Monday, May 30, 2016

සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?

ජීවීන්හට පොදු වූ ලක්ශණ රාශියක් හා ඒ මගින් ජීවින් අජීවීන්ගෙන් වෙන්කොට ගත හැකි වගක් අපි කුඩා කාලයේදීම උගත්තෙමු.
ගලක් ?
ඒ අනුව ජීවීන් ආහාර ගනියි, ස්වසනය කරයි, තම වර්ගයා බෝ කරයි ආදී වශයෙන් වූ පොදු ලක්ෂණ භාවිතා කරමින් ජීවීන් අජීවීන්ගෙන් වෙන්කර ගැනීමේ ශාස්ත්‍රය අපි උගත්තෙමු. ඒ අනුව ගස් වැල්ද සතා සීපාවාද ඇසට නොපෙනෙන කුඩා කෘමිසතා හා අන්වීක්ශීය ක්ශුද්‍ර ජීවියා දක්වාද ජීවීන් ලෙස අපි පැහැදිලිවම ශාත්‍රානුකූලව හඳුනා ගතිමු. එසේම ඒ ජීවීන් ජීවත් වන බවත් උන් තුල ජීවයක් ඇති බවත් ඒ ජීවය හානි වීමෙන් මරණයට පත් වන බවත් ඇසින් දැක, කනින් අසා, අතින් ස්පර්ශ කොට නුවනින් වටහා ගතිමු. තවත් කුමක්ද, මේ සියළු දෙනා ජීවීන්මය එය අපි ප්‍රත්‍යක්ශයෙන් දනිමු.
නෑ, ගල් ආදෙක් !
එහෙත් අද වන විට නූතන විද්‍යාව ජීවී අජීවි වෙන් කිරීමෙහි නිර්නායක ගැන පැහැදිලි කිරීමකින් වැලකී සිටිති. එසේනම්, මෙසෙ අප ප්‍රත්‍යක්ශ කල දැනුම සත්‍යයද?

මේ පිළිබඳව ධර්මානුකූලව සලකා බැලීමෙන් වෙනත්ම මානයකින් මේ කරුන විග්‍රහ කල හැකි බවක් මට වැටහේ.






බුදු දහමට අනුව සත්ත්වයාගේ භෞතික ස්වභාවය හෙවත් අපගේ ඉඳ්‍රියයන්ට ගෝචර වන කොටස රූපය ලෙස හැඳින්වේ. මේ රූපය තුලින් අපට ජීවීන් හා අජීවීන් හඳුනා ගත හැකි වේවිද? සත්ත්වයාටත්, ගහ කොලටත්, කළුගලකටත්, පොළොවේ ඇති පස් වලටත්, ඇඳ පුටු මේස වලටත්, බිත්තියටත්, ජලයටත්, ගින්නටත්, සුලඟටත්, තවත් බොහෝ දේටත් රූපයක් ඇත. මේ රූපයන්හට සිය පැවැත්ම පිණිස ජීවයක් අවශ්‍ය නොවනා වග අපිට පැහැදිලිය.
  • කළුගලක් පවතින පාරිසරික ලක්ෂන සාර්තක වූ විට වට පිටින් අව්ශ්‍ය දෑ රැස් කරමින් (ආහාර ගනිමින් මෙන් ) වර්ධනය වේ.
  • වාතය සමග ගනු දෙනු කරමින් (ස්වසනය මෙන් )දිරා පත් වීමක් හෝ ශක්තිමත් වීමක් සිදු කර ගනියි.
  • පාරිසරික හේතුන් නිසා කුඩා කැබලි වෙන්වී යන අතර (තම වර්ගයා බෝ කරන්නාක් මෙන් ) නිවැරදි පාරිසරික තත්ව යටතේ ඒවා වැඩීම හෝ විනාශ වී යාම සිදු වෙයි.
එසේ බලන විට අපි ජීවීන් සතු යැයි සිතනා ලක්ෂන සැම රූපයකටම පොදු බවක් පෙනේ. එහෙත් මේ ලක්ෂණ ජීවින් නම් වූ කොටසේ රූපය තුල මෙන් අජීවී නම් වූ රූප කොටස් තුල ප්‍රකට නොවීමක් ඇත.ජීවී ලෙස අප හඳුනා ගන්නා රූපයන් තුල මේ ජීවී ක්‍රියා කාරකම් ලෙස හඳුන්වන දෑ වඩා සීග්‍රයෙන් හා අපගේ දෘශ්ඨියට හසුවන ලෙස සිදුවේ. අජීවී රූපයන් තුල මේ ක්‍රියා වලිය වඩා සෙමින් අපට ග්‍රහනය නොවන ලෙස සිදුවේ. එහෙත් මේ දෙකොටසම කෙරෙහි බලපාන මේ ක්‍රියාවලිය සිදු වන්නේ එකාකාර වූ හේතුන්ගේ බලපෑමෙනි. එනම් පරිසරය හා කර ගනුදෙනු මගින් පාරිසරික ද්‍රව්‍ය උරා ගැනීමෙන් හා පාරිසරික ද්‍රව්‍ය බැහැර කිරීමෙන් වශයෙනි.


දහම තුල ජීවීන් යනුවෙන් වූ හැඳින්වීමක් ගැන මා දන්නේ නැත. එහෙත් එහි සත්ත්ව යනුවෙන් කොටසක් වෙයි. මේ සත්ත්වයින් ඇසුරේ ඉහත මා සාකච්චා කල රූපයට පරි භාහිරව නාමය නම් වූ කොටසක් ගැන දැක්වේ. මෙය රූපය මෙන් ස්තාවර නැත. මේ ගැන වඩා දුරට විග්‍රහ කිරීමට මා මේ ලිපිය තුලින් බලා පොරොත්තු නොවෙමි.

එහෙත් සත්ත්වයින් තුල වන මේ නාම නම් කොටස අප ජීවීන් ලෙස හඳුන්වන ගස් වැල් තුල වෙත්දැයි මදක් සොයා බැලීම වටී.

මේ ගැන වඩා ගැඹුරින් විමසීමේදී අපහට
  • වේදනා
  • සංඥා
  • සන්ඛාර
  • විඤ්ඤාන
ලෙස හැඳින්වෙන නාම ධර්මයන් ගස් වැල් තුලින් ප්‍රකට නොවන වග පැහැදිලි වේ. එසේනම් ගස් වැල් යනු සත්ත්වයින් නොව හුදු රූප කලාපයන් පමණකි.

ජීවී අජීවී සංකල්පය තුල නූතන විද්‍යාව පටැලී ඇති යුගයක සම්බුදු දහම අනුව සත්ත්ව හා සත්ත්ව නොවන යන සංකල්පය ඉතා පැහැදිලි අරුත් දැක්වීමක් ලේස මා දකිමි.

කෙසේ වෙතත් මේ ගැන සැක මතු කරමින් ඇතැමුන් බුදු හිමියන් උපසම්පදා භික්ෂූන් හට ගස් වැල හානි කිරීම තහනම් කොට ඇති වගක් දක්වති. එය වඩා හොඳින් විමසා බැලිය යුතු කරුනකි.

බුදු හිමියන් භික්ෂූන්හට ගස් වැල හානිකිරීම වැලැක්වීමේ පසුබිම් කථාව විමසා බලමු.
ඒ අනුව වරක් එක්තරා විහාරයක විසූ භික්ෂූ පිරිසක්, තම පරිසරය පිරිසිඳු කරමින් එහි වූ ගස් වැල් කපා ඉවත්කරමින් සිටිනා අයුරු එහි ගැවසුනු එක් අන්‍ය දෘශ්ඨික ශ්‍රාවකයෙකු දැක, නුවරුන් හමුවෙහි ගෞතමයාගේ ශ්‍රාවකයින් එකීන්ද්‍රීය ජීවීන් නසති, උන් තුල ඇති ශීලයක් නැත, උන් ගිහියන් වැනිය ආදී කොට බොහෝ නුගුන පැවසීය.

මෙවදන් භික්ෂූන්ගෙන් ඇසූ බුදු හිමියන් එම චෝදනාවට් ලක් වූ භික්ෂූන් කැඳවා මා මෙවන් පුවතක් ඇසීය ඒ ස්ත්‍යදැයි විචාලේය. එවිට භික්ෂූන් ඒ ඇත්තයැයි පැවසීම නිසා බුදුහිමියන් ගස් වැල් යනු ඒකීන්ද්‍රීය ජීවීන් ලෙස බොහෝ මිනිසුන් සලකන බව තොප නොදන්නෙහිද විමසා එම භික්ශූන් හට දෝශාරෝපනය කොට, එවන් වූ හැසිරීමක් සසුන කෙරෙහි නොපැහැදුන වුන්ගේ පැහැදීම පිනිසත්, පැහැදුන වුන්ගේ පැහැදීම වර්ධනය පිණිසත් හේතු නොවනා නිසා එය ඇවැතක් කොට ප්‍රකාශ කරනා ලදී.

ඒකීන්ද්‍රීය ජීවීන්:

මෙහි කියැවෙන ඒකීන්ද්‍රීය ජීවීන් යන සංකල්පය මගින් එදා මිනිසුන් සත්ත්වයා සතු පංච ඉන්ද්‍රියට අමතරව ජීවිතේන්ද්‍රිය නම් වූ සවැනි ඉන්ද්‍රියක් ඇති බවත්. සත්ත්වයා පවතින්නේ එනිසා බවත්, ගස් වැල් සතුව මේ ඉන්ද්‍රිය පමණක් ඇති බවත් ඒ නිසා ගස් වැල් ජීවත් වන බවත් ඇදහූහ.මෙය බොහෝ දුරට එකල පැවති බමුණු දහමෙහි උගැන්වීමක් සේ සැලකිය හැක.


මේ අනුව බුදු හිමියන් ගස් වැල් ජීවීන් ලෙස නොසැලකූ බවත්, අන්යයන් එසේ සලකන නිසා ඒ මතයට පහර දීමෙන් වැලකුනු බවත් පෙනේ. විනය පැනවීමේදී ගස් වැල් නැසීම කිසිදු අයුරක ප්‍රාණඝාතයක් ලෙස බුදු හිමියන් නොසැලකූ බවත් මින් පැහැදිලි වේ. ගස් වැල් නැසීම නිසා වන්නේ අවැඩක් මිස වැඩක් නොවන නිසා උන් වහන්සේ ඒ වැලකූ බව පෙනේ.

විනයෙහි ඇති මේ කරුන් ගැන අති පූජනීය ගරුතර රේරුකානේ චන්දවිමල නායක හිමියන් විසින් රචිත බෞද්ධයාගේ අත් පොත නම් වූ ග්‍රන්තයෙහිද සඳහන් කොට ඇත. මේ කරුන ගැන සිතීමට හ සොයා බැලීමට මා පොළඹවන ලද්දේ මීට වසර ගනනාවකට පෙර මා කියැවූ එම පොතයි.

දන් මා නැවත අසමි.....සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?


පසු සටහන: මේ ලිපිය මගින් මා කිසිවෙකුට මගේ මතයක් කා වැද්දීමට තැත් නොදරන අතර මේ කියවන යමෙක් වෙත්ද මේ කරුන ගැන සිතා බලන ලෙස මා ඔවුනට ඇරයුම් කරමි.

පින්තූර: www.realmonstrosities.com වෙබ් අඩවිය


68 comments:

  1. නිදහසේ සිතන්නට, නිදහසේ සංවාදයේ යෙදෙන්නට, යථාර්ථය අවබෝධ කරගන්නට, නිමිත්තක් සැපයීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නිදහසේ සිතෙන දේ නිදහස් සංවාදයේ යෙදෙන්නට ඉදිරිපත් කිරීම මැනවි.

      Delete
    2. හිත නිවෙන විදර්ෂනා ඥානය වඩවන සාකච්චාවකට ඔබට සාදරයෙන් ඇරයුම් කරමු !

      Delete
    3. ඊරියකාJune 2, 2016 at 11:39 PM

      මාර විදියට හිත නිවුනා අර කලින් තිව්ව දේව කෝප කතාව දැක්කාම. "දේව කෝපය" කියන්නේ මොකැයි? පවුකාර කුපාඩි කූර යුද්ධයක් මතක් නොකොලම දේව කෝප එනවද? ඉතිං එහෙව් බොලත් බුදුන්නේ උතුම් සාසනේ දේවලුත් කියෝනවනේ.
      අනේ පිස්සු යක්කු! දෙවියනේ, උඹලටත් ලියන්න කියන්න පිළිවන් උනානෙ! "දේව කෝපයේ"පටංගැංමම ඒකම තමයි.

      Delete
    4. ඔබේ ප්‍රථිචාරය කියවූවා. ස්තුතියි.
      එයට පිළිතුරු දීමට මේ සුදුසු තැන නොවන නිසා මීට වඩා යමක් කීමට මා පෙළැඹෙන්නේ නැහැ.

      Delete
  2. සබ්බේ සත්තා කීවාම ජීවියෝ හැම දෙනාම අහු වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එසේ වේ යැයි නොසිතේ. ජීවීන් ගැන බුදුදහමේ හැඳින්වීමක් ඇති තැනක් නුදුටිමි.

      Delete
    2. සරස,
      සබ්බේ සත්ථා කිව්වහම ඒ වචනය තුලම තියෙනවා සත්ත්ව කියන අදහස. ජීවී කියන එකයි සත්ත්ව කියන එකයි එකක්ද දෙකක්ද? මෙන්න මේකයි මම අහන ප්‍රශ්ණය.
      මේ දෙක එක නම් ඔබ නගන පැනය වලංගුයි. මේ දෙක දෙකක් නම් ඔබේ පැනය වලංගු නැහැ.

      Delete
  3. සිතුවිළි, ඔයානම් එල කොල්ලෙක්. මේක තව සැරයක්-දෙසැරයක් කියවල මොනවා හරි දාන්නම්. ඒක නෙවේ, ඔයාගේ අලුත් බ්ලොග් එකේ අපිව හලලා ඇයි? ඔයාගේ බ්ලොග් එකේ මේක දාන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මොනවා හරි නොව වැදගත් දෙයක් ඉදිරිපත් කරන්න.

      Delete
    2. ජෝසප්, ඔබේ ප්‍රතිචාරය ගැන සතුටුයි.
      අනුවාර්යයෙන්ම ඔබෙන් මේ ගැන හරවත් විවේචනයක් හෝ විචාරය්ක් මම බලා පොරොත්තු වෙනවා.
      අළුත් බ්ලොග් එකෙන් ඔබව හලලා යැයි කීමේ අරුත මට වැටහෙන්නේ නැහැ. බ්ලොග් වල තියෙන ගැජට් කෑලි ගොඩක් මම තවම දන්නේ නැහැ. ඔබ කියන දෙය මදක් පැහැදිලි කරලා දුන්නෝතින්....
      මේක මගේ බ්ලොග් එකේ නොදා කතා 32කේ ඵල කලේ වඩා වැදගත් දේ වැදගත් තැනෙක සාකච්චා කල යුතුයැයි සිතුනු නිසයි. දෙලොවට වැඩ දායක දේවල් මෙතැන ලියැවෙයි.
      මගේ බ්ලොග් එකේදී ඔය වට පිටාවත් එක්ක ගැටෙද්දී හිතෙන දේවල් ලියැවෙයි මම හිතන හැටියට.

      Delete
  4. බුදුරජාණන් වහන්සේ ජීවය හෝ අජීවය හෝ පිළිබඳව දහම් නොදෙසූහ. අඩු තරමින් සත්ත්ව, පුද්ගල යන හඳුනා ගැනීමත් පඤ්ඤත්තියක් බව වදාළහ. කර්මයෙහි විපාක විඳින්නේ කවුරුන්දැයි ඇසීම නිරර්ථක බව උන් වහන්සේගේ දේශනාව යි.

    සිතුවිළි හෙවත් නයනේ විසින් මතු කරන කාරණාව වැදගත් වන්නේ මේ සන්ධර්භයේ නොවේ. එය වැදගත් වන්නේ සත්ත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි සළකන පඤ්ඤත්ති ලෝකයේ ය. එතැනදී නම් සත්ත්වයා යනු නොයෙක් ආකාරයන්ගෙන් විග්‍රහ කළ හැක. සිහියට එක වරම එන එක් ආකාරයක් වන්නේ "ආහාරයෙන් යැපෙන්නෝ සත්ත්වයෝයැ" යන හැඳින්වීම යි.

    ඒ මිස ජීව අජීව පිළිබඳ දහමක් අපට මෙතෙක් හමු වී නැත.

    ReplyDelete
    Replies
    1. ඔබගේ තහවුරු කිරීම ගැන ඔබට පින්. මා දන්නා තරමින් දහමෙහි ජී වී අජීවී බෙදීමක් නැති බව මා මේ ලිපිය තුල කියන්නේ එය මා දන්නා කුඩා සීමාව තුල සිටිමින්.

      ආහාරයෙන් යැපීම ගැනනම් මා සිතන්නේ මදක් වෙනස් ආකාරයකටයි.
      එනම් සියළු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති. එහෙත් ආහාරයෙන් යැපෙන සියල්ලෝ සත්ත්වයෝ නොවීමෙහි ඉඩක් ඇත. එනම් පාරිසරික හේතුන් නිසා පරිසරයෙන් නොයෙකුත් දේ උරා ගනිමින් වැඩෙන රූප කලාපයෝ ආහාර ගනිතත් වැඩෙතත් සත්ත්වයින් නම් නොවෙති.
      මට හිතෙන්නේ එහෙමයි.

      Delete
    2. මා නිකන්ම නිකම් ලියා එවූ ලිපිය කියැවීමට දිරි දෙන ලෙස සකසා ඉදිරිපත් කල කණිෂ්කට ඒ ගැන පින් පුදමි.

      Delete
  5. ජීවය කියන දෙය තෘෂ්ණාව ආශයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
    තෘෂ්ණාව නිසා ලෝකය කොටස් දෙකකට මගේ /මගේ නොවේ ලෙස බෙදා ගන්නවා(මමත්වය). යම් යම් දේ මගේ පැත්තට ඇදලා ගන්නවා (ඇලීම). තවත් දේ මගෙන් ඉවතට තල්ලු කරනවා (ගැටීම). ජීවය කියන දෙය තුල මෙම ක්‍රියාවන් සිදුවෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. රහතන් වහන්සේ අජීවද?
      සමන්ත බඩ්ඩ ගැනනම් නෙමේ මං අහන්නේ.

      Delete
    2. ජගත් මෙතැනදී ජෝසප් ඔබෙන් අසන්නේ ඉතාම හරවත් ප්‍රශ්ණයක්.
      එම ප්‍රශ්නය ගැන පැහැහ්දිලි කිරීමක් කල යුතු වන්නේ නැහැ.
      ඔබ මේ ගැන දරණ මතය කුමක්ද?

