Saturday, July 18, 2015

"බන්ධනාගාර" බැඳුම්කර ගැන කතාවක් නොවේ

සැළකිය යුතු: මෙය සතියකට පෙර පල වූ ලිපියක සංස්කරණයකි.

වසර තුනක් දෙතිස් කතාව ආ ගමන් මග පිලිබඳ හැරී බැලීමේදී පසුගිය වසරක පමණ කාලයේ දේශපාලනය වෙත එහි ඇති වැඩි නැඹුරුව සැඟවිය නොහැක. මෙයින් රටට වන බලපෑමක් ඇත්දැයි අපට කිසි බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් හෝ තිබුණේ නැත. පහත උපුටා දැක්වෙන්නේ "මූනත්තහඩුවේ" (facebook) ඇලවුණු දැන්වීමකි.
A ද B ද C ද, නැත්නම් ඒ තුනමද?
ඉහත දැන්වීම පල කෙරුණේ "Back to Mahinda" නම් සංසදය තුල මීට දෙදිනකට පෙර ජූලි 10 වැනි දින වේ.




මෙය වෙත අපගේ අවධානය යොමු වීමට හේතුව නම් එය දෙතිස්කතාවේ පල වූ ලිපි කිහිපයකට දක්වන සාම්‍යත්වයයි. මෙයින් පළමුවැන්න එහි දැක්වෙන ශීර්ෂාවරණ පැළඳි පුද්ගලයාගේ රුවයි. මෙය අප විසින් හෙල්මට් ගලවමුද... (මැයි 5, 2014) ලිපියට ඇතුල් කළ පින්තූරයකි. එය සොයා ගන්නා ලද්දේ ද අන්තර්ජාලය ඇසුරින් වන බැවින් ඒ පිළිබඳව ගෞරවයට හෝ අගෞරවයට හෝ අයිතිවාසිකම් කීමට අපට හැකියාවක් නැත.

වඩා වැදගත් දෙවැන්න එහි ඇසෙන පැනයයි.

"සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තාගේ බෑණා ශ්‍රී ලංකා මහබැංකුව "වක්‍රාකාරයෙන්" මංකොල්ල කෑමට පැමිණියේ ෆුල් ෆේස් හෙල්මට් දමාගෙනද ?" යන පැනය අප විසින් ඇසෙන ලද්දේ බැංකු කොල්ලය සහ පූර්ණ ශීර්ෂාවරණ තහනම (අප්‍රේල් 23) ලිපිය තුලයි. එහිදී "වක්‍රාකාරයෙන්" යන්න අවධාරණය කර එය "ජුන්ටාධිපති තුමා විසින් තකහනියේ පත් කරන ලද පේන බලන පෙරකදෝරු පණ්ඩිතයන්ගේ තුන්කට්ටුවේ සොයා ගැනීමක්" බවත් සඳහන් කිරීමට පරෙස්සම් වීමට අපට සිදු විය.

එහෙත් දැන් දැන් තත්වය වෙනස් වී ඇත. ජුන්ටාධිපති රනිල් වික්‍රමසිංහ තුමා විසින් තම පක්‍ෂයේ හෙංචයියන් කිහිප දෙනෙකුගෙන් යුතුව කෙහෙල් හොරාගේ කර පිස දැමීම පිණිස පත් කෙරුණු කමිටුව තම වාර්තාවෙන් මහබැංකු කොල්ලයට මහබැංකු අධිපති "වක්‍රාකාරයෙන්" සම්බන්ධ බව ඔප්පු කර තිබෙන පසුබිමක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරුණු කෝප් කමිටු වාර්තාවෙන් එයම යෝජනා කර තිබේ. එකී වාර්තාවට චෝදිත මහබැංකු අධිපති විසින් දුන් ප්‍රකාශයට අනුව සෘජු හොරා යනු ජුන්ටාධිපති තුමාම මිස මහබැංකු අධිපති නොවේ. අදෝ !

එසේනම් ජුන්ටාධිපති තුමා විසින් නැති බලයක් ආරුඪ කරගෙන තමාගේම හෙංචයියන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඒ කමිටු වාර්තාවෙන් මහබැංකු අධිපති සෘජු වරදක් කර නැති බව නිගමනය කිරීමට ඉක්මන් වීම මෙමගින් මොනවට පැහැදිළි කෙරෙන්නේ වේ.


මිස්ටර් ක්ලින් ?


එසේම මිස්ටර් ක්ලින් යනුවෙන් ජුන්ටාධිපති තුමාට නමක් පටබැඳී තිබීමට හේතුවත් තමන්ගේ දූෂණ සහ වංචා ක්‍රියා මෙවැනි කුටෝපායන් භාවිතා කිරීමෙන් මගහැර ගොස් තම නම සුද්ද කර ගැනීමට එතුමා දක්වන පරිචය බව පෙනේ. එවැන්නෙකු පටබැඳී නමට සුදුසු වුවත් තම රටේ අගමැති ධුරය දැරීමට සුදුසුද යන්න මේ රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු කරුණකි. එය මහජනතාවට තීරණය කිරීමට ඉඩ දී ජුන්ටාධිපති තුමාට තමාගේ මීළඟ චන්ද ව්‍යාපාරය උදෙසා දැනට චාටර් වී ඇති මිස්ටර් ක්ලින් යන නම වෙනුවට වෙනත් නමක් දෙතිස් කතාව යෝජනා කර සිටී.


මිස්ටර් ජැනිටර් (Mr. Janitor).



මිස්ටර් ජැනිටර්ගේ කූටෝපාය


තවද සඳහන් කළ යුතු කරුණක් වෙයි. ජුන්ටාධිපති මිස්ටර් ජැනිටර්ගේ පක්‍ෂයෙන් නාම යෝජනා දීමට නොවැම්බර් කුමන්ත්‍රණයේ සහායකයින් කටයුතු කිරීමත්, මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ අනුගාමිකයන් වෙනම පක්‍ෂයකින් නාම යෝජනා දීම වළකා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා දීමට සිරිසේන විසින් පෙළඹවීමත් ඒ අතරතුර චන්ද්‍රිකාව සියරට කරා යෑමත් සැක සහිත කරුණු වේ.

පසුගිය දිනවල ලංකාවට සැපත් ප්‍රකට LTTE ත්‍රස්තවාදී ආධාරකරු සුනන්ද දේශප්‍රියගේ මලයා වන ජනවාරි 8 දා රට සහ ලෝකය කිසිසේත් බලාපොරොත්තු නොවූ මැතිවරණ ප්‍රතිඵලයක් 9 දා ප්‍රකාශයට පත් කළ, මැ.කො. මහින්ද සහ ඔහුගේ නිලධාරීන් විසින් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ සංධානයේ නාම යෝජනා කිහිපයක් හෙට දිනයේ දී ප්‍රතික්‍ෂේප කළහොත් ඒ සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියා මාර්ගයක් තිබේද ?

ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් වෙනම ඉල්ලන දිස්ත්‍රික්ක (සංධාන ලැයිස්තුව ප්‍රතික්‍ෂේප විය හැකි නිසා) සහ විශේෂයෙන් මතභේද හේතුවෙන් තවමත් වැඩ නිම කර නැති දිස්ත්‍රික්ක වෙනුවෙන් රාජපක්‍ෂ පිළ සතුව වෙනම ලැයිස්තු තිබිය යුතුය. එසේම මෙවැනි අවස්ථාවක කාලයේ ඇති වැදගත්කම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්ගේ හිතේ ඇති දේ කටින් පිට වීමට පෙර දැන ගත හැකි තොරතුරු යාන්ත්‍රණයක වැදගත් කම කියා නිම කළ නොහැක.


ජැනිටර් තෙමේ ඉන්දීය 'හිංදු' පුවත්පතට දැඩි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේ තමාගේ හෙන්චයියා වන සිරිසේන තමාට මිස වෙනකෙකුට මේ මැතිවරණයේදී සහය නොදක්වන බවයි. එය සනාථ කරමින් සිරිසේන ද තමාගේ විශේෂ ප්‍රකාශයෙන් රටට ප්‍රකාශ කළේ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය එළැඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්‍ෂ අගමැති නොකරන බවත් ඒ වෙනුවට වෙන කෙනෙක් පත් කරන බවත්ය.

එපමණක් නොව ඔහු තව බොහෝ දේ දෙසා බෑවේය. ජුන්ටාධිපති රනිල් මුල් වී සිංගප්පූරු දෙමළ ඩයස්පෝර අර්ජුන් මහේන්ද්‍රන් ලවා කරවන ලද මහා බැංකු කොල්ලය මහජනයාගෙන් වසං කිරීම පිණිස පාර්ලිමේන්තුව තමා විසින් විසුරුවා හල බව ඉන් එකක් පමණි. ඉතිරි ඒවා කාලවේලා ඇති පරිදි එකිනෙක ගෙන සළකා බලමු.

එතෙක් අපට කිව හැකි එක දෙයක් වේ.

සිරිසේන තමාගේ රූකඩය කරගෙන ලංකාවේ දැනට ජිවතුන් අතර සිටින දරුණුම ඒකාධිපතියා වන රනිල් වික්‍රමසිංහ විසින් පවත්වාගෙන යන ජුන්ටාවට තවදුරටත් රටේ පාලන බලය හෙබවීමට මේ රටේ ජනතාව අවසර දේ නම් එයම සිංහල බෞද්ධයාගේ දේශපාලන අයිතියේ මළගම වේ.


28 comments:

  1. බැඳුම්කර වංචාව සම්බන්ධව කියැවිය යුතු සරල සිංහල ලිපියක්.
    බැඳුම්කරේ කතන්දරේ - මහ බැංකු කොල්ල කෑ රවි,රනිල්,අර්ජුන් පන්නමු!

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ පැහැදිළි කිරීමක් සහිත ලිපියක්. මෙය වඩ වඩාත් ප්‍රචාරය කළ යුතුයි.

      Delete
    2. ස්තූතිය පිළිගන්න.

      Delete
  2. මුහුණු පොතේ ඉහත පෝස්ටුව දුටු සැටියේම මටත් මතක් වූයේ කථා 2 හි පල වූ ලිපියයි.
    එම ලිපියේ බැඳිය එම පොස්ටුවට පිළිතුරක් ලෙස පල කිරීමට ගොස් නැවතත් අත් හැර දැමුවේ අනවශ්‍ය ආකාරයට කථා 32 ඉස්මතු කිරීමේ ඇති අවධානමක් ගැන සිතුනු නිසාමයි.
    මේ ලිපියත් , ඊට බැඳ ඇති ඇමුනුමේ ඇති ලිපියත් බොහෝම වැදගත්. මේ ඉතා විශාල ලෙස ජනතාව අතරට යැවිය යුතු කාරනයක්.
    අනුන්ට හොරා හොරා යැයි කියන උන්, මහ දවාලේ කල මගඩිය ඇත්තෙන්ම ජනතාව පුළුල් ලෙස දැනුවත් විය යුතු කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි.

      ඇත්ත වශයෙන් 'හොරා' යනු දේශපාලන සටන් පාඨයක් මිස ඉන් එහා ගිය වැදගත් කරුණක් නොවේ. කලින් පැවති ආණ්ඩුව යටතේ බොහෝ හොරු යහතින් සිටි බව සත්‍යයක් - හිටපු ජනපති පවා මෙය පිළිගත්තා. එහෙත්,

      එය උලුප්පා දැක්වීමේ අයිතියක් ඇත්තේ හොරු නොරකින පිරිසකට පමණයි. හොරු රැකීම පිණිස තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව වර්තමාන ජනපති විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති මොහොතක 'හොරා' ය යන්න තවදුරටත් වලංගු චෝදනාවක් නොවේ.
      - අප විසින් උලුප්පා දැක්වීමට උත්සාහ කරන්නේ එම කාරණයයි.

      අරුන් කරන හොරකම් වැරදි වීමටත් මුන් කරන හොරකම් හොඳ වීමටත් හේතුවක් නැත. එබැවින් "හොරකම්" යන චෝදනාව එළැඹෙන මහමැතිවරණයේදී වලංගු මාතෘකාවක් නොවේ.

      හොරු රැකීම තමන් අතින් වරදක් වූ වරදක් බව පිළිගෙන නැවත ඒ වරද නොකරන බව ප්‍රකාශ කළ කෙනෙකු මේ සම්බන්ධයෙන් විශ්වාස කිරීමට අප සතුටුය.

      Delete
  3. K,
    දවල් 12 ට පසු ඔබ කියන දේ වැදගත්කම අපට දැන ගත හැකියි. නමුත් මෙය ලියා තැබීම වැදගත්. සුසිල් ප්‍රේමජයන්ත රෝහල්ගත කෙරුණු බවට ආරංචි යනවා. නාම යෝජනා සැකසීමේදී නිදහස් පක්ෂයට ද්‍රෝහී වූ කුමන්ත්‍රණකාරී පුද්ගලයන්ගේ බලපෑම් අවම කර ගැනීමට සමත් වීම ජයක් ලෙස පෙනුණත් ඒ අය අලියා පිට නැගීමෙන් පෙන්නුම් කරන්නේ කුමන්ත්‍රණය වෙනත් මානයකට ගෙන යාමට ඔවුන් විසින් තීරණය කෙරුණු බවයි. මහින්ද ඇතුළු පිරිස මෙයින් ප්‍රවේසම් විය යුතුයි. නාම යෝජනා එකක් හෝ කිහිපයක් හෝ ප්‍රතික්‍ෂේප වුවහොත් සිදු වන්නේ විනාශයක්.

    ReplyDelete
    Replies
    1. ජෝසප්,
      මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අවධානම එජාප විරෝධී සැවොම භීතියට හා ත්‍රාසයට පත්කොට තිබූ බව ඉතාම පැහැදිලියි.
      පසුගිය දින දෙක තුන වන විට මුහුණු පොතේ පවා බයියන්ගේ පෝස්ටු ප්‍රමාණය බලා සිටියදී පහත වැටුනු අතර සැම දෙනා තුලම විශාල අවිනිශ්චිත තාවයක් තිබූ බව පැහැදිලිව පෙනුනා.
      කෙසේ වෙතත් ඒ තරම් පහත් විදියට ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කිරීමට යහපාලකයන් තුල යම් කිසි බ්යක් වැනි දෙයක් තිබූ බව පිළිගත හැකියි.
      සියල්ලන් අලියා පිට නැගී කරන මේ සෙල්ලමෙන් කුමක් වේදැයි අපි තව ටිකක් බලා සිටිමු.

      Delete
    2. ඔබ 'එජාප විරෝධී' ද?

      Delete
    3. ඔබ 'එජාප විරෝධී' ද?

      මෙය "පැනලා" දිය යුතු ප්‍රශ්නයකි.

      ප්‍ර: ඔබ 'එජාප විරෝධී' ද?
      පි: අප එජාප විරෝධී නැත - එජාපය අප විරෝධීය.

      Delete
    4. "අප එජාප විරෝධී නැත - එජාපය අප විරෝධීය."
      එල !

      Delete
  4. නාම යෝජනා ස්ථිර විය. මීළඟට ?

    ReplyDelete
  5. ජාතික ලැයිස්තු::


    UNP


    01. මලික් සමරවික්‍රම
    02. කරු ජයසූරිය
    03. ඩී.එම් ස්වාමිනාදන්.
    04. අනෝමා ගමගේ
    05. කේ. වේලායුදම්
    06. මොහොමඩ් තම්බි හසන් අලි
    07. අහමඩ් මොහොමඩ් ජමීල්
    08. පූජ්‍ය අතුරලියේ රතන හිමි
    09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
    10. තිලක් ජනක මාරපන
    11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
    12. නිසාම් කාරියප්පර්
    13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
    14. මොහොමඩ් සනූන් අසාද් සාලි
    15. අර්වින් වීරක්කොඩි
    16. රාජා උස්වැ‍ටකෙයියාව
    17. විමල් ජයසිරි
    18. සුරනිමල රාජපක්ෂ
    19. වින්ස්ටන් පතිරාජා
    20. සිරිනාල් මෙල්
    21. ඒ සසිදරන්
    22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
    23. ක්‍රිෂාන්ත කුරේ
    24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
    25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
    26. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
    27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
    28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
    29. ජී.වී ගුණරත්න මිය

    UPFA

    01. ඒ.එච්.එම් ෆවුසි
    02. මහාචාර්ය ජී.එල් පීරිස්
    03. ඩිව් ගුණසේකර
    04. මහාචාර්ය තිස්ස විතාරණ
    05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
    06. ආචාර්ය සරත් අමුණුගම
    07. තිස්ස අත්තනායක
    08. ඩිලාන් පෙරේරා
    09. ජෙයරත්නම් ශ්‍රී රංගා
    10. රෙජිනෝල්ඩ් කුරේ
    11. ජීවන් කුමාරතුංග
    12. ටිරාන් අලස්
    13. මලිත් ජයතිලක
    14. ශිරාල් චිරන්ත ලක්තිලක
    15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
    16. ප්‍රභා ගනේෂන්
    17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
    18. මහාචාර්ය රජීව් විජේසිංහ
    19. මහාචාර්ය කපිල ගුණසේකර
    20. ආචාර්ය බී.ඒ රත්නපාල
    21. එච්.එම් චරිත හේරත්
    22. කරුපයියා ගනේෂමූර්ති
    23. ලෙස්ලි දේවේන්ද්‍ර
    24. සෝමවීර චන්ද්‍රසිරි
    25. එම්.එස් උතුමා ලෙබ්බෙ
    26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
    27. පියසිරි විජේනායක
    28. එම්.එෆ්.එම් මුසම්මිල්
    29. ගෙවිඳු කුමාරතුංග

    ReplyDelete
    Replies
    1. ජාතික ලැයිස්තු ගැන කතා කළ යුතුව තිබේ.

      Delete
  6. වෙනස මාරයි.

    ReplyDelete
  7. "බන්ධනාගාර" බැඳුම්කර ගැන...
    කණගාටුයි ! අප මේ ගැන කිසිත් දන්නේ නැත. මේවා ගැන දන්නේ ජහඃපාලන ජුන්ටාව යටතේ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරය දරණ එ.ජා.ප. මන්ත්‍රීධූරාපේක්‍ෂක පාලිත රංගෙ බණ්ඩාර මහතාය.

    එළ !

    ReplyDelete
  8. මනුස්සයෙකුට වචනයක් පැටලුනහම ඒකේ එල්ලෙන එකනම් සාධාරන නැහැ.
    ඇත්තටම ඔය සියළු චරිත තුල විවේචනය කල හැකි දහසක් දේ තිබියදී සිල්ලර විවේචන කිරීමෙන් වෙන්නේ සැබෑ ප්‍රශ්ණ යටපත් වෙන එකයි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි, ඔබ සිතන්නේ බන්ධනාගාර බැඳුම්කර යැයි කීම 'මනුස්සයෙකුට වචනයක් පැටලුන' සීන් එකකට ලඝු කරන්නට පුළුවන් බවද ?

      කිසිසේත් නැත. මෙයින් වැදගත් දෙයක් පෙන්නුම් කරයි. ඒ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනුවත් භාවයයි.

      දැනුවත් භාවය යනු උපාධි පිට උපාධි ගැනීමම නොවුනත් තමා කතා කරන දේ ගැන පළමුව තමා දැනගෙන සිටිය යුතු බවත්, නොදන්නා දේ නොදන්නා බව නිරහංකාරව පිළිගෙන නිහඬව සිටිය යුතු බවත් මේ අය දන්නේ නැතිනම් එයම නොදන්නා කම බව සිතමි.

      'මනුස්සයෙකුට වචනයක් පැටලුන' සීන් එකකට සරිලන උදාහරණයක් නම් මන්ත්‍රී සරත් විරසේකර දුටුගැමුණු රජුගේ මව් මහමායා දේවිය ය කියා කීමයි. එය දන්නා අයටත් 'ටපැලෙන' සීන් එකකි. හේතුව මහාමායා දේවිය සහ විහාරමහා දේවිය යන දෙදෙනාම අප හදවත් තුල දරන ස්ථානයයි. භාණ්ඩාගාරය සහ බන්ධනාගාරය සමාන ස්ථාන ද ?

      Delete
    2. ඔව් ඒ තර්කයත් එක්කනම් මම එකඟයි. මේ වගේ විසුළු කථා කීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ දැනුම හා බුද්ධිය ගැන අපිට මැනගත හැකි වෙනවා තමයි. ඒත් ඉතින් ලංකාවේ ඔය දැනුම හා බුද්ධිය කියන කාරනය දේශපාලනයට ඒතරම් වැදගත්ද?
      මට නම් හිතෙන්නේ මොවුන්ගේ සැබෑ නොදැනුවත් භාවය ගැන වාද කරනවාට වඩා මොවුන් නොදැක්ක නොඇසුනා සේ රටට කර වින කැටීම් ගැන අපි වඩා සංවේදී විය යුතු බවයි. මොවුන්ගේ වචන නොවෙයි ක්‍රියාවන් හරහා කරන කියැවීම නේද වඩා වැදගත් වන්නේ.
      දැනුමින් බුද්ධියෙන් පරිපූර්ණ පාර්ලිමේන්තුවක් අපිට කවදානම් ලැබේවිද? එවැන්නකින් ජාතික අභිලාහයන් පරිපූර්ණ වේවිද?
      අදටත් ඇතැම් අට පාස් වුන් දක්වන අවංක මහින්ද පාක්ශික භාවය හමුවේ උන් තැනකට පැමිණීම වැලැක්විය හැකිද. දෙපැත්ත කන්නේ බොහෝමයක් දැන උගතුන්ම නේද?

      ප්‍රකට උගතෙකු වන හිටපු අධ්‍යාපන ඇමති ඉංග්‍රීසි කතාවක් කරන විට එය පොල්ගෙඩි අකුරින් සිංහලෙන් ඈ4 පිටුවකට වචන් තුනක් පමණ වන්නට ලියාගෙන කියවන බව ඔබ දන්නවාද?
      අදවන විට මුල් පුටුව හොබවන්නාත් එහෙමම තමයි. ඉංග්‍රීසිය යනු හුදෙක් භාශාවක් පමණකැයි කෙනෙකුට කිව හැකියි. ඒත් ප්‍රේමදාස එය අව්ශ්‍යවනවිට ඉගෙන ගත්තා නේද? ඇත්තටම අපි ජාතියක් ලෙස කොතැනද ඉන්නේ?

      Delete
    3. හිටපු අධ්‍යාපන ඇමති ! බදුල්ල ගුණවර්ධන ද?

      Delete
    4. මොවුන්ගේ සැබෑ නොදැනුවත් භාවය ගැන වාද කරනවාට වඩා මොවුන් නොදැක්ක නොඇසුනා සේ රටට කර වින කැටීම් ගැන අපි වඩා සංවේදී විය යුතු බවයි. මොවුන්ගේ වචන නොවෙයි ක්‍රියාවන් හරහා කරන කියැවීම නේද වඩා වැදගත් වන්නේ.

      වචන ඉතාම වැදගත්. මෙතන පාලිත රංගේ බණ්ඩාරගේ බැඳුම්කර කතාවේනම් ගත යුත්තක් නැති පාටයි. ඒත් රාජිත සේනාරත්න වගේ තුප්පහි මිනිහෙක් එහෙම නැත්නම් SB වගේ දිව දෙකේ ගංකබරයෙක් ඇරුණුකොට සාමාන්‍ය දේශපාලනඥයන් කියන දේ වලින් නම් එයාලගේ කෙරුවාව ගැන අදහසක් ගන්න පුළුවන්.

      එහෙම නැතුව 'ක්‍රියාවන් හරහා කරන කියැවීම' එනකම් බලාන හිටියොත් 'බඩු බනිස්' වෙලා තියෙන්න පුළුවන්.

      Delete
    5. ක්‍රියාවන් හරහා කරන කියැවීම ගැන මා කීවේ අතීත ක්‍රියා ගැන සිතායි.
      එසේ නොවුනාම් ඔබට එස් බී ගංකබරයෙක් වීමටත් ප්‍රාරාජිතයා තුප්පහියෙකු වීමටත් ඉඩක් නැත.

      එහෙත් අනාගතය දෙස ක්‍රියාවෙන්ම විමසීමට හිටියෝතින් නම් කීවා වාගේම බඩු බනිස් වනු ඇත.
      වචනයක් කෙරෙහි ඉතාම විමසිල්ලෙන් බැලිය යුතු තැනක් ගැන මා අපේ කණිෂ්කයන්හට මතක් කිරීමක් කලා. ඒ ගැන එතුමාගේ අදහස මදක් බලා සිටිමු. එයනම් බන්ධනාගාර බැඳුම්කර වැන්නක් නොවෙයි අතිභයානක වදනක්.

      Delete
    6. ජොසෙෆ් කියන තරම් දුර සිතා බලා කළ යෙදුමක් නොවේ මෙය. ලිපියේ අන්තර්ගතය වෙනස් කළ බැවින් මාතෘකාව වෙනස් කිරීමට සිදු විය. "ගතියක්" ඇති නිසා 'බන්ධනාගාර' යන වදන යොදා ගතිමි. එහෙත් ඒ ගැන කිසිවක් නොකියූ හේතුවෙන් පසු සටහන යෙදීමි. එපමණකි.

      Delete
  9. සිතුවිළි:
    [1] ලංකාවේ ඔය දැනුම හා බුද්ධිය කියන කාරනය දේශපාලනයට ඒතරම් වැදගත්ද?
    * දැනුම සහ බුද්ධිය ඕනෑම දෙයකට වැදගත්ය.

    [2] මොවුන්ගේ වචන නොවෙයි ක්‍රියාවන් හරහා කරන කියැවීම නේද වඩා වැදගත් වන්නේ.
    * වචන ද එක සේ වැදගත්ය. වර්තමානයේ පිට කරන වචන අතීත ක්‍රියා සමග ගලපා ගැනීමෙනි අනාගත කෙනෙකුගේ / පක්‍ෂයක ක්‍රියා මාර්ගයන් නිර්ණය කර ගත හැක්කේ.

    [3] දැනුමින් බුද්ධියෙන් පරිපූර්ණ පාර්ලිමේන්තුවක් අපිට කවදානම් ලැබේවිද? එවැන්නකින් ජාතික අභිලාහයන් පරිපූර්ණ වේවිද?
    * මෙය ඔබ ලබා දෙන අර්ථ දැක්වීම් මත තීරණය වේ. උගතුන් (දැනුම) බුද්ධිමතුන් නියෝජනය කරන්නේ සන්නස්ගල සහ විජේදාස වැනි පුද්ගලයින් නම් අප මේ ගැන කතා කිරීමේ පලක් නැත.

    [4] අදටත් ඇතැම් අට පාස් වුන් දක්වන අවංක මහින්ද පාක්ශික භාවය හමුවේ උන් තැනකට පැමිණීම වැලැක්විය හැකිද. දෙපැත්ත කන්නේ බොහෝමයක් දැන උගතුන්ම නේද?
    * අට පාස් වීම (හෝ ෆේල් වීම හෝ) උගත් කම පිළිබඳ නිර්ණායකයක් වන්නේ විෂය නිර්දේශයෙන් ආවරණය කෙරෙන සීමිත වපසරියක පමණි. අද උගත් කමේ නිර්ණායකය බටහිර දැනුම බවට පත් කරගෙන ඇති නිසා ඔබ අවසන් වශයෙන් උලුප්පන කරුණේ සත්‍යතාවයක් ඇත. එහෙත්, බොහෝ ඊනියා උගතුන් පෙනී සිටින්නේ අපේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් නොව දැනුමේ අධිපත්‍යය දරණ රටවල ජාතික අභිලාෂයන් වෙනුවෙන් බව එළිපිට පෙනෙන්නට තිබේ. මේ කරුණේ දී අප ආචාර්ය නලින් ද සිල්වා සමග 100% එකඟ වෙමු.

    [5] ප්‍රකට උගතෙකු වන හිටපු අධ්‍යාපන ඇමති ඉංග්‍රීසි කතාවක් කරන විට එය පොල්ගෙඩි අකුරින් සිංහලෙන් ඈ4 පිටුවකට වචන් තුනක් පමණ වන්නට ලියාගෙන කියවන බව ඔබ දන්නවාද?
    * මේ ඇමති වරයා හෝ මෙකී සිද්ධිය පිළිබඳව හෝ අප කිසිවක් දන්නේ නැත.

    ...

    ReplyDelete
    Replies
    1. ...
      [6] ප්‍රකට උගතෙකු වන හිටපු අධ්‍යාපන ඇමති ඉංග්‍රීසි කතාවක් කරන විට එය පොල්ගෙඩි අකුරින් සිංහලෙන් ඈ4 පිටුවකට වචන් තුනක් පමණ වන්නට ලියාගෙන කියවන බව ඔබ දන්නවාද?අදවන විට මුල් පුටුව හොබවන්නාත් එහෙමම තමයි. ඉංග්‍රීසිය යනු හුදෙක් භාශාවක් පමණකැයි කෙනෙකුට කිව හැකියි. ඒත් ප්‍රේමදාස එය අව්ශ්‍යවනවිට ඉගෙන ගත්තා නේද?
      * ජනාධිපති ප්‍රේමදාස වැනි පුද්ගලයින් පඳුරු ගානේ පහල වන්නේ නැත. ඔහු වැනි විශිෂ්ඨයින් කරන දේ සැමට කළ නොහැක.

      [7] ඇත්තටම අපි ජාතියක් ලෙස කොතැනද ඉන්නේ?
      * කතාවක් කියමි.
      නින්දිත ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය ගාන්ධි, ජනාධිපති ජයවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ලු. ගිවිසුමට එළිපිට විරෝධය දැක්වූ අගමැති ප්‍රේමදාස මීට සහභාගී වීම සැක සහිත වුවත් ඔහු පැමිණ ගාන්ධි අසල තමාට පනවා තිබූ ඉඳ ගත්තේලු. මෙහිදී මේ තමා ලංකාවේ අනාගතය යැයි ජයවර්ධන විසින් ප්‍රේමදාස හඳුන්වා දෙන ලදී.

      ගිවිසුම අස්සන් කර පොර මානසිකත්වයෙන් සිටි ගාන්ධි ප්‍රේමදාස වාඩි වන ආසනය මත තම අත වේගය වළකා ගත නොහැකි වූ ප්‍රේමදාස ඒ මත වාඩි වූ විට "ලංකාව මගේ අත උඩ" යැයි කී විට "ඉන්දියාව මගේ පුක යට" යැයි මුඛරි කමෙන් අගතැන්පත් ප්‍රේමදාස කීවේලු.

      මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත්, ලංකාවේදී දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් අමතක නොවන පාඩම් ඉගෙන ගත් ඉන්දීය 'වඳුරු' හමුදාව හත්පොලේ ගාගෙන ලංකාවෙන් පලා ගිය අයුරුත් ලංකාවේ වසුරු අනුභව කිරීමට තමාගේ හමුදාව එවූ ගාන්ධි ඒ ත්‍රස්තවාදීන් විසින්ම ඌර්ධවපාතනය කර දැමූ අයුරුත් දුටු අපට ප්‍රේමදාස එදා කී දේ සත්‍යයක් වූ සැටි පැහැදිළි ය.

      එදා ලංකාව ඉන්දියාවේ අල්ල උඩ ය. අද වෙනස කුමක්ද? ඒ අප ඔබෙන් පමණක් නොව සියලු දෙනාගෙන්ම අසන ප්‍රශ්නයයි.

      Delete
    2. අපේ මෝඩයා මෝඩිගේ ඔඩොක්කුවේ ඉන්නකම් ලංකාව ඉන්දියාවේ පිළිකන්නේ. නැතිනම් රෝ කාරයෝ ජාතික ලැයිස්තුවට ඔබන්න මුගේ අං එනවද.

      ඇත්තටම ලංකාව ඉන්දියාවේ පිළිකන්නේ ගැට ගහල තියෙන කිරි වැස්සියක් වගේ. මෝඩිට කැමති කැමති දේ කරන්න පුළුවන්. අන්තිමට හොඳ ගාණකට ආවම තම්බිට විකුණලා දායි.

      Delete
    3. 1, ඇත්ත දැනුම හා බුද්ධිය ඕනෑම දෙයකට වැදගත්. එහෙත් මා අසන්නේ දැනුම හා බුද්ධිය ලංකාවේ දේශපාලනයට වැදගත්ද? කියන කාරනයයි ඔබගේ පිළිතුර නිවැරදියි එනමුත් ප්‍රශ්ණයට අදාල නැත.

      2. එකන්නගයි

      3.සත්‍ය වශයෙන්ම ඔබ මා කීදෙයටම පිළිතුරු සපයා ඇත. දැනුම බුද්ධිය යන කුලකය නියෝජනය කරනා උන් දෙස බැලූවිට එය නැතිවීම අගේ යැයි යමෙකු කීවොත් මා එරෙහි නොවෙමි.

      4. මා කියන්නේත් එයම තමයි. උගත් බුද්ධිමත් කියන කුලකය නියෝජනය නොකරන උන් බොහෝ විට මතවාහී දේශපාලනයක නිරත වන අතර උගත් බුද්ධිමත් කියනා කුලකයට අයත් උන් බොහෝ විට කරනුයේ තම පෞද්ගලික අභිලාශයන් උදෙසා රටේ පොදු අභිලාශයන් පාවාදීම වේ.

      5. මේ සිද්දිය පෞද්ගලික අත්දැකීමක් වශයෙන් දන්නා නිසා ඒගැන වාදයකට එළඹීම අනවශ්‍යයි.

      6. ප්‍රේමදාස පාලන කාලය තුල එය අනුමත නොකලද අද වන විට මාද එතුමා සුවිශේශී බුද්ධිමත් හා කූට පාලකයෙකු ලෙස දකිමි. එසේම ඉතා ප්‍රායෝගික හා ඵලදායී පාලකයෙකු ලේසද දකිමි. එතුමාගේ කාලයේ ජනාධිපති කාර්‍යාලයේ වැඩකල පෞද්ගලිකව හඳුනන නිළධාරිනියකගෙන් දැන ගත්තේ එතුමා නොයෙකුත් විකල්ප මාර්ග ඔස්සේ දේශපාලනය කරනා අතරතුර ඉතා විශාල අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු බවත් එතුමා උගතෙකු ලෙස හැඳින්වීම වරදක් නොවන බවත්ය.

      7. අපි ජාතියක් ලෙස කොතැනද ඉන්නේ කියන පැනයට ඔබ ඉන්දියාවට සාපේක්ශව දුන් පිළිතුර අගෙයි. එසේම අපිට මේ ගැන එක් එක් බලවත් රාජ්‍යය ට සාපෙක්ශවද කථා කල හැකියි.
      අනේ අපිට වෙච්චි දෙයක් !

      අන්තිමේ ජෝසප් කියා ඇති දේනම් පරම සත්‍යය වේ. එසේ තම්බිට කිරි දෙන විකුනා දමන දිනය නොබෝ කලකින් එළැඹෙනු ඇත. එදාට මෝඩීට දිවි ගැටගසා ගැනීම උදෙසා මේ ගණු දෙනුව අත්‍යාවශ්‍ය කාරනයක් වීමටද ඉඩක් නැත්තේ නැත.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !