tag:blogger.com,1999:blog-4980774058297102516.post9200116748367509661..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: ඥාති සංග්‍රහයට මුල පිරූ මැදින් පුර පසළොස්වකකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4980774058297102516.post-82229658180530433722013-04-05T00:45:49.739+05:302013-04-05T00:45:49.739+05:30අද දින නව ලිපියක් ලෙස ඉදිරිපත් කළෙමි.
http://katha...අද දින නව ලිපියක් ලෙස ඉදිරිපත් කළෙමි.
http://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.htmlකතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-62633225237117824902013-04-04T04:56:41.012+05:302013-04-04T04:56:41.012+05:30මිතුර කේ.
පරිවර්ථනය තිබුනොත් හොඳයි, එහෙත් පාලි පාඨ...මිතුර කේ.
පරිවර්ථනය තිබුනොත් හොඳයි, එහෙත් පාලි පාඨයම දැන ගැනීමට සතුටුයි.
ජෝසප්වැනි පුද්ගලයෙකු සැබෑ බෞද්ධයෙකු කල ගාථා පාඨය එලෙසින්ම දැන ගැනීමට ඇත්තෙන්ම සතුටුයි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17822587498603555072013-04-04T01:10:37.060+05:302013-04-04T01:10:37.060+05:30සිතුවිළි ඉල්ලන ආකාරයේ විශ්වාසදායක වෙබ් අඩවියක් නම්...සිතුවිළි ඉල්ලන ආකාරයේ විශ්වාසදායක වෙබ් අඩවියක් නම් නොදනිමි. ඒ ගැන කණගාටුයි.

ජොසෙෆ් ඉල්ලන ගාථා පාඨය මා උපුටා දැක්වූයේ මා සතු කුඩා පොත් පිංචකිනි. එය මා ළඟ තිබිය යුතුයි. එහි මේ කොටස අඩංගු සුත්‍රයේ නම තිබුනොත් දමන්නම්, නැතිනම් ඒ පොතේ ඇති සුත්‍ර පාඨය උපුටා දමන්නම්.

පරිවර්තනයත් අවැසිනම් දන්වන්න. (පරිවර්තනය පිටපත් කිරීම ලෙහෙසියි, පාලි පාඨ නොවැ අපහසු !)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21685653100213846102013-04-03T11:11:13.218+05:302013-04-03T11:11:13.218+05:30"කේ"
සූත්‍ර ධර්මයන් පාලියෙන් හා සිංහල පර..."කේ"
සූත්‍ර ධර්මයන් පාලියෙන් හා සිංහල පරිවර්ථන ලබා ගත හැකි වෙබ් අඩවියක් ඔබ දන්නේද.
එය විශ්වාසය තැබිය හැකි එකක් වේ නම් වඩා හොඳයි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-88659961990768479572013-04-03T08:57:19.443+05:302013-04-03T08:57:19.443+05:30සිතුවිළි,
මා උපුටා දැක්වූ සුත්‍ර පාඨය ඇත්තේ "...සිතුවිළි,

මා උපුටා දැක්වූ සුත්‍ර පාඨය ඇත්තේ "චුල මාලූඞක්ය සුත්‍රයේ" නොවන බව ස්ථිරයි. එය "බ්‍රහ්මජාල සුත්‍රය" හෝ "මූල පරියාය සූත්‍රය" හෝ විය හැකි බව අනුමාන කළත් නිවැරදි සුත්‍රය සොයා ගත හැකි නොවීය. අදහස පමණක් ලබාගෙන සුත්‍රය අමතක කර දැමීමේ (ගඟ තරණය කළ පසු ඔරුව විසි කිරීමේ) මෙලෝ ආදීනව තමා මේ...

කේ,

"චක්ඛුංච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤානං, තින්නං සංගති ඵස්සෝ…" යනාදී ලෙස ඔබ මට කලකට පෙර එවූ සුත්‍ර පාඨය කුමන සුත්රයේදැයි ඔබට මතකද?
Josephhttp://lankacnews.com/sinhala/main-news/92324/#comment-498348noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53909223970691570022013-03-30T20:45:05.391+05:302013-03-30T20:45:05.391+05:30ජෝසප්,
කේ විසින් කියූ එකල හේතු වාදියෙකු වූ පයාසි ...ජෝසප්,
කේ විසින් කියූ එකල හේතු වාදියෙකු වූ පයාසි රාජඥයා නම් වූ යුව රජෙකුගේ ක්‍රියා පටිපාටිය දැක්වෙන සූත්‍රයෙහි බැඳිය මා එම සාකච්චාව සිදු වූ පොලිස් කථාහි පල කලෙමි.
මේ සිද්ධිය ඔබ දෙපලගේ දැක්ම තුලින් විමසනවා දකින්නට කැමැත්තෙමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55568317430575681052013-03-29T07:36:16.770+05:302013-03-29T07:36:16.770+05:30ලිපියත් අදහසුත් නැවත නැවත කියවීමි,
පසු ගිය වර මෙන්...ලිපියත් අදහසුත් නැවත නැවත කියවීමි,
පසු ගිය වර මෙන්ම ආයාසයකින් තොරව කියවා ග්රහනය කරගත හැකි සුමට ශෛලියකින් කරන ඔබගේ මේ රචනා මා නම් සැබැවින්ම විඳිමි.
ඔබගෙ මේ දස්කම් තව තවත් දියුනු වේවා කියාද එමගින් බොහෝ දෙනෙකුට සෙත සැදීමට ශක්තිය වේවා කියාද පතමි.
ලිපියෙහි අන්තර්ගතය තුල සාකච්චාවට නම් වැඩි ඉඩක් ඇති බවක් නොදුටුවෙමි.
සිරිත් පරිදි පැවිදි වී රහත් වූහ කීමෙහි යම් නොගැලපීමක් දුටුවෙමි.
අවසානය එක් වර කපා දැමුවාක් වැනි යැයි සිතුනි එය තව ටිකක් විස්තර වූවා නම් ලිපිය පූර්ණය, එහෙත් එළැඹෙන මාස වල පිවල පදනම එය වන බැවින් එසේ වන්නට ඇතැයි සිතමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21928528505544790522013-03-29T06:07:15.032+05:302013-03-29T06:07:15.032+05:30මුලින්ම ඔබගේ ලිපිය කියවා එයට අදහසක් පල කිරීමට පෙර ...මුලින්ම ඔබගේ ලිපිය කියවා එයට අදහසක් පල කිරීමට පෙර මෙහි වෙනත් යමක් කථා කිරීම ගැන "කේ" ගෙන් සමාව අයැදිමි.

පොහොය ලිපියට පිළිතුරක් දීමට පමා වූයේ එය නිස්කලංකව කියවීමට තරම් විවේකයක් නොවූ බැවිනි.
එය මා බොහෝ කැමැත්තෙන් බලා සිටින දෙයකි.

http://dahamsithum.wordpress.com/2012/09/10/63-%E0%B6%A0%E0%B7%94%E0%B6%BD-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%96%E0%B6%9E%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

මිතුර ජෝසප්,
ඔබ කියූ චුල්ල මාලුංක්‍ය සූත්‍රය මා පෙර කියවා ඇති මුත් මාහට එහි නම මතකයෙහි නොවීය. එය නැවත කියවා ඔබ සැම වෙනුවෙන් එහි යොමුව මා දෙවරක්ම එහි ලීවද එය පල නොවුනි හේතුවක් නොදනිමි.
ඔබට එය නැවත කියැය්වීම අවැසිනම් එය මෙහි පලකරමි

සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17984261291038676692013-03-28T19:05:12.075+05:302013-03-28T19:05:12.075+05:30කේ, ඔබට ස්තුතියි. ඔබේ මෙම අදහස් සමග ලිපිය නැවත කිය...කේ, ඔබට ස්තුතියි. ඔබේ මෙම අදහස් සමග ලිපිය නැවත කියවිය යුතුයි.

වෙනදාට පොහොය ලිපිය එනතුරු බලා සිටින සිතිවිලිට මක් වෙලාද?
පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-25038775292411556902013-03-27T23:34:33.007+05:302013-03-27T23:34:33.007+05:30පොඩි ළමයා,
රජගහනුවර සිට කිඹුල්වතට යොදුන් සැටකි. ය...පොඩි ළමයා,

රජගහනුවර සිට කිඹුල්වතට යොදුන් සැටකි. යොදුනක් ගව් සතරකි. ගව්වකට සැතපුම් සතරක් බව කෙනෙක් කියන අතර තවකෙක් කියන්නේ ගව්ව සැතපුමක් පමණ වන බවයි. මට සිතෙන්නේ අප අද මයිලයට (mile) සැතපුම කියා කීවත් නියම සිංහල සැතපුමක් ඇති බවයි. මේ බව 100% නිවැරදිව කිව නොහැක.

කෙසේ වෙතත්, ගව්වක් සැතපුම් සතරක් ලෙස සැළකු කළ රජගහනුවර සිට කිඹුල්වතට දුර 60x4x4=940 කි. මා මීට මොහොතකට පෙර අන්තර්ජාලයෙන් සොයා ගත් පරිදි රාජ්ගිර් (බිහාරය) හා කපිලවාස්තු (උත්තර ප්‍රදේශය) අතර දුර කිලෝ මීටර 750 කි. සාහිත්‍ය කාරයා යොදුන් හැට කීවාට සැබෑ දුර ඉන් අඩක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි බව පෙනේ. මා සිතන්නේ අපේ සැතපුමේ අර්ථ දැක්වීම (මයිලය සැතපුමක් ලෙස ගැනීම) වැරදි බවයි. අද මිනිසුන් යන්නේ කාළුදායි ඇමති ගිය මගේම නොවන බව කීම තවත් තර්කයකි.

මෙහි ප්රස්තුත සිද්ධිය නම්, කාළුදායි තෙරුන් වහන්සේ බුදු රදුන් ඉදිරියට පැමිණ පරිසර වර්ණනාවක් කරන ආකාරයයි. මෙහි ගාථා හැටක් ඇත, එක එකින් යොදුන බැගින් යොදුන් හැට තුල හමුවන සොබා රූ විස්තර කිරීමකි මෙහි ඇත්තේ. අපේ සංදේශ කාව්‍ය වල මග වැනුම් හා මෙහි වෙනසනම් වීතරාගී මනසට දැනෙන සොබා සිරිය මෙහි විස්තර කිරීමයි. ඔබට බොහෝ කරුණු ඉදිරිපත් කළත් කනගාටුවෙන් කිව යුත්තේ මේ ගාථා පංතිය අපට කටපාඩම් නැති බවයි. තිබෙන තැනක්ද සිහියට නොනැගේ.

කෘතහස්ත ඇමති වරු නම දෙනෙකු ලවා කරවා ගැනීමට බැරි වූ කාර්යය කාළුදායි ඇමති ලවා කරවා ගැනීම නොවේ මේ සිද්ධියේ හරය. ඔබ අසන නිසා කියන්නම්.

මුලින් යැවූ ඇමතිවරු හා කාළුදායි අතර නිලතල වශයෙන් වෙනසක් නැතත්, කාළුදායි හා ඡන්න ඇමති වරු බෝසතුන් හා එක දා උපන්හ, බාල කාලයේ සිට එක්ව වැදුණු හුරුපුරුදු කම් ඇත. ඡන්නයා බෝසතුන්ට මහබිනික්මනට වහල් වීය, කාළුදායි තෙමේ නැවත වැඩම කිරීමට උපස්තම්භක වීය.

මුලින් යැවූ ඇමතිවරු පැවිද්දට අවසර නොගත්හ. එහෙත් බණ අසා රහත් වූ පසු පැවිදි නොවී සිටිය නොහැක. ඒ නිසා පැවිදි වූහ. රහත් බව ලැබූ පසු සක්කාය දිට්ඨි ආදී දස සංයෝජන නැති බැවින් තමා කෙරෙහිවත් බැඳීමක් නැත. රජ අණ කෙරේ බැඳීමක් ගැන කවර කතාද. කාළුදායි තෙමේ පැවිදි වන පිණිස අවසර ගෙනම ආහ, අවුත් පැවිදි වූහ. ඔහුත් රහත් වුවත් පැමිණි කාර්යය අවසන් නොමැති බැවින් එය ඉටු කළේය. (මේ සාම්ප්‍රදායික අදහසයි)

මෙහිදී කිව යුතු දෙයක් වෙයි. බුද්ධත්වයෙන් මෙතෙක් ගත වී ඇත්තේ මාස දහයක් පමණකි. මාස දහයක් තුලයි සුද්ධෝදන රජු ඇමතියන් දහදෙනෙක් එවන්නේ. අප එසේ ගණනය කළත්, සුද්ධෝදන රජු මාසයකට එකා බැගින් ඇමතියන් ඒවා ඇත. සම්බුදුරදුන් රජගහ නුවරට වැඩම කර මාසයකි. මේ කාලය සැළකු විට කිඹුල්වතට වැඩම කිරීමට කාලයක් උන් වහන්සේට ලැබුණේ නැත.

ලැබුන මුල් අවස්ථාවෙනි කාළුදායි තෙමේ ප්‍රයෝජනය ගන්නේ. අනෙක් ඇමතිවරු (රහත් හිමිවරු) කාර්යය නොකළ බව කීමට නොහැක්කේ කාළුදායි තෙරුන් එය කළ බැවිණි. උන් වහන්සේ එය නොකළේනම් අනික් වහන්සේලා එය නොකර සිටීයැයි අපට එක හෙලා නිගමනය කළ නොහැක. ගාථා නොලැබුණත් ඔබ සොයන පිළිතුර මෙහි ඇතැයි අනුමාන කරමි.

මේ අදහස් දැක්වීමට ඉඩ විවර කරමින් ප්‍රශ්න ඇසුවාට ඔබට පින්.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-17067284702962707582013-03-27T22:24:38.635+05:302013-03-27T22:24:38.635+05:30ඔබේ අගය කිරීම පිළිගනිමි.
ඊට හේතුව මේ පොහෝ දිනයට යෙ...ඔබේ අගය කිරීම පිළිගනිමි.
ඊට හේතුව මේ පොහෝ දිනයට යෙදුනු සුවිශේෂ කරුණක් නැති වීම බව ඔබට නොවැටහිණි යැයි නොසිතමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-84362365967872666122013-03-27T20:20:07.369+05:302013-03-27T20:20:07.369+05:30කේ,
"අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං...කේ,

"අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර භගීරසානං
තෘතිසිතං නාතිඋණහං නාතිදුබ්භික්ඛඡාතකං
සද්දලා හරිතා භූමි එස කාලො මහාමූනී"

සමාවෙන්න, ලිපියේ ඉහත සඳහන් කොටස මා හට තේරුම් ගැනීමට අපහසුයි හැකිනම් සරල බසින් තේරුම් කර දෙන්න. මන්ද ලිපියේ කියවෙන හැටියට කාළුදායි මහා තෙරණුවෝ බුදු රදුන් කිඹුල්වත් නුවරට යාමට කැමති කරවා ගන්නා අයුරු කියවෙන්නේ එම කොටසිනි.

තවද සුද්ධෝදන රජු නව වාරයකදී කෘතහස්ත ඇමතිවරු නව දෙනෙක් දහසක් පිරිවර බැගින් පාවා දී රජගහ නුවරට යැවුවත් කරවා ගන්නට බැරි වූ කාර්යය කාළුදායි මහා තෙරණුවෝ විසින් ඉෂ්ට කල අයුරු එම කොටසින් දැන ගැනීමට හැකි වේ යයි සිතමි

ඔබ විසින් ඔබගේ ලිපි වල ලංකාව පිළිබඳව සහ මාසයේ ඇති වැදගත් කම පිළිබඳව කර ඇති විග්‍රහය මමද අගය කරමි. මාසයෙන් මාසය, ටිකෙන් ටික මෙම අඩවිය දැනුම බෙදන e-Library යක් බවට පත් වෙමින් තිබෙන බවනම් මගේ හැගීමයි.

පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-84478101358816143202013-03-27T11:46:45.036+05:302013-03-27T11:46:45.036+05:30පෝය ලිපි වලින් මෙතෙක් ලියූ හොඳම ලිපිය මෙයයි. කතාවේ...පෝය ලිපි වලින් මෙතෙක් ලියූ හොඳම ලිපිය මෙයයි. කතාවේ ගලා යාම හොඳින් කෙරේ, ගැටළු තැන්, බාදා වීම් නැත. නමුත් කලබලයෙන් අවසන් කර ඇති බවකි හැඟෙන්නේ. ඥාති සංග්‍රහ ගැන තව විස්තර කළ හැකිව තිබුණු බව මගේ අදහසයි.

එසේම ඔබ පොහොය දින ගැන කතාවට අමතරව මුළු මාසය ගැනම කතා කරන බවත්, බුද්ධ චරිතය කෙසේ වෙතත් ලංකාව වෙත අවධානය යොමු කරන බවත් නිරීක්ෂණය විය. කලින් ලිපි වල මේ කරුණු ගැලපීම සහ සමබර බව නැත. මේ ලිපිය ඒ අනුව අති විශිෂ්ඨ බව කියමි.
Josephhttp://lankacnews.com/sinhala/main-news/91739/#comment-494015noreply@blogger.com