tag:blogger.com,1999:blog-4980774058297102516.post341535349458015375..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: සමාධිගත අවබෝධයකින් තොර දැනුම ... (3)කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-4980774058297102516.post-84496189129314389762014-07-02T17:12:11.309+05:302014-07-02T17:12:11.309+05:30එසේම තෙවන විමසුම යටතේ,
* නිවණ යනු කුමක්ද යනු...එසේම තෙවන විමසුම යටතේ,

* නිවණ යනු කුමක්ද යනුවෙන් පැහැදිලි කල හැකිය.
* අරුපාවචර බ්‍රහ්ම ලෝක පැහැදිලි කල හැකිය.

යැයි ඔබ පවසයි. ඒවා පැහැදිලි කරන්න.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-45119532296471617562014-07-02T16:45:17.790+05:302014-07-02T16:45:17.790+05:30@අවිද්‍යාව,
ඔබේ පළමු ලිපියේ "අප මෙහිදී විමසී...@අවිද්‍යාව,

ඔබේ පළමු ලිපියේ "අප මෙහිදී විමසීමට ලක්කළ කරුණු" යටතේ කරුණු කිහිපයක් ඇත. ඒ ගැන විමසමි.

* අපගෙන් තොරව ලෝකයක් ඇතද, නැතද?
- මේ ගැන බුද්ධ වචනය දනිමි. එහෙත් ඔබ "පවතින්නේ කුමක්ද?" යනුවෙන් නගන දෙවන ප්‍රශ්නයෙන් පැවැත්මක් තහවුරු කරයි. එසේම "අපගෙන් තොරව" යැයි කීමෙන් "අප" කියා පැවැත්මක් ද තහවුරු කරයි. එවිට ඔබ නගන මේ ප්‍රශ්න සියල්ලම අර්ථ ශුන්‍ය නොවේද?

* ශුන්‍යතා මුලධර්මය සමග එකඟ විය හැකිද?
- ශුන්‍යතා මූලධර්මය යනු කුමක්ද?

* පඨවි, අපෝ, තේජෝ,වායෝ ශක්ති ආකාරයෙන් පවතින බව බොහෝවිට අසා ඇත. පඨවි, අපෝ, තේජෝ,වායෝ අතීතයේ පැවති බවත් ,වර්ථමානයේ පවතින බවත්, අනාගතයේද පවතින බවත් බුදු රජාණන් වහන්සේ තම නුවණින් දැන, දැක දේශනා කල බව සුත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේ හමුවේ.
- මේවා ශක්ති ආකාරයෙන් "පවතින" බවට මුලාශ්‍ර දෙන්න. අතීත-වර්තමාන-අනාගත කාලත්‍රයේ මේවායේ "පැවැත්ම" ගැන බුදුරදුන් දෙසූ බවට මුලාශ්‍ර දෙන්න.

* ක්ෂණ වාදය සමග එකඟ විය හැකිද?
- ක්ෂනවාදය යනු කුමක්ද?

මේවා වෙන වෙනම විමසිය යුතු ගැටළු වේ. හැකි පමණින් පිළිතුරු දෙන්න.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28268880695741404562014-07-02T10:33:15.598+05:302014-07-02T10:33:15.598+05:30සයිබීරියානු ව්‍යාග්‍රයින් මිස සයිබීරියානු වලසුන් ස...සයිබීරියානු ව්‍යාග්‍රයින් මිස සයිබීරියානු වලසුන් සිටිත් ද?

සුදු පැහැති හිම වලසුන් නම් සීත කාලයේ හයිබර්නේට් පොජ්ජක් දමාගෙන සිට හිම දිය වෙන සමයමේ සතෙක් එලා ගන්නට පිය මනිනු රූපවාහිනියේ දැක ඇත්තෙමි.

ඒත් මේ ඩබල !
අ'යන්න නම් තව පිළිතුරු ලිපියක් ලියනවා ඇති. ඒ ගැන සැකයක් නෑ. ක'යන්න නම් සියල්ල අතහැර වල් වැදී ඇති සෙයකි පෙනෙන්නේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-61451193421319872422014-07-02T06:55:49.805+05:302014-07-02T06:55:49.805+05:30ජෝසප් මටනම් පෙනෙන්නේ දෙන්නාම සයිබීරියානු වලසුන්වගේ...ජෝසප් මටනම් පෙනෙන්නේ දෙන්නාම සයිබීරියානු වලසුන්වගේ හිම නින්දකට වැටිලා
(hibernated)සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-66680786932755037792014-07-01T08:19:37.001+05:302014-07-01T08:19:37.001+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-72901315339833333922014-06-30T19:03:03.224+05:302014-06-30T19:03:03.224+05:30ක'යන්නයි අ'යන්නයි දෙන්නම දිවවල් හපාගෙනද කො...ක'යන්නයි අ'යන්නයි දෙන්නම දිවවල් හපාගෙනද කොහෙද ! Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-53588778685463802062014-06-30T19:01:07.258+05:302014-06-30T19:01:07.258+05:30ධ්රැව යනු කෙළවර,අග්‍රය,අවසානය වැනි අරුතක් දේ. රාහ...ධ්රැව යනු කෙළවර,අග්‍රය,අවසානය වැනි අරුතක් දේ. රාහු කේතු ධ්රැව යැයි හැඳින්වීම නිවැරදියැයි නොසිතුනු බැවිණි ඉහත පැනය නගන ලද්දේ.
එම හැඳින්වීම ඔබේ නිර්මාණයක් බව පෙනේ.Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63576139409259837262014-06-28T06:07:49.714+05:302014-06-28T06:07:49.714+05:30මා දන්නා හැටියට, ජ්යෝතීර්වේදයෙහි එන රාහු සහ කේතු ...මා දන්නා හැටියට, ජ්යෝතීර්වේදයෙහි එන රාහු සහ කේතු යනු පෘථිවිය සූර්යයා වටා ගමන් කරන පථය චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරනා වූ චක්‍රීය පථයෙන් ඡේදනය වන් ස්ථාන දෙකයි.
පෘථිවි තලය මත සිට සැලකීමේදී මේ රාශීන් දෙක එකක් නැගෙන හිරින්ද අනෙක බටහිරින්ද වශයෙන් වේ.
මා සිතන හැටියට චන්ද්‍රයා ඍජුවම රාහු සහ කේතු චේදනය කරනාවූ පථයක ගමන් කරනා විට අනෙකුත් පිහිටීම් හා සමපාත වීමෙන් චන්ද්‍රග්‍රහන හෝ සූර්යග්රහන ඇති විය හැකි බවයි. (මෙය මාගේ ඉතා සරළ උපකල්පනයක් පමණි )
පැරණි දැනුමෙහි සඳ රාහු ඇල්ලීම ඉර රාහු ඇල්ලීම ලෙස කියැවෙන්නේ මෙම ග්‍රහන ක්‍රියා වලිය රාහු කේතු ලක්ශයන් (මනංකල්පිත ග්‍රහ වස්තූන්) හා ඍජුවම සම්බන්දවන බැවිනි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-85764157551722909632014-06-26T17:22:14.411+05:302014-06-26T17:22:14.411+05:30ජෝසප් අවිද්‍යා ඇතුළු සියළු මිතුරන්වෙත,
මා දකින රේර...ජෝසප් අවිද්‍යා ඇතුළු සියළු මිතුරන්වෙත,
මා දකින රේරුකාණේ හිමියන් යනු සූත්‍ර කියවා හිතින් මවා ගත් හිතළු රැස් කොට පොත් ලියූ උන්මත්තකයෙකු නොව. උන් වහන්සේ තම බුද්ධියෙන් දහම විමසා ඒ ඔස්සේ අන් අයගේ ධර්ම අවබෝධයට මග පිණිසම පොත් ලියූ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.
මෙහි වරද කර ඇත්තේ සාදු චේතනාවෙන් පොත් ලියූ ගරුතර රේරුකානේ හිමියන් නොව අප මිතුරු අවිද්‍යා විසින්මය. ඔහු රේරුකානේ හිමියන්ගේ පොතින් ගත් උපුටනයක් ලෙස දක්වන්නේ පොතේ එන එක් වාක්‍යයකි. එහෙත් එම වාක්‍යයෙන් පසු උන් වහන්සේ එය වැඩි දුරටත් ගැඹුරින් පහදන බව එක්කෝ අවිද්‍යා දැක නැත. නැතහොත් ඔහුට උවමනා කොටස එහි කියැවෙන නිසා ඉතිරිය හිතා මතා අත්හැර ඇත.
මේ විවාදය නිසා ගරුතර රේරුකානේ හිමියන්ගේ නාමයට අගෞරවයක් නොවේවා සේම උන් වහන්සේට ගැරහීමේ චේතනාවක් නොවූ අප මිතුරන්හට අකුසලයක් නොවේවා.!!!සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16412658815019801022014-06-26T17:06:44.184+05:302014-06-26T17:06:44.184+05:30අවිද්‍යා,
පටිච්ඡ සමුප්පාදය යනු සංසාර චක්‍රය පැහැදි...අවිද්‍යා,
පටිච්ඡ සමුප්පාදය යනු සංසාර චක්‍රය පැහැදිලි කිරීමට මෙන්ම මේ ඕනෑම මොහොතක සත්ත්වයා පවතින්නේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට ඇති සුදුසුම විග්රහයයැයි මා දකිමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-92171696737390215582014-06-26T17:03:51.274+05:302014-06-26T17:03:51.274+05:30පැහැදිලිවම මතක තබා ගත යුතු අදහසක් සේම මැදුම් පිළිව...පැහැදිලිවම මතක තබා ගත යුතු අදහසක් සේම මැදුම් පිළිවෙතෙහි රැඳීමටත් දෘශ්ඨි වාදයන්හී ගැති නොවී සිතීමටත් රූකුල් දෙන මාහැඟි අදහසකි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-79792591727731764242014-06-26T11:25:46.725+05:302014-06-26T11:25:46.725+05:30කණිෂ්ක,
විවරණය ගැන ඔබේ විවරණය, විවරණය ගැන කළ හැකි...කණිෂ්ක,

විවරණය ගැන ඔබේ විවරණය, විවරණය ගැන කළ හැකි ලෝකයේ හොඳම විවරණය බව මගේ විවරණයයි.

(මේ විවරණය මතක තබා ගත යුතු එකකි.)Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-36548419078118377872014-06-26T11:19:15.532+05:302014-06-26T11:19:15.532+05:30@අවිද්‍යාව
"@Josep ඔබ සතුව රේරුකානේ හිමියන්ට...@අවිද්‍යාව

"@Josep ඔබ සතුව රේරුකානේ හිමියන්ට පටිච්චසමුප්පාදය ඉගැන්වීමට (එම පොත් නොකියවාම සහ එහි අඩංගු අනෙක් පටිච්චසමුප්පාද විග්රහ නොදැන) ඇතයි කියන්නේ නම් අප නිහඩවී සවන්දෙන්නෙමු."

මළ මිනී වලට උගන්වන්න අපට හැකියාවක් නැත. රේරුකානේ කියූ දෙයක් ගැන මා කතා කර නැති අතර මා කියා ඇත්තේ ඔහුගේ කතා කියවා නැති බැවින් ඒ ගැන නොදන්නේ වී නමුත් "දෙපාරක් මැරෙන" පටිච්ච සමුප්පාදයක් ඇති බවත් එහි සංස්කාර යනු පින්-පව් ලෙස ඉගැන්වෙන බවත්ය. රේරුකානේ උන්නාන්සේත් එසේ කියා කට වරද්දාගෙන ඇත්නම් අපට කිරීමට දෙයක් නැත. ඒ ගැන සොරි ය. !

(තවත් විස්තර කළොත් ඒ පටිච්ච සමුප්පාදය ගැන කතා කරන උන්නාන්සේලා කාය සංඛාර-වචී සංඛාර-මනෝ සංඛාර යයි කියනු ඇත. මේ මා අසා ඇති සැටියයි. මා මෙය අසා ඇත්තේ රේරුකානේ උන්නාන්සේගෙන් නොවේ. මෙයින් රේරුකානේ හිමිට අගරුවක් වෙතොත් මා කියූ දේ ඒ වහන්සේ හා සම්බන්ද කර ගත් පටලවා ගත් තැනැත්තන් විසින් බාර ගත යුතුය.)
Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-347814943572724872014-06-26T05:02:16.849+05:302014-06-26T05:02:16.849+05:30ඔබ යම් දැනුමක් අන් අයගේ උදව්වෙන් ලබා ගැනීම නිවැරදි...ඔබ යම් දැනුමක් අන් අයගේ උදව්වෙන් ලබා ගැනීම නිවැරදි වුවත් එය කෑ දේ වැමෑරීමක් ලෙස ප්‍රකාශ කිරීම ඵල රහිත බව සනාථ කිරීමටයි.
ගිරා වෘතයෙන් පාන්ඩිත්‍යය පෙන්වීමට හැකි වුවද තමා ලබන දෙයක් නැති බව පෙන්වීමටයි.
ජෝසප් ගේ බස් වහර විසුළු සහගත වුවද නැතද ඔහු කියන දෙයෙහි මිස භාශා ස්වරූපයෙහි වටිනා කමක් මා නොදකිමි. වසල වාදයෙන් කථා කල රහතුන් ගැන ඔබ අසා ඇතැයි සිතමි. උන් වහන්සේ එසේ කලේ 500ක් ආත්ම බමුණු කුලයේ ඉපදීමේ හේතුවෙනි. එසේනම් ජෝසප් විසුළු බසක් යොදා ගන්නේ ඔහු 500ක් ආත්ම කුමන කුලයක ඉපදීමේ හේතුවෙන්දැයි ඔබට සෙවිය හැක. මා හට නම් එයිනුත් ඵලක් නැතුවාමය.
අප අනවර්ථ නාම යොදා ගැනීමෙහි ඇති වැදගත්ම තැන වනුයේ පුද්ගලිකත්වයෙන්මිදීමයි එවිටාපය්ට ප්‍රථිරූප ගොඩ නැගීමෙහි අරමුණු පහව යා යුතුය. මොහු පණ්ඩිතයෙකි මොහු මෝඩයෙකි ලෙස අන් අය අපව කියැවීම නොතැකිය හැකි විය යුතුය. ප්‍රථිරූප නැති විට අනෙකාකුමක් කීවද තමාට අවශ්‍ය ප්රශ්නය ඇසීමටත් තමාට කැමති පිළිතුර පමණක් දීමටත් ඉඩ හසර ඇති වේ.
මූ මාව ගොනෙකුට ගත්තා වැනු කඩා වැටීම් ඇති නොවේ.
අපි මෙහෙම ඉදිරියට හරවත් සාකච්චා ගෙන යමු. අන් අයගේ භාෂා ස්වරූපය නොතකා අදහස් සමග පමණක් ගනුදෙනු කරමු කියා ඔබට මා යෝජනා කරමි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-65174947735593136192014-06-26T04:46:05.768+05:302014-06-26T04:46:05.768+05:30කණිෂ්ක,
ජීවිතයට එකම දිනක් හෝ දහම් පාසැලකට ගොස් නැත...කණිෂ්ක,
ජීවිතයට එකම දිනක් හෝ දහම් පාසැලකට ගොස් නැති මා මේ පටිඡ්ච සමුප්පාද විවරණය අසා නොතිබුනි. මෙය කියැවූ විට මා කෙතරම් වාසනා වන්තදැයි මට වැටහුනි.
මා එය උගත්තේ රේරුකානේ හිමියන්ගේ පොත් ඇතුලු බොහෝ පොත් පරිශීලනයෙන් හා ඥානවෘද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා සවන් දීමෙන්ම පමණයි.
ඔබගේ මැදිහත් වීම හරහා වටිනා දැනුවත් වීමක් ලැබුවෙමි. තෙරුවන් සරණ ගිය උපාසකයා නොමග යන තැන් දුටුවෙමි. නිවන ඔවුන්ගෙන් අත්හැරෙන සැටි දකිමි.
සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-41265074220549042502014-06-26T00:56:41.373+05:302014-06-26T00:56:41.373+05:30විවරණ යනු ඕනෑ කෙනෙකුට කැමති අයුරින් කළ හැකි දේ වේ....විවරණ යනු ඕනෑ කෙනෙකුට කැමති අයුරින් කළ හැකි දේ වේ. එසේම එකී විවරණ ඒ ඒ කෙනාගේ රුචිය අනුව කැමති දෙයක් පැහැදිළි කිරීමට (හෝ ව්‍යාකුල කිරීමට හෝ) භාවිතා කළ හැක. එහෙත් පටිච්චසමුප්පාදය යනු බුද්ධ දේශනාවයි. බුද්ධ දේශනාව පිළිගනිමින් එක එක අයවළුන්ගේ 'විවරණ' පිළිකෙව් කිරීමේ නිදහස අපට ඇත.

අප එදත් ඒ 'විකාරයට' එරෙහිව තර්ක කළේ නැත; අදත් කරන්නේ නැත. ප්‍රධාන හේතුව අප ඊට සුදුසුකම් සපුරා නොතිබීමයි.

එහෙත් ඊනියා සංසාර චක්‍රයක් පැහැදිළි කිරීම පිණිස වෛදික බමුණන්ගෙන් ණයට ගත් ශාස්වතවාදී සත්ත්වයෙක් දෙවරක් මරා දැමීම නම් අපරාධයකි. මේ ගැන කිව යුත්තේ සහ කිව හැක්කේ එපමණයි. තම තම නැණ පමණින් වටහා ගනිත්වා !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74205342711208829142014-06-26T00:46:29.875+05:302014-06-26T00:46:29.875+05:30පටිච්චසමුප්පාද විවරණය යොදාගන්නේ සංසාර චක්‍රය පැහැද...පටිච්චසමුප්පාද විවරණය යොදාගන්නේ සංසාර චක්‍රය පැහැදිලි කිරීමට බව ඔබ කියවා හෝ ඉගෙනගෙන ඇතිද? අප මහා බුදුරජාණන් වහන්සේ බෝ මැඩදී බුදුබව පසක් කරනු ලැබුවේ ඔබ ඉහත දක්වා ඇති අනුලෝම පතිත්යසමුප්පාද චක්‍රය ප්‍රතිලෝමය ස්මරණය කිරීමෙන් බව අසා හෝ ඉගෙන ඇතිද? පතිත්ය සමුප්පාද දේශනා අතර මුලික (බොහෝ ලෙස හමුවන්නේද) වන්නේ මෙයයි! මෙම චක්‍රය කොතනින් පටන් ගෙන වුවද පැහැදිලි කල හැකිය.අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-11172251343959966882014-06-26T00:43:56.786+05:302014-06-26T00:43:56.786+05:30'වුර්තයන්ගේ පරිදිය ආදිය අපිරිමිත වීම' ගැන ...'වුර්තයන්ගේ පරිදිය ආදිය අපිරිමිත වීම' ගැන වචනයක් කීමට කැමතියි.

වෘත්තයක පරිධිය අපරිමිත නැත. ඔබ වරදවා වටහාගෙන ඇත්තේ වෘත්තයක පරිධිය සහ එහි විෂ්කම්භය අතර අනුපාතය යැයි සිතමි (π). එසේම මීට අදාළ නිවැරදි පාරිභාෂික වචනය අපරිමේය සංඛ්‍යා වේ.

එසේම මේවා අතර සහ-සම්බන්ධයක් ද නොපෙනේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-80916907000989772092014-06-26T00:34:20.028+05:302014-06-26T00:34:20.028+05:30තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨා...තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨාංකය වක්‍රයක් බවට පත් වීම අපට නම් අපභ්‍රංශයකි. එසේ වන බව කවදා හෝ අපට උගන්වා ඇත්නම් ඉතාම කනගාටුදායක ලෙස එය මතකයෙන් ගිලිහී ඇත.

නැත. එවැන්නක් උගන්වා නැත. Sin වක්‍රයක් සැදීම ස්වබාවික සන්සිද්දියකි. මෙය අපට උසස්පෙළ සන්දියේදීම ඇතිඋන ගැටලුවකි. වුර්තයන්ගේ පරිදිය ආදිය අපිරිමිත වීම!

(කාගේ හෝ දකුණත් හෝ වමත් හෝ නියමයක් මෙතැනට අදාළද ?) එවැනි දේ සම්බන්දව එවැන්නක් ඇතත් අප අත්දැකීම් ඇසුරින් පැහැදිලි කර ගනිමු.

එසේ වන බව ඔබට විශ්වානම් එසේ වීමට හේතුව පැහැදිළි කළ හැකිද?

බමරයක් අතට ගන්න. එහි ඔබට දැනෙන බර (තද ගතිය) ගැන යම් අවබෝදයක් ලබා ගන්න. දැන් එය එක් පසකට කරකවන්න. ඔබට තද ගතය (බර )වැඩි වනු දැනේවි. සංවේදීව නිරීක්ෂණයෙන් එය ක්‍රමයෙන් අඩුවී නැවත පෙර දැනීමම බවට පත්වේවි. නැවත අනෙක් පසට කරකවුව හොත් ඇනෙන ගතිය (බර) අඩුවෙන් දැනේවි. එයද ක්‍රමයෙන් වැඩි වේවි. මෙම ක්‍රමානුකුල බව ප්‍රස්ථාර ගත වන්නේ sin වක්‍රයක වේ.

ඔබ පුළුන් ගුලිය යම් වුර්තාකාර මතුපිටක කේන්ද්‍රයේ අලවා කරකවන්නේ නම්, එය එක් පසකට කරකවිමේදී හැකිලෙන බවත් අනෙක් පසට කරකවිමේදී විසිරෙන බවත් පෙනේව. (මේ සදහා නම් ත්වරණයෙන් තොරව කරකැවීමක් අවශ්‍ය හෝ ත්වරණ මන්දන අවස්ථාවේ ඉහත නිරීක්ෂණ අදාල වන්නේදැයි සිතිය යුතුය.)අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44748719201234216742014-06-26T00:32:34.911+05:302014-06-26T00:32:34.911+05:30ඉහත විග්රහයන් දෙක එකිනෙකට තරමක වෙනස් කමක් දරන බව ...ඉහත විග්රහයන් දෙක එකිනෙකට තරමක වෙනස් කමක් දරන බව අවධානයෙන් කියවන කෙනෙකුට වැටහෙනු ඇත. එසේමය. මෙවැනි නොයෙක් විග්රහයන් ගිණිය නොහැකි ගණනක් තිබීමට ඉඩ ඇත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-65517017884915650032014-06-26T00:29:02.818+05:302014-06-26T00:29:02.818+05:30ඉතා සරලව කළ ඉහත පැහැදිළි කිරීමේ ම තරමක බරපතල මට්ටම...ඉතා සරලව කළ ඉහත පැහැදිළි කිරීමේ ම තරමක බරපතල මට්ටමේ විග්‍රහයක් බුදුසරණ පුවත්පතින් කියැවිය හැක.
> http://www.lakehouse.lk/budusarana/2013/11/25/tmp.asp?ID=vision01කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-7810587955332903252014-06-26T00:17:03.063+05:302014-06-26T00:17:03.063+05:30දෙපාරක් මැරෙන පටිච්චසමුප්පාදය යන මාතෘකාවට මැද්දෙන්...දෙපාරක් මැරෙන පටිච්චසමුප්පාදය යන මාතෘකාවට මැද්දෙන් එකතු වීම වරදක් නොවේ යැයි සිතමි. මිතුරු ජොසෙෆ් අපගේ නම සඳහන් කර ඇත.

අපට දහම් පාසැලේදී පාඨශාලාධිපති හිමියන් විසින් ඉගැන්වූ පටිච්චසමුප්පාදයේ සත්ත්වයා දෙවරක් මැරී උපදියි. ජොසෙෆ් අසා/ කියවා තිබුණේද එයයි.

අවිජ්ජා පච්චයා සංඛාරා ලෙස ඇරඹෙන එහි 'අවිජ්ජා' යනු නොදැනුවත් කම ලෙසද (පින්-පව් නොදැනීම) සංඛාර යනු කුසලාකුසල කර්ම ලෙසද උගන්වන ලදී. ඒවා සිද්ධ වන්නේ පෙර භවයේදීය. නොදන්නා කමින් පව් සිදු කර ගන්නා අනුවණයා ඊළඟට උපදී. ඒ සංඛාර පච්චයා විඤ්ඤාණංය. මේ කියන්නේ ප්රතිසන්ධි විඤ්ඤාණය ගැනලු. මෙසේ,

නාම රූප පච්චයා සළායතනං - මව් කුස තුල වැඩීම.
සළායතන පච්චයා ඵස්සො - සියළු අවයව සම්පූර්ණව ඉපදීම සහ සලායතන වලින් විඳීම් සෙවීම
ඵස්ස පච්චයා වේදනා - ඒවා භුක්ති විඳීම.
වේදනා පච්චයා තණ්හා - ඒවාට ආසා කිරීම
තණ්හා පච්චයා උපාදානං - ආසාවෙන් බැඳීම, මගේ කර ගැනීම
උපාදාන පච්චයා භවො - දැන් ආයෙත් මැරිලා. ඔන්න භවයක් ඇති වෙනවා. ඒ තුන් වන භවයයි.
භව පච්චයා ජාති - ආයෙත් උපදිනවා.
ජාති පච්චයා ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති - මේ සැරේ ඉපදුනාම වෙන වැඩ සැට් එකක් !!!

අපිට ඉගැන්නූ පටිච්චසමුප්පාදය මෙයාකාරයි. මිතුරු ජොසෙෆ් "දෙපාරක් මැරෙන" යැයි නොකියා "දෙපාරක් ඉපදෙන" යැයි කීවානම් සතුටු වෙමි.

එකල අවුරුදු 15-16 කොල්ලන් වූ අපි මේ විකාරය විකාරයක් බව තේරුම් ගත් නමුත් ඒ ගැන වැඩිදුර තර්ක කිරීමට ගියේ නැත. පටිච්චසමුප්පාදය සම්පූර්ණ කිරීමට දෙපාරක් මැරී ඉපැදිය යුතුනම් කිසිවෙක් මේ කපේදී නිවන් දකින්නේ නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-87982497601235461392014-06-26T00:12:04.916+05:302014-06-26T00:12:04.916+05:30ඔබ හරි. එය එක්වරම අපට ග්‍රහණය උවද එහි අරුත සැගවී ඇ...ඔබ හරි. එය එක්වරම අපට ග්‍රහණය උවද එහි අරුත සැගවී ඇත. අදාල පිටුවෙහි සදහන් වන්නේ "ගින්නත්, සුළගත්, ජලයත්, අව්වත්" ශරිරයෝමය යනුවෙනි. එය පහලට කියවීමේදී රූපය යනු විරුද්ද ප්‍රත්‍යයෙන් පහර ලබන දෙයක් ලෙසද, විරුද්ද ප්‍රත්‍ය සීත, උෂ්ණ ලෙසද දක්වා ඇත. එනම් පඨවි ආදියයි.
අප අව්ව -සුර්ය කිරණ ලෙස සදහන් කරන්නේ අපගේ භාවිතය නිසා හැකිය (අප ලිඛිත භාෂාවන් යොදා ගැනීම ).

ඔබ හරි. පරමාණුව යනු ලෝකයකි. අප එය දෙවන කොටස යටතේ සටහන් කිරීමට සිතමින් සිටියෙමු. නමුත් ඔවුන්ගේ (බටහිර) යාන්ත්‍ර විද්‍යාවේ බර, ගුර්ණ, අනුකලන ආදිය යොදන අංශුන් නම් පරමාණු නොවේ. පරමාණු ඇසුරෙන් එවැනි බල පැහැදිලි කල හැකිද? තවද වයිද්ය විද්‍යාවේ DNA හරහා කෙරෙන පණිවිඩ හුවමාරුව පරමාණු ඇසුරෙන් පැහැදිලි කල හැකිද? (නියම විහිළු)අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-31553604680270097682014-06-25T23:52:22.644+05:302014-06-25T23:52:22.644+05:30තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨා...තරාදිය මත බමරය කරකැවීම හේතුවෙන් එහි බර පෙන්වන පාඨාංකය වක්‍රයක් බවට පත් වීම අපට නම් අපභ්‍රංශයකි. එසේ වන බව කවදා හෝ අපට උගන්වා ඇත්නම් ඉතාම කනගාටුදායක ලෙස එය මතකයෙන් ගිලිහී ඇත. එසේ වන බව ඔබට විශ්වානම් එසේ වීමට හේතුව පැහැදිළි කළ හැකිද?
(කාගේ හෝ දකුණත් හෝ වමත් හෝ නියමයක් මෙතැනට අදාළද ?)කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-76097834379571745632014-06-25T23:52:13.994+05:302014-06-25T23:52:13.994+05:30ඔබට අවශ්‍ය කුමක් සනාථ කිරීමටද? ලෙස වෙනස් විය යුතුය...ඔබට අවශ්‍ය කුමක් සනාථ කිරීමටද? ලෙස වෙනස් විය යුතුය අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.com