Tuesday, May 19, 2015

කිරිබත් කෑ දින දෙකක්

මුළු සිංහලයම අවුරුදු උදා වූවා සේ කිරිබත් කමින් අඳුනන-නාඳුනන අයටත් කිරිබත් බෙදා දෙමින් සතුටු වූ දින දෙකක් අපේ මතකයේ වෙයි. මේ දින දෙකම මැයි මාසයේ යෙදෙයි. පළමුවැන්න 1993 මැයි මස පළමුවැනිදා ය. දෙවැන්න 2009 මැයි මස 19 වැනිදා ය.

1993 දී සිදු වුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමත් ගරු චන්ද්‍රිකා මැතිණියට ජනාධිපති තනතුරට පත් වීමට තිබූ බාධාව ඉවත් කිරීමත් ය. 2009 දී සිදු වූයේ බටහිර ආධාර ලැබ සිංහලය ගිල ගැනීමට කැරළි ගැසූ දෙමළ වර්ගවාදී ත්‍රස්තවාදී බලමුළු අවසන් පරාජයට ලක් කිරීමයි.
යලි එකච්ඡත්‍ර කළ ලක්දිව් සම්ප්‍රාප්ත වූ ජනපති මව්බිම සිපගත් සංවේදී මොහොත
දෙමළ වර්ගවාදී බෙදුම්වාදී බලවේග සිය ඉතිහාසයේ වැදගත්ම ජයග්‍රහණයක් එදා 1993 දී සටහන් කරන අතර සිංහලයිනුත් කිසි අඩුපාඩුවක් නැතිව ඒ ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට එක් වූහ. එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය සිය ඉතිහාසයේ අතිශය නින්දා සහගත පරාජය ලබන දා තුටු-පහටු වන සිංහලයින් සමග සතුට බෙදා ගැනීමට අර බලවේග පැමිණියේ නැත. ඒ වෙනුවට ඔවුන් විසින් කරන ලද්දේ පළිගැනීම පිණිස කුමන්ත්‍රණය කිරීමයි. එදා අප ලැබූ ජයග්‍රහණයෙන් වසර හයක් ගත වන තැන, අද, ඒ දීර්ඝ කාලීන කුමන්ත්‍රණය සාර්ථක වී දුරදිග නොබලන-ජාතියක් ලෙස නොසිතන සිංහලයින් ද සහය කරගෙන බෙදුම්වාදී බලවේග අපේ ජයග්‍රහණය තමා සතු කරගෙන සිටී.

මේ නම් අතිශය ලැජ්ජා සහගත අවස්තාවකි. එහෙත් මේ ලැජ්ජා වෙමින් සිටීමට කාලය ද නොවේ. එබැවින් ලැජ්ජා වීම ලැජ්ජා නහරය කපා දමා සිටින අග්‍රාමාත්‍ය තුමා වෙත පවරා සිංහලයින් විසින් දෙමළ වර්ගවාදය පැරදවීමේ ව්‍යාපෘතිය වෙත නැවත අවතීර්ණ විය යුතුව තිබේ.





මැයි මාසයේ දින දෙකක්


එදා 1993 දී දෙමළ වර්ගවාදී බලවේග ජයග්‍රහණය ලැබුවේ බාබු ලවා ජනාධිපති ප්‍රේමදාස මහතා දිවංගත කිරීමට ඔවුන් සමත් වීම නිසාම පමණක් නොවේ. ඒ වන විට තමන් වෙත එල්ල කෙරෙමින් තිබුණු හමුදාමය තර්ජනය මැඩ පැවැත්වීමටත් මීළඟ වසර 12 ක් යන තෙක් එවැනි තර්ජනයක් ඇති වීම වැලැක්වීමටත් එමගින් ඔවුන්ට අවස්ථාව සැලසුණු නිසාය. ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව බෙදුම්වාදීන් හා සාකච්ඡා කළ බවත් ඔවුන්ට මුදල් සහ ද්‍රව්‍යමය ආධාර දුන් බවත් සත්‍යයක් වුවත් ඔහුට මේ ව්‍යසනය නවතා ලීමට පැහැදිළි අධිෂ්ඨානයක් තිබූ බවට සැකයක් නැත.

ඒ සඳහා අවශ්‍ය සම්පත් ඔහුට තිබිණු මුත් එකල පැවති ආරක්‍ෂා සංවිධාන වල දුර්වලතාව හේතුවෙන් ජවිපෙ කැරැල්ල අයෝමය හස්තයකින් මැඩ පැවැත්වූ රාජ්‍යරක්ෂක රාජ්‍ය ඇමති රන්ජන් විජේරත්න මහතාත් නිදහස් ලංකාවේ පහල වූ ශ්‍රේෂ්ඨතම යුධ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාත් අපට අහිමි විය. අවසානයේ මැයි මස පළමු වැනිදා කොළඹ ආමර් වීදියේදී සිදු කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දෙමළ වර්ගවාදී බෙදුම්වාදයට එරෙහි මෙහෙයුම් වල එක් පරිච්ඡේදයක් අවසන් කෙරිණි.

එදා ඒ මෙහෙයුම් සියල්ල පසුපස සිටි උතුරු පළාත් අඥාපති ශ්‍රේෂ්ඨ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා පිළිබඳ ගුණ සමරු ලිපියක් අද දිනමිණේ පල වේ. පහත උපුටා දැක්වෙන්නේ ඒ ලිපියයි. මෙය උපුටා ගැනීමට හේතු වන්නේ සියලු ජයග්‍රහණ එක වෙල්විදානේ කෙනෙකුගේ නමට ලියා දී අනෙක් සියළු දෙනා නරඹන්නන් බවට පත් කිරීමේ මාධ්‍ය කලාවක් පවතින සමයක ලංකාවෙන් පහළ වූ අසහාය යුධ විරුවා සමරන ලිපියක් ජාතිද්‍රෝහී ආණ්ඩුවක පාලනය යටතේ පවතින පුවත් පතක පල වීම හේතුවෙනි.

නොබෙදුණු රටකට දිවි දුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව

චන්ද්‍රිකා පෙරේරා

ත්‍රස්තවාදය මෙරටින් තුරන්කර අද (19)ට වසර හයක් සපිරෙයි. ඒ වෙනුවෙන් දිවි දුන්නෝ බොහෝ ය. 2009 වසරේ මැයි 19දා දැය ත්‍රස්තවාදයෙන් මුදාගත්තා යැයි සනිටුහන් වෙයි. එය සැබෑවකි. එහෙත් මීට වසර 22කට පෙර මෙය නිමා කිරීමේ හැකියාව අප සතුව තිබුණු බව මතකද?

ඒ අවසන් මෙහෙයුම දක්වා අප රැගෙන ගියේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් උදාර විරුවාණන් ය. එදා එය ඉටුවූවා නම් මෙතරම් ජීවිත හානි සිදු නොවනු ඇත.

`ෆයිනල් කවුන්ට් ඩවුන්` `බලවේග මෙහෙයුම` ඒ ඉලක්ක ගත ක්‍රියාන්විතය. 1992 දී සැළසුම් කළේ ජෙනරාල් කොබ්බෑකඩුව ය. එය ආරම්භයට පෙර ඔහු අප හැරදමා ගියේ තවත් වසර ගණනාවකට අප අනතුරක තබමිනි.


1992 අගෝස්තු 08 වැනිදා යාපනය අරාලිතුඩුවේදී ත්‍රස්තවාදීන් ඇටවූ පීඩන බෝම්බයක් එතුමාගේ ජීවිතය ගොදුරු කර ගැනිණ.

ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, නාවික කොමදෝරු මොහාන් ජයමහ, ලුතිතන් කර්නල්වරුන් වන ස්ටීවන්, යශෝධ පලිපාන, ආරියරත්න, මේජර් අල්විස්, ලුතිතන්වරුන් වන අසංග ලංකාතිලක, චන්දිම විජයපුර හා කෝප්‍රල් ජගත් වික්‍රමරත්න එහිදී දිවි පිදූහ. ජීප් රථයේ ගමන්ගත් සෙබළ උපාලි ප්‍රහාරයෙන් මිය ගියේ නැත. එහෙත් ඔහුට දෙපා අහිමි විය. අමිහිරි මතකය ඉතිරි විය.

අපේ හෙට දවස වෙනුවෙන් දිවිදුන් විරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් මේ අයට ද හිමිය. බෙදුම්වාදය පරාජය කිරීමේ සටනේ ගෞරවය ඔවුනට ද හිමිවිය යුතුය.

එදා උතුරේ බෙදුම්වාදය වනවිට එය මර්දනය කිරීමට පැවරුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට ය. 1987 වසරේ වඩමාරච්චි ක්‍රියාන්විතය ඇරඹුණේ ඒ අනුවය. එය සාර්ථක වන ලකුණු පහළ වනවිට පැවැති රජයට විදෙස් බලපෑම් එල්ල නොවුණේ නම් අද අපට බෙදුම්වාදය පරාජය වීමේ 22 වැනි වසර සැමැරිය හැකි වන්නට ඉඩ තිබිණ.

එදා බෙදුම්වාදීන් විසින් අත්පත්කරගෙන තිබූ ප්‍රදේශ මුදාගන්නට කොබ්බෑකඩුව මහතා අතින් සැලසුම් සකස් විය.

සෙබළ මනස සැකසීම එහි පළමු කාර්යය විය. ඔහු සියලු සෙබළුනට තම දරුවන්ට සේ “දරුවා” යනුවෙන් ආමන්ත්‍රණය කෙ‍ෙළ්ය. ආදරණීය පියකු, රැකවලකු ලෙස කැපවූ සිය වීරවරයාණන් වූ කොබ්බෑකඩුව මහතාගේ අණ පිළිපදින්නට සෙබළු සිය කැමැත්තෙන් රණබිමේ රැඳුනාහ. නිවාඩු නො‍ඉල්ලූහ. ඔවුන්ගේ සුබ සාධනය ද නිසි පරිදි ඉටු කළේය. බරපතළ මෙහෙයුමක් ක්‍රියාත්මක වීමට පෙර ඊට එක්වන සියලු දෙනා සමඟ කතාබහ කරන්නට මනස නඟා සිටුවන්නට කොබ්බෑකඩුව මහතා රණබිමට ආවේය.

විජය විමලරත්න මහතා ඔහු ළඟම සිටි අයෙකි. බළසේනා මෙහෙය වූවෙකි.

සටන්බිමෙන් ලද විරාමයකදී සිය නිවෙස වෙත යන කොබ්බෑකඩුව මහතා නැවත ආවේ සිය සෙබළ දරුවන්ට ආහාරයට හෝ යමක් රැගෙනය. සියලු දෙනාටම එය සමසේ බෙදා දුන්නේ පියකු තම දරුවන්ට රස කැවිල්ලක් රැගෙන පැමිණ ආදරණීය ලෙස බෙදා දෙන ලෙසිනි. මේ ළබැඳි බව පිය ගුණය සෙබළාට ධෛර්යය දුන්නේ ය. ඒ නිසාම ඔවුහු සටනට කැපවූහ. දැයට ආදරය කරන්නට ඔහු සිය දරුවන්ට කියා දුන්නේය. සියලු මිනිසා තම පරපුරේම අය ලෙස සිතන්නට කියා දුන්නේය.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය දුන්නේ බ්‍රිගේඩියර්වරයකු ලෙසිනි. 1987 මැයි, ජූනි දක්වා යුද සැලසුම ක්‍රියාත්මක විය. කර්නල් විජය විමලරත්න ඊට සක්‍රීයව සම්බන්ධ විය. ගැමුණු, ගජබා රෙජිමේන්තු සෙබළු 8000ක් ඊ‍ට එක්වූහ. ඊට මුහුණදුන් කොටි ත්‍රස්තවාදින්ට රණවිරුවන් නවතාලන්නට නොහැකි වූ තැන කොන්ඩනිආරු පාලම පුපුරවා හැරියහ.

ඉදිරි ගමන නොනැවැත්වූ යුද සෙබළු උඩුප්පිඩි, වැල්වැටිතුරේ හරහා පේදුරුතුඩුව වෙත සිය මෙහෙයුම දියත් කළහ. අලිමංකඩ අත්පත්කර ගත්හ.

යුද ටැංකි හෝ බර අවි නොමැතිව කොබ්බෑකඩුව මහතා සිය බළමුළු ජයග්‍රහණය දක්වා මෙහෙයවූවේ ඒ අයුරිනි.

නැ‍ඟෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම නම් කෙරුණේ `ක්ලීන් ස්වීප්` ලෙසය. 1990 ජූලි 11 වන විට එල්.ටී.ටී.ඊ.ය නැඟෙනහිර සිය අණසක යටතට ගත්හ. ජන ජීවිත අඩාල කළහ. ත්‍රස්තවාදීන්ගේ අණසකට නතු වූ නැ‍ඟෙනහිර මුදා ගැනීමට පැවරුණේ කොබ්බෑකඩුව මහතා වෙත ය. නැ‍ඟෙනහිර සිව් කොටසකට බෙදා සැලැසුම් කළ හෙතෙම සිය මෙහෙයුම අතිසාර්ථක අයුරින් නිම කළේය. නැවත ඔහු නැ‍ඟෙනහිර ජනාවාස ජන ජීවිත සුරක්ෂිත කෙළේය.

අලිමංකඩ මුදා ගැනීමේ 1991 දී ඇරඹි `බලවේග` මෙහෙයුම ඔහුගේ නායකත්වයෙන් වූවකි. බර අවි ප්‍රහාර මෙන්ම යුද ටැංකි නොමැතිව සැළසුම විජයග්‍රහණය කරන්නට කොබ්බෑකඩුව විරුවාගේ මගපෙන්වීම මත හැකියාව ලැබිණි.

මේක අපේ ජීවිතේ අවසාන මෙහෙයුම `ෆයිනල් කවුන්ට් ඩවුන්` මෙහෙයුම පිළිබඳ කොබ්බෑකඩුව මහතා අවසන් වර එසේ කීවේය. ඒ බ්‍රිගේඩියර් විජය විමලරත්න දෙසට හැරී 1992 අගෝස්තු අටවැනිදා අවසන් ගමන් යන්නට මොහොතකට පෙර ය.

`ෆයිනල් කවුන්ට් ඩවුන්` යුද මෙහෙයුම පිළිබඳ අවසන් සාකච්ඡාවට යාමට තිබුණේ එදාය. එයින් මාතෘභූමිය මුදාගත හැකි බවට ඔහු තරයේ විශ්වාස කෙළේය. සිදුවන ජීවිත හානි නිමා කිරීම ඔහුගේ මූලික අභිප්‍රාය වූවේ ය.

ජීප් රථයට නැඟුණ ඔහු සාකච්ඡාවට කණ්ඩායම බලාගෙන ඇති. අපි දැන් යමු නේදැයි විජය විමලරත්නගෙන් ඇසුවේය. යාපනය අරාලි තුඩුවේ සිට යාමට අවැසි ස්ථානයට ඇති කෙටිම මාර්ගයෙන් යන්නට විමලරත්න විරුවා ක්‍රියාත්මක විය. දූවිලි වලා නංවමින් ජීප් රථය ඉදිරියට ඇදිණි. මොහොතකින් මහා පිපිරීමක් සමඟ ගිනි දලු අහසට නැඟිණි. එයින්ම දැය ඒකීය කිරීමේ සිහිනය බොඳවී ගියේය. එය තවත් විසි වසරක පසුබෑමක් වූවේ ය.

ත්‍රස්තවාදය ව්‍යාප්ත වූ දින සිට එදා 1983දී ඝාතනය වූ විරුවන් 13දෙනා මෙන්ම දැයේ සාමය වෙනුවෙන් මහා මෙහෙයක් කළ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න මේ සියලු විරුවෝ මෑත ඉතිහාසයේ අපේ වීරයන් ය.

අද (19) විරු සැමරුමේ මූලාරම්භය ඔවුන් ය.

විරුවාණනි, ඔබ කිසිදා වයසට නොයයි. ජවසම්පන්න ය. අභීතය. රණකාමීය. අපේ හෙට දවසේ නිදහස උදාකළේ ඔබයි. වර්තමානයේ අප ද අනාගතයේ අපේ දූදරුවෝ ද ඔබට බුහුමන් දක්වන බව නොඅනුමානය.

මේ ලිපියට දිනමිණේ ඉඩ ලැබීමේ හේතුව "2009" දී ලැබූ ජයග්‍රහණය අවතක්සේරු කිරීම උවමනාව වීමේ ඉඩකඩ අප විසින් ප්‍රතික්‍ෂේප නොකෙරුණත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වීරෝදාර සෙන්පතියෙක් ලෙස සෙබළ හදවත් තුලත් ජාතික වීරයෙක් ලෙස සිංහල ජනමනස තුලත් ලැගුම් ගෙන සිටි තැන වෙන කෙනෙකුට අතික්‍රමණය කළ නොහැක්කේමය.



