Wednesday, February 10, 2016

CEPA එපා නම් ETCA හොඳද ?

ශ්‍රී ලංකාවේ හෙට දවස අඳුරු කරවන ETCA ගිවිසුම පරදවමු


ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංජිනේරු සංගම් / වෘත්තීය සමිති එකාබද්ධව පිහිටුවා ගනු ලැබූ ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය විසින් බෙදා හරිනු ලැබූ පත්‍රිකාවක සිරස්තලය. එයින් ශ්‍රී ලංකික මහජනතාවට ආයායචනය කර සිටින්නේ වික්‍රමසිංහ රෙජීමය විසින් ඉන්දියාව සමග ලහි ලහියේ අත්සන් කිරීමට සැරසෙන ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගිතා ගිවිසුමට එරෙහි වන ලෙසයි.

පළමුව අපි ඒ අත් පත්‍රිකාව කියවා සිටිමු.

පත්‍රිකාවට අනුව අප මෙකී ගිවිසුමට විරුද්ධ විය යුතු වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසාය.
  1. ලාංකිකයන්ගේ රැකියා වෙළෙඳපොල ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනීම
  2. ගිවිසුම් පාර්ශවකරුවන් අතර ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් වියදම් අධික එසේම ශ්‍රී ලංකා අධිකරණ බලාධිකාරියෙන් එපිට ඇති බේරුම්කරණ ආයතන වෙත යාමට සිදු වීම
ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය තමන්ගේ පත්‍රිකාවේ කුමක් කීවත් යෝජිත ගිවිසුම පිළිබඳව අදහස් දැක්වීමට පෙර ඉන්දියාව සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු වෙයි. ඒවා මීළඟ ලිපියෙන් සළකා බලමු.




4 comments:

  1. ලිපිය ඉතා කෙටි හා අසම්පූර්ණ බැවිනුත්,
    ලිපිය අවසානයේ මීලඟ ලිපියෙන් මේ ගැන වඩාත්ම වැදගත් කරුනු සාකච්චා කරන බවට වන සඳහන හේතුවෙනුත්, කිසිවෙකු මෙයට සිය අදහස් ඉදිරිපත් නොකරන බව පෙනේ.
    මා හටද මේ ගැන කිවයුතු අදහස් කොතෙකුත් ඇත. එහෙත් රචකයා කීමට තැත් දරන්නේ කුමක්දැයි නොදැන වැට පැනීම අනුවන කමක් නිසා මීලඟ ලිපිය ගැන බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නම් "කාලෝ අයං තේ" ෴

      Delete
    2. අනේමන්දා, මේකනම් හරියන වැඩක් වගේ පේන්නේ නැහැ.
      ඔහොම ගියොත් මමත් මගේ වැඩක් බලාගෙන ඉන්නවා.
      මේ ලිපියේ ඉතුරු ටික එන්නේ අර හයිබර්නේශන් එක ඉවර වෙලා ඇහැරුනාම තමයි.
      සාමාන්‍යයෙන් මට මතක හැටියට හැම මාසෙම 15 වෙනිදායින් පස්සේ ඔය හයිබර්නේශන් එක පටන් ගන්නවා.

      Delete
  2. මට මේ ගැන වැඩි අවබෝධයක් නෑ. නමුත් මේකෙන් නිදහස් වෙළෙඳපොලක් ඇතිවෙලා පාරි‍භෝගිකයින්ට වාසි වෙනවානම්. මේ ගිවිසුමේ ෆොටෝ කොපියක් අරගෙන ගිහින් චීනයත් එක්ක ගිවිසුමක් ගහන්නේ නැත්තේ මොකද? එතකොට වාසිය ඩබල් වෙනවා.

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !