...ලෝක කුසලානයට පසුවදනක්...
මෙවර පැවති දොළොස් වන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රහණය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනා ගත්තේය. එය කිසිවෙකුට පුදුමයට කරුණක් වූයේ නැත. මේ දශකයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි තුනම පිළිවෙලින් ඒවායේ සත්කාරක කණ්ඩායම් විසින් දිනා ගැනීම සිදු විය. ඒ:
- 2011: සත්කාරක ඉන්දියාව විසින් මුම්බායි හි දී ශ්‍රී ලංකාව කඩුළු 6 කින් පරාජය කර ද
- 2015: සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් මෙල්බෝන් හි දී නවසීලන්තය කඩුළු 7 කින් පරාජය කර ද
- 2019: සත්කාරක එංගලන්තය විසින් ලංඩන් හි දී නවසීලන්තය හතරේ පහරවල් කිහිපයකින් පරාජය කර ද
ඉහත මුල් තරඟාවලි දෙකේ ම අවසන් තරඟය පරාජයට පත් වූ කණ්ඩායමත් තරඟාවලියේ සම සත්කාරකත්වය ඉසිලූ කණ්ඩායමක්ම වීම මෙහි විශේෂත්වයයි. එසේ වුවත් අවසන් තරඟය තම රටේ පවත්වා ගැනීමට ඒ රටවල් වල ක්‍රිකට් බලධාරීන් උත්සුක නොවීම හෝ අසමත් වීම හෝ හේතු කොටගෙන ඒ රටවල් වලට ක්‍රිකට් ලෝක කුසලානය අහිමි වූ බව ක්‍රීඩා ලෝලියෙක් තර්ක කළහොත් ඊට පදනමක් තිබේ.
ඊට පෙර සත්කාරක කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජය ගෙන ඇත්තේ 1996 දී පමණක් වන අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරඟාවලිය ජය ගත්තත් ඒ ශ්‍රී ලංකාව තුලදී නොව පාකිස්තානයේ ලාහෝර් හි දී ය.
෴