පන්තියේ හැමෝම වට වෙලා එක පාර අත් විස්සක් විතර දාගෙන එකෙක්ගේ බත් එක කන එක මම හිතන්නේ දැන් ජාතික පුරුද්දක්. මේ කියන්නේ මිට අවුරුදු පහළොවකට විස්සකට විතර උඩදී ඇත්තටම උනු සිද්ධියක්. ඒ කාලේ දැන් තරම් ළමයි නරක නෑ (හූ හූ හූ !!!), හැමෝම හැමෝගෙම බත් එක කන්න පොර කන්නේ නෑ.
ඔන්න අපේ පන්තියේ හිටියා හැමදාම බත් එකට බිත්තරයක් ගේන සිසුවෙක්. බත් එක ලිහපු සැනින් බිත්තරේ අතුරුදහන් වෙන නිසා මිනිහා හොයා ගත්ත මේකට යස උපක්‍රමයක්. ඔන්න බත් මුල ලිහපු ගමන් බිත්තරේ අරං එක පාරටම කටේ දා ගන්නවා. කෙල බෝල බෝල එක්ක එළියට අරං බත් එකෙන් තියනවා. උපක්‍රමේ කොච්චර සාර්ථකද කියනවානම් බත් එකට එන අත් ගාන එක දවසින් බාගෙට බැස්සා. අයියෝ ඒ එන ඉතුරු උනුත් උන් බිත්තරේ තියා ඒ පැත්ත පලාතටවත් යන්නේ නෑ.
හැම දේකටම අවසානයක් තියෙන්න එපැයි. මෙන්න මෙහෙමයි ඒක උනේ.
අපේ වීරයා පුරුදු විදියටම බිත්තරේ බත් එකෙන් තියනකොටම අපේ පන්තියට ආවා එහා පන්තියේ බඩගිනි කාරයෙක්. උන් විවේක කාලේ එන්න කළින් උන්ගේ පන්තියේ කෑම ඔක්කොම ඉවර කරලා. අත දාපු ගමන් ගත්තා බිත්තරේ; දා ගත්තා කටේ; ආයෙත් එළියට ගත්තා බාගයක්; තිබ්බා බත් එකෙන්.
අරුන් ඔක්කොම කටවල් ඇරං බලං ඉන්නවා... ඒත් කතාව එච්චරයි !
ආයෙත් එළියට ගත්තා බාගයක් ... |

No comments:
New comments are not allowed.