බලවත් විදෙස් වල අවිබලය සහ මුදල්බලය ලබන ත්‍රස්ත කණ්ඩායමකට එරෙහිව ජනබලය ගොඩනැංවීම


හමුදා මෙහෙයුමක ජයග්‍රහණයක් දේශපාලන නායකත්වයේ දෘඪ අධිෂ්ඨානය සහ හමුදා නායකත්වයේ සැළසුම් සහගත බවත් හමුදාවේ ප්‍රබලත්වය මතත් ලැබිය හැකි බව සැබෑවකි. එහෙත් කල් පවත්නා මෙහෙයුම් මාලාවක්, විදෙස් ආධාර සහ සහයෝගය අඛණ්ඩව ලබන බලවත් සතුරෙකුට එරෙහිව කෙරෙන කල් ගත වන මෙහෙයුම් මාලාවක් පොදු ජනතා සහයෝගය නොමැතිව සාර්ථක කර ගැනීම උගහටය. එදා ප්‍රේමදාස ජනාධිපති යටතේ පොදුජන සහය හමුදා මෙහෙයුම් වලට ලබා ගැනීමට ඔහු බොහෝ දුරට සමත් විය. ඒ "අපි වෙනුවෙන් අපි" වැනි සැළසුම්සහගත අලෙවිකරණ ක්‍රියාදාමයන් කිසිත් නොමැතිවය.

ඒ සහය ලැබුණේ ප්‍රේමදාස රජයට සම්බන්ධ නැති සිංහල ජාතික බලවේගය සහ ඊට සහය දැක්වූ ජනමාධ්‍ය වෙතිනි. මෙකරුණ උදෙසා ගැයුණු ගීයක් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සම්මාදම් වූ රණ විරුවන්ට උපහාරයක් ලෙස පල කරමු.


   අපට එපා බිම් අඟලක්වත් - අනුන්ගේ දෙශේක මහපොළොවේ
   මළත් නොදෙමු බිම් අඟලක්වත් - අප ඉපදුන මේ මව් පොළොවේ.//

      අපේ උපන් බිම අපි රැක ගන්නට - අවසන් ලේ බින්දුවත් හෙළමූ,
      අපේ හපන්කම් සතුරන් අබිමුව - කෙසර ලීලාවෙන් මවමූ.

   අපට එපා බිම් අඟලක්වත් - අනුන්ගේ දෙශේක මහපොළොවේ
   මළත් නොදෙමු බිම් අඟලක්වත් - අප ඉපදුන මේ මව් පොළොවේ.//

      ජාතිය නැති දා රටක් කොහේදෝ - රට නැති උන දා දැයක් කොහේදෝ,
      මළත් නොදෙමු බිම් අඟලක්වත් අප ඉපදුණු මේ ලක් පොළොවේ.

   අපට එපා බිම් අඟලක්වත් - අනුන්ගේ දෙශේක මහපොළොවේ
   මළත් නොදෙමු බිම් අඟලක්වත් - අප ඉපදුන මේ මව් පොළොවේ.//


මේ ගීතයේ පදමාලාව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගේ වන අතර විශාරද අමරසිරි පිරිස්ගේ සංගීතයට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ගායනා කෙරේ.

ඉරහඳ පවතිනා තෙක් පවත්නා සිංහලය සතුරු උවදුරු වලින් රැක ගනු පිණිස තම දිවි පිදූ රණ විරුවන්ට දෙතිස් කතාවේ මේ උපහාරය වේවා !




16 comments:

  1. අගෙයි අවස්තාවට ගැලපෙන අපූරු ලිපියක්.

    ReplyDelete
  2. කාලීන ලිපියක්. අත්‍යාවශ්‍ය ලිවිල්ලක්.
    ජය වේවා!

    ReplyDelete
  3. ඉතාම වටිනා ලිපියක්. මෙහෙම ලිව්වෙ නැත්නම් එක පැත්තකට යනවා. ඒක නවතින්නෙ කොටි වීරයො වෙලා.
    දකුණෙ සැමරුම්වලට විරුද්ධ උතුරෙ සැමරුම් වලට පක්ෂ මත බ්ලොග් අවකාශයෙ හිස ඔසවන කොට මේ වගෙ ලිපි වල අවශ්‍යතාවය තදින් දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත!

      blog අවකාශය ඇත්ත වශයෙන්ම සිංහල විරෝධීන්ට තෝතැන්නක් බව අප දැන ගත්තේ ඔබ පෙන්වූ මග දිගේ ගිය බැවිණි. ඒ පිළිබඳව ඔබට අපගේ ස්තූතිය හිමි වේ.

      මේ බොහෝ ලිපි කියවන විට හැඟෙන්නේ කිසියම් සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක සවිඥානික පුරුක් ලෙස මේවා ක්‍රියා කරන බවයි.

      ඔබ නිවැරදිව හඳුනා ගත් අයුරින්ම හුදෙකලාව සිටින්නෙක්/සිතන්නෙක් වන අප විසින් ලියවෙන දේ සිංහල විරෝධීන්ට අංශුමාත්‍ර හෝ අභියෝගයක් එල්ල කරයි නම් එය අපේ සතුටයි. ඔබට ස්තූතියි.

      Delete
    2. ඇත්ත වශයෙන්ම මේ කාරනයේදී ඔබ දෙපලම අපගේ අගැයීමට පත් විය යුතුයි

      Delete
    3. ඔවුන් අපගේ දේශපාලනය සහ සමාජීය ආකල්පයන් පටලවාගෙන ඔවුන්ගේම වල්ගත් පාගා ගෙන තමයි ඉන්නේ.ඒක එක හේතුවක්.ඔබ කියූ ලෙසම අනික් හේතුව ඔවුන් වෙනත් අරමුණකට පුරුක් වීම විය හැකියි.කොයිතරම් විවාදයට බඳුන් වුවත් ඇතැම් අවස්ථාවලදි මුදලට නොලියන බව විශ්වාස කරන්න අපහසු තත්වයක් බ්ලොග් අවකාශයේ තිබෙනවා.කණගාටුවෙන් වුණත් ඒ බව කියන්න වෙනවා.

      Delete
  4. කිසිම සාකච්චාවක් තුල ජෝසප් දක්නට නැති වීම කණගාටුවට කරුනක්.
    ඔහුගේ රාජකාරි වගකීම් වලින් ලබන මද අස්වැසිල්ලකින් මෙහි පැමිණ අදහස් දක්වාවියැයි බලාපොරොත්තු වෙනවා.
    වැඩි දෙනෙකුගේ අවධානයට මෙය ලක් වන මොහොතේ සැමදා සිටි මිතුරාගේ අඩුව තදින් දැනෙන බවක් සිතෙනවා.

    ReplyDelete
  5. වැඩ වැඩිද? කොම්පීටරේ කැඩිලද? මළ ගෙයක්ද? අසනීපයක් හැදිලද? කඩේ වහල දාල මොකද?

    ReplyDelete
  6. සති දෙකකට සැරයක් ගහන හයිබර්නේට් පාර ගහලා. නිදාගෙන ඉන්න කොට සතා සීපාවටවත් කරදර කරන්න හොඳ නැහැයි කියනවනේ. ඉතින් මමත් බාධා නොකර ඔහේ හිටිය.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපේ ජෝසප් මහත්තයත් යකාගේ අඩවිය පැත්තේ හක්කොලං කොරන්ට ගොහින්!
      මමත් ඉතින් දැන ගත්තේ ඒ පැත්තේ හක්කොලං කොරාපු හින්දා තමයි අයිබොවන්ඩ.
      එහෙමෙයි කියලා අපේ උදවිය ඒ පැත්තේ පදිංචියට යන එකක් නැහැ මයේ හිතේ.
      හැබැයි ඉතින් අපේ කනිෂ්ක මහත්තැං ව මේ නින්දෙන් ඉක්මනට අවදි කොර ගත්තොත් නං හොඳයි වගේ.

      Delete
    2. පොසොන් ලිපියෙන් හමු වෙමු.

      සිතුවිළි,
      අපට කතිකාවක් ඇති කරන්නට ඇවැසි වූයේ අප දැක්වූ ගීය සහ ඒ තුලත් ඒ වටාත් ගොනු වී ඇති සමාජයීය සාධක පිළිබඳවයි. පුරුදු පරිදි කිසිම සංවාදයක් ඇති වී නැත්තේත් ඒ ගැනමයි.

      Delete
    3. මෙවැනිවූ මාතෘකා යටතේ වන ලිපි සම්බන්ධයෙන් මා වෙතින් ප්‍රභල දායකත්වයක් සාකච්චා සඳහා නොලැබෙන බවක් තමයි මටත් පෙනෙන්නේ. හේතුව මේ පවතින දේශපාලන ක්‍රමය තුල මා සාකච්චාවට උකටලී බවක් පැවතීම.
      එසේම ජෝසප් ගේ කාර්‍ය භහුලත්වයත් එයට බලපාන්නට ඇති.
      අපි බලමු, ඉදිරියේදී තත්වය වඩා යහපත් වේවි.

      Delete
    4. අනේ මටනං කිසිම උකටලී බවක් නෑ. ඒත් වැඩ නිසාම නොවුනත් තැන වෙනස් වීම නිසා කොමෙන්ට් කොටන්න බෑ. රෑටවත් දාන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා.

      Delete