tag:blogger.com,1999:blog-4980774058297102516.post7815670886872286812..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය?කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4980774058297102516.post-75785372918725255692018-09-14T11:27:39.036+05:302018-09-14T11:27:39.036+05:30"ත්‍රීවිල් පාරෙන් ඉවත් කිරීම" ප්‍රශ්නයක්..."ත්‍රීවිල් පාරෙන් ඉවත් කිරීම" ප්‍රශ්නයක් බව කීවේ කවුද?

"පහත් තැනින් යයි ගලා ජලේ" යනු පැරණි ගීයක පද පෙළකි. ජලය පහත් තැනින් ගලා යන්නේ එය සතු ශක්තියෙන් කළ හැක්ක පහතට ගලා බැසීම පමණක් වන හෙයිනි. අප්‍රාණික ජලය පමණක් නොව සප්රාණික සත්ත්වයාද කරන්නේ එයමැයි.

ත්‍රිවිල් පාරට පැමිණීමටත් පහත් තැනින් ජලය ගලා යාමටත් ඇත්තේ එකම හේතුවකි. ඒ තම තම ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ අවශ්‍යතාවයයි. ජලය පහතට ගලා යාම කෙනෙකුට ප්‍රශ්නයක් නම් කළ යුත්තේ පහත් තැනින් ගලා යාම ජලයට තහනම් කිරීමද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-15662401613317591652018-09-06T12:07:02.978+05:302018-09-06T12:07:02.978+05:30අද රටේ ලොකුම ප්රශ්නය "ත්‍රීවිල් පාරෙන් ඉවත් ...අද රටේ ලොකුම ප්රශ්නය "ත්‍රීවිල් පාරෙන් ඉවත් කිරීම"
ඔන්න මහා ප්‍රඥයා ඒකට විසඳුමක් දීල !

දැන් ඕව පාරෙන් අයින් කළාම උන් යන්න ඕනේ කුඹුරු උඩින්ද ?Josephhttp://www1.kalaya.orgnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-51669731767718997562018-09-05T10:32:33.282+05:302018-09-05T10:32:33.282+05:30ගමරාළ අසරණයෙකි. අප මීට වසර තුනකට පෙර ඔහු ගැන කී දේ...ගමරාළ අසරණයෙකි. අප මීට වසර තුනකට පෙර ඔහු ගැන කී දේ අදටත් වලංගුය.
"ඔහුට කරන්නට ඇත්තේ "සකල බුජං අරක ගෙනෙන්" කියා අගමැති රනිල් කියන විට ඒක ගෙනත් දීමත්, "සකල බුජං මේක ගෙනෙන්" කියා කාර්ය නියමයක් නැති ඇමති චන්ද්‍රිකා කියන විට ඒක ගෙනත් දීමත් පමණි. අන්න ඒ ටිකනම් හරියට කරන්නට මේ හාදයාට හැකි බව අපට ඉර හඳ සේ විශ්වාසය."

පල්ලෙවත්ත ගමරාළ මැදමුලනේ පර්සි මහේන්ද්‍ර කෙරේ දැඩි බියකින් පෙළේ. ඊටත් වඩා ඔහුට බැසිල් පෙන්නන්නට බැරිය. මේ ආරෝව හේතුවෙන් රට දිනෙන් දින පිටරටුන්ටම අයිති වෙමින් යයි.

1. ගමරාළ හිතට පුරුෂ ධෛර්යය ගෙන 19 වන සංශෝධනය අහෝසි කිරීම පිණිස ජනමත විචාරණයක් කැඳවිය යුතුය.
2. නැතිනම් තට්ට දුමියා ඇතුළු කුමන්ත්‍රණ කාරයින්ගේ පුකට පයින් ගසා මීළඟ ජනාධිපතිවරණයට තමන්ම ඉදිරිපත් වීම පිණිස රාජපක්ෂලාගේ උදව් ඉල්ලා සිටිය යුතුය.

සිංහලයන් එකතු කිරීමෙන් තොරව අපට පැවැත්මක් නැත. 1815 දී අපට රට අහිමි වූයේ සිංහල නායකයන්ට තමන්ගේ ප්‍රශ්න තමන් අතර විසඳා ගැනීමට නොහැකි වූ නිසාය. 1818 දී සිංහල නායකත්වය සමූලඝාතනය වී සිංහලයන් වාර්ගික සංහාරයට ලක් වී සිංහලේ රටවල් පිටින් ජනශුන්‍ය වන්නේ අප අතරම තීබූ අසමගිය නිසාය.

වසර දෙසීයකට පසු පුනරාවර්තනය වෙමින් පවතින්නේ එකම ඉතිහාසය බව වැටහෙන්නේ අපට පමණද !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53864246245642385462018-09-05T10:18:31.003+05:302018-09-05T10:18:31.003+05:30ඔබ පවසන සමාජ විරෝධී ක්‍රියා වලට තෙසකරිය පදවන තරුණය...ඔබ පවසන සමාජ විරෝධී ක්‍රියා වලට තෙසකරිය පදවන තරුණයන්ගේ දායකත්වයක් ඇති බව පිළිගනිමි. එහෙත්, තෙසකරිය පදවන මැදි වයසේ අයත් මහල්ලනුත් ඔය කියන අපචාර වලට දායකත්වය නොදක්වන සත් ගුණවත් උපාසකයින් නොවේ. තරුණ වයසේ කල්ලි ගැසීමට ඇති නැඹුරුව හේතුවෙන් ඇති වන සාමුහික විඥානය මත සම්මතයට විරුද්ධ දේ කිරීමටත් එමගින් පොරත්වයක් ආරෝපණය කර ගැනීමටත් පෙළඹීමක් ඇත. එහෙත් වැරදි දේට ඇති බියද මේ කාලයේ වැඩිය.

මැදි වයසට එන විට හුදෙකලා තීරණ අනුව කටයුතු කිරීමට තරම් ස්වාධීනත්වයක් ළඟා කර ගන්නා අතර වැරදි දේට ඇති බියත් තුනී වේ. තම දෙමාපියන් ජිවිතයෙන් තුරන් වීම හෝ බෙලහීන තත්වයට පත් වීම මීට හේතුව ලෙස දකිමි. ඉහත හේතු නිසා සමාජ විරෝධී ක්‍රියා වැඩි වශයෙන් කෙරෙන්නේ තරුණයින් අතින් නොව වැඩිමහල්ලන් අතින් බව සැකයකින් තොරව පවසමි.

එසේම ගණිකාවක් රථයේ ප්රවාහණය කිරීම නීතිමය වරදක් නොවේ. එහි සදාචාරමය වරදක් ද නොදකිමි. නමුත් නීති විරෝධී ජාවාරමක නිරත වන සංවිධානාත්මක ජාලයක ප්රතිලාභ ලබන සාමාජිකයෙකු බවට දැන දැන පත් වීම මෙමගින් අනුමත නොකෙරේ.

මේවා හෝ ඔබ පෙන්වා දෙන මත්ද්‍රව්‍ය ජාවාරම හෝ වැළක්වීම පතන ආණ්ඩුවක් විසින් කළ යුතු වෙනත් දේ තිබේ. ප්රතිකර්මය යෙදිය යුතු වන්නේ ආබාධය ඇති තැනටයි. ඉහත විස්තර කළ අපචාර වැළක්වීම පිණිස වයස 35 ට අඩු උන්ට ත්‍රිරෝද රථ පදවා මගී ප්රවාහණය තහනම් කිරීම, බැංකු කොල්ලයන් වැළක්වීම පිණිස පූර්ණ ශිර්ෂාවරණ තහනම් කිරීමේ යෝජනාවට දෙවැනි නොවන තකතීරු යෝජනාවක් බව කියමි.
---කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-30574693645958779532018-09-05T09:21:19.952+05:302018-09-05T09:21:19.952+05:3035න් අඩු උන් මේ වෘත්තියෙන් බැහැර කිරීමට එකම හේතුව ...35න් අඩු උන් මේ වෘත්තියෙන් බැහැර කිරීමට එකම හේතුව ලෙස ඔබ දක්වන ශ්‍රම බලකාය පිළිබඳ ප්රශ්නය මා නම් එලෙසම දකින්නේ නැත.
මලීක් සමරවික්‍රමගේ අදහස එය විය හැකිය.

එහෙත් මා දකිනාකාරයට, මේ රථය නිසා ලාබාල තරුනයින් විශාල වශයෙන් සමාජ දුස්චරිතයන්හී නියෝජිතයන් බවට පත් වේ.
පිට රට සිටින නැන්දෙකුගෙන් මාමෙකුගෙන් ලක්ෂ දෙකක් ඉල්ලා ගත් විට ඔවුන්ට ලීස් කර තෙසකක් මිලදී ගත හැකිය. එවිට එතැන් පටන් ජීවිතය මම මගය.
ගනිකා තැරැව් කරුවන්ගේ ග්‍රහණයට මේ ලාබාල කොල්ලන් කදිම ගොදුරුය. මේ කොලු ගැටවුන්ට ගනිකාවන් ප්රවාහණය වැනි කාරනා මහා වීර කම්ය
ඊලඟට ගන්ජා ටිකක් ලඟ තබාගෙන විකුනා අරබන ව්‍යාපාරික දිවිය පාතාල සොල්දාදුවන් බවටත් කුඩු වෙලෙඳන් කප්පම් එකතු කරන්නන් දක්වා ඔවුන්ගේ ක්‍රියා කාරීත්වයන් විහිදී යාමට පටන් ගනීයි.

තිස් පහෙන් අඩු උන්ට තෙසකය තහනම් වුවහොත් ලක්ස විසි පහක් දී කුඩා කාර් රථයක් ගැනීම ඔවුන්ට පහසු නොවනු ඇත.
එසේම මා යෝජනා කල පරිදි දැනට තෙසකය පදවන හැමට එහි නිරත වීමට බලපත්‍ර නිකුත් කල හොත් එමගින් කුලීරථ සේවාවට පහරක් වදින්නේද නැත.

අපිට මේ සියල්ල කථා කල හැකිය
ගමරාලට ඕනෑ එක පෑන් පහරක් පමණි
බෝල්පොයින්ට් පෑන් පහරකින් ඌට මෙවැනි යෝජනා නොව කෝටි ගනන් වැය කොට අමාත්‍යාංශ නිලධාරීන් තැනූ යෝජනා කුනු බක්කියට දැමිය හැකිය.

ඉතින් අපි කාලය කා දමන්නේ මොකටද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-6497700627475616132018-09-05T09:11:05.761+05:302018-09-05T09:11:05.761+05:30ඔබේ නිවැරදි කිරීම හා සම්බන්ධව:
මාත් දන්නා තරමට පිළ...ඔබේ නිවැරදි කිරීම හා සම්බන්ධව:
මාත් දන්නා තරමට පිළියන්දල ප්‍රදේශයේ එකලස් කිරීමේ වැඩපොල රිචර්ඩ් පීරිස් සමාගමේය
එහි ඔවුන් දෙසක් හා තෙසක් රිය දෙවගයම එකලස් කලේය.
නවතා දැමූ බවනම් නවමු පුවතකි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.com