ඒ අතර ඉස්ලාම් නම් ජන කොටසක් රාමසාන් කියා අවුරුද්දක් සමරති. හින්දුහු තෛපොංගල් නම් හිරු නැමදිල්ලක් අලුත් අවුරුද්ද යැයි කියා සමරති. ඉන්දියාවේ හෝලි නමින් මීට සමාන උළෙලක් ඇත්තේය. චීන්නු පෙබරවාරි මාසයේත් (මෙය වසරින් වසර වෙනස් වේ) විවිධ රටවල විවිධ ජාතීහු නොයෙක් දින වලත් තමන්ගේ අවුරුද්ද සමරති. ලෝකයේ ස්වාධීනව ඇති වූ සෑම ජාතියකටම - ජන කොටසකටම තමන්ගේ වූ අවුරුද්දක් තිබේ.
අපිට අවුරුද්දක් නැත්ද?
අපිට අවුරුදු දෙකක් තිබේ. ඒ කෙසේද?
පුරාණ සිංහලයෝ පොදුවේ දින දසුන් දෙකක් භාවිතා කළහ. එකක් සූර්යයාගේ ගමන මූලික කොට ගත්තේ වෙයි, අනික චන්ද්‍රයාගේ කලාව මූලික කොට ගනී.
චන්ද්‍ර දින දසුන සහ සූර්යය දින දසුන
චන්ද්‍රයා ස්වකිය කලා චක්‍රය සම්පුර්ණ කිරීමට එකුන්තිස් දිනක් හා අඩක් ගනී. මෙය චන්ද්‍ර මාසයකි. චන්ද්‍ර මාස දොළසක් චන්ද්‍ර වර්ෂයකි. ඒ අනුව චන්ද්‍ර වර්ෂයට ඇත්තේ දින තුන්සිය පනස් හතරක් පමණි. වගා කටයුතු වලදී චන්ද්‍රයා කෙළින්ම බලපාන බැව් දත් පුරාණ සිංහලයෝ කෙටි කාලින කටයුතු සඳහා මේ දින ක්‍රමය යොදා ගත්හ. චන්ද්‍රයාගේ කලාව නිරීක්ෂණය පහසු නිසා මේ ක්‍රමය පොදු ජනයා අතර ලෙහෙසියෙන් භාවිතා කෙරිණි.සූර්යයා රාශි චක්‍රයේ එක්තරා ස්ථානයකින් ගමන් ඇරඹු කළ නැවත එතැනටම පැමිණීමට ගත වන කාලය සූර්යය වර්ෂයකි. මේ ගමනේදී සූර්යයා රාශි දොළසක් පසු කරමින් ගමන් කෙරෙයි. සියලු රාශි එක හා සමාන දිගකින් යුක්ත නොවන නිසා සමහර රාශි පසු කිරීමට සූර්යයා බොහෝ කල් ගනී, සමහර රාශි ඉක්මනින් පසු කර යයි. මේ එක් රාශියක් පසුබිම් කරගෙන සූර්යයා පිහිටන විට එය ඒ රාශියේ නමින් රවියක් (=මාසයක්) ලෙස ගණන් ගැනේ. රාශි දෙකක් අතර දුරක් ඇති නිසා ඒ දුරත් දෙකට බෙදා දෙපස රාශි වලට බෙදා දීමෙන් සෑම දිනයක් (=මොහොතක්) ම එක්තරා සූර්යය මාසයකට ලැබෙන අයුරින් මේ ක්‍රමය සාදා ඇත.
සූර්යයා පිහිටන්නේ කුමන රාශිය පසුබිම් කරගෙනදැයි සාමාන්‍ය ජනයාට නිරීක්ෂණය නොවන බැවින් මේ ක්‍රමය භාවිතා කෙරුණේ ගණිතයන් හා දැනුමැත්තන් අතරය. සාපේක්ෂව වඩා නිවැරදි බැවින් දීර්ඝ කාලීන කාල ගණනයන් සඳහා මේ දින ක්‍රමය යොදා ගැනිණි.
දින තුන්සිය පනස් හතරක් ඇති චන්ද්‍ර වර්ෂය සහ දින තුන්සිය හැට පහක් ඇති සූර්යය වර්ෂය අතර ඇති නොගැළපීම ඉවත් කිරීම පිණිස වසර තුනකට වරක් "අධි" මාසයක් චන්ද්‍ර වර්ෂයට එකතු කෙරිණි.
අවුරුද්ද
කාලය ගණනය කිරීමට නම්, ඊට ආරම්භයක් දිය යුතුය. අපේ වංශකතා කාරයෝ කාලය මැන්නේ එක් එක් රජවරුන්ගේ රාජ්‍යත්වයෙනි. එනම්, අසවල් රජුගේ අසවල් වර්ෂයේ ලෙසිනි. දුටුගැමුණු රජුගේ රාජ්‍යෝදයෙන් තෙවන වර්ෂයේ අසුවල් විහාරය කරවන ලද්දේය කියා ලියැවිණි. එසේ වුවත් මේ සියලු රජුන්නට වඩා රජෙක් සිංහලයන්ට විය. ඒ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේගේ බුද්ධත්වයෙන් සහ පරිනිර්වාණයෙන් එළැඹෙන අසුවල් වර්ෂයේ කියා කාලය කීමද ඒ සමගාමිව කෙරිණි. මේ ක්‍රම දෙකෙන්ම කියන්නේ සාපේක්ෂ කාලයකි. එනම්, ගණන් ගැනීම අරඹන දිනයේ සිට ගත වන්නේ කී වෙනි වසරද යන්නයි.එසේ වුවත්, කී වෙනි වසරද කියා ප්‍රකාශ කිරීමට නම්, වසරකට නිරපේක්ෂ ආරම්භයක් තිබිය යුතුයි. ඕනෑ ඕනෑ දින වලින් වසරාරම්භ කිරීමට ගියොත් සියල්ල වියවුල් වෙයි. අපේ පැරැන්නෝ වසරාරම්භ කිරීම පිණිස තෝරා ගත් දිනය වන්නේ අපි අද අලුත් අවුරුද්ද සමරන දිනයයි. මේ දිනය තෝරා ගැනීමට හේතුව වශයෙන් විවිධ විද්වත්හු විවිධ මත දක්වතත් අපට වැදගත් වන්නේ අපේ පැරැන්නන් මේ දිනය කිසියම් හේතුවකින් තෝරා ගත් බවත්, අපි ඒ පැරැන්නන්ගේ උරුම කරුවන් වශයෙන් මේ දිනය, එනම් අලුත් අවුරුද්ද ඇරඹෙන දිනය, ඉදිරි පරම්පරාවට දායාද කළ යුතු බවත් පමණි.
පරණ අවුරුද්ද
සූර්යයා රාශියෙන් රාශියට ගමන් කරන බව ඉහත සඳහන් කෙරිණි. මේ ගමනේදී එක්තරා අවස්තාවක ඔහු මීන රාශියෙන් නික්මෙයි; තවම මේෂ රාශියට එළඹ නැත. මේ අතරතුර කාලය නොනගතය ලෙස අපේ පැරැන්නන් විසින් තීරණය කෙරිණි. මෙකී සිද්ධිය සිදු වන දිනය පරණ අවුරුද්ද ලෙස හැඳින්විණි.ඕනෑම මාස දෙකක් අතර පවතින මේ අතරමැදි කාලය දෙකට බෙදා මාස දෙක අතර බෙදා ගන්නා බව ඉහත සඳහන් කෙරිණි. මෙහිදී ද වෙනසක් නැත. නොනගතයේ මුල් භාගය පරණ අවුරුද්දට අයිතිය, අග කොටස අලුත් අවුරුද්දට අයිතිය.
නොනගතය
"අගත අනගත චතුදිස..." යනාදී ලෙසින් ලියැවෙන සෙල් ලිපි පාඨයක් අපට හමු වේ. අගත යනු පැමිණි යන අරුතයි, අනගත යනු නොපැමිණි යන අරුතයි. නොනගත යනුත් එයමයි. නොනගතය යන්නෙහි සැබෑ තේරුම නම් සූර්යයා මීන රාශියෙන් ඉකුත් විය, මේෂ රාශියට එළඹියේ නැත යන්න මිස අනිකක් නොවේ. මුලින් සඳහන් කළ ලෙස නොනගතයෙන් අඩක් පරණ අවුරුද්දට හිමිය, ඉතිරි අඩ අලුත් අවුරුද්දට හිමිය.අවුරුද්දක් පුරා වෙහෙස වී වැඩ කළ මිනිස්සු මේ නොනගත කාලයේ මද ඉසිඹුවක් ලබති. ඒ අලුත් අවුරුද්දේ නැවත වැඩ ඇරඹිය යුතු බව දන්නා නිසාය. හිස ගිනි ගත්තෙක් එගිණි නිවන ලෙස සංසාර දුක් ගින්න නිවීම පිණිස වෙර දරන යෝගාවචරයෙකුට මේ ඉසිඹුව අයිති නැත. එහෙත්, ඒ යෝගාවචරයා ලුණු ඇඹුල් සෙවුනා පිණිස ගම් වදින විට ඔහුටත් යැපීම පිණිස අහර සපයන සසර දුක් විඳින සත්ත්වයාට මේ ඉසිඹුව ඇවැසිය.
ඔහු ගොවිතැන් ව්‍යාපාර කිරීමේදී නොදැන සිදු වූ අතපසු වීම්, පව් කම්, හිත් නොහොඳ වීම් ආදිය තිබිය හැකියි. ඒවා ගැන විවේක බුද්ධියෙන් සිතා එළැඹෙන වසරේ ඒවායින් දුරු වීම පිණිසත්, සිත සකසා ගැනීම පිණිසත් පින් කම්හි නියැලීම හා සිත සනසා ගැනීම පිණිසත් නොනගතයේ මුල් භාගය යෙදවෙන්නේ ඊළඟ වසරේ ඒ අඩුපාඩු සිදු නොකරගෙන සිටීමේ අභිප්‍රායෙනි. එසේම අලුත් අවුරුද්දේ අලුත් ජවයකින් වැඩ කටයුතු ඇරඹීම පිණිස මේ කාය-චිත්ත විවේකය උත්ප්‍රේරකයකි.
අවුරුදු නැකැත් චාරිත්‍ර ටික කල් ඇතුවම දාපු එකනම් අගෙයි.
ReplyDeleteමා නම් ඔය නැකත් අංශයට නැත. එහෙත් ලබන්නා වූ නව වසර ඔබ සැමට ජය, සතුට, සැපත, සපිරුණු සුභ නව වසරක් වේවායි පතන්නෙමි.
ReplyDeleteමම බෞද්ධයෙකු හැටියට ජ්‍යෝතිශය හා නැකැත් සාස්තර නොතකමි, එහෙත් සිංහලයෙකු ලෙස සිංහල කමට අවුරුදු චාරිත්‍ර වලට ප්‍රිය කරමි.
Deleteනැකැත් ගැන විශ්වාසයක් නැතිවම, අවුරුදු දාට එයට අනුගත වෙමි.
මිතුරනි, අවුරුදු නැකත් වහා ඉදිරිපත් කළ යුතු බැවින් එය ඉදිරිපත් කළෙමි. ඉදිරි දින කිහිපය තුල මේ නැකත් පුවත් පත් වල පළ වනු ඇත. එවිට මේවායේ වරදක් ඇතොත් නිවැරදි කරමි.
ReplyDeleteඅවුරුද්ද වෙනුවෙන්ද ලිපියක් ලිවිය යුතුය. සමහර විට මේ ලිපියම ගෙන වෙනස් කිරීමට මට සිත් විය හැක, නැතහොත් නව ලිපියක් ලෙස ලිවීමටත් ඉඩ ඇත. තව සතියකින් එළැඹෙන අවුරුද්ද ගැන ඔබේ අදහසක් වෙතොත් ඉදිරිපත් කිරීමට මේ කාලයයි.
මිතුර කේ.
Deleteජෝසප් හා මා සිංහල බෞද්ධයන් හැටියට අවුරුදු චාරුත්‍ර දකින අයුර ඔබට යම් අදහසක් දෙනු ඇතැයි සිතමි.
එකම මගක නොයන ජෝසප්ගේ හා මාගේ දැක්මට තවත් වෙනත් මගක යන ඔබගේම දැක්ම තුලින් ඉදිරිපත් වන අළුත් අවුරුදු ලිපිය රසවත්ව ඉදිරිපත් කිරීමට ඔබ සමත් වනු ඇතැයි සිතමි.
ඔබගේ අනෙක් ලිපි මෙන්ම එයත් ආශාවෙන් බලා පොරොත්තුවෙමි.
ඉතාම හොඳ ලිපියක්. ඇත්තෙන්ම මා ඊයේ දින මහමෙවුනාවෙන් පුහුණු කළ ගිරවෙක් සමග මේ කරුණු ගැන වාදයක පැටලී සිටි නිසා තරමක තෙහෙට්ටුවකින් සිටින්නේ. ඒ නිසා මේ කතාව නැවත කියවිය යුතුයි.
ReplyDelete* මා උඩින් පල්ලෙන් බලා තේරුම් ගත් තරමට අනුව, "ඔබ දකින අයුරින්" අවුරුද්දේ වැදගත්ම අංගය නොනගතයද?
* නොනගතය සහ පුණ්‍ය කාලය යනු දෙකක්ද, එකමද?
චන්ද්‍ර වර්ෂය හා සූර්යය වර්ෂය ගැන තරමක අවබෝධයක් ඇතත්, ඔබ වෙනම ලිපියක් ලියන්නේ නම් හොඳයි. ඉන් අපේ දැනුමත් මුවහත් කර ගත හැකියි.
ජොසෙෆ්,
Delete* මා සමග කිසිවෙකු එකඟ නොවුනත්, මා සිතන අයුරින් සිංහල අපේ අවුරුද්දේ වැදගත්ම අංගය නොනගතයයි. අපේ අවුරුද්දට අනන්‍යතාවය සපයන්නේ එමගිනි. එසේම සියලු නැකත් සහ චාරිත්‍ර පදනම් වන්නේත් නොනගතය මතයි.
* මා මුලින්ද සඳහන් කළ පරිදි, සූර්යයා මීන රාශියෙන් නික්මී මේෂ රාශියට ඇතුල් වන තෙක් කාලය නොනගතයයි. නොනගතය දෙකට බෙදා පළමු කොටස පරණ අවුරුද්දටත් දෙවන කොටස අලුත් අවුරුද්දටත් පවරා තිබේ. පුණ්‍ය කාලය යනු පරණ අවුරුද්දට අයිති කොටසයි. කාය-චිත්ත විවේකය සහ ආගමික පාරිශුද්ධිය ලබාගෙන අලුත් අවුරුද්ද ප්‍රබෝධයෙන් පිලිගැනීමට සුදානම් වන්නේ මේ කාලයේදීය. අවුරුදු උදාව සිදු වූ පසු නොනගතයට අයත් කාල පරාසයේ නැකත් යොදාගෙන සිරිත් පිළිපදිනු මිස පුණ්‍ය කාලයේ මෙන් පින් දහම් කිරීමක් නැත. (එහෙත්, ප්‍රඥාවන්තයා ගසන කෙල පහරිනුත් පින් රැස් කර ගනී)
චන්ද්‍ර වර්ෂ සහ සූර්ය වර්ෂ ගැන වෙනම ලිපියක්... මොනවද ඒ ගැන ලියන්න ඉතුරු වෙලා තියෙන්නේ... ?
ඔබේ ඉහත පිළිතුර කෙටි වුවත් විශිෂ්ඨ රචනයක්. එය එසේම පිළිගනිමි.
Deleteඔබ අවුරුදු දෙකක් තිබේ කියා කීවාට මෙහි විස්තර කර ඇත්තේ එක් අවුරුද්දක් ගැන පමණි. එනම්, සුර්යය වර්ෂය අනුව සමරන අවුරුද්දයි. දෙවන අවුරුද්ද ගැන කෝ? එය චන්ද්‍ර වර්ෂය අනුව සමරන අවුරුද්ද විය යුතු බව සිතා ගත හැක. එහෙත් හුදී ජන පහන් සංවේගය උදෙසා ඔබ ඒ ගැන ලිවීම අගී.
හ්ම්ම්... ඔව්.
Deleteචන්ද්‍ර වර්ෂය ගැන ලිපියක් නම් ලිවිය යුතු බව ඇත්ත.
අවුරුද්ද යන සංකල්පය ගැන විද්‍යාත්මක විග්‍රහයකුත්,
ReplyDeleteඅවුරුද්දේ වැඩ කල යුතු අයුර ගැන හොඳ යෝජනා ටිකකුත් අඩංගු වීමනම් අගය කල යුතුමයි.
නැකැත් පිළිගැනීම නොගැනීම ගැන පඬි වදන් දොඩන අප නොදුටු යකා දැකීමනම් වැදගත් යැයි සිතමි.
රූප පෙට්ටියෙන් තොර අප කුඩා උන් සඳ අවුරුද්ද මීට වඩා සුන්දර වූවා නොවේදැයි එක් විටම සිහි උනි.
කරනවානම් ඔබගේ යෝජනාව හොඳය.
එහෙත් අපගේ මත වාද පවුලේ උවත් අනෙකුන් මත බලෙන් පැටවීම නොකල යුත්තකැයි මට සිතේ.
"මා නම් ඔය නැකත් අංශයට නැත." කියා මෙතැන ප්‍රකාශ කළ මා අර තරම් කලණ (සතුරු?) සමග ගැටුනේ කුමන හේතුවෙන් දැයි ඔබට වැටහුනේද ? සිතුවිළි අපට සමහර දේ බල කිරීමට සිදු වේ.
Deleteඅප යමක් කිරීම හෝ නොකිරීම අපේ පෞද්ගලික කැමැත්තයි. නමුත් එය ප්‍රසිද්ධියේ මතවාදයක් ලෙස ඉදිරිපත් කරන විට සමාජ බලපෑමක් සිදු වේ. අන්න එවිට අප පරෙස්සම් විය යුතුයි. කලණමිතුරු මොන බයිලා කිවුවත් ඔහු අනාගෙන සහ ඇනගෙන සිටින්නේ තමන්ගේ සීමාව ඉක්මවා යාම නිසාය. බෞද්ධ සම්භවයක් නැති හුදෙක් සිංහල අවුරුද්ද නැති කිරීමට කතා කිරීම ඔහුගේ වරදයි. බුදු රජාණන් වහන්සේ අවුරුද්ද ගැන දෙසා නැත. දෙසා නැති දෙයක් දෙසා නැති බව පිළිගැනීමට මහත් බුද්ධියක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තරමක නිහතමානී කමක් පමණි. මේ යකාට නැත්තේ ඒ ටිකයි.
මේ ගැන කිවහැකි සමහර කරුණු එහි ඉදිරිපත් කළ නොහැක්කේ ඔහු සමග ගොදුරු සොයා ඇවිදින මිත්‍යාදෘෂ්ඨිකයින්ට ඒවා රස අහර වන බැවිණි.
රූප පෙට්ටිය වසා දැමීම ඉතා හොඳ වැඩකි. නොනගතයේ අරුත වටහා ගත්තේ ගත්තේනම් ඔබලා එය ආයාසයකින් තොරවම වසා දමනු ඇත. බල කිරීමක් අවශ්‍ය නැත.
ජෝසප් ඔබ කියන දේ මා දකිමි,
Deleteගොදුරු සොයන්නවුන්ට අහර විය හැකි දේ කීමෙන් වැලැකෙන ඔබගේ දැක්ම මා අගයමි, ඔබ ඒ නොකී කොටස නොකිව යුතුමය. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙඋ උවත් එය අනෙකෙකුගෙන් අසා දැන ගත යුතු නැත, එවිට ඔහු තුල ගොඩ නැගෙන්නේ පල රහිත දෘශ්ටියකි.
එවන් කරුනු ඔවුන් සොයා යායුත්තේ තමා තුලින්මය, ඔබ එය දුටු අයුරින්.
කළණ මිතුරු වෙසින් පෙනී සිටින ඔහු අනුන්ගේ චිත්ත සමාධිය බිඳ හෙලමින් බලහත් කාරයක් පැතිරවීමට තනන පාප මිතුරෙකු බව මා එහි කියා ඇත. කළ හැකි අන් යමක් නැත
1. රූපවාහිනියක් නිවසකට අත්‍යාවශ්‍යද?
Delete(අත්‍යාවශ්‍යනම් මේ දින වල දිනුම් ඇදීම් පවත්වා බලෙන් දෙන්නේ ඇයි)
2. රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම පිණිස නොව එය ක්‍රියා විරහිත කිරීම පිණිසද අන්‍යයන්ගේ අදහස් විමසිය යුතු?
(රූපවාහිනිය දමා තිබීමද, නිවා තිබීමද default එක. දමා තිබීමද නිවා තිබීමද අන්‍යයන්ට කරදරයක් වීමට ඉඩ ඇත්තේ)
ඉහත ප්‍රශ්න ඉතාම පෞද්ගලික ඒවා බව දනිමි. පිළිතුරු බලාපොරොත්තු නොවෙමි. මා රූපවාහිනියක සාඩම්බර හිමි කරුවෙකු නොවන බැවින්, මට කැමති දෙයක් කීමේ නිදහස පවතින බව දනිමි. එහෙත්, අද සමාජය සිතන ආකාරයේ වෙනසක් අවශ්‍ය බවනම් පැහැදිලිය. රූපවාහිනිය හා ගුවන් විදුලිය සමාජය මෙහෙයවන්නේ නිවැරදි දිශාවට නොවේ. විශේෂයෙන්ම කුඩාවුන් ඉන් ගලවා ගත යුතුය. මෙය සවිඥානිකවම කළ යුතුය.
නොනගතයේ රූපවාහිනී නිවා දැමීම ගැන කියතොත්:
1. එහි සේවකයින් නොනගතය ඇතුළු අවුරුදු චාරිත්‍ර පිළිපැදිය යුතු නැත්ද?
2. නොනගතය යනු සියලු වැඩ කටයුතු අතහැරීමනම්, රූපවාහිනිය බල බලා සිටීමෙන් සියලු වැඩ කටයුතු අත හැරේද, විශේෂයෙන්ම පුණ්‍ය කාලය යන නමට ගැලපෙන සේ කටයුතු සිදු වේද?
3. අලුත් අවුරුද්දේ සිත පිරිසිදුව අලුත් අවුරුද්ද පිළිගත යුතු නැත්ද, මේ යකාගේ පෙට්ටියේ පෙන්වන බහුරූකෝලම් බලන අපේ සිත් පිරිසිදු වේද? සිත් නිවේද?
පවුලේ, විශේෂයෙන්ම ගෘහණියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන, උත්සවයක් වන අවුරුද්දේ නැකත් ගැන දැනුම් දීමත් නැකත් වලට කටයුතු කරන ආකාරය ගැන උපදෙස් දීමත් රූපවාහිනියේ පෙනී සිටින (තමන් නැකත් පිළිනොපදිතත් මුදල් තකා ඒවා පිළිපදින සේ රඟපාන) නළුවන් පිරිසකට පැවරීමෙන් පවුලට සහ අපට අවුරුද්දේ නියම සතුට ලැබේද? මේ කරුණ ඉතාම වැදගත් !
වෙසක් දිනය දැනටමත් outsource කර අවසන්ය. මගුල් ගෙදර, දානේ ගෙදර, ඉලව් ගෙදර ආදී අපේ සංස්කෘතිය එළිදක්වන අවස්තාවන් කොටස් වශයෙන් outsource කරමින් සිටින අපට, අවුරුද්දත් outsource කළ පසු, ඉතුරු වනු ඇත්තේ මනමාලයාගේ රාජකාරිය පමණක් බව සිතෙන්නේ මට පමණක් නම්... එයත් outsource කරන දිනය වැඩි ඈතක නොවේ !
සුන්දර කනේ පහරක්
Deleteකනේ පහරක් සුන්දර විය හැක්කේ එය තමන්ට නොවදීනම් පමණි.
Deleteඇයි මටම එල්ල කරලා ගහන්නද හදන්නේ.
Deleteනැහැ මට ඒක වදින්නේ නැහැ
ඒ මම ක්‍රියාවෙන් ඔබ කියා තිබෙන ආකාරයට පවතින බමුණකු නිසා නොව, ඔබ කියන දේවල් දැකීමට තරම් සිහි බුද්ධියක් ඇති නිසාවෙනි.
ඔබ කියන දේ වලට මා එලෙස අනුගත වන බවක් ඉන් නොකියවෙන බවද අවධාරනය කරමි.
සිතුවිළි, මා කනේ පහරක් එල්ල කර නැත. පොදු අදහස් දැක්වීමක් කළා පමණි.
Deleteඔබ සැමට සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා කියා පතමි.
ReplyDeleteකේ, මෙහි පැමිණි විගස පිටුවේ වෙනසක් දුටුවෙමි. අලුත් සිංහල අවුරුද්දේ අලුත් දෙයක්ද?
පොඩි ළමයාටත් සුභ අලුත් අවුරුද්දකට ආසිරි පතමි.
Deleteඑසේය, අලුත් අවුරුද්දේ අලුත් පෙනුමක් දීමට සිතුවෙමි. අලුත් පාට පරණ රඹවන් පැහැයට වඩා සෞම්‍ය බව සිතමි.
ඔබේ තේරීම හොඳයි. එය ඇසට වෙහෙසක් ගෙන නොදෙන සෞම්‍ය වර්ණයක්.
Deleteපොඩි ළමයාට සුභ නව වසරක් වේවා...!!!
Deleteඔබටත් සුභම සුභ නව වසරක් වේවා.....
Deleteඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක වේවා...!!!
ReplyDeleteඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.
DeleteDhammike Rathnayakeට සුභ නව වසරක් වේවා...!!!
Deleteසුමිතුරු කේ හටත්, මෙහි සරන සියළු මිතුරන්හටත්
ReplyDeleteසාමය සතුට සෞභාග්‍යය පිරි සොඳුරු නව වසරක් වේවායි, හදවතින්ම පතමි.
ලැබුවා වූ නව වසරේදීද කේ ගෙන් තව තවත් හරවත් රසවත් ලිපි කියැවීමට ලැබේවායිද පතමි.
ඔබටත් එසේම වේවායි ඉත සිතින්ම ප්‍රර්ථනා කරමි.
Deleteසිතුවිළිට සුභ නව වසරක් වේවා...!!!
Deleteසැමට සුභ නව වසරක් වේවා!
ReplyDeleteඉතාමත් හරවත් ලිපියක්.
අසපු මත නිෂ්ප්‍රභා කරන,
අපේ අවුරුදු නැකත් ගැන,
පිළිතුරක් මේ ලිපියේ තියෙනවා.
ආතර මාමාටත් සුභ නව වසරක් වේවා...!!!
Deleteඅසපු මත යනු සිංහල සංස්කෘතියෙන් පරිබාහිර වූ එක පුද්ගලයෙකුගේ 'හෙළිදරව්' පමණි. ඒවා පිළිගන්නා 'උගත්' මෝඩයින් සිටීම තමයි දොස. මුන් ගැන ආචාර්ය නලින් විදුසරට ලියා තිබුණා.
[වෙනත් සංස්‌කෘතිවල දැනුම් - නලින් ද සිල්වා ] http://www.vidusara.com/2013/04/17/feature9.html
මාක්‌ස්‌වාදීනට ඇත්තේ සුව කළ නොහැකි හීනමානයකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයේ අධ්‍යාපනයෙන් කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි දැනුම අප මත පැටවීම ය. කිනම් විෂය ධාරාවක් හැදෑරුව ද උසස් පෙළ සිට අපට කියා දෙන්නේ ඔවුන් ගේ දැනුමේ ඇති සුපිරි බව ය. අපේ දැනුම මිථ්‍යාවක්, වැදගැම්මකට නැති දෙයක් ලෙස ඇතැම් විට සවිඥානිකව ද බොහෝ විට අවිඥානික ව ද කියා දෙනු ලැබෙයි. විද්‍යා විෂයයන් හදාරන අයට බටහිර විද්‍යාවෙන් ම එය කියා දෙනු ලැබෙයි. අන් අයට බටහිර විද්‍යාවේ මහිමය ගැන කියා දීමෙන් ඒ කාර්යය ඉටු කර ගැනෙයි.
බටහිර අධ්‍යාපනය ලබන්නන්ට අපේ දැනුම ගැන ඇති කෙරෙන්නේ ප්‍රසාදයක් නො වේ. අපට අපේ දැනුම ගැන ලඡ්ජාවක් ඇති කෙරෙයි. මේ අප නොදැනුවත් ව කෙරෙන සංස්‌කෘතික ආක්‍රමණයකි. අපි එයින් හැකිළෙන්නෙමු. අපට ඇති වන්නේ හීනමානයකි. මේ සංස්‌කෘතික ආක්‍රමණයට විවිධ අය විවිධ ආකාරයෙන් මුහුණ දෙති. ඇතැම්හු අපේ සංස්‌කෘතිය ගැරහීමට පටන්ගනිති. ඔවුහු සුද්දන්ටත් වඩා තදින් අපේ සංස්‌කෘතිය විවේචනය කරති. සුද්දන් අපේ සංස්‌කෘතිය විවේචනය කරන්නේ සූක්‍ෂමව ය. එහෙත් මෙරට ඊනියා උගතුන්ට එසේ සූක්‍ෂම ව කිරීමේ හැකියාවක් නැත. ඔවුහු ගොරහැඩිව ම එය කරති.
හීනමානය වැඩි වත් ම අපේ සංස්‌කෘතිය ගැන කෙරෙන විවේචනය ද දැඩි වෙයි. තමන්ට තර්ජනයක් ඇත්තේ ඊනියා කම්කරු පංතියකින් නො වන බව බටහිරයෝ යථා කාලයේ දී ඉගෙන ගත් හ. ඉන්පසු බටහිරයෝ මාක්‌ස්‌වාදීන්ට අවශ්‍ය පරිදි ආධාර කළ හ. අද ලංකාවේ මාක්‌ස්‌වාදී ව්‍යාපාර පවත්වාගෙන යන්නේ බටහිරයන් ගේ ආධාරයෙනි. තමන්ට තර්ජනයක් ඇත්තේ ඒ ඒ රටවල ජාතිකත්වයෙන් බව බටහිරයෝ දනිති. ඒ නිසා ම ජාතිකත්වය සැහැල්ලුවට ලක් කිරීමට, එයට අපහාස කිරීමට බටහිරයෝ දැනුම් නිර්මාණය කළ හ. අද බොහෝ ප්‍රචලිත ව ඇති කියමනක් නම් දේශප්‍රේමීත්වය වංචනිකයා ගේ බළකොටුව බව ය. මෙයින් කියන්න උත්සාහ ගන්නේ දේශප්‍රේමීන් වංචනියක් බව ය.
අවුරුදු නිවාඩුවෙන් පස්සේ ජෝසප්ගෙන් හොඳ ප්‍රවිශ්ටයක්.
Deleteආතර මහතාටත් , ජෝසප්ටත් සුභ නව වසරක් පතමි.
ඔබගේ අවසන් වැකිය ගැන යමක් කිව යුතුය.
වංචනිකයින් විසින් දේශ ප්‍රේමිත්වය පිරුවටයක් කොට ගැනීම තුලින් එම කියමනට ප්‍රායෝගික වටිනාකමක් ලබා දී ඇතැයි මා කීවොත් ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද?
මා දකිනා හැටියට දේශ ප්‍රේමියා වංචනිකයකු වීම කෙසේ වෙතත් දේශ ප්‍රමිත්වය යනු වංචනිකයින්ට පහසු ආරක්ශිත ආවරනයකි.
[වෙනත් සංස්‌කෘතිවල දැනුම් - නලින් ද සිල්වා] http://www.vidusara.com/2013/04/17/feature9.html
Deleteසිතුවිළි, ඒ මගේ කතාවක් නොවේ. ආචාර්ය නලින් ද සිල්වාගේ විදුසර ලිපියෙන් ගත් උපුටනයකි.
"දේශප්‍රමිත්වය යනු වංචනිකයින්ට පහසු ආරක්ශිත ආවරනයකි." යන ඔබේ ප්‍රකාශය ගැන මට එතරම් විවේචනයක් නැත්තේ ඔබ එය සනාථ කිරීමට වෙහෙසක් දරා නැති බැවිනි.
ආචාර්ය නලින්ම කියන ලෙස අපි (සිංහලයෝ) වියුක්ත චින්තනයේ අදක්ෂයෝ වෙමු. ඉතාම වියුක්ත ප්‍රකාශයක් වන ඔබේ ප්‍රකාශය ගැන විවේචනයක් ඉදිරිපත් නොකර සිටීමට අපට ඒ කියමන නිදහසට හේතුවක් වේ.
සංගත යන පදය ඔබලා මාහට පහදා දුන්නා සේම මහාචාර්‍ය නලින් ද සිල්වාගේ ඇතැම් පද මාහට නුහුරුය. වියුක්ත චින්තනය යන්නද එවැනි නුහුරු බවක් දැනේ. (එය මාගේ පාරිභාශික සිංහල දැනුමේ අඩුවක් විය හැක )
Deleteඔබ කී මාගේ අදහස සනාථ කිරීමට මා වෙර දැරුවහොත් යමෙකු මා රාජපක්ෂ විරෝදියෙකු යැයි නම් කරනු ඇත. එහෙත් සත්ත්‍යය එය නොවෙයි.
එම නිසා එයින් ගම්‍ය වන දෑ අන් අය නැන පමණින් වටහා ගැනීම ගැන මාගේ දොසක් නැත.
වියුක්ත චින්තනය යනු සරලවම කියතොත් මේ ලෝකයේ ඇති අසන දකින දේ වලින් (සංජානන?) වලින් ස්වායත්තව සිතීමයි. ආචාර්ය නලින් මීට උදාහරණය ලෙස ගන්නේ සරල රේඛාවයි. අර්ථ දැක්වීමට අනුව සරල රේඛාවට දිගක් මිස පළලක් නැත. එවැනි රේඛාවක් තුඩ කොතරම් සිහින් කළද ඇඳිය නොහැක. අඩු තරමින් සිතා ගැනීමටවත් නොහැක. ජ්‍යාමිතියේ එන ලක්‍ෂය ගැනද කිව හැක්කේ මෙයයි. ලක්‍ෂයක් සැබවින් ඇඳිය නොහැක. අප තිතක් හෝ කතිරයක් කඩදාසියක් මත තබා ලක්‍ෂය "නිරුපනය" කරමු. නලින් කියන්නේ සිංහලයින් එවැනි දැනුමක් නිර්මාණය කිරීමේ සහ එවැනි දැනුම ලබා ගැනීමේ දක්ෂයින් නොවන බවයි. ඔහුට අනුව අප දක්ෂ වන්නේ සංයුක්ත දැනුම කෙරෙහිය. එනම් ඉන්ද්‍රියයන් ඇසුරෙන් ලබා ගන්නා දැනුම කෙරෙහිය.
Deleteජෝසප් සොයුර,
Deleteකථාව මාතෘකාවෙන් ඉවත ඇදගෙන යාම ගැන සමාව අයැදිමින් මෙසේ කීමට සිත් විය.
ඔබගේ මේ විග්‍රහය කියවීමෙන් නම් මා කනගාටුවට පත උනෙමි.
නලින් ද සිල්වා මහතා මෙයාකාරයෙන් චින්තන දුර්වල තාවයක් ගැන බුදු දහමින් පෝශනය ලැබූ සිංහලයා පොදු තත්වයකට ඇද දැමීම මා බලාපොරොත්තු නොවූවකි.
සරල රේඛාව හෝ ලක්ෂය ගැන කියන කරුන වටහා ගැනීමට නොහැකි තරම සිංහලයින් දුබලද.
මේ කියමන ඇසීමට පෙර මා සරළ රේඛාව අර්ථ දැක්වූයේ එක් මානයක් සහිත රූපයක් ලෙසිනි. එනම් දිග පමණක්. ඒ අනුව මා පිළිගත්තේ තනි මානය මිනිසාට ගෝචර නොවනා බවයි. මේ මාගේ අදහසකි. ඒ අනුව ලක්ෂය යනු කිසිදු මානයක් නොමැති දෙයකි. එම නිසා මිනිසාට ගෝචර නොවන්නකි.
ඉතින් මෙවන් මත තමා තුලින් මතු කර ගැනීමෙහි හැකියාව ඇති සිහලුන් කොතෙක් විය හැකිද. මා එසේ කළ පමණින් හා බහුතරයක් ටෙලිනාට්‍ය හා හින්දි ගීත තුල රස විඳිමින් වැලපෙමින් සිටිනා බැවින් සිහලුන්ට එම හැකියාව නැතැයි සාමාන්‍ය කරනය කිරීම නම් මා සතුටු නොවෙමි.
බුදු දහමින් පෝශනය ලැබූ සිහලුන් කිසිවක් අනුව නොයන ආකාරයෙන් සිතීමෙහි දක්ශයෝ බව මා නම් සිතමි. එසේම අනුව නොයන සිතුවිල්ල තවත් දෙයකට අනුගත වන විට එයද දකීමෙහි සමතුන් වෙති.
මා පවසන දෘශ්ටියෙන් මිදීමෙහි දෘශ්ටිය එවැන්නකි.
සිතුවිළි,
Deleteඑක්කෝ මා ආචාර්ය නලින්ගේ වියුක්ත චින්තනය නිවැරදිව පැහැදිලි කර නැත. නැතිනම් ඔබ මා ලියූ දේ නිවැරදිව අවබෝධ කරගෙන නැත. ආචාර්ය නලින් මේ ගැන ලියා ඇති තැනක් දුටුවොත් සපයන්නම්.
කේ, ඔබට මේ ගැන (වියුක්ත චින්තනය ගැන) යමක් එකතු කළ හැකිද?
ආතර මාමාට හැකිනම් උපුටා ගැනීමක් දෙන්න.
කෙසේ වෙතත්, "නලින් ද සිල්වා මහතා මෙයාකාරයෙන් චින්තන දුර්වලතාවයක් ගැන බුදු දහමින් පෝශනය ලැබූ සිංහලයා පොදු තත්වයකට ඇද දැමීම මා බලාපොරොත්තු නොවූවකි." යන ප්‍රකාශය මේ සම්බන්ධයෙන් නොගැලපෙන බවනම් කිව හැක.
"වියුක්ත චින්තනයේ අදක්ෂයෝ" යන්නෙන් "චින්තන දුර්වලතාවයක්" ඇති වැනි අදහසක් ගම්‍ය නොවේ.
මා එය තෙරුම් ගත්තා වැරදි විය හැක,
Deleteකෙසේ වෙතත් සිංහල නොවන්නන් විසින් සරළ රෙඛාව වියුක්ත චින්තනයකින් පහල කරගත් බව පිළිගත හැකිද,
මා එසේ නොසිතමි. මන්ද සරළ රේඛාව යන සංකල්පය පහල වන්නේ සංයුක්ත ප්‍රායෝගික භාවිතය තුලිනි. එමන් යම් දිගක් හෝ සීමවක් ලකුනු කිරීමට රේඛාවක් යොදා ගනී, එවිට රෙඛාව ඉන්ද්‍රිය ගෝචර නිසා ඒ පිළිබඳ සංකල්ප බිහි කරයි. රේඛාව දුටු පසු එයට සරළ රේඛාව යනු ලක්ශ දෙක යාකරන ඍජු අක්ශය ලෙස නම් කරයි. ඒ අනුව ලක්ශය හෝ රේඛාව වියුක්තව පැනන් නැගි චින්තන ලෙස දැක්විය නොහැකියි මා සිතමි.
එහෙත් ඉන්ද්‍රිය ගෝචර වුනු රේඛාව පසු විමසුමින් සැබෑ සරල රේඛාවකට පලලක් හෝ ගනකමක් තිය නොහැකියැයි සංකල්පනා පහල කල හැක. මා දකින අයුරින් අප අඳින සරළ රේඛාව මාන තුනකින්ම සමන්විතය.
මා හිතන්නේ වියුක්ත චින්තනය ගැන මහාචාර්‍ය තුමාගේ උදාහරනය වැරදි විය හැක.
බුදු රදුගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය එයට වඩා හොඳ උදාහරනයක් විය නොහැකිද?
ලෝකය හට ගැනීම ලිපියටත් මදක් පිවිස බලන ලෙස ජෝසප් මිතුරාගෙන් ඉල්ලා සිටිමි.
ඔබ කියන කරුණ ගැන එකඟ වෙමි. වරද මගේය. මේ කරුණ ගැන මගේ පැහැදිළි අවබෝධයක් නොතිබුණු බව පිළිගනිමි. පැහැදිළි අවබෝධයක් තිබිණි නම් මා ආචාර්ය නලින් උපුටා දැක්වීමට ඉහත උදාහරණය දෙන්නේ නැත.
Deleteසිතුවිළි,
ඉහත උදාහරණයේ "වියුක්ත" වන්නේ 'සරල' රේඛාව නොවෙයි; "රේඛාව" යන්නයි වියුක්ත. අපි ඉරි අඳිමු. ගල් ගුහා වල සිටි කාලයේ පටන් අපි ඉරි අඳිමු. එහෙත් සුද්දන් පැමිණ ජ්‍යාමිතිය උගන්වන තෙක් ඒ සියලු ඉරි වල ඇති ගුණ වියුක්ත කර ගැනීමෙන් රේඛාව යන්නක් අර්ථ දක්වා නොගත්තෙමු. ඊට පෙර අපි රේඛා දැන සිටි නමුත් ඒ රේඛා කළු වලා වල සමහරු දුටු රිදී රේඛා වැනි සංයුක්ත රේඛා මිස ජ්‍යාමිතියේ උගන්වන ඝනකමක් නැති දිගක් පමණක් නැති වියුක්ත රේඛා නොවීය. අපි, එනම් සිංහලයින්, කිසි කලෙක වියුක්ත දැනුමක් නිර්මාණය නොකළ බවයි ආචාර්ය නලින් කියන්නේ. එහෙත් අපි සංයුක්ත දැනුම් නිර්මාණය කළෙමු. ඒ ගැන ගැටළුවක් නැත.
බුදුදහමේ එන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන දැනුම් වියුක්ත බව සැබෑය. එය සිද්ධාර්ථ ගෞතමයන්ගේ වියුක්ත චින්තනයයි.
ප්‍රශ්නය: උන් වහන්සේ සිංහලයෙක්ද?
(මේ කරුණ ගැන ආචාර්ය නලින් කුමක් කියනු ඇත්දැයි අපට කීමට නොහැක. අප දක්වා ඇත්තේ අපේ පෞද්ගලික අදහසයි.)
බුදු රදුන් සිංහලයෙකු නොවෙයි තමා,
Deleteඑහෙත් මා යොදා ගත් උදාහරණය ඔබ පිළිගැනීමෙන් මා එය වටහාගෙන ඇති බව තහවුරුවේ. ඔබට ස්තුතියි.
ඉන්ද්‍රිය ගෝචර වුනු රේඛාව තුලින් වියුක්ත මත වාද ගොඩ නැගීමෙහි අසමත් බව පිළිගත යුතුය,
බටහිර විද්යාව වැනි විද්‍යාවන් අප පොලෝ තලයෙන් පැන නොනැගීමෙහි තෙරුමද එයම විය හැක ( මා හිතන්නේ මහාචාර්‍ය තුමා සිටින්නේත් මෙවැනි මතයකය )
ඔව් දැන් මා ඔබ හා එකඟ වෙමි, සිංහලයින් වියුක්ත දැනුම තනා නැත, එහෙත් වියුක්ත දැනුම වඩවා එයට ව්ටිනාකමක් නොදී සිටියාද විය හැක. පරමාර්ථය දකිනා බෞද්ධයාට, රේඛාවක් තුලින් උපද්දන වියුක්ත දැනුම හිස් දෙයක් මිස හරවත් බවක් නොදැනීම එයට හේතු විය හැකිද. මෙම වියුක්ත දැනුමේ හරයද සම්මුතියයි.
අනිත්‍ය දුක්ඛ අනාත්මයෙහි වියුක්ත දැනුම පරමාර්ථයයි.
ඔව් සිතුවිළි,
Deleteඇත්තම කතාව නම් ආචාර්ය නලින් ගේ වියුක්ත චින්තනය ගැන මා වැඩි දෙයක් දන්නේ නැත. ඒ ගැන ඇත්තේ දළ අදහසක් පමණි. මා වෙනත් දෙදෙනෙකුගෙන් උදව් ඉල්ලුවෙත් ඒ නිසාමයි. අනේ කවුරු හරි ඒක වැරදිනම් නිවැරදි කරත්වා !
ඒක නෙමේ ඊයේ පෝය නේද?
ඒක නේන්නම් ජෝසප්,
Deleteඊයේ පෝය නේ, මම දැන් පස් වතාවකට වැඩියෙන් කථා 32ට ගොඩ වෙලා බැලුවා අළුත් ලිපිය පල වෙලාද කියලා.
මාත් වියුක්ත චින්තන සංකල්පය දැන නොසිටියාට ඔබ හා කල කතාවෙන් හුඟක් තේරුම් ගත්තා. ඔබ කියා ඇති පරිදි "කේ" සහ ආතරගෙනුත් යම් අදහසක් ලැබුනානම් හොඳ වෙයි.
සිංහල අවුරුද්දෙන් පස්සේ ආතරවනම් තවම දැක්කේ නැහැ. කැවුම් කාලා වැඩි වෙලා සීනි නැගලාද දන්නේ නැහැ.
සහෘද සියලු දෙනාට සුභ නව වසරක් පතමි.
ReplyDeleteආතර මාමත් අරුමැක්කේම ඇවිත් වගේ... හොඳා හොඳා !
ඔබටත් එසේම වේවා !
Delete