      Delete
    3. මෙතනදී මම අදහස්කලේ තෘෂ්ණාව ගැනම නෙමෙයි. තෘෂ්ණාවෙ මූල ස්වරූපයක් හෝ ඊට සමාන්තර දෙයක් යම් ද්‍රව්‍යයක පවතී නම් එහි ජීවය පවතින බව සැලකිය හැකියි නේද?

      Delete
    4. මම හිතනවා ඔබ මෙතැනදී අදහස් කරන්නේ මමත්වය, සත්ත්වයෙකු විසින් මම යන හැඳින්වීම ගැනීම කියන තැන. ඒක හට ගන්නේත් තෘශ්නාව කියම මූල බීජයෙන්ම තමයි. එහෙම බැලුවොත් ජීවය හටගන්නේ මමත්වය නිසායැයි කීමට ඉතා පැහැදිලි හැකියාවක් තියෙනවා. ඒ අනුව බැලුවහොත් ජීවය කිනදෙයෙහි හේතුව ලෙස තෘෂ්නාව සලකන්න බැරි නැහැ.
      මෙතැනදී ජීවය යන දේ ඔබ අරුත් දක්වන විදියට භවය කියන සංකල්පය හා බොහෝම දුරට සමපාත වෙනවා.
      හැබැයි ජීවය විදියට අපි දකින්නේ භවය කියල කීමෙත් වරදක් නැහැ කියල මට හිතෙනවා.
      ඔබ මොකද මේ ගැන කියන්නේ?

      Delete
  6. බුදුදහමට ජීවී-අජීවී බෙදීම බව එතරම් වැදගත් නැතැයි සිතමි. මෙය අවශ්‍ය යැයි හැඟෙන එක තැනක් නම් ප්‍රාණඝාතය පිළිබඳව කෙරෙන සාකච්චාවයි. එහිදී පණ ඇති සතෙකු වීම අවශ්‍ය වෙයි.
    මෙහිදී:
    පණ ඇති = ප්‍රාණී = ජීවී ලෙස සමහරු තේරුම් ගනිති.
    ශාක-සත්ව දෙකොට්ඨාෂයම ජීවීයැයි ඉගැන්වෙන බැවින් සතෙකු වීම අවශ්‍ය වන්නේ ශාක මර්ධනය ප්‍රාණ ඝාතයෙන් වෙන් කිරීම අවශ්‍ය නිසාය.

    නයනේ උත්සාහ කරන්නේ ශාක-සත්ව බෙදීම පැහැදිළි නැති බව හුවා දැක්වීමට බව පැහැදිළිය. එහෙත් ඊට වඩා දුර ගොස් ජීව-අජීව බෙදීම පැහැදිළි නැතැයි කීමට උත්සාහ දැරීම පැහැදිළි නැත. ජීව-අජීව වෙනස තීරණය කරන්නේ වර්ධනය වීම මත නොව ස්වකීය වර්ගයා බෝ කර ගැනීම මතයි. තවදුරටත් ගැඹුරට යතොත් පරම්පරාව ගෙන යාම/ නොයාම මත ජීවී අජීවී බව තීරණය වේ. ගල් බිඳී විසිරී යාමෙන් ගල් පරම්පරාවක් බිහි වන්නේද ?

    දැන් නයනේගේ කේන්ද්‍රීය ප්‍රශ්නය වෙත එමු.
    සත්ත්වයින් යනු ජීවීන්ද? ජීවීන් යනු සත්ත්වයින්ද?
    සියලු සත්වයෝ ජීවී වේ. ජීවී සියල්ලෝම සත්වයෝ නොවේ.

    ඒ මා දකින හැටියයි. කලකට පසු සංවාදාත්මක මාතෘකාවක් සැපයීමට ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ජෝසප් ඔබේ අදහස ගැන මම දකින ලෙසින් පැහැදිලි කිරීමක් කරන්නම්.
      බුදු දහම තුළ ජීවී අජීවි කියන සංකල්පය නැහැ කියන එක තමයි මගේ අදහස.
      ඒ වගේම ප්‍රාන ඝාතය ගැන කියන විට එතැනදී කොන්දේසියක් වන්නේ සත්ත්වයෙකු වීමද නැතහොත් පණ ඇති කියන විශේශණයක් එහි තියෙනවාද? මේ ගැන ත්‍රිපිටකයේ සඳහන්ව ඇත්තේ කොතැනදැයි මා දන්නේ නැහැ. මා දන්නේ විව්ධ භික්ෂූන් වහන්සේ විසින් දේශනා කරනු ලදුව මා අසා ඇති දේ පමණයි. එහෙත් සත්ත්වයෙකු ඝාතනය කිරීමටනම් සත්ත්වයා සප්‍රාණිකව සිටීම සාධාරණයි නේද? සප්‍රානිකව සිටින සත්ත්වයෙකු කීමෙන් ජීවියෙකු කියන වර්ගීකරණයක් එතැනට අදාල වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.
      මගේ උත්සහය ශාක සත්ත්ව බෙදීම අපැහැදිලි බවක් ඉස්මතු කිරීමට නොවෙයි. ශාකයෝත් අනෙක් සියළු අජීවී වස්තූන් මෙන්ම හුදු රූප කලාප බවත්, ජීවී අජීවී සංකල්පය හුදු පදනම් විරහිත මිත්‍යාවක් බවත් පෙන්වා දීමයි. එසේ නමුත් දහමට අනුව පවතින සත්ත්ව හා සත්ත්ව නොවන යන බෙදීම ඉතාම සාධාරන හා හේතු යුක්ත බෙදීමක් බව පෙන්වා දීමයි.
      ජීවී අජීවී බව හඳුනා ගැනීම සඳහා තම වර්ගයා බෝ කිරීම කියන නිර්නායකයත් දැන් එලෙසම බටහිර විද්‍යාව පිළි ගන්නේ නැහැ. ඔවුන් ඒ සඳහා ඩී එන් ඒ/ ආර් එන් ඒ සතු වීම, ජීවයේ කුඩාම ඒකකය වූ සෛලයන්ගෙන් යුක්ත වීම වැනි නව නිර්නායකයන් බිහි කරමින් සිටිනවා. මැණික් ගල් බිහි වන බිමක එම සාධාරණ පාරිසරික තතවයන් තුල තව තවත් මැණික් ගල් අළුතින් බිහි වීම එක්තරා ආකාරයක තම වර්ගයා බෝකිරීමක් තමයි නේද?
      කේන්ද්‍රීය ප්‍රෂ්ණයට මා දරන මතය ඔබේ පිළිතුර හා සමපාත වන්නේ නැහැ. එහෙත් තර්කනය පදනම්ව බැළුවහොත් ඔබේ පිළිතුර නිවැරදියි.
      ජීවී අජීවී සංකලපය බුදු දහම හා කිසි සේත්ම ගැලපෙන්නේ නැති වගක් තමයි මමනම් දකින්නේ.

      Delete
  7. මේ කියන අපැහැදිලි ජීවි අජීවී කතන්දරය කලින් බෞද්ධයෙක් වුන මගේ නිර්ආගමික වීමටත් බලපෑව.මට අනුව නම් මේක නිශ්චිතව ‍ඉරි ගසා බෙදා වෙන්කල හැකි යමක් නෙවේ. කරුණාකර මේ ලිපිය කියවල අදහසක් දක්වන්න පුළුවන් නම්... මොකද මේ ජීවී අජීවී කතන්දරය සෑහෙන්න වැදගත්. හේතුව තමයි ඒ එක්කම බුදුදහමේ කියන විඥ්ඥානය වගේ දේවල් බැඳී තිබීම.

    අපි නොදන්න විඥ්ඥානය

    ReplyDelete
    Replies
    1. ඔයාට "මේ සිංහල අපගෙ රටයි" කියා හිතෙනවා නම් ඔයා බෞද්ධයෙක්. සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එක සමානයි අපි ඔක්කොටම මේ රට අයිතියි. ඒත් උතුරු නැගෙනහිර දෙමළුන්ට වැඩියෙන් අයිතියි. කියා හිතෙනවා නම් ඔයා ක්‍රිස්තියානි කාරයෙක්. නිර් ආගමික කතා අපි ගනන් ගන්නෙ නෑ.

      Delete
    2. රාජ් ඔබ මතු කරන ප්‍රශ්ණය මටනම් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්.
      මොකද මමත් ඔය ඔබ අත් දකින බුද්ධාගම අතහැර දේවාවාදයන් හදාරා නිරාගමික වීමට තීරණය කොට පසුව නැවතත් බුදු දහම හා එක් වූවෙක්.
      හොඳින් කියවන්න මා අත් හැරියේ බුද්ධාගම නැවත එක් වූවේ බුදු දහම සමග.
      ඔබට සැක ඇති වුනු තැන මේ ජීවී අජීවි කථාන්දරයම නම් අපි ඒ ගැන කථා කිරීම ඉතාමත් වැදගත් මටත් ඔබගෙන් යම් දෙයක් දැන ගත හැකි වේවි.
      සියල්ලට පෙර "විඤ්ඤානය" කියන වචනය ඔබ තේරුම් ගෙන ඇති සැටිය ගැන යමක් කියන්න එයින් තොරව මේ ගැන අපි වැඩි දුරට කථා කීරීම ඵල රහිත වේවි.

      Delete
  8. මේක උපමාවකින් පැහැදිලි කරන්නම්.
    ක්‍රිස්තියානි කාරයෝ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. එතකොට දෙවියන්ට සහෝදරයෝ, මව් පියවරු, මාමලා, නැන්දලා, මස්සිනාලා ඉන්න බැරිද.
    ඒක ක්‍රිස්තියානි ආගමට අදාල නොවුනත් එහෙම අයත් ඉන්න පුළුවන්.
    ඒ වගේ නිවනට අදාල නිසා බුදුදහමේ තෘෂ්ණාව ගැන සඳහන්. නමුත් ඊට සමාන වෙනත් බලවේගත් විශ්වයේ නෑ කියන්න බෑ. මම හිතන්නෙ ජීවය යනු තෘෂ්ණාව වැනි තවත් බලවේගයක්. රහතන් වහන්සේ කෙනෙකු තුල පවා තෘෂ්ණාව නැතත් අනෙක් බලවේගය ක්‍රියාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ජීවය කියන්නේ ඔය කියන ආකාරයේ අමුතු බලවේගයක් කියලානම් මම හිතන්නේ නැහැ. ජීවය කියන්නේ හුදු භෞතික රූපයක් තුල ක්‍රමානුකූලව සිදුවෙන රසායනික ක්‍රියාවලීන් පද්ධතියක්. මේ ක්‍රියාවන්ට හේතුන් සහිතයි. ඒ හේතූන් පහව යෑමෙන් එම රසායනික පද්ධතිය බිඳවැටීම භෞතික මරනයයි.
      කොටින්ම මිනිසා කියන සත්ත්වයා ගත්තොත් ජීවය වශයෙන් එහි සජීවී සෛල කෝටි ගනනක එකතුවෙන් සැදුනු ගනාවාසයක් වැනි දෙයක්. කොටින්ම මිනිසෙක් මියයාමෙන් පසුවත් ඔක්සිජන් සැපයුම පවතින් යම් කිසි පටකයක සෛල සජීවීව තිබිය හැකිය් තවත් යම් කාලයක්. මේ ජීවය එක් කේන්ද්‍රීය ලක්ෂයක් පවතින්නක් නොවෙයි. එය ඉතා කුඩා ඒකක දහස් ගනනක් තුල විසිර පවතින්නක්.
      එහෙත් සත්ත්වයා ඊට වඩා බොහෝම වෙනස්. මිනිස් රූපයක් තුල වෙසෙන්නේ එක් සත්ත්වයෙක්, ඕනෑම ලොකු කුඩා රූපයක් තුල වසන සත්ත්වයෙකුගේ තත්වය එයයි.

      Delete
    2. යම් පටකයක ජීවය නැති වුවහොත් එය බිඳවැටීමේ කියාව සිදුවෙනවා. නමුත් ජීවය ඇතිවිට එය ගොඩනැඟීමේ ක්‍රියාවලියකුත් සිදුවෙනවා. මේක බාහිර සාධක මත සිදුවන මැණික් සෑදීම වැනි දෙයක් නොවෙයි.

      Delete
    3. ඔබ මේ කියන ලෙස තමයි අපි හැමෝම ජීවය නිරීක්ෂණය කරන්නේ. අපිට පෙනෙන්නේ එලෙසම තමයි.
      ඒත් මම මෙහෙම මතයක් ඉදිරිපත් කරනවා.
      ඔබ කියන ජීවය අඩංගු පටකයක් නොවෙයි, නූතන විද්යාව කියන ආකාරයට ජීවයේ කුඩාම ඒකකය වන සෛලය අපි උදා හරණයකට ගනිමු.
      සෛලයක් තුල ජීවය පැවතීම යනු ඒ තුළ නිවැරදි තත්වයන් යටතේ රසායනික ක්‍රියා කාරිත්වයක් සිදුවීමයි. ඔව් ඔබ කියන ලෙස ජීවය ඇති විට එය වර්ධනය වීමක් වෙනවා. ඒත් ඒ ජීවය පවතින්නේ නිවැරදි භාහිර සාධක පැවතුනොත් පමණක් කියන කාරණය ඔබ පිළිගන්නවාද?
      යම් හෙයකින් ජලය නොමැති වුවහොත්?
      අම්ලකර වායුව නොමැති වුවහොත්?
      අධික තාපයකට නිරා වරණය වුවහොත්?
      මේ රසායනික ක්‍රියාවලියෙහි සමබර තාවය බිඳ වැටී නතර වීමක් වෙන්නේ නැතිද? ඒ සඳහා මේ එක් සංඝටකයක ඌනතාවය සෑහෙනවා නේද?
      මැණික් බිහි වන බිමකත් තත්වය අවශ්‍ය මට්ටමේ පවතින විට රසායනික ක්‍රියා වලිය මගින් මැණික් නිපදවන්නේ නැතිද?
      එසේම තත්වය වෙනස් වුවහොත් එය නතර වන්නේ නැතිද?

      අප අත් දකින සමස්ථ භෞතික ලෝකයම හුදු භෞත රසායනික පද්ධතියක් පමණයි කියා ඔබට සිතෙන්නේ නැතිද? මේ සත්ත්වයාගේ රූපයත් අන්න ඒ වගේ තවත් එක් බෞත රසායනික ඒකකයක් පමණක්මයි හා එය සත්ත්වයෙකු වන්නේ නාම ධර්මයන්ගේ පිහිටීමෙන් කියන එකයි මගේ මතය.

      Delete
  9. අපූරු ලිපිදෙකක් ලැබුනෙමි.
    http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-2.html
    http://chamithar.blogspot.com/2009/07/buddhist-cosmology-1.html
    කෙසේවෙතත් සූස්ති ගුණයා කියන අලුගුත්තේරුවාගේ කොමෙන්ටු කිවීමෙන් වලකින්න. නැතිනම් උඹලාට බොහෝ පව් සිදුවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජගත්, තවත් හරවත් ලිපි ලැබුනොත් අපිව දැනුවත් කරන්න. ඒත් මේ උපුටනයෙහි එන ලිපියේ සාකච්චා කරන මාතෘකාව මට එතරම් ප්‍රිය නැහැ. ඒ විශය ක්ශේත්‍රය ගැන ගැඹුරින් කියැවීමට එතරම් රුචි නැහැ.

      Delete
  10. ජොසපින් අක්කේ මේ දොරමඬලාව හරසරණියට ධර්මානුකූල විවරණයක් දෙන්නකො.

    ReplyDelete
  11. බොහෝ දෙනා මෙය සංවාදයට සුදුසු මාතෘකාවක් සේ දුටුවත් සංවාදයක් ඇති වන බවක් නම් නොපෙනේ.
    අප මිත්‍රයන් බොහෝ කාර්‍ය බහුල වී ඇති හැඩයි.
    කණිෂ්ක මා ඉදිරිපත් කල මතය ගැන ඔබෙන් විවේචනාත්මක අදහසක් ලැබේනම් ඒ ගැන සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියන්න පුළුවන් නේද?
      තාපගතික නියමයන්ට අනුව විශ්වයේ ස්වභාවය තමයි විසිරයෑම. ඒ තත්වය යටතේ යම් තැනක (ග්‍රහලෝකයක) යම් පදාර්ථයක සංකීර්ණ ව්‍යුහයක් ගොඩනැඟිලා තියෙනවා නම් එය ජීවියෙක් හෝ ජීවියෙකුගේ නිර්මාණයක් (උදාහරණ: පොල් කටුවක්, බෙලි කටුවක්, පිඟන් ගඩොලක්, ඔපදැමූ මැණිකක්) ලෙස සලකන්න පුළුවන් නේද?

      Delete
  12. ඔබ මේ මතුකරන අදහස, මා මේ ලිපියට අරමුණු කොටගත් පදනමට ඉඳුරාම පටහැනි අදහසක් නේද?
    ඔබට එය පටහැනි බව වැටහෙනවාද?
    නැතිනම් මා කී අදහස මුලුමනින්ම ඔබ බැහැර කරනවාද?
    එසේ බැහැර කරනවානම් ඒගැන ඔබගේ හේතු දැක්වූවානම් වඩා යහපත් නේද?

    ReplyDelete
    Replies
    1. තෘෂ්ණාව හෝ එවැනි වෙනදෙයක් පදනම් කරගෙන ජීවයට වෙනත් අර්ථදැක්වීමක් දෙන්න පුළුවන් නේද?

      Delete
    2. ඔව් ජගත්, ඒත් අපි මේවගේ දෙයක් ගැන සාකච්චා කරන කොට සම්මුතිය හා පරමාර්ථය කියන අවස්තා දෙක පටලවා නොගෙන කතා කරන්න ඕනේ.
      පරමාර්ථ තත්වයන් යටතේ දී නම් මම ඉහලින් සාකච්චා කරන සෑම සියළු දෙයක්ම පුහු මත වාද විතරයි. ඒත් අපිට ඒ සම්මුති වාදී මත සැබෑව අවබෝධ කරගන්න හුඟක් උදව් වෙනවා. අන්න ඒ නිසයි මම ඒ ගැන කථා කරන්නේ.
      අපි භෞතිකව දකින ජීවය කියන සංකල්පය හුදෙක් අපි හඳුනා ගන්නේ ජීවීන් කියන කොට්ඨාශය තුල වන යම් ක්‍රියාකාරකම් පදනම් කරගෙන නේද? උදා හරණයක් ලෙස ඔබ කී පොල් කට්ට ගනිමු.
      මේ පොල් කට්ට ඒ වූ නියමිත ආකාරයකින් සැකසෙන්නේ ජීවයේ බලපෑමෙන් ලෙසනේ අපි දකින්නේ. අන්න ඒ භෞතික බලපෑම කල හැකි ජීවය කුමක්ද කියන එකයි මම මේ සොයා බලන්නේ.
      එය තෘෂ්නාව හෝ එවැනි වෙනයම් දෙයකට ලඝු කොට අපිට වැටහෙන්නේ නැති තැනකට තල්ලු කරන්න ඕනා නැහැ.ඊට වඩා අපි සම්මුති තත්වයන් තුලදීම මේ ජීවය විමසන එකයි නුවනට හුරු.
      ඔබ එහෙම හිතනවද?

      Delete
  13. //එසේ බලන විට අපි ජීවීන් සතු යැයි සිතනා ලක්ෂන සැම රූපයකටම පොදු බවක් පෙනේ. එහෙත් මේ ලක්ෂණ ජීවින් නම් වූ කොටසේ රූපය තුල මෙන් අජීවී නම් වූ රූප කොටස් තුල ප්‍රකට නොවීමක් ඇත.

    ජීවියෙක් තනිකරම බාහිර පරිසරයේ බලපෑම මතම පාලනය වෙනවා කියන එක වැරදියි. උදාහරණයක් හැටියට පරිසරයේ උෂ්ණත්වය වැඩිවූ විට සමහර ජීවීන්ගේ උශ්ණත්වය ඒ අනුව වෙනස් වන්නේ නෑ.
    වායුසමීකරණ යන්ත්‍රයකටත් ඒ හැකියාව තිබෙනවා. නමුත් එය ජීවියෙකුගේ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ තර්කයක් හා උදාහරණයක්,
      මේක පරිසරයේ තියෙන ජීවී ලෙස අපි හඳුනා ගන්නා දේ වලින් පරිභාහිර වස්තූන් තුල දකින්නට නොමැති ලක්ෂනයක්. ඔබේ නිරීක්ෂනය ඉතාම නිවැරදියි.
      මේ උශ්නත්වය පාලනය කිරීම ජීවියෙකු සතු කුඩාම ඒකකය ලෙස සලකන සෛලය තුල ක්‍රියාත්මක වන්නේ කෙසේද?
      ඒ ක්‍රමානුකූලව සිදු වන රසායනික ප්‍රථික්‍රියාවක් යැයි මා කීවොත් ඔබ එයට එකඟ වනවාද?
      එසේනම් ඒ ප්‍රතික්‍රියාවන් සමූහය සඳහා පැවතිය යුතු යම් නියත තත්වයන් ඇති බව ඔබට වැටහෙනවාද?
      ඒ නියත තත්වයන්ගේ යම් කිසි පරාසයක් ඇති මුත් එය ඉක්මවා ගියවිට ප්‍රතික්‍රියාව විකෘති වන බවක් ඔබ පිළිගන්නවාද?
      එසේනම් මේ උශ්නත්වය පාලනය කිරීම ජීවයක් විසින් කරන්නක් නොව හුදු රසායනික ක්‍රියා වලියක් බව මා කීවොත් ?

      Delete
  14. බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ලියන්නේ නැතෙයි.

    ReplyDelete
  15. කණිෂ්ක,
    මේ ලිපියේ මුලින්ම අදහස් දක්වා ඇති රාජ් නැමැත්තා
    "අපි නොදන්න විඤ්ඤානය" යනුවෙන් උපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරනවා.
    මේ ගැන මා ඔහුගෙන් කරන විමසුමට පිළිතුරු දීමට තරම් වූ නිහතමානී කමක් ඔහු දක්වන්නේ නැහැ. ඒ ගැන මගේ බලා පොරොත්තුවකුත් නැහැ. ඒත් මේ මගින් ඔහු පඉට සපයන මූල බීජය එනම් විඤ්ඤානය, ඇත්තෙන්ම ඔහු නොවෙයි අපි දන්නවාද?
    මේ ගැන යමක් හරවත්ව සාකච්චා කීරීමට ඔබ සතු දැනුමක් වෙයිද?
    එසේනම් ඔබේ නොමසුරු දායකත්වය අපිට දෙන්න.

    ReplyDelete
  16. මම අහලා තියෙන හැටියට එක මතයක් තියෙනවාලු විඥඤානය යනු උත්තේජයට පෙර ප්‍ර‍ිචාර දක්වන යාන්තුණයක්ය කියලා.
    ඒ කිව්වේ හිරු එලිය වැටෙන පැත්තට ශාක පත්‍ර‍හැරීම උත්තේජයට ප්‍ර‍ිචාර දැක්වීමක්. නමුත් හිරු එලිය වැටෙන්න පෙරම එ් අතට පත්‍ර‍ හරවන්න පුළුවන්නම් වැඩි වාසියක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජගත් ඔබේමේ ප්‍රථිචාරයට
      ඇත්තෙන්ම මා කැමතියි අප එකිනෙකා මේ ගැන දකින ආකාරය එහෙම නැතිනම් අපි මේ විඤ්ඤානය කියන සංකල්පය වටහාගෙන තියෙන ආකාරය ගැන සාකච්චා කරන්න.
      නොයෙකුත් දෙනා නොයෙකුත් අයුරින් කියා ඇති, අරුත් දක්වා ඇති ඒවා විමසන්න ගියොත් අපි කිසිවක් ලබා නොගනීවි කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. ඒ එක්කම මේ කියන අරුත් දැක්වීම මට නම් පිළිගන්න අසීරුයි.
      ඇයි කියනවානම්, උත්තේජනයට පෙර ප්‍රථිචාර දක්වීම රඳා පවතින්නේ මතකය හෙවත් සංඥ්ඥා හා සිත මගින් උපදවන සිතුවිළි මතයි කියන එකයි මගේ අදහස.
      විඤ්ඤානයකින් තොරව මේ ඔබ කියන ක්‍රියාවලිය නොවිය හැකි වුනත් එය විඤ්ඤානය මගින් සිදු කරන ක්‍රියාවකියි දැක්වීම තමයි මට පිළිගත නොහැක්කේ

      Delete
  17. http://nayanegesithuwili.blogspot.com/2016/06/2.html
    ලංකාවේ වැට් බදු නිසා ඇතිවී තියෙන ව්‍යාකූලත්වය ගැන ඉහත ලිපිය ඔබට ක්යැවිය හැකිය.

    ReplyDelete
    Replies
    1. කියෙව්වා !

      Delete
    2. ඉතින් ඇයි අඩුගානේ බැන්නෙවත් නැත්තේ?

      Delete
  18. කුඹුක මිහිඳු සහ ඉඳුජ කුමරහාමි ගැන ලියන් නැතෙයි.

    ReplyDelete
  19. කථා 32 ඉදිරියට ගෙන යන්න අපි යමක් කරමුද?
    මේ කථා 32 වැනි බුද්ධිමය සංවාද මණ්ඩප තව වැඩි වැඩියෙන් අවශ්ය යුගයක්.
    නිහඬ තාවයනෙවෙයි හඬ අවදි කරමු.

    කළ යුතු දේ බොහෝයි !

    ReplyDelete
    Replies
    1. මා ඉඳහිට මෙය කියවන අතර කාලයකින් මෙහි යාවත්කාලීන වීමක් දුටුවේ නැත. "කුඹුක මිහිඳු" සහ "ඉඳුජ කුමරහාමි" ගැන කුතුහලයකින් පෙලෙමි. කරුණාකර ඒ ගැන ලියන්නේ නම් මැනවි.

      Delete
  20. කණිෂ්කත් ජෝසප් මිතුරාත් දෙදෙනාම කථා 32 හැර ගොස් ඇති හැඩයි.
    තව දුරටත් මට කල හැකි දෙයක් නැති වේවි.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නවා. හැමදාම එනවා.
      දොර වහල නිසා නිකංම හැරිල යනවා. සිතුවිළි කඩේ නම් අපිට හැමදාම වහලනේ. ඒ නිසා බලල විතරක් යනවා.

      හඳ අයිති කාට ද? කියවන්න.

      Delete
    2. ඇත්තටම ඔබට වහලා කියලා කියන්නේ මොකක්ද කියල මට තේරෙන්නේ නැහැ.
      මම මේ අන්තර්ජාල වැඩ දන්න කෙනෙක් නෙවෙයි.
      අත්හදා බැලීමක් ලෙසයි බ්ලොග් එකක් පටන් ගත්තේ.
      පින් සිද්ද වෙයි මොකක්ද ඔබ කියන්නේ කියල පැහැදිලි කරල දෙන්න. එතකොට මට පුළුවන් කණිෂ්ක වගේ දැනුම් තේරුම් ඇත්තෙකුගෙන් උපදෙස් ගන්න.

      Delete
    3. හඳ අයිති කාටද?
      කියෙව්වා, මින් පෙර නොවූ විරූ ආකාරයක තැන්පත් දැමුනු බවක් එතුමාගේ මේ ලිපියෙන් ප්‍රකට වෙනවා.
      මට මුළු ලිපියම ඉක්මවා එතුමාව ලිපිය තුලින් පෙනුනා.
      මහා ලොකු කථාවක් නොකීවාට බොහෝ දේ කියූ ලිපියක්.

      ඔබට පින් ජෝසප්.

      Delete
    4. මචං උඹේ සයිට් එකේ profile එකක් නැතුව comment දාන්න බෑ.

      Delete
    5. පචෝරිස්ට පින්.
      අන්න ඕකනේ මම ඇහැව්වේ.
      හරි මම ඒක හැකි ඉක්මනින් නිවැරදි කරන්නම්

      Delete
  21. බුදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරයි. ජේසු අයිති දෙමළුන්ට විතරයි.
    ඒ අනුව සිංහල ක්‍රිස්තියානින් යනු දෙමළ දෙවියෙකුට වඳින සිංහලයන් පිරිසක් ලෙස සැලකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. එතකොට සිංහල බෞද්ධයා කියන්නේ සිංහල දෙවියෙකුට වඳින සිංහලයෝ පිරිසක්ද?

      Delete
    2. බුදුන් දෙවියෙක් හැටියට සලකන්න බැරි නිසා එහෙම කියන්න බෑ. නමුත් සමන් දෙවියෝ වගේ අය සිංහල

      Delete
  22. ජෝසප්,
    කතා 32ට මේ අත්වෙලා තියෙන ඉරණම ගැන ඔබේ අදහස මොකක්ද?
    අපි මොකක්ද කල යුත්තේ?

    ReplyDelete
    Replies
    1. අපි කුමක් කරමුද ?
      ඒක කුමරෝදයේ තිබුණේ.

      Delete
    2. වෙස්සන්තර බිරිඳ දන්දුන්නේ බිරිඳ හැටියට, ඒක හරි.
      නමුත් ඔහු දරුවෝ දන්දුන්නේ දරු කමට නෙමෙයි. වහල්ලු හැටියට. එතකොට දරුවන් දන්දීමේ පින ලැබෙනවද?
      අනිත් අතට ඔයවගේ දේක පින දේපල අයිතිය කියන කරුණ සම්බන්ධයෙන් යම් සංස්කෘතියක දී ඇති අර්ථ දැක්වීමට සාපේක්ෂයි නේද?

      අපගේ කන්‍යා ජොසපින් තුමියට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    3. ප්‍රෂ්ණයටනම් මට පිළිතුරක් දෙන්න ඇහැකි. ඒත් ප්‍රෂ්ණය විතරක් අහල නෙවෙයිනේ. ඊට පස්සේ ගේමකුත් ඉල්ලලා තියෙන නිසා මම නිහඬව බලා ඉන්නම්.

      Delete
  23. කථා 32 නිහඬ වීම ගැන මම ඇත්තටම කථා කරමින් අවදි කිරීමට තැත් දරන්නේ කථා 32 වැනි සභාවක් නිහඬ වීම ජීවිතයේ අඩුවක් ලෙස දැනෙනා නිසාමයි.
    හරවත් මාතෘකාවන් ගැන සාකච්චා කරමින් නොදන්න බොහෝ දේ ගැන දැනුවත් භාවය ලබා දුන් කථා 32 නිහඬ නොකරන්න කියා මා නැවත නැවතත් කණිෂ්කගෙන් ඉල්ලා සිටිමි.
    ජෝසප් ඔබ මෙවන් දේ ගැන සැහැල්ලුවෙන් ප්‍රතිචාර දැක්වූවාට ඔබත් මා හා එකඟ බව දනිමි.
    එහෙත් අපි යමක් කල යුතුයි.
    කනිශ්ක, ඔබ දැන් හඬ අවදි කරන්න.
    නිහඬ වීම සැමවිටම ප්‍රෂ්ණයට පිළිතුර විය යුතුද?

    ReplyDelete
  24. කණිෂ්ක, ජෝසප්,
    ඇයි කථා 32 නිහඬ ?

    මම කතා 32ට ගැලපෙන ලිපියක් ආයෙත් ලියන්න උත්සහ කරනවා. සාර්ථක වුනොත් මම එවන්නම්, ඒත් කණිෂ්කගේ ලිපිවලට අලගු තියන්නවත් මට බැහැ.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි ඔබට ස්තූතියි !

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !