දහම් අමා...

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් දිනය හමාර වන විට දෙතිස් කතා විසින් අනුග්‍රහ දක්වන ලද දහම් අමා පැන් දන්සැල ද සාර්ථකව අවසන් කර ගැනීමේ භාග්‍යය ලැබිණි. ඒ සඳහා නන් අයුරින් ආධාර උපකාර කළ සැමට දෙතිස් කතාහි උපහාරය වේ.

දහම් පොත් දන්දීමේ පිංකමට සහභාගී වූ ජනකායෙන් කොටසක්
සහභාගී වූ ජනකායෙන් කොටසක්
පහත දැක්වෙන්නේ දෙතිස් කතා වෙත ලැබුණු සම්පූර්ණ පොත් ලැයිස්තුවයි. දෙතිස් කතා වෙත ලැබුණේ ලැයිස්තුව මිස පොත් නොවන බව මතක් කරන්නේ සහෘද පාඨක සියළු දෙනාගේ පහන් බව උදෙසාය. ලැයිස්තුවේ පොත් සියයකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර දෙතිස් කතා මැදිහත් වී පරිත්‍යාග කළ පොත් ගණන තිහකි. ඒ පොත් සපයා ගැනීමේදී දෙතිස් කතා කියවන මිතුරන්ගේ අවංක අදහස් දැක්වීම් හා උපකාර ඉතා වැදගත් විය.


පොතේ නම කතෘ
බුද්ධ වංසට්ඨ කථා අර්ථකථාචාර්ය බුද්ධදත්ත ස්ථිවිර
මනෝරංජනී සිංහල ධම්මපදය ආචාර්‍ය රාජකීය පණ්ඩිත මුවගම ඤාණසීහ නාහිමි
ගොඩවල් පහක් අල්ලා ගැනීම ආර්ය කීර්ති කුමාරසේන
හදුනාගත යුතු අහිතකර ප්‍රවණතා
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇන්. එච්. පෙරේරා
මහරහතුන් වැඩි මග ඔස්සේ පොත් කට්ටලය (පොත් පහයි) [ බිංදු, බුදුපිළිම වෙබ් අඩවිය ]
සමථ භාවනා විධි උතුරාවල ධම්මරතන හිමි
ආනාපාන සති භාවනා විධි
සොදුරු හුදෙකලාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මහමෙව්නාවේ පිරුවානා පොත
බුදු නෙතින් දුටු හෙට දවසේ ලෝකය
ලෙඩ දුක්වලින් අත්මිදෙමු
රහතුන්ගේ ධර්ම සාකච්ඡා
සම්බුදු සිරිත කේ.ඩී.පී. වික්‍රමසිංහ
සෝවාන් වනු වස් කොස්ගොඩ විමලවංශ තිස්ස හිමි
ධම්මපද විවරණය ගංගොඩවිල සෝම හිමි
බුද්ධ ස්ථූප
ජය ශ්‍රී මහ බෝධි වර්ණනාව ගයාන් චානුක විදානපතිරණ
ධාතු විස්තරය
සර්වඥ භික්ෂා ප්‍රාත්‍ර ධාතුන් වහන්සේ
සැරියුත් මහ රහතන් වහන්සේ
මුගලන් මහ රහතන් වහන්සේ
කේෂ ධාතු විස්තරය
රාහුල මහ රහතන් වහන්සේ
පින්ඩෝලභාරද්වාජ මහ රහතන් වහන්සේ
පටාචාරා මහ රහත් තෙරණිය
සීවලී මහ රහතන් වහන්සේ
අම්බපාලී මහ රහත් තෙරණිය
උරුවෙල කාශ‍යප හාමුදුරුවෝ
සුනාපරන්ත පුණ්ණ හාමුදුරුවෝ
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ
කාලුදායි හාමුදුරුවෝ
සුන්දරී නන්දා මහ රහත් තෙරණිය
භද්‍රා කුණ්ඩලකේසා මහ රහත් තෙරණිය
ධම්මදින්නා මහ රහත් තෙරණිය
සිගාලකමාතා මහ රහත් තෙරණිය
කාළිගෝධාපුත්ත භද්දිය
සාගත හාමුදුරුවෝ
අදුරෙන් එළිය කරා, කායානුපස්සනා භාවනා ගලිගමුවේ ඤාණදීප හිමි
ධර්මාවබෝධය ලබන මග, භාවනා
රුවන්වැලි මහා සෑය
අමාවැස්ස ජයසේන ජයකොඩි
ගෝතමගීතය
සිල් සුවඳ
සුදු නෙළුම
පිච්ච මල
තෙර තරණය
පංච මහා වාදය ටී.ඇස්. ධර්මබන්ධු
බුදු මග තොටගමුව ධම්මාවාස අනුනාහිමි
රහතන් වහන්සේ සහ විමුක්ති සුවය දියගම නාරද හිම
මග ඵල ලාභියෙකු සොයා ගිය ගමනක් දොළොස්වල උදිතධීර හිම
සද්ධර්මාලංකාරයබුදුපිළිම වෙබ් අඩවිය‍ ] ධර්මකීර්ති සංඝරාජ තෙර
පරිසරය හා බටහිර ආකල්ප නලින් ද සිල්වා
අසූමහා ශ්‍රාවකයෝ නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි
විශුද්ධි මාර්ග
දශපුණ්‍ය ක්‍රියා විභාගය
බුදු හාමුදුරුවෝ පණ්ඩිත ගණේගම සරණංකර නාහිමි
රුවන්වැලි මහා සැය පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි
කඨින ධර්ම දේශනා පුජ්‍ය වලස්වැවේ සෝමානන්ද හිමි
මිසදිටු බිදින හඩ පූජ‍ය ගංගොඩවිල සෝම හිමි
සඟ-රස-බස් පොරවගම ඤාණසිරි හිමි
ඉතා පැරණි සිංහල බණ කතා (සීහළවත්ථු) පොල්වත්තේ බුද්ධදත්ත නායක තෙර
පොඩි බණ පොත මිදිගම මෙතේත්‍ය හිමි
දහම් උයන බුදුපිළිම වෙබ් අඩවිය ] රමණි සුබසිංහ
සූවිසි මහා ගුණය රේරුකානේ චන්දවිමල නායක තෙර
ධර්ම විනිශ්චය
බෞද්ධයාගේ අත්පොත
බෝධි පුජාව
සොදුරු යසෝදරා ශ්‍රියා රත්නකාර
පූජාවලිය සංස්කරණය: පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමි
බුදු දහමේ ආරම්භය සහ රට රටවල පැතිර යාම සරත් රණවීර
බුදුගුණ භාවනා සහිත තෙරුවන් වන්දනාව සි.කේ. විජේතුංග
සමන්මලී සුනිල් ජයවීර
ගුත්තිල කාව්‍යය සුසර ප්‍රකාශකයෝ
මහාවංශය
සිතුවම් සහිත පන්සිය පණස් ජාතක පොත් වහන්සේ --- පොත් කට්ටලය (පොත් දහයයි)
නිතිපතා සෙත් පිරිත්

ඉහත පොත් ලබා දීමට අමතරව බුදුසරණ පුවත්පත නිතිපතා තැපෑලෙන් ලබා දීමට අප හිතමිතුරු සාලිය බාර ගත් බවත් කෘතඥතාපූර්වකව සිහි කරමි..

ලැබුණු දහම් පොත් පිරික්සා බලන ස්වාමින් වහන්සේලා
පොත් පිරික්සා බලන ස්වාමින් වහන්සේලා
පොත් පරිත්‍යාග කිරීමට අමතරව උදෑසන සිට සංවිධානය කෙරුණු ශ්‍රමදානයක්, ශ්‍රමදානයේ යෙදෙන පිරිසට කිරිබත් කැවුම් ඈ නොයෙක් අවුල්පත් සහිත සංග්‍රහයක්, දහවල් බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේලා සඳහා දහවල් දානය ද මේ පින් කමට අනුබද්ධව පැවැත්විණි.

ඉදි කෙරෙමින් පවතින අභිනව බුද්ධ මන්දිරය
ඉදි කෙරෙමින් පවතින බුද්ධ මන්දිරය (පසෙක දිස් වන්නේ දිඹුලාගල පර්වතයයි)
මේ සඳහා නන් අයුරින් අනුග්‍රහ දැක්වූ දෙතිස් කතා පාඨකයින්ටත්, දෙතිස් කතා පාඨකයින් නොවී පෞද්ගලිකව උදව් උපකාර කළ සැමටත් නිදුක් නිරෝගී දිර්ගායුෂ සහ ඥානය, නුවණ හා ප්‍රඥාවත් ප්‍රාර්ථනා කරමු ! පොත් දන් දීම ප්‍රඥා පාරමිතාවකි. දහම් පොත් දන් දීම ධර්ම දානයකි.

මෙවැනි පිංකමක් සංවිධානය කිරීමට කැමති කෙනෙක් වෙත්නම් මෙවැනිම අවශ්‍යතා සහිත තවත් විහාරස්ථානයක ලිපිනය සහ දුරකථන අංක දෙතිස් කතා සතුයි. සංවිධාන ශක්තිය ඇති මිතුරෙකුට ඒ තොරතුරු ලබා දීමට දෙතිස් කතා සුදානම්.

සියලු දෙනාට තෙරුවන් සරණයි ෴

4 comments:

  1. සිතුවිළිSeptember 26, 2013 at 8:35 AM

    මිතුර කණිෂ්ක,
    ඔබගේ මේ මහඟු ව්‍යායාමයටත්, ඒ සඳහා වචනයකින් හෝ දායක වීමට අපට ඉඩ සැලසීමට ඔබ තුල වූ පැහැදිලි ධර්ම භාවිතයටත් මා සුභ පතමි.

    මෙම ලිපිය කියවන විට මාහට ඇත්තෙන්ම මීට යම් පරිත්‍යාගයකින් දායක වීමට නොලැබීම ගැන විශාල පශ්චාත්තාපයකුත්, ඔබගේ මේ මහඟු දානය වැන්නක් මාහට කල නොහැකිද යන හැඟීමත් ඇතිවිය. එය දහම් විරෝදී සිතුවිල්ලක් බව දනිමි. එහෙත් තෘෂ්නාව පහ නොකල සිත්වල සිතුවිලි එබඳු නිසා කළ හැක්කක් නැත.

    මෙවන් දුශ්කර පලාත්වල බෞද්ධ ගැමියන් උදෙසා පන්සල් සම්බන්ද කරගෙන කරනා බොහෝ පුන්‍ය ක්‍රියාවන්ට මාද ඍජුවම සම්බන්ධ වී ඇත. මෙවන් පරිසරය හා එමමිනිසුන්ගේ අව්‍යාජත්වය මා හොඳින් හඳුනමි.
    මාගේ තක්සේරුව අනුවනම් ඔබගේ මේ පුන්‍ය ක්‍රියා මිනිය නොහැකි මහා පින්කමකි. ඔබගේ තෝරා ගැනීම් එකකට එකක් නොදෙවෙනි වටිනා ග්‍රන්තයන්ය.

    මේ පොත් පරිශීලනය කරන්නන් අතර භික්ෂූන් වහන්සේලාද වන බැවින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල හා සෝම හිමියන්ගේ ඔබ තෝරාගෙන ඇති පොත් ඔවුනට මහා ශක්තියක් වේවි.

    ඔබ ඉඟි කරන තවත් පන්සලක් යනු මෙවැනිම උපකාරයක් කල යුතු තැනක්ද? ඔවුනට අවශ්‍ය පොහ්ගුලක් සඳහා පොත් පත්ද?
    පොත්ගුලක් සඳහා ඔවුනට පහසුකම් ඇතිද?
    ඒ ගැන මාහට යම් තොරතුරක් දෙන්න කල හැකි යමක් වේදැයි මා සොයා බලන්නම්.
    ඔබටත් මේ පුන්‍ය කර්මයට සක්‍රීයව දායක වූ සැමටත් තෙරුවන් සරණයි!

    ReplyDelete
  2. මෙවන් ශාසනික මෙහෙවරක් අනාගතයේදීද කරන්න අවශ්‍ය ශක්තිය නොවඩුව ලැබේවා !!

    ඉදිරියටත් මගේ සහයෝගය දෙතිස් කථා වෙතම ලබා දෙන්නෙමි. අද සිට මසකට සුළු මුදලක් එකතු කරමින් තවත් වසරක් ලංවන විට එය තර කර ගෙන මෙවන් මෙහෙවරකට උර දෙන්න සැදී පැහැදී මා සිටිමි. සැමට තෙරුවන් සරණයි!!

    ReplyDelete
  3. මේ පන්සලේ තවමත් සංවර්දන වැඩ කෙරීගෙන යන බවයි පෙනෙන්නේ... K, ඔබ සතුව තව පින්තූර නැද්ද මේ ගැන. මම අහන්නේ පන්සල සහ මේ ගම ගැන ? අර තිබුණා කිවූ ශ්‍රමදානේ පින්තූර හෙම නැද්ද ?

    ReplyDelete
  4. ඔබ සියලු දෙනාගෙන් අප බලාපොරොත්තු වූ උපකාරය නම් හොඳ පොත් ලැයිස්තුවක් සාදා ගැනීමට උපකාර වීමයි. ඒ උදව්ව අඩුපාඩුවක් නැතිව ඉටු විය. ඊටත් වඩා කුමක්ද !

    සිතුවිළි,
    මේ පිංකමට වැඩම කළ එක්තරා තරුණ ස්වාමින් වහන්සේ නමක් තමන් වැඩ වසන පන්සලටත් මෙවැනි පරිත්‍යාගයක් ලබා ගැනීමට සිත් පහල වී අප හා ඒ ගැන සාකච්චා කළහ. එහෙත් උන්වහන්සේ සතුව පැහැදිලි සැලැස්මක් නොවීය, හුදෙක් "නිකං දෙනවනම් නිකං ගත්තම මොකෝ" වැනි අදහසකි අපට පෙනුණේ. ඒ, සමහර විට, උන් වහන්සේ නැවත වැඩම කරවීම පිණිස යානය පැමිණ තිබූ නිසා විය හැක. හදිසියෙන් මුත් උන්වහන්සේගේ විස්තර ලබා ගත්තේ හැකියාවක් ලැබුනොත් පසුව උපකාරයක් කරන බලාපොරොත්තුවෙනි.
    අප කරතොත් ඒ මීළඟ වසරේ සැප්තැම්බර් මස මිස ඊට පෙර නොවේ. ඔබ කැමතිනම් ඒ විස්තර විද්‍යුත්-තැපෑලට දමන්නම්.

    බිංදු,
    ඔබට පිං !
    ඔබේ බුදුපිළිම අඩවියට දැමීමට පොරොන්දු වූ බැඳිය අමතක වී නැත. පමාවට සමා වන්න.

    ජොසෙෆ්,
    පන්සලේ වැඩිමනක් පින්තූර නැත. එහෙත් කිහිපයක් සැපයිය හැක. මෙහි හොඳින්ම සංවර්ධනය වී ඇත්තේ බෝධිය හා ආවාස ගෙයයි. ඊට අමතරව විශාල ශාලාවක් හා පැරණි කුඩා ශාලාවක්ද ඇත. ප්‍රතිමා මන්දිරය ඉදි කෙරෙමින් පවතී. චෛත්‍යයක් නම් නැත. ඔබට පින්තූර විද්‍යුත්-තැපෑලට දමන්නම්.

    ReplyDelete

ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !