Tuesday, February 28, 2017

ඔවුන් ඔබට සඟවන දෙය

බැඳුම්කර මගඩිය සරල සිංහලෙන්



2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ පළමු වංචාව පිළිබඳව 2017 පෙබරවාරි 27 කොළඹ පැවති උත්සවයකදී මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන මහතා සරලව පැහැදිලි කළේ ය.







22 comments:

  1. රනිල් හොරා!

    ReplyDelete
    Replies
    1. රනිල් හොරා කීම රනිල්ට අපහාසයකි. කිසිම හොරෙක් මෙතෙක් කල් මහබැංකුවට අත තැබීමට එඩිතර වූයේ නැත.

      Delete
  2. මේ ප්‍රවෘත්තිය අප වෙනත් මාධ්‍ය ඔස්සේ දුටුවෙමු.
    මෙය මෙහි පල කරනවානම්, ඒ ගන කතු තුමාගේ යම් කිසි අදහස් දැක්වීමක් සමග විය යුතු බව තරයේ අදහමි. එසේ නොවුනු කල මෙය කියැවීමෙන් හෝ සවන් දීමෙන් ලැබිය හැකි අළුත් දේ කුමක්ද? අපට මෙය සාකච්චාවකට ලක් කීරීමට ඇති ප්‍රස්තුතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සරලයි. ඔබ මෙය මාතෘකාව සමග කියවිය යුතුයි.

      "ඔවුන් ඔබට සඟවන දෙය"
      ඉහත නමින් ලිපියක් පල වූයේ 'ඉකොනොමැට්ටාගේ බොජුන්හල' අඩවියේ.

      සිංහල බ්ලොග් ලෝකයේ ආර්ථික කාරනා වලට අධිපති දෙවියා බවට පත්ව සිටින ඇමරිකානු ජාතික ඉකොනොමැට්ටා මහතාගේ බැඳුම්කර මගඩිය සම්බන්ද ලිපි පෙළ ඔබ කියෙව්වා නම් මෙහි තේරුම ඔබ දැන ගත යුතුයි.

      බැඳුම්කර හොරුන් ඇත්තටම බැඳුම්කර හොරුන් නොවිය හැකි බව අපට ඒත්තු ගැන්වීමට ඒ දෙවියා ලිපි 20 ක් පමණ ලියනවා. හොර බඩු දැනටත් අසු වී තිබෙන නිසා ඒවා ඩේසි ආච්චිගේ බව කීමට ඒ දෙවියා තව ලිපි කීපයක් ලියනවා. පසුව හොර ගැසට් එක එළියට ආ පසු මහින්ද ගැසට් ගැන නොදන්නා බව කීමට තවත් ලිපියක් වෙන් කරනවා.

      එහෙත්, හොරකම හොරකමක් බව විස්තර කිරීමට එදා සිදු වූ දේ යතා අයුරින් කියා පෑම පමණක් ප්‍රමාණවත්.

      මේ ලිපියෙන් මතු කරන්නේ ඒ කාරණාවයි. මම වැරදිද ?

      Delete
    2. ඉකොනොමැට්ටා ගේ ඒ ලිපි නොකියැවීමි.
      එම නිසා ඔබ හරිද වැරදි දැයි නොදනිමි.
      බැඳුම් කර මගඩිය ගැන ඕනාවටත් වඩා කියවා දැනට අජීර්ණ වී ඇති නිසා සාධාරණී කරනය කිරීම් කියැවීමට කාලය නොයොදවමි.
      එහෙත් මෙවන් වූ කාරනාවක් ගැන අපේ කලණ මිතුරු "කේ" තුමා හෙවත් "කණිෂ්ක" මහතා හෙවත් "කථා කතු" තුමා දක්වන්නේ කෙබඳු දැක්මක්දැයි දැකීමට කැමැති නිසා ඔහුගේ විචාරයක් වූවානම් හොඳයැයි සිතුනි.
      මා වැරදිද?

      Delete
  3. නිතර ප්‍රතිචාර නොදැක්වීමට සමාව භජනය කරන්න. දැන් ඉස්සර වගේ නෙවේ.

    ReplyDelete
  4. /*
    නයනේ - සිතුවිළිMarch 7, 2017 at 9:23 AM

    ඉකොනොමැට්ටා ගේ ඒ ලිපි නොකියැවීමි.
    එම නිසා ඔබ හරිද වැරදි දැයි නොදනිමි.
    බැඳුම් කර මගඩිය ගැන ඕනාවටත් වඩා කියවා දැනට අජීර්ණ වී ඇති නිසා සාධාරණී කරනය කිරීම් කියැවීමට කාලය නොයොදවමි.
    එහෙත් මෙවන් වූ කාරනාවක් ගැන අපේ කලණ මිතුරු "කේ" තුමා හෙවත් "කණිෂ්ක" මහතා හෙවත් "කථා කතු" තුමා දක්වන්නේ කෙබඳු දැක්මක්දැයි දැකීමට කැමැති නිසා ඔහුගේ විචාරයක් වූවානම් හොඳයැයි සිතුනි.
    මා වැරදිද?
    */

    ================

    ReplyDelete
  5. කථා කතු තුමනි,
    අන්න බ්ලොග් ලියන්නන්ට ආයෙමත් සම්මාන දෙනවලු.
    නරකද ඒ ගැන මුකුත් ලිව්වොත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ! මා සාර්ථකයි
      ඔය ලැබී තියෙන්නේ පිළිතුරක්!

      Delete
  6. කථා 32 අඩවිය, මේ ලබන්නා වූ සිංහල අළුත් අවුරුද්දේදී වඩා සක්‍රීයව, එයට උරුම වූ නිවැරදි භූමිකාව ඔස්සේ දකින්නට කියවන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු.!

    ReplyDelete
  7. මා හිත මිත්‍ර "කථා 32" හි කතු තුමා හා සැමදා කථා 32 හි මිතුරා ජෝසප් ඇතුළු කථා 32 හි සමස්ථ මිතුරන් හා ඔවුන්ගේ පවුල් වල සැමට ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද සිත් පහන් කරන ශුභ නව වසරක් වේවායි පතමි.

    මේ නව වසරේදී වත් අපට සුපුරුදු අගයෙන් යුතු ලිපි කථා 32න් කියැවීමට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු තබමි.

    ReplyDelete
  8. මාර්තු 22 සිට මම උත්සහ කරනවා.
    අද අප්‍රේල් 20. කථා 32 තවම නිහඬයි.
    අරමුණක් වෙනුවෙන් සමාදන් වූ වෘතයක්ද?

    ReplyDelete
  9. කථා කතු තුමා නිහඬයි.
    ඉඳ හිට අපිට හොඳ ලිපියක් සැපයූ, දැඩි විචාරාත්මක පිළිතුරු ලියන ජෝසප්, මම මොකක් හරි ප්‍රාථිචාරයක් හැමූවිට එක් වචනයක හෝ ප්‍රතිචාරයකින් කථා 32 හා ඇති බැඳීම පෙන්වූ ජෝසප් දැන් නිහඬයි
    නොවැරදීම කමෙන්ට් එකක් දාන ජගත් පතිරන මේ පැත්තේ ආ වගක් නෑ වගේම ඔහුගේ බ්ලොගයත් නිහඬයි
    සාරසා නම් මේ පැත්තේ නාවට ඔහුගේ බ්ලොගයේත් අන් තැන් වලත් යුධ වදිනවා දකිනවා.

    මේ ඔක්කොම මැද කථා 32ඒ අනාගතය කෙබඳුද?
    ඇයි මේ වටිනා බ්ලොගයක් නිහඬ වීමට හැරලා.

    ReplyDelete
  10. ජෝසප්,
    කණිශ්කගේ නිහඬ වීමට හේතු ගැන ඔබ දැනුවත්ද? ඔහුට යම අතුරු ආන්තරාවක් නැතැයි මා සිතනවා.
    මා ඔහු වෙත යොමු කල ඊ මේල් පණිවුඩ වලට හෝ ප්‍රථිචාරයක් නැහැ.
    කලකට පෙර ඔහු හා මා අතර වූ ඊ මේල් සාකච්චාවක් මා අද කියවූවා. එයින් මා යම් අපහසුතාවයකටද පත් වුනා.

    ඔබ කැමතිනම් මට ඊ මේල් පණිවුඩයක් යොමු කරන්න. ඔබ හා කථා කිරීමට අවශ්‍යයි.
    sithuwili.n.sithuwili@gmail.com

    ReplyDelete
  11. පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම රාජසන්තක කරව්.

    ReplyDelete
  12. කණිෂ්ක නැවත කථා 2 අවදි කරන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. කණිෂ්ක,
      කථා 32 අවදි කිරීම පිණිස මාහට කල හැකි යමක් ඇතිද?

      Delete
  13. තවමත් දිනකට එක් වරක් දෙතිස් කථා වෙත එන්නෙමි.

    බ්ලොග් අඩවි සමග තිබූ අසුර බිඳවැටි අතිඅතර කළණ මිතු ඇසුර අහිමිවීම නිසා ධර්මය අසුරු කිරීමද මද වී ඇත.
    දෙතිස් කථා යාවත්කාලීන වන තුරු බලා හිඳිමි

    ReplyDelete
  14. මසකට මදක් වැඩි කාලයකින් පසුව දෙතිස් කථා වෙත නැවත කමෙන්ටුවක් පල කරමි.
    දෙතිස් කථා සක්‍රීය නොකිරීම කතා කතු තුමාගේ පෞද්ගලික තීරණයක් විය හැකිය.
    එයට අනේක විද වූ සාධාරණ හේතූන්ද විය හැකිය.
    එහෙත් දෙතිස් කතා විසින්ම ගොඩනගා ගත් සමාජ වගකීමක් දෙතිස් කථා ලොගයට ඇත. ඒ වෙනුවෙන් හඬ නගන්නේ මා පමනක්ම වුවද, මාද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නෙකු වුවද, කථා තිස්දෙකේ නිහඬ තාවයෙන් ඇතිවෙන හිඩැස අසම්පූර්ණය.
    කෙදිනක හෝ දෙතිස් කථා නැවත පෙර වූ පරිද්දෙන් දැනුම බුද්ධිය අරඹයා සක්‍රීය වන දිනක් පතා සිටිමි.

    ReplyDelete
    Replies
    1. දෙතිස් කතාව නිහඬ වීම තීරණයක් නොවේ, එය නොවැළක්විය හැකි හේතු සමූහයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයකි. එය නැවත පණ ගැන්වීම ද තීරණයක් නොවේ. නැවතීමේ හේතු නැති වූ කල දෙතිස් කතාව යලි අවදි වනු ඇත.

      "හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ඣති"

      Delete
    2. හේතුවක් නිසා හටගත් දේ හේතු නැතිවීමෙන් අහෝසිවී යති !

      හ්ම්ම්ම්.....

      හේතුව අහෝසි වන තුරු බලා සිටිමි.

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !