත් විට වරදිනවා තමා.
      සංඥ්ඥාව හඳුනා ගන්නේ එම ඵස්සය වෙනුවෙන්ම හටගත් විඥ්ඥානය මගිනුයි. යම් ඵස්සයක් වූ බව සත්ත්වයාට දැනෙන්නේ කිසිදු මාංශමය අවයවයකට නොවෙයි. එයයි ඉපදී ක්ශනයකින් වියැකෙන විඥ්ඝානය.
      මා කථා කරන්නේ විඥ්ඥානය මගින් ඵස්සය හඳුනා ගැනීමක් ගැන මිස ඵස්සය හෝ සංඥ්ඝ්නාව නිසා හට ගන්නා විඥ්ඥානයක් ගැන නොවෙයි.
      ඇසත් රූපයත් විඥ්ඥානයත් නැති තැන මේ කිසිවක් සිදු නොවේ.
      හබල් දුරෙක්ශය ගැන කථාවේදීද මා කීවේ මෙයමයි. ඉන්ද්‍රියයත් විඥ්ඥානයත් රූපයත් නොවුනානම් ගෝචර වීමක් නැත කියා. ඉන්ද්‍රිය තිබූ පලියට ඵස්සයක් නොමැති බවත් ඒසඳහා කරුණු තුනක් එක් වීම අවශ්‍ය බවත් මෙහිදී මට වැටහෙනවා.

      මා කී දෙය වැරදිනම් නැවත එය පෙන්වා දෙන්න එසේ කරන ඔබ කලන මිතුරෙකි.

      Delete
    4. මේ මම ඕවට නෑ හරිද හලෝ.
      මීට කලන

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !