tag:blogger.com,1999:blog-4980774058297102516.post6478633787366543229..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: නාගයන් සමගි කිරීම සමරන බක් පුන් පෝ දිනයකතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4980774058297102516.post-35949996223171391502013-05-10T10:45:14.134+05:302013-05-10T10:45:14.134+05:30ඔබ 'පැවසුවේ මහාවංශයේ සංශෝධනයක් ගැන නො'වේනම...ඔබ 'පැවසුවේ මහාවංශයේ සංශෝධනයක් ගැන නො'වේනම් ගැටළු බොහෝ දුරට ලිහුණා වේ. අපේ සටන් පාඨය 'මහාවංශයට අත නොතබනු !' යන්නයි.

මුලින් ද කී පරිදි ඉතිහාසය යනු මේ යැයි දැක්විය හැකි ඊනියා "සත්ත්‍යයක්" නොවේ. එහි විකල්ප මත තිබිය හැක. ඉතිහාසය යනු මහාවංශය නොවන අතර මහාවංශය යනු ඉතිහාසය ද නොවේ. පොදුවේ සැළකු කල අපේ වංශකතාම සමහර තැන් වල පරස්පරතා දක්වයි. එය අපට ගැටළුවක් නොවිය යුතුය. වඩා වැදගත් වන්නේ ඉතාම වැදගත් තීරණාත්මක කරුණු වලදී අපේ වංශකතා එකිනෙක සමග එකඟ වීමයි. වංශකතා සහ ඉතිහාසය පටලවා නොගත යුතුය. ඉතිහාසය අවශ්‍ය වන්නේ උපාදි ලබා ගැනීමට හා සමහරුන්ට රස්සාවක් කිරීමටය. කලාතුරකින් සමහරු පාර්ලිමේන්තු යාමට ද එය භාවිතා කරති.

"ඉතිහාසය කන්න පුළුවන්දැ" යි කෙනෙක් ඇසුවේ කට කහනවට නොවේ, ඒ කාලේ පණ්ඩිත වරු ඒ ප්‍රශ්නයට ඇඹරුන නමුත් ඊට පිළිතුර "ඔව්" යන්නයි. එහෙත් වංශකතා ඇත්තේ කෑමට නොවේ. ඒ අපේ අතීත උරුමයයි. වර්තමානයේ ආලෝකයයි. අනාගතයේ කැඩපතයි. සිංහලයා කවුද, කරන්නේ මොනවාද, කළ යුත්තේ කුමක්ද සහ කළ හැක්කේ කෙසේද ආදී
ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ වංශකතා විසිනි. වංශකතා අතහැරි දිනෙන් සිංහලයා අවසන් වන බව අප දැන ගැනීම වැදගත්ය.

අප කොන්දේසි විරහිතව වංශකතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසාය.

K ඔබ නිහඬ ඇයි ?
Josephhttp://lankacnews.com/sinhala/news/94126/#comment-517780noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-5658560401343495862013-05-09T20:45:02.563+05:302013-05-09T20:45:02.563+05:30ඔබ කියන අළුත්දෙය නිර්මාණය කර ගැනීම පිළිබඳ මහාචාර්...ඔබ කියන අළුත්දෙය නිර්මාණය කර ගැනීම පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වා මහතා බොහෝ සෙයින් වෙහෙසෙන හා ජනතාව යොමුකරවන බවක් මා සිතමි. එවැනි නායකත්වයක් සැබැවින්ම අපට අවශ්‍යව ඇති වේලාවකි.
මා නලින් ද සිල්වා වියතානන්ගේ අනුගාමිකයෙකු නම් නොවෙයි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2899062704372052162013-05-09T17:14:26.004+05:302013-05-09T17:14:26.004+05:30සිතුවිළි මිතුර,
ඔබ කියන්න සැබෑව.
මම පැවසුවේ මහාවංශ...සිතුවිළි මිතුර,
ඔබ කියන්න සැබෑව.
මම පැවසුවේ මහාවංශයේ සංශෝධනයක් ගැන නොව, එයට පරිභාහිරව හෝ යමක් සොයා ගෙන මහාවංශයෙන් කරුණු ගෙන හැර අපට පහරදෙන උන්ට නැවත ප්‍රති උත්තර දීමට (අවශ්‍ය තැන්හිදී භාවිතයට ) අපේ කියා තවත් යමක් "ශුද්ධ" ලෙස මතු කර ගැනම පිළිබදවයි.

අපගේ වංශකතා තිබූ ලෙසටම ඉදිරියට ගෙන යෑම පිළිබද කිසිම තර්කයක් නැත. කළ යුත්තේ සුද්දෝ, දෙවියන් වෙනුවට අවශ්‍ය තැන්හිදී නූතන බටහිර විද්‍යාව යොදා ගන්නා සේ අපිද තවත් යමක් නිර්මාණය කර ගැනීම හෝ මතු කර ගැනීමයි.

තවමත් මුදලට විකිණෙන් නැති අය සිටිති. එපමණම සංකා සහිතව අපේ උන් ගැන නොසිතන්න. නමුත් වැඩි හරියක් පිළිබදවනන් ඔබ කියන්න සැබවි.

ලෝකයhttp://kaluheeya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-24322111814939003042013-05-09T16:12:06.849+05:302013-05-09T16:12:06.849+05:30මිතුර ලෝකය,
ඔබගේ අවසන් වැකිය සියල්ලම කනපිට හරවයි. ...මිතුර ලෝකය,
ඔබගේ අවසන් වැකිය සියල්ලම කනපිට හරවයි. අද ලංකාවේ මුදලට ගත නොහැක්කේ කුමන් කන්ඩායමක්ද? යම් විදියකින් මෙය සිදු වනවානම් එය කරනා උන්ගේ අවංක භාවය ගැන අති සහතිකය කුමක්ද?

එය එසේම තිබෙන්නට හැරියත් තව වසර සියයකින් පසුද සිංහලයන් එහි අඩු පාඩු ඇතත් එය අපගේ වංශ කථාවයි කියා ඒ ගැන සාකච්චා කරනු ඇත.

එය මීට වසර 150කට පෙර සංශෝදනය වූවානම් අප අළුත් දෙය සැක කරමින් මුල් පොත සොයා වෙහෙසෙනු නැතිද?
මුල් පොත එසේ තිබියදී නොවැටහෙන තැන් සාකච්චාව හොඳම ක්රමයයයි මානම් සිතමි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-35125171605988706062013-05-09T16:03:53.116+05:302013-05-09T16:03:53.116+05:30ජෝසප්
ඔබගේ මතය මා අගයමි,
එකිනෙක වෙනස් මත දරන විට ...ජෝසප්
ඔබගේ මතය මා අගයමි,
එකිනෙක වෙනස් මත දරන විට කල යුත්තේ ඒ මත ගැන සාකච්චා කර සැඟවුනු දේ සොයා යාම මිස, අපට වැටහෙන අයුරින් පදනම වෙනස් කිරීම නොවෙයි.
ගැටළු ඇතිවන්නේ අප ලේකකයා වටහා නොගැනීම නිසයි. කල යුත්තේ හරවත්ව හා දත්ත සහිතව සාකච්චා කිරීමයි. කිසි සේත්ම විවේචනය හෝ පහර දීමනම් නොවෙයිසිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-31449529258552301442013-05-09T15:39:41.267+05:302013-05-09T15:39:41.267+05:30@Joseph
ඔබගේ කරුණු සත්තකි. හීන මානයත් ඇති වන්නට හ...@Joseph

ඔබගේ කරුණු සත්තකි. හීන මානයත් ඇති වන්නට හේතු පවතී.
හුදෙක් ඔබ දකින ලෝකය ( ඔබගේ ජාතික මතවාදය)තුලින් ඔබට හීන මානයක් ඇති නොවනමුත් වෙනත් ලෝක දකින්නන් තුල එය නොපවතින බව සිතීමද විශාල මුළාවකි.
එම හීන මාන සිස් කරන තුරු හීන මානය පැවතීම නොවලැක්විය හැක.
ඉන්දියාව රාමායනයෙන් පහර ගසනවිට අපේ අය කුලප්පු වන්නේ එහෙයිනි. සන්නායකයේ නොව හිල් ඇති වන්නේ මිනිස් සිත් සතන් තුල වේ.සන්නායකයක්ම නොව එයම ආයුධයක් ලෙසද සැකසීම කළ යුතුවේ

||තේරුම් ගන්න 'විශ්වාසය' ඇති කිරීම ඒත්තු ගැන්විය හැකි නිදහසට කරුණක් බව සැබෑ වුවත් ඔබ කරන මෙහෙයුමෙන් පසු ඉතිරි වන්නේ 'මහාවංශය' නොවේ.||

උපහැරණය කෙසේ වෙතත් ඔබට වඩා වැදගත් මහා වංශය එළෙසම පැවතීමද නැතිනන් මහාවංශය මගින් ජාතික අනන්‍යතාවය රැක ගැනීමද?

|| එසේ කළ පසු තවදුරටත් ඒ කලින් හිටි 'මම්මා' මද, නැතිනම් වෙන කෙනෙක්ද ?||

පිළිතුරනන් ඒ මම්මාම වේ. ඒ වෙන අයකු යැයි මොකා මොන විදියට කීවත් ඒ මම්මා බව අප දනී. අප කළ යුත්තේ අන්න එයයි. විශ්වාසය දැන් අපේය.අනෙක් අතට දැන් හීන මානයද නැත (ලැජ්ජාව ) .
අන්‍යන්ගේ විශ්වාසය අපට ප්‍රශ්ණයක් නොවේ. බයිබලය කර ඇත්තේ එයයි. ඇත්ත බලය එයයි

මා කිවු නිවැරදි කිරීම කළ යුත්තේ ඊනියා බටහිර ක්‍රමයෙන් විය යුතුය.
(යමක් උපකල්පනය කර එය නිවැරදි බවට පර්යෙෂණ කරනු විනා එය නිවැරදිදැයි බැලීමට කරන පර්යේෂණ නොවේ)ඇමරිකානු ක්රමයේ නිවරදි කිරීමක් ලෙසට ගැනීම වඩාත් උචිතය.

** උගත් පාඩම් කොමිසමේ සිටින්නන් වැන්නන් ඒ සදහා අත ගැසුවහොත් නන් ඔබ කියන්න 100% නිවරදිවේ**ලෝකයhttp://kaluheeya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-86690261033187582122013-05-09T11:04:50.155+05:302013-05-09T11:04:50.155+05:30[Anonymous] මේ ගැන භක්තියක් ඇති කිරීම ...
එසේ කළ ...[Anonymous] මේ ගැන භක්තියක් ඇති කිරීම ...

එසේ කළ යුත්තේ ඇයි ?

ඔබේ මම්මා නාකි වූ පසු මිතුරන්ට පෙන්වීමට ලැජ්ජයි කියා සැලුන් එකට ගෙන ගොස් කොණ්ඩය 'මාලිංග' කර කනට 'ඩිල්ෂාන්' දමා නහය විද ඔඩෙල් එකෙන් බාච්චුවක් අන්දවා බෙයා ෆුට් එකෙන් සෙරෙප්පු දම්මනවාද? එසේ කළ පසු තවදුරටත් ඒ කලින් හිටි 'මම්මා' මද, නැතිනම් වෙන කෙනෙක්ද ?

තේරුම් ගන්න 'විශ්වාසය' ඇති කිරීම ඒත්තු ගැන්විය හැකි නිදහසට කරුණක් බව සැබෑ වුවත් ඔබ කරන මෙහෙයුමෙන් පසු ඉතිරි වන්නේ 'මහාවංශය' නොවේ.

[Anonymous] මෙය අපේ ආයුදයක් ලෙසට සකසා ගැනීම ...

මා සිතන පරිදි මහාවංශය ආයුධයක් නොවේ. එය සන්නාහයකි. වෙන කිසිම ජාතියකට නැති ජාතික සන්නාහයකි. වංශකතා ඇත්තේ අපිට සහ අපිටම පමණි. දීපවංශය, මහාවංශය, ථූපවංශය, දාඨාවංශය, එළු අත්තනගලු වංශය ඈ සියල්ල අප රැක ගත යුතුය. මේවා එකිනෙක සංගත නොවන තැන් තිබිය හැක. නමුත් කළ යුත්තේ ඒ සියල්ල එසේම රැක ගැනීම මිස (ඒවා වෙනස් දෘෂ්ඨි කෝණ ලෙස දැකිය යුතුය.) සියල්ල සංගත කිරීමට ගොස් සියල්ල නැති කර ගැනීම නොවේ.

මේවා නිවැරදි කිරීමට සිතිවිලි පහල වන්නේම සිංහල සිතක නොවේ. දෙවියන් වහන්සේ අදහන එක සත්‍යයක් මිස සත්ත්‍ය එකකට වැඩි ගණනක් තිබිය නොහැක කියා සිතන ද්විකෝටික තර්කයට ලඝු උනු පටු සිතක ඇති වන හීනමානය තුලින් පමණි ඔවැනි අදහස් පහල විය හැක්කේ.

මගේ ජාතික මතවාදය පැහැදිලි යැයි සිතමි.
Josephhttp://lankacnews.com/sinhala/news/86180/#comment-406795noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45955157175709078582013-05-09T10:38:20.504+05:302013-05-09T10:38:20.504+05:30[පොඩි ළමයා] එය බුදු දහමේ ඉගැන්වීමට පටහැනියි නොවේද?...[පොඩි ළමයා] එය බුදු දහමේ ඉගැන්වීමට පටහැනියි නොවේද?

ඔව්, මිසයිල් එවීම බුදු දහමට පටහැනියි කියා කිව හැක. එහෙත් යුදෙව්වන් බුදුදහම අදහන්නේ නැත.Josephhttp://lankacnews.com/sinhala/news/86180/#comment-406795noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2683034688903303222013-05-08T21:03:17.449+05:302013-05-08T21:03:17.449+05:30@කේ, Joseph
ඔබ දෙපළගේ අදහස් ගැන තුති.
කේ ගේ යොජනාව...@කේ, Joseph
ඔබ දෙපළගේ අදහස් ගැන තුති.
කේ ගේ යොජනාව සලකා බලමි. එමෙන්ම එම ලිපියද (මහාවංශය ගැන) බලා පොරොත්තුවෙන් සිටිමි.

ජෝසප්-

||ජාතික සන්ධර්භය සහ ආගමික සන්ධර්භය||
වටිනා අදහසක්. ඔය මතයම දරමි. නමුත් පඩියන්ට නොතේරෙන දෙයකි. නැතහොත් අමතක කරන්නකි.එබැවින් ජාතියට විරුද්ධව ජාතියේ ආගම යොදා ගැනීම ඔව්හු දැනටමත් ප්රායෝගිකවම කරති.

||ඒ පොත ගැන ඒ ජාතියේ තිබුණ විශ්වාසයයි විසින්||
මේ ගැන භක්තියක් ඇති කිරීම කළ හැකි වෙතැයි මම නන් නොසිතමි.
විශ්වාසය සදහා, අපහැදිලි හා අපිට අනවශ්‍ය දේ අයින් කිරීම කළ හැක (නැට්ට පාගා නොගන්න) (නිවරැදි පර්යේෂණ කර ) * විජය මගින් අපට ගසන පහර - අප මේ රටේ වාසින් නොවන බවට කියන කුණුහරපය, මංකොල්ලකාරයෙක්ගෙන් ජාතිය ඇරැඹුණු බවට ඇති තර්කය නැති කළයුතුය*

||ඔබ තුමාල "එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා.||

ජීවිතේට එසේ කර නැත. මගේ අදහස අපි මෙය අපේ ආයුදයක් ලෙසට සකසා ගැනීම කළ යුතු බවය. ඒ සදහා මෙහි, සෙවීමට අඩුපාඩු නැති කළ යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66495190115370923722013-05-08T19:18:41.164+05:302013-05-08T19:18:41.164+05:30("1948 උන්ට රටක් ලැබුණා. 1948 අපිට රට ලැබුණා....("1948 උන්ට රටක් ලැබුණා. 1948 අපිට රට ලැබුණා. උන් මළ බසක් වෙලා තිබුණු හිබෘ බස අවුරුදු 20 කින් පන ගන්වලා ගත්තා. අපිට අපේ රටේ 80% කතා කරන අපේ බාසාව අපේ රටේ රාජ්‍ය බාසාව කර ගන්න අවුරුදු 8-9 ගියා. උන් අද උන්ගේ බාසාවෙන් වැඩ කරනවා... අපි ??? අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ පර බාසාවකින්.

හේතුව: අපි අපේ උරුමයට සමච්චල් කිරීම.")

අගයමි. සහ මේ අදහස අද පවතින සමාජයට ගෙන යා යුතු බව විශ්වාස කරමි.

(ඔබ තුමාල"එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා. යුදෙව්වෝ තමන්ගේ පොතේ තියෙන අඩුපාඩු පෙන්වල දෙන උන්ට මිසයිල් එවනවා. අන්න එතනයි වෙනස.")

එය බුදු දහමේ ඉගැන්වීමට පටහැනියි නොවේද?

පොඩි ළමයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-55782640330664009202013-05-08T10:08:51.532+05:302013-05-08T10:08:51.532+05:30ලොකු උන්නැහේ,
ඔහේම කියනවනේ "මහාවන්ශය ප්රතිෂ...ලොකු උන්නැහේ,

ඔහේම කියනවනේ "මහාවන්ශය ප්‍රතිෂේප කිරීම මගින් අප උන්නාටද වඩා වලක වැටෙන බවනන් සෑබෑය." කියලා. ඒක ඇත්ත. මහාවංශය තමයි අපේ උරුමය... සහ ලෝකයට අපේ උරුමය පෙන්වන දර්පණය / කැඩපත.

මේක සසඳන්න ඕනේ පරණ තෙස්තමේන්තුව සමග; ආගමික සන්ධර්භයක් ඇතුලේ නෙමෙයි - ජාතික සන්ධර්භයක් ඇතුලේ. රටක් නැතිව යුරෝපේ පුරා විසිරිලා දෙවන පංතියේ පුරවැසියෝ (සමහර රටවල් වලදී තුන්වැනි පන්තියේ.. සමහර රටවල පුරවැසි කමවත් නෑ...) විදියට හිටි ජුදෙව් ජාතිය අද වන විට ලෝකේ බලවත්ම ජාතිය බවට පත් කළේ පරණ තෙස්තමේන්තුව කියන ඒ පොතයි ඒ පොත ගැන ඒ ජාතියේ තිබුණ විශ්වාසයයි විසින්.

1948 උන්ට රටක් ලැබුණා. 1948 අපිට රට ලැබුණා. උන් මළ බසක් වෙලා තිබුණු හිබෘ බස අවුරුදු 20 කින් පන ගන්වලා ගත්තා. අපිට අපේ රටේ 80% කතා කරන අපේ බාසාව අපේ රටේ රාජ්‍ය බාසාව කර ගන්න අවුරුදු 8-9 ගියා. උන් අද උන්ගේ බාසාවෙන් වැඩ කරනවා... අපි ??? අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ පර බාසාවකින්.

හේතුව: අපි අපේ උරුමයට සමච්චල් කිරීම.

ඔබ තුමාල "එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ." කිය කියා අඩුපාඩු හොයනවා. යුදෙව්වෝ තමන්ගේ පොතේ තියෙන අඩුපාඩු පෙන්වල දෙන උන්ට මිසයිල් එවනවා. අන්න එතනයි වෙනස.

ඔබ තුමා උපතින් බෞද්ධ වෙන්නැති. මම කියන්නේ බයිබලේ කියවන්න කියල නෙමෙයි. ඒත් ඒකෙනුත් ඉගෙන ගන්න පාඩම් තියෙනවා.Josephhttp://lankacnews.com/sinhala/main-news/93444/#comment-514380noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36780365629421451842013-05-07T21:53:43.381+05:302013-05-07T21:53:43.381+05:30මිතුර, අපත් අඥාතව සිට ඔබට නමක් දමා ගන්නැයි කිව නොහ...මිතුර, අපත් අඥාතව සිට ඔබට නමක් දමා ගන්නැයි කිව නොහැක. අඩු තරමින් සංකෙතාක්ෂරයක් හෝ යොදා ගන්නේ නම් මැනවි කියා ඉල්ලීමක් කරමින් ඔබේ ගැටළු වලට පිළිතුරු කෙටියෙන් දෙන්නම්.

1. මහාවංශයට අනුව සිංහල ජාතිය විජයගෙන් ආරම්භ නොවේ. එය නූතන 'ඉතිහාස' මහාචාර්ය වරුන්ගේ සොයා ගැනීමක් බවයි මගේ අදහස.

2. ඉහත (1) පිළිතුර අනුව ඔබේ (2) ප්රශ්නය වලංගු නැත. මේ ප්රශ්නයේ 'සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භය' යැයි ඔබ කියන්නේ විජයගේ මූලාරම්භය ගැන යැයි සිතමි. සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භයක් විජයට ඇති බව සත්ත්යයකි. එසේම සිංහල ජාතියේ මූලාරම්භය ද මහාවංශ කතුතුමා සිංහයා වෙත ගෙන යයි. උපමාවක් කියමි.
චිම්පන්සියාගෙත් මිනිසාගේත් පුර්වජයා කිසියම් වානර විශේෂයක් යැයි කී විට මිනිසා චිම්පන්සියාගෙන් පැවතෙන බවක් ගම්‍ය නොවේ.
විජය වනාහි ඉතිහාසයේ එක් චරිතයක් පමණි. එහෙත් ඔහු නිකංම 'චරිතයක්' නොවේ. වැදගත් චරිතයකි.

3. මේ ගැන මුනිදාස කුමාරණතුංග වියතාගේ ලිපි කියවා ඇත්තෙමි. ඔබේ ගැටළුව නැවත කියවා බලන්න. පළමු කොටසේ යක්කු නැත. දෙවන කොටසේ රාක්ෂයෝ නැත. ඔබ මේ දෙකොටස එකක් ලෙස ගන්නේද? බොහෝ තැන් වල (කුමාරණතුංගයන්ගේ ලිපි වලදැයි හරියටම මතක නැත.) මේ දෙකොටසක් ලෙස ගනී. යක්කු කර්මාන්තකාරයින් බවත් රකුසන් රැකවලුන් බවත් ඒ ලිපි වල එයි. මේ ගැන ස්වාධින අදහසක් මා සතුව මෙතෙක් නැත.

4. විය නොහැක. එය රත්රන්ද නොවේ.

5. පැහැදිලිවම පළමුව යක්කුද දෙවනුව නාගයින්ද තෙවනුව දෙවියන්ද ලංකාරාජ්‍යය බුදුන්ට පුදා ඇති බව මගේ අදහස වේ.

6. නොදනී. මෙය දියුණු තාක්ෂණයක් විය නොහැකිද කියා මම ඔබෙන් අසමි. (බෞද්ධ දැක්මට අනුව නාගයින් මනුෂ්‍යයින් නොවේ. උන් මනුෂ්‍ය ලෝකයේත් ඉඳහිට වසන මුත් සැබෑ වාසස්ථානය නාග ලෝකයයි.)

7. මහාවංශයේ විජයට පෙර කාලය ගැන සඳහන් වේ. ඔබ මහාවංශය කියවන විට ඒ කොටස් මගහැරෙන්නට ඇත. ඔබ අදහස් කරන්නේ රාවණා ආදී දැන් ජනප්‍රිය 'පොරවල්' (මෙය එතුමාට අපහාස පිණිස නොවන බව සළකන්න) ගැන නම්, ඔවුන් ගැන එහි සඳහන් නොවේ. හේතුව සරලයි. මහාවංශය ලියැවුණු කාලයේ ඒ කතා තිබුණේ නැත. වාල්මිකී තමන්ගේ 'ඒ කාලේ හැරී පොටර්' මට්ටමේ කතාව ලියූ පසු පමණක්, විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ ද්‍රවිඩ බලපෑම් වලින් පසු, ඒ ගැන කතා ඇති වන්නට ඇත.

ඔබේ ගැටළු වලට ස්තූතියි෴
මහාවංශය ගැන ලිපියක් නුදුරු අනාගතයේ ලියවීමට ඉඩ ඇති බව මතක් කරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72577275804248736432013-05-07T15:31:34.048+05:302013-05-07T15:31:34.048+05:301.මහාවංශය අනුව විජයගෙන් සින්හල ජාතිය ආරම්භ වූ බව ඔ...1.මහාවංශය අනුව විජයගෙන් සින්හල ජාතිය ආරම්භ වූ බව ඔබතුමාට පිළි ගන්නේද?

2.සිංහයෙක්ගෙන් වුණු මූලාරම්භය තිබේවා, මහාවන්ශ කතුවරයා විසින් විජය වැන්නකු සහ උගේ 700 පිරිස ජාතියක ආරම්භය පිණිස යොදා ගැනීමට කුමක් මුල් වී දැයි ඔබතුමා සිතන්නේද?
උතුරු ඉන්දියාවේ බසක සහ මසක නැති අමුතු කරුණු හෙළයන්ට තිබීමෙන් විජය වනාහී ඉතිහාසයේ එක් චරිතයක් විය හැකි බව මගේ අදහසකි.
ඒ පිළිබදව ඔබ සැමගේ අදහස කිම?

3. දේව , රාක්ෂෂ, නාග යන තෙපිරිස හෙළයේම ගෝත්‍ර සතරක් විය නොහැකිද?
දේව කොටස අකාශ විද්‍යාවත්, නාග කොටස ධීවර කලාවත්, යක් කොටස ගොවි තැනත් කළ පිරිසක් ලෙසද සමහර තැන්හි පවසනවා මා දැක ඇත. මේ ගැන ඔබේ මත මොනවාද?

4.මහ බඩා සහ කුඩා බඩා තරග කල රත්රන් පුටුව, සින්හාසනය (රජ කිරුළ )විය නොහැකිද?
5.එයින් අදහස් වන්නේ බුදු රදුන්ට සින්හළ දීපය (සින්හාසනය)පිදූ බවක් විය නොහැකිද?
6.මහත් සෘද්ධි ලෙස දක්වා ඇත්තේ ගැමුණු යුගයේද පැවති කුණ්ඩලීණී වැනි යෝග භාවනා හදාරා ලබා ගන්නා ලද අංගං පොරවලම උසස් තත්වයක් විය නොහැකිද?

7.මහා වන්ශයේ විජයට පෙර කාළය ගැන සදහන් නොවන්නේ කිම? ( ඔබගේ අදහස )

මහාවන්ශය ප්‍රතිෂේප කිරීම මගින් අප උන්නාටද වඩා වලක වැටෙන බවනන් සෑබෑය.
එහෙත් එහි මත භේදාත්මක කරුණු විශාල වශයෙන් පවතින බවත් එසේම සැබෑවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-49217420931528357382013-05-07T12:09:13.762+05:302013-05-07T12:09:13.762+05:30@Anonymous
ඔබ හට "සරඝු" මහ රහතන් වහන්සේ ...@Anonymous
ඔබ හට "සරඝු" මහ රහතන් වහන්සේ පිළිබඳව යමක් පැවසිය යුතුය . ඔහු මහියංගනයේ සිටි යක්ෂ ගෝත්‍රික නායකයාගේ පුත්‍රයාය . බුදු රජාණන් වහන්සේ යක්ෂ ගති ධමණය පිණිස මහියංගනයට වැඩි අවස්ථාවේදී පැහැදී හෙතෙම පැවිදි විය. සම්බුදු පියාණන්ගේ ශ්‍රී දේහය චිතකයෙහි දවෙනවිට , ගිණි දළු අතරින් , සෘද්ධියෙන් උන් වහන්සේගේ ග්‍රීවා ධාතුව ලබාගනී . මහියංගන චෛත්‍ය රාජයාගේ තැන්පත් කරනුයේ මෙම ග්‍රීවා ධාතුවයි .
මහාවංශය කියවීම , නොකියවීම හෝ එහි ඇති කරුණු දැනගැනීම නුඹට අයිති දෙයක් .
නමුත් කරුණු නොදැන , ඔබ නොදන්නා නිසා යමක් නොමැති බව පැවසීම නිසා ඔබගේ දැඩි අනුවණ කම ප්‍රදර්ශනය කිරීමෙන් , මහා වංශය නොව ඔබ හාස්‍යට භාජනය වන බව කිවයුතුය .පිස්සාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-33505889435316206962013-05-06T09:36:57.011+05:302013-05-06T09:36:57.011+05:30මෙයා පහත ලින්ක් එකෙන් මෙතනට ආපු කෙනෙක්.
--- http:/...මෙයා පහත ලින්ක් එකෙන් මෙතනට ආපු කෙනෙක්.
--- http://lankacnews.com/sinhala/main-news/93620/#comment-512013
'කොනකපාල' සහ/හෝ 'ආගමික' නමින් එහි කොටා ඇත. අපරාදේ මහන්සිය නේද, එයා මේවට උත්තර දෙන්න ආයේ එන්නේ නෑ ...

හික්... මට මහන්සි නෑ ;)Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44817016869320510162013-05-04T21:56:52.458+05:302013-05-04T21:56:52.458+05:30...ඉතිරිය.

6. "බුදුන් ලංකාවට වැඩියා යයි ප......ඉතිරිය.

6. "බුදුන් ලංකාවට වැඩියා යයි පවසන ඔය කාලය තුල ත්‍රිපිටකයට අනුව උන්වහන්සේ වස් විසු කාලයකි.වස් කාලයක් භික්ෂුන්ට එලියට යාම අකැපයි කියූ බුදුන් එම ශික්ෂාව උල්ලංගනය කරයිද?"

අප දන්නා තරමින් බුදුරදුන් වස් වාසය කළේ වස් සාර මාසය තුලයි. ඇසල පුර පසළොස්වක පටන් ඉල් පුර පසළොස්වක දක්වා කාලය දළ වශයෙන් වස් කාලය වේ. බුදුරදුන් ප්‍රථම වර ලක්දිව වැඩම කළේ දුරුතු පුර පසළොස්වක වන අතර දෙවන ලංකාගමනය බක් අමාවක දින (පසළොස්වක ලෙසත් සමහර තැන් වල සඳහන්ය) වේ. තෙවන ලංකාගමනය වෙසක් පුර පසළොස්වක දින සිදු වූ බව සාමාන්‍ය පිලිගනිමයි. දුරුතු, බක් හා වෙසක් මාස වස්සාන සමය තුලට අන්තර්ග්‍රහණය කර ගැනීමත් ඔබේ හාස්‍යෝත්පාදක නව සොයා ගැනීමක් ලෙස සැළකිය හැකි වුවත් අපටනම් මේ සීමාව ඉක්මවා යාමකි. මේවා අපට සිනා උපදවන්නේ නැත.

වස් කාලයේ එළියට යාම අකැපයි කීවේ නිඝන්ඨනාථපුත්ත විය හැකියි. ඔබ බුදුන් බුදුන් යයි කියන්නේ එතුමාට නම් අප ඔබ සමග එකඟ වෙමු. සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේනම් 'එළියට' යාම අකැපයි කීවේ නැත. සත් දිනක් දක්වා පිටත වාසය කිරීමට අවකාශ සලසන 'සත්තාහකරණය' නම් නීතියක් පවා උන් වහන්සේ දෙසා වදාරා ඇත.

භික්ෂූන්ට ප්රාතිහාර්යය පෑම තහනම් කර වදාළ උන් වහන්සේ ඉන් මත්තෙහි යමා මහා පෙළහර පෑම ඔබේ තියරියෙන් පැහැදිලි කරන්නේ නම් ශික්ෂා උල්ලංඝනය ගැන සැක ඇති අයට සේවයකි. මිතුර ඔබේ පාණ්ඩිත්‍යය පෙන්වීමට මෙයත් හොඳ අවස්ථාවක්.

7. "ඔබ නියම බෞද්ධයෙකුනම් නිර්වාණය සොයන්නේකුනම්.වංශය කබල් නොගා ත්‍රිපිටක පෙළ දහමට අනුව කටයුතු කරන්නේ නම් මැනවි."

අනේ මම නියම බෞද්ධයෙක්යැයි ලේබල් ගසාගෙන නැත. මා නිර්වාණය සොයන්නෙත් නැත. එය තථාගතයන් වහන්සේ විසින් අප කෙරේ අනුකම්පාවෙන් දෙසා ඇති බවත් ඒ මග තවම විවෘත බවත් අදහමි. ඔබ ඔය කියන 'නියමම' බෞද්ධයෙක් නම් ඔබ කරන්නේ නිර්වාණය සොයන එකද? ඒ කියන්නේ බුදු වදන සැක බව නේද?

අනේ මින් එහා කියා හරි හැටි අඳුනන්නේවත් නැති අප තරහ කාරයින් විය යුතු නැත.

මිතුර,

ඔබට මේ බ්ලොග් අඩවිය විවෘතයි. ඔබ මා ඉහත දැක්වූ අංක 4, අංක 5.4, අංක 6 හෝ අංක 7 ගැන සම්පූර්ණ විග්‍රහයක් කර ඔබේ මත සනාථ කළ හැකිනම් ඊට අවස්ථාව සපයමි.

තෙරුවන් සරණයි !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-69594239137978750182013-05-04T21:55:40.193+05:302013-05-04T21:55:40.193+05:30...ඉතිරිය.

5. "අනික මහරහතුන් වැඩ සිටපු මේ......ඉතිරිය.

5. "අනික මහරහතුන් වැඩ සිටපු මේ බිමේ මහාවංසයෙන් පසු වුනේ කුමක්ද? ධාතු සේන රජුන් මුලාකොට ලියු මහාවංශය යනු නියම බුද්ධාගම අපෙන් සඟවා මහා රහතුන් බිහිවීම පවා වලක්වපු අලජ්ජි වජ්ජින්ගේ උගුලකි."

අඥාත මිතුර,
මෙතැන කරුණු සතරකි.
(1) මහරහතුන් වැඩ සිටපු මේ බිමේ මහාවංසයෙන් පසු...: මහාවංශය ලියවීමෙන් පසු රහතුන් අඩු වී ගිය බව සත්‍යයකි. එහෙත්, රහතුන් අඩු වීම ඇරඹුණේ බුද්ධ කාලයේමයි. 'විනයෝ නාම සාසනස්ස ආයු' ලෙසින් තථාගතයන් වහන්සේ දෙසා වදාළේ එයයි. ඒ කාලයේ සිට රහතුන් අඩු වීම (නිවැරදිව කිවහොත් රහත් ඝනත්වය = මහණුන් දහසකට සිටින රහතුන් ගණන) සිදු විණි. ඔබේ මහාවංශ තියරියෙන් මේ අඩු වීම පැහැදිලි කරන්නේ කෙසේද?
තව කරුණක් කියන්නම්, අහිංසක මහා වංශය පැත්තකින් තබන්න. කෙනෙකුට ඇවැසිනම් ධාතුසේන රජු කලා වැව ඉදි කළ නිසා, නැතිනම් තිස්සමහාරාමයේ ලොකු ගමරාළ සිය ඇඹේනිය සමග තරහ වූ නිසා, නැතිනම් මාගම් වරායට නැව් ආවේ නැති නිසා රහතුන් අඩු උනා කියා කිව හැකියි. එකිනෙක කිසි සම්බන්ධයක් නැති කරුණු දෙකක් ගලපන ඔබේ තියරියේත් ඉහත කී තියරි වලත් වෙනසක් නැත.
(2) ධාතු සේන රජුන් මුලාකොට...: හඃ ! බලවත් සොලී රජුන් මර්ධනය කර ලක්දිව එක්සේසත් කළ, මහා වැව් බඳවා සිරිලක ධාන්‍යාගාරයක් කළ, අවුකන ඈ මහා පිළිම තනවා ධර්මද්වීපය බැබලවූ ධාතුසේන නිරිඳුන් මුලා කරලා ලු! ඌ බබා !!!
(3) මහාවංශය යනු නියම බුද්ධාගම අපෙන් සඟවා මහා රහතුන් බිහිවීම පවා වලක්වපු...: මේ අමන-මරි-මෝඩ-තකතීරු-මෝල් කතාවකි. මිතුර, මුසප්පු නොවන්න, මීට වඩා හොඳ වචනයක් අපට කිව නොහැක. මහාවංශය බුද්ධ භාෂිතය නොවේ. මහාවංශය කියවා කිසිවෙක් සෝවාන්වත් වන්නේ නැත. වරද ඇත්තේ මහාවංශයේ නොවේ; වෙනත් අරමුණකින් ලියූ පොතක තමන් 'නියම' යැයි සිතාගෙන සිටින බුද්ධාගමක් සොයන ඔබගේය.
(4) අලජ්ජි වජ්ජින්ගේ උගුලකි: මේ අලජ්ජි යැයි ඔබ කියන වජ්ජීන් ගැන අපට කියා දීම ඔබේ යුතුකමකි. ඔවුන්ගේ උගුල් ගැන උදාහරණ කිහිපයක් සපයන්නේ නම් අපේ දැනුමේ නිම් වළලු පුළුල් වනු ඇත.

සම්බන්ධයි...කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80630503124095526352013-05-04T21:54:07.744+05:302013-05-04T21:54:07.744+05:30අඥාත මිතුර,
ඔබ කොහෙන් සැපත් උනත්, කුමක් කරන කොටගෙ...අඥාත මිතුර,

ඔබ කොහෙන් සැපත් උනත්, කුමක් කරන කොටගෙන සැපත් උනත් සාදරයෙන් පිළිගනිමි. ඔබේ චෝදනාත්මක රචනාවට එකින් එක ගෙන පිළිතුරු දීමට අවසර.

1. "මේ මොන බොරු කතාද බුද්ධාගම දන්නේ නැති අයට හොඳයි.බුදුන් වහන්සේ ලොවට පහලවුනේ ලෝ වැස්සන්ගේ යහපත තකා මිසක් කාවවත් බය කර පලවා හරින්න නෙමයි."

ඔබ මෙහි කරුණු තුනක් ඉදිරිපත් කරයි.
(1) බොරු කතා: මේවා ඇත්තද බොරුද කියා අපි නොදනී. එහෙත් අප දන්නා එක් දෙයක් වෙයි. මේවා 100% ඇත්ත කියා ඔප්පු කිරීමට අපට හැකියාවක් නැති සේම 100% බොරු කියා ඔප්පු කිරීමට ඔබටද නොහැකි බවයි.
(2) බුද්ධාගම දන්නේ නැති අයට හොඳයි: ඔව්; දන්නේ නැති අයට හොඳයි. ඒ වගේම දන්නා අයටත් හොඳයි.
(3) බුදුන් වහන්සේ ලොවට පහල වීමට හේතුව: මේ කතාව ඇත්ත. ඒත් (අපේ කරුමෙටද මන්දා) කතාවේ තියෙන්නේ මෙහෙමයි. මට පෙන්නන්න පුළුවන්ද මේ කතාවේ කොතනද බය කරලා පලවා හැරි කෙනෙක් ගැන කියවෙන්නේ කියලා... පිං සිද්ධ වෙයි.

2. "ත්‍රිපිටකයට කොහෙත්ම එකඟ කමක් නැති මහාවංශය අතිශෝක්තියෙන් ලියපු කෙහෙල් මලක්."

මහාවංශය නොවෙයි මිතුර, ඕනෑම සාහිත්‍ය ප්‍රබන්ධයක් (සත්‍ය කරුණු මත පදනම් වුනත්) අතිශයෝක්තිය තමයි. ඒකෙ ගැටළුවක් නෑ. ඇයි මේ මහාවංශය ගැන විතරක් මද කිපිලා? අනිත් පසින්, මහාවංශය තිරිපිටකයට එකඟ වෙන්න ඕනේ කියන නිගමනයට එන්නේ මොන තියරියක්, මූලධර්මයක් භාවිතා කරලද?

3. "අනික ත්‍රිපිටකයට අනුව බුදහු යම් තැනකට වැඩියාද එතන සිටින කිනම්හෝ කෙනෙකු සතර මග සතර පලයෙහි පිහිටිවමට හැකියාවක් ඇත්දැයි බුද්ධ ඥානයෙන්ම විමසා බලා වඩිනවා මිස ආවාට ගියාට වඩින්නේ නැත."

නිකමට වගේ මට කියන්න උන් වහන්සේ පරිලෙයිය වනයට වැඩම කිරීමෙන් සතර මග සතර පලයට පැමිණුනේ කවුද? අර විඩුඩභ රජු ශාක්‍ය සංහාරයට යන විට කිඹුල්වත පෙනෙන නොපෙනෙන මානයේ රාජ්‍ය සිමාවේ වියලී ගිය ගසක් මුලට වැඩම කළේ කාගේ සතර මග සතර පලය වෙනුවෙන්ද? හා... සමහර විට ඒ ගමන් "ත්‍රිපිටකයට අනුව" නැතිව ගිය (හොර ගමන්?) වෙන්ට ඇති...

4. "එසේ ලංකාවට වැඩියානම් මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එනතෙක් එකදු බෞද්ධයෙක් මෙහි නිසිටීම කෙතරම් හාස්‍යජනකද.එය බුදුන්ට පවා කරන අපහාසයකි."

මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එනතෙක් එකදු බෞද්ධයෙක් මෙහි නොසිටි බව ඔබේ නව සොයා ගැනීමක් විය හැකියි. ඒ ගැන අපේ අවංක සුභ පැතුම් ! ඔබේ ඒ සොයා ගැනීමේ හාස්‍යය අන් අය සමග බෙදා හදා ගැනීම පිණිස මේ බ්ලොග් එකේ පල කළ හැකි ලිපියක් ලෙස සවිස්තරව ලියා එවන්නේ නම් පල කිරීමට බාර ගනිමි.

සම්බන්ධයි...කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-18290111402875608532013-05-04T21:53:06.689+05:302013-05-04T21:53:06.689+05:30අඥාත මිතුර,
මා ඔබට ගොනු කළ පිළිතුර දිග වැඩි බැවින...අඥාත මිතුර,

මා ඔබට ගොනු කළ පිළිතුර දිග වැඩි බැවින් පහලින් වෙනම ගොනු කරන්නම්. ඒ ගැන කමන්න. ඔබට පිළිතුරු වේනම් ලියන්න. එය ප්‍රිය මිතුරු සිතුවිළිගේත් අපේත් අනෙක් සහෘද පාඨකයන්ගේත් සිතුවිළි කලම්බවනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-75886763544917791052013-05-04T14:44:53.448+05:302013-05-04T14:44:53.448+05:30කේන්ති ගිය සැරට "5" අමතක වෙලා හැඩයි.
කෙ...කේන්ති ගිය සැරට "5" අමතක වෙලා හැඩයි.

කෙන්තියෙන් උනත් කිවයුතු කරුනු සම්පූර්ණව පිළිතුරනම් ගොනුවෙලා තියෙනවා.
වැඩිය කියන්න ගිහිල්ලා මටත් මේ අඩවිය තහනම් කරයිද දන්නේ නැහැ!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-39405940935064118782013-05-04T10:54:22.904+05:302013-05-04T10:54:22.904+05:30K,
කෝ 5 ?K,
කෝ 5 ?Josephhttp://lankacnews.com/sinhala/main-news/93620/#comment-514443noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89057202071382049142013-05-04T09:56:30.861+05:302013-05-04T09:56:30.861+05:30හික්... මෙන්න නමක් නැති ජෝකර් කෙනෙක්.
ෂික්... K ඉ...හික්... මෙන්න නමක් නැති ජෝකර් කෙනෙක්.

ෂික්... K ඉක්මන් උනානේ. ඒ නිසා උත්තර දීල වැඩකුත් නෑ. මේ ජෝකර් මේවට ආයේ උත්තර දෙන්න ඒවිද කියල විස්වාසෙකුත් නෑනේ.Josephhttp://lankacnews.com/sinhala/main-news/93620/#comment-514443noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-50413948588877627212013-05-03T21:39:50.316+05:302013-05-03T21:39:50.316+05:30ජොසෙෆ්, එය පෙර දින පල කලත් පල වී නැත. හේතුව මම නොද...ජොසෙෆ්, එය පෙර දින පල කලත් පල වී නැත. හේතුව මම නොදනිම්...
අද නැවත පල කළෙමි. පමාවට සමාවන්න.

සටහන: වෙන කිසිවෙකුගේ පල නොවූ ප්‍රතිචාරයක් මට හමු වුනේ නැත. වෙන කිසිවෙකුගේ ප්‍රතිචාර නැති වී ඇත්නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරමි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-9698218054245812852013-05-03T21:36:15.761+05:302013-05-03T21:36:15.761+05:30හික් හික්...
මමත් ඔය වැනිම පිළිතුරක් මීට වසරකට පම...හික් හික්...

මමත් ඔය වැනිම පිළිතුරක් මීට වසරකට පමණ පෙර සී නිවුස් වල දුන්නා මතකයි. සමහර විට ඇනෝ අංකල් (anonymous one orig) ට විය හැකියි.

එයා (කවුරු උනත්) ආවේ මහානාම කියල දෙමළ කොල්ලෙක් මහාවංශය කියල දෙමළ ඉතිහාසයක් ලිව්වා කියාගෙනයි. 'මෝල් වහන්සේලා' උන්ට ගැලපෙන නියම නම ! මගෙන් නේද අල්ලා ගත්තේ... හික් !

සටහන: ඉහත ප්‍රතිචාරය ජොසෙෆ් විසින් අප්‍රේල් මස 28 වන දින මද්‍යහ්න 12:54 ට පමණ පල කරන ලද්දකි.Joseph වෙනුවට Knoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-61793770810508947442013-05-03T14:42:57.485+05:302013-05-03T14:42:57.485+05:30ඇනොනිමස්,
ඔබගේ කථාව මාහට නම් හරවත් බවක් දනවයි, අප ...ඇනොනිමස්,
ඔබගේ කථාව මාහට නම් හරවත් බවක් දනවයි, අප මිතුරු "කේ" එය කෙලෙස දකීදැයි ඔහුගෙන්ම අසා දැන ගනිමු.
මහා වංශයට අනුව බුදුන් ලක්දිවට වැඩි කාලය, තෙවලා දහම අනුව වස් කාලයකැයි ඔබ කරන කතාව විමසිය යුතු කාරනයකි. එය ඔබ උපුටා ගත්තේ ත්රිපිටක්යෙහි ඇති කුමන තැනකින්ද? මේ පිළිබඳ ඔබ සාකච්චාවකට එලැඹෙනවානම් එය කාගේත් යහපත පිනිස විය හැක.

භාවිතයට පහසු නමක් තෝරාගෙන ඔබගේ අදහස් පලකරන්න Anonymous වෙනුවට Name\URL යටතේ ඔබ තෝරාගත් නමින් අදහස් පලකල හැක.සිතුවිළිnoreply@blogger.com