Thursday, July 5, 2012

බ්ලොගයක ඇරඹුම


අද ජූලි 5.

බ්ලොගයක් ලියන්න හිත හිතා හිටියේ ගොඩ කලක ඉඳන්. ලියන්න දේ සැරින් සැරේ හිතට එනවා. ඒත් හැමදාම පටන් ගනිමින් හිටියා මිස පටන් ගැනීමක් නම් උනේ නෑ. මොනවා කරන්නද, මම වෘත්තීය කම්මැලියෙක්.

අද තීරණයක්‌ ගත්තා. මටම කියලා අන්තර්ජාල සම්බන්ධයක්, මොඩමයක් සමග මිලදී ගත්තා. දැන් ඉතින් මාසෙන් මාසෙට බිල ගෙවන්න එපැයි. මාසෙට රුපියල් එක්දාස් පන්සීයකට බදුත් එකතු කරලා ගෙවනකොට කොහොමද සනීපෙ. නිකං තියෙන ඉන්ටනෙට් එකට එච්චර ගානක් නිකංම ගෙවන්නේ මොකටද? ඔන්න මම බ්ලොග් එක පටන් ගත්තා.

දැන් ඉතිං බලමු මේක කොච්චර කාලයක් කරගෙන යයිද කියලා. මේක මමම මටම කර ගන්නා අභියෝගයක් !

2 comments:

  1. ජය වේවා කිව්වා. ඔය කිව්වට දිගටම ලියයි.

    ReplyDelete
    Replies
    1. කියක් ඔට්ටුද? ලොකු ගානක් දෙනවනම් මම හෙටම නවත්තනවා ලියන එක.

      මට මහන්සි නෑ !

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !