කෝට්ටේ යුගයේදී වීදාගම මාහිමියන් විසින් විරචිත බුදුගුණ අලංකාරය "අරහං" යන බුදු ගුණය මෙසේ විස්තර කරයි.
රහසත් පව් නො කොට කෙලෙසරයනුත් දුර කොට නිසි වූයෙන් පුදට `අරහ` යැයි නම කියති මුනිදුට ෴
ස්වර්ණමාලි මහා චෛත්‍යය - අනුරාධපුරය |
සකල ලෝක ධාතුවම මලින් පිරී ගඳින් පැතිරී දහම් එළියෙන් ඒකාලෝක වී බබළන ගගන තලයම සාදු නාදයෙන් ගිගුම් දෙන මේ වෙසක් පෝ දිනයේ වැදගත් කම සිහි කර ගනිමු.
වෙසඟ පුන් පෝ දා සිදු වූ වැදගත් සිදු වීම්
වෙසඟ පුන් පෝ දා ආශ්‍රිතව සිදු වූ වැදගත් සිදු වීම් පහත දැක්වෙන අයුරින් පෙළ ගැස්විය හැක.- සුමේධ තවුසාණන් දීපංකර බුදුන් පාද මූලයේදී නියත විවරණ ලැබීම (සාරාසංඛ කල්ප ලක්‍ෂයකට පෙර)
- සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
- සිද්ධාර්ථ ගෞතමයන් සම්මා සම්බෝධිය අවබෝධ කිරීම (උත්පත්තියෙන් පන්තිස් වසකට පසු)
- ඥාති සංග්‍රහ කිඹුල්වත් පුර වැඩම කිරීම (බුද්ධත්වයෙන් වසරකට පසු)
- ඥාතීන්ගේ මාන දුරු කිරීම පිණිස යමක මහා ප්‍රාතිහාර්යය
- සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෘතිය ලංකාගමනය (බුද්ධත්වයෙන් අට වන වර්ෂය)
- ලක්දිව සොලොස්මස්ථාන (වලින් මහියංගනය සහ නාගදීපය හැර ඉතිරි ස්ථාන) වල සමවත් සුවයෙන් වැඩ සිටීම හා ඒ බිම් පූජනිය බවට පත් කිරීම
- සම්බුදු සසුන පන්දහසක් කල් පවත්නා ලක්දිව රක්නා පිණිස සක් දෙව් රජුන්ට බාර කිරීම
- කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ දී පරිනිර්වාණයට පත් වීම (උත්පත්තියෙන් අසු වසරක් ඇවෑමෙන්)
- ලාට රට සිංහබාහුගේ පුත් විජය තෙමේ සත්සියයක් පිරිවර සමග ලක්දිව ගොඩ බැසීම
- ධර්ම භාණ්ඩාගාරික, අග්‍ර උපස්ථායක, සිහි ඇත්තවුන් කෙරෙන් අග්‍ර ආයුෂ්මත් ආනන්ද මහ රහතන් වහන්සේ ශාක්‍ය කෝලිය ජනපද අතරමැද රෝහිණී නදීයට ඉහල ආකාශයේදී තේජෝ කසිණ සමාපත්තියට සමවැදී පිරිනිවන් පෑම. උන් වහන්සේගේ ආදාහනය ද මහත් ප්‍රාතිහාර්යයෙන් එහිදීම සිදු විය. (බුද්ධ වර්ෂයෙන් සතලිස්වැන්න)
- මගධයේ අධිපති ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව දෙවනපෑතිස් රජ ද්විතීයාභිශේක ලැබීම
- දුටුගැමුණු රජු විසින් මහා සෑයේ කර්මාන්තාරම්භ කිරීම
"උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසඟ පුර පසළොස් වක විසා නකත පැමිණි කල්හි මහ සෑයපිණිස ආරම්භ කළේය. මිහිපල් තෙමේ එහි ගල් ටැඹ පහ කරවා අනේක ප්‍රකාරයෙන් ස්ථිර කරනු පිණිස සෑ තැන සත් රියනක් කැනවූයේ ය. අර්ථානර්ථ දැන්මෙහි දක්‍ෂ වූ නරේන්ද්‍ර තෙම එහි සුණු ගල් යෝධයන් ලවා ගෙන්වා ගුළු ගස්වා සුණු කරන ලද ගල් භූමිය ස්ථිර වන පිණිස සමින් වසන ලද පතුල් ඇත්තා වූ මහඇතුන් ලවා මැඩ වී."මේ හැරුණු කොට ලක්දිව ඉතාම වන්දනීය පූජ්‍යස්ථානයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වන ශ්‍රී පාදස්ථානයේ වාර්ෂික වන්දනා සමය නිමා කෙරෙන්නේ ද වෙසක් පෝ දිනයේ ය.
ඉහත කරුණු නිසා වෙසක් පොහෝ දිනය බෞද්ධයාගේ ඉතාම වැදගත් දිනයයි. එසේම සිංහලයාට ද වැදගත්ම දිනය වෙසක් පොහෝ දිනයයි. බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය හේතු කොටගෙන සිංහල ඉතිහාසය ඇරඹෙන්නේ දුරුතු පොහෝ දිනයෙන් නම් සිංහල රාජ වංශය ඇරඹෙන්නේ වෙසක් පොහෝ දිනයෙනි. විජය කුමර තෙමේ ලක්දිව ගොඩ බැසි දිනම සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ හේතුවෙන් ශ්‍රී බුද්ධ වර්ෂය සිංහල ඉතිහාසයේ කාල ගණනය එක හා සමාන වේ. අද ඇරඹෙන්නේ 2558 වන බුද්ධ වර්ෂයයි. එහි අරුත සිංහල ශිෂ්ඨාචාරය සහ සිංහල රාජ්‍යය ස්වකීය 2557 වන වර්ෂය සම්පුර්ණ කර 2558 වන වර්ෂයට එළැඹුණු බවයි.
ඉතිහාසයත් දහමත් එකිනෙක එක් කොට ලිවූ ලිපියක්.
ReplyDeleteපොහෝ දිනයේදීම මෙය පල කිරීම ගැන ඔබට පින්
"අපේ රටේ අපේ ඉතිහාසය ගැන කතිකාවතක් ඇති කිරීමේ අරමුණින් ඉහත ලිපිය පල කළෙමි. එය අසාර්ථක වීම ගැන කණගාටුයි. එහෙත් උත්සාහය අත හැර නැත. වෙනම අවස්තාවක තවත් උත්සාහ දරන්නම්." කියා "ඉතිහාසය අලුතින් ලිවීම" ප්‍රතිචාර පහසුකම වසා දැමූ කනිෂ්ක දැන් අලුත් ලිපියක් ඉදිරිපත් කර ඇති බව පෙනේ. හික් !
ReplyDeleteඉතිහාසයට සිනාසුනා නොවේ. ඒත් ...
මෙවැනි කරුණු අප-අප අතර සාකච්චා කිරීම පලක් ඇත්දැයි සිතේ. ඔබ කියන දේ සරලව ගත් කල,
1] සිංහල ඉතිහාසය දුරුතු පෝය දිනයෙන් ද,
2] සිංහල රාජවංශය වෙසක් පෝ දිනයෙන් ද,
ඇරඹේ.
වෙනත් වචනයෙන් කියතොත් දුරුතු පෝයෙන් ඇරඹෙන ඉතිහාසයේ තීරණාත්මක ලක්ෂය වෙසක් පෝයයි. (ඒ නිසා අප්‍රේල් 14 දින අවුරුදු සැමරීමට විරුද්ධ අයට මේ දින දෙකෙන් එකක් තෝරා ගත හැක.)
ඉතින් මෙහි සාකච්චා කිරීමට ඇත්තේ කුමක්ද ?
ඔබ හරි ජොසෙෆ්, ඔබ උකහා ගත් කරුණු නිවැරදියි. අපට මතුකර පෙන්වා දීමට අවශ්‍ය වූ කරුණු දෙක ඔබ නිවැරදිව හඳුනාගෙන තිබේ. අපේ රටේ නියම ඉතිහාසය අප සිතන අයුරින් නම් ඇරඹෙන්නේ ප්‍රථම ලංකාගමනයෙන්. එය සිදු වන්නේ බුද්ධත්වය සමගම ප්‍රථම වර්ෂයේ.
ReplyDeleteමේ කාරණයේ වැදගත් කම නම් තමන් පෙරුම් පුරණ සමයේ රටින් අර්ධයක් පිරිනැමූ මගධාධිපති බිම්බිසාර නරේන්ද්‍රයන් වෙත දුන් පොරොන්දුව ඉටු කිරීමටත් පෙර, එසේම තමන්ගේ ජාත භූමිය වෙත වැඩම කර ස්වකීය පියාණන් හා ඥාති වර්ගයා වෙත විමුක්තිය ලඟා කර දීමටත් පෙර තථාගත ගෞතමයන් මේ ලංකාද්වීපය සිහි කර මෙහි වැඩම කිරීමයි.
මෙයින් බුද්ධත්වය (වෙසක්) සහ සසුන් පිහිටුවීම (ඇසල) හා සමග ලක්දිව ඉතිහාසය එකම වසරකට ගෙන යනවා. ප්‍රථම ලංකාගමනයේදී ලක්දිව එතෙක් පරාක්‍රමය විහිදුවාගෙන සිටි යකුන් (අප සිතන අයුරින් නම් වෙසමුණි රජුට අවනත දිව්‍යමය යකුන්) විසින් තමන්ගේ අධිපතීත්වයේ පැවති ලක්දිව බුදුරජුන් වෙත පවරා දී ගිරි දිවයින වෙත පිටත්ව යාම එක්තරා සන්ධිෂ්ඨානයක්.
එය සිදු වී සිව්සාලිස් වසරකටත් පසුවයි විජයයා මෙහි සැපත් වන්නේ. ඔහු කුවේණියගේ ප්‍රයෝගයෙන් ලක්දිව කිසියම් අධිපතීත්වයක් පිහිටුවා ගැනීම හේතුවෙන් පසුව භාද්දකච්චයානා කුමරිය හරහා දඹදිව පිරිහීමට පත් වූ ශාක්‍ය වංශය ලක්දිව රාජ්‍ය බලයට සම්බන්ද වීම සිදු වෙයි. මේ නිසාය විජයයා අපේ රජ වංශයේ ආරම්භකයා ලෙස ගැනීම වැදගත් වන්නේ. විජයා වෙසක් දා ලක්දිව ගොඩ බැස මෙහිදී කළ දේ ප්‍රශස්ති ගායනයට තරම් නොවුණත් ඔහුවත් කිසිදා ප්‍රර්ථනා නොකළ ලෙස අපේ රාජ වංශය සහ සිංහල රාජ්‍යයට ඔහුගේ වැදගත් කම වෙන කිසිවෙකු විසින් දෙවෙනි කිරීමේ හැකියාවක් නෑ.
------------
එසේම,
මේ කරුණ ගැන කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නැති බව (ඔබත් කියා ඇති නිසාත්) අපටත් පැහැදිළියි. ඉතිං අශ්වයා ගඟ ලඟට දක්කනු මිස ඌට බලෙන් වතුර පොවන්නට බැරි යැයි පවතින පිරුළ සිහි කරමින් මේ ඉතිහාස කතාව මෙතෙකින් නවතන්නම්.
ඔබ දෙදෙනාටම තුති !
හ්ම්.. ඔබ දැන් පෙන්වා දෙන කරුණු අපට සිතුනේ නෑ. ඒත් ඒ කරුණු වැදගත් කියා සිතමි. කතෝලික පල්ලිය සේසත් වැනි සංකේත භාවිතා කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
Deleteනියඟය පවතින ප්‍රදේශවල ජනතාවට ජනපතිගේ උපදෙස්. මොනවද හලෝ මේ පිස්සු කතා?
ReplyDeletesorry. published in wrong forum.
Delete