Monday, March 31, 2014

සැළසුම් සහගත යල්පැන්නවීම



Poster Image of the documentary film The Light Bulb Conspiracy (2010)
විදුලි බුබුලේ කුමන්ත්‍රණය...
කසල ආර්ථිකය ගැන අප හදිසියෙන් ලියූ ලිපිය බොහෝ විවාදයන්ට බඳුන් විය. ඊට හේතුව නම් එහි වූ කරුණු වල අපැහැදිලි බවයි. කසල ආර්ථිකය යන වචනය වෙන තැනක නො-යෙදෙන බව මිතුරු ජෝසෙෆ් විසින් පෙන්වා දෙන තුරු ඒ බව අපට පසක් නොවීය. මේ ලිපිය පසුගිය ලිපියේ අපැහැදිලි තැන් පැහැදිළි කර ගැනීමට දරන උත්සාහයක් සේම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස විශේෂකරණය කිරීමකින් තොරව පොදුවේ අපද්‍රව්‍ය ගැන කතා කිරීමට ගන්නා ආරම්භයකි.

"සැළසුම් සහගත යල්පැන්නවීම" යනු අද හඳුන්වා දෙන වචනයකි. කසල ආර්ථිකය යන්න අපේම වචනයක් වන මුත් සැළසුම් සහගත යල්පැන්නවීම, Planned Obsolescence යන ඉංගිරිසි වචනයට අප තනා ගත් සෘජු පරිවර්තනය වේ. ඊට ගැළපෙන වෙනත් පාරිභාෂික වචනයක් ඇතොත් අප දැනුවත් කෙරෙත්වා.

Planned Obsolescence

වැඩිදුර සාකච්ඡාවට පෙර පහත වාර්තා චිත්‍රපටය නරඹමු.

The lightbulb conspiracy


යල්පැනීම අපට අලුත් දෙයක් නොවේ. අද නවමු යැයි සිතන අදහසක්, භාණ්ඩයක්, උපකරණයක්, දැනුමක්, ශිල්පයක්, ක්‍රමෝපායක් පමණක් නොව මෝස්‌තර සහ නිර්මාණ රටාද කාලයාගේ ඇවෑමෙන් පරණ වේ. සිංහල අවුරුදු චාරිත්‍ර සමහර අයට අනුව යල් පැනගිය සිරිත් වේ. වාස්තු විද්‍යාව අද යල් පැනගිය ශිල්පයකි. එහි ප්‍රයෝජනය අල්පය. දේශීය වෙදකම පවා මේ ඉරණමට ලක් වෙමින් තිබේ. අපේ සාම්ප්‍රදායික ගොවි උපකරණ යල් පැන ගොස් දශක කිහිපයක් වේ. විශ්වනිර්මාණය පැහැදිළි කරන සිද්ධාන්තයක් ලෙස මැවුම්වාදය අද යල් පැනගිය වාදයකි. එය අදහන පිරිසක් සිටින මුත් ඒ අයගෙන් වැඩි දෙනෙක් සම්ප්‍රදාය රැකීම වෙනුවෙන් එය අදහනු මිස හෘදය ශාක්‍ෂියට එකඟව මැවුම්වාදය පිළිනොගනී.

එහෙත්, සිරිත් විරිත් ආදී සමාජ ප්‍රගමනයට සහ යහපැවැත්මට දායකත්වයක් සපයන දේ යල් පැනීම වළක්වා ගැනීමට අපි සවිඥානික උත්සාහයක් දරමු. මැවුම්වාදී ආගම් අදහන අයද, මාක්ස්වාදය වැනි සමාජ විද්‍යාත්මක වාදයන් 'අදහන' පිරිසද ඒ ඒ වාදයන් යල් පැන ගොස් නොමැති බව පෙන්වීමට අනවරත උත්සාහයක නිරත වෙත්. ඕනෑම දෙයක් කාලය සමග යල් පනින නිසා එසේ වීම වළක්වා ගැනීමට මිස තමන් සතු දේ යල් පන්නවා ගැනීමට උත්සාහ කිරීම සහ සැළසුම් සකස් කිරීම නොවිය හැකි දෙයක් ලෙස කෙනෙකුට පෙනී යාමට ඉඩ තිබේ.

එහෙත් එය මහා පරිමාණයෙන් කෙරෙන අවස්ථා තිබේ. The lightbulb conspiracy නම් අප මොහොතකට පෙර නැරඹූ වාර්තා චිත්‍රපටය සාකච්චා කරන්නේ මේ ගැනයි. එය තරමක අතිශයෝක්තියක් සහිතව කරුණු ඉදිරිපත් කළත් අපේ මූලික සාකච්චාවට එය බාදාවක් නොවේ.

YouTube වෙත ප්‍රවේශ වීමේ අපහසු කමක් ඇත්නම් පහතින් මෙය නැරඹිය හැක.

The Lightbulb Conspiracy from Mel Fremiot on Vimeo.

මේ පිළිබඳ විස්තර විකියේද ඇත.

සැළසුම් සහගත යල්පැන්නවීම කසල ආර්ථිකයේ ප්‍රධානම සංරචකයක් වේ.

10 comments:

  1. සිතුවිළිApril 2, 2014 at 1:29 PM

    වීඩියෝව බැලීමට තරම් අවකාශයක් තවම නොවූ බැවින් එහි එන දෑ ගැන දැන්ම අදහස් නොදක්වමි. කනිෂ්කයන්ගේ මෙ උත්සහය නවමු අයුරකින් සීනි තැවරූ වෙළඳපොල ආර්ථිකය දෙස බැලීමක් ලෙස දකිමි. එය සරුව පිත්තල ආටෝප විනිවිද සත්ත්‍යය සොයා යාමකි.
    ඔබගේ ව්‍යායාමය ගැන සතුටු වෙමි.
    විදුලි බුබුලු ගැන කියනවානම් මාගේ නිවසේ පළමු වරට ගෙන ආ සී එෆ් එල් බල්බය ( ඒ 2000 වසරට පෙර බවනම් මතක ඇත ) තවමත් මනා ක්‍රියා කාරීත්වයෙන් ඇත. එහෙත් ඉන් පසු ගෙන ආ හා පිළිස්සී ඉවත දැමූ බල්බ ගනන මතකයේ නැත. දැන් ගෙන එන බල්බ වසර පසු වී දින කිහිපයකින් ක්‍රියා විරහිත වන බවනම් ඇත්තකි. මේ පිටුපස "කොන්ස්පිරසි" එකක ඇතැයි කීම නම් අපූරු සිහි කැඳවීමකි.
    ඔබගේ ලිපියත් වීඩියෝවත් හොඳින් විමසා බලා තවත් යමක් කියන්නට හැකිවේවි.

    ReplyDelete
    Replies
    1. වීඩියෝව බැලීමට කාලයක් නැති වීම ගැන තමයි මගෙත් දුක, සිතුවිළි. ඒත් මේ කරුණ ගැන මමත් කියවා තිබෙනවා. වෙලාවක් ලැබුණු ගමන් වීඩියෝව බලන්නම්. මට තිබෙන ගැටළුව ඒක නෙවෙයි. මේ වගේ දේවල් බලන්න වේලාව හොයා ගන්න කණියා මොකෝ අපි අහන ප්‍රශ්න වලට උත්තර නොදෙන්නේ... ඇයි අපි කළුද?

      Delete
  2. තවත් k අකුරක් (කු...)April 3, 2014 at 3:54 PM

    හොඳ ලිපියක්. අපට සිතන්නට යමක් සේම අපේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇඟිල්ලෙන් ඇන කියා දිය යුතු දෙයක් මෙහි තිබේ. වීඩියෝ චිත්‍රපටය තවම සම්පූර්ණයෙන් බැලුවේ නැතත් මෙහි සබැඳිය මිතුරන් හා හුවමාරු කර ගත්තා.

    ස්තූතියි. දිගටම කරගෙන යන්න.
    ---
    k

    ReplyDelete
    Replies
    1. තවත් k අකුරක් (කු...),
      ඔබ මේ ලිපිය කියවීමට පැමිණීම ගැන සතුටුයි. මේ ලිපිය මිතුරන් හා බෙදා ගැනීම ගැන ස්තූතියි. දෙතිස් කතා වෙත ඔබ පිළිගන්නේ ඉතාම සාදරයෙන්. ඔබට හැකි විටෙක මේ වාර්තා වැඩසටහන බලන්න. එය සම්පූර්ණයෙන් පරිවර්තනය කර ඉදිරිපත් කිරීම පහසු කාර්‍යයක් නම් නොවේ. එහෙත් ඔබට හැකිනම් මේ පණිවිඩය මිතුරන් හා බෙදා ගන්න. එය ඔබට කළ හැකි සේවයක්.

      Delete
  3. වීඩියෝව බැලුවා. ඒත් තව වරක් දෙකක් බලන්න වෙයි හොඳ සාකච්චාවක් ගොඩ නගන්න නම්.
    මට මෙහෙම දෙයක් හිතුණා. මේ කාලේ හැම තැනම සේල් - විශේෂයෙන්ම ඇඳුම්, ඒ වගේම විද්‍යුත් උපකරණ. මේ ඇඳුම් වලින් කොතරම් ප්‍රමාණයක් ඊළඟ අවුරුද්ද අවසන් වෙනකම් භාවිතාවේ තියෙනවද?

    මේ සේල් වලින් වගකීමක් නැතිව මිලදී ගන්නා විද්‍යුත් උපකරණ අවුරුදු කීයක් භාවිතා කළ හැකිද?
    සැළසුම්සහගත දෙයක් නොවෙයිද මේ අප වටා සිදු වෙමින් පවතින්නේ...?
    "තවත් කයන්නා", මේ ගැන ඔබට කියන්න දෙයක් තිබෙනවාද?

    ReplyDelete
  4. සිතුවිළිApril 15, 2014 at 10:40 PM

    අවුරුදු චාරිත්‍ර නම් දැන් ඉටුකරලා අහවරයි. කථා 32 අඩ්විය අළුත් ලිපියක් සමග අළුත් කලොත් නරකද?
    අපිට තියෙන හදිසියට කනිෂ්ක මහත්තයා කළබල නොවෙන බව දන්නවා, ඒත් ඉතින් අළුතින් කියවන්න යමක් ලැබෙනවාට අපි වගේ උන් කැමති බව දන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. මමනම් තීරණය කළා එයාට කැමති වෙලාවක ලියනකම් කරදර නොකර ඉන්න.
      හැබැයි අපිට මේ මාතෘකාව ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම මට හිතා ගන්න බැරි කොහෙන් පටන් ගන්නවද කියන එකයි.

      සිතුවිළි, සිත්, අවිද්‍යා, යක් පැටියා සහ දෙතිස් කතා කියවන මෙකී නොකී සියලු දෙනාටම සුබ නව වසරක් වේවා !

      Delete
    2. සිතුවිළිApril 21, 2014 at 9:48 PM

      ඔව් ජෝසප්,
      මේ ගැන කථා කරනවානම් කථා කල හැකිදේ බොහෝමයි, මම ඒ ගැන එකඟයි. ඒත් ඉතින් කතා කරලා ඵලක් ඇති දෙයක්ද මේ නැතිනම් නිකම්ම නිකම් සම්ප්‍රප් ප්‍රලාප ගොඩක් වෙයිද? මෙන්න මේ විචි කිච්චාව නිසා තමයි මම මේ මාතෘකාව ගැන කථා නොකර හිටියේ.
      අන්න පිටිදූවේ උන්නාන්සේ ගැන ලිපියේ මාතර ආතර ඔබට පැනයක් ඉදිරිපත් කොට පිළිතුර ලැබෙනකම් තපස් රකිනවා. හැකිනම් පිළිතුරක් දී ඔහුගේ මන දොල පුරවන්න. පින් සිදු වෙයි!

      මෙලොවටපරලොවට ඵල ඇති දෙයක්නම් කථා 32න් බොහෝ කලකින් දුටුවේ නැහැ. බලමු කණිෂ්ක මහත්තයාගේ මී ලඟ උත්සහය කුමක් වේවිද කියලා.

      Delete
    3. සී නිවුස් බුවාලා ගැන මට මලම පැනලා ඉන්නේ... පිටිදූවේ පොර ගැන ලිපියට දාපු එක කොමෙන්ට් එකක්වත් උන් දැම්මේ නෑ. අඩු ගානේ ආතරට මම කියපු 'සොරි' එකත් උන් කපලා.

      Delete
  5. සිතුවිළි, Joseph සහ අලුත් k,
    වීඩියෝව බැලුවේද? ඒ ගැන ඔබලාගේ අදහස් කවරේද?

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !