කොරෝනා වසංගතයට පෙර බඩගින්නට බිත්තියේ පස් කෑ, මඤඤොක්කා කොළ කෑ, තව විවිධ දේ කෑ අය ගැන පුවත් පල වුවත් අප්‍රේල් මාසය තුල එවැනි දේ වාර්තා වූයේ නැත. ඒ ජනමාධ්‍යයේ ප්‍රමුඛතා වෙනස් වීම හේතු කොටගෙන මිස බැසිල් රාජපක්‍ෂගේ අමුතු සාර්ථකත්වයක් හේතුවෙන් සිදු වූවක් නොවේ. සත්‍යය නම් රටක් මෙසේ වසා දමාගෙන දිගු කාලයක් ගත කිරීම ප්‍රායෝගික නැති බවයි.
රුපියල් 5000 ගැන විවිධ කතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අපට නම් එවැන්නක් ලැබුණේ නැත (එය ලබා ගැනීමට තරම් අහේනියක් තවම ඇති නොවීම වෙනම කතාවකි). එහෙත් රටේ වැඩි දෙනාගේ ආදායම් මාර්ග මේ වන විට ඇහිරී ගොස් තිබේ. අප විසින් පෞද්ගලිකව මූල්‍යාධාර ලබා දී අපේම ඥාතියෙකු විසින් කොළොඹ දිස්ත්‍රික්කයේ සුළුවෙන් ආරම්භ කෙරුණු ව්‍යාපාරයක් ඇඳිරි නීතිය සමගම වල පල්ලට ගියේය. ඒ සඳහා මිලදී ගත් යන්ත්‍ර සූත්‍ර නිකරුනේ දිරා යන එයට යට වූ ණය කන්දක් පමණක් ඉතිරිව තිබේ. වැටුප් ගෙවන ආයතන බොහොමයක සම්පූර්ණ වැටුප් ගෙවීමත් ප්‍රශ්නයකි. අප සේවාස්ථානයත් ඇතුළු බොහෝ ආයතන වැටුප් කප්පාදුව ආරම්භ කර ඇත.