කුරු අලි ගැන කතා පැරැන්නන් විසින් කියනු අප අසා ඇත. කුරු අලි යනු වෙනම විශේෂයක්ද නැතිනම් අදිසි ජාන වෙනසක් හේතුවෙන් කුරු වූ සාමාන්‍ය අලියෙක්මද යන ප්‍රශ්නය ඒ අයට යොමු කළොත් ලැබෙන පිළිතුර කුමක් විය හැකිදැයි අපට අදහසක් නැත.
කුරු අලි ගැන අපේ මතකය අලුත් කරන සේයා රුවක් අද දිවයිනේ පල වෙයි.
උඩවලව වනෝද්‍යානයෙන් ලොව ප්‍රථම කුරු අලියා මතුවෙයි
උඩවලවින් හමු වූ කුරුඅලියාගේ බව කියන සේයාරුව |
සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක් එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.- ඒ දිවයින පුවත් පත.
එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක් වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.
දිවයින එසේ කීවත්, ඉන්දුනීසියාවට අයත් බෝනියෝ දූපතේ කුරු අලි විශේෂයක් වාසය කරති. බෝර්නියෝ පිග්මි අලි යන නමින් මුන් හැඳින්වේ. පහත දැක්වෙන ඵලකයේ මේ වර්ගීකරණය දැක්වේ.
අලි වර්ග |