Tuesday, October 10, 2023

2023 ICC ලෝක කුසලානය

මෙවර ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අප අසල්වැසි භාරතයේ නගර දහයක දී පැවැත්වේ. ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ ලංකාව මේ තරඟාවලියේ මූලික වටයේදී එකිනෙකා හමු වනු ඇති අතර එක තරඟයකට දෙක බැගින් වෙන් කෙරෙන ප්‍රසාද ලකුණු වැඩිම ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා වූ, ප්‍රසාද ලකුණු සම වූ අවස්ථාවක වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා වූ, එයත් සම වූ අවස්ථාවක දළ ලකුණු වේගය මත පදනම් වූ ශ්‍රේණිගත කිරීම අනුව ඉහලින්ම වැජඹෙන කණ්ඩායම් සතර අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.

අවසන් පුර්ව තරඟ දෙක ජයග්‍රහණය කරන පිල් දෙක අතර අවසන් මහා තරඟය පැවැත්වෙයි. ලකුණු සම වන අවස්ථාවක සුපිරි පන්දු වාර ක්‍රමය යොදා ගැනේ.෴


"අප්නේ ගලී මේං කුත්තා භි ශෛර් හෛ" නයින් භාරතීය පිරුළක් වෙයි. තේරෙන සිංහලෙන් කීවොත් තමන්ගේ වැයික්කියේ දී ඕනෑම බල්ලෙක් චන්ඩියා වන අයුරිණි.

ඕනෑම රටක් තමන්ගේ රටේ තරඟ පැවැත්වෙන විට තණතිළි තමන්ගේ කණ්ඩායමට ගැලපෙන පරිදි සකස් කර ගැනීම සිරිතකි. ලංකාවේ පිට්ටනි සකසන්නේ ඉන්දියාවට ගැළපෙන අන්දමට යි සමහර ලෝලීන් චෝදනා කළත් එය දෙතිස් කතාවේ මතය නොවේ. දෙතිස් කතාවේ මතය වන්නේ ඉන්දියාව තරඟ දිනා ගන්නේ ඒ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ සහ අවශේෂ සහයකයින්ගේ සුවිශේෂ හැකියා නිසාම බවයි. ලංකාවේ පිට්ටනි ඉන්දියාවට අවශ්‍ය පරිදි සැකසෙන බව කිසිවෙකු විසින් සනාථ කර නැති අයුරින්ම ඉන්දියාවේ පිට්ටනි ඉන්දියාවට ගැළපෙන අයුරින් නොසැකසෙන බවටද කිසිවෙකුත් සාක්‍ෂි ඉදිරිපත් කර නැත.

ඉන්දියාවේ තණතිලි කොහොමත් සැකසෙන්නේ විරාට් කෝලිලාට රෝහිත් ශරමාලාට ශතක රැස් කළ හැකි අයුරිණි. ඉඳින් ඒ තණතිලි වලට අනුවර්තනය විය හැකි පිතිකරුවෙක් වෙයිනම් ඔහුට ඒ වාසියම අත් වෙයි. ලංකා කණ්ඩායම සිටින්නේ එවැනි මට්ටමක නොවේ. එනිසා ලංකා ක්‍රීඩා ලෝලීන් වැඩි බලාපොරොත්තු තබා ගත යුතු යැයි අප විශ්වාස කරන්නේ නැත.

මෙවර ලෝක කුසලාන තරඟාවලිය එතෙක් මෙතෙක් අවසන් වූ සියළුම තරඟාවලි වලට වඩා පිතිකරුවන් දස්කම් විස්කම් දක්වන තරඟාවලිය වනු ඇත. වේගවත්ම අර්ධ ශතකය, වේගවත්ම ශතකය, ඉණිමක ඉහලම ලකුණු සංඛ්‍යාව වැනි වාර්තා පමණක් නොව වැඩිම කණ්ඩායම් ලකුණු, වැඩිම තරඟ ලකුණු එකතුව, එක පන්දු යවන්නෙකු විසින් එක ඉනිමකදී ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව වැනි වාර්ථා තර්ජනයට ලක් වී ඇති බව පෙනේ.



ශ්‍රී ලංකාවේ මට්ටම

අප විශ්වාස කරන පරිදි දිනා ගැනීමට වැඩි ඉඩක් පවතින්නේ පාකිස්ථානය සමග පැවැත්වෙන අද තරඟයයි. අපට වඩා දුර්වල කණ්ඩායම් වශයෙන් අප සිතා සිටින ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් ඉන්දියාවේ පැවැත්වෙන මේ තරඟ වලදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ අවස්ථාව වැඩිය. නෙදර්ලන්ත කණ්ඩායම පසුගිය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ දී දැක්වූ දස්කම් අනුව මෙවර ලෝක කුසලාන තරඟයක් ජය ගන්නේ නම් ඔවුන්ගේ ගොදුර වනු ඇත්තේද ලංකා කණ්ඩායම බව අපගේ අවංක සිතිවිල්ලයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්නය ඉන්දියාවේ "පොල්-අඩි" පිට්ටනි වල එක දිගටම තරඟ නවයක් පුරාම ලකුණු 350 - 450 එක්රැස් කිරීමට සමත් පිතිකරුවන් නොසිටීමයි. පන්දු යවන්නන් ගත්තත් මේ මහපාරවල් වල කඩුළු ලබා ගැනීම ඔවුන්ට ලංකාවේ තරම් පහසු නැතුවා පමණක් නොව ඔවුන් මේ සඳහා මානසිකව ද සුදානම් නැත.



අවසන් පූර්ව වටය

අප වාසනාව එතරම් විශ්වාස කරන්නේ නැත. එහෙත් ඕස්ට්‍රේලියා කණ්ඩායම අවසන් පූර්ව වටයට නොයන අයුරකි තරඟ කාල සටහන සහ තරඟ පැවැත්වෙන ස්ථාන දුටු අපට හැඟී ගියේ.

ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙනයාම ඉන්දීය සැළසුමේ කොටසක් නම් එය ඒ අයුරින් සාක්‍ෂාත් කර ගැනීම අප කණ්ඩායමේ වගකීම වෙයි. එවන් පූර්ව-සැළසුම් සහගත (scripted) තරඟාවලියක් නොවේනම් කණ්ඩායම් දැන් සිටින තත්ත්ව අනුව සළකා බලන කළ අපට පෙනෙන්නේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව, සමග ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවයි. ඒ සඳහා සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම ඔස්ට්‍රේලියාව නොවී එංගලන්තය වීමට බොහෝ දුරට ඉඩ ඇත.




3 comments:

  1. යිස්රායල් දේශය රකින දෙවියන් ඔබද රකීවා!

    ReplyDelete
  2. ඉඳ හිට මැච් එකක් බැලුවාට ක්‍රිකට් සූදුව නම් මගේ ඒ තරම් ඉහල රුචියක් ඇති දෙයක් නෙවෙයි.
    ක්‍රිකට් හරහා හෝ දෙතිස් කථා පනගැන්වීමට අපේ කථා කතු තුමාට රුචියක් පහළ වීම නම් ඉතාම සතුටට කාරණයක්.

    දිගින් දෙගටම දෙතිස් කථා පෙරට ගෙන යමු. ඉල්ලන්න තියෙන්නේ එපමණයි

    ReplyDelete
  3. https://web.facebook.com/100010445088942/videos/343150928261849/
    මෙන්න මේ ලින්ක් එකේ තියෙන කොටසේ මේ භික්ෂූන් වහන්සේ කියන කාරණය ගැන ඔබගේ අදහස අපිව දැනුවත් කරන්න පුළුවන්ද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !