Thursday, September 19, 2013

බොරු කීම පාපයක්



මේ කුක්කා කාගේද
ඩයස් පියතුමා ගැන නොදන්න ළමයෙක් නෑ, ඒ තරමට එතුමා ළමයින් අතර හරි ජනප්‍රියයි !

කොච්චර ජනප්‍රියද කියනවනම්, පාරේ සෙල්ලම් කරන ළමයි එතුමා දුර එනකොට ඉක්මනට හැංගෙනවා. හැංගිමුත්තන් සෙල්ලම නෙවෙයි, එතුමාගේ දේශනාවක් අනිවාර්යයෙන් ලැබෙන නිසා.

එතුමාගේ දේශනා ගම් ගානක ප්‍රසිද්ධයි. ඉරිදා උදේට එතුමා පූජාව පවත්වනකොට දේව මන්දිරය පුරවල සෙනග. මහළු උදවිය එතුමාගේ දේශනාවට කැමති කාගෙන්වත්වත් හිරිහැරයක් නැතිව නිදා ගන්න ලැබෙන නිසා කියලයි ඒ පූජාවට සහභාගී නොවන ඈයෝ කියන්නේ. ඒත් ඕව කඩාකප්පල් කාරයින්ගේ කතා... ඒ මිනිස්සු කොහොමද ඒක කියන්නේ එක දවසක්වත් පූජාවට සහභාගී වෙන්නැතුව.

මේ කියන්න යන්නේ ඩයස් පියතුමා දවසක් ළමයි රංචුවක් එක්ක ඇති කර ගත් කතාවක් ගැන.

කාගේද බලු කුක්කා


දවසක් හැන්දෑ කොරේ, ඉර අවරට හැරුණ වෙලාවක ඩයස් පියතුමා සක්මන් කරනවලු දේව මන්දිරේ ඉඳල කඩපිල පැත්තට විහිදෙන වීදිය දිගේ. දෑත් පිටුපසට බැඳගෙන, බොහොම සන්සුන්ව, ලොඹු ඇස් ගෙඩි දෙක නෙරෝගෙන, වටපිට බල බල, මෙහෙම සක්මන් කරන ඩයස් පියතුමාගේ උකුසු නෙතට ලක් උනේ විදියේ කෙළවරක පොඩි බලු කුක්කෙක් වට කරගෙන ඉන්න කොළු රෑනක්.

ඩිංගක් පය ඉක්මන් කළ පියතුමා එතනට ළඟා උනා. කොළු රෑන කුක්කට හිරිහැර කරනවා කියලයි එතුමා හිතුවේ. සර්වබලධාරී දෙවියන් වහන්සේ සතුන් මැවුවේ මිනිසාගේ ප්‍රයෝජනයට බව ඇත්තයි; ඒත් මිනිසුන්ට පුළුවන්ද දෙවියන් වහන්සේගේ මැවිල්ලට නිකරුනේ හානි කරන්න... එතුමා තනියම හිතුවා. මොනාද ළමයිනේ ඔය කුක්කට කොරන්න හදන්නේ... කොළු රෑන ළඟටම පැමිණි එතුමා ගැඹුරු හඬින් ප්‍රශ්න කළා. තිගැස්සුණු කොළු රංචුව තමන් අතටම අහු උන බව දැන ගත්තේ එතකොටයි.

නෑ පාදර්, මේ කුක්ක කාත් කවුරුවත් නැති එකෙක්. අපි ඔක්කොම එකතු වෙලා ඌව අමාරුවෙන් අල්ලා ගත්තා. හැමෝටම ඌ ඕනේ, ඒත් ඌව හැමෝගෙම ගෙවල් වල ගෙනියන්න බෑනේ.... එක හුස්මට කියාගෙන ගිය එක කොල්ලෙක් හුස්ම ගන්න කතාව නැවැත්තුවා. අපි කතා උනේ ලොකුම බොරුව කියන කෙනාට මේ කුක්කා තියා ගන්න බාර දෙන්න ! වෙන කොල්ලෙක් කතාව හමාර කළා.

හපොයි දරුවනේ.. පියතුමා දේශනාව ආරම්භ කළා. බොරු කීම විශාල පාපයක්. බොරු කියන මනුෂ්‍යයාට ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ බොරු කියන ළමයින්ට කවදාවත් ස්වර්ගයේ දොරටු විවෘත කරන්නේ නෑ... මේ විදියට ඩයස් පියතුමා අර කොළු රෑනට බොහොම ව්‍යක්ත දේශනයක් දේශනයක් කළා. දැන් ඔය දරුවන්ට වැටහුණා නේද බොරු කීම බොහොම නරක පාපයක් බව, මමනම් ඔය ළමයින්ගේ වයසෙදි එක බොරුවක්වත් කියලා නෑ. මොකද ඔය ළමයි දැන් කියන්නේ ???

මීයට පිම්බා වගේ නිහැඬියාවක් මොහොතක් තිබුණා, ඊට පස්සේ කොළු රෑන එකිනෙකාගේ මුහුණු දිහා බලන්න පටන් ගත්තා, බොහොම කලකිරුණු විදියට. තමුන්ගේ දේශනය කොතරම් සාර්ථක විදියට මේ ළමයින්ගේ හදවත් වලට ඇතුල් වෙලාද කියලා හිතිලා ඩයස් පියතුමා යටි හිතෙන් උදම් වෙන්න හදනකොටම...

බලු කුක්කා පාදර්ම ගෙනියන්න, පාදර් දිනුම් ! මහා දඩෝරි පෙනුමක් තියෙන කොළු රෑනේ ලොකුම කොල්ලා කියපි !

සටහන: මේ කතාව ඩයස් පියතුමා වෙනුවට හාමුදුරු නමක් යොදාගෙන කීවත් වෙනසක් නැත. එහෙත් මුල් කතාව අප ඇසුව ලෙසින්ම ඉදිරිපත් කළෙමු. මේ කතාව කියවන අපට සිහි වූයේ දහම් පාසැල් පොතේ තිබූ ගැරඩියෙකුට හිංසා කළ කොළු රෑනක් ගැන කතාවයි.

5 comments:

  1. සිතුවිළිSeptember 20, 2013 at 7:50 AM

    මේ කථාව කියවූ විට සිතුනේ මෙය ජෝසප් විසින් රචිත කථාවක්දෝ කියායි.
    කෙසේ වෙතත් මේ හා සමාන කථා කලින් කොතෙකුත් කියවා ඇත.

    එසේම දැනට මාස දෙකක් පුරා පොහොය දිනයට එලි දක්වන දහම හා බෞද්ධ ඉතිහාසය හා බැඳි හරබර පොහොය ලිපිය පල නොවීම ගැන කනගාටු වෙමි,
    කණිෂ්ක නැවතත් ඒ ගැන උනන්දු වනවානම් හොඳයැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. නෑ, මේ මගේ කතාවක් නොවෙයි. මමත් මේක ගොඩක් කාලෙකට කලින් අහල තිබුනට අමතක වෙලා තිබුන කතාවක්. පාස්ටර් 'ඩයස්' ගේ නම නම් මම යෝජනා කළා වගේ මතකයි. (හික්!) ඒත් ගොඩක් කාලෙකට ඉස්සර.

      පෝය ලිපිය නැති එක නම් ඇත්තෙන්ම අඩුපාඩුවක්.ඒ ගැන හිතුවොත් හොඳයි. පාස්ටර් ඩයස්ගේ කතාවක් පෝය දවසට දාන එකේ කිසිම තේරුමක් නෑනේ.

      Delete
  2. අලුත් කතාවකට කාලේ හරි මහත්තයෝ.
    ලෝක වැඩිහිටි දිනේ ගැනවත් ලියන්න.

    ReplyDelete
  3. සිතුවිළිOctober 8, 2013 at 9:28 AM

    යාළුවේ කණිෂ්ක,
    දැන් නම් මේ එකම කථා වටේ කැරකුනු කාලේ හොඳටම ඇති වගේ!
    පොඩි ලිපියක් ලියන්නකෝ රසවත් මාතෘකාවක් තෝරගෙන.
    ගායකයෙක්, ගීතයක්, වේදිකා නට්‍යය, ලෝක සිනමාව වගේ පොඩි රසවත් දෙයක් ගැනත් කථා කරමුද?
    විවිධත්වයක් තියෙන එකට කවුරුත් කැමතිවෙයි.

    ReplyDelete
    Replies
    1. සිතුවිළි,

      මේ දින වල පරිගණකය පන ගන්වා ගැනීමටත් නොහැකි තත්වයකි පවතින්නේ. ඒ නිසයි ප්‍රතිචාර සහ ලිපි ප්‍රමාද. මේ ප්‍රතිචාරයත් දක්වන්නේ කාර්යාල වෙලාව තුල, අපේ සාමාන්‍ය ප්‍රතිපත්තිය මදකට අත්හිටුවමින්. මිතුරු ජොසෙෆ් සහ ඔබත් ප්‍රියන්ත මහතාත් දෙතිස් කතා අත නොහැර සංවාදය පවත්වා ගනිමින් රැඳී සිටීම අපට දිරි ගැන්වීමක්.

      ලබන සති අන්තය වන විට මේ කාල-වෙලා ගැටළුව අහවර වේ යැයි බලාපොරොත්තුවෙනි සිටින්නේ. ප්‍රියන්ත මහතා එක තැනක නගා ඇති ගැටළු වලට ශක්ති පමණින් පිළිතුරු දීමටත් අදහසක් ඇත. සියලු දෙනාටම ස්තුතියි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !