දකුණු දිගට යන තම ගමන නිම කළ සූර්යයා නැවත හැරී එන ගමනේ ලංකාවට මුදුන් වන්නේ මැදින් මසදීය. මෙය සාමාන්‍යයෙන් ඉංගිරිසි මාස ක්‍රමයට අනුව මාර්තු 21 වන දිනට යෙදේ. මේ හේතුවෙන් වායුගෝලය කැළඹිලි සහිත වන අතර විටින් විට වැසි ඇති වේ. අක් වැසි ලෙස හඳුන්වන මේ වැස්ස සමග ඊළඟ කන්නයට සුදානම් වීම සිංහල ගොවියාගේ සිරිතයි.
ලක්දිව පමණක් නොව දඹදිවද අස්වනු පැසෙන, අටු-කොටු (ඇතොත් ඒවා) සරු වන කාලය මේ කාලයයි.
බුද්ධත්වයෙන් පසු සත් සති ගත කර, දම්සක පවත්වා, උරුවෙල් දනව් වැඩ, තුන්බෑ ජටිලයන් දමා, රජගහ නුවරට වැඩම කළ තථාගතයන් වහන්සේ, බිම්බිසාර රජු විසින් කරවා පූජා කරන්නට යෙදුනු වේළුවනාරාම විහාරයේ මෙකල වැඩ වසති. උන් වහන්සේ හමුවට පැමිණි උපතිස්ස කෝලිත දෙමිතුරෝ පැවිද්ද ලබා උතුම් මහරහත් බැව් පසක් කොටගෙන බුදු සසුනේ අගසව් තනතුරු හොබවති. බිම්බිසාර රජුගේ විජිත වන අංග-මගධ දෙරටින් පැමිණ පැවිදි වන ජනයා බොහෝය. බුද්ධ කෝලාහලය රජගහ නුවර ප්‍රමුඛ කොට ගත් මගධ හා අගු රට පමණක් නොව දුර බැහැර ජනපද දක්වා පැතිරිණි.
සිද්ධාර්ථයන් ගිහි සැප හැරදා පැවිදි වීමට ගිය තැන් පටන් ඔහු ගැන චර පුරුෂයන් යොදා සෙවිල්ලෙන් සිටින සුද්ධෝධන මහරජු මේ බව නොදැන සිටීමට ක්‍රමයක් නැත. හැරත්, සිද්ධාර්ථ තාපසයන් දුෂ්කර ක්‍රියා කරන සමයේ සාපිපාසාවෙන් ක්ලාන්තව ඇද වැටුණු මොහොතක සිය උතුරුසළුව වහ වහා පොරොව පොරොවා දුවගෙන විත් "මහරජ ඔබේ පුත්‍රයා මළේය"යි කියා සුද්ධෝදනයන්ගේ කනේ තැබූ දෙවිවරු ඒ ගැන ඔහුට කියන්නට ඇත. කෙසේ හෝ ස්වකිය අතිජාත පුත්‍ර රත්නය තම අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කරගෙන මහා බලැති බිම්බිසාර රජගෙන් අනුග්‍රහ ලබමින් යොදුන් සැටක් දුර රජගහ නුවර විසීම කපිලවස්තු නිරිඳා කුල්මත් කරන්නට ඇත. එසේ වුවත්, සය වසරකින් නුදුටු පුත්‍රයා දැක ගැනීමේ ආශාව ඒ සියල්ල පරයා නැගෙන්නට විය. සුද්ධෝදන රජු දහසක් පිරිවර සමග පුත්‍රයාට කිඹුල්වත් නුවරට පැමිණෙන ලෙස ආරාධනා කිරීම පිණිස ඇමතියෙකු යවන්නේ එබැවිණි.
දහසක් පිරිවර සමග රජගහ නුවර ගිය ඇමති තෙමේ ගියා පමණි; ඇමැතිත් නැත බුදුනුත් නැත. ඔහු පිරිවර සමග පැවිදි වූ බව රජුට දැන ගන්නට ලැබෙන්නේ අනෙකුන් මාර්ගයෙනි. තවත් ඇමතියෙක්, තවත් ඇමතියෙක් වශයෙන් සුද්ධෝදන රජු නව වාරයකදී කෘතහස්ත ඇමතිවරු නව දෙනෙක් දහසක් පිරිවර බැගින් පාවා දී රජගහ නුවරට යැවුවත් පලක් නොවීය. උන් සියළු දෙනා පැවිදිව රහත් වී බුදු පිරිවර මහත් කළා පමණි. රජුගේ දූත කාර්යය කරන කෙනෙක් නැත.
සිද්ධාර්ථයන් උපන් වෙසඟ පුන් පෝ දිනයේ උපන් අය අතර උදායි නම් ඇමතියෙක් වෙයි. ඔහු කාර්යයේ දක්ෂය, සිද්ධාර්ථයන් හා මිත්‍රය. මේ භාරධුර කාර්‍යයට වඩා සුදුස්සා ඔහු බව රජුටද දැන් දැන් වැටහෙයි. රජතෙමේ උදායි කැඳවීය, කැඳවා ඔහුට මේ කාර්‍යය පැවරීය. වර්ණයෙන් කළු වූ බැවින් කාළුදායි නම් ලත් ඇමති තෙමේ "මහරජ, මාගේ පැවිද්දට අවසර දෙතොත් ඔබේ මනදොල සපුරන්නෙමි"යි ප්‍රතිඥා දුන්නේය. "දරුව, මේ මනදොල තෝ සපුරන්නෙහි නම් සියල්ල දෙමි"යි මහරජු ද ඔහුට අවසර දින. කාළුදායි ඇමති තෙමේද සිරිත් පරිදි දහසක් පිරිවර සමග රජගහ නුවර ගොස් සිරිත් ප්‍රකාරව පැවිදිව රහත් වූහ.
මැදින් මස පුන් පොහොය එළඹිණි. කිඹුල්වතින් පැමිණ පැවිදි වූ දසදහසක් හා අගු-මගධ දෙරටින් පැවිදි වූ සාරිපුත්ත-මොග්ගල්ලාන-පූරන කාශ්‍යපාදී මහ රහතුන් ප්‍රධාන දස දහසක් සමග මෙකල බුදුරදුන් සමග සරණ මහා සංඝයා විසි දහසක් පමණ වූහ. හේමන්තය අවසන් වී පරිසරය නැවුම් වී වසන්තය එළඹෙන විට කිඹුල්වතට යාමට සුදුසු කාලය මේ බව දැන ගත් කාළුදායි මහා තෙරණුවෝ බුදු රදුන් හමුවට වැඩම කර රජගහ නුවර සිට කිඹුල්වත දක්වා සැට යොදුන් මග
"අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං විප්පහායයනාදී වශයෙන් ගාථා සැටකින් වර්ණනා කළේය. මහතෙරුන් වහන්සේගේ අභිප්‍රාය දැන ගත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගිහිකල සිට මිත්‍ර වූ බොහෝ උපකාරී වූ බිම්බිසාර මහරජුට ඒ බව දන්වා විසිදහසක් මහරහතුන් පිරිවරා කිඹුල්වත් නුවරට යන සැට යොදුන් මගට පිළිපන්හ.
තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර භගීරසානං
තෘතිසිතං නාතිඋණහං නාතිදුබ්භික්ඛඡාතකං
සද්දලා හරිතා භූමි එස කාලො මහාමූනී"
බුදුරදුහු දිනකට යොදුන බැගින් වැඩම කරති. කාළුදායි තෙරුන් වහන්සේ අහසින් කිඹුල්වතට වැඩම කර සුද්ධෝදන මහ රජුට "පෙර දින බුදුරජහු මෙතෙක් තැන් ගමන් කලහ, රාත්‍රී මෙහි සැතපුනාහ, අද මෙතෙක් තැන් ගමන් කර රාත්‍රිය මෙහි නවතිනු ඇත" යනාදී වශයෙන් කියා දෙමින්, සුද්ධෝදන රජුගේ රාජ භෝජනයෙන්ම බුදුරදුන්ටත් ගෙන ගොස් වළඳවයි.
මෙසේ ඒ ලෝකනාථයන් වහන්සේ ලෝක සත්ත්වයාට සෙත සදමින් ඒ සැට යොදුන් මග දිනකට යොදුන බැගින් ගමන් කරමින්, දින සැටක් ගෙවා වෙසක් මස මැදි පෝ දින කිඹුල්වතට සැපත් වූහ. එකල කිඹුල්වත් නුවර මහා ඥාති සමාගමයක් වීය. ශාක්‍ය වංශයට මහත් අනුග්‍රහයක් විය.
පෝය ලිපි වලින් මෙතෙක් ලියූ හොඳම ලිපිය මෙයයි. කතාවේ ගලා යාම හොඳින් කෙරේ, ගැටළු තැන්, බාදා වීම් නැත. නමුත් කලබලයෙන් අවසන් කර ඇති බවකි හැඟෙන්නේ. ඥාති සංග්‍රහ ගැන තව විස්තර කළ හැකිව තිබුණු බව මගේ අදහසයි.
ReplyDeleteඑසේම ඔබ පොහොය දින ගැන කතාවට අමතරව මුළු මාසය ගැනම කතා කරන බවත්, බුද්ධ චරිතය කෙසේ වෙතත් ලංකාව වෙත අවධානය යොමු කරන බවත් නිරීක්ෂණය විය. කලින් ලිපි වල මේ කරුණු ගැලපීම සහ සමබර බව නැත. මේ ලිපිය ඒ අනුව අති විශිෂ්ඨ බව කියමි.
ඔබේ අගය කිරීම පිළිගනිමි.
Deleteඊට හේතුව මේ පොහෝ දිනයට යෙදුනු සුවිශේෂ කරුණක් නැති වීම බව ඔබට නොවැටහිණි යැයි නොසිතමි.
කේ,
ReplyDelete"අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර භගීරසානං
තෘතිසිතං නාතිඋණහං නාතිදුබ්භික්ඛඡාතකං
සද්දලා හරිතා භූමි එස කාලො මහාමූනී"
සමාවෙන්න, ලිපියේ ඉහත සඳහන් කොටස මා හට තේරුම් ගැනීමට අපහසුයි හැකිනම් සරල බසින් තේරුම් කර දෙන්න. මන්ද ලිපියේ කියවෙන හැටියට කාළුදායි මහා තෙරණුවෝ බුදු රදුන් කිඹුල්වත් නුවරට යාමට කැමති කරවා ගන්නා අයුරු කියවෙන්නේ එම කොටසිනි.
තවද සුද්ධෝදන රජු නව වාරයකදී කෘතහස්ත ඇමතිවරු නව දෙනෙක් දහසක් පිරිවර බැගින් පාවා දී රජගහ නුවරට යැවුවත් කරවා ගන්නට බැරි වූ කාර්යය කාළුදායි මහා තෙරණුවෝ විසින් ඉෂ්ට කල අයුරු එම කොටසින් දැන ගැනීමට හැකි වේ යයි සිතමි
ඔබ විසින් ඔබගේ ලිපි වල ලංකාව පිළිබඳව සහ මාසයේ ඇති වැදගත් කම පිළිබඳව කර ඇති විග්‍රහය මමද අගය කරමි. මාසයෙන් මාසය, ටිකෙන් ටික මෙම අඩවිය දැනුම බෙදන e-Library යක් බවට පත් වෙමින් තිබෙන බවනම් මගේ හැගීමයි.
පොඩි ළමයා,
Deleteරජගහනුවර සිට කිඹුල්වතට යොදුන් සැටකි. යොදුනක් ගව් සතරකි. ගව්වකට සැතපුම් සතරක් බව කෙනෙක් කියන අතර තවකෙක් කියන්නේ ගව්ව සැතපුමක් පමණ වන බවයි. මට සිතෙන්නේ අප අද මයිලයට (mile) සැතපුම කියා කීවත් නියම සිංහල සැතපුමක් ඇති බවයි. මේ බව 100% නිවැරදිව කිව නොහැක.
කෙසේ වෙතත්, ගව්වක් සැතපුම් සතරක් ලෙස සැළකු කළ රජගහනුවර සිට කිඹුල්වතට දුර 60x4x4=940 කි. මා මීට මොහොතකට පෙර අන්තර්ජාලයෙන් සොයා ගත් පරිදි රාජ්ගිර් (බිහාරය) හා කපිලවාස්තු (උත්තර ප්‍රදේශය) අතර දුර කිලෝ මීටර 750 කි. සාහිත්‍ය කාරයා යොදුන් හැට කීවාට සැබෑ දුර ඉන් අඩක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි බව පෙනේ. මා සිතන්නේ අපේ සැතපුමේ අර්ථ දැක්වීම (මයිලය සැතපුමක් ලෙස ගැනීම) වැරදි බවයි. අද මිනිසුන් යන්නේ කාළුදායි ඇමති ගිය මගේම නොවන බව කීම තවත් තර්කයකි.
මෙහි ප්‍රස්තුත සිද්ධිය නම්, කාළුදායි තෙරුන් වහන්සේ බුදු රදුන් ඉදිරියට පැමිණ පරිසර වර්ණනාවක් කරන ආකාරයයි. මෙහි ගාථා හැටක් ඇත, එක එකින් යොදුන බැගින් යොදුන් හැට තුල හමුවන සොබා රූ විස්තර කිරීමකි මෙහි ඇත්තේ. අපේ සංදේශ කාව්‍ය වල මග වැනුම් හා මෙහි වෙනසනම් වීතරාගී මනසට දැනෙන සොබා සිරිය මෙහි විස්තර කිරීමයි. ඔබට බොහෝ කරුණු ඉදිරිපත් කළත් කනගාටුවෙන් කිව යුත්තේ මේ ගාථා පංතිය අපට කටපාඩම් නැති බවයි. තිබෙන තැනක්ද සිහියට නොනැගේ.
කෘතහස්ත ඇමති වරු නම දෙනෙකු ලවා කරවා ගැනීමට බැරි වූ කාර්යය කාළුදායි ඇමති ලවා කරවා ගැනීම නොවේ මේ සිද්ධියේ හරය. ඔබ අසන නිසා කියන්නම්.
මුලින් යැවූ ඇමතිවරු හා කාළුදායි අතර නිලතල වශයෙන් වෙනසක් නැතත්, කාළුදායි හා ඡන්න ඇමති වරු බෝසතුන් හා එක දා උපන්හ, බාල කාලයේ සිට එක්ව වැදුණු හුරුපුරුදු කම් ඇත. ඡන්නයා බෝසතුන්ට මහබිනික්මනට වහල් වීය, කාළුදායි තෙමේ නැවත වැඩම කිරීමට උපස්තම්භක වීය.
මුලින් යැවූ ඇමතිවරු පැවිද්දට අවසර නොගත්හ. එහෙත් බණ අසා රහත් වූ පසු පැවිදි නොවී සිටිය නොහැක. ඒ නිසා පැවිදි වූහ. රහත් බව ලැබූ පසු සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන නැති බැවින් තමා කෙරෙහිවත් බැඳීමක් නැත. රජ අණ කෙරේ බැඳීමක් ගැන කවර කතාද. කාළුදායි තෙමේ පැවිදි වන පිණිස අවසර ගෙනම ආහ, අවුත් පැවිදි වූහ. ඔහුත් රහත් වුවත් පැමිණි කාර්යය අවසන් නොමැති බැවින් එය ඉටු කළේය. (මේ සාම්ප්‍රදායික අදහසයි)
මෙහිදී කිව යුතු දෙයක් වෙයි. බුද්ධත්වයෙන් මෙතෙක් ගත වී ඇත්තේ මාස දහයක් පමණකි. මාස දහයක් තුලයි සුද්ධෝදන රජු ඇමතියන් දහදෙනෙක් එවන්නේ. අප එසේ ගණනය කළත්, සුද්ධෝදන රජු මාසයකට එකා බැගින් ඇමතියන් ඒවා ඇත. සම්බුදුරදුන් රජගහ නුවරට වැඩම කර මාසයකි. මේ කාලය සැළකු විට කිඹුල්වතට වැඩම කිරීමට කාලයක් උන් වහන්සේට ලැබුණේ නැත.
ලැබුන මුල් අවස්ථාවෙනි කාළුදායි තෙමේ ප්‍රයෝජනය ගන්නේ. අනෙක් ඇමතිවරු (රහත් හිමිවරු) කාර්යය නොකළ බව කීමට නොහැක්කේ කාළුදායි තෙරුන් එය කළ බැවිණි. උන් වහන්සේ එය නොකළේනම් අනික් වහන්සේලා එය නොකර සිටීයැයි අපට එක හෙලා නිගමනය කළ නොහැක. ගාථා නොලැබුණත් ඔබ සොයන පිළිතුර මෙහි ඇතැයි අනුමාන කරමි.
මේ අදහස් දැක්වීමට ඉඩ විවර කරමින් ප්‍රශ්න ඇසුවාට ඔබට පින්.
කේ, ඔබට ස්තුතියි. ඔබේ මෙම අදහස් සමග ලිපිය නැවත කියවිය යුතුයි.
ReplyDeleteවෙනදාට පොහොය ලිපිය එනතුරු බලා සිටින සිතිවිලිට මක් වෙලාද?
මුලින්ම ඔබගේ ලිපිය කියවා එයට අදහසක් පල කිරීමට පෙර මෙහි වෙනත් යමක් කථා කිරීම ගැන "කේ" ගෙන් සමාව අයැදිමි.
ReplyDeleteපොහොය ලිපියට පිළිතුරක් දීමට පමා වූයේ එය නිස්කලංකව කියවීමට තරම් විවේකයක් නොවූ බැවිනි.
එය මා බොහෝ කැමැත්තෙන් බලා සිටින දෙයකි.
http://dahamsithum.wordpress.com/2012/09/10/63-%E0%B6%A0%E0%B7%94%E0%B6%BD-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%96%E0%B6%9E%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/
මිතුර ජෝසප්,
ඔබ කියූ චුල්ල මාලුංක්‍ය සූත්‍රය මා පෙර කියවා ඇති මුත් මාහට එහි නම මතකයෙහි නොවීය. එය නැවත කියවා ඔබ සැම වෙනුවෙන් එහි යොමුව මා දෙවරක්ම එහි ලීවද එය පල නොවුනි හේතුවක් නොදනිමි.
ඔබට එය නැවත කියැය්වීම අවැසිනම් එය මෙහි පලකරමි
ජෝසප්,
Deleteකේ විසින් කියූ එකල හේතු වාදියෙකු වූ පයාසි රාජඥයා නම් වූ යුව රජෙකුගේ ක්‍රියා පටිපාටිය දැක්වෙන සූත්‍රයෙහි බැඳිය මා එම සාකච්චාව සිදු වූ පොලිස් කථාහි පල කලෙමි.
මේ සිද්ධිය ඔබ දෙපලගේ දැක්ම තුලින් විමසනවා දකින්නට කැමැත්තෙමි.
සිතුවිළි,
Deleteමා උපුටා දැක්වූ සුත්‍ර පාඨය ඇත්තේ "චුල මාලූඞක්‍ය සුත්‍රයේ" නොවන බව ස්ථිරයි. එය "බ්‍රහ්මජාල සුත්‍රය" හෝ "මූල පරියාය සූත්‍රය" හෝ විය හැකි බව අනුමාන කළත් නිවැරදි සුත්‍රය සොයා ගත හැකි නොවීය. අදහස පමණක් ලබාගෙන සුත්‍රය අමතක කර දැමීමේ (ගඟ තරණය කළ පසු ඔරුව විසි කිරීමේ) මෙලෝ ආදීනව තමා මේ...
කේ,
"චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ‍්ඤානං, තින්නං සංගති ඵස්සෝ…" යනාදී ලෙස ඔබ මට කලකට පෙර එවූ සුත්‍ර පාඨය කුමන සුත්‍රයේදැයි ඔබට මතකද?
"කේ"
Deleteසූත්‍ර ධර්මයන් පාලියෙන් හා සිංහල පරිවර්ථන ලබා ගත හැකි වෙබ් අඩවියක් ඔබ දන්නේද.
එය විශ්වාසය තැබිය හැකි එකක් වේ නම් වඩා හොඳයි.
සිතුවිළි ඉල්ලන ආකාරයේ විශ්වාසදායක වෙබ් අඩවියක් නම් නොදනිමි. ඒ ගැන කණගාටුයි.
Deleteජොසෙෆ් ඉල්ලන ගාථා පාඨය මා උපුටා දැක්වූයේ මා සතු කුඩා පොත් පිංචකිනි. එය මා ළඟ තිබිය යුතුයි. එහි මේ කොටස අඩංගු සුත්‍රයේ නම තිබුනොත් දමන්නම්, නැතිනම් ඒ පොතේ ඇති සුත්‍ර පාඨය උපුටා දමන්නම්.
පරිවර්තනයත් අවැසිනම් දන්වන්න. (පරිවර්තනය පිටපත් කිරීම ලෙහෙසියි, පාලි පාඨ නොවැ අපහසු !)
මිතුර කේ.
Deleteපරිවර්ථනය තිබුනොත් හොඳයි, එහෙත් පාලි පාඨයම දැන ගැනීමට සතුටුයි.
ජෝසප්වැනි පුද්ගලයෙකු සැබෑ බෞද්ධයෙකු කල ගාථා පාඨය එලෙසින්ම දැන ගැනීමට ඇත්තෙන්ම සතුටුයි.
අද දින නව ලිපියක් ලෙස ඉදිරිපත් කළෙමි.
Deletehttp://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html
ලිපියත් අදහසුත් නැවත නැවත කියවීමි,
ReplyDeleteපසු ගිය වර මෙන්ම ආයාසයකින් තොරව කියවා ග්‍රහනය කරගත හැකි සුමට ශෛලියකින් කරන ඔබගේ මේ රචනා මා නම් සැබැවින්ම විඳිමි.
ඔබගෙ මේ දස්කම් තව තවත් දියුනු වේවා කියාද එමගින් බොහෝ දෙනෙකුට සෙත සැදීමට ශක්තිය වේවා කියාද පතමි.
ලිපියෙහි අන්තර්ගතය තුල සාකච්චාවට නම් වැඩි ඉඩක් ඇති බවක් නොදුටුවෙමි.
සිරිත් පරිදි පැවිදි වී රහත් වූහ කීමෙහි යම් නොගැලපීමක් දුටුවෙමි.
අවසානය එක් වර කපා දැමුවාක් වැනි යැයි සිතුනි එය තව ටිකක් විස්තර වූවා නම් ලිපිය පූර්ණය, එහෙත් එළැඹෙන මාස වල පිවල පදනම එය වන බැවින් එසේ වන්නට ඇතැයි සිතමි.