tag:blogger.com,1999:blog-4980774058297102516.post1476131660038497316..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: හෙල්මට් ගලවමුද...කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4980774058297102516.post-76889652942731947282014-05-19T18:02:26.600+05:302014-05-19T18:02:26.600+05:30ඒකත් එහෙමද !ඒකත් එහෙමද !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-37795514270493323262014-05-19T18:01:32.517+05:302014-05-19T18:01:32.517+05:30"මේ කතා වලින් වඩාම නිර්දය ලෙස හාස්‍යයට ලක් වන..."මේ කතා වලින් වඩාම නිර්දය ලෙස හාස්‍යයට ලක් වන්නේ ඔහුගෙන් උපදෙස් ගත් සාමාන්‍ය මිනිසුන්"
මේ කතාවනම් අලුත් අදහසක්. ඒ වගේම ගඟින් එතෙර වූ කතාව සහ මඩට වැටීම යන කතා දෙකම ගැන ඔබ කියන දේ ගැන එකඟ වෙන්න පුළුවන්.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-43440190756284347312014-05-18T22:07:07.106+05:302014-05-18T22:07:07.106+05:30මිතුරු අවිද්‍යා මද නිහැඬියාවකට පත් වූ බව සැබැයි. ඒ...මිතුරු අවිද්‍යා මද නිහැඬියාවකට පත් වූ බව සැබැයි. ඒ ඔබගෙන් හෝ වෙන අයෙකුගෙන් ඔහු 'දුර්මුඛ' කෙරෙන යමක් කියැවීම නිසානම් නොවෙයි. ඔහු 'දුර්මුඛ' කිරීම ඔබටත් මටත් පහසු කාර්යයක් වන්නේද නැත - ඔහු එතරම් ගැඹුරින් තමන් ලියන දේ ගැන විමසුමක යෙදෙන නිසාය.

කෙසේ වෙතත් ඔහු ඒ සාකච්චාවේ ඉදිරිපත් වූ කරුණු උකහාගෙන ලිපියක් සකස් කිරීමට කාලය ගත් බැවිණි ඔහුගේ පිළිතුරු පල නොවූයේ. ඒ ලිපිය ගැන සඳහනක් කර පැරණි ලිපියේ ප්‍රතිචාර තීරුව වසා දැමීම නම් අවිද්‍යා නොව මවිසින් කරන ලද අපරාධයකි. "ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ වෙසක් මස අව විසේනිය නම් තිථිය ලත් සඳු දින" ඔහුගේ ලිපිය පල වන බැවින් එය ගැටළුවක් නොවේය සිතමි. ඔබ මේ ප්‍රතිචාරය කියැවීමට ප්‍රථම අවිද්‍යා ගේ ලිපිය කියවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45088873236835831682014-05-18T18:33:10.998+05:302014-05-18T18:33:10.998+05:30කණිෂ්ක,
අළුත් ලිපියක් පල වූ සැනින් අවිද්‍යාගේ ලිපි...කණිෂ්ක,
අළුත් ලිපියක් පල වූ සැනින් අවිද්‍යාගේ ලිපියේ ගොඩ නැගෙමින් පැවති සාකච්ඡාව බිඳ වැටුනු බවක් ඔබ දක්නෙහිද?
නැතහොත් අන් යම් හේතුවක් නිසා අවිද්‍යා නිහඬ වීද? ඔහු දුර්මුඛ කරවන සුළු යමක් අපගෙන් කියැවීද?
ඔහු නැවත අවදි වනතෙක් අප බලා සිටිමු.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78928770017811558242014-05-17T22:46:29.777+05:302014-05-17T22:46:29.777+05:30ඔව් ඔව් ඒකම තමයි. ;)ඔව් ඔව් ඒකම තමයි. ;)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16146671634076101582014-05-17T22:45:20.911+05:302014-05-17T22:45:20.911+05:30ජොසෙෆ්,
ඔබ අදහසක් ඉදිරිපත් කරන්නේ අපට එය ප්‍රතික්...ජොසෙෆ්,

ඔබ අදහසක් ඉදිරිපත් කරන්නේ අපට එය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තබා නොවෙයි. මහදැනමුත්තාගේ ගෝලයන් පිලිබඳ ඔබේ නිරීක්ෂණය නිවැරදියි. එහෙත්, ඉන් කියැවෙන්නේ ඔහුගේ ගෝලයන් ගුරාටත් වඩා අ-ප්‍රායෝගික මිනිසුන් වූ බව මිස මහදැනමුත්තා ප්රාඥයෙකු වන බව නොවේ. ඔහු සහ ඔහුගේ ගෝලයන් නොව මේ කතා වලින් වඩාම නිර්දය ලෙස හාස්‍යයට ලක් වන්නේ ඔහුගෙන් උපදෙස් ගත් සාමාන්‍ය මිනිසුන්.

ඔබ උපුටා නො-දක්වන කතාව ගෝලයන් හුළුඅත්තක් ගෙන ගඟින් එතෙර වී එකෙක් ගඟ විසින් ගිල ගත්තේය කියා හැඬු කතාව විය යුතුයි. එහිනම් හාස්‍යයට ලක් වන්නේ ගෝලයන්. එසේම මහදැනමුත්තා නියරෙන් ලියැද්දට වැටුණු කතාව සහ තවත් බොහෝ කතා වල හාස්‍යයට ලක් වන්නේ ගෝලයන්.
අද සමාජයට මින් ගත හැකි දේ ලෙස මා දකින්නේ අපට ආදර්ශ ගත හැකි පුද්ගලයින් අද සමාජයේ ඉස්මතු වී නොමැති බවයි. විද්වතුන් ලෙස සමාජයේ පෙනී සිටින ය මහදැනමුත්තාට වඩා වැඩි වෙනසක් ඇත්නම් ඒ ඉංගිරිසි කතා කිරීමේ හැකියාව සහ ගුවන් යානයක නැගී නොරටක ගමන් කර තිබීමෙන් පමණයි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-46000731700236154452014-05-17T22:35:12.847+05:302014-05-17T22:35:12.847+05:30අවිද්‍යාව,
ගමරාළ යනු නිලයක් මිස පුද්ගලයෙක් නොවන බැ...අවිද්‍යාව,
ගමරාළ යනු නිලයක් මිස පුද්ගලයෙක් නොවන බැවින් ගමරාළගේ කතා ඇත්නම් ඒ කතා වල කියැවෙන්නේ එක ගමරාළ කෙනෙකු සම්බන්ද කතා ප්‍රවෘති නොවේ. ඒ නිසා ඒවා එකතු කරගෙන සමස්තය පිලිබඳ අදහසක් දැක්වීම අප විසින් නොකළ යුතු මට්ටමේ වරදකි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-30975755886599656872014-05-17T22:30:18.580+05:302014-05-17T22:30:18.580+05:3017 වන සංශෝධනය පමණක් නොව 13 වන සංශෝධනයත්, එසේම බාහි...17 වන සංශෝධනය පමණක් නොව 13 වන සංශෝධනයත්, එසේම බාහිර බලපෑම් විසින් අප මත පටවන වෙනත් ඕනෑම නීතියකුත් එය විසින් විසඳන ප්‍රශ්න වලට වඩා බොහෝ ප්‍රශ්න අලුතින් ඇති කරයි. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා සමයේ සම්මත වීමටම ගිය ජල කළමනාකරණ පනත සහ දැනටත් සම්මත වීමට අර අදින බීජ පනත දැක්විය හැකියි. අර පාසැල් සිසුන්ට කුරිරු දඬුවම් කිරීමට එරෙහිව චන්ද්‍රිකා සමයේම සම්මත කර ගත් පනත් අද ක්‍රියාත්මක වන සැටි තවත් උදාහරණයකි. එය දෙමාපියන්ට එරෙහිවත් භාවිතා විය හැකි බව දිවයිනේ කියෙව්වා මතකයි.

හිත එකඟ නොවුනත් රටේ ප්‍රයෝගික තත්වය සළකා ඔබ කියන කරුණට එකඟ වෙමි. එහෙත් කල්පනා කර බැලුවොත් මෙමගින් සිදු වන්නේ මහජනයා පොලිස් නිලධාරියාගේ අනුකම්පාව මත යැපෙන යාචක පිරිසක මට්ටමට පත් වීමයි. මෙය සුදුසු දෙයක් නොවේ. මාර්ග වරදක් මගෙන් සිදු වී ඇතොත් කෙළින්ම දඩ කොලය ඉල්ලා සිටින ස්ථාවරයක සිටින මට ඉහත කරුණ පැවසීමට අයිතියක් ඇති බව අදහමි.

(සමහර පොලිස් නිලධාරීහු වින්දිතයින් නැති සුළු වැරදි වලට අවවාද කර මුදා හැරීම කරත්. මේ ගැනනම් අපට කළ හැක්කක් නැත.)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86119380151751181102014-05-09T14:41:53.127+05:302014-05-09T14:41:53.127+05:30සාකච්චා මණ්ඩපයක්... හික් !
අපි කරන්නේ ඒකම නෙවේද?සාකච්චා මණ්ඩපයක්... හික් !
අපි කරන්නේ ඒකම නෙවේද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28095085197229717882014-05-09T14:40:32.756+05:302014-05-09T14:40:32.756+05:30මහදැනමුත්තාගේ මැද්දට පනින්න හිතුනා. මහදැනමුත්තා කි...මහදැනමුත්තාගේ මැද්දට පනින්න හිතුනා. මහදැනමුත්තා කියන්නේ ගුරෙක් ! එයාට ගෝලයෝ රොත්තක් හිටියා. ගෝලයෝ අමතක කරලා ගුරා ගැන විතරක් කතා කරන්න බෑ. උදාහරණයක් විදියට ඔය සෙට් එක ගඟෙන් එතෙර උන කතාව දන්නවා නේද? එතැනදී මහදැනමුත්තා මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නෑ. ඒ ගැන ඔබ දෙදෙනාගේම අදහස් දෙන්න බලන්න.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63955185428026494802014-05-08T15:30:02.052+05:302014-05-08T15:30:02.052+05:30හික් හික් හික්... !
"පොලීසියට හිතෙන හිතෙන වි...හික් හික් හික්... !

"පොලීසියට හිතෙන හිතෙන විට ක්‍රියාත්මක කිරීමට නොවේ රටක නීතියක් ඇත්තේ"

ඔබේ ප්‍රකාශය සත්‍ය වුවත් ඒ ගැනත් එකඟ විය නොහැක. ලංකාවේ (සහ අනෙක් රටවලත්) නීති තනා ඇත්තේ ප්‍රයෝගික තත්වය දන්නා ප්‍රාඥයින් නොවේ. මා ඔබට දෙන උදාහරණය 17 වන සංශෝධනයයි (එයට ඔබට විරුද්ධ විය නොහැකි බව දනිමි). ඒ නිසා නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රයෝගික ගැටළු තිබේ. ඒ ඒ තැනට ගැලපෙන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නිලධාරීන්ට ඇති නිදහස අගය කළ යුතුය. නීතිය සර්වසම්පුර්ණ නැති බැවින් මේ නිදහස වැදගත්ය. විශේෂයෙන්ම රථ පදවන කෙනෙක් වශයෙන් ඔබට මෙයටත් විරුද්ධ විය නොහැකි බව දනිමි.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-52931370407587165742014-05-07T11:28:44.443+05:302014-05-07T11:28:44.443+05:30මේ කතා සියල්ලෙන් දෙන පණිවිඩය නම් අපේ සමාජයේ අධිපත්...මේ කතා සියල්ලෙන් දෙන පණිවිඩය නම් අපේ සමාජයේ අධිපත්‍යය විහිදවාගෙන පණ්ඩිතයින් සේ (රූපවාහිනී බදු ගෙන - ගුවන් විදුලි නාලිකා වල පදිංචි වී - පත්තර අච්චු ගසාගෙන) පෙනී සිටින ගොබිලන් ප්‍රයෝගිකව ප්‍රශ්නයක් එළඹී කල ඊට මුහුණ දෙන මුග්ධ ස්වරූපයයි. එකලත් එසේය - අදත් වෙනසක් නැත.
ඔබ සමග 100% එකඟ වෙමි. එකල උගතුන්ගේ (පොතේ උගතුන්) අදහස් අප පැරණි සමාජය පිළිගත් ආකාරය යනු මගේද තර්කය වේ. එවිට ගමරාල කතා පෙළ ගැන ඔබ කුමක් සිතන්නේද? hik hik ...අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66490956285967498272014-05-06T21:47:58.164+05:302014-05-06T21:47:58.164+05:30සිතුවිළි, අප කතා කරන දේ තුල රසයක් තිබිය යුතුය. බොහ...සිතුවිළි, අප කතා කරන දේ තුල රසයක් තිබිය යුතුය. බොහෝ කලකින් 'විනෝද සමයම' ක් පල නොකළ බැවින් ඒ ඌරුව ගත් ලිපියක් පල කිරීමද අවශ්‍ය විය.

එසේම අවිද්‍යා විසින් පල කළ ලිපියේ සාකච්ඡාව අතරමගදී වැදගත් ගැඹුරු සාකච්ඡාවක් ඇරඹීම ඔහුට කරන අසාධාරණයක් වෙයි. හෙල්මට් ලිපිය අප කලින් ලියා තිබුණ බැවින් තව ඇවැසි ආරළු බුරුළු එකතු කර පල කළෙමි. මෙහිද කතා කළ යුතු දේ පැවතුනත් අවිද්‍යාගේ පෙර ලිපියට ඔබලා වැඩි අවධානයක් යොමු කරන්නේනම් ඉතා කැමති වෙමි.

අප කලින් ද සඳහන් කළ පරිදි දෙතිස් කතා කාටත් ප්‍රයෝජනවත් සාකච්ඡා මණ්ඩපයක් වනු දැකීමයි අපේ බලවත් අභිප්‍රාය.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20704993353702060172014-05-06T21:40:40.391+05:302014-05-06T21:40:40.391+05:30අප කුඩා කාලයේ සිතා සිටියේ "මහදැනමුත්තා" ...අප කුඩා කාලයේ සිතා සිටියේ "මහදැනමුත්තා" සෑදී ඇත්තේ "මහදැන" + "මුත්තා" එකතු වීමෙන් බවයි. මහදැන යනු ලොකු ලොකු දේ දන්නා සහ මුත්තා යනු මහළු අයෙක් බවයි පුංචි අපේ පුංචි සිතේ තිබුණේ.

යමක් කමක් තේරෙන වයසට එන විට අප සිතුවේ මේ කතා, අපේ ගම්වල සිටි බොහෝ ඇසුපිරූ තැන් ඇති මහළු පුද්ගලයින් උපහාසයට ලක් කිරීම පිණිස කවරෙකු හෝ විසින් ගෙතූ කතා බවයි.

"මහදැනමුත්තා" යනු ලොකු ලොකු දේ දන්නා මහල්ලෙක් නොවන බවත් ඔහු සමහර විට තරුණයෙකු පවා විය හැකි බවත් දැන් අපේ අදහස වෙයි. "මහා" + "දැනමුත්තා" යන පද දෙක සන්ධි වීමෙන් ඒ නම සෑදෙන්නට ඇති බව අපට සිතී වැඩි කලක් නැත. "දැනමුත්තා" යන්නෙහි තේරුම "දැනුමැත්තා" ය - හෙවත් දැනමුතු කම් දෙන තැනැත්තාය. එහි වයස සම්බන්ධයක් නැත.

මේ කතා සියල්ලෙන් දෙන පණිවිඩය නම් අපේ සමාජයේ අධිපත්‍යය විහිදවාගෙන පණ්ඩිතයින් සේ (රූපවාහිනී බදු ගෙන - ගුවන් විදුලි නාලිකා වල පදිංචි වී - පත්තර අච්චු ගසාගෙන) පෙනී සිටින ගොබිලන් ප්‍රයෝගිකව ප්‍රශ්නයක් එළඹී කල ඊට මුහුණ දෙන මුග්ධ ස්වරූපයයි. එකලත් එසේය - අදත් වෙනසක් නැත.

"දෙකම බේරා ගැනීමට මහදැනමුත්තා සොයා ගිය ගමයාට උනේ තුනම නැති වීමයි." යනුවෙන් අප අදහස් කළේ මෙයයි. අද ආණ්ඩුව පවා බොහෝ ප්‍රශ්න වලදී (හෙජිං, ජෙනිවා, උතුරු පළාත් සභා, නීති විද්‍යාල ප්‍රවේශය ආදී...) "තුනම" නැති කරගෙන සිටින්නේ මෙවැනි මහදැනමුත්තන් ගේ උපදෙස් සොයා යාම නිසා බව මා කීවොත් සහේතුකව එරෙහි විය හැකි කෙනෙක් වේද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-19022102818733908282014-05-06T21:22:19.800+05:302014-05-06T21:22:19.800+05:30ජොසෙෆ්, ඔබේ අදහස නිවැරදි විය හැක. මා ශීර්ෂාවරණයක් ...ජොසෙෆ්, ඔබේ අදහස නිවැරදි විය හැක. මා ශීර්ෂාවරණයක් මිලදී ගත් කාලයේ (මීට වසර ගණනකට ඉහත) සිතා බලාම මුහුණ නොවැසෙන එකක් ගත්තේ එවැනි නීතියක් තිබූ බැව් දන්නා නිසාය. මුහුණ වැසෙන එකකින් වැඩි ආරක්ෂාවක් ලැබෙන බව අප එකලද දැන සිටි අතර එසේ මුහුණම වැසෙන හිස් ආවරණ එකලද බහුලව තිබූ බැව් හොඳින්ම මතකයේ තිබේ.

ඒ නීතිය ඉවත් කළ බවක් මතක නැති බැවින් පොලිසිය විසින් කියන්නේ යැයි ඔබ කියන දේ සත්‍ය විය හැකි බව පිළිගනිමු.

ඒත්...

පොලීසියට මෙසේ හිතෙන හිතෙන විට ක්‍රියාත්මක කිරීමට නොවේ රටක නීතියක් ඇත්තේ. අන්න ඒ කරුණ කරා ඔබලාගේ අවධානය යොමු කිරීමයි ඉහත වැල්-වටාරම් සියල්ලේ අරමුණ.

ඔබ කියන කරුණ සත්‍ය වුවත් පොලීසියට මා කරන චෝදනාවෙන් නිදහසක් ලැබෙන්නේ නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68411317164847119892014-05-06T19:08:42.531+05:302014-05-06T19:08:42.531+05:30මෙතැනදීනම් අවිද්‍යාගේ දහස හා හොඳින්ම එකඟ වෙමි. බොහ...මෙතැනදීනම් අවිද්‍යාගේ දහස හා හොඳින්ම එකඟ වෙමි. බොහෝ විට මෙවන් මාතෘකා ඉදිරියේ කීමට යමක් නැතැයි කියමින් මා නිහඬ වන්නේ මෙවන්ම වූ අදහසකිනැයි මා සිතමි.
කුණුවෙන සමාජය යන මතවාදය හානම් මා එකඟ නොවෙමි. බහුතරයක් වූ බොදු පිරිස ස්රද්ධාවෙන් මිදී ඇත. අන්‍යාගමිකයෝ ඔවුනගේ ආගමික ඉගැන්වීම් වල එපා කියා ඇති දෑ නොතකා කරන්නට යැයි කියා ඇති දේ උපරිමයෙන් කරමින් සිටිති. බුද්ධෝත්පාද කාලය කෙමෙන් අබුද්ධස්ස කාලයකට පියනගමින් සිටියි. ඉදිරියේදී මෙවන් බුද්ධිමතුනට විහිළු සේ පෙනෙන ජාතික මට්ටමේ ක්‍රමවේද තව තවත් බිහිවීම නොවැලැක්විය හැකිය. ඒවා විහිළු ලෙස දැකීමට සමත් බුද්ධිමතුන් සංඛ්‍යාත්මකව අඩුවෙමින් යනු ඇතසිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-77133924338046390002014-05-05T22:26:06.149+05:302014-05-05T22:26:06.149+05:30"සත්ව" හිතවාදී "කෘමිනාසක" නිර්..."සත්ව" හිතවාදී "කෘමිනාසක" නිර්දේස කිරීම අපට කල නොහැකි සේම "කුණුවෙන සංස්කෘතියක" වැරදි සොයාබැලීම අප අතහැර ඇත. නමුත් ඉඳහිට හෝ මෙවෙන්නක් මගින් පඩියන්ට වැරදි පෙන්වා දීමෙන් හැර මෙය නිවැරදි කල නොහැකි බවද හොඳහැටි දන්නා බැවින් ඔබගේ උත්සාහය අගය කරමි. තවද එකෙකුගේ "වුර්තිය අයිතිය" රැකෙන පරිදි, අනෙකාගේ "මානව හිමිකම්" ආරක්ෂා කරමින් "ප්රජාතන්ත්රවාදී" ලෙස "මද්යස්ත" මත දැක්වීමද ( දැක්කීම) අපට හුරු නැත.
පඩියන් සහ "මහදැනමුත්තා" ගැන සදහන් කර ඇති බැවින් ඇසිය යුතු ප්‍රස්නයක් ඇත, ඔබ මහදැනමුත්තා කතා පෙළ නිර්මාණය දකින්නේ කෙසේද?අවිද්‍යාවhttps://www.blogger.com/profile/12103079758164361191noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-1502660557048576862014-05-05T11:56:10.546+05:302014-05-05T11:56:10.546+05:30මේක පිළිගන්න අමාරුයි. මම හිතන්නේ ෆුල් ෆේස් හෙල්මට්...මේක පිළිගන්න අමාරුයි. මම හිතන්නේ ෆුල් ෆේස් හෙල්මට් තහනමක් දැනටත් ලංකාවේ තියෙනවා. ඒක දැම්මේ ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණු කාලේ. ගැටලුව තියෙන්නේ පොලීසිය ෆුල් ෆේස් හෙල්මට් දාගෙන යන අය අල්ලන්නේ නැති එක. ඒ වගේම ඒවා මේ රටට ගෙන්වීම සහ විකිණීම වළක්වන්නේ නැති එක. දැන් මේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ අපිට අල්ලන්න හිතෙනවා කියන එක මිසක් අපිට නීතියක් දාන්න හිතෙනවා කියන එක නෙවෙයි.

දැන් ඒ කෝණෙන් බැලුවොත් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ?Josephnoreply@blogger.com