පැරණි භාරතීයයන් ලෝකය දුටු ආකාරය |
පාලි පාඨය
"ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ථංගමඤ්ච දෙසිස්සාමි තං සුනාථ කතමොච භික්ඛවේ ලෝකස්ස සමුදයො,(1) චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(2) සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(3) ඝානං ච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(4) ජිව්හඤ්ච පටිච්ච රසෙච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(5) කායංච පටිච්ච ඵොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
(6)මනංච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
අයං ඛො භික්ඛවෙ ලෝකස්ස සමුදයො."
"කතමොච භික්ඛවේ ලෝකස්ස අත්ථංගමො,
(1) චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(2) සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(3) ඝානං ච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(4) ජිව්හඤ්ච පටිච්ච රසෙච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(5) කායංච පටිච්ච ඵොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
(6)මනංච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සංගති පස්සො, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣ්න්ති, ඒවමේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හොති.
අයං ඛො භික්ඛවෙ ලෝකස්ස අත්ථංගමො."෴
සිංහල තේරුම
"මහණෙනි, ලෝකය ඇති වන සැටිත් නැති වන සැටිත් කියන්නෙමි. එය අසන්න මහණෙනි, ලෝකය හට ගන්නෙ මෙහෙමයි,(1) ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
(6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම උපදිනවා. ඉපදීම නිසා මහළුවීම, මරණය සොකය වැළපීම, දුක දොමනස චිත්ත පීඩාව ඇති වෙනවා.
මහණෙනි, මේ කිව්වේ ලෝකය හටගන්නා වූ ආකාරයයි.
මහණෙනි, ලෝකය නතරවෙන්නෙ මෙහෙමයි.
(1) ඇස හා රූපය නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(2) කණත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(3) නැහැය හා ගන්ධය නිසා ඝාණවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(4) දිව හා රසය නිසා ජිව්හාවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(5) කය හා ස්පර්ශය නිසා කායවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
(6) මනසත් ධර්මයත් නිසා මනොවිඤ්ඤාණය උපදිනවා. එම තුනම නිසා ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. එම තණ්හාව මුළුමනින්ම බැහැර කිරීම නිසා උපාදානය නැති වෙනවා. උපාදානය නැති වීම නිසා භවය නැති වෙනවා. භවය නැති වීම නිසා ඉපදීම නැති වෙනවා. ඉපදීම නැතිවීම නිසා ජරා මරණාදිය නැති වෙනවා. මේ විදියට මෙම හුදකලා දුක් සමූහය නැති වෙනවා.
මහණෙනි, මේ කිව්වේ ලෝකය නතර වන හැටියි."෴
කේ
ReplyDeleteඔබට බොහෝ පින්,
"මෙම ලෝක නිර්මාණය පැහැදිළි කළ හැකි වෙනත් සමතෙක් දෙවියන් බඹුන් මරුන් මිනිසුන් ඇතුළු කිසිම කෙනෙක් නැත."
Deleteමෙය ඉතා සත්ත්‍යයයි. සිතුවිළි, මේ අවබෝධය ඔබට ලැබුනානම් අග්ගඥ සූත්‍රයේ ක්‍ෂුද්‍ර ජීවීන් ගැන කියා ඇත වැනි නිගමනයකට පැමිණීමට කෙනෙකුට මග නොපෙන්වනු ඇත. ඒ සූත්‍රයේ ඇත්තේ බොරු කියා නොවේ මා කියන්නේ... වරදවා වටහා නොගන්න. එහෙත්, ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි. බෝමැඩදී සිද්ධාර්ථ ගෞතමයන් විසින් අවබෝධ කරගත් බුද්ධ ඥාණය යනු ඒ කතන්දර නම් නොවේ.
ලෝකය යනු අනිච්චතාව බවත් ඉන් එහා දෙයක් නැති බවත් සියළු මනුෂ්‍යයින් විසින් අවබෝධ කෙරෙයිනම් ආගම් අතුරුදහන් වනු ඇත. ආගම් පමණක් නොව විද්‍යාවන්ද (බටහිර විද්‍යාව ඇතුළුව) අතුරුදහන් වනු ඇත. සියළු විද්‍යාවන්ගේ උත්තම විද්‍යාව මෙයයි. බුදුරදුන් "දිට්ඨීං උදපාදී ඥානං උදපාදී පංඥා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී" යානාදී වශයෙන් දෙසා වදාළේ මේ විද්‍යාවයි. "මෙම ලෝක නිර්මාණය පැහැදිළි කළ හැකි වෙනත් සමතෙක් දෙවියන් බඹුන් මරුන් මිනිසුන් ඇතුළු කිසිම කෙනෙක් නැත" යනු මගේත් අදහසයි.
ඔබට ඉහත විග්‍රහය ගැන ඔබේ කියැවීමක් ඇතැයි කියා සිතමි. එය අප හා හුවමාරු කර නොගන්නේ ඇයි?
ජෝසප් හා කේ මිතුරනි,
Deleteඔබලා වැන්නන් ඇසුරට ලැබීම සත්ත්‍ය වශයෙන්ම මාගේ සංසාරික පුන්‍ය කර්මයකි.
ජෝසප් විසින් ඔහුව සූත්‍ර දේශනාවක් මගින් සැබෑ බෞද්ධයෙකු කළ බවත් එම සූත්‍රයට අනුව අග්ගඤ්ඤ සූත්‍රය යනු සුරංගනා කථාවකියි කී විට මා එම උක්ත සූත්‍රය සෙවීමට වෙහෙසුනෙමි. අවසන එය "කේ" වෙත ඉදිරිපත් කරනු ලදුව කාලය වැයකරමින් එය පරිපූර්ණ ලෙස මෙහි පලකර ඇත.
මෙම සූත්‍රයෙහි හරය මා දැන සිටියෙමි, එය වටහාගෙන සිටියෙමි, යම් දුරකට අවබෝධ කොට සිටියෙමි. එම නිසාම ජෝසප් වැන්නෙකු බෞද්ධයෙකු කිරීමට මෙම සූත්‍රය සමත් වීයැයි කී විට මා විශ්මයට පත් වීමි. ඒ සූත්‍රය ගැන නොව ඔහුගේ මනා අවබෝධය ගැනයි. එවැන්නෙකු සමග සම්ප්‍රප්ප්‍රලාප දොඩා මා අප දෙදෙනාගේම කාලය කා දමා ඇත.
"බඹයක් පමණ මේ ශරීරය තුලම මා ලෝකය පණවමි"යි බුදු රදුන් පවසා සිටියේත් මෙයම කෙටි ස්වරූපයකිනැයි මට වැටහේ.
මා එම වැටහීම දෘශ්ටි වශයෙන් නොගෙන අවබෝධයක මට්ටමින් ඉතා අපහසුවෙන් තවමත් රැක ගෙන සිටින්නෙමි.
අග්ගඤ්ඤ සූත්‍රය පිළිබඳ ඔබ කියන මා හා සොම්බි නම් පොඩි කොලු ගැටයා අතර සිදු වූ සාකච්චාව හුදෙක් තර්කය මත පදනම්ව ඔහු සිත්නවාට එහා ගිය දෙයක් ලොවෙහි ඇති බවත්, ඔහුට සියල්ල තර්කයෙන් ජය ගත නොහැකි බවත් වටහා දීමට මා යොදාගත්තක් පමණි.
අග්ගඤ්ඤ සූත්‍රය බැලූ බැල්මට ලෝකය ඇත යන අන්තයේ සිට දෙසූ දේශනාවක් ලෙස ඔබ නොදකියිද,
බුදුන් එවැන්නක් දෙසුවේ ඇයි? ඒ ලොකය ඇති නිසාද? නැතිනම් අනිත්ත්‍යය දැකීම සියල්ලන්ට පහසු නොවනා නිසා ලෝකය ඇතැයි, මම ඇතැයි ග්‍රහනය කළ වුන් ලොව බහුල නිසා ඔවුනටත් ලෝකය ඇති වීමේහි භෞතික පාර්ශවය ගැන යමක් කිවයුතු නිසාද? මෙයත් නුවනින් විමසිය යුතු යැයි මා සිතමි.
මා මුලින්ම කේ සම්ග එළඹි සාකච්චාවකදී බුදු දහම පවතින්නේ වෙනත් මානයකයයි කියා කිවේ මේ කරුන ආසන්න දෙයකි. එවිට කේ විසින් එම වෙනත් මානය කුමක්දැයි මා පහදා දිය යුතු බව කීවත් මා එයට නිසි පිළිතුරක් නොදුන්නෙමි. ඒ අනවශ්‍ය ගැටළුවක් ඇති නොවීම පිණිසය.
නැති මනස, නැති බව, නැති මනසින් වටහා ගැනීම නිවනයැයි වරෙක මහචාර්‍ය නලින් ද සිල්වා විද්වතා විසින් පවසන ලදී. මෙය වැටහෙන්නට ඇත්තේ කීයෙන් කී දෙනෙකුටද?බුදු දහම පවතින වෙනත් මානයත් එවැන්නකි.
මේ සුත්‍රය මා දකින්නේ කෙළෙස් ඉන්දන වශයෙන් ගෙන දුවන භව චක්‍රය කඩා දැමීම ලෝකය නැති වීම ලෙසිනිය.
භෞතික ලෝකයෙහි ඇති වීම හෝ නැතිවීම භව චක්‍රයට බලපාන්නක් නොවෙයි.
කෙසේ වෙතත් මෙම මාහැඟි සූත්‍රයත් සමග චුල්ල මාලුංක්‍ය සූත්‍රයද ගලපා විමසීම තවත් දැක්මක් පහල කරවීමට හේතු විය හැකියි.
ජෝසප් මිතුර,
Deleteමේ සූත්‍රය පිළිබඳ මාගේ ඇති කියවීම ඔබ විම්සූ නිසා, මෙහි යක් පැටියා සාකච්චාවෙහි, මා විසින් කේ වෙත පහදා ඇති මා යක් පැටියාට දුන් උපදෙසත් එයට පාදක වූ හේතුනුත් ඉඩක් ඇති විටෙක මදක් කියවන්න.
මා විසින් එම උපදෙසට පාදක කොටගෙන ඇත්තේ මෙම සූත්‍ර ධර්මයෙන් කියැවෙන පරමාර්ථ සත්ත්‍යයමයි.
මා එය විග්‍රහ කළ හැටි ගැන කේ සතු කියැවීම දැනගැනුම පිණිස මා ඔබත් මාත් එම ප්‍රශ්නය කියැවූ සැටි ගැන ඔහුගේ අදහස විමසා සිටියෙමි. එහෙත් ඔහුට කාලය හරස වන්නට ඇතැයි සිතුවෙමි.
මා එය දුටු හැටි ගැන ඔබ සතු යම් කියැවීමක් වේ නම් ඒ දැන ගැනුමට කැමැත්තෙමි
ඒ පිටුව මකා නැත්ද? එසේනම් නැවත බලමි.
Deleteසිතුවිළි, ඔබ මෙය වටහා ගත් බව සිතන්නේද?
ReplyDeleteනැත,
Deleteයම් පමණකට වටහා ගෙන ඇත්තෙමි. එය දෘශිටි වශයෙන් නොගෙන තවත් පුළුල් අවබෝධයක ඉඩ හසර විවරව තබා සිටින්නෙමි.
චතුරාර්‍ය සත්ත්‍යය පිළිබඳ දැනට ඉහලින්ම පිළිගැනෙන විග්‍රහය ලියූ රේරුකානේ චන්දවිමල හිමියන් නෙත් අඳව සිටි ජීවිතයෙහි අවසන් භාගයේ දිනෙක උදේ තමන් පෙර දින රාත්‍රියෙහි දුක්ඛ සත්ත්‍යය අවබෝධ කළ බවත්, දැන් තමන් වහන්සේට දුක්ඛ සත්ත්‍යය පිළිබඳ පමණක් පිටු පන් දහසක් ලිවීමෙහි හැකියාව ඇති බවත් ආවතේව කල ගෝල හිමියන්ට පවසා සිටියේලු. එසේම තමන් වහන්සේ විසින් ලියන ලද චතුරාර්‍ය සත්ත්‍යය පොත කොතරම් සරළ ලේකනයක්දැයි සිතෙන බවත් උන් වහන්සේ පැවසුවේලු.
ඉතින් මා යමක් යම් පමණකින් අවබෝධ කල පමණින් මා එය අවබෝධ කලේ යැයි ගැනීම දෘශ්ටියක පිහිටීමකි.එම නිසා මා අවබෝධ කලදෑ තවදුරටත් අවබෝධ වන තුරු මා එය විවරව තබා ගනිමි.
සිතුවිළි,
Deleteමෙන්න මෙතැන ඉතාම අමාරු තැනක්. චතුරාර්‍ය සත්ත්‍යය, පටිච්ච සමුප්පාදය වැනි මූලික, එහෙත් ගැඹුරු ධර්ම කොටස් මේවා පැහැදිලි කර දීමට වචන තෝරා බේරා ගැනීමයි ලොකුම ගැටළුව. මොන මොන වචන වලින් කීවත් පසුව බලන විට වෙනත් අදහසක් එන බව පෙනේ. ඒ නිසයි මා මෙතනින් මේ කතාව නැවතුවේ.
අනෙක් අතින් බැලූ විට, මේවා ගැන ප්‍රත්‍යක්‍ෂ වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නම් අපත් රහත් ඵලයට පත් විය යුතුයි. අප ඒ තත්වයට තවම පත් වී නැති බැවින්, හිස මුදුණේ තබා නමදින දහමට නිගරු නොකර විශ්වාසවන්ත මුලාශ්‍රයකින් උපුටා දැක්වීමෙන් සෑහීමට පත් වීමට සිදුව තිබේ.
රේරුකානේ හිමියන්ගේ පොත් කිහිපයක් මමත් කියවා ඇතත් ඔබ කියන පොත හෝ කතාව හෝ ගැන ඇසුවේ මුල් වරටයි. ඒ නිසා ඒ ගැන වැඩිදුර යමක් කීමට මා අසමත්.
අවබෝධය නම් අවබෝධයමයි. ඉහත ලෝක නිර්මාණය ඔබ අවබෝධ කළානම්, ලෝක නිරෝධයත් අවබෝධ කිරීම පහසුයි. ලෝක නිරෝධය අවබෝධ කළා යනු ඔබ නිවන ලැබුවා යන්නයි; එනම් අරහත් ඵලයට පැමිණ ඇත. ඒ නිසා ඉහත ලෝක නිරෝධය අවබෝධ කර ගත් බවක් නම් කීමට මම ඉක්මන් නොවෙමි.
වටහා ගැනීම නම්... ඔව් මම එය හොඳින්ම වටහාගෙන සිටිමි.
http://www.ogatharana.org/
Deleteකේ, මෙවන් අයුරින් පිළිතුරු ගොනු කළ හැකි මිතුරන් දුලබය, ඔබගේ බොහෝ පිළිතුරු කියවීමෙන් මා සතුටට පත් වෙමි.
දහමට ලැදියෙකු විසින් කියවීමට ඉතාම සුදුසු ග්‍රන්ථ ලෙස මා රේරුකානේ හිමියන්ගේ ග්‍රන්ථ දකිමි. (මා ඒවායේ ඇති සියල්ල එලෙසින් පිළිගන්නා උන් වහන්සේගේ අනුගාමිකයෙකු නොවේ ) අදහස් වශයෙන් මා එහි ගැටෙනා තැන් ඇති මුත් ඒ මාගේ අවබෝධයෙ දුර්වල තා නිසා විය හැකියැයි සිතා ඒවා බැහැර නොකරමි.
ඉහත මා දී ඇති යොමුවෙන් ඔබට උන් වහන්සේගේ කැමැති ඕනෑම පොතක් බාගත කල හැක.
මා සතුවනම් මේ පොත් වලින් බොහෝමයක් මාගේ කුඩා පොත් එකතුවෙහි ඇත.
ඔබ හඬනා හඬ මට ඇසුනේ නැත
ReplyDeleteඔබේ සිනා හඬ මට ඇසුනේ නැත
ඔබ නිහඬව සිටිනා බව පමනක් සවන් යොමා සිටි මට ඇසුනා...
ඔබේ නිනඬ බව මා සිත කළඹයි.....
මේ සින්දු කෑල්ල මෙතැනට අදාල නැහැ. වික්ටර් රත්නායකයන් ගයන මුලාවෙන් ජීවිතේ අවුල් කරගත්තු මිනිසෙකුගේ පස්චාත්තාපය ගැන කියැවෙන කලාත්මක ගීතයක පද ටිකක් නිකමට මෙතැන ලිව්වා.
:) එවැනි ගීයක් මා අසා ඇති බවට මතකයක් නැත.
Deleteවික්ටර් රත්නායකයන් ගයන "මල් සර උක්දඬු දුන්නෙන් පැනි බී, දේදුන්නක් උඩු අතට නවා බිඳ" යන ගීතය.
Deleteදන් ඔබට මතක ඇති
ඔව් ඒ ගීය අදත් ඇසුවා. මා එතරම් ප්‍රිය ගීයක්නම් නොවෙයි. එහි සංගීතය එතරම් කන්කළු නැත. ඒ ගීතයෙන් කියැවෙන අවස්ථාවට නම් ඒ සංගීතය හොඳ හැටි ගැලපේ.
Deleteඑම ගීතයේ සංගීතය ගැන සබැවින්ම මා උනන්දුවෙන් සවන් යොමා නැත. එහෙත් එහි පද වැල තදින් මා සිත් ගත්තකි.
Deleteඑහි කථා නායකයාට කීමට ඇත්තේ දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පලා කියායි. කථාවට කිසිසේත්ම සම්බන්ද නැති වචන ඇති සුන්දර උපමා බසකින් ලියැවී ඇති මේ ගීතය මානම් හොඳින් රස විඳින්නකි.
පද වැල මතකයෙන් ලිවිය හැකි වූයේ එබැවිනි.
කේ,
ReplyDeleteඔබ විසින් මෙහි පල කරන ලද 2013 දින දසුන ඉතා හදිසි අවශ්‍යතාවයක් සඳහා ශ්‍රී ලාංකික දින දසුනක් සොයමින් සිටි විදේශිකයෙකුට ලබා දුනිමි.
දින දසුනක Soft Copy එකක් ළඟ තබා ගැනීම ඉතා ප්‍රයෝජනවත්. ඔබට නැවතත් ස්තුතියි.
එසේ වීනම් එය අපටත් සතුටක්.
Deleteමේ සාකච්චාව මෙසේ නතර වූයේ මන්දැයි මා ඇත්තෙන්ම කුහුලට පත් වී සිටිමි. මෙහි නිතර සරන පිරිස නිහඬ වීමට "කේ" විසින් හෝ "ජෝසප්" විසින් මා දුන් පිළිතුර වලට තම අදහස් පල කිරීමෙන් වැලකීම හේතු වේ.
ReplyDeleteමාගේන් අසන ලද පැනයකට පිළිතුර දිගු නිහැඬියාවක් නම් නැවත පැනයක් නැගීමට ඔබ උකටලී වීම ස්වභාවිකය. එය අනෙක් පසටත් එසේමය.
අවුරුදු කථාවට වඩා මා බොහෝ කොට අගය කරන මේ සාකච්චාව මෙසේ නතර වීම මා සතුටු නැත.
පොඩි ළමයා හෝ ඔහුගේ අදහසක් මේ ගැන දක්වනවානම් හොඳයැයි සිතේ.
සිතිවිළි,
Deleteඔබේ ඇරයුම දුටුවේ අදයි, මා උවමනාවෙන්ම මම සාකච්චාවට සම්බන්ද නොවුනේ අන් කිසිවක් නිසා නොව මෙහි සාකච්චාවට බදුන් වන බොහෝ කරුණු සහ සූත්‍ර පිළිබඳව මා සතු අවම දැනුම නිසාවෙනි.
කෙසේ වෙතත් ඔබ තිදෙනාගේ අදහස් කියවා බලා යමක් වටහා ගැනීමට උත්සහ ගනිමි.
සිතුවිළි,
ReplyDeleteඅග්ගඤ්ඤ සූත්‍රය ...
[මෙතැනින් බා ගන්න >> http://media.nirvanadhamma.com/pdf/04-aganna-sutra-(-137---165)-1975.pdf]
... බුද්ධ භාෂිතයක් බව සැබැයි. එහෙත් බුද්ධ භාෂිත සියල්ල සත්ත්‍යය බවද ඔබ සිතන්නේ ?
"ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි" යන ජොසෙෆ් ගේ කියමන මගෙත් කියමනයි. මේ කරුණ ඔබ වෙන කෙනෙකුගෙන් අසා දැන ගන්නේ නැත. ඒ නිසා සිහියෙන් විමසන්න. ඔබ මෙය පිළිගත්තොත් නුසුදුසු තැන්හි ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන්න.
මා දුන් බැඳීයෙන් එම සූත්‍රය ලබා ගන්න. එහි 3,4 පිටු [138 හා 139 යන පිටු අංක යොදා ඇත.] වල ඇති ඡේද තුන අතුරින් මැද ඡේදයයි මගේ කියමනට වැදගත් වන්නේ.
3 පිටුව [පාලි පාඨය]: "තග්ඝ වො වසේට්ඨා බ්‍රාහ්මණා පෝරාණං අසරන්තා එවමාබ්හසු ..." යනාදී ලෙස ඇරඹෙන පාඨයේ ->
4 පිටුව [සිංහල තේරුම]: "වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන්ම පුරාණ කතාව (ලෝකෝත්පත්තිචර්යාවංශය) සිහි නොකරන්නාහු, ..." ලෙස වෙයි.
"ලෝකෝත්පත්තිචර්යාවංශය" යනු බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥානයේ කොටසක් නොවේ. ලෝකෝත්පත්තිචර්යාවංශය යනු ලෝක නිර්මාණය ගැන බමුණන් අතර තිබූ පැරණි දැනුමකි - හෙවත් බමුණු මතවාදයකි.
බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දෙසා වදාරන්නේ බමුණු කුලෙන් පැවිදි වූ දෙනමකටයි. උන් වහන්සේ ඒ දෙනමගෙන් අසන්නේ පැවිද්ද හේතුවෙන් අනෙක් බමුණන්ගෙන් ඔවුන් දෙදෙනාට නින්දා ලැබෙන්නේද යන වගයි. එසේ වන බව ඒ දෙනම පැවසූ විට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අර අපහාස කරන බමුණන්ට ලෝකෝත්පත්තිචර්යාවංශය අමතක වී ඇති නිසා එසේ අපහාස කරන බවයි. එසේනම්, ලෝකෝත්පත්තිචර්යාවංශය යනු ඒ වන විටත් අමතක කෙරෙමින් තිබූ බමුණු දැනුමක් බව ඔබට පැහැදිළි විය යුතුය.
සුත්‍රය අවසානය තෙක් කියවන්න.
"භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වාශිෂ්ඨ භාරද්වාජ දෙදෙනා සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදරයෙන් පිළිගත්හ."
කිසිවෙක් අඩු තරමින් සෝවාන්වත් වී ඇත්ද? නැත. හේතුව කිම?
බමුණු මත අසා සිට මගපල ලබයි නම් බුදුබණ කුමටද !
[මින් එපිට පොතක් ලිවීමට කරුණු ඇතත් ඔබේ බුද්ධියට ඉඩ දී නවතමි.]
කේ
Deleteඔබගේ මෙම පිළිතුරට අදාල කරුනු දැක්වීම පිළිබඳ මා ඔබට අනේක වාරයක් පින් පමුනුවමි. සත්‍යය වශයෙන්ම මා අග්ගඤ්ඤ සූත්‍රය කියවා නොතිබින. මීට වසර දහයකට පමණ පෙර මා විසින් එක්තරා භික්ෂුවක් විසින් රචිත පොතක් කියවීය. එය අග්ගඤ්ඤ සූත්‍රය පදනම් කොට ලියා තිබුනකි.
එහෙත් මා සිටි දැක්ම නිවැරදි නොවන බව ඔබ දුන් යොමුවෙන් බාගත කර ගත් අග්ගඤ්ඤ සූත්‍රය උඩින් පල්ලෙන් කියවීමෙන්ම සිතුනි.
එය කාලය වැය කොට සාවධානව කියවියයුත්තකි.
එය ගැඹුරින් කියවා ඔබලා සමග ඒ ගැන සාකච්චාවෙහි යෙදීම සුදුසුයැයි සිතමි.
කෙසේ වෙතත් ඔබ පිළිතුරු සපයා ඇත්තේ මා හා ජෝසප් අතර වූ සාකච්චාවටයි.
ඔබ මගෙන් පැනයක් අසා ඇත, එයට මා පිලිතුරක්ද දී ඇත. එය ඔබ නොසලකා හැර ඇත්තේ මන්දැයි නොවැටහේ.
ඔබ අග්ගඤ්ඤ සූත්‍රය කියවූවාද?
Deleteමිතුර "කේ"
Deleteඔබ මේ පිළිබඳ දක්වන අවධානයට මා පින් පමුනුවමි.
ඔව් අද දිනයේ මා එය කියවා අවසාන කළෙමි. මෙහිදී බුදු හිමියන් පැවති පුරාණ කථාවක් උපයෝගි කොටගෙන සත්ත්වයා එකම මූලයකින් හටගෙන ඇති බැවින් කුල ගෝත්‍ර බෙදීමෙහි නිස්සාරත්වය දක්වන බවකි මට වැටහෙන්නේ.
එසේනම් මෙම සුතුර මගින් බුදුන් ලෝකයෙහි ආරම්භය ගැන කියනා වගට නොයෙකුත් භික්ෂූන් විසින් රචිත පොත පත හුදු මුලාවක් විය හැකියැයි මට සිතුනි.
එහෙත් එය එසේමයි කීමට මා කඩිනම් නොවෙමි.
කෙසේ වෙතත් මෙම සූත්‍රය පිළිබඳ මා මුලින් දැරූ මතය වන මෙය සම්මුතිය පදනම් කොට දෙසා ඇති දහමකි යන්න ඉන් බිඳ නොවැටේ. බුදුන් සම්මුතිය පදනම් කොට දෙසූ දහම් කොතෙකුත් ඇත. බුදු හිමියන් විසින් අනුමත වුනු පංච සීලය එවැන්නකි, එසේම බොහෝ වූ විනය ධර්මයන් එලෙසයි මා දැනට දකිමි.
මෙහි අප ප්‍රශ්තුත සූත්‍රය පරමාර්ථ පදනම්ව දෙසූ සූත්‍රයකි. එමෙන්ම ධම්ම චක්ක පවත්තනය, අනත්ත ලක්කනය ආදී සූත්‍රද බුද්ද භාශිතයක්දැයි මා නොදන්නා පූජේමි බුද්ධං යන ගාථාවද පරමාර්ථ පදනම්ව දෙසනු ලැබූ ධර්මයන් යැයි මා සිතමි.
එහෙත් එක් දෙයක් කිව යුතුය,
මා පරමාර්ථ ධර්මයන් නොදකින සූත්‍ර දේශනා හෝ අන් ධර්ම ස්කන්ධයක් වෙත් නම් එහි ඇති පරමාර්ථ ධර්මය වටහා ගැනීමට මාගේ නුවන මදිකමක් විය හැකිය. එම නිසා එවැන්නක් කථාන්දරයැයි කීමට නම් මා ඉක්මන් නොවෙමි. (මෙය ඔබගේ හෝ සුමිතුරු ජෝසප් ගේ මත බිඳ හෙලීමට කල ප්‍රකාශයක් නොව මාගේ දැකමම පැවසීමක් කොට ගන්න )
කෙසේ වෙතත් අග්ගඤ්ඤ සූත්‍රය පිළිබඳ මා සිටි මුලා දැක්මෙන් මා ගලවාගත් පින ඔබ දෙපලටම හිමිය.
මෙම සූත්‍රය කියවන අතරම මා තවත් භික්ෂුවක විසින් රචිත මාගේ පොත් එකතුවෙහි ඇති අග්ගඤ්ඤ සුතුර පදනම් වූ පොතක්ද ටිකක් කියවීමි. එහිද හරය වී ඇත්තේ මෙම සුතුරින් බුදු හිමියන් විසින් විද්‍යානුකූලව ලෝකයෙහි ආරම්බය දේශනා කොට ඇති බවකි.
දහම ගෙන යනු ලබන්නේ කොතැනකටද?
ජෝසප් මගෙන් ඇසූ පැනය ඉදිරියේ මා මෙසේ පාපොච්චාරනය කරමි:
මා මේ සූත්‍රය කියවා තිබුනා නම්, කිසි ලෙසකින්වත් සොම්බිගේ පැනයට මා දුන් අයුරින් පිළිතුරක් නොදෙමි.
මා කිසි දිනෙක අග්ගඤ්ඤ සූත්‍රය කියවා තිබුණේ නැත. k දුන් බැඳියෙන් කියෙව්වත් ඒ උඩින් පල්ලෙනි. කොටින්ම කියතොත් මේ සුත්‍රය මගේ දැනුමේ කොටසක් නොවේ. එසේනම් මා "ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි" කියා කීවේ කෙසේද?
Deleteසිතුවිළි,
අප එසේ කීවේ ලෝක නිර්මාණය ගැන බුද්ධ වචනය දන්නා නිසාය. k විසින් ප්‍රස්තුත ලිපියේ දක්වා ඇත්තේ බුද්ධ වචනයයි. අග්ගඤ්ඤ සූත්‍රයේ කියැවෙන බ්‍රහ්ම ලෝකයෙන් බැස පැමිණ රස පොළොව අනුභව කිරීම යනු කතන්දරයක් පමණක් බව කීමට අභිඥා උපදවා ගත යුතු නැත. අවශ්‍ය වන්නේ ඉහත සූත්‍රයේ දැක්වෙන ලෝක නිර්මාණය හා ලෝක නිරෝධය දැන ගැනීම පමණි.
අප දන්නා සියලුම දහම් කරුණු ඉහත සුත්‍රය තුලට ඔබා දැක්විය හැකි බව මා කිසියම් තැනක කීවා මතක ඇත. ඔබටත් එය මතක තිබෙනු ඇතැයි සිතමි. ඉහත සූත්‍රය මගේ උරගලයි. ඕනෑම දහම් කරුණක් ඉන් උර ගා බලා පමණි මා පිළිගන්නේ.
ඔබ දන්නා සියලුම දහම් කරුණු ඔබා දැක්විය හැකි කිසියම් ගාථාවක්/ සුත්‍රයක් වේද?
ජෝසප්,
Deleteඔබ කියන කරුනු හා කිසිදු ගැටීමක් නැත. ඔබ අග්ගඤ්ඤ සූත්‍රය ලෝක නිර්මාණයෙහි උරගා එය කථාන්දරයකැයි කීම මා වරදක් කොට නොදකිමි. එනම් ඔබ සම්මතය පිහිටා කරනා කථා හුදු කථාන්දර කොට දකිනා බවකි. ඔව් එයට මම මුළුමනින්ම එකඟ වෙමි. සම්මම්තය යනු මිනිසා විසින් මෝහය නිසා ගොඩ නගනු ලබන කථාන්දරම තමයි. අප සියළු දෙනා ගැලී සිටිනුයේ අප විසින්ම ගොතා ගත් කථාන්දර ලොවකයි. එය අනගි දැක්මකි, පරමාර්ථයෙහි පිහිටා කරනු ලබන දැක්මකි.
එහෙත් ඔබ අග්ගඤ්ඤ සූත්‍රය ගැන සිටින්නේ මා සිටි මුලාවෙහිම බව මට සිතේ. සැවොම කථා කරන්නේ බුදුන් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝකයේ හටගැන්ම හා ජීවය බිහිවීම විද්‍යාත්මකව පවසා ඇති බවකි. නැත. මා කියවූ අග්ගඤ්ඤ සූත්‍රයෙහි බුදු හිමියන් පවසන්නේ පුරාණ ලෝක කථාවක් උපයෝගි කරගෙන සියළු මිනිසුන් එක සමාන මූලයකින් හටගත් බැවින් කුල ගෝත්‍ර වශයෙන් බෙදීම හරසුන් බවක් පමණි. කොටින්ම එහි ලෝක ආරම්ඹයක් ගැන බුදුන්ගේ දැක්මක් නැත. ලාමක් පෘත්ග්ජනයෙකු අරඹයා සම්මුතිය පදනම් කොට කරනා ලද දේශනාවකි. මා වරදා ගත්තේද මෙහි බුදුන් විසින් සම්මුටි වශයෙන් හෝ ලෝක ආරම්ඹය ගැන යමක් කියා ඇතැයි සිතා උන් නිසාය. කොටින්ම බුදුන් මෙහි කථාන්දරයක් වත් කියා නැත. කථාන්දරයක් උපුටා දක්වා ඇත. හරය ඇත්තේ වෙන අතකය.
කොටින්ම මෙම කථාවෙහි ඇති වෙඬරු වැනි ගිතෙල් වැනි කියන කථා අසා ඇතැමුන් කියන්නේ බුදුන් ආදී සූපය නම් වූ තත්වය පවසා ඇති බවකි. නැත, මෙහි උන් වහන්සේ පවසන්නේ අද අපට (බුදුන් කල ) වෙඬරු, ගිතෙල් කෙතරම් ප්‍රනීතද, එදා උන්ට එම අහරය එවැනි විය වශයෙන් උපමා වශයෙන් පමනි.
මෙම සූත්‍රය උපයෝගි කොටගෙන පොත් ලියා ඇති බොහෝ දෙනා බුද්ධ භාශිතය කෙලෙසා ඇතැයි මට සිතේ. එම නිසා බුද්ධ භාශිතය කථාන්දරයැයි කීමට ඉක්මන් නොවන ලෙස ඔබ දෙපලගෙන්ම මා ඉල්ලා සිටිමි. බුදුන් නොකී දෙයක් ගැන උන් වහන්සේගේ කීමක් ලෙස සලකා පහත හෙලිය යුතු නැත.
අපගේ ප්‍රස්තුත සූත්‍රයෙහි (එහි නම නොදැනීම අඩුවකි ) පදනම මුළුමනින්ම පරමාර්ථයයි. එබැවින් එය පාදක කොට සිතීම ඉතා යහපත් බව මා පිළිගනිමි.
එහෙත් පරමාර්ථයට හෝ ඔබ තුළ දෘශ්ටියක් වීමට ඉඩ නොදෙනවානම් එය වඩාත් යහපත් බව මට සිතේ.
මාගේ උරගල ලෙස මා එක කරුනක් දරා නොසිටිමි.
පංචස්ඛන්ධ විභාගයත්, ත්‍රිලක්ෂනයත්, සිතුවිළි වල කෙලෙස් පදනමත්, මැදුම් පිළිවෙතත් මා හැම විට ගුරු කොට ගනිමි.
කේ ඔබටත් යමක් කිව යුතුයයි සිතේ,
Deleteඅග්ගඤ්ඤ සූත්‍රය ඉදිරිපත් කරමින් ඔබ කර ඇති විග්‍රයය අනුව ඔබ එය මැනැවින් වටහාගෙන සිටින්නෙකි. එසෙම ඔබ නිර්ලෝභීව අප වෙත එම වැටහීම දානය කරන්නෙකි.
ලෝකෝත්පත්තිචර්‍යාවංශය බුදු හිමියන්ගේ කථාවක් නොව, උන් වහන්සේ කථාන්දරයක් කියා නැත,
ඔබ මුලින්ම අසන පැනයට මාගේ පිළිතුර, යමක් බුද්ධ භාශිතයක් නම් මා එය සත්ත්‍යය වශයෙන් මුඛ්‍යාර්ථයෙන් පවසමි. මාහටහ් යමක් නොවැටහුනු පමණින් බුද්ධ දේශනාවක් මා සත්ත්‍යය නොවේයැයි නොකියමි. බුදුන් දෙසූ සියල්ල මාහට වැටහීමට තවම ඉඩක් නැත. නිසැකවම එහි හිඩැස් (නොවැටහෙන තැන් )තිබිය යුතුමය.
ධර්මය ඇසූවන් කිසිදු මග පලයකට නොපැමිනීම යනු සූත්‍රය තුල පරමාර්ථය ගැබ්ව නැති බවට තවත් සාක්ෂියකි. සම්මුතිය තුලින් කිසිවෙකුට මගපල ලැබිය හැකියැයි මා නොසිතමි.
බොහෝ දෙනෙකු අරමුණු කොට ඔබ කරනා මෙම ධර්ම දානය මගින් මානම් ඵල ලබනා බවද, එහි කුසලය පූර්ණවම ඔබ සතු බවද, මා මෙහි කැඳවූ ජෝසප් ද එම කුසලය අනුමෝදන් වන බවද කිව යුතුමය.
ජොසෙෆ්,
Deleteදන්නා සියලුම දහම් කරුණු ඔබා දැක්වීම කෙසේ වෙතත් දන්නා සියලුම දහම් කරුණු පිඩු කොට කැටි කොට එක ගාථාවක් තුල සම්පිණ්ඩනය කළ හැකිනම් ඒ බුදුරජාණන් වහන්සේ බාහිය දාරුඡිරිය නම් තවුසාට මහ මගදී "දිට්‌ඨෙ දිට්‌ඨමත්‌තං භවිස්‌සති" යනාදී වශයෙන් දෙසූ ගාථාවයි.
ඒ අපේ උරගලයි.
---
සිතුවිළි,
අග්ගඤ්ඤ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ පුරාණ කතාවක් ඉදිරිපත් කරයි. එය බමුණන්ගේ කතාවකි. බුද්ධ භාෂිතයක් වුවත් සන්දර්භයෙන් ඉවතට ගත් පසු සත්ත්‍ය නොවෙයි. බුදුරජාණන් වහන්සේ මේ කතාව ඉදිරිපත් කරන්නේ බමුණු කුලෙන් පැවිදි වූ සාමණේර දෙනමකටයි. ඒ වහන්සේලා පැසුණු බුද්ධියක් ඇති පරිණත හිමිවරු නොවේ. එසේම උන් වහන්සේලා අනෙක් බමුණන්ගේ අපහාස උපහාස වලටද ලක් වේ. ඒ අපහාස උපහාස වලට හේතුව මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බව කියන බ්‍රාහ්මණ කුලයේ උපන් මේ අය හිස මුඩු කර ශ්‍රමණ භාවයට පත් වීමයි.
මෙහිදී වැදගත් කරුණක් කිව යුතුය. මේ කාලය ප්‍රාග් වෛදික යුගය, එනම් නියම දඹදිව පැවති චින්තන ක්‍රමය අවසන් වෙමින් වයඹ දිගින් පැමිණි ආර්යයන් ලෙස හැඳින්වෙන මනුෂ්‍යයන්ගේ චින්තන ක්‍රමය ඒ වෙනුවට ආදේශ වෙමින් පැවති යුගයයි. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්ම ෂට් ශාස්තෘ වරුද අයත් වන්නේ පැරණි සම්ප්‍රදායටයි. බමුණන් අයත් වූයේ අලුත් සම්ප්‍රදායට බව අපේ විශ්වාසයයි. බුදුරජාණන් වහන්සේ මෙහිදී කරන්නේ පැරණි සම්ප්‍රදායට අයත් ප්‍රවාදයක් භාවිතා කරමින් නව සම්ප්‍රදායේ මතයක් ඛණ්ඩනය කිරීමයි.
මතයක් තහවුරු වීම පිණිස එහි නිවරද්‍යතාවයට වඩා එය පිළිගන්නා පිරිසගේ සිවිල් බලය වැදගත් වන බව පෙන්වා දීමට මේ උදාහරණය භාවිතා කළ හැක. බුද්ධ කාලය වන විට දඹදිව සිදු වෙමින් පැවති චින්තන පරිවර්තනය මේ ඇසුරෙන් අපට විග්‍රහ කර ගත හැක.
බෞද්ධ සූත්‍ර වල දැක්වෙන මෙවැනි විස්තර පැරණි සම්ප්‍රදායේ "විද්‍යා" (පරමාර්ථ අරුතින් නොවේ) දැනුම වේ. අද හින්දු ග්‍රන්ථ වල ඇත්තේ භාරතයේ (එනම් බාහිරින් පැමිණි මනුෂ්‍යයන් දඹදිව මත අලුතින් ගොඩ නැගු ශිෂ්ඨාචාරයේ) දැනුම වේ.
මේ දෙකම පරමාර්ථ වශයෙන් ගත් කළ අවිද්‍යා මිස විද්‍යා නොවේ. අපේ බොහෝ දෙනා දඹදිව හා භාරතය යන දෙකේ වෙනස නොදන්නා බැවින් පුරාණ දඹදිව පැවති විද්‍යා දැනුම බුදුදහමම බවට වරදවා වටහා ගනිති.
අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ "උපුටා ගැනීමක්" කරන බවට තේරුම් ගැනීම වැදගත්ය. කකුල් දෙකටම කලිසම් අඳින ගිහි අප එය තේරුම් ගත්තත් චීවර දරන ස්වාමින් වහන්සේලා මේ සියල්ල පටලවාගෙන අත්‍යන්ත ගම්භිර බුදුදහම මැජික් එකක් කිරීමට උත්සාහ ගැනීම නම් අපට වේදනාවකි.
කේ ඔබ මෙතැනින් ඉතා හොඳ මතවාදයක් ජනිත කරයි,
Deleteඑනම් බෞද්ධ සූත්‍ර ධර්ම වල උපුටන ලෙස නිදසුන් ලෙස ගෙන ඇති පුරාන විද්‍යාත්මක මත වාද කියා කොටසක් ඇති බවයි.
මෙය ඉතාම සිහි නුවනින් වටහා ගත යුතු දෙයකි, බුද්ධියෙන් වෙන්කොට ගත යුතු දෙයකි.
මා දකිනා අයුරින් බොහෝ දෙනා වරදවා ගන්නේ, බුදු මුවින් වදනක් පිටවූ විට එය බුද්ධ භාශිතයයැයි ගැනීමෙනි, හෙවත් දේශනාවන් වචනාර්ථයෙන් ගැනීමෙනි. එහෙත් වචන අතර වූ දැනුම සොයා යන්නාහට ඔබ කියන කරුනු සිහියෙන් දකිය හැකිය, යමක් කීමෙන් බුදුහිමියන් අදහස් කලේ හෝ කරන්නට ඇත්තේ කුමක්දැයි සොයා ගැනීම තමා වඩා වැදගත්.
එසේ සොයා යන්නාට දහම කුමක්ද උපුටනය කුමක්දැයි වහාම වටහා ගත හැක, දහමෙහි ගැටළු නැත.
මුග්දයින් විසින් තමාගේ පාන්ඩිත්‍යය පෙන්වීමට හෝ හිස් ජන්ප්‍රියත්වයක් ලැබීමට හෝ උවමනාවෙන් ගැටළු නිර්මාණය කරමින් සිටින බව මා දකිමි. දහම ගෙන යනු ලබන්නේ කොහාටදැයි මා ඇසුවේ එබැවිනි. මේවා නොදන්න කමට සිදු වන වැරදි නොවේ.
කෙසේ වෙතත් මාගේ අර්ථ දැක්වීමට අනුව සැබෑ බුද්ධ භාශිතය යනු සූත්‍රයෙන් ජනිත වන අදහස මිස සූත්‍රයක ඇති වචන නොවෙයි.එම නිසා බුද්ධ භාශිතය කිසි දින වැරදි විය නොහැකියි යන මාගේ එකම පූර්ව නිගමනය තුල මා සිටිමි. ලොවෙහි පවතින සම්මුති ධර්ම සූත්‍රයක් තුල උපහැරන ලෙස ගෙන තිබූ පමණින් එය ධර්මය බවට පත් නොවේ. එසේම එම කරුනු බුද්ධ භාශිතය ලෙස ගැනීමද වැරදි ලෙස දකිමි.
මම දැන් දෙලොවක් අතර
ReplyDeleteමම තාමත් හිතන් ඉන්නේ මේ සූත දේශනාව බුදුන් වහන්සේ විසින් ලෝකයේ ජීවය සැදුනු සැටි විග්‍රහ කල දේශනාව කියල .
එක බ්‍රක්මණයන්ගේ පිළිගනිම කියල තව විග්‍රහ කරන්න පින්
ප්‍රියදර්ශන මිතුර,
Deleteඔබ දෙලොවක් අතර සිටීම අවශ්‍ය නැත.
ඉහත විග්‍රහය (මූලික ලිපිය) අප විසින් ඉදිරිපත් කෙරුණේ මිතුරෙකුගේ ඉල්ලීමක් පිටයි. එය අපේ විග්‍රහයක් නොවන බවත්, පොතකින් උපුටා ගත් බවත් එහිම සඳහන් කළෙමි. මෙවැනි විග්‍රහයන් ඉතා ගැඹුරුයි. අප වැනි අයවලුන් විසින් පූර්ණ වශයෙන් වෙනත් කෙනෙකුට පහදා දිය නොහැකියි. එහෙත් ඔබ අදහස් කරන්නේ එය නොව අග්ගඥ සුත්‍රය ගැන අපේ විග්‍රහය නම් ඔබට පිළිතුරු දිය හැකියි.
අග්ගඥ සුත්‍රයේ දැක්වෙන ජීවයේ සම්භවය පිළිබඳ ප්‍රවාදය බමුණු මතයක් බවට අප විසින් නිගමනය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් දැනුම පිළිබඳ අපේ අදහස මත පිහිටමිනුයි. දැනුම යනු විවිධ ජන කොටස් විසින් ස්වාධිනව නිර්මාණය කර ගන්නා, එසේම එකිනෙකා අතර විසරණය විය හැකි අදහස් හා ක්‍රියාමාර්ග සමුහයක් බව ඉතාම සරලව විග්‍රහ කරන්න පුළුවන්. අපේ සමාජයේ බොහෝ දෙනෙක් සිතා සිටින්නේ නූතන බටහිර විද්‍යාව පමණක් විද්‍යාව බවත්, අනෙක් දැනුම් මිත්‍යා බවත්. මෙය ඉතා සහාසික අදහසක්.
අපට අනුව, දැනුම යනු නිරන්තරයෙන් නිර්මාණය කෙරෙන, විසරණය කෙරෙන, විපරිණාමයට ලක් වන හා අහෝසි වන දෙයක්. ඔබත් අපත් මේ කරන්නේ එයයි. (අපේ මේ අදහස ආචාර්ය නලින් ද සිල්වා ගේ අදහසට ඉතා සමීප බැවින්, ඔහුගේ මේ සම්බන්ද ලිපි කියවීම නිර්දේශ කරමි.)
දැන් ගැටළුවට එමු.
1. http://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html? showComment=1365782974139#c7543416631632484471
යන බැඳියේ මා සිතුවිළිට දුන් පිළිතුර තේරුම් ගැනීමට උත්සාහ කරන්න.
2. http://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html? showComment=1366999006751#c3823357032850351054
යන බැඳියේ සිතුවිළිට දුන් පිළිතුරේ මුල් ඡේද දෙකද මීට අදාළ වේ.
ඔබ දෙලොවක් අතර සිටිය යුත්තේ ඇයි කියා අපට නොතේරේ.
ලෝකෝත්පත්තිචර්යාවංශකතාව පුරාණ බමුණන්ගේ "දැනුමක්" හෙවත් මතයක් බවත්, එය බුදුරජාණන් වහන්සේගේ සමකාලීන බමුණන් විසින් අමතක කරමින් තිබුණු බවත්, බුදුරජාණන් වහන්සේ විසින් නව බමුණු මතය ඛණ්ඩනය කිරීම පිණිස පැරණි බමුණු මතය ඉදිරියට ගෙන ආ බවත් අපේ ප්‍රවාදයේ හරය වෙයි.
බුදුරදුන් පැරණි බමුණු මතය සර්වඥතාඥානයෙන් දැන ගන්නට ඇත. නැතිනම් සිද්ධාර්ථ කුමාර අවදියේ සර්වමිත්‍ර බමුණා එය උගන්වන්නට ඇත. බුදුරජාණන් වහන්සේ එය දැන ගත් ආකාරය මීට අදාළ නොවේ.
බුදුරජාණන් වහන්සේ කෙසේ දැන ගත්තත් ඒ දැනුම උන් වහන්සේ භාවිතා කරන්නේ බමුණු කුලෙන් පැවිදි වූ සාමණේර දෙනමකට අපහාස කරන බමුණන්ට පිළිතුරු දීමටයි. බමුණන්ගේ කට වැසීමට නම් බමුණන් පිළිගන්නා දෙයක්ම කිව යුතු බව ඔබට වැටහේ යැයි සිතමි.
ප්‍රවාදය සනාථ කිරීම මෙපමණයි.
මිතුර නැවත කියමි. ඉහත දැක්වූයේ අප විසින් සංස්කරණය කරන ලද දැනුමකි (නිර්මාණය කරන ලද දැනුමක් නොවේ). කුමන දැනුමක් වුවත් පිළිගත යුතු අයුර බෞද්ධයෙක් ලෙස ඔබ දන්නවා ඇතැයි සිතමි. ඒ නිසා ඔබට මෙය පිළිගැනීමේ හෝ නොගැනීමේ හෝ නිදහස ඇත. විමසීම, නැවත විමසීම හා නැවත නැවත විමසීම එකම මගයි. තමන් තුලින් විමසන්න. කරුණු සොයන්න. ඔබට දෙලොවින් එක ලොවකට පැමිණිය හැක.
ඔබට ජය පතමි.
ප්‍රියදර්ශන මහතාගේ පැනය දුටු විට මාහට පිළිතුරු දීමට සිතුනද එයවලකාගෙන "කේ" ගෙන් වඩා හරවත් විස්තරාත්මක පිලිතුරක් ලැබෙන තුරු බලා සිටියෙමි.
Deleteමා විසින්ද අග්ගඤ්ඤ සූත්‍රය පිළිබඳ කේ මතුකළ අදහස සනාත කර අතිබැවින් පිළිතුරු දීමේ අයිතියක් මා සතුවද ඇතැයි සිතමි.
ප්‍රියදර්ශන මිතුර,
අග්ගඤ්ඤ සූත්‍රය යනු බුදුන් විසින් ජීවයේ සම්භවය ගැන සම්මුති වශයෙන් කළ දේශනාවකැයි මෙම සූත්‍රය ගැන ලියැවුනු පොත් කියවූ මාද තරයේ විශ්වාස කොට සිටියෙමි.
එහෙත් ඒ පිළිබඳ ගැටළුවක් මතු වූයේ කේ විසින් කළ කරුනු දැක්වීම් නිසාමය.
සැබෑ බෞද්ධයින් ලෙස අප, අප විසින් දරන පූර්ව නිගමන් සාධාරන විමසුමකින් දියකර හැරීමට තරම් අප නිහතමානී විය යුතුමය, දියුනුවෙහි මග වනුයේ එයයි.
එම නිසා පූර්වනිගමන බැහැර කොට, එම සූත්‍ර දේශනාව යලි කියවා බලා, තමා තුලින්ම විමසා බලන්න.
ඔබට එය වෙනත් අයුරකින් වැටහෙන්නේ නම් ඒ ගැන අප සාකච්චා කල යුතුමය.
අයියෝ ප්‍රියදර්ශන, මේක හිතන්නවත් දෙයක් නෙමේ. ඔබතුමා (ගිහියෙක් විදියට) කරන කිසිම දේකට මේ කතාවේ වැදගත් කමක් නෑ. ඔබතුමාට වඩාත් පහසු පරණ කතාව හරි කියලා හිතාගෙන ඉන්න එක කියලා අපිට වැටහෙනවා. ඉතිං ඒක හරි කියලා හිතාගෙන ඒ ලෝකේ ඉන්න. ඒකෙන් සිද්ධ වෙන වැරද්දක් නෑ. ඇයි මේ අමාරු දේ තෝරා ගන්න උත්සාහ කරන්නේ.
Deleteකේ (අනේ දැන් අවුරුද්දක් විතර වෙන්න ආවා නේද. නමක් දා ගන්නකෝ ...), අපි ප්‍රියදර්ශනට තට්ටු තුනේ බුද්ධාගම ගැන කියලා දෙමුද?
වෙනත් අඩවියකදී joseph කල ආරාධනාව නිසා පැමිණියෙමි .
ReplyDeleteසත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය ආකාර හතරකින් බුදු දහමේ සඳහන්ය . මින් දෙකක් අතීත හේතුය ( 1- අවිද්‍යා පච්චයා සංකාරා .... , 2 - [ මට මතක නැත ]) , එක හේතුවක් වර්තමාන හේතුවක් ලෙසද ( මෙහි සඳහන් වන්නේ එයයි ) , එක හේතුවක් අනාගත හේතුවක් ලෙසද යෙදෙයි ( මගේ මතකයේ හැටියට මෙය ආරම්භ වන්නේ තණ්හාව මුල් කොටගෙනය ).
ඉතින් දැන් එදා joseph අග්ගඤ්ඤ සූත්‍රය ගැන අහපු දේට පිළිතුර දෙන්නම්. මෙම සුත්‍ර දේශනාව කිසි විටකත් කතාවක් නොව , දහමක් ලෙසම මම දකිමි .
ශ්‍රී කල්‍යාණ ග්‍රන්තකාර මණ්ඩලය විසින් සම්පාදනය කරනලද "බුදු දහමේ අධ්‍යාත්මය (අග්ගඤ්ඤ සූත්‍රය)"-ISBN 978-955-8414-23-1 පොත කියවා ඔබේ අදහස දක්වන්නේ නම් මැනවි .( මෙය මා මිලදී ගත්තේ කැලණිය රජමහ විහාර පොත් හලෙනි )
තෙරුවන් සරණයි !
පිස්සා මිතුර,
Deleteපළමුවෙන්ම ඔබව දෙතිස් කතා වෙත සාදරයෙන් පිළිගනිමි.
ඔබ පැමිණියේම අලුත් දැනුමක් රැගෙනයි. සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාර ගැන අප කිසි තැනක අසා නැත, කියවා නැත. (ඒ ගැන විශ්වාසයක් ද නැත --- එහෙත් වචන ගැන තර්ක කිරීමට මේ කාලය නොවේ.)
ඔබ හා ජොසෙෆ් අතර මේ ගැන කතා බහක් ඇති වේවා, අපට ඉන් ඉගෙන ගත හැකි දෙයක් පවතීවා.
දැන් ඉතිං "බුදු දහමේ අධ්‍යාත්මය (අග්ගඤ්ඤ සූත්‍රය)" හොයපල්ලකෝ... ඒකත්, අග්ගඥ සූත්‍රය 'කතාවක් සහ කතාවක්ම පමණි' කිව්වටත් පස්සේ.
Deleteපිස්සා,
ඔබේ පැමිණීම මේ වෙබ් අඩවියේ අගය බොහෝ සෙයින් වැඩි කරනු ඇති බව සිතේ. මා කතාවක් කියන්නම්.
"අපි ළඟ ඇපල් ගෙඩිය බැගින් ඇත්නම් අපි ඒවා හුවමාරු කර ගත් විට අපට ඇපල් ගෙඩිය බැගින් ලැබේ. අප ළඟ දැනුම ඇති විට අප ඒ දැනුම හුවමාරු කර ගත් විට දැනුම දෙගුණ වේ." මෙන්න මේ දේ තමයි වෙන්න යන්නේ. මම දින දෙක තුනකට කලින් දැක්කා අපේ Sith මේ බ්ලොග් එකට එන කතාවක්. එය එසේම වේවා කියා මමත් පතන්නම්.
කේගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඇත්තටම දෙකක්.
ඔබ මටත්, සිතුවිළිටත් ලිපි ලියන්න ආරාධනා කළා මතකයි...
මම බොහෝ දේ ඉගෙන ගත්තේ ඔබෙන් නිසා මා ලිපි ලියුවත් වෙනස් දේ ලියවීමට ඉඩ අඩුයි. ඒ නිසා මා මේ අඩවියේ ලිපි ලිවිම වැදගත් නෑ ( එහෙම වැදගත් දෙයක් ලියවුණොත් මුලින් කළ ලෙස ඔබටම පල කරන්න පුළුවන්නේ ). ඔබ සිතුවිළි ලියන දේ කියවනවානම්, තේරුම් ගන්න ඇති ඔහු මතවාදයක් ඉදිරිපත් නොකරන බව. ඔහු ඇතුලට ඇරුනු සිතැත්තෙක්.
එහෙත්, පිස්සා හා Sith ඒ අතින් වෙනස්. ඒ දෙදෙනාගෙන් ඔබටත් ඉගෙන ගත හැකි දේ බොහෝයි. කැමතිනම් ඔබේ ආරාධනය ඒ දෙදෙනාට ඉදිරිපත් කරන්න. ඒ පළමු ඉල්ලීම.
දෙවන ඉල්ලීම: හරි හමං නමක් දා ගනිං මිනිහෝ !
"ඉතින් දැන් එදා joseph අග්ගඤ්ඤ සූත්‍රය ගැන අහපු දේට පිළිතුර දෙන්නම්." --- පිස්සා
Deleteඅනේ මට එහෙම අහපු තැන මතක නෑනේ. මතක් කරන්න පුලුවන්ද?
---
(K කියන්න ඇත්තේ මේ ගැන යයි සිතමින්)
"සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය" යන්නෙහි වචන ගැන ගැටළුවක් ඇත. කෙටියෙන්ම කියනවානම් මේ ශාශ්වතවාදී ප්‍රකාශයක්! ඔබේ පැහැදිලි කිරීම අවශ්‍යයි.
ජෝසප්ගේ උත්සහය නිසා මේ අඩවිය ශක්තිමත් වෙමින් පැවතීම ගැන හද පත්ලෙන්ම මා සතුට පලකර සිටිමි.
Deleteසිත් හා පිස්සා මෙහි පැමිනීම මා ඉතාමත් සතුටට පත් වන කරුනකි. ඔවුන්ගේ අදහස් කියැවීමට මා රුචි වෙමි.
පිස්සා කියා ඇති ග්‍රන්ථය මාගේ පොත් එකතුවෙහි ඇත, මා ඉහත සඳහන් කොට ඇති තවත් භික්ෂුවක් විසින් ලියනලද පොත එයයි. එහෙත් එම පොත ගැන මාගේ අදහස වැරදි විය හැක, මා එය පැහැදිලිව මුලුමනින් කියවූයේ නැත.
මාගේ ජීවිතයෙහි මින් පෙර කිසිදා නොවූ විරූ අතිශය පීඩා කාරී වකවානුවක් ගෙවෙමින් ඇති බැවින් මා හට තැන්පත්ව එය කියැවීමට තරම් සිත එකඟ නැත එම නිසා එයට මා යම් කලක් ගනු ඇත. එම පොතෙහි කියවිය යුතු පිටු අංක "පිස්සා හට කිව හැකි නම් මා එය කාගේත් යහපත පිනිස ස්කෑන් කොට "කේ" වෙත යොමු කරන්නම්.
කෙසේ වෙතත් "කේ" දුන් බැඳියෙන් බාගත කොට කියැවූ සූත්‍ර දේශනාව මගින් මා එහි අඩංගු සැබෑ බුද්ධ දේශනාව සොයාගෙන වටහා ගතිමි. එය කථාවක් නොව දේශනාවක් බව මාද කියමි. එහෙත් ඒ ලෝකය බිහි වීම ගැනනම් නොවෙයි.
ජෝසප් කියන පරිදි මා කියන දේ වල මතවාද ගැබ්ව නැතැයි කියන කීම මා හට කරනු ලැබූ ගර්වයක් කොට මා පිළිගනිමි. ඔව් මා මතවාද බැහැර කරන්නෙක්, මගේ අදහස් වලින් ඔබ එය දකිනවානම් මා යම් දුරකට එහි පිහිටා ඇති බවක් මට සිතේ.
"ඇතුලට හැරුනු සිතැත්තෙක්" යන්නෙන් ජෝසප් අදහස් කලේ කුමක්දැයි පහදා දෙනවානම් හොඳයැයි සිතමි.
මා ලියන දේ වල උපුටන හෝ අනුන්ගේ දැනුම ඉතා විරලය. ඒ අනුන්ගේ දැනුම මා දනුම ලෙස විශ්වාස නොකරන බැවිනි. මාගේ ලිපිවල අඩංගු වන්නේ මාගේ "සිතුවිළි" ය. එය අන් අය වටහා ගන්නේ ඉතාමත් සුලු වශයෙන් බවනම් මා දකිමි. සිතුවිළි හා අවබෝධය සම්ප්‍රේශනය කළ හැකි බසක් මිනිස් වර්ගයා විසින් තවමත් සොයාගෙන නැත.
"කේ" මේම අඩවිය තවතවත් දියුනු වී ඔබට ඔබගේ දැනුමින් බොහෝ දෙනාහට සේවය කිරීමට ඉඩ සැලසේවායැයි මා අශිර්වාද කරමි.
"ඇතුලට හැරුනු සිතැත්තෙක්" = අනුන්ගේ වැරදි අඩුපාඩු සෙවීම නොව තමාගේ අඩුපාඩු සකස් කර ගැනීමත් අනුන්ගේ වැරදි වලින් තමන් පාඩම් ඉගෙන ගැනීමත් මින් අදහස් කළෙමි.
Delete@Joseph
Delete1 ) අනේ මට එහෙම අහපු තැන මතක නෑනේ. මතක් කරන්න පුලුවන්ද?
http://lankacnews.com/sinhala/main-news/92324/#comment-501575 ( මම හිතනවා මම මේක තේරුම් ගත්ත හරි කියල )
2 ) "සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය" යන්නෙහි වචන ගැන ගැටළුවක් ඇත. කෙටියෙන්ම කියනවානම් මේ ශාශ්වතවාදී ප්‍රකාශයක්! ඔබේ පැහැදිලි කිරීම අවශ්‍යයි.
වැරද්දක් වෙලා තියනවා කියල දැනුනේ K මතක් කලහම . එක නිවැරදි කරන්න මගේ දැනුම මදි ( මතකය ) . මම ඔය වගේ කතාවක් ඇහුවේ buddhist TV එකේ බණක. මම ඒක Google කර කර හොයනවා . ලැබුණ ගමන් මම නිවැරදි කිරීම කරන්නම් . එතකන් ඒ කතාව ඉල්ලා අස් කරගන්නව .
( සිතුවිළි
එම පොතෙහි කියවිය යුතු පිටු අංක "පිස්සා හට කිව හැකි නම් මා එය කාගේත් යහපත පිනිස ස්කෑන් කොට "කේ" වෙත යොමු කරන්නම් ! )
මම කියන්නේ ඔය පොතේ තියන කිසිම දෙයක් 'කතාවක් සහ කතාවක්ම පමණි' නොවන බව . ඉතින් මා නැතැයි කියන දෙයක් ඇති තැනක් ( පිටුවක් ) මට කියන්න හැකියාවක් නැ .
ඔය පොත මමත් තවම එක වරයි කියවල තියෙන්නේ ( එකම පිටුව දෙපාරක් හෝ වැඩි ගණනක් කියවන්න උනා ), එත් තවම එකේ තියන ඒවා තේරුම් කරගන්න මට අමාරුයි . හැබැයි ඔය පොතේ නෙලුම් දණ්ඩක් දිගේ බඩගාගෙන ඇවිත් , ඇගිල්ලෙන් මහ පොළව ලෙවකෑවා වගේ දේවල් තිබ්බනම් ඒවා කතන්දර කියල මමත් තේරුම් ගනීවි.
පිස්සා,
Deleteහොඳයි, ඔය පොත මම නිකන් උඩින් පල්ලෙන් විතරක් කියවා ඇති නිසා මම ඒ පොත ගැන මත පල කරන්නේ නැහැ.
අග්ගඤ්ඤ සූත්‍රය කතාවක් හා කථාවක්ම පමණි යන කේ ගේ හා ජෝසප්ගේ මතයත්, එය දේශනාවකියි කියන ඔබගේ හා මාගේ මතයත් අඩංගු වචන අපි මොහොතකට පසෙකින් තබමු.
ඔබ එම පොතින් වටහා ගත් අයුරින්, එම සූත්‍ර දේශනාවෙන් ගම්‍ය වන දේශනාවෙහි හරය කුමක්ද? එම පොත කියැවීමෙන් ඔබ ග්‍රහනය කරගත් දේ සාරාංශකර දක්වන්න. එවිට අපහට ඒ ගැන කථා කළ හැකි වේවි.
මා විමසන්නේ පොතේ ඇති දේ නොව, ඔබ ග්‍රහනය කර ගත් දෙය කුමක්ද කියා පමණි.
සරලවම ඇසුවහොත්, එය ලොකය බිහිවීම පිළිබඳ දේශනාවක් ලෙස ඔබ දකිනවාද? හෝ එම පොතෙහි විස්තර කරනවාද?
පිස්සා,
Deleteහරි... ඒත්,
1. "මෙම සුත්‍ර දේශනාව කිසි විටකත් කතාවක් නොව, දහමක් ලෙසම මම දකිමි" යන්නෙහි 'මෙම සුත්‍ර දේශනාව' යනු ඉහත ඇති 'චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච...' යනාදී ලෙස සඳහන් සූත්‍රය බව සිතමි. එය දහමමයි, සැකයක් නැත.
2. මේක මටත් ටිකක් ගැඹුරු වැඩියි. ඒත් "ශාශ්වතවාදී" කියන වචනය මේකට හරියටම හරි. සරලවම කිව්වොත්:
මුලින්ම "සත්වයෙක්" ඉන්න බව පිළි ගන්න වෙනවා. ඊළඟට "සංසාර චක්‍රය" කියලා සත්ත්වයාගෙන් ස්වායත්ත වූ වෙනත් දෙයක් තියෙන බව පිළි ගන්න වෙනවා. නැතිනම් කොහොමද ඊට "ඇදගන්නා ආකාරය"ක් ගැන කතා කරන්නේ. ශාශ්වතවාදය කියන්නේ ඒ නිසයි. බුදු දහමේ සත්ත්වයාගෙන් ස්වායත්ත වූ සංසාරයක්වත් සංසාරයෙන් ස්වායත්ත වූ සත්ත්වයෙක්වත් ඉන්න විදියක් නෑ... ! ඒ කියන්නේ 'සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය' කියලා දෙයක් තියෙන්න විදියක් නෑ.
පිස්සා, ඔබ කියූපොත මා නැවත වරක් කියවීමට උත්සහයක් ගත්තා, මට හිතෙන හැටියට එම පොත අග්ගඤ්ඤ සූත්‍රය බුදුන් විසින් ලෝකය හා සත්ත්වයා බිහි වීම යන සම්මුති කාරනාව ගැන කළ දෙශනාවක් ලෙස ගෙන එම සම්මුති තලයේ දේශනාවට පරමාර්ථ අර්ථකථනයක් දීමට හා, බුදු දහමේ කියැවෙන මතවාද වලට පරමානු ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදේශ කිරීමට ගොස් එහෙම පිටින්ම අනාගත් පොතක් ලෙසයි මට නම් වැටහෙන්නේ.
Deleteකොටින්ම එය ලෝකය බිහි වීම ගැන දේශනාවක්ද නැතිදැයි කියා හෝ ඔබටද වැටහී නැති බවක් මට සිතේ. මටනම් එම පොතින් ගෙන සූත්‍රය පහදා ගැනීමට තරම් දෙයක් ඇත්තේ නැත. ඊට වඩා කේ විසින් දුන් යොමුවෙන් බාගත කල සූත්‍ර දේශනාව ඉතාමත් පැහැදිලිය.
@සිතුවිළි
Deleteඔබ කියන ඇතැම් කාරණා වලට මමත් එකගයි . මම අග්ගඤ්ඤ සූත්‍රය කියෙව්වේ විශ්වයේ ආරම්භය හා අවසානය ගැන දහමෙහි සඳහන් වන දෙය දැනගන්න . නමුත් එම පොතේ එහෙම දෙයක් නැ . එකේ තියෙන්නේ හේතු ඵල දහමක් කියල මම දකින්නේ . මෙම දේශනාවේදී දේශකයන් වහන්සේ පරමානු, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය උපකාරක ලෙස යොදාගන්නවා . මට දැනුනේ ඒ අපගේ අනුමාන වශයෙන් හෝ දැනගැනීමේ පහසුවට කියල . ( අපට සතර මහා ධාතුව ගෝචර නොඋනත් ඇතැම් අවස්ථා වල පථවිය=පොළව ලෙස විස්තර කරන්නේ අපේ පහසුවට කියල මම හිතනවා වගේ )
මම කියන්නේ ලෝකයෙහි ආරම්භය හා අවසානය ගැන දැනගන්න අග්ගඤ්ඤ සූත්‍රය භාවිතා කරනවානම් එක අපේ මෝඩ කමක්,මමත් ඒ මෝඩයන්ගෙන් එකෙක් . ( මම දකින්නේ මේක අපේ බක පණ්ඩිතයන් අනපු දෙයක් ) , අග්ගඤ්ඤ සූත්‍රය බමුණු මත වලට කරුණු කාරණා සහිතව දුන්නු පිළිතුරක් .
බුදු රජාණන් වහන්සේ ලෝකය හටගැනීමත් එහි නිරෝදයත් දේශනා කරලා තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුල කියන කාරණය මමත් පිලිගන්නවා .
@joseph
( May 8, 2013 at 2:46 PM ) අංක 2 යටතේ අහපු දේ මම නිවැරදි කරන්නම් , මා පෙර සඳහන් කල කරනා සතර ( සුත්‍රය )නිවැරදිව සොයාගෙන , නැත්නම් මම මේක තවත් අනනවා වගේ වෙයි .
"සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය" යන ප්‍රකාශය වැරදි සහගත බව මමත් පිලිගන්නවා .
එම පොතේදී ඍජුවම තැනක සඳහන් වනවා දහමෙහි සඳහන් වදනක් භාවිතා කරමින් ඒ කියන්නේ පරමාණුවයි, එවැනි දේ සොයා ගත් උදවියට අපි ස්තුති කල යුතුයි ඔවුන් නිසා ඒවා ගැන අපට වඩා පැහැදිලිව සාකච්චා කළ හැකියි කියා. එය මා අනුමත කරන තත්වයක් නොවෙයි. පොතක් ලියන විට එය විවිධ බුද්ධි මට්ටම් වල සිටින පාඨකයා අරමුනු කොට තිබිය යුතුයැයි මා සිතනවා.
Deleteඔබ කියන ආකාරයට මමත් කියනවා මේක අපේ බක පන්ඩිතයින් අනපු දෙයක් තමයි කියලා.
සතර මහා ධාතුව වුවත් අප ගන්නේ සම්මුති වශයෙන්, ඇතැමුන් එය ද්‍රව්‍ය වාදීව විග්‍රහ කරනවා ඇතැමුන් එය ශක්තියක් ලෙස විග්‍රහ කරනවා, එය ශක්තියක් වුවත් ද්‍රව්‍යයක් වුවත් සම්මුති ධර්මයක් පමණයි. එසේනම් එය සැබැවින්ම අපගේ සිතම මුල් කරගෙන මෝහ මූලිකව මනසින් ගොඩ නගා ගත් තත්වයක් පමණයි. එය අවබෝධය පිනිස කොතෙක් වැදගත් වෙයිද?
මෙහි ඉහත කේ විසින් දක්වා ඇති සූත්‍රය සැබවින්ම බිග් බෑන්ග් එකක් තමයි, සිහි බුද්ධියෙන් එය කියවන කෙනාට තම මනස තුල බිග් බෑන්ග් එකක් ඇතිවිය යුතුයි.
සිතුවිළි,
Deleteබිග් බෑන්ග් එක කලිනුත් දකින්න ඇති. ඒත් සිහියට ගියේ දැන්. මේ වගේ දේවල් කල්පනා වෙන්නේ කොහොමද දෙයියනේ !!!
මේ නමනම් ඇත්තටම ලොමු-දැහැගන්වන සුළුයි. මේක මට මීට කලින් නොතෙරුනේ ඇයි කියලයි මම කල්පනා කරන්නේ.
මේක දැකල මම පොඩි ඇඩ් එකකුත් දැම්මා...
lankacnews.com/sinhala/main-news/93444/#comment-518193
ජෝසප් මම ඔබගේ ඇඩ් එක දැක්කා,
Deleteඒ ඇඩ් එක දැකලා හෙට වෙනකොට කවුරුන්ද සම යකා නටයි.
දැන් මේ සාකච්චාව යම් දුරක් ගියා, සිත් , නියමසිංහ හා හීන් සැරය මෙහි පැමිණ යම් අදහසක් අපට එකතු කරනවානම් කොතරම් අගේද?
කේගෙනුත් යමක් දැන් එකතු වීමට කාලය හොඳයැයි සිතෙනවා.තව දෙයක්,
ධර්ම කාරනයක් හමුවේ ඔබට ලොමු දැහැ ගැන්වීමක් වූවානම්, බොහෝ විට ඔබ අවබෝධයේ පිම්මක් ඉදිරියට පැන ඇති බවට සලකුනක්. (මෙය සතර මග සතර පලය තරම් ගැඹුරක් නොවෙයි )
අවබෝධය අපට එවැනි කායික සංඥා මගින් දැනෙනවා. එය ස්වභාවිකයි.
මිතුරනි,
Deleteමා පිළිතුරු නොදෙනවා යනු නොබලනවා නොවෙයි, මේවා දිනපතා කියවමි. පිළිතුරු නොලියන්නේ එක්කෝ ඔබලා අතර සාකච්චාව හොඳින් කෙරෙන නිසාය, නැතහොත් පිළිතුරක් ගොනු කර ගැනීමට කාලය ඇවැසි නිසාය. මා ලියන ප්‍රතිචාර සාමාන්‍යයෙන් දිග වැඩි බව ඔබලා මේ වන විට නිරීක්‍ෂණය කර ඇතැයි සිතමි.
පිස්සා නම් ඔබලාගේ මිත්‍රයා විසින් ආරම්භ කරන්නට යෙදුනු සාකච්චාවේ, ඔහු මුලින්ම පිළිගැනීමෙන් අනතුරුව මා සහභාගී නොවන්නේ මා නැතිව මේ සාකච්චාව ඉදිරියට යන නිසාය. මගේ සතුට මේ බ්ලොග් අඩවිය හොඳ සාකච්චා මණ්ඩපයක් බවට පත් වීමයි. මගේ අදහස/ මතවාදය ඔබලාගේ මතවාදයට වඩා බොහෝ සෙයින් වෙනස් වන අවස්ථාවක් වෙතොත් නොවරදවාම ඔබලාට බාදා කරමි.
මා මතක් කිරීම ගැන ස්තූතියි. ඔබලා සාකච්චාව කරගෙන යන්න. මා එතෙක් වෙසක් ලිපිය ගැන අවධානය යොමු කරන්නම්. වෙසක් ලිපිය ලියා ගැනීම නොව අවශ්‍ය කරුණු පමණක් තෝරා බේරා ගැනීමයි මහත්ම අපහසුව. වෙසක් මාසය එතරම් ම සිදු වීම් වලින් පොහොසත් ය.
ඔබලා කැමතිනම්, වෙසක් ලිපිය පැමිණෙන තෙක් පහත ලිපිය කියවීමට අවකාශ ඇත.
* http://katha32.blogspot.com/2012/05/kalyaanan-padalanchanan.html
මේ වෙසක් ලිපියට පෙර පළ කිරීමෙන් වෙසක් ලිපියේ බර අඩු කර ගැනීමට බලාපොරොත්තු වෙමි.
මනරම් කථිකාවතක්.......
ReplyDeleteසිතුවිළි
||අග්ගඤ්ඤ සූත්‍රය බැලූ බැල්මට ලෝකය ඇත යන අන්තයේ සිට දෙසූ දේශනාවක් ලෙස ඔබ නොදකියිද,
බුදුන් එවැන්නක් දෙසුවේ ඇයි? ඒ ලොකය ඇති නිසාද? නැතිනම් අනිත්ත්‍යය දැකීම සියල්ලන්ට පහසු නොවනා නිසා ලෝකය ඇතැයි, මම ඇතැයි ග්‍රහනය කළ වුන් ලොව බහුල නිසා ඔවුනටත් ලෝකය ඇති වීමේහි භෞතික පාර්ශවය ගැන යමක් කිවයුතු නිසාද? මෙයත් නුවනින් විමසිය යුතු යැයි මා සිතමි.||
සංඛාරුපේඛා ඥාණය ලබා ගන්නාතෙක් ( කෙළෙස් උගුළුවා ලීමට කළ යුතු හැම දෙයක්ම කළ හෙයින් තවත් කළ යුතු දෙයක් නැතැයි යන හැගීමෙන් ඇතිවන )ආත්මයේ ශුණ්‍යතාවය නොවැටහෙයි.
මෙම ඥාණය මගින්,
තමාගේ ආතමයක් නැත.
තමාගේ ආතමයට අයත් දේකුත් නැත.
අනුන්ගේ ආත්ම නැත.
අනුන්ගේ ආත්මයකට අයත් දේකුත් නැත.
යන්න වැටහෙන අතර
සිතෙහි නැවතී පවත්නා ස්වභාවයක් ඇතිවේ.
එය සිදුවනතුරු අග්ගඤ්ඤ සූත්‍ර දේශණාව වැදගත්වේ.
<---ඔබ බුදු රජාණන් වහන්සේට "බුදුන්" ලෙස ආමන්ත්‍රණය කිරීම පිළිබදවනන් මට යම් අපහසුතාවයක් ඇතිවිණි. එය පිළිබදව ටිකක් සළකා බලනු මැනවි. ලෙහෙසි වචනයක් උනත් උන් වහන්සේ වනාහී අපේ උසස්ම රත්නයක් වේ-->
මිතුර ලෝකය,
Deleteඔබ මතුකරනා කාරනා තුල මා විසින් පිළිතුරු දිය යුතු කරුනු ගනනාවක් අන්තර්ගත යැයි පෙනේ.
මෙසෙ මා පිළිතුරු ගොනු කරන්නම්,
1/ඔබ විසින් උපුටා දක්වා ඇති මා ලිවූ කොටස සඳහා මා පාදක කොට ගත්තේ, බුදු රජානන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍රය තුල ලෝකය හා සත්ත්වයා බිහි වීම පිළිබඳ සම්මුති ආකාරයෙන් (සම්මුතිය යන්න ඔබට වැටහේ යන උපකල්පනයෙන් ලියමි ) දේශනා කොට ඇතැයි ඒ පිළිබඳ ලියැවුනු පොත්පත් කියැවීමෙන් සිතා සිටි නිසාය. මා කියා ඇති ඒම් කියමනෙහි වරදක් නැත. එහෙත් වරද ඇත්තේ බුදු හිමියන් විසින් අග්ගඤ්ඤ සූත්‍රයෙහි සම්මුති වශයෙන්හෝ ලෝකය බිහි වීම හෝ සත්ත්වයා බිහි වීම ගැන දේශනා කොට නැති වීමයි. ඔබ මෙහි කේ විසින් දී ඇති යොමුවෙන් අග්ගඤ්ඤ සූත්‍රය් බාගත කොට කියවූවානම් හා සාකච්චාව ඉවසීමෙන් කියවූවානම් ඔබට එය වැටහෙනු ඇත.
2/ කෙලෙස් උගුලුවා ලන තුරු පමණක් නොව ඉන් පසුවද සියළු බුද්ධ භාශිත අගනා මිනි රුවන්මයයි මා සිතමි. අග්ගඤ්ඤ සූත්‍රය වුවද එසේම වනු ඇත. එය එසේ නොවේනම් එසේ නොවනා බව එතැනට අප පැමිනි දිනෙක වැටහෙනු ඇත.
3/ඔබගෙ චෝදනාව මා හිස නමා පිළිගනිමි, මෙය නොදැන සිදුවන වරදක් නොවෙයි. බුද්ධත්වය යනු උතුම්ම තත්වය ලෙස අප සලකන බැවින් බුදුන් කියා කීමෙන් බුද්ධත්වය සංඛෙතවත් වී එහි ගෞරවාර්ථය ගැබ් වෙන බවක් මා සිතුවෙමි. එහෙත් අද උදයේ එය යම් ආකාරයක වැරදි වැටහීමක් ජනිත කරවිය හැකි බැවින් ඒ වචනය මා වෙනස් කොට භාවිතා කල යුතු යැයි සිතා ගත්තෙමි. එසේ සිතා සිටින විට ඔබ මෙය මතු කිරීම යම් අකාරයක coincidence එකකි.
(Joseph හා සිතිවිළි ගේ මඟ පෙන්වීමෙන් මෙහි ආවෙමි. මුල් ලිපිය හා සුතුර ගැන කිව යුතු යැයි අපට සිතුනු දේ මෙසේය.)
ReplyDelete[1] මේ සංයුක්ත නිකායේ එන ලෝක සූත්‍රය විය යුතුය. බු.ජ. පොත්හි කෙටියෙන් දක්වා ඇත්තේ පෙළ දහමේ නිතර දැක්වෙන පාඨයන් නිසා විය යුතුය. එමෙන්ම එහි වරහන් තුල පංචස්ඛන්ධ ලෝකය යැයි දක්වා ඇත්තේ සම්මුති ලෝකය හා පටලවා නොගැනීම පිණිස විය යුතුය. මේ විග්‍රහයම 'ලෝක' වෙනුවට 'දුක' ලෙස දෙසන දුක්ඛ සූත්‍රය ඊට පෙර සූත්‍රයයි. ලෝකය දුකක් වන්නේ කෙසේ දැයි ඉන් පැහැදිලි විය යුතුය. එක ලෝකයක් (ඇස) වැටහේනම් අනෙක් ලෝකද වැටහෙන නමුත් කෙටි නොකොට අංග සම්පුර්ණව එම පොත් පිංච සකස් කළ (නම නොදත්) භික්ෂුන් වහන්සේටත් අනලස්ව ඒ එලෙසින්ම ජාලගත කළ කේ ටත් බොහෝ පින් සිදු වේවා.
[2] බුදුරදුන් පටිච්ච සමුප්පාදය එක් එක් තැන්හි එක් එක් අයුරින් දෙසා ඇත. මේ එවන් තවත් අයුරකැයි යනු අපගේ අදහසයි. අතිශය ගැඹුරු වූ මෙවන් දහමෙක තම නැණ පමණට වැටහෙන දේ ගැන පමණක් වුව පැයක් හෝ දිනක් හෝ විස්තර කළ හැක. (එවන් තැතක් මේ මොහොතේ අපි නොදරමු.) "ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදිනවා" යන්න පමණක් වුව නුවණින් වටහා ගන්නේ නම් බුදු සසුනෙක ඇසුර ලද සැදැහැතියෙකු යම් මෙහෙයක් තමන්ට කර ගත්තේකැයි යනු අපගේ අදහසයි. විශේෂයෙන් භවය නිසා ඉපදීම වන බව (ප්‍රත්‍යක්ෂයෙන්) අවබෝධ වීමට සමාධිය හා ප්‍රඥාව වැඩුණු සිතක් අවැසි වනු ඇත. මෙහිදී කිව යුතු කරුණක් නම් මේ, (බාහිර) ලෝකය අත හැරෙන දෙසුමක් බවයි. මමත්වය නිසා මම-මගේ වන විට ඊට සාපේක්ෂව නිතැතින්ම බාහිර ලෝකයක් පැනවේ. අප සාමාන්‍යයෙන් ඇලෙන්නේත් ගැටෙන්නේත් මෙම (උපකල්පිත) බාහිර ලෝකය සමගයි. මේ සුතුරේ ඇති අයුරින් ලෝකය දකින්නා ආලෝක වර්ෂ ගණනාවක් දුර පිහිටි දේ ද ළඟටම කර ආදරය කර ආශ්වාදය කරන දේ ද බඹයක් පමණ වූ තමන් තුලම පැනවෙන සැටිත් ඒ ඇතිවන හා නැතිවන සැටිත් නුවණින් දකියි. (මම නැමති) ලෝකයේ නිසරු බවත් හිස් බවත් වැටහෙන තරමට (මම හෙවත්) ලෝකය අත හැරේ.
[3] මේ පිටුවේ අප නොදුටු මුත් නලින් ද සිල්වා වැනි වියතුන් (ඇත්තටම එතුමා පමණක් විය යුතුය) විටින් විට උදාහරණයට දක්වන කරුණක් සලකනු රිසියෙමු. මෙම ඉන්ද්‍රිය (හෝ ආයතන) හයට අමතර වෙනත් ඉන්ද්‍රිය (ඇති සත්වයන්) පැවතිය හැකිද? මෙහිදී කිව යුතු කරුණක් නම් වෙනත් ඉන්ද්‍රිය (සියල්ල 22ක්) ගැන බුදුරදුන් දෙසා ඇති බවත් එහෙත් ඒවා (සතින්ද්‍රිය වැනි) මනසේම විවිධ තත්වයන් බවත්ය. මනසේම තත්වයන් නොවන අමතර 'අමුතු' ඉන්ද්‍රියන් සහිත සත්වයන් සෛද්ධාන්තිකව (හිතේ) නිර්මාණය කළ හැකි මුත් එවැනි ඉන්ද්‍රිය වල (අනුරූපී) පැවැත්මක් අපි විශ්වාස නොකරමු. ඒ බුදුරදුන් අවබෝධ කටයුතු සියල්ල අවබෝධ කර දෙසිය යුතු සියල්ල දෙසා ඇති බව (ශ්‍රද්ධාව මුල් කොට) අප අදහන බැවිනි.
[4] "ලෝකය ගැන, ලෝකයේ ආරම්භය සහ අවසානය ගැන අහස පොළොව ගැටලන තර්ක කෙරෙන මේ කාලයේ මේ විග්‍රහය බොහෝ දෙනාට හිත සුව පිණිස වේවා !" ====> පළමුව: ආරම්භය (මුල) හා ඇතිවීම (සමුදය) යන වදන්හි එකිනෙක වෙනස් අරුත් ඇත. අවසානය (අග) හා නැතිවීම (නිරෝධ) යන වදන්හි ද එකිනෙක වෙනස් අරුත් ඇත. ලෝකය යැයි කී විටද සම්මුති-පරමාර්ථ හා අජ්ජත්ත-බහිද්ධ ආදී නොයෙක් අරුත් ද ඇත. හෙළ බසේ මෙන්ම පෙළ දහමේද එකම වදන එක් එක් තැන්හි එක් එක් අරුතින්ද එකම අරුතට එක් එක් තැන්හි එක් එක් වදන්ද යෙදේ. මේ, පෙළ දහම හැදෑරීමේදී මෙන්ම විග්‍රහ කිරීමේදී ද අප අතිශය කල්පනාකාරී විය යුතු කරුණු අතරින් එකකි. දෙවනුව: අද කාලයේ ලෝකයේ ආරම්භය සහ අවසානය ගැන අහස පොළොව ගැටලන තර්ක කරන්නන් අපේක්ෂා කරන්නේ ලෝකේ පටන් ගත් දවසත් (දිනයත්) අවසන් වන දවසත් (දිනයත්) (හා ඒ අතර ටික ආතල් එකේ ඉන්න ක්‍රෙමෙකුත්) ය. එවැන්නන්ට මේ සුතුරෙන් පලක් වේද යනු සැක සහිතය. ඔවුනට වඩා ගැලපෙන, ලස්සන, පහසුවෙන් තේරුම් ගත හැකි, මුලසිට සරලව (සත්‍ය!) කතාව බයිබලය කුරානය ආදී පොත්හි වේ.
[5] රූප සටහන් ගැන කිවයුතු යමක් වේ. පෙරදිග පැරණි දැනුම් එවකට සම්මතය, සිරිත සම්ප්‍රදාය හා සංස්කෘතියට සාපේක්ෂව තේරුම් ගත යුතු දෙයකි. ඒ නොසලකා අද කාලයට සාපේක්ෂව අපහාසයට හෝ උපහාසයට හෝ අපට අවැසි ආකාරයට 'කියවීම' නිවැරදි ක්‍රමයක් නොවනු ඇත. බමුණු දහමේ හරය (දර්ශනය) මගහැර හින්දු පුරාණ ග්‍රන්ථ වල ඇති කතා වචනාර්ථයෙන් ගෙන පහර දීමත් බුදුදහමේ හරය නොසලකා බෝසත් සිරිතට පහර දීමත් අතර වැඩි වෙනසක් නැත. බෞද්ධ භික්ෂුන් ඓතිහාසිකව බමුණු මත සිය සම්ප්‍රදායික සතුරන් සේ සලකා කටයුතු කර ඇතත් කොයි කාටත් අද තර්ජනය ඇත්තේ වෙනත් පසෙකින් බව අප සැම, අපගේ විවේචනයන්හිදී සිහි තබා ගත යුතු කරුණෙකි.
SiTh,
Deleteඔබව පළමුව සාදරයෙන් පිළිගනිමි. මේ මම ඔබට ලියන පළමු පිළිතුරයි. අපට බොහෝ දේ සාකච්චා කළ හැකි බව ඔබේ දිගු ලිපි කියවන විට පෙනේ. ඔබ Joseph හා සමග කරන සංවාදය මැදට පැනීමට අදහසක් නැතත් අවශ්‍ය අවස්ථා වල මැදිහත් වන්නම්.
ඔබ ඔබේ තැනක් ලෙස සිතා සාකච්චා කරගෙන යන්න.
ඔබ අංක යොදා ඇති පරිදිම මා පිළිතුරු දෙතොත්:
1) මෙය ලෝක සූත්‍රය වීමට ද හැක, නොවීමට ද හැක. ලෝක සූත්‍ර එකකට වඩා වැඩි ගණනක් ත්‍රිපිටකය තුල අන්තර්ගත බව දිටිමි. මා ද ඇත්තෙන්ම මේ සූත්‍රය සොයන්නේ දස වසරකට පමණ පෙර සිටය. තවම හමු උනේ නැත.
2) මේ කරුණ සත්ත්‍යයකි. ඔබේ රචනාවට පින්.
3) නලින් ද සිල්වා ආචාර්ය තුමාගේ ලිපි අපිද වසර 25 කට පමණ පෙර සිට කියවමු. එතුමා කියන සමහර දේ අපට වැටහෙන්නේ නැත; සමහර දේ ගැන අපේ වැඩි එකඟතාවයක් නැත. එසේ තිබියදී වුවත් එතුමා කියන බොහෝ දේ අපි පිළිගනිමු. ඉන්ද්‍රිය ගැන අපට දැනට පැවසිය හැක්කේ පෘතුවියෙන් බාහිර ග්‍රහ වස්තු වල ජීවය ගැන සිතන අය ආචාර්ය නලින් ගේ ඉහත අදහස ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු බවයි.
උදාහරණයක් ලෙස, පෘතුවිය මත ශාක ප්‍රභාසංස්ලේෂණය කරන ලෙසින්, වෙනත් ග්‍රහයෙක් මත වැඩෙන ජීවය ග්‍රහයාගේ අභ්‍යන්තර උෂ්ණත්වය ශක්ති ප්‍රභවය ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ඇත. ගැඹුරු මුහුදේ යමහල් හා උණුසුම් ජල උල්පත් ආශ්‍රිතව පවා මෙවැනි ජීවී ආකාර පැවතිය හැක. එවැනි පරිසරයක ජීවත් විය හැකි සතෙක් වෙතොත් උගේ සංවේදන කෙසේ විය හැකිද?
ආචාර්ය නලින් ගැන මතක් කළ නිසා මේ ටිකත් කියමි. ගුරුත්වාකර්ෂණය දැන ගන්නා ඉන්ද්‍රිය කුමක්දැයි ඔහු ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ඇසූ බවත්, ගුරුත්වාකර්ෂණය ඇතැයි කියන (ඔහුට අනුව) අනුකාරක පුස්සන් ඔහුට පිළිතුරක් නොදුන් බවත් ඔබ දන්නවා ඇත. ගුරුත්වාකර්ෂණය ඇත්තටම ඇතැයි මමනම් පිළි නොගනිමි. එහෙත් අපට බර දැනේ. මට සිතෙන ලෙස අපට බරේ දිශාව දැනෙන ඉන්ද්‍රියක් තිබේ. මේ එතුමා හා අප එකඟ නොවන තැනකි. (මේ අදහස අප ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන පළමු අවස්ථාවයි. වෙනත් තැනක මේ බව වෙනත් කෙනෙක් විසින් පවසා ඇත්නම් ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි.)
4) තරමක හාස්‍යයක් ඇතත් මේ කතාව ඇත්තකි. බයිබලය හා කොරානය ද ප්‍රමාණවත් මදි යැයි සිතුනු සමහරු මායා කාරයින්ගේ කැලැන්ඩර පාරාවෝ රජවරුන්ගේ තාරකා දොරටු ආදිය ගැන සුරංගනා කතා කියති.
5) රූප සටහන යෙදුවේ කිසිවෙකුට පහර දීමට නොවේ. ඉර වටා කැරකෙන ග්‍රහලෝක ගැන කියන බටහිර නූතන විද්‍යාත්මක විග්‍රහයට අමතර තව විග්‍රහ ලෝකය ගැන ඇති බව දැක්වීමටයි. මිසර ජාතිකයින්ගේ චීන ජාතිකයින්ගේ ආදී වශයෙන් වෙන වෙන 'ලෝකය ගැන' දැනුම පෙර කාලයේ පැවති අතර ඒවා සාර්ථකව අදාළ සංසිද්ධි විග්‍රහ කිරීම පිණිස යොදා ගත් බව රහසක් නොවේ.
-----------
බුදුරදුන් ආයු සංස්කාරය හැරි අවස්ථාව සිහියට නගා ගතහොත්, භූමි කම්පා ඇති වීම පිලිබඳ විග්‍රහයේ 'ලෝකය ගැන' වෙනම චිත්‍රයක් අපට පෙන්වයි. අග්ගඥ සූත්‍රයේ මිනිසාගේ සම්භවයත්, මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක්වෙන භූමි කම්පා ඇති වීම පිලිබඳ පළමු හේතුවත් යන දෙකම (සහ සූත්‍ර ධර්මයන්හි එන තවත් බොහෝ කරුණු) සර්වඥතාඥානය හේතු කොටගෙන නොව එකල දඹදිව පැවති සමාජ සම්මතය හේතු කොටගෙන සත්‍යය යැයි පිළිගැනුණු බවත්, මෙකල ලක්දිව වෙසන අපට ඒවා සත්‍යය ලෙස පිළිගැනීමට කිසි හේතුවක් නැති බවත් අපේ නිගමනය වේ.
කේ ගේ හා සිත්ගේ ගැඹුරු හරවත් අදහස් කියැවීමි,
Deleteමා හට මෙවන් පැනයක් ඇත ඔබලාගේ අදහස් දැන ගැන්මට කැමැත්තෙමි.
මා දකිනා හැටියට ඇතැම් සූත්‍ර දේශනා වල බුදු හිමියන් සම්මුති තලයේ සිට ඇතැම් දේ දේශනා කොට ඇත. මේ සියල්ලටම පරමාර්ථ තලයේ පැහැදිලි කිරීම් කිරීමට යාමෙන් අප අතරමං විය හැකියැයි මට සිතේ.
@ කේ: ලෝක සූත්‍රය යැයි ඉහත [1] හි අප අදහස් කෙළේ සංයුක්ත නිකායේ, ද්විතිය භාගයේ, නිදාන වග්ගයේ, අභිසමය සංයුත්තයේ, ගහපති වග්ගයේ එන ලෝක සූත්‍රයයි. බු.ජ. අංකනය අනුව ද්විතිය භාගයේ, අභිසමය සංයුත්තයේ 1.5.4. සූත්‍රය - පිටු අංකය 114. (1.5.3. දුක්ඛ සූත්‍රයයි.) [3] හි ඔබ දැක්වූ කරුණු ගැන ප්‍රතිචාරයක් පසුව දක්වමු. (ඔය දේ කීවේ 'සොම්බි' නම්, ඒ කවර ඉන්ද්‍රිය ද? දිශාව කුමක්ද? යනුවෙන් අප අසනු ඇත. ඔබගේ පිළිතුරුක් වේනම් අපගේ ප්‍රතිචාරයට පහසුවක් වනු ඇත.) ඔබ අවසන දක්වා ඇති නිගමනය පැහැදිලිය. අපැහැදිලි එම නිගමනයට එළඹුණු අයුරුයි. Joseph දක්වන කරුණුත් අපගේ දෙවන (හෙවත් [1]-[7]) කොමෙන්ටුවට ඔබෙන් ලැබෙන ප්‍රතිචාරයක් වේ නම් ඒ අනුව අවැසිනම් පසුව කරුණු දක්වමු.
Delete@සිතුවිළි: ඔබගේ පැනය කුමක්ද? (පැනය ලියන්ඩ අමතක වීද?)
Deleteමාගේ සිතුවිල්ල නිවැරදිද? යන වගයි පැනැය.
Deleteසිත් හා කේ ගේ අංක 3 පිළිබඳ මාගේ අදහසක් දැක් වුවහොත් අමනාප නොවනු ඇතැයි සිතමි.
Deleteමා දකිනා හැටියට අප සතු පංච ඉන්ද්‍රියන් පහත අයුරුය
ඇස - ආලෝකයට සංවේදී
කන - ශබ්දයට සංවේදී
නාසය - ගන්දයට සංවේදී
දිව - රසයට සංවේදී
ශරීරය - උශ්නත්වයට, පීඩනයට, රළු සුමුදු බවට සංවේදී
කේ මෙහිදී බර හැටියට දැක්වූවද මා එය දකින්නේ පීඩනය ලෙසයි. පීඩනය ඇති වන දිශාව ගැන අපට වැටහීමක් ඇති බව නිසැකයි. ඔබට බරක් යෙදුනු විට එම පීඩනය ඍජුව යෙදෙන නිසා අප එයට බරකැයි කියමු. එමෙන්ම ඔබව බිත්තියකට එරෙහිව යමෙකු තෙරපුවහොත් එය කුමක්ද? මා සිතන්නේ අපට දැනෙනුයේ ශරීරය මත යෙදෙන පීඩනය මිස බර හෝ බරෙහි දිශාව නොවනා බවයි
SiTh,
Deleteඔබ [1] සඳහා දුන් විස්තරයට ස්තුතියි. ඒ ගැන අවස්ථාව ලැබුණු විට සොයා බලන්නම්.
[3] හි ඒ අවයවය සඳහන් නොවීම මගේ අඩුපාඩුවක්. ඒ ගැන සමාව ඉල්ලමි.
ආචාර්ය නලින් ද සිල්වා ඉල්ලා සිටින්නේ ගුරුත්වාකර්ෂණය ඇත්තටම ඇතැයි තර්ක කරන බුද්ධිමතුන්ගෙන් එය (එනම් ගුරුත්වාකර්ෂණය) දැනෙන අවයවයක්. ගුරුත්වාකර්ෂණය ඇත්තටම ඇති දෙයක් ලෙස නොසළකන මා ඊට පිළිතුරු දීමට සුදුසුකම් සපුරා නැත.
ගුරුත්වාකර්ෂණය ඇති/නැති බව කෙසේ වෙතත්, අප සමබර බව රැක ගැනීම පිණිස කණ ආශ්‍රිත ඉන්ද්‍රියයක් (කර්ණ ශංකය) භාවිතා කරන බව අප ඉගෙනගෙන ඇත්තේ ඉතා කුඩා කාලයේදීය. මේ ඉන්ද්‍රියය අප භාවිතා කරන්නේ පැහැදිලිවම ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇති වේ යැයි කියන බරේ දිශාව නිර්ණය කිරීමටය. කණට තදබල පහරක් දුන් විට සමබරතාවය නැති වන්නේ බරේ දිශාව පිලිබඳ හැඟීම නැති වීමෙනි.
කර්ණශංකයට ගුරුත්වාකර්ෂණය නොදැනෙන බව සැබැවි, එහෙත් අප සමබරතාවය රැක ගැනීම පිණිස බලපාන බරේ දිශාව (එනම් යට දිශාව) පිලිබඳ හැඟීම දැනෙන්නේ ඒ අවයවයටයි. ඒ හැඟීම විසිනි ගුරුත්වාකර්ෂණය යන ප්‍රවාදය නිර්මාණය කෙරෙන්නේ.
ඔබට හැකිනම් මේ කරුණ නිශේදනය කරන්න. එසේ කළ හැකි වේවා යනු මගේ අවංක පැතුමයි.
සිතුවිළි,
Deleteඅප කතා කරන්නේ පීඩනය ගැන නොවේ. යට දිශාව, එනම් අපේ බර ක්‍රියා කරන දිශාව, ගැන හැඟීම ගැනයි. මේ බව අපේ ශරීරය විසින් දැන ගැනෙන්නේ කණ ආශ්‍රිත (කර්ණශංකය) ඉන්ද්‍රියකටයි. ඒ බටහිර විද්‍යාවෙන් අපට ඉගැන්වුන දෙයක් මිස බුදුදහමින් දැන ගැනුණ දෙයක් නොවේ. ඒ නිසා ඉහත අවයවය නලින් ආචාර්ය තුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස මිස දහම් කරුණක් ලෙස වැදගත් කමක් නැත.
@ කේ : (අග්ගඤ්ඤ සූත්‍රය අලලා පල වූ කොමෙන්ටු සම්බන්ධව අපගේ අදහස මෙසේය.)
ReplyDelete[1] "එහෙත් බුද්ධ භාෂිත සියල්ල සත්ත්‍යය බවද ඔබ සිතන්නේ ?" අපගේ අදහස ඒ එසේ බවය. මෙහිදී යමෙක් 'සත්‍ය' යන්න තේරුම් ගන්නා අයුරු වැදගත් විය හැක. පැහැදිලි කිරීමට උදාහරණයක් දක්වමු. බුදුරදුන් "උපුටා ගැනීමක්" කර ඇති නම් එය නිවැරදිව උපුටා ඇති නම් ඒ 'සත්‍ය' ලෙස ද වැරදියට උපුටා ඇති නම් ඒ 'අසත්‍ය' ලෙස ද සැලකිය හැක. මේ අනුව යමින් අපි සියළු බුද්ධ භාෂිත සත්‍ය ලෙස ම සලකමු.
[2] "ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි" කතන්දර යන වදනට පෙර ඇතැම් විට බොරු කතන්දර යැයි යෙදෙන්නේ බොරු කතන්දර හා ඇත්ත කතන්දර වශයෙන් කතන්දර දෙවගක් ඇති නිසා වෙන් කොට දැක්වීමට ද නැතහොත් කතන්දර යනු බොරුම බව විශේෂ කොට දැක්වීමට ද යනු අපට නිසැක නැතත් මෙහිදී කතන්දර යන්න යොදා ඇත්තේ බොරු කතන්දර යන අරුතෙන් යනු මෙහි කොමෙන්ටු කියවූ අපගේ වැටහීම වන අතර එම උපකල්පනය මත අපගේ අදහස් දැක්වීම සිදු වේ.) අපගේ වැටහීමට අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ ඇති කතාව ඉතිහාස කතාවකි. ඉතිහාසය අපට කතන්දරයක් විය හැකිමුත් තුන් කල් දක්නා නුවණ ඇති බුදුරදුන්ට ඒ ප්‍රත්‍යක්ෂ දෙයක් මිස කතන්දරයක් නොවේ.
[3] "ලෝකෝත්පත්තිචර්යාවංශය යනු ලෝක නිර්මාණය ගැන බමුණන් අතර තිබූ පැරණි දැනුමකි - හෙවත් බමුණු මතවාදයකි." මේ ගැන අපගේ වාදයක් නැත. එහෙත් පැනය නම් සියළු බමුණු මතවාද (දැනුම) බොරු හෝ අසත්‍ය හෝ වැරදි ද? යන්නය. 'ලෝකෝත්පත්තිචර්යාවංශය' වදන ගැන යමක් කිව යුතුය. බුදු දහමේ මෙන්ම අප දන්නා තරමින් අඩුම තරමින් බමුණු දහමේ උපනිෂද් වැනි ඇතැම් අංශ වලද (සම්මුති) ලෝකයට (ඊනියා) ආරම්භයක් හෝ අවසානයක් නැත. මුලක් හෝ අගක් නැති ක්‍රියාවලියක් දෙපිරිසම පිළිගනිති. එවැනි ක්‍රියාවලියක අනු කොටසක් සලකා එහි ඇරඹුමත් අවසානයත් ගැන කතා කෙරේ.
[4] "අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ "උපුටා ගැනීමක්" කරන බවට තේරුම් ගැනීම වැදගත්ය." මේ ගැන ද අපගේ වාදයක් නැත. එහෙත් නැවත පැනය උපුටා ගැනීමක් වූ පමණින් ඒ බොරු හෝ වරද සහගත වන්නේද යන්නය. (විශේෂයෙන් උපුටා ගැනීම කර ඇත්තේ බුදුරදුන්ම බව සැලකිය යුතුය.)
[5] "බුදුරජාණන් වහන්සේ මෙහිදී කරන්නේ පැරණි සම්ප්‍රදායට අයත් ප්‍රවාදයක් භාවිතා කරමින් නව සම්ප්‍රදායේ මතයක් ඛණ්ඩනය කිරීමයි" මෙහිදීද පෙර සේම පැරණි සම්ප්‍රදායේ මතය බොරු ද යන පැනය නැගේ. එහෙත් මෙහිදී අපට පෙනෙනා හැටියට බුදුරදුන් නව සම්ප්‍රදායේ මතය "වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, ගැබිණි වූද, ..... මුසවා තෙපලත්" යැයි එකහෙලාම බැහැර කර ඇත. ඉන්පසු සියළු කෙලෙස් නැසූ බුදුරදුන් දැනටමත් තෙරුවන් සරණ ගොස් පැවිදි වී ඇති අයට බමුණන් ගෙතු බොරු ඉතිහාසයක් ඉතා දීර්ඝව දැක්වීමේ හේතුවක් අපට නොපෙනේ. අපට පෙනෙන හැටියට බමුණන් සතුව පෙර තිබු (ලෝක) ඉතිහාසය ගැන දැනුම බොරු බවක් අග්ගඥ්ඥ සූත්‍රයේ බුදුරදුන් දෙසා නැති අතර ඒ බව ඔබ උපකල්පනය කර ඇත. අග්ගඥ්ඥ සූත්‍රයේ දැක්වෙන විස්තරයට සමාන එහෙත් බෙහෙවින් කෙටි විස්තරයක් බ්‍රහ්මජාල සූත්‍රයේ (දී.නි.) දැක්වේ.
[6] " 'ලෝකෝත්පත්තිචර්යාවංශය' යනු බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥානයේ කොටසක් නොවේ." අතීතයේ වූ දෑ දන ගැනීම ෂඩ් අසාධාරණ ඥාණ වලින් එකක් වන සර්වඥතාඥානයේ කොටසක් බව අපගේ විශ්වාසයයි.
[7] " "වාශිෂ්ඨ භාරද්වාජ දෙදෙනා සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදරයෙන් පිළිගත්හ." කිසිවෙක් අඩු තරමින් සෝවාන්වත් වී ඇත්ද? නැත. හේතුව කිම? බමුණු මත අසා සිට මගපල ලබයි නම් බුදුබණ කුමටද !" බොහෝ සූත්‍ර අග ඒ ඇසුවන් මගපල ලැබූ බවක් සඳහන් නොවේ. කාලාම සූත්‍රය මෙන්ම ලෝක සූත්‍රයද උදාහරණ වේ. අසන්නා මඟ පල නොලැබීම මත දෙසුම බමුණු මතයක් යැයි නිගමනය කිරීම වැරදිය.
අංකනය ඔබගේ පහසුව පිණිසය. අග්ගඥ්ඥ සූත්‍රය පිලිබඳ අපට නොතේරෙන කරුණක් වේ. එනම් නූතන විද්‍යාත්මක බෞද්ධයන් අග්ගඥ්ඥ සූත්‍රය විද්‍යාත්මක යැයි කියනුයේ ඇයිද යන්නය. අග්ගඥ්ඥ සූත්‍රයට අනුව මිනිසා බිහි වන්නේ සියුම් කය ඇතිව ප්‍රීතිය අහර කොට දීර්ඝායුෂ විඳි ධාර්මික වූ (හෙවත් අතිශය දියුණු ජීවියෙකු) වන බ්‍රහ්ම නිකායන් පිරිහීමෙනි. මේ වඳුරා දියුණු වී මිනිසා බිහි වන ඩාවින්වාදයේ අනික් පැත්තය. මේ කරුණු දැක්වීම අපගේ සීමිත දැනුම මත බැවින් ඇති දොසක් වේ නම් නිවැරදි කිරීම අගේ කොට සලකමු.
SiTh,
Deleteඔබ මෙහි පැමිණීම හොඳයි. ඔබේ සියළු ප්‍රතිචාර කියවූවෙමි. ඒ කිසිවක් ගැන වැටහෙන තරමින් විරෝධතා නැත.
"ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි" යනු මගේ ප්‍රකාශයකි. ඒ ගැන නැවත පැහැදිලි කිරීමක් කරමි. මා කතන්දර යන්නෙන් 'බොරු කතන්දර' අදහස් කළේ යැයි ඔබ සිතන බව කියා ඇත. මා ඇත්ත හෝ බොරු හෝ ගැන කිසි අදහසක් නොදැරුවෙමි.
ඉහත ප්‍රකාශයේ කතන්දර යනු 'ප්‍රබන්ධ' යන අරුත දේ.
ඔබේ වැටහීමට අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ ඇති කතාව ඉතිහාස කතාවකි. ඔව්, මම එකඟයි.
"ඉතිහාසය අපට කතන්දරයක් විය හැකිමුත් තුන් කල් දක්නා නුවණ ඇති බුදුරදුන්ට ඒ ප්‍රත්‍යක්ෂ දෙයක් මිස කතන්දරයක් නොවේ." යන ඔබේ ඊළඟ ප්‍රකාශයෙන් කියවෙන්නේ ඉහත ප්‍රබන්ධය, එනම් අග්ගඥ සූත්‍රයේ කියැවෙන ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණයින් ඇති වූ ආකාරය ගැන කතාව ප්‍රත්‍යක්ෂ සත්ත්‍යයක් බවද? මීට නම් මම එකඟ නොවෙමි. එසේනම් බුදුරදුන්ට පෙර විසූ පැරණි බමුණන් සර්වඥතාක්ඥානය ඇතිව වෙසෙන්නට ඇත.
බුදු රජාණන් වහන්සේ ස්වකිය සර්වඥතාක් ඥානයෙන් දැන ගන්නට ඇත්තේ පැරණි බමුණන් එසේ කී බව මිස සිද්ධිය එසේ සිදු වූ බව නොවේ. ඒ මගේ නිගමනයයි. (K ඒ බව තැනක කියා තිබෙනු දුටු බව මතකයි. නැවත පරිශීලනය කර එය සෙවීම වෙහෙසකරයි.)
සැ.යු.: "ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි" යන ප්‍රකාශය කරන විට මා අග්ගඥ සූත්‍රය කියවා තිබුණේ නැත. ඉහත ප්‍රකාශය කිරීමට හේතු වුනේ යම් යම් අය ඒ සුත්‍රය ගැන කර තිබූ විග්‍රහයන්ය.
@ Joseph: අග්ගඥ්ඥ සූත්‍රය කියවීමට පෙර හා පසු ඔබගේ මතයේ ලොකු වෙනසක් අපට නොපෙනේ. (ප්‍රබන්ධ යනු කතා හෝ කතන්දර වලටම කියන සකුවට හුරු වදනක් ම නොවේද?) 'අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය සත්‍ය සිදුවීමක් දැයි ඇසුවහොත් ඔබ ඔව් කියා හෝ නැත කියා හෝ පිළිතුරු නොදෙන (හෙවත් ඇත්ත නැත්ත විසඳා ගත නොහැකි) ස්ථාවරයක සිටී' යන්න ඔබේ ස්ථාවරය නිවැරදිව දක්වන්නේ යැයි සිතමු. අපේ ස්ථාවරය ඒ විස්තරය ඇත්තටම සිදු වූ දේ ගැන බවයි. සර්වඥතාඥානය යන්න අද සමාජයේ වැහැරෙන වදනක් බැවින් හා කේ ද යොදා තිබු බැවින් අපද ඒ එලෙසින්ම යෙදුවෙමු. සර්වඥතාඥානය ගැන අප අතර වූ සංවාදයක් cnews හි ඇති බව සිහි වේ. මෙහිදී මෙම සංවාදයට හානි නොවනු පිණිස සර්වඥතාඥානය යන වදන කුමක් හෝ ඥානයක් අරුතින් (දැනට) භාවිත කරමු. නැතහොත් එවදන මගහරිමු. අප ඉහත දැක්වුයේ අග්ගඥ්ඥ සූත්‍රය ගැන මෙහි පළව තිබු අදහස් ගැන අපගේ අදහස්ය. අග්ගඥ්ඥ සූත්‍රය ගැන අපගේ අදහස ඉන් පැහැදිලි වීමට ඉඩ ඇතත් කේ ගෙන් ලැබෙන ප්‍රතිචාරයක් මත අවැසි නම් අග්ගඥ්ඥ සූත්‍රය ගැන අපගේ අදහස පසුව දක්වමු.
Delete'අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය සත්‍ය සිදුවීමක් දැයි ඇසුවහොත් ඔබ ඔව් කියා හෝ නැත කියා හෝ පිළිතුරු නොදෙන (හෙවත් ඇත්ත නැත්ත විසඳා ගත නොහැකි) ස්ථාවරයක සිටී' යන්න මගේ ස්ථාවරය නිවැරදිව දක්වන්නේ නැත.
Deleteඅග්ගඥ්ඥ සූත්‍රය කොටස් දෙකකි. වර්තමාන කතාව (සාමාන්‍යයෙන් අනද තෙරුන් විසින් විස්තර කෙරෙන කොටස) හා අතීත කතාව (බුදු හිමියන් අර බමුණු සාමණේරයන් වහන්සේලාට දෙසීයැයි පැවසෙන කොටස) වශයෙනි.
මේ දෙකින් පළමු කොටස බුද්ධ භාෂිතයක් [නොවිය හැකි වුවත්] ලෙස පිළිගනිමි. දෙවන කොටස බුදුරජාණන් වහන්සේ විසින් දෙසීයැයි යන අරුතින් බුද්ධ භාෂිතයක් ලෙස පිළිගනිමි. එහෙත් බුදුරජානන් වහන්සේට කතන්දර කීමේ තහනමක් ඇත්තේ නැත. උන් වහන්සේ කීවා කියා බුද්ධ පූර්ව / ප්‍රාග් වෛදික මතයක් සත්‍යයක් ලෙස සැළකිය යුතු යැයි මානසික සීමාවක් මා පනවාගෙන නැත.
මගේ පිළිතුර පැහැදිලි යැයි සිතමි. සෙන් කතා ගැන මගේ අදහස ලෝකය සහ ඒ මත සත්ත්වයා ඇති වූ ආකාරය ගැන කියන මේ කතාව ගැන ඇති අදහසින් වෙනස් නොවේ.
...අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය සත්‍ය සිදුවීමක් දැයි මගෙන් ඇසුවහොත් ...
එය අසත්‍ය සිදු වීමක් කියා ඒකාංශ කොට පිළිතුරු දෙමි. එහෙත් 'මා' ගෙන් ස්වායත්තව දෙන පිළිතුර චතුස්කෝටිකයේ සිව් වන කොනට වැටේ.
@Joseph: අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය යනුවෙන් අප අදහස් කෙළේ 'වාශිෂ්ඨයෙනි, දික් කලක් ඇවෑමෙන්' යන තැන සිට අවසානය තෙක් ඇති දිගු විස්තරයයි. (එවකට පැවති දඹදිව සමාජ පසුබිම ගැන මුලින් ඇති කෙටි විස්තරය ගැන කිසිවෙකුට හෝ ගැටළුවක් ඇතැයි නොසිතමි.) අග්ගඥ්ඥ සූත්‍රය ගැන ඇති මත ගැන අපට එතරම් උනන්දුවක් නැතත් ඔබ දුන් පිළිතුර ගැන දෙපැනයක් අසනු රිසියෙමි. "...අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය සත්‍ය සිදුවීමක් දැයි මගෙන් ඇසුවහොත් ... එය අසත්‍ය සිදු වීමක් කියා ඒකාංශ කොට පිළිතුරු දෙමි." [1] මෙම පිළිතුර කවර හේතු මත පදනම් වේද? [2] සත්‍ය සිදුවීම කුමක්ද?
Delete"...අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය සත්‍ය සිදුවීමක් දැයි මගෙන් ඇසුවහොත් ... එය අසත්‍ය සිදු වීමක් කියා ඒකාංශ කොට පිළිතුරු දෙමි."
Delete[1] මෙම පිළිතුර කවර හේතු මත පදනම් වේද?
i. බුදුරජාණන් වහන්සේ බමුණන් දුර්මුඛ කිරීම පිණිස ඉදිරියට ගෙනෙන්නේ බමුණන් විසින් පිළිගැනෙන (එනම් බමුණු) මතයකි.
ii. බමුණන්ට සර්වඥතාඥානය (තුන් කල් දක්නා නුවණ) නැත.
කල්ප 40, 80 වශයෙන් අතීතය දැකිය හැකි අසිතාදී බමුණන් මට එරෙහිව උසිගැන්විය හැකි බව දන්නා නිසා මේ ටිකත් එකතු කරමි.
* උන් බමුණු කුලේ උපන්නත් තාපස පැවිද්දන්ය. උන්ගේ දැනුම 'බමුණු' දැනුම නොවේ.
[2] සත්‍ය සිදුවීම කුමක්ද?
සත්‍ය සිදු වීම කියා දෙයක් නැත. ගම්පෙරළියේ නැතිනම් ගොළු හදවතේ සත්‍ය සිදු වීම කුමක්දැයි අසන්නෝ වෙත්ද ?
@Joseph: අප දෙදෙනාගෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ අනෙකා කියන දේ හරි හැටි වටහා නොගන්නවා විය යුතුය. අපගේ කොමෙන්ටු දැමීමට පෙර සහ පසු මේ ගැන ඔබගේ මතයේ වෙනසක් නැති බව අපගේ වැටහීමයි. ඔබත් (කේ ත්) ලියා ඇති දේ අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ ඇති විස්තරය ගැන ඔබේ (හා කේ ගේ) මතය ලෙස අපට තේරුම් ගොස් ඇත්තේ 'ඒකත් බ්‍රහ්මයාගේ ඇගෙන් මිනිසා මැවූ කතාව වගේම, ඊට පෙර සිටි බමුණන් විසින් ගොතන ලද තවත් බොරු කතන්දරයක්' ලෙසයි. පහසුවට කෙටි කර පහත දක්වන, ඔබ දැක්වූ ඇතැම් කරුණු අතර පරස්පරතා අපගේ වැටහීමට අනුව පවතී. (මේ නිසා ඔබ කියන දේ නිරවුල්ව තේරුම් ගැනීම තවත් අපහසු විය.)
Delete(i) "ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි"
(ii) "...අග්ගඤ්ඤ සූත්‍රයේ ඇති කතාව ඉතිහාස කතාවකි. ඔව්, මම එකඟයි."
(iii) "...ගොළු හදවතේ සත්‍ය සිදු වීම කුමක්දැයි අසන්නෝ වෙත්ද ?"
(iv) "මා කතන්දර යන්නෙන්...ඇත්ත හෝ බොරු හෝ ගැන කිසි අදහසක් නොදැරුවෙමි."
(v) "අග්ගඥ්ඥ සූත්‍රයේ ඇති විස්තරය ... අසත්‍ය සිදු වීමක් කියා ඒකාංශ කොට පිළිතුරු දෙමි."
මේ ගැන වැඩිදුර විස්තර කළහොත් අප කලින් ලියු දේ නැවත ලිවීමට සිදු වේ. මෙහිදී බමුණු යන්න පොදුවේ බුදු සසුනෙන් පිට ලෙස පහසුවට භාවිත කරමු. නිශ්චිත සම්ප්‍රදාය (හෝ ගුරු කුලය) මේ කරුණට වැදගත් නොවේ යයි සිතමි. බමුණන් කලින් දැන සිටි දෙයක් වූ පමණින් (නිවන් මඟට අදාළ නොවන) යමක් ඔබ බැහැර කරන්නේ කෙසේද යන්න අපට නොතේරේ. (අප කලින් ද මතු කළ මේ කරුණට ඍජු පිළිතුරක් නොලදිමි.) අප දෙවන පැනය ඇසුයේ සුත්‍රයේ විස්තරය ඉතිහාසය ගැන බව යන්න ඔබ පිළිගනී යන උපකල්පනය මතය. ඔබ දී ඇති පිළිතුර අනුව අපගේ උපකල්පනය අවලංගු සේ පෙනේ. ගොළු හදවතේ සත්‍ය සිදුවීම කුමක් දැයි ඇසීම අරුත් රහිත බව සැබවි. එහෙත් ගොළු හදවත යනුවෙන් පොතක් වීද, එනමින් සිනමා පටයක් වීද ආදී පැන අරුත් සහිතය. ගොළු හදවතේ ඇත්තේ කතන්දරයක් පමණක් වුව ගොළු හදවත යනු අදට ඉතිහාසයේ සිදු වීමකි.
SiTh,
DeleteJoseph හා ඔබගේ සංවාදය ඛණ්ඩනය නොවීම පිණිස අපේ පිළිතුරු පහතට ගෙන යමු.
@ පිස්සා : "සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය" යන්නෙහි වචන ගැන ගැටළුවක් ඇත." මේ, 'සත්වයා නිවනට යා නොදී සසරට ඇද බැඳ තබන ආකාරය' යැයි කීවේ නම් වචන ගැන ගැටළුවක් තිබේද? කොයි ලෙස කීවද ගැටළුවක් ඇති වන අයුරින් මෙන්ම නැතිවන අයුරින්ද ඒ තේරුම් ගත හැකි බවක් අපට පෙනේ.
ReplyDeleteඔබ දක්වූ පොත මුළුමනින්ම නොකියවූ නමුත් කියවූ තරමින් එහි දොසක් නොදිටිමි. සැලකිය යුතු කරුණක් නම් බුදුරදුන් දම් දෙසීමේදී එදා පැවතී දැනුම් පද්ධතියේ තිබු සම්මුති (බමුණු) දැනුම අවැසි පරිදි යොදා ගෙන ඇති බවයි. එදා පඨවි ආපෝ වායෝ තේජෝ ලෙස රූපය විස්තර කෙරේ. අද වැඩ සිටින ඇතැම් භික්ෂුන් වහන්සේ බටහිර දැනුම ගිරවා දමන අපට පහසුවෙන් වැටහේ යැයි සිතා හෝ එවකට පෙරදිග දැනුම මෙන් නොව ශීඝ්‍රයෙන් වෙනස් වන බටහිර දැනුමේ ගති සොබා මැනවින් නොදැනීම නිසා හෝ ගැන ඉලෙක්ට්‍රොන ප්‍රෝටෝන තරංග ආදී බටහිර දැනුම සිය දෙසුම් වලදී භාවිත කරති. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ, පෙළ දහම හා අටුවා අනුව පමණක් බණ කියන සම්ප්‍රදායික රටාවට වෙනස් නමුත් එවන් දේ සිදුවන වටපිටාව තේරුම් ගැනීම වැදගත්ය. (අප මේ කියන්නේ විද්‍යාත්මක භික්ෂුන් හෝ බෞද්ධයන් ගැන නොවන වග පැහැදිලි යැයි සිතමි.)
@ සිතිවිළි : කුමක්ද සිත් තැවුල?
ReplyDeletecnews හි කොමෙන්ටු දමන අය මෙහි කොමෙන්ටු දමන්නේ නම් ඒ බව (cnews හි නම) සඳහන් කරන්නේ නම් සංවාදය පහසු වනු ඇත. ලෝකය යනු cnews හි කලණමිතුරු ද?
එම පැනය විමසීමට තරම් ඔබ දැක්වූ සංවෙදී භාවයට කෘතඥ තාවය පල කරමි. එය සිත් තැවුලක් නම් වීනැත, සිත අවිවේකී කරවන පමණක ගැටළු කාරී තත්වයක් ඇත. විසඳාගැනීමට හැකියැයි හැඟේ.
Deleteමෙහි සිටින සැවොම LCN නාමයන්ම භාවිතා කරයි, එහෙත් ලෝකය යනු මෙහි ඉහත අඥාතව කරුනු දැක්වූ මිතුරාමයැයි මා අනුමාන කොට සිතීමි. මේ සාකච්චාවට පෙර ඔහු දැන උන්නාදැයි මා නොදනිමි.
පිස්සෙක් මෙන් දේශනාවක් සොයන අතර හමුවූ සටහනක් තබමි . මේ මා ලබදෙන්නේයැයි පොරොන්දු වූ පිළිතුර නොවන වග කරුණාවෙන් සලකන්න . නමුත් මා පෙර තැනක සටහන් කර තැබූ අතීත, වර්තමාන,අනාගත කාල ලෙස කාල තුනකින් , ආකාර සතරකින් විස්තර කල ලෝකය හටගැනීමේ ( සත්වයෙක් සංසාර චක්‍රයට ඇදගන්නා ආකාරය ලෙස පෙර සටහන් කල ) ක්‍රම සතර මෙය විය යුතුය .
ReplyDeleteඋපුටාගැනීම ----
එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?
මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි
01)නාම රැප කියන එක.
02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)
03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.
04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)
මෙ ගැන මෙතනින් කියවන්න
අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.
--------උපුටාගැනීම අවසන් ----
උපුටාගත්තේ ---> budurashmiya.net/2010/05/2012.html
පිස්සා මිතුර,
Deleteඔබට සංග්‍රහ කළ දිගු පිළිතුර පල වී නැත. මටමමයි වෙන්නේ !
මෙවර කෙටියෙන් කියමි.
ඔබේ ලැයිස්තුවේ එකක් අඩුයි. මා සෑම තැනම භාවිත කරන ලෝක විග්‍රහය, ලෝකය යනු සංස්කාර බවයි. ඒ අනුව,
ලෝකය යනු:
* සංස්කාර
* නාම-රූප
* පංචස්ඛන්ධය (මේ ගැන අපේ විශ්වාසය දුර්වලයි. සමහර විට මෙය පංචඋපාදානස්ඛන්ධය හෝ බොහෝ විට සලායතනය හෝ විය හැකියයි සිතමි.)
* ද්වාදශායතනය
* අටළොස් ධාතූන් (අපේ ප්‍රස්තුත ලිපියේ ලෝක විග්‍රහය මෙයයි)
ලෙස පංච ආකාර විග්‍රහයක් සැපයිය හැක.
මීට අමතරව ත්‍රිපිටකය පරිශීලනය කරන විට තවත් විග්‍රහයන් ද හමු විය හැක. එය ගැටළුවක් නොවේ. ලෝකය සංස්කාර ලෙස දකින මා ඒ සියල්ල සංකාර තුලට අවශෝෂණය කර ගනිමි. එය අපට සැබවින්ම පහසුවකි.
මේ දැනුම අප හා බෙදා ගත්තාට පිස්සාට පින් !
කේ
Deleteඉහත සූත්‍රයෙහි විස්තරය අනුව ගත් කලත් ලෝකය යනු සංස්කාර ධර්මයන්මයි කිම වඩා හොඳින් අරුත පහදන බවක් මාද සිතමි. කුමන ආකාරයකින් එය ගත්තත් සංස්කාර ධර්මයන් තුලට එය ගොනු කොට දැක්විය හැකිය.
එමෙන්ම, ලෝකය යනු පංචස්ඛන්දය යැයි කීමටද හැකියැයි සිතේ, එය විවිධාකාර පැහැදිලි කිරීම් මිස එසෙම පමනක් කිවයුතුයැයි කීමක් නම් නොවෙයි.
කෙටියෙන් කීවොත් පංච්ස්කන්දය නොමැති විට සිත නැත, එවිට ලෝකයද නැත. සලායතනයැයි කීමද එවැනිමය, රූපයක් වුවද සලායතන නැතිනම් නාමස්කන්ද හට ගැනීමක් සිදු නෙවන අතර සිත හට ගැන්මට ඉඩක් නැත, එවිට ලෝකයක් කොයින්ද?
එය පංච උපාදානස්කන්ධය යැයි කීවත් රූප වේදනා උපාධානය නොකරන කළ ලෝකයක් තිබිය නොහැකියැයි සිතේ.
කෙසේ කීවත් එන්නේ එකම තැනකට බව පෙනේ.
SiTh,
ReplyDelete[1] "එහෙත් බුද්ධ භාෂිත සියල්ල සත්ත්‍යය බවද ඔබ සිතන්නේ ?" අපගේ අදහස ඒ එසේ බවය.
* අපගේ අදහස එය එසේ නොවන බවය. එකල පැවති දැනුමක් බුදුන් වහන්සේ භාවිතා කළා කියා අප එය ඒ ලෙසම පිළිගත යුතු නැත. ඔබ මීළඟට ඉදිරිපත් කරන දේ ගැනද අපේ එකඟතාවයක් නැත. බුදුරජාණන් වහන්සේ වැරදියට උපුටා දැමීමට හේතුවක් තිබිය නොහැක. උන් වහන්සේ යමක් උපුටා දැක්වූවා නම් ඒ නිවැරදිව උපුටා දක්වන්නට ඇති බවයි මගේ පිළිගැනීම. එහෙත්, උපුටා ගත් දේ නිවැරදි බවක් ඉන් අදහස් නොකරන බවත් සැළකුව මනාය.
[2] "ඒ සූත්‍රයේ ඇත්තේ කතන්දර සහ කතන්දරම පමණි"
* මේ ගැන ඔබ හා ජොසෙෆ් අතර වන සංවාදය රස විඳිමි.
[3] "ලෝකෝත්පත්තිචර්යාවංශය යනු ලෝක නිර්මාණය ගැන බමුණන් අතර තිබූ පැරණි දැනුමකි - හෙවත් බමුණු මතවාදයකි." මේ ගැන අපගේ වාදයක් නැත. එහෙත් පැනය නම් සියළු බමුණු මතවාද (දැනුම) බොරු හෝ අසත්‍ය හෝ වැරදි ද?
* එවැනි අදහසක් මගේ නැත. "සියලු" බමුණු මතවාද බොරු යැයි කීමට පෙර ඒ සියලු මතවාද දැන සිටිය යුතුය. නොඑසේනම් ඒ දැනුමේ පදනම දැන සිටිය යුතුය.
[4] "අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ "උපුටා ගැනීමක්" කරන බවට තේරුම් ගැනීම වැදගත්ය." මේ ගැන ද අපගේ වාදයක් නැත. එහෙත් නැවත පැනය උපුටා ගැනීමක් වූ පමණින් ඒ බොරු හෝ වරද සහගත වන්නේද යන්නය.
* එය වරද වන්නේ උපුටා ගැනීම හේතුවෙන් නොවේ. වරද වන්නේ අනෙක් සූත්‍ර සමග නොපෑහීමයි. එකල දඹදිව මිනිසුන් දැන සිටි ලෝක විග්‍රහය උන් වහන්සේ එකල දඹදිව මිනිසුන්ට කී නිසාම මෙකල ලක්දිව වෙසෙන අප එය සත්ත්‍යයයැයි පිළිගත යුතුද? යනු මගේ ගැටලුව වේ.
[5] "බුදුරජාණන් වහන්සේ මෙහිදී කරන්නේ පැරණි සම්ප්‍රදායට අයත් ප්‍රවාදයක් භාවිතා කරමින් නව සම්ප්‍රදායේ මතයක් ඛණ්ඩනය කිරීමයි" මෙහිදීද පෙර සේම පැරණි සම්ප්‍රදායේ මතය බොරු ද යන පැනය නැගේ. එහෙත් මෙහිදී අපට පෙනෙනා හැටියට බුදුරදුන් නව සම්ප්‍රදායේ මතය "වාශිෂ්ඨයෙනි, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, ගැබිණි වූද, ..... මුසවා තෙපලත්" යැයි එකහෙලාම බැහැර කර ඇත. ඉන්පසු සියළු කෙලෙස් නැසූ බුදුරදුන් දැනටමත් තෙරුවන් සරණ ගොස් පැවිදි වී ඇති අයට බමුණන් ගෙතු බොරු ඉතිහාසයක් ඉතා දීර්ඝව දැක්වීමේ හේතුවක් අපට නොපෙනේ. අපට පෙනෙන හැටියට බමුණන් සතුව පෙර තිබු (ලෝක) ඉතිහාසය ගැන දැනුම බොරු බවක් අග්ගඥ්ඥ සූත්‍රයේ බුදුරදුන් දෙසා නැති අතර ඒ බව ඔබ උපකල්පනය කර ඇත. අග්ගඥ්ඥ සූත්‍රයේ දැක්වෙන විස්තරයට සමාන එහෙත් බෙහෙවින් කෙටි විස්තරයක් බ්‍රහ්මජාල සූත්‍රයේ (දී.නි.) දැක්වේ.
* බුදුරජාණන් වහන්සේ බමුණන් ගේ අලුත් මතය ප්‍රතික්ෂේප කරන්නේ එය බොරු නිසාද නැතිනම් එය ශ්‍රමණයන් බමුණන්ට වඩා පහත් කරන නිසාදැයි ඔබට නොසිතෙන්නේ ඇයි? ඔය බමුණු මත දෙකින් එකක්වත් සත්‍ය නොවේ. බුදුරජාණන් වහන්සේ කර ඇත්තේ එක බොරුවකට එරෙහිව තව බොරුවකින් සිය සව්වන් සන්නද්ධ කිරීම පමණි. (මෙතැන ජොසෙෆ් මෙන් චතුස්කෝටිකය තුලට ලිස්සා යාමක් නැතිව කෙළින්ම දෙකම බොරු බව මවිසින් කියා ඇත.) මේ සූත්‍රයේ දී පෙර තිබූ දැනුම බොරු යැයි බුදුන් දෙසා නැති බවත්, එය අපේ උපකල්පනයක් බවත් ඔබ කරන සඳහන ඇත්තකි. ඒ උපකල්පනයට හේතු කිහිප තැනක දක්වා ඇත. මගේ ප්‍රශ්නය ඔබට ඒ උපකල්පනය ප්‍රතික්ෂේප කිරීමට හැකිද?
[6] " 'ලෝකෝත්පත්තිචර්යාවංශය' යනු බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥානයේ කොටසක් නොවේ." අතීතයේ වූ දෑ දන ගැනීම ෂඩ් අසාධාරණ ඥාණ වලින් එකක් වන සර්වඥතාඥානයේ කොටසක් බව අපගේ විශ්වාසයයි.
* අතීතයේ සිදු වූ දේ දැන ගැනීම ෂඩ්අසාධාරණ ඥාන වලට අයිති බව අපද පිළිගනිමු. එහෙත්, අතීතයේ සිදු නොවූ දේ දැන ගැනීම සර්වඥතාඥානයේ කොටසක් බව අප කිසි තැනෙක ඉගෙන ගෙන නැත. ලෝකෝත්පත්තිචර්යාවංශය සිදුහත් කුමාරයා සර්වමිත්‍ර බමුණාගෙන් ඉගෙන ගත් දෙයක් බව අපේ උපකල්පනයයි.
[7] ...අසන්නා මඟ පල නොලැබීම මත දෙසුම බමුණු මතයක් යැයි නිගමනය කිරීම වැරදිය.
* අසන්නා මගපල නොලැබීම මත දෙසුම බමුණු මතයක් යැයි නිගමනය කිරීම වැරදි බව අපිද පිළිගනිමු. එහෙත්, මෙතැන සිදු වන්නේ නිගමනය (ඔබ කියන උපකල්පනය) මුලින් ගෙන ඒ නිගමනය හේතුවෙන් සිදු වන තර්කානුකුල ප්‍රතිඵල පුරෝකථනය කිරීම හා ඒ පුරෝකථන සත්ත්‍ය බව පෙන්වා දීමයි.
@ කේ: කාගේත් පහසුව තකා පිළිතුරක් වෙසක් පොහොය ලිපියේ දක්වා ඇත.
Delete