Thursday, February 25, 2016

කේවට්ඨ සූත්‍රය

ඉන්දියාව සෑදුණු හැටි

ඉන්දියාව අරාබින්ගේ නිර්මාණයකැයි සිතමි. තමන් යුරෝපයට විකුණන අගනා කුළුබඩු සහ මුතු මැණික් ඈ වටිනා දේ උකහා ගන්නා මූලාශ්‍රය සඟවනු කැමති අරාබීහු අල් ටකියා ක්‍රමයට ඒවා උපදින්නේ ඉන්දියාවේ යැයි යුරෝපීයයන්ට කියන්නට ඇත. ඉතා වටිනා දෑ උපදින අරුම පුදුම රටක් වූ ඉන්දියාව සොයා යාමට යුරෝපීයයන්ට අවශ්‍ය වන්නේ එහෙයිණි.
බුරුමයද ඇතුලත් වන බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යය (මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර නොගත් දේශීය පාලකයන් යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍ය වේ) - මූලාශ්‍රය: Wikipedia
අරාබීන් තමන්ට ඉන්දියාවට යාමට මග කියා නොදෙන බැව් දත් යුරෝපීයයෝ සාගරයට බටහ. සොයා ගත් සැම ගොඩබිම ම ඉන්දියාව යැයි සිතූහ. වර්තමාන ඇමරිකාව සොයා ගත්තේ යැයි කියන කොළොම්බස් ඉන්දියාව සොයා ගත් බව සිතුවේත්, එහි (සහ මහද්වීපික ඇමරිකාවේ) ජීවත් වූ ස්වදේශික ජනයා රතු ඉන්දියානුවන් ලෙස හැඳින්වූයේත්, එපමණක් නොව කැරිබියන් මුහුදේ ඇති දූපත් රාජ්‍යයන් බටහිර ඉන්දීය කොදෙව් ලෙස අද දක්වාත් හැඳින්වෙන්නේ ත් ඉන්දියාව සොයා යාමේ මේ ආසාව හේතුවෙනි.





නේරුලාගේ ඉන්දියාව

බ්‍රිතාන්‍ය ඉන්දියාව ඉංගිරිසින්ගේ නිර්මාණයකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත සහ අර්ධ යටත් විජිත මහත් රාශියකින් ඒකාබද්ධ කර හුදෙක් පරිපාලන පහසුව පිණිස තනා ගත් භූගෝලීය ඒකකයකට වඩා වැඩි භූමිකාවක් ඉන්දියාව යන්නට නොතිබිණ. 1947 වන විට 'ප්‍රොවින්ස්' ලෙස හැඳින්වූ ඉංගිරිසින් විසින් පාලිත විශාල පළාත් 17 කින් සහ පාරම්පරික (නිසාම්, නවාබ්, මහාරාජා වැනි පාලකයන් යටතේ පාලනය වූ අර්ධ ස්වාධින රාජ්‍ය 562 කින් බ්‍රිතාන්‍ය ඉන්දියාව සමන්විත විය1 (සිතියම බලන්න).

ඉංගිරිසින් ඉන්දියාවට නිදහස දෙන විට තමන් විසින් පාලනය කළ ප්‍රදේශ (ප්‍රොවින්ස්) ඉන්දියාව සහ පාකිස්ථානය අතර බෙදා දුන් ඔවුහු තමන්ගේ ආරක්‍ෂාව යටතේ පැවති අර්ධ ස්වාධීන රාජ්‍යයන්ට කැමැත්තක් කිරීමේ නිදහස (ස්වයංනිර්ණය අයිතිය?) දුන්හ. මෙහිදී සමහර රාජ්‍ය ඉන්දියාව සමගත් තවත් සමහර රාජ්‍ය පාකිස්ථානය සමගත් එක් වීමට තීරණය කෙරුණු අතර කිහිපයක් පමණක් ස්වාධීනතාව ප්‍රකාශ කළහ.

ලැබුණු දෙයින් සෑහීමට පත් නොවන නේරුලාගේ බලහත්කාරය එළියට පනින්නේ මෙහිදීය. යටත් කර ගැනීමට තරම් හමුදා බලයක් තිබියදී පවා ඉංගිරිසින් විසින් යටත් කර ඈඳා නොගත් සුළු ජනපද රාජ්‍ය වලට විවිධාකාරයේ තර්ජන ගර්ජන එල්ල කර "කේවට්ඨ" ක්‍රමයට ඒවා ඉන්දියාව තුලට අන්තර්ග්‍රහණය කර ගැනීමට නේරුගේ ඉන්දීය කොංග්‍රසය ක්‍රියාත්මක විය. ඒ සඳහා සුළු ජන කොටස් සහ ඒ රටවල් තුල සිටි රාජ්‍ය විරෝධී කණ්ඩායම් යොදා ගන්නා ලදී. තමන් හාත්පසින් වට කර ගත් බලවත් සතුරෙක් හා සමග නිරන්තර යුද්ධයක පැටලී සිටීමට කිසිදු ජාතියක් කැමති නොවේ. තමන් ගිල ගැනීමට බලා සිටින විශාල රාජ්‍යයක් තුල ගිලී නමට පමණක් නිදහස් රාජ්‍යයක්ව සිටීම සැබෑ නිදහසක් නොවන බැවිණි.

කේවට්ඨ උපක්‍රමය

බෞද්ධයන් විසින් තම දරුවන්ට කියැවීමට දිය යුතු ඉතාම වැදගත් ග්‍රන්ථ ද්වයෙන් එකක් නම් උම්මග්ග ජාතකයයි (අනෙක මහාවංශය වේ). මේ ජාතක කතාවේ ඉතාම වැදගත් චරිතය වන්නේ උත්තර පඤ්චාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුට උපදෙස් දෙන කේවට්ඨ බ්‍රාහ්මණයාය. එතෙක් ජම්බුද්වීපයේ පහළ වූ සුවිශාලම අධිරාජ්‍යය තැනීම පිණිස ඔහු මහරජුට දෙන්නේ ඉතා සරල උපදෙසකි.

කුඩා නුවරවල් වරකට එක බැගින් එකිනෙක වෙත බලපෑම් කර අවනත කර ගැනීම හා බලපෑම් කිරීම පිණිස මිස යුධ කිරීම පිණිස හමුදාව භාවිතා නොකිරීම ඒ උපක්‍රමයයි. හමුදාව අවශ්‍ය වන්නේ වඩා විශාල හා බලවත් රාජ්‍යයන් යටත් කර ගැනීමට වුවත් අවශ්‍ය ප්‍රමාණයට තම බලය තර කර ගත් විට බලවත් රාජ්‍යයන්ද ඒ ඉදිරියේ අවනත වනු ඇති බව එහි අර්ථයයි.

අවශ්‍ය සියළුම රාජ්‍යයන් අවනත කර ගත් පසු ඒ රාජ්‍ය වල අවාසනාවන්ත පාලකයන් සියලු දෙනා එක තැනකට කැඳවා ඝාතනය කිරීමෙන් පසු තමාගේ අධිරාජ්‍යය සම්පූර්ණ වේ.


උම්මග්ග ජාතකය නොකියැවූ මුත් ජවහර්ලාල් නේරු කෞටිල්‍යාගේ අර්ථ ශාස්ත්‍රය සහ මකියාවෙල්ලිගේ කුමාරයා (the prince) කියවා තිබෙන්නට ඇත. කෙසේ වුව නේරුලාගේ කේවට්ඨ උපක්‍රම පන්සිය ගණනක් පුර රාජ්‍ය කෙරේ සාර්ථකව ක්‍රියාත්මක විණ. බොහෝ රාජ්‍ය ළදරු ඉන්දියාව හා එක් වීමට තීරණය කෙරිණි. එසේ නොවුණේ කිහිපයක පමණි. මේ මිලිටරි බලයේ සහය ලැබූ රාජතාන්ත්‍රික බලහත්කාරය නේරු විසින් පසුව උත්කර්ෂයට නංවන ලද්දේ අපි මැස්සො මරන්න තුවක්කු පාවිච්චි කරන්නේ නෑ යි කියමිනි.


ඉන්දියාවේ ආක්‍රමණයට ලක් වූ රටවල්

ඊනියා දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් විසින් තවත් රටවල් ආක්‍රමණය කිරීම බොහෝ සෙයින් අඩු විය. යුද්ධයකදී දෙපසටම සිදු වන හානි දියුණු අවි ආයුධ සමග ඉහල යාම මීට එක් හේතුවක් වන අතර රටවල් යටත් කර ගැනීමෙන් තොරව අමුද්‍රව්‍ය සහ වෙළෙඳපොළවල් වෙත අවතීර්ණ වීමට නිදහස් වෙළෙඳපොළ ක්‍රමය යටතේ හැකි වීම මෙයින් වඩා වැදගත් හේතුව වේ. එහෙත් රටවල් දෙකක් පමණක් "ආක්‍රමණය" තම න්‍යාය පත්‍රයෙන් ඉවත දමා නැත. එක රටක් ගැන මුළු ලොවම දනී. අනෙක් රට විසින් කළ ආක්‍රමණ ගැන කතා කරමු. මැස්සන් මැරීමට තුවක්කු පාවිච්චි නොකරන බව පුරසාරම් දෙඩූ නේරු අවශ්‍ය විට එය යොදා ගැනීමට පසුබට වූයේ නැත.
  1. ජනාගාධ් (Junagadh) :

    මෙහි ඉස්ලාම් භක්තික නවාබ්වරයා පාකිස්ථානය හා එක් වීමේ තීන්දුව ඉතා උජාරුවෙන් ගන්නා ලද මුත් ඉන්දීය හමුදා යෙදවීමෙන් අනතුරුව මිලිටරි බලපෑම මත පැවැත්වුණු ජනමතවිචාරණයකින් බහුතර හින්දුන්ගේ කැමැත්ත අනුව ඉන්දියාව හා එක් කෙරෙන ලදී. ඉන්දියාව විසින් ආක්‍රමණය කෙරෙන මොහොතේ තමා හා ගොඩබිමින් යා නොවුණු මේ රාජ්‍යයේ කටයුතු කෙරේ හමුදාමය බලපෑමක් කිරීමේ ‍කිසිදු හැකියාවක් පාකිස්ථානයට නොතිබිණ. අද ජනාගාධ් රාජ්‍යය සිතියමේ නැත - එය ගුජරාටය හා ඒකාබද්ධ කර තිබේ.

    Wiki: On September 15, 1947, Nawab Mohammad Mahabat Khanji III of Junagadh, a princely state located on the south-western end of Gujarat and having no common border with Pakistan, chose to accede to Pakistan ignoring Mountbatten's views, arguing that Junagadh could access Pakistan by sea. The rulers of two states that were subject to the suzerainty of Junagadh — Mangrol and Babariawad — reacted by declaring their independence from Junagadh and acceding to India. In response, the nawab of Junagadh militarily occupied the two states. Rulers of the other neighbouring states reacted angrily, sending troops to the Junagadh frontier, and appealed to the Government of India for assistance. A group of Junagadhi people, led by Samaldas Gandhi, formed a government-in-exile, the Aarzi Hukumat ("temporary government")...]
    වැඩි විස්තර
  2. හයිදරාබාද් (Hyderabad) :

    බ්‍රිතාන්‍ය කිරීටයේ බලය පිළිගත් ස්වාධීන රාජ්‍ය වලින් ඉතාම ධනවත් හා බලවත් රාජ්‍යය වූයේ හයිදරාබාදයයි. එහි නිසාම් වරයාට රාජ්‍ය උත්සව වලදී ආචාර වෙඩිමුර 21 සහිතව බ්‍රිතාන්‍ය හමුදාවේ ඉහළම උත්තමාචාරය පිරිනැමිණි. ස්වෛරී රාජ්‍යයකට අවශ්‍ය සෑම පහසුකමකින්ම පාහේ සමන්විත වූ මේ රාජ්‍යය 1947 දී නිදහස ප්‍රකාශයට පත් කරන ලද අතර නව ව්‍යවස්ථාවක් තනා අභිනව රාජ්‍යයකට අඩිතාලම දැමිණ. නිදහස් හයිදරාබාදය ගිල ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ඉන්දියාව විසින් හයිදරාබාදය ආක්‍රමණය කරන්නේ 1949 දී ය. අද මේ රාජ්‍යය කැබලි තුනකට කඩා වෙනම ප්‍රාන්ත වලට එක් කර තිබේ. ඒ නාමය පමණක් නගර නාමයක් වශයෙන් ශේෂ වී තිබේ.

    Wiki: At the time of the partition of India, the State of Hyderabad was the largest of all princely states in India. It covered 82,698 square miles (214,190 km2) of fairly homogenous territory and comprised a population of roughly 16.34 million people (as per the 1941 census) of which a majority (85%) was Hindu. Hyderabad State had its own army, airline, telecommunication system, railway network, postal system, currency and radio broadcasting service.

    Nizam decided to keep Hyderabad independent. The leaders of the new Union of India however, were wary of having an independent - and possibly hostile - state in the heart of their new country. Most of the other 565 princely states had already acceded to India or to Pakistan voluntarily. The Indian government was therefore determined to annex Hyderabad into the Indian Union, by force if necessary.

    In September 1948, India launched a military operation named Operation Polo, led by Sardar Vallabhbhai Patel, then Minister of Home Affairs and Deputy Prime Minister of India. The Indian Armed Forces invaded the State of Hyderabad and overthrew Nizam...

    වැඩි විස්තර
  3. කාශ්මීරය (Kashmir) :

    ඉහත විස්තර කෙරුණු රාජ්‍ය දෙකම ඉන්දියාව විසින් ඈඳා ගන්නේ ඒවායේ බහුතරය හින්දු වීම නිදහසට කාරණාවක් කර ගනිමිනි. එහෙත් කාශ්මීරයේ බහුතරය මුස්ලිම් වනවා පමණක් නොව එය පාකිස්ථානය හා භූමියෙන් ද සම්බන්ධව පවතින බැවින් පාකිස්ථානයට ද හමුදා මැදිහත් වීමක් කිරීමේ ඉඩකඩ පවතී. 1947 දී සැබවින්ම සිදු වූයේ එයයි. ගෝත්‍රික සටන්කාමී කණ්ඩායම් විසින් ඇති කරන ලද කලහකාරී ක්‍රියාවන් හේතුවෙන් කාශ්මීරයේ මහාරාජා විසින් ඉන්දීය සහය ඉල්ලා සිටින ලදී. ගෙට හොරු පැන්න විට උදව් කරන්නට එන මිනිහා මුළු ගේම ඉල්ලා සිටින අයුරින් ඉන්දියාව හමුදා සහය එවන ලද්දේ කාශ්මීරය ඉන්දියාවට අමුණා ගැනීමේ යෝජනාද සමගිනි. ඊට එකඟ වීම හැර වෙන විකල්පයක් මහාරාජාට නොතිබිණි. පසුව පාකිස්ථාන හමුදා කාශ්මීරයට අවතීර්ණ වුවත් ඉන්දීය හමුදා පසු බැස්සවීමට සමත් නොවූ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව අද දක්වා පවතින සටන් විරාමයක් දෙරට අතර ඇති කරවන ලදී. කාශ්මීරය ඉන්දු-පාකිස්ථාන් දෙරට විසින් බෙදාගෙන පාලනය කෙරෙන මුත් එහි නිරන්තර ගැටුම් පවතී.

    Wiki: The ruler of the princely state of Kashmir and Jammu came under pressure from both India and Pakistan to agree to accede to one of the newly independent countries. Maharaja of Kashmir, Hari Singh, decided to avoid accession to either country. Following a Muslim revolution in the Poonch and Mirpur area[16] and an allegedly Pakistani backed[17]:18 Pashtun tribal intervention from the Khyber Pakhtunkhwa aimed at supporting the revolution,[21][22] the Maharaja asked for Indian military assistance. India set the condition that Kashmir must accede to India for it to receive assistance. The Maharaja complied, and the Government of India recognised the accession of the princely state to India. Indian troops were sent to the state to defend it...
    වැඩි විස්තර
  4. මනිපූරය (Manipur) :

    මනිපූරය බෙංගාලය තුල පිහිටියේය. මේ වර්තමාන බංග්ලාදේශ මායිමයි. 1947 දී ස්වෛරී රාජ්‍යයක් බවට පත් වූවත් මේ රාජ්‍යයේ ඉන්දීය බලපෑම අඩු නොවීය. 1949 දී දිල්ලියට කැඳවන ලද මනිපූර් මහාරාජා බොහෝ තර්ජන ගර්ජන සහ සටකපට කම් මගින් ඉන්දියාව හා එකතු වීමට එකඟ කරවා ගන්නා ලදී. එසේ වුවත් එරට මහජන මන්ත්‍රී මණ්ඩලය මීට එකඟ නොවූ අතර 1949 දී ඉන්දීය බලහත්කාරය විසින් මනිපූරය යටත් කර ගන්නා ලදී. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව විසින් යටත් විජිතයක් ලෙස සෘජුව පාලනය කරන ලද මනිපූරය දශක ගණනාවක අරගලයකින් පසු 1972 දී ඉන්දීය ප්‍රාන්තයක තත්වය පිරිනමන ලදී.

    Wiki: Maharaja Bodhchandra was invited to Delhi, along with other rulers of princely states, to discuss the future of his kingdom and was convinced to sign the instrument of accession on 21 September 1949, which would take effect on 15 October the same year. The integration had not been ratified by the representative assembly of Manipur, which was anyway abolished following the onset of the accession...
    වැඩි විස්තර
  5. ත්‍රීපුර (Tripura) :

    ත්‍රීපුරයේ තත්වය මනිපූරයේ තත්වයට බොහෝ සෙයින් සමානය. මනිපූරය අසලම, එහෙත් බෙංගාලය තුල ගිලී පිහිටි මේ කුඩා රාජ්‍යයටද ඉන්දීය බලහත්කාරයෙන් ගැලවීමක් නොවීය. ත්‍රිපුරයේ අවසන් මහරාජා සැකසහිත මරණයකට ගොදුරු වීමෙන් අනතුරුව 13 වියැති ළදරු මහරාජා සහ ඔහුගේ මෑණියන් පත් වූ අසීරුතාවයෙන් ප්‍රයෝජන ගත් ඉන්දීය කේවට්ඨයෝ ගිවිසුමක් මගින් මේ රටද අත්පත් කර ගත්හ.

    Wiki: The last king was Kirit Bikram Kishore, son of Bir Bikram Kishore Debbarman, who ruled for two years, 1947-1949. On 15 October 1949 the state acceded to the Indian Union as a consequence of the Tripura Merger Agreement signed by Queen Kanchan Prava Devi who was presiding the Council of Regency formed following the death of the last ruling King, Bir Bikram Kishore Debbarman...
    වැඩි විස්තර
  6. ප්‍රංශ සහ පෘතුගීසි ඉන්දීය ජනපද (Pondicherry, Karikal, Yanam, Mahe and Chandernagore | Dadra and Nagar Haveli, Goa, Daman and Diu) :

    ඉහත නම් සඳහන් ප්‍රදේශ පිළිවෙලින් ප්‍රංශයින් සහ පෘතුගීසින් විසින් දිගටම පාලනය කරගෙන ආ පෙදෙස්ය. මේ ප්‍රදේශ පෙර විස්තර කළ අර්ධ ස්වාධීන දේශීය පාලන ප්‍රදේශ මෙන්ම නව ඉන්දීය රාජ්‍යය විසින් වට කෙරී පැවතිනි. ලිහිල් විගමන නීති උපයෝගී කර ගනිමින් මේ ප්‍රදේශ වලට ඇතුල් වූ ඉන්දීය ඒජන්තයන් විසින් ක්‍රමානුකුලව අරගල වලට පොළඹවන ලදුව මේ ප්‍රදේශ එකිනෙක වශයෙන් ප්‍රංශ සහ පෘතුගීසි පාලනයෙන් ගිලිහිණ.

    සඳහන් කළ යුතු කරුණක් වන්නේ ප්‍රංශ ප්‍රදේශ ප්‍රංශයේ අනුමැතිය සහිතව ජනමත විචාරණ වලින් ඉන්දියාව හා එක් වීමට එකඟ වූ අතර පෘතුගීසි ප්‍රදේශ මිලිටරි බලහත්කාරය යෙදීම මගින් ඈඳා ගන්නා ලද බවයි. 1961 දී ඉන්දියාව විසින් ගොඩබිමින්, මුහුදින් හා අහසින් විශාල ආක්‍රමණයක් කුඩා ගෝවා දේශය වෙත එල්ල කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ම්ලේච්ඡ ක්‍රියාවට විරුද්ධව ගැනීමට ගිය ක්‍රියා මාර්ගය අවහිර වූයේ සෝවියට් සමුහාණ්ඩුව ඊට එරෙහිව නිශේධ බලය යෙදූ නිසාය.

    එසේම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මේ බලහත්කාරී තක්කඩි ක්‍රියාවට සහය පල කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද එකක් බවයි. ඉන්දියාව ජිනීවාහී දී මීට කෘතගුණ මැනවින් සළකන ලදී.

    Wiki: Full support for India's action was expressed in Ceylon, where Prime Minister Sirimavo Bandaranaike issued an order on 18 December directing that "transport carrying troops and equipment for the Portuguese in Goa shall not be permitted the use of Ceylon's seaports and airports." Ceylon went on, along with delegates from Liberia and the UAR, to present a resolution in the UN in support of India's invasion of Goa...
    වැඩි විස්තර
  7. සිකීම් (Sikkim) :

    නේපාලය හා භූතානය අතර පිහිටි සිකීම් රාජ්‍යය හුදෙකලා ස්වාධීන රාජ්‍යයකි. ඉන්දියාව නේපාලය හා භූතානය සමග ගිවිසුම් වලට බැඳී ඒවායේ ස්වාධීනත්වයේ යම් යම් කොටස් අත්පත් කර ගත්තාය. උදාහරණයක් ලෙස භූතානයට තවම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් නැත. එය ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ දිගුවකි. වෙනත් වචන වලින් කියන්නේ නම් භුතාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යංශයෙන් මෙහෙයවයි - අද අපේ යහපාලන විදේශ අමාත්‍ය වරයා මෙනි.

    ඉන්දියාව 1950 දී සිකීම් රාජ්‍යය හා බැඳුනු ගිවිසුමකින් එරට විදේශ කටයුතු, ආරක්‍ෂාව සහ විදුලි සංදේශ සේවා තමන් යටතට ගැනිණි. එසේම නීතිය හා සාමය රැකීම පිළිබඳ වගකීම ද බාර ගැනිණි. මේ බලතල භාවිතා කරමින් 1970 පමණ වන විට ඉන්දීය ගැති පංතියක් - සිකීම් ටෝය්යන් - බිහි කර ගැනීමට ඉන්දියාව සමත් වූ අතර විදේශ සම්බන්ධතා පිළිබඳ නව උනන්දුවක් සිකීම් රාජ්‍යය තුල දළු ලා වැඩෙන්නට ද විය. නේපාලය භූතානය හා ටිබෙට් රාජ්‍යයට (එනයින් චීනයට) මායිම්ව පිහිටි මේ කුඩා රාජ්‍යයේ නව පිබිදීම දෙස ඉන්දියාව සුබවාදී ලෙස දුටුවේ නැත.

    1973 වන විට සිකීම් දේශයේ "දේදුණු විප්ලව" උද්ගෝෂණ වර්ධනය වන්නට වූ අතර ඉන්දීය සහය ලැබූ නොරාජ්‍ය නායකයින් විසින් ඉන්දීය මැදිහත්වීමක් ඉල්ලා සිටින ලදී. ඒ අනුව මැදිහත් වූ ඉන්දියාව සිකීම් රාජ්‍ය නායකයා හා නොරාජ්‍ය නායකයා අතර ගිවිසුමක් ඇති කරවන ලද බව කියැවුණත් කිසිවෙක් සිය කැමැත්තෙන් බෙල්ල කපා ගැනීමට ගිවිසුම් අත්සන් නොකරන බැවින් සහ සිදුවීම් පෙළ ගැසුණු ආකාරය අනුව මෙයත් ඉන්දීය බලහත්කාරයේ දිගුවක් බව පෙනී යයි.

    ඉන්දීය බලහත්කාරය මත පැවැත්වුණු මැතිවරණයෙන් නොරාජ්‍ය නායකයාගේ පාර්ශවය ජය ලැබූ බවත් 1975 වන විට අපේ ජුන්ටාධිපති තුමා මෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙනවුත් තම රාජ්‍යය ඉන්දියාවට පාවා දීමට සිකීම් රාජ්‍යයේ නොරාජ්‍ය පාලකයා සමත් වූ බවත් ඉතිහාසයට එක් වී ඇත.

    Wiki: In 1947, when India became independent, a popular vote rejected Sikkim's joining the Indian Union. Although a treaty was made between India and Sikkim in 1950, in the interest of Prime Minister Jawaharlal Nehru. That Indo-Sikkim treaty gave Sikkim an Indian protectorate status. Sikkim came under the suzerainty of India, which controlled its external affairs, defence, diplomacy and communications, but Sikkim otherwise retained administrative autonomy.

    A state council was established in 1953 to allow for constitutional government under the Chogyal. Meanwhile, the Sikkim National Congress demanded fresh elections and greater representation for Nepalis in Sikkim. Palden Thondup Namgyal, the Chogyal at the time, proved to be extremely unpopular with the people. In 1973, riots in front of the Chogyal's palace led to a formal request for protection from India.

    In 1975, the Prime Minister of Sikkim appealed to the Indian Parliament for Sikkim to become a state of India. In April of that year, the Indian Army took over the city of Gangtok and disarmed the Chogyal's palace guards. Thereafter, a referendum was held in which 97.5 per cent of voters supported abolishing the monarchy, effectively approving union with India. Although the union was presented as the will of the people by the Indian authorities, the merger was widely criticised as an annexation and India was accused of exploiting the ethnic divide and rigging the referendum.[29] On 16 May 1975, Sikkim became the 22nd state of the Indian Union, and the monarchy was abolished...

    වැඩි විස්තර
ඉහත විස්තර කරන ලද්දේ ඉන්දියාව විසින් ආක්‍රමණය කර තම රටට එකතු කර ගන්නා ලද රටවල් පිළිබඳ විස්තරයකි. සත්‍ය වශයෙන් ගතහොත් බ්‍රිතාන්‍ය ඉන්දීය අධිරාජ්‍යයේ බලය පිළිගත් මුත් අභ්‍යන්තර ස්වාධීනත්වයක් පවත්වාගෙන ගිය පෙදෙස් පන්සිය ගණනම කේවට්ඨ උපක්‍රමය භාවිතයෙන් යටත් කරගත් හෙයින් ඉන්දියාව විසින් බලහත්කාරය යෙදූ රටවල් ගණන 1945 න් පසු ලෝකයේ අනෙක් සියළුම රටවල් විසින් මිලිටරි බලයෙන් යටපත් කරගත් රටවල් සංඛ්‍යාවට වඩා විශාලය.

ඉන්දියාවේ නොසිඳෙන දොළදුක සංසිඳවීම පිණිස බිළි වීමට නියමිත රටවල්

ඉන්දියාවේ ලොකු වීමේ - වෙනත් වචන වලින් කියතොත් පිම්බීමේ - ආශාව මෙතෙක් සංසිඳී නැත. පාකිස්ථානය පාලනය කරන කාශ්මීර පෙදෙස්, චීනය පාලනය කරන අකාෂි චින් පෙදෙස ආදිය තමාට නතු කර ගැනීමට ඉන්දියාව තවමත් මාන බලයි. පාකිස්ථානය හා යුද්ධ හතරක් කර ඇති ඉන්දියාව නැගෙනහිර පාකිස්ථානය කඩා වෙන් කර බංග්ලාදේශය නමින් තමාට අවනත රාජ්‍යයක් තැනවීය. 1980 ගණන් වලදී රෝ සංවිධානයේ ආධාර ලැබූ දෙමළ සංවිධානයක උදව්වෙන් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක මුවාවෙන් මාලදිවයින ආක්‍රමණය කළ ඉන්දියාව එහි තම බලපෑම ශක්තිමත් කර ගත්තීය.

1970 ගණන් වල සිට දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් තම භූමිය තුලම හමුදා පුහුණුව ලබා දෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ ඉන්දියාව වඩමාරච්චි මෙහෙයුම නතර කිරීමට සිය ගුවන් සහ නාවික හමුදා යෙදිය. අවසන 1987 සිය රාජ්‍යතාන්ත්‍රික බලහත්කාරය යොදා ගනිමින් ජනාධිපති ජයවර්ධන ගිවිසුමකට අවනත කර ගති. එසමයේ මෙරට ඉන්දීය මහකොමසාරිස් ධුරය දැරූ JN දික්ෂිට් කටයුතු කළේ ලංකාවේ ආණ්ඩුකාරයා මෙනි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා භූමිකාව එතෙකින් අවසන් වන්නේ නැත. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙන රටකට බදු දීමට හෝ අපට ප්‍රයෝජනයට ගැනීමට හෝ ඉන්දියාව ඉඩ දෙන්නේ නැත. සාම්පූර්හි ගල් අඟුරු බලාගාරයක් තැනවීමේ මුවාවෙන් ඕ එහි නාවික හමුදා කඳවුර ඉවත් කරවීමට කටයුතු කරන්නීය. එපමණක් නොව අප රටට හිමි අනන්‍ය මුහුදු කලාපයේ තෙල් ගවේෂණය සහ කැනීම කෙරේද ඉන්දියාව දැඩිව බලපෑම් කරයි. උතුරු මුහුදේ ඉන්දීය ධිවරයින් විසින් දිනපතා කරගෙන යන මත්ස්‍ය ජාතිවිනාශය (genocide) ද ආක්‍රමනයකි.

මේ බලපෑම් වල කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් මෙරට රෝ නියෝජිතයන්ද සම්බන්ධ කරමින් පසුගිය ආණ්ඩුව පෙරළා දැමීමට ඉන්දියාව සමත් විය. ඊට ඇමරිකානු සහ යුරෝපා සංගම් සහයද ලැබිණි. ඉන්දීය කුමන්ත්‍රණය මල්පල ගන්වමින් පත් වූ අභිනව ජනාධිපති විසින් මෙරට නොරාජ්‍ය නායකයා මිනිත්තු පහෙන් අගමැති බවට පත් කළ අතර නිල නොවන මට්ටමින් විධායක බලතලද ඔහුට පවරා දෙන ලදී.

නව විදේශ ඇමති දිවුරුම් දී වැඩ බාර ගැනීමට දිව ගියේ අමාත්‍යාංශයට නොව ඉන්දියාවට වීමෙන් පෙනී යන්නේ ඉන්දියාව නැවතත් ශ්‍රී ලංකාවේ කටයුතු කෙරේ දක්වන උනන්දුවේ තරමයි. පසුව පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අගමැති සහ ඔහුගේ සහය ලබන ජනපති පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නැති භංග කර විපක්‍ෂ නායක ධුරය තවත් ඉන්දීය සුරතලෙකුට ලබා දී ඇත. බල්ලා, රීරි යකා කියා සුරතල් නම් වලින් ජනමාධ්‍යවේදීන් අමතා ජනමාධ්‍ය නිදහස අගයන මෙරට අගමැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තව ඉන්දීය ගැතියන් හා රෝ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරයි. ඒ අතර ආර්ථිකය බලා ගැනීමට සිටින ඇමති මෙරට රැකියා අවස්ථා ඉන්දියානුවන්ට විවෘත කිරීමේ ගිවිසුමක් ගැන නන්-දොඩවයි.

ඉතිහාසය පුනරුච්චාරණය වේ. එහෙත් ඒ එකම තැනදී නොවේ. 1970 ගණන් වලදී සිකීම් දේශය මුහුණ පෑ තත්වයට අද ලංකාමාතාව පත් වී නොසිටින්නීද ? මේ විලම්බීතය අද හෙටම නවතා නොදැමුවහොත් අපට කියා ලංකාවක් ඉතිරි වේද ?



අප යෝජිත ඉන්දීය ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුම දෙස සැකමුසුව බැලිය යුත්තේ මේ හේතුවෙනි. ඉහත විස්තර කළ පරිදි ඉන්දියාව හා ගැසූ ගිවිසුම් වලින් අනෙක් රටවල් නැත්තටම නැති වී නම් ලංකාවට පමණක් වෙන ඉරණමක් අත් වීමේ ඉඩකඩක් නැත. ලංකාව සුඛිත මුදිත ස්වර්ග රාජ්‍යයක් කිරීමට ඉන්දියාවට ඇති රුදාව කුමක්දැයි අප අපෙන්ම විමසිය යුතු ප්‍රශ්නයයි. ඉන්දියාවේ සැබෑ අභිලාශය ලංකාව කොටස් වශයෙන් ඉන්දියාවට ඈඳා ගැනීම මිස වෙනකක් නොවේ.

කවුරුන් හෝ මගේ රට බිළි දේ නම්
නොපනත් කම් ගිණි ලා අවුලා නම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුණිවත අවදානම් !


පෙර ලිපි:

ආශ්‍රිත ලිපි:

44 comments:

  1. ඔබතුමා ලියන දේ ඉතාම කාලෝචිතයි...
    හැබයි ඉතින් නෙලුම්යාය සම්මාන එහෙම බලාපොරොත්තු වෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. සම්මානයක්නම් දෙන්න වටිනවා මේකටනම්.

      Delete
    2. දෙතිස් කතාවට සම්මාන ලැබෙන්නේ අප අපගෙන්ම පමණි.

      Delete
  2. හරි අපූරු ලිපියක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබතුමා නම් පුරුෂයෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රියක් ?

      Delete
    2. මහා පුරුෂයෙක්. (ඕක හින්දි චිත්‍රපටියකින් අහුලගත්ත කතාවක්.)

      ඔහොම ලිපි ලියනකොට සූරියප්පෙරුම මහත්තයාගේ ශෛලියෙන් ලියන්න බලන්න. එතකොට හොඳට මොලේට යනවා.

      Delete
    3. මහාපුරුෂයෙක් යනු මහාපුරුෂ ලක්‍ෂණ ඇති කෙනෙකි. අපට එවැනි කිසිවක් නැත. එවැනි ලක්‍ෂණ ඇති කෙනෙක් බෙල්ලන්තර ප්‍රදේශයේ සැරිසරණ බව කියැවෙන මුත් හරියට දැක නැත.

      Delete
  3. මේකනම් පට්ටම පට්ට ලිපියක්. මට දැන් මාස කීපයක ඉඳල දෙතිස් කතාව එපා වෙලා තිබ්බේ. නිකං යුතුකමට වගේ ආවට මෙලෝ රහක් නැතුව හිටියේ. තව දෙසැරයක් විතර කියවන්න වෙනවා referance එක්කම.

    ReplyDelete
    Replies
    1. හරියට එකක් ලියන එක ලේසි නෑ මිත්‍රයා. කරුණු දැනගෙන හිටියට වැඩක් නෑ, ඒවා ආයෙත් හොයල මූලාශ්‍ර හොයාගෙන කරුණු පෙළගස්වල ලියන්න වෙනවා. මේකට කරුණු එකතු කරන්න මාසයක් ගියා. දවස් තුනක් රෑ 2 වෙනකම් නිදි මරලයි ලියල ඉවර කර ගත්තේ. මේ ලිපියේ මාතෘකාවට අදාළ නැතත් කියන්න ඕනේ දේවල් මීට කලින් ලිපි දෙකකින් ලියල දැම්මා.

      ඔන්න ඕකයි උනේ - ඉතිං ඔබ තුමාලට සතුටුයි නම් මටත් සතුටුයි.
      (ඒත් මේකේ කියවෙන්නේ නම් සතුටු වෙන්න ඕනේ දෙයක් ගැන නෙමේ)

      Delete
  4. සික්කිම් කියන්නෙ ටිබෙට් ප්රදේශයක් නේද? ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගෙ ගම සික්කිම්. ඒ හාමුදුරුවන්ගෙ “ඇස්“ අකුරෙන් කියවෙන්නෙ “සික්කිම්“.

    ReplyDelete
    Replies
    1. "නේපාලය හා භූතානය අතර පිහිටි සිකීම් රාජ්‍යය හුදෙකලා ස්වාධීන රාජ්‍යයකි." ඔයා දෙමළද ? සිංගල තෙරියමා ?

      Delete
    2. මම පැහැදිලි කරගන්නයි ඇහුවෙ. කේන්ති ගන්න එපා. ඔයා ලියන දේට මූලාශ්‍ර තියෙනවනං කියන්න. මං කියවල තේරුම් ගන්නං. නැතුව ඔයා ලියන දේ නිරපේක්ෂ සත්‍යයක් යැයි, විමසීමෙන් තොරව කියවන්නා පිළිගත යුතුයි කියා හිතනවනම් ඒ බව කියන්න. ඒකත් මං තේරුම් ගන්නං.

      Delete
    3. අයියෝ සඳ, මම මේ බ්ලොග් එකේ අයිතිකාරයාවත් මේක ලියපු අපරාධකාරයවත් නෙමෙයි. කාලෙකට පස්සේ දෙතිස් කතාවේ හොඳ ලිපියක් දැකල ආපු චූන් එකටයි පැනල දුන්නේ. ඔයා ගණන් ගන්න එපා මෙයා.

      ඊළඟට, මෙන්න ඉල්ලන ලින්ක් එක. ඒකත් අර ලිපියේම තියෙනවා. මම හොයා ගත්ත දෙයක් නෙමෙයි.
      https://en.wikipedia.org/wiki/Sikkim
      ඕකේ බලන්න සිතියම තියෙනවා.

      ඇස් මහින්දගේ ඇස් එකනම් සිකීම් තමයි. එයා සිකීම් වල ඉපදිලා ටිබෙට් හරහා ලංකාවට ආවා වෙන්න බැරිද ?
      මම හිතන්නේ එහෙමයි.

      Delete
    4. මහින්ද හිමිපාණන් පිළිබඳ විකි පිටුවට අනුව උන් වහන්සේ ටිබෙට් නොව සිකීම් ජාතිකයෙකි. උන් වහන්සේ ටිබෙට් ජාතික යැයි කියන්නට ඇත්තේ ටිබෙටය ගැන සිංහලයන් අතර දැනුමක් තිබූ නිසා බව ඒ පිටුව තවදුරටත් කියයි.
      ---

      අපගේ අදහස මීට වෙනස්ය. එය දැක්වීමට පෙර ඔබ දෙතිස් කතාව වෙත සාදරයෙන් පිළිගැනීමට අවසර.
      ---

      ටිබෙට් රටට, නේපාලයට, භූතානයට හා ඉන්දියාවට මායිම් වන සිකිම් රාජ්‍යයට, විශේෂයෙන් එහි දේශ සීමා ආසන්නයේ ජන වර්ග සම්මිශ්‍රණයක් වන්නට ඉඩ පවතී. දැන් වැනි ආගමන-විගමන නීති නොතිබූ ඒ කාලයේ මෙය ඉතාම සාමාන්‍ය කරුණකි.

      සිකීම් ජාතිය (nation) ගොඩනැගෙන්නේ ඉහත අයුරින් සැකසෙන ජනවර්ග එකතුවෙනි. මහින්ද හිමිපාණන් ටිබෙට් ජනවර්ගයට (race) අයත්ය. එහෙත් සිංහලයන් ජාතිය යන්න එහි පාරිභාෂික අරුතින්ම පමණක් නොයොදන හෙයින් සහ වඩා නිවැරදිව ගත්තොත් උන් වහන්සේ ටිබෙට් වාර්ගිකයෙක් වන හෙයින් "ටිබෙට් ජාතික" ලෙස යෙදූ බව සිතමි. එහි වරදක් නැත.

      මහින්ද හිමිපාණෝ සිකීම් දේශයේ ජාතක වී මෙහි පැමිණි බැවින් උන් වහන්සේගේ වාසගම සිකීම් මිස ටිබෙට් වන්නේ නොවේ.

      මේ කාරණා හේතුවෙන් ටිබෙට් ජාතික සිකීම් මහින්ද යන නාමය අත්‍යන්තයෙන්ම නිවැරදි යෙදුමක් වන්නේය.
      ---

      අමතර කරුණක්: සිකීම් ජාතිය පිළිබඳ විකි පිටුවට අනුව සිකීම් ජාතිය ප්‍රධාන වශයෙන් නේපාලි සහ ටිබෙට් ජනවර්ග වලින් සැදුණේ වෙයි. මෙය අපගේ මතයට සහයක් බව පෙනේ.

      Delete
    5. කණිෂ්ක, ඉතාම වැදගත්පැහැදිලි හා පිලිගත හැකි තර්කානුකූල පිළිතුරක්
      ස්තුතියි අපිටත් හිතන්න දෙයක් මේ

      Delete
    6. මම වගකීමැති පිළීතුරක් බලාපොරොත්තු උනා. ඒක කණිශ්ක ඉතාම හොඳින් ඉෂ්ට කර දී තිබෙනවා. ඒ ගැන ගොඩක්ම ස්තූතියි.

      මේ සයිට් එකේ කියවන්නන් ප්‍රශ්න අහන්නෙ, ලියන්නාගෙන් හෝ වෙනත් අයෙක්ගෙන් මෙවැනි වගකීමැති පිළීතුරු අපේක්ෂාවෙන්. ඒ මැදට කඩාපනිමින් අර උඩින් ජෝසෆ් ම කියා තිබෙන විදියට "පැනල දීමෙන්" අගතියක් වන්නේ මේතරම් වෙහෙසක් දරාගෙන මෙවැනි ලිපි ලියන, රචකයාට සහ මේ බ්ලොග් සයිට් එකටම යි. ඒ නිසා කණිෂ්කට මම අනතුරු අඟවන්න කැමතියි. අර රජා නිදි අතරෙ මදුරුවො එළවපු වඳුරගෙ කතාව දන්නවනෙ...

      ජෝසෆ් මීට පෙර දක්වා ඇති අදහස් මා කියවා තිබෙනවා. ඒ අනුව ඔහු ගැන මගේ සිතේ තිබුණු ප්‍රතිරූපය මීට වෙනස්. මෙවැනි දෙයක් මම ඔහුගෙන් බලාපොරොත්තු නොවුනු අතර, එය දුටු විට මට මහත් සංවේගයක් ඇති වුනා.

      Delete
    7. ජෝසෆ් මීට පෙර දක්වා ඇති අදහස් මා කියවා තිබෙනවා. ඒ අනුව ඔහු ගැන මගේ සිතේ තිබුණු ප්‍රතිරූපය මීට වෙනස්. මෙවැනි දෙයක් මම ඔහුගෙන් බලාපොරොත්තු නොවුනු අතර, එය දුටු විට මට මහත් සංවේගයක් ඇති වුනා.----------------------------

      Joseph යන මගේ නම භාවිතා කර වෙන කෙනෙකුට උනත් දෙයක් කීමේ හැකියාව තිබෙනවා. මා නම් නම / ප්‍රතිරූපය ගැන එතරම් සැළකිල්ලක් නෑ.

      ඔබ තුල මා කෙරේ ගෞරවයක් තිබූ නම් ඒ ගෞරවය තිබුණේ මා මෙතෙක් දැමූ ප්‍රතිචාර වෙතයි. ඉතින් ඉහත ප්‍රතිචාරය ඔබේ සිත් නොගත්තේ නම් ඒ ගැන මගේ කණගාටුව පිළිගන්න. මා උත්සාහ කලේ කිසිවක් ඔප්පු කරන්නට නොවේ - ලිපියේ එවැන්නක් ඇති බව පෙන්වීමට පමණයි.

      මගේ දෙවන පිළිතුරින් මේ ගැන මගේ අදහස ඉදිරිපත් කළා. ඒත් ඊට වඩා හොඳ පැහැදිළි නිවැරදි පිළිතුරක් අපේ කණිෂ්ක තුමා දීල තියෙන නිසා මගේ පිළිතුර ගැන වද වෙන්න අවශ්‍ය නෑ. ඔබ තුමාට පිං, ඔව් අර වඳුරු උපමාවටත් එක්කම තමයි.

      Delete
  5. සටනින් තොර මුණිවත අවදානම් ! අම්මපා ඇත්ත.

    සටනක් දීම සඳහා කේවට්ට සූත්තර පරාජය කළ හැකි "ගොවියා පුතු මොළයක්" ජාතික දේශපාලනය තුළ සිටීද? ආණ්ඩුව කලින් කලට කෘත්‍රිමව නිර්මාණය කරන අර්බුද දෙසට බුරා හැලෙනවා විනා රට පත්ව ඇති විපතින් ගලවා ගැනීමේ ජාතික අරමුණක් හෝ වැඩපිළිවෙලක් බද්ධ විපක්ෂයට ද නැත. දිනන්නට හෝ පරදින්නට පළාත් පාලන මැතිවරණය සඳහා ජුන්ටාධිපති ආණ්ඩුව වහා සටනට කැඳවිය යුතුය. නැතහොත් ජුන්ටයියා කාලයාගේ ඇවෑමෙන් ලස්සනට වැඩේ ඉවර කර අලුත් රටක මැතිවරණ ආදිය පවත්වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරිය. එවැනි එකෙක් ජාතික තලයේ නම් නැත.
      ජුන්ටයියා ජනමාධ්‍යට බුර බුරා ගානට වැඩේ ඇදගෙන යයි.

      Delete
    2. තමන් අතට තම අතමය සෙවණැල්ල !

      සිංහලයා එක එක නායකයන් පසුපස යාම නවතා සිංහලයින් වශයෙන් සිතිය යුතුය. නායකයින් තනාගෙන වන්දනා කිරීමම වරදකි.

      සිංහලයෝ වනාහී බෞද්ධයෝය - එනම් විතරාගී බුදුරජුන්ගේ සරණ යන්නෝය. දේශපාලන නායකයින් රාගී පමණක් නොව ද්වේෂි හා මෝහී පුද්ගලයින් වන කළ ඔවුන් නායකයින් ලෙස පිළිගැනීම (අපද එසේ වුවත්) අපට තරම් නොවේ.

      නායකයින් පසුපස ගොස් අමාරුවේ වැටුණා දැන් ඇති !
      ---

      මැතිවරණ වලට බය නැති කෙනෙකුට සිටියේ මහින්ද රාජපක්‍ෂ පමණි. අනෙක් අය, විශේෂයෙන් ජුන්ටාධිපති මැතිවරණ වලට ඉතාම බය පුද්ගලයින් වේ. පළාත් පාලන මැතිවරණය කල් යන්නේ මේ හේතුවෙනි. පළාත් පාලන මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණ ද නොපැවැත්වෙන තරමට මා නම් කැමතිය. මේවායින් සැළකිය යුතු වැඩක් නොකෙරෙන බැවිණි. මැතිවරණ නැති විට මන්ත්‍රී නඩත්තු වියදම් ඉතිරි වේ. එය වාසියකි. සභාපති නැත, මන්ත්‍රී නැත කියා වැඩ නවතින්නේ නෑ නේද ?

      Delete
    3. සිංහලයින් වශයෙන් අපට රැක ගැනීමට බොහෝ දේ තිබේ. අපේ ප්‍රශ්නය එයයි. සුළුජාතිකයින් කියා පෙනී සිටින දෙමළ-හම්බ රැළට අපෙන් කඩා වඩා ගැනීමට බොහෝ දේ තිබේ. මේ නිසා 'සුළුජාතික' ආණ්ඩුව කරන්නට ලැහැස්ති වන සුළු දේට පවා විරුද්ධ වීමට අපට සිදු වේ. කොහේ හරි නගරයක පාරක් වැසීම හෝ ඇරීම ජාතික ප්‍රශ්නයක්ද ? නැත. ඒත් නුවර දළදා මාලිගා පරිශ්‍රය මැදින් දිවෙන පාර විවෘත කර ගැනීමට චණ්ඩින් ගියේ කොලඹිනි. එවිට නුවරට කිසි සම්බන්දයක් නැති අපිටත් මේවා ප්‍රශ්න බවට පත් වේ. මෙයට ප්‍රතිකර්මය ආණ්ඩුව (කනිෂ්ක කියන අයුරින් ජුන්ටාව) පෙරළා දැමීම මිස එක එක ප්‍රශ්න හුදෙකලා කොටගෙන විරෝධය දැක්වීම නොවන බව සිතමි. ආචාර්ය නලින් නිවැරදිය. සිංහලයාට ප්‍රශ්නයේ මුලට යෑමේ හැකියාව නැත. කතෝලික මිශ්‍ර පවුලක වීම නිසාදෝ මට මේ හැකියාව තිබේ. රනිල්-මංගල සමරිසි කල්ලිය පසුගිය සමයේ සෑම ප්‍රශ්නයකටම මහින්ද වෙත ඇඟිල්ල දික් කළ අයුරු අමතක කළ යුතු නැත. අද තිබෙන සෑම ප්‍රශ්නයකටම රනිල්-මංගල-රවී-කිරිඅල-මලික් ප්‍රමුක යූ ඇන් පීය සහ හකීම්-පච රණවක සම්බන්ද සිරිසේනගේ ආණ්ඩුවත්, සම්පන්තන් අනුර කුමාර ප්‍රමුක සිරිසේනගේ විපක්‍ෂයත් වගකිව යුතුය.

      Delete
  6. රෝ සංවිධානය තනිකරම පසුගිය රජය පෙරලීමේ කොන්ත්‍රාත්තුව කලාද? එතකොට මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයෙන් පසුව ගෙනගිය අවිචාර පාලන සමය රෝ සංවිධානය විසින් එතුමාගේ ඔලුවට දාපු විසක්ද?

    ReplyDelete
    Replies
    1. හික් ! උඹ බබා...

      Delete
    2. මහත්මයා, යම්කිසි වලංගු කරුණු සහිත පිළිතුරක් දෙන්න.

      Delete
    3. ගනන් ගන්න එපා ලොක්කා. ඔයාට නවක වධය දෙනවා

      Delete
    4. මේ මනපහතයා හිතන්නේ ජෝක් එකක් දාල විචාරක ලොක්කාගේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නයි.

      Delete
    5. විචාරකගේ ප්‍රෂ්නය ඒකාංශිකයි කියන එක තේරුම් ගන්න තරම් මොළ කඳුලක් ඇති කෙනෙකුට කවුද මන පහතා කියන එක වැටහෙනවා.
      රාජපක්ෂ පාලනය තුල වූ අවිචාර කාරනා 48 සිට මෙරට පැවති පාලනයන්ගේ අවිචාර කටයුතු සමග සසඳා ඔය කථාව කරන්න. අද මේ ඊනියා යහපාලනයේ අකටයුතු අවිචාර රාජපක්ෂ පාලනයේ අවිචාර අකටයුතු කම් හා සැසඳීමේදී අගය කොපමණද?

      Delete
    6. ජිඟුවා හිතන්නේ මේක ජෝක් එකක් කියලද ? උඹත් බබා !!!

      Delete
    7. දැන් මේ විචාරක තමන්ගේ නිවසේ දොරේ අගුලට යතුරු නොදමා ගමනක් යනවා. එතකොට ‍හොරෙක් එක දැකලා ‍නිවසේ බඩු හොරකම් කරනවා. එතකොට හො‍රා වැරදි කරුවෙක් නෙමෙයිද?

      Delete
    8. විචාරකතුමා වැනි බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් මෙහි පැමිණීම ගෞරවයක් සේම සතුටකි. එහෙත් ඔබ තුමා නගන පැන දෙක නම් ඔබගේ මට්ටමට එතරම් සුදුසු නැත - මේවා සුදුසු සිරස මාධ්‍ය ජාලයේ සංවාද වලටය.

      හේතුව: ඔබේ පූර්ව නිගමන පිළිගැනීමට අපට බල කරමින් මේ ප්‍රශ්න අසන නිසාය.

      1. රෝ සංවිධානය තනිකරම පසුගිය රජය පෙරලීමේ කොන්ත්‍රාත්තුව කලාද?
      2. එතකොට මහින්ද රාජපක්ෂ මහතා යුද්ධයෙන් පසුව ගෙනගිය අවිචාර පාලන සමය රෝ සංවිධානය විසින් එතුමාගේ ඔලුවට දාපු විසක්ද?


      [අ] පළමු ප්‍රශ්නයෙන් ඔබ "රෝ සංවිධානය විසින් පමණක් පසුගිය රජය පෙරැළූ බව" හෝ "රෝ සංවිධානය විසින් පසුගිය රජය පෙරැළීම පමණක් කළ බව" හෝ අප කියන බව ඇඟවීමට තැත් කරයි. ඔබ අදහස් කරන්නේ මේ දෙකින් කවරක් වුවත් මේ දෙකම වැරදි බව අපේ මතය වේ. එබැවින් ඒ ප්‍රශ්නය නැගීම නිවැරදි නැත.

      [ආ] දෙවැන්නෙන්,
      i. මෙරට යුද්ධයක් (war) තිබූ බවත් (මහින්ද රාජපක්‍ෂ එය අවසන් කළ බවත්),
      ii. මහින්ද රාජපක්‍ෂ ඒ ඊනියා යුද්ධයෙන් පසුව 'අවිචාර පාලන සමය' ක් ගෙන ගිය බවත් අපට පිළිගැනීමට බල කරයි.
      අප මේ දෙකම පිළිගන්නේ නැත.

      * මෙරට 88-89 කාලයේ ජවිපෙ හා යුද්ධයක් නොතිබිණි නම් 2009 කාලයේත් යුද්ධයක් තිබුණේ නැත - අඩු තරමින් සිවිල් යුද්ධයක් හෝ තිබුණේ නැත. තිබුණේ අවි ගත් කණ්ඩායම් වලට එරෙහිව මෙහෙයුම්ය. යුද්ධයක් තිබුණු බව ඔබ කියයි නම් හිටපු හමුදා නිලධාරියෙකු වන ඔබ විසින් ඒ තිබුණායැයි කියන යුද්ධය ප්‍රකාශයට පත් කළ සේනාධිනායකයා කවුද, එසේ යුධ ප්‍රකාශ කළේ කවදාද යන්න පැහැදිළිව අපට කිව යුතුය.

      ** මහින්ද අවිචාර පාලනයක් ගෙන ගිය බව බටහිරයන්ගේ 'ප්‍රොපගැන්ඩා' එකකි. එහි වැරදි තිබූ බව සැබෑවකි. එහෙත් ඒ අරුතින් ගත් කළ වැරදි නැති ආණ්ඩු ලංකාවේ තිබුණේ නැත - තිබෙන්නේද නැත. වැරදි තිබියදීත් මහින්ද යටතේ සිංහලයාට, බෞද්ධයාට පැවැත්මක් හා ආරක්‍ෂාවක් තිබිණි. අද එය නැත. රෝ සංවිධානය කළේ තමන්ගේ ඉත්තන් යොදා ලංකාවේ දේශපාලන තලයේ අවශ්‍ය සීරුමාරු කර තමන්ට අවශ්‍ය දේ ඉටු කරවා ගැනීමයි. අද ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් පවතී.

      ලංකාවේ මුහුද සූරා කන ඉන්දියානු මාළු බෝට්ටු වලට ලංකා නාවික හමුදාව වෙඩි තබන දිනෙක ජුන්ටාධිපති වික්‍රමසිංහ වෙත කෙරෙන ඉහත චෝදනාව ඉල්ලා අස් කර ගනිමි.

      Delete
    9. Jean Guwan Comney ගේ නම මත කොටා පිවිසෙන පිටුවේ ඇති වැකිය කියැවීමි.
      මේ පෙනෙන්නේ පාහර මරාගේ අධිපති වාදයයි. ඌ කරන්නේ හොඳින් හරි නරකින් හරි හැම එකාවම යටත් කරගන්න එකයි. ඌට ඕනේ හැම මිනිහම ඌට වැඳලා රජා කියන්නයි. පාහාරයා.
      මෙවැනි වැකියක් ලියන ප්‍රදර්ශනය කරන උන්ගේ මන ඇත්තේ පහතම තැන තමා මිත්‍රයා. දැන් රජකරගෙන ඉන්න 'පාහර' අයියලා දෙන්න එක්ක බැලුවම ඔය කියන මරා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියෙක්.

      ඔච්චර අධිපතිවාදයක් තියෙන මිහිහ චන්දෙ පැරදුන ගමන් නායක කම දාල ගියා. ජුන්ටාධිපති චන්ද කීයක් පැරදී පැරදී ඒත් එල්ලීගේම හිටියේ නැද්ද බලලෝභය නිසා. නිකමට හිතල බලන්න, මරාට අවුරුදු කීයක් ගියාද "මහරජාණෙනි" කියල සිංදුවක් ගහ ගන්න. ඒකට කොහොමද පතෝල කරල වගේ ඉන්න සිරා.

      ඒකට කමක් නෑ නේද මල්ලි, අපි මරාව එලෙව්වානේ !

      Delete
    10. බොහොම ස්තුතියි. සමහර බ්ලොග් කරුවන් මෙන් කමෙන්ට් කපාහැර අපහාස කිරීමෙන් තොරව ඔබ දුන් පිළිතුර අගනේයි.

      රෝ සංවිධානය විසින් ලංකාවේ දේශපාලනයට බලපෑම් කලේ අද ඊයේ නොවේ. මා දන්නා තරමින් ජේ.ආර්. යුගයේ සිට ය. එයට අසුවීම හෝ නොවීම සිදුවුනේ ඒ ඒ කාලීනව සිටි රාජ්‍ය තාන්ත්රිකයන්ගේ විචාර බුද්ධිය අනුවය.

      මෙතෙක් සිටි න්කිසිදු විධායක ජනාධිපති වරයකු, සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවේ. ඔවුන්ගේ පාලන කාලයන් තුල අසාධාරණය, දූෂණය, සොරකම, ඥාති සංග්‍රහය, තිබුණි. තමන් සොරකම් නොකලත් ගෝලයන්ට සොරකම්, දූෂණ වංචා කිරීමට ඉඩදීමත් වරදකි.

      මහින්ද රාජපක්ෂ මහතා අවිචාර පාලනයක් ගෙනගිය බවට බටහිර ප්‍රචාරයකින් තොරව දැනගතහැකි තොරතුරු තිබේ.

      උවමනාවට වඩා බටහිරට ගැතිවීම එජාප ලක්ෂණයක් යන්නත් රහසක් නොවේ.

      සිංහල බෞද්ධයන්ගේ ආරක්ෂාව අනතුරේ යන කියමනත් අර බටහිර ප්‍රචාරය වැනි සංකල්පයක් පමණි.

      Delete
    11. විචාරකතුමනි,

      "මෙතෙක් සිටි න්කිසිදු විධායක ජනාධිපති වරයකු, සර්ව සම්පූර්ණ පුද්ගලයන් නොවේ. ඔවුන්ගේ පාලන කාලයන් තුල අසාධාරණය, දූෂණය, සොරකම, ඥාති සංග්‍රහය, තිබුණි. තමන් සොරකම් නොකලත් ගෝලයන්ට සොරකම්, දූෂණ වංචා කිරීමට ඉඩදීමත් වරදකි." යි ඔබ තුමා කියයි. අප කියන්නේ විධායක ජනාධිපති නොව අගමැතිත් මේ යටතේ වැරදිකරුවන් වන බවයි. ඉතාම ස්වල්ප දෙනෙකු හැරෙන්නට 1947 සිට මේ දක්වා සිටි අමාත්‍ය වරු සියලු දෙනාද මේ චෝදනා වලින් නිදහස් නැත. අප වැරදි නැති ආණ්ඩු ලංකාවේ තිබුණේ නැත - තිබෙන්නේද නැත. යනුවෙන් අදහස් කළේ මෙය මිස වෙනකක් නොවේ.

      දැන් ප්‍රශ්නය: සියලු දෙනාම එක වැනි වැරදිකරුවන් නම් අනෙක් සියලු දෙනා පොදු සමාවක් දී මුදාහැර මහින්ද රාජපක්‍ෂගේ පාලනය පමණක් අවිචාර සමයක් බව කියන්නේ ඇයි ?

      මහින්ද බලයේ සිටින කාලයේ ඔවැනි කතා වලංගුය. නමුත් ඔහු බලය හැරගොස් වසරකට පසු, 19 වන සංශෝධනය ගෙනැවිත් රාජපක්‍ෂලා ප්‍රයෝගිකවම ජාතික දේශපාලනයෙන් ඉවත් කිරීමෙන්ද අනතුරුව ඔවැනි කතා ගැළපෙන්නේ නැත. ජුන්ටාධිපති වික්‍රමසිංහ සාධාරණ සමාජ කාරයින්ගේ කස හඬ මධ්‍යයේ ඊනියා පුරවැසි සංවිධාන කරපිටින් අරලියගහ මන්දිරයට වඩම්මවන්නේ මහින්දට බැන බැනම ඉන්නද නැතිනම් ඒ වැරදි නැති ගමනක් යන්නද ?

      අප කතා කළ යුත්තේ මහජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ රාජපක්‍ෂ එදා කළ දේ ගැන නොව මහජනතාව විසින් තෝරා ගත් වික්‍රමසිංහ අද කරන දේවල් ගැනයි.
      ---

      ප.ලි.: "යුද්ධය" යන වචනය පිළිබඳ කළ විවේචනයට ඔබේ පෘතුල හමුදා අත්දැකීම් මුසුකොට පිළිතුරක් දේ නම් කෘතඥ වෙමි.

      Delete
    12. විචාරක මහත්මයා විධායක ජනාධිපති භීතිකාවෙන් පෙලෙන බව පෙනෙනවා.
      විධායක ජනාධිපතිවරයෙක් කරන සියළු වැරදි අගමැති වරයෙක්ට කරන්න බැරි කමක් නෑ. නමුත් විධායක ජනපති ක්‍රමයේ කැබිනට් පාලනයකට සාපේක්ෂව එක වාසියක් තියෙනවා. ඒ තමයි ලංකාවේ සියළු පුද්ගලයන්ට ශ්‍රී ලාංකිකයන් ලෙස එක පුද්ගලයෙක් පත්කරගන්න පුළුවන්. ජනාධිපතිවරනය හැර මේ වගේ අවස්ථාවකට තියෙන්නේ ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානයක් ලැබීම විතරයි මම දන්න හැටියට.
      මේක බලන්න.
      http://uduwaage.blogspot.com/2015/12/blog-post_21.html
      මෙතනදී උඩුවාගේ පුක්‍ෂකයාට අවශ්‍ය වුනේ සිංහල ජනාධිපතිගෙන් අපිට වැඩක් නෑ කියලා. නමුත් විධායක ජනාධිපති ක්‍රමයේ (පුද්ගලාගේ නෙමෙයි) ඌට ඒක කියාගන්න බෑ ඒ නිසා ඌ පාර බ්ලොක් වුනා කියා බොරු විරෝධයක් දැක්වුවා.

      Delete
    13. ඔව් විචාරක තුමනි, සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව අනතුරේ කියලා අපි හඬ නගා කියනවා. ඒකට හේතු බොහෝමයි.
      ඔබතුමා නොදැක්කාට (හෝ නොදැක්කා වගේ සිටියාට ) අද අබෞද්ධ බලවේග ශ්‍රී දළදා මාලිගාව වට කොට ගෙන පාර රින්න යැයි උද්ගෝශනය කරන්නේ සිංහලායා අරාජික බව වැටහෙන නිසයි.
      යහපාලනයට පක්ෂපාත වුනු අස්ගිරි මහා නායක හිමියන්ට මරණ තර්ජන රැගත් ලිපි ලැබෙන්නේ සිංහලයා අරාජික යැයි උන් සිතනා නිසයි.
      භික්ෂූන් උදෙසා වෙනම නීති සම්පාදනයට අසිංහල අබෞද්ධයන්ගෙන් සැදි පාර්ලිමේන්තුව තැත් දරන්නේ සිංහල බෞද්ධයන් අරාජික යැයි (අපි උන්ගේ කොඳු කැඩුවායැයි ) උන් සිතනා නිසයි.

      මේවා බොරුයැයි කියන්නේ එසේ වීම හොඳයැයි සිතනා උනුයි.

      Delete
    14. යහපාලනයට පක්ෂපාත වුනු අස්ගිරි මහා නායක හිමියන්ට මරණ තර්ජන ...

      හිරිකොතේ ඇබිත්ත කම් කරන්නේ මල්වත්තේ මහානාගයා මිස අස්ගිරියේ ලොකු තැන නොවේ. මල්වත්තේ ට මරණ තර්ජන නැත. ඔබ අදහස් කරන්නට ඇත්තේ "අපක්ෂපාත" බව සිතමි.

      Delete
    15. මා මෙහිදී අස්ගිරි මහා නායක හිමියන් ලෙස දැක්වූයේ අපවත් වී වදාල පසුගිය ජනපතිවරන සමයේ මහනායක ධූරය දැරූ නායක හිමියන් නොවෙයි.
      දැනට එම ධූරය දරන වයෝවෘද්ධ බුද්ධං සරණං වෙනුවට යූ එන් පී සරණං කියන නායක හාමුදුරුවන් ගැනයි.

      Delete
    16. සිතුවිළි සහ ජොසෙෆ්,

      අස්ගිරි මාහිමිපාණන් වහන්සේට මරණ තර්ජන පැමිණි බවට වූ පුවත් කියැවීමි.

      එහෙත් උන් වහන්සේ 'යහපාලනයට පක්ෂපාත' බවට විශේෂ මතකයක් නම් නැත. මල්වතු නාහිමි නම් එජාප හිතවතෙකි. හැරත්, මල්වත්ත පවතින රජයට පක්‍ෂපාත වීමත් අස්ගිරිය ඊට වඩා මධ්‍යස්ථ දැක්මකින් කාරණා දෙස බැලීමත් අපගේ දීර්ඝ කාලින අත්දැකීම වේ.

      මෙය වෙනස් වූයේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේ තිබ්බොටුවාවේ සුමංගල හිමි මල්වතු නායක ධුරය දැරූ කාලයේ පමණි.

      Delete
  7. තව කොටසක් බලාපොරොත්තුවෙන් .... !

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !