Tuesday, January 17, 2017

රතනලියා අතුරෙගියා

ජීවීන් සඳහා විද්‍යාත්මක නාමකරණයක් තිබේ. ලතින් භාෂාවෙන් කෙරෙන මේ නාමකරණය සාමාන්‍යයෙන් කොටස් දෙකකි. නාම පදයක තේරුමක් තිබීම අත්‍යාවශ්‍ය නැති සේම නාමපදයක් සාමාන්‍යයෙන් වෙනත් භාෂා වලට පර්වර්තනය කෙරෙන්නේද නැත. උදාහරණයක් දෙතොත් එක්සත් ජනපද වල ජනාධිපති ට්‍රම්ප් මහතාව තුරුම්පුවා ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වල හෝ වෙනත් තැනක හෝ කියවෙන්නේ නැත. ඒ අනුව බොහෝ විද්‍යාත්මක නාම වලට ලතින් භාෂාවේ තේරුමක් නැත - ඒවා ලතින් මෙන් ඇසෙනවා පමණි.

හැලපේනියාස් ඔතේනියාස් යනුවෙන් කැන්ද ගසට 'විද්‍යාත්මක' නාමයක් පට බැඳෙන්නේ ඒ අනුවය. එසේනම් "රතනලියා අතුරෙගියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ලංකාවට ආවේණික අරුම පුදුම සත්ත්වයා කවුද ?





7 comments:

  1. හුටා !
    මෙන්න නැගිටලා.
    http://mallepol.blogspot.com/2017/01/blog-post_16.html

    ReplyDelete
  2. එලඹෙන නව ආන්ඩුවක් යටතේ එකල රුපියල් බිලියන ගානක ගෙයක් ආන්ඩුවේ මුදලින් තමන් ට අයිති කර ගත් රතන $ ගනින්නාන්සේ ව FCID ගෙන්වා එම මන්දිරය නැවත රජයට පවරා ගත යුතුය. එයා මයිල් වලින් කල වන්චා ගැන ප්‍රශ්න කර නඩු අසා බන්දනාගාර ගත කල යුතු ය.

    ReplyDelete
  3. ලතින් භාශාවෙන් නමක් පටබඳින්නේ අහවල් එකකටද

    කියන මගුලක් අමු සිංහලෙන්ම කියමු ඕනේ මගුලක් වෙන්නෙයි කියලා

    ReplyDelete
    Replies
    1. ද්වීපද නාමකරණය හඳුන්වාදුන් කාලයේදී ටහිර ක්‍රිස්තියානි නූතනත්වය තිබුණත් එහි ඇංග්ලිකන් ආධිපත්‍යය තහවුරුවී තිබුනේ නෑ.ලතින් නාමකරනයක් පැමිණියේ ඒ නිසයි.

      Delete
    2. ඒකනේ ... !

      Delete
  4. රතනලියා වෛශ්‍යාවකි. ඇය ඒ වෘත්තියේ යෙදෙන්නේ තමන්ගේ ආස්වාදය සඳහා පමණක් ම නොවේ, තම ස්වාමියා වන ප.ච.වකයා සන්තර්පණය කිරීමේ අරමුණ ද පෙරදැරිවය.

    රතනලියාගේ නවතම අඩව්ව දැනට බලු-ගුත්තේරු වී සිටින ප.ච.වකයා නැවත ඉහළට ඔසවා තැබීම උදෙසා "ඔයාල කරගෙන යන්න, අපි විරුද්ධ වෙන්නම්" තියරිය ක්‍රියාවට නැංවීම මිස වෙනකක් නොවේ.

    බලු ගූ කන රතනලියා හෙළා දකිමු !

    ReplyDelete
    Replies
    1. ආ... ඔය තියෙන්නේ
      පැහැදිලි සිංහලෙන්...
      හෙලා දකිමු හෙලා දකිමු....

      ඊට එහාට කල හැක්කේ කුමක්ද?

      මූ කොන්තරාත් කරුවෙකු වීම අපිට ප්‍රශ්ණයක් නැත. මොකද ලංකාවේ බහුතරයක් දේශපාලකයින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විව්ධාකාර කොට්ටශ වල, පුද්ගලයින්ගේ හෝ සංවිධාන වල කොන්තරාත් කරුවන්ය.
      ඒත් මේ අශික්ශිතයා ඒ වංචාව වසා ගැනීමට බුද්ධ චීවරය යොදා ගැනීම ගැන කම්පාවක් ඇතිවේ.

      සැබෑ ලෙසින්ම ජනතාවගේ කොන්තරාත් කරුවෙකු වූ දේශපාලකයෙකු ලංකාවේ වෙත්ද?
      සිටීනම් ඒ කවරෙක්ද?

      Delete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !