ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝමැයින් මීට දෙදිනකට පෙර පළ කෙරුණු ලිපිය ලිවීම ඇරඹුණේ ඉන් දෙසතියකට පෙර ජුලි 24 වැනිදාය. ඒ දෙසතිය තුල බොහෝ වෙනස් කම් සිදු විය. ඒ ගැන නොසළකා ලිපිය පල කළෙමි.
එහි ගුණ දොස් විමසීමට මේ කාලයයි. එක් පාඨකයෙක් අප කෙරේ අනුකම්පාවෙන් එහි කොටසක් උපුටා දක්වා
This part alone shows your analytical skill. Time to learn to see things objectively.යනුවෙන් සටහනක් ද යොදා තිබිණි. ඒ සහෘදයාට පිං.
මෙහිදී පැහැදිළි කළ යුතු දෙයක් තිබේ.
ප්‍රස්තුත ලිපියෙන් අප අනාවැකි කීමට උත්සාහයක් දැරුවේ නැත. ඒ නිසා ඉලක්කම් එහා මෙහා වීම සැළකිය යුතු ප්‍රශ්නයක් නොවේ. ඒ ලිපියන් සහ ඊට පෙර ලිපියෙන් අප උත්සාහ කළේ මහමැතිවරණයෙන් පසු පත් වන පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අපගේ අදහස ඉදිරිපත් කිරීමටයි. එය විශ්ලේෂණයක් යැයි ගැනීම හොබින්නේ නැත. සැකෙවින් කියතොත් ඒ ලිපි වල පැනවෙන සංඛ්‍යා අපගේ අනාවැකි වලට වඩා අපගේ පැතුම් ය. අප විසින් අනාවැකි කීම අත හැර දැමුවේ 2015 ජනාධිපතිවරණයේ දී ය.
වැඩි දුර නොයා මෙවර ඒ ඒ පක්‍ෂ ලබා ගත් ආසන ගණන වෙත යොමු වෙමු. මෙහි වරහන් තුල පළමුව දිස්ත්‍රික්ක වලින් සහ දෙවනුව ජාතික ලැයිස්තුවෙන් ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යා දැක්වේ.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 145 (128 + 17 )
- සමගි ජන බලවේගය 54 ( 47 + 7 )
- ඉලංකෙයි තමිල් අරසු කච්චි 10 ( 09 + 1 )
- ජාතික ජන බලවේගය 3 ( 02 + 1 )
- ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2 ( 02 + 0 )
- අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2 ( 01 + 1 )
- තමිල් මක්කල් විඩුඔලෛප් පුලිකාල් 1 ( 01 + 0 )
- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1 ( 01 + 0 )
- මුස්ලිම් ජාතික සන්ධානය 1 ( 01 + 0 )
- තමිල් මක්කල් තේසිය කුට්ටානි 1 ( 01 + 0 )
- අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය 1 ( 01 + 0 )
- ජාතික කොංග්‍රසය 1 ( 01 + 0 )
- ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1 ( 01 + 0 )
- එක්සත් ජාතික පක්ෂය 1 ( 00 + 1 )
- අපේ ජන බල පක්ෂය 1 ( 00 + 1 )