tag:blogger.com,1999:blog-4980774058297102516.post3332971879762462349..comments2024-03-13T15:53:58.531+05:30Comments on දෙතිස් කතා: මංමුලා වූ බටහිර දැනුම !කතා කතුhttp://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4980774058297102516.post-47310534306478391862014-05-16T23:42:23.994+05:302014-05-16T23:42:23.994+05:30මේ ලිපියේ දෙවන කොටසක්, වඩා නිවැරදිව කිවහොත් ගැටළු ...මේ ලිපියේ දෙවන කොටසක්, වඩා නිවැරදිව කිවහොත් ගැටළු විසඳීමක්, ළඟදීම බලාපොරොත්තු වන්න.
> http://katha32.blogspot.com//2014/05/stray-knowledge-answers.htmlකතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-16646302869122695872014-05-16T23:39:56.617+05:302014-05-16T23:39:56.617+05:30ජොසෙෆ්,
ඔබ පෙන්වා ඇති දේ බොහෝ දුරට මා කියන්නට උත්...ජොසෙෆ්,

ඔබ පෙන්වා ඇති දේ බොහෝ දුරට මා කියන්නට උත්සාහ කළ දේට සමානයි. එහෙත් අපට ඇවැසි වූයේ මේ දෙ-වචන අර්ථ දැක්වීමට වඩා අපේ මිතුරන් දෙදෙනා භාවිතා කරන්නේ වචන දෙකක් බව පෙන්වා දීමටයි.

සිතුවිළි 'අනිත්‍යය' භාවිතා කරන අතර අවිද්‍යා මිතුරා 'අනිත්‍ය' යන්න භාවිතා කරයි. මෙය නොයෙක් වැරදි වැටහීම් වලට හේතු විය හැකි බැවිණි අප විසින් ඉහත ප්රශ්නය නැගෙන ලද්දේ.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26020260237145462852014-05-11T22:40:23.407+05:302014-05-11T22:40:23.407+05:30අවිද්‍යා සොයුර,
මා මෙහි ඉහත නගන සියළු පැන අතුරින් ...අවිද්‍යා සොයුර,
මා මෙහි ඉහත නගන සියළු පැන අතුරින් පෛතගරස් සුවිශේහ වන්නේ ඔහු සුද්දෙකු නිසාද යන පැණයට පමනක් ඔබ පැහැදිලි කිරීමක් දී ඇත. එහෙත් ඊට පෙර මා ප්‍රශන කිහිපයක් නගා ඇති අතර ඒ ගැන ඔබගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමිසිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-29561780084574486102014-05-09T06:03:53.292+05:302014-05-09T06:03:53.292+05:30අවිද්‍යා,
ඔබගෙ මේ සියළු අදහස් හා වාදයක් නොමැත. එහෙ...අවිද්‍යා,
ඔබගෙ මේ සියළු අදහස් හා වාදයක් නොමැත. එහෙත් පෛතගරස් අනිත්‍යය අවබෝධ කොට සිටියෙකු බව දැක්වෙන් ඔහුගේ ප්‍රකාශයක් ඔබගේ උපුටා දැක්වීම් වල නොමැත. එබැවින් තනිවම හෝ බුදු හිමියන්ගේ මග පෙන්වීමෙන් ඔහු අනිත්‍යාවබෝධය ලැබුවෙකියි යන්න තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පලක් වේද?
මෙය වාදය පිණිස නොව කරුනු වටහා ගැනීම සඳහා පමණි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68164464172834693362014-05-08T11:51:03.928+05:302014-05-08T11:51:03.928+05:30අනිත්‍ය අවබෝධය නිවන නම්, දුක්ඛ අනාත්ම ගැන කිව හැක්...අනිත්‍ය අවබෝධය නිවන නම්, දුක්ඛ අනාත්ම ගැන කිව හැක්කේ කුමක්ද?
--- අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු ත්රිලක්ෂණයයි - හෙවත් ලෝක ස්වභාවයයි. මෙයින් එකක් අවබෝධ කරගෙන අනෙක් දෙක අවබෝධ නොකරගෙන සිටීමේ ඉඩක් නැත. මක් නිසාද යත් මේ තුන එකිනෙක වෙන් කළ නොහැකි බැවිණි. තේ, සීනි සහ කිරි එකතු කර කිරි තේ කෝප්පයක් සාදා ගනී නම් එයින් තේ පමණක් පානය කර සීනි සහ කිරි ඉතුරු කළ හැකිද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-89039108328551455562014-05-08T11:45:34.228+05:302014-05-08T11:45:34.228+05:30පෛතගරස් රහත් වූ හැටි කියා ලිපියක් ලියන්න මටත් හිතෙ...පෛතගරස් රහත් වූ හැටි කියා ලිපියක් ලියන්න මටත් හිතෙයි... එය විනෝද සමයම යටතේ පල කළ හැක.
හික් !

ඇත්තම කියනවානම් පෛතගරස් ගැන මේ කියන කතාව මුළුමහත් ග්‍රීසියටම කල අපහාසයක් කොට සිතමි. භාරතීයයන්ට මෙන් ග්‍රීකයන්ට ද අනන්‍යතාවයක් හා අභිමානයක් හිමිය. සියල්ල එක මූලයකින් (දෙවියන් වහන්සේ) ඇරඹුනා යැයි සිතන මුග්ධ පණ්ඩිතයෙකුට පමණි මෙවැනි තකතීරු ගවේෂණයක් (අනාර්ය පර්යේෂණ) කිරීමට හිත හදා ගත හැක්කේ. පෛතගරස්ගේ දෙසුම් ලෙස සඳහන් වන මේ කරුණු පසුකාලීන වෙනස්කම් වලට අනන්තවත් බඳුන් වන්නට ඇත. ඊට අමතරව මේවා පරිවර්තන දෝෂ වලින් ගහණය. පෛතගරස්ගේ 'චින්තනය' ගැන දන්නා අයවලුන් නොවේ මේ පසුකාලීන පරිවර්ථන සහ අරුත් ගැන්වීම් කරන ලද්දේ.
දිවයින ලිපිය කිසිම තදබල ගවේෂණාත්මක ඉඟියක් මේ ගැන නොදෙයි, එහි ඇත්තේ ලේඛකයාගේ හිතළු වලටත් වඩා තැන් තැන් වලින් ගත් දුර්වල උපුටා ගැනීම්ය. ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ යනු වසවර්ති මාරයා බව අප මීට වඩා සංගතව පෙන්වා දී ඇත. පෛතගරස් යනු පුණ්ණ තෙරුන්ය යන කියමන ගැන වැඩි දුර යා යුතු යයි නොසිතමි.
(එහෙත් පුණ්ණ තෙරුන් ග්‍රීකයෙක් වීමේ ඉඩකඩ මින් බැහැර නොකෙරේ)Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-78269533885713623852014-05-08T11:24:48.324+05:302014-05-08T11:24:48.324+05:30මෙය කිසි විටෙක සිතා නොතිබුණු දෙයකි. එහෙත් ඔබ කියා ...මෙය කිසි විටෙක සිතා නොතිබුණු දෙයකි. එහෙත් ඔබ කියා ඇති දේ දුටු සැණින් "සත්‍ය" සහ "සත්‍යය" යන දෙක දෙකක් බව සිහි විය. මගේ අදහස ඒ වෙනසම මෙහිත් පවතින බවයි. මා වැරදිද?Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-26570661850353758722014-05-08T11:06:32.071+05:302014-05-08T11:06:32.071+05:30මේ සියල්ල කෙසේ වෙතත් කෙලක් රහතුන් වැඩ සිටි මේ පොළො...මේ සියල්ල කෙසේ වෙතත් කෙලක් රහතුන් වැඩ සිටි මේ පොළොවෙහි වසමින් ඒ රහතුන්ගේ දැනුම ගැන විශ්ලේශනය නොකරන අපට පෛතගරස් සුවිෂේශ වන්නේ ඇයි? ඔහු සුද්දෙකු නිසාද? නැතිනම් සුද්දන් ඔහුගේ මත ගරු කරනා නිසාද?

අපට දිවයින ලිපිය හමුවූ විට අප කලේ එයින් ලැබූ උද්දීපනය හේතුවෙන්ම දිර්ගව කරුණු සෙවීම වේ. ඒ සදහා මාස කිහිපයක් තුල ඉඩ ලද බොහෝ කාලයක් ගත කළෙමු. අප එවැන්නකින් උද්දීපනයක් ලබන්නේ එය හුදු සුද්දන්ට විරුද්ධ වීමක් නිසාම නොව, අපගේ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට ඇති අපරිමේය වූ භක්තිය නිසාම වේ. සැබෑ "අනිත්‍ය" බුදු කෙනෙකුගේ ධර්මය තුලින් හැර තමුන්ටම අවබෝධ කරගත හැක්කේ තවත් බුදු, පසේබුදු වරයෙකුට පමණක්ම වේ යනු මා තරයේ විස්වාස කරමි. ඔබ පවසන පරිදි ඔබද "අනිත්‍ය" අවබෝධ කොටගෙන ඇත. බටහිරද පසු කාලීනව බිහිවූ විශිෂ්ට යයි සම්මත විද්වතුන්ද "අනිත්‍ය" අවබෝධය තෙක් පැමිණ ඇතිබවට අපගේ මුල් ලිපියේ කරුණු දක්වා ඇත. ඒ හැර ඔවුන්ද ඔවුන්ගේ පෙර දැනුම සබැ සත්‍ය දැකීමට බාදාවක් බවට ඉගි පලකොට ඇත!. වත්මන් දැනුම ඉන් ඔබ්බට යාමට නොදී අපව බැද තබන්නේද? අපට අවශ්‍ය වුයේ "සුද්දන්" සමග ගැටීමට
නොව පාටකයාට සැබෑ ශ්‍රද්ධාව වඩවා ගැනීමට යම් හෝ සහයක් ලබාදීමය. කෙළක් නැති සසරක සරණ අප, නිමේෂයක් බදු නවාතැනක බඩපිලුම් ගසන්නේ අබුද්ධෝත්පාද කාලයක ලෝකය කෙබදු විය හැකිද යනු නොදැනම විය යුතුය. බටහිරයන් උන්ගේ යයි පැවසුවද මෙවන් විනාශකාරී බටහිර චින්තනය තුලටද යම් හෝ මානව හිතවාදී දැක්මක් එක් වී ඇත්නම් ඒ බුදු දහමේ අභාසය තුලින් බව මතු කිරීම අපගේ අරමුණ විය.
ඉතිරි පැනයන් සදහා ලිපිය නැවත කියවීමෙන් හෝ මේ ආශ්රයෙන් පිළිතුරක් ගලපා ගන්න. අපට මෙය සත්‍ය බව කීමෙන් හෝ අසත්‍ය බව කීමෙන් ලබාගත හැක්කක් නැත. මෙය අප විසින් මතුකරන නැවුම් අදහසක් නොවන බව google ඔබට පහදා දේවි.

මෙම මුස්ලිම් ආක්‍රමණයෙන් පසුව නැවත මෙම දැනුම අද්‍යනය කල ගැලිලියෝ ආදීන් ඔවුන්ගේ දැනුම වැරදි ලෙස ග්‍රහණය කරගැනීම නිසා එනම් පැරණි දැනුම ඉන්ද්රිය ගෝචර ලෙස ගැනීම නිසාම ඔවුන් වල්මත් වූ බව අපගේ හැගීම වේ (අප මෙහිදී මහාචාර්ය නලින්ද සිල්වා සමග එකඟ වෙමු).අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-85728792029831488222014-05-08T05:09:17.841+05:302014-05-08T05:09:17.841+05:30අවිද්‍යා සොයුර,
අනිත්‍යය හා අනිත්‍ය යන පද දෙකේ යෙද...අවිද්‍යා සොයුර,
අනිත්‍යය හා අනිත්‍ය යන පද දෙකේ යෙදෙන විලාශය අනුව දෙ අරුතක් ඇතිබව සැබෑයි. කෙසේ වෙතත් මෙතැනදී අප මේ ගැන වාදය පසෙකට දමා ඔබ විමසන අනිත්‍යය අවබෝධ කිරීම අර්හත්වයනම් දුක්ඛ අනාත්ම ගැන කවරේද යන ප්‍රශ්නයට පිවිසෙමු.
අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු බුදු දහමේ ඉගැන්වෙන මූලික ත්රිලක්ෂනයයි.
බුදු හිමියන් ච්තුරාර්ය සත්‍යය ධර්මය දේශනා කොට වදාලේ දුක්ඛ මූලික කොටගෙනයි. එබැවින් අප සරළව "චතුරාර්ය සත්ත්‍යය අවබෝධය" නිර්වානය ලෙස දක්වමු. එහෙත් යමෙකු කීවොත් දුක්ඛය අවබෝධ කල එහෙත් අනිතිත්යය අවබෝධ නොකල කෙනෙකුන් ගැන මා එය අභව්‍ය තත්වයක් ලෙස දකිමි.
මා සරළව මෙය තව දුරටත් පැහැදිලි කිරීමට තැත් කලහොත්, දුකට හෙතුව අවිද්‍යාව හෙවත් මෝහයයි. එය සිදුවන්නේ සංස්කාර ගොඩනැගීම යන කාරනය පාදක කොටගෙනයි. සංස්කාර ගොඩ නැගීම සිදුවන්නේ අනිත්‍යය නොදැකීම නිසයි. අනිත්‍යය නොදකින්නේ මෝහය නිසයි. මීට අමතරව අනාත්මය නොදකින්නේ ද අනිත්‍යය නොදැකීම නිසා හෙවත් යම් දේ නිත්‍ය හෙවත් ආත්ම වශයෙන් ගැනීම නිසායි.
මේ කරුන එක වර වටහා ගැනීම අසීරු විය හැකියි. එහෙත් ඔබ ත්රිලක්ෂනය ගැන සිතා ඇත්නම් මෙය ඔබට වැටහේවි.

කෙසේ වෙතත් මා අවසනට ඔබහට නැවත කියන්නේ අනිත්‍යය අවබෝධ කල එහෙත් දුක්ඛය හා අනාත්මය නොදන්නා අර්හත්වයට නොපැමිණි කෙනෙකු සිටීම මාගේ වැටහීමේ තරමට අභව්‍ය වූ සිදුවීමකි.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-13118428233916023562014-05-08T04:49:00.025+05:302014-05-08T04:49:00.025+05:30හොඳයි අවිද්‍යා සහෝදරයා, අපිනැවතත් පෛතගරස් ගැන සාකච...හොඳයි අවිද්‍යා සහෝදරයා, අපිනැවතත් පෛතගරස් ගැන සාකච්චාවට එමු, අනෙක් කරුනු තාවකාලිකව පසෙකට දමා.
මෙහි ඔබ දක්වන උපුටනයෙහි කියනුයේ පෛතගරස් විසින් ආත්මයෙහි නැවත නැවත ඉපදීමක් පිලිගත් බවක් නේද? සිරුරින් සිරුරට ආත්මය ගමන් කරනා බවක් නේද? එය එසේනම් සහමුලින්ම බෞදු දහමට විරෝදී මතයකි. එහෙත් ගූගල් හි එසේ පල වන්නේ ඇතැම් විට මෙවන් ගැඹුරු තැන් ප්‍රකාශ කිරීමට ඉන්ග්‍රීසි භාෂාවෙහි ඇති දිළිඳු බව නිසා විය හැකියි.
එහෙත් අප මෙහි වචනයෙන් කියනා දෙයට වඩා ගැඹුරු අරුතක් ආදේශ කර සාකච්චා කරන්නේ කෙසේද?
එසේම මෙහි පැහැදිලිවම කියැවෙනවා ආත්මය රූපයෙන් රූපයට ගමන් කරනා විට ශාක බවට පත්වීමක් ගැන. මෙය පැහැදිලිවම බුදු දහමේ උගන්වන පංචස්කන්ධ සංකල්පයට පටහැනි වූ මතවාදයක් නොවේද?
රහතෙකු නොවීත් ඇතැම් විට ඔහු සතුව පූර්ව ජන්මයක් දෙකක් දැන ගැනීමේ හැකියාව තිබූ බව අප සිතුවහොත් එය වැරදිද? බුද්ධ කාලීනව මෙවන් විස්මිත හැකියාවන් සහිත පුහුදුන් මිනිසුන් සිට නැතිද?
විශ්ව තරණය පවා අර්හත්වය හා කෙළින්ම බැඳුනක් නොවනා බව මා සිතමි. අප දහම් කථා වල අසා ඇති පරිදි පුහුදුනෙකු වූ දෙව්දත් තෙරුන් තුල පවා අහසින් යාමේ හැකියාව තිබුනිලු?

මෙවන් අදහස් අර්හත්වය පිළිබඳ සාදක ලෙස ගැනීමෙහි ඇති වැදගත් කම කුමක්ද? පෛතගරස් විසින් කරනා ලද යම් ඍජු ප්‍රකාශන අපට විශ්ලේශනය කල හැකිනම් එහි වැදගත් කමක් තිබිය හැකියැයි සිතමි.

මේ සියල්ල කෙසේ වෙතත් කෙලක් රහතුන් වැඩ සිටි මේ පොළොවෙහි වසමින් ඒ රහතුන්ගේ දැනුම ගැන විශ්ලේශනය නොකරන අපට පෛතගරස් සුවිෂේශ වන්නේ ඇයි? ඔහු සුද්දෙකු නිසාද? නැතිනම් සුද්දන් ඔහුගේ මත ගරු කරනා නිසාද?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38221973424358896532014-05-07T11:11:04.506+05:302014-05-07T11:11:04.506+05:30බටහිර විද්‍යාවද අද අනිත්‍යය දැකීම දක්වා දියුනු වී ...බටහිර විද්‍යාවද අද අනිත්‍යය දැකීම දක්වා දියුනු වී ඇතැයි ඇතැමෙකු පවසන බව මා දනිමි. ඒ කෙසේද යත් අද සියල්ලෙහි මූලික වූ ඔවුනගේ පරමාණුව උප පරමානුක ද්‍රව්‍යයන් හට බෙදා ඒ තව දිරටත් බෙදීමෙන් එහි ශක්තිය මිස ද්‍රව්‍යයන් නැතැයි ඔවුන් පවසයි මේ අනිත්‍යය සත්ත්‍යය රූප ධර්ම සම්බන්ධයෙන් මිස නාම ධර්ම සම්බන්ධයෙන් නොවනා වග අප වටහා ගත යුතුයි නේද?
සිතුවිළි,
ඔබ මෙහි අනිත්‍යය දැකීමක් ගැන සදහන් කලද අපටනම් මෙහි රුපධර්ම (සංස්කාර - ද්‍රවය යන අරුතින්) පිළිබඳව හෝ අනිත්‍යයක් නොපෙනේ. මෙහි ඇත්තේ හිස් බවක් පමණි. මෙවැනි දැකිමකින් කිසිවකුත් ලබන තෘප්තිය කුමක්ද? සැබෑ අනිත්‍යය යනු බොහෝ තෘප්තිමත් දැක්මකි. (අපට සිතෙන ආකාරය)
අප බටහිර විද්වතුන් අනිත්‍යය දැකීම ලෙස හැදින්වුයේ,
"Reality is merely an illusion, albeit a very persistent one." ඇල්බට් අයින්ස්ටයින්
"He also said that using reason without applying it to experience only leads to theoretical illusions." ඉමානුවල් කාන්ට්
වැනි විද්වතුන් අප අදහස් කරන ලදී. තවත් කිහිපයක් හෝ සොයාගත හැක.
කෙසේ හෝ අප ලිපියෙහි ඇතුලත් කල ප්‍රදාන තර්කය වන "පයිතගරස්" පිළිබඳව විමසීම වඩා උචිත යයි අප සිතමු.
ඔබල මේ පිළිබඳව දරන අදහස කුමක්ද?
Religiously, Pythagoras was a believer of metempsychosis. He believed in transmigration, or the reincarnation of the soul again and again into the bodies of humans, animals, or vegetables until it became immortal.
Heraclides Ponticus reports the story that Pythagoras claimed that he had lived four previous lives that he could remember in detail.
According to accounts of Aristotle and others, some ancients believed that he had the ability to travel through space and time and to communicate with animals and plants.
Pythagoras asserted he could write on the moon.
කණිෂ්ක,
මෙම අදහස් අපටද නැවුම් විය. කලයුත්තේ තමුන්ම විමසීමයි. type " pythagoras and buddhism" in google. ඔබ පුදුම වේවි. ජනමාද්‍ය ඇතුළු සියලු දැනුම ලැබෙන මාර්ග ඇත්තේ යමෙකුගේ (යම් චින්තනයක) පාලනය යටතේ නම්, පහසුවෙන් ලැබෙන්නේ එම චින්තනය පෝෂණය වන දැනුම පමණි. එසේ නොවන දෙය සොයා ගැනීමට වෙහෙසීමට සිදුවේ.
The Milinda Panha (Pali trans. "Questions of Milinda") is a Buddhist text which dates from approximately 100 BCE. It is included in the Burmese edition of the Pali Canon of Theravada Buddhism as a book of the Khuddaka Nikaya, however, it does not appear in the Thai or Sri Lankan versions. A shorter version of it, however, is featured in Chinese Mahayana translations.

It purports to record a dialogue in which the Indo-Greek king Menander I (Milinda in Pali) of Bactria, who reigned in the 2nd century BCE, poses questions on Buddhism to the sage Nāgasena.(http://en.wikipedia.org/wiki/Milinda_Panha)අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-20113913794996015312014-05-07T10:39:18.521+05:302014-05-07T10:39:18.521+05:30මෙය ගැන කිසිදු අදහසක් නැත. කරුණාකර පහදා දෙන්න.
ත්...මෙය ගැන කිසිදු අදහසක් නැත. කරුණාකර පහදා දෙන්න.
ත්රිලක්ෂණයේ අනිත්‍යය ලෙසද නිවන අනිත්‍ය ලෙසද අදහස් කෙරෙන බවක් ඔබ කියන්නේ නම්, සහ එකම වචනය යොදන අයුරු අනුව වෙනස් තේරුමක් ලබාදෙන බවක් අදහස් කරන්නේ නම්, අප මෙම වදන් දෙක යොදාගත් අරුත ඔබට පැහැදිලි විය යුතුය. (සැබවින්ම ඔබගේ පැනය මහත් බියක් ඇතිකරයි. අප ප්‍රකාශ කරන අදහස් තුලින් විකුර්තියක් සමාජගත වනබවක් ඔබ කියන්නේ නම්, අප තවදුරටත් ලිපි ලිවිම ගැන නැවත සිතා බැලිය යුතුය. අපගේ භාෂා දැනුම අල්ප බවට තර්කයක් නැත.) කෙසේ හෝ අප අනිත්‍ය යන්න යොදා ගත්තේ එය ත්රිලක්ෂණයේ යෙදෙන අරුතින් පමණි. සැමවිටම අරුත් වැසීම වෙනුවට අර්ථය එළිදකින ලෙස ලිවීමට හැකිතාක් දරන දුප්පත් උත්සාහය නිසාම ලිපි දීර්ග වීම සහ කරුණු බොහෝ ඇතුලත් වීමද සිදුවේ.)අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-3686232254919684872014-05-07T10:36:53.897+05:302014-05-07T10:36:53.897+05:30This comment has been removed by the author.අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-46610831975588029652014-05-06T23:25:19.249+05:302014-05-06T23:25:19.249+05:30අනිත්‍ය සහ අනිත්‍යය යනු එකක් නොව දෙකකි. මේ ගැන ඔබේ...අනිත්‍ය සහ අනිත්‍යය යනු එකක් නොව දෙකකි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
ඉහත ගැටළුව විසඳා ගත් පසු ඔබේ ප්රශ්නය වෙත සපැමිනෙමුද?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-68587302132363171902014-05-06T22:55:46.978+05:302014-05-06T22:55:46.978+05:30එසේම යමෙකු අනිත්‍ය අවබෝධකරයි නම් එය කිසිදු සැකයකින...එසේම යමෙකු අනිත්‍ය අවබෝධකරයි නම් එය කිසිදු සැකයකින් තොරවම අර්හත්වයයි.

මේ ගැන නම් සිතන්න වෙනවාමයි. අනිත්‍ය අවබෝධය නිවන නම්, දුක්ඛ අනාත්ම ගැන කිව හැක්කේ කුමක්ද?අවිද්‍යාවhttps://www.blogger.com/profile/12103079758164361191noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-63856334954496185822014-05-06T18:35:39.377+05:302014-05-06T18:35:39.377+05:30අවිද්‍යා මිතුර,
ඔබ අනිත්‍යය අවබෝධය ගැන මාගේ පෙර අද...අවිද්‍යා මිතුර,
ඔබ අනිත්‍යය අවබෝධය ගැන මාගේ පෙර අදහසක් උපුටා දක්වමින් අදහසක් පල කොට ඇත. ස්ත්ත්යය වශයෙන්ම මා අදත් එම අදහසෙහි රැඳී සිටිමි.
මා වැන්නෙකු අනිත්‍යය යම් මට්ටමකින් දකිමින් සිටින්නෙකු යැයි යමෙකු කීවොත් මා එකඟ වෙමි. අනිත්‍යාවබෝධය යනු ඊට බොහෝ එහායින් වූ තත්වයකැයි මාහට සිතේ.
එසේම යමෙකු අන්ත්‍යය අවබෝධකරයි නම් එය කිසිදු සැකයකින් තොරවම අර්හත්වයයි.
මා තවමත් නොයෙකුත් දෘෂ්ටීන්හට ගැති වේ. බොහෝ විට එවන් වූ දෘෂ්ටීන් නුවණින් දකිමි. එහෙත් නොදක්නා ලද දෘෂ්ටීන් හට මා ගැති වූ බව දක්නේ අශ්වයා පැනගිය පසු පමණි.
මා දකිනා හැටියට මේ දෘෂ්ටීන් හා අප කරනා වූ ගනුදෙනුව කාන්දම් දෙකක් මැද තැබූ යකඩ කැබැල්ලක් වැනියි. ඉතා අසීරුවෙන් එක් කාන්දමකින් ඉවත් කරගත් සැනින් එය අනෙක් පස කාන්දම හා ඇලේ.

ඔබගේ මුල් ලිපියට නැවත ඒනම්, බොහෝ බටහිර විද්වතුන් අනිත්‍යය දර්ශනය කෙරේ පැමිණි බව ඔබ කියා ඇත. මෙය හුදු මතුපිට දැක්මක් පම්ණකියැයි මා සිතමි. මන්ද, බටහිරයන් සියල්ල දකිනුයේ භෞතිකවය. සත්ත්වයා අවුන් දකිනුයේ රූප වශයෙන් පමණි, ජීවය ඇතැම් විට ආත්ම වශයෙනි. එහෙත් සත්ත්යයවශයෙන් අනිත්‍යය දැකීමට නම් අප විමසිය යුතු වන්නේ පංචස්කන්ධයයි. කොටින්ම නාම රූප යන දෙකොට්ටශයයි. නාම ධර්ම නොදකිනා උන් කෙසේ අනිත්‍යය දකින්නදැයි මට නම් නොවැටහේ.
ඔබ පවසන නව සංකල්ප හෝ පැරණි සංකල්ප වනාහී සංස්කාර පද්ධතීනමය. ඒවා වැඩි දියුනු කිරීම කාමභෝගීන්ගේම කාරියක් විනා රහතුන් සතු කාරියක් නොවේ. එහෙත් දැනුම හා සංකල්ප බිහි කිරීම උදෙසා නාම රූප පද්ධතීන් පිළිබඳ දැනුම යොදාගත හැකියි යන මතය මාද එක හෙලාම පිළිගනිමි. මේ ඔස්සේ පොටක් පාදා ගැනීමට ගවේශනය කරනවානම් කල යුත්තේ අදෘශ්‍යමාන හා පසිඳුරන්ට ගෝචර නොවන නාම ධර්මයන්මය. බටහිරයන්ගේ සමස්ත දැනුම පාදක වන්නේ රූප ධර්මයන් මත මිස නාම ධර්මයන් මත නොවේ යන වග අප දත යුතුය.
බටහිර විද්‍යාවද අද අනිත්‍යය දැකීම දක්වා දියුනු වී ඇතැයි ඇතැමෙකු පවසන බව මා දනිමි. ඒ කෙසේද යත් අද සියල්ලෙහි මූලික වූ ඔවුනගේ පරමාණුව උප පරමානුක ද්‍රව්‍යයන් හට බෙදා ඒ තව දිරටත් බෙදීමෙන් එහි ශක්තිය මිස ද්‍රව්‍යයන් නැතැයි ඔවුන් පවසයි මේ අනිත්‍යය සත්ත්‍යය රූප ධර්ම සම්බන්ධයෙන් මිස නාම ධර්ම සම්බන්ධයෙන් නොවනා වග අප වටහා ගත යුතුයි නේද?
සැබෑ බොදු විද්වතුන් සංකල්ප හා එතුලින් ස\ස්කාරිත දැනුමක් ගොඩ නගනවානම් ඒ නාම ධර්ම පදනම්වම බවමා සිතමි. ලොවෙහිපවතින දැනුමට ගොඩ නැගිය හැකි සැබෑ ප්රථිදැනුම ඇත්තේ එතැනයැයි මා සිතමි.
මේ ගැන ඔබ දකිනා හැටි අප දැනුවත් කරන්න.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44762662290967716152014-05-06T15:15:05.724+05:302014-05-06T15:15:05.724+05:30ඔබ අනිත්‍ය අවබෝධ කොට ඇතැයි යනුවෙන් ම වැරදියට ත්රේම...ඔබ අනිත්‍ය අවබෝධ කොට ඇතැයි යනුවෙන් ම වැරදියට ත්රේම් ගත්තේ ඔබගේ මෙම අදහස් විය හැකිය. අනිත්‍ය අවබෝධය යනුවෙන් මා අදහස් කලේ නිවන් හෝ මාර්ගඵලයක් නොවේ.
http://katha32.blogspot.com/2013/04/buddhist-big-bang.html?showComment=1365299455230#c6908775016518321744
"මෙම සූත්‍රයෙහි හරය මා දැන සිටියෙමි, එය වටහාගෙන සිටියෙමි, යම් දුරකට අවබෝධ කොට සිටියෙමි. එම නිසාම ජෝසප් වැන්නෙකු බෞද්ධයෙකු කිරීමට මෙම සූත්‍රය සමත් වීයැයි කී විට මා විශ්මයට පත් වීමි. ඒ සූත්‍රය ගැන නොව ඔහුගේ මනා අවබෝධය ගැනයි. එවැන්නෙකු සමග සම්ප්‍රප්ප්‍රලාප දොඩා මා අප දෙදෙනාගේම කාලය කා දමා ඇත.
"බඹයක් පමණ මේ ශරීරය තුලම මා ලෝකය පණවමි"යි බුදු රදුන් පවසා සිටියේත් මෙයම කෙටි ස්වරූපයකිනැයි මට වැටහේ.
මා එම වැටහීම දෘශ්ටි වශයෙන් නොගෙන අවබෝධයක මට්ටමින් ඉතා අපහසුවෙන් තවමත් රැක ගෙන සිටින්නෙමි."අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-28959668031786158452014-05-05T22:38:00.988+05:302014-05-05T22:38:00.988+05:30ලිපි කෙටි කරන්නයි පැහැදිලි කරන්නයි අමාරුයි. කොහොම ...ලිපි කෙටි කරන්නයි පැහැදිලි කරන්නයි අමාරුයි. කොහොම උනත් මේක නම් දිග කතාවක්. අපට මතුකිරීමට අවශ්‍ය වූ කරුණු කෙටියෙන් යලිත්,

සැබෑ "අනිත්‍ය" බුදු කෙනෙකුගේ ධර්මය තුලින් හැර තමුන්ටම අවබෝධ කරගත හැක්කේ තවත් බුදු, පසේබුදු වරයෙකුට පමණක්ම වේ යනු මා තරයේ විස්වාස කරමි. බටහිරද පසු කාලීනව බිහිවූ විශිෂ්ට යයි සම්මත විද්වතුන්ද "අනිත්‍ය" අවබෝධය තෙක් පැමිණ ඇතිබවට අපගේ මුල් ලිපියේ කරුණු දක්වා ඇත. ඒ හැර ඔවුන්ද ඔවුන්ගේ පෙර දැනුම සබැ සත්‍ය දැකීමට බාදාවක් බවට ඉගි පලකොට ඇත!. වත්මන් දැනුම ඉන් ඔබ්බට යාමට නොදී අපව බැද තබන්නේද?

අපගේ තර්කය වන්නේ ගැලීලියෝගෙන් පසුව ඇතිවූ දැනුමේ විකාශය සිදුවන්නේද පැරණි දැනුම වටා බවත් එය ඉන්ද්රිය ගෝචර ලෙස ගැනීම හේතුවෙන් එය බොහෝ වැරදි අදහස් ලෝකයට දායාද කොට ඇති බවත් එම නිසාම අපගේද ඇතුළුව සියලුම දැනුම් පද්දතින්ගේ වචනයන්ගේ අර්ථය ගිලිහි ඇතිබවය. එබැවින් අපට බටහිර දැනුම ගෙඩිය පිටින් විසි කිරීමට පෙර එහි වැරදීම් නිවැරදිව හදුනාගත යුතුවන අතර ඒ සදහා අපගේ සංකල්ප නිරවුල් කරගත යුතුය. මේ සදහා වැරදි ගවේෂන්යන් තුලින් එකතු වූ නව සංකල්ප පැරණි සංකල්ප තුලට අවශෝෂනය කල යුතු සේම එම නව සංකල්ප මගින් සිදුවන හානිය පැරණි දැනුමෙන් පැහැදිලි කල යුතුය.

අපගේ අවසාන තර්කය වන්නේ මෙවන් විද්වතුන් ප්‍රතික්ෂේප කරන්නේ පල්ලියේ ඉගැන්වීම් විනා අපගේ හේතුවාදී පඩියන් සිතන පරිදි අපගේ පැරණි දැනුමේ සංකල්ප නොවේ. ඔවුන් (බටහිර විද්වතුන්) අපගේ පැරණි සංකල්පයන් නොදැන ඒවා ප්‍රතික්ෂේප කල නොහැක. අපගේ පඩියන් ඔවුන්ගේ විද්වතුන්ගේ දැනුමේ මුල නොදැනම ඔවුන්ගේ විද්වතුන්ගේ දැනුමේ මුලට පහර ගසමින් සිටී!!. අවිද්‍යාවhttps://www.blogger.com/profile/12103079758164361191noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-21471475329071416592014-05-05T11:29:55.954+05:302014-05-05T11:29:55.954+05:30* වෙන දවසක නම් මම නේද ** වෙන දවසක නම් මම නේද *Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-74218644062551006372014-05-05T11:28:21.340+05:302014-05-05T11:28:21.340+05:30සමහර අවස්ථා වල නිහඬතාවයත් පිළිතුරක්. ඒත් මේ එවැනි ...සමහර අවස්ථා වල නිහඬතාවයත් පිළිතුරක්. ඒත් මේ එවැනි අවස්තාවක් නෙවෙයි. ඇත්තටම මේ ලිපිය දිග වැඩියි. කියවලා ඉවරයක් කරන්න අමාරුයි. ඒ වගේම අවිද්යාතුමාගේ කතාව පැහැදිලි මදි. වෙන දවසක නම් ගොඩක් නේද මුලින්ම කොමෙන්ට් කරන්නේ... මේක අමාරුයි.

මම මේ තවම කොනක් හොයනවා. හික් !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-38887097874286958912014-05-03T23:41:42.483+05:302014-05-03T23:41:42.483+05:30"මාගේ පැනය නම් ඒසා රහතුන් වැඩ සිටි ලක් පොළොවෙ..."මාගේ පැනය නම් ඒසා රහතුන් වැඩ සිටි ලක් පොළොවෙහි ඇති නොවූ චින්තනයක් එක් රහතෙකු පමණක් වැඩ සිටි ග්‍රීසියෙහි ඇති වූයේ කෙසේද?" යන්නට "ප්රශ්නය තුලම පිළිතුරක් පෙනේ" යි යට කියන ලදී.

එය මිතුරන් කෙසේ තේරුම් ගන්නට ඇත්දැයි පැහැදිළි නැත. ඒ එය තම තම නැණ පමණින් තෝරා ගත යුතු පිළිතුරක් වන නිසාය. අප ඉන් අදහස් කරන ලද දේ පැහැදිලි කර දීම යුතුකමක් බව සිතමි.

උපමාවක් කියමි.

මහා සාගරයේ ජලය ලුණු රසැති බැව් සැවොම දනී. එහෙත් පරාක්‍රම සමුද්‍රයේ ජලය ලුණු රස නැත, මිහිරිය. සිතුවිළි ගේ ප්රශ්නය "ඒසා මහත් ජලස්කන්ධයක් දරා සිටින මහා සාගරයේ නැති මිහිරක් ඉන් අංශුමාත්ර ජලස්ඛන්ධයක් පමණක් දරන පරාක්‍රම සමුද්‍රයේ ඇති වූයේ කෙසේද" යන ප්රශ්නය හා සමගාමී වේ.

ඉහත අවිද්‍යා විසින් ගෙනහැර දක්වන පුණ්ණ තෙරුන් පෛතගරස් වීම අපට නවමු අදහසකි. ඒ දිවයින ලිපිය හරි හැටි පරිශීලනය කර, ඊට අදාළ වෙනත් මුලාශ්‍රයන් ද සොයා බලා මිස මේ ගැන අදහසක් පල කිරීම නුසුදුසුය. අප දැනට දරන අදහස අනුවනම් මෙය පිළිගැනීම අසීරුය.

සිරිපා වඳින ගාථාවේ, අප මහා ලෝකනාථයන් වහන්සේගේ සිරිපා සළකුණු සතරක් ගැන කියැවෙයි. ඉන් එකක් සච්චබද්ද පර්වතයේ, එකක් නර්මදා නදී තෙර, එකක් සමනල පව්වේද, ඉතිරි සිරිපා සළකුණ යෝනක පුරයේද ඇතැයි කියැවේ. යෝනක පුර යනු යවන දේශය හෙවත් පුරාණ ග්‍රීසිය ආශ්රිත ප්‍රදේශ නම්, එසේම සුනාපරන්ත ජනපදය පුරාණ ග්‍රීක පෞර රාජ්‍යයක් වීද නම්, මේ කතාවට (ප්රවාදයට) පිළිගත හැකි මූලයක් වෙයි. ඒ ගැන සොයා බැලීම මේ ගැන උනන්දු අයගේ වගකීමකි.

නැවත සිතුවිළි විසින් නැඟූ ප්‍රශ්නයට ආවොත් එහි පිළිතුර "බොහෝ රහතුන්ට කළ හැකි දේ එක රහතෙකුට කළ නොහැකි වීම" යි. ලක්දිව මිනිසුන්ගේ චින්තනය බුදුදහම අවශෝෂණය කර ගැනීමට සමත්ය. ග්‍රීකයන්ගේ චින්තනය වෙනස්ය. ශූන්‍යය ගැන නොදන්නා ග්‍රීකයින් කෙසේ අනාත්මය හඳුනා ගන්නද?

පෛතගරස් රහත් වුණත් ඔහුට කළ හැක්කේ ග්‍රීකයින්ට කතන්දර කීම පමණි. බුදුරදුන්ම වැඩම කර බණ දෙසුවත් ග්‍රීකයින්ට කළ හැක්කේ අත්පොලොසන් දී හූ තැබීම පමණි. ඔලිම්පික් ක්‍රීඩා සහ යමාමහපෙළහර අතර වෙනසක් ඔවුන්ට නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2451712333395077112014-05-03T23:04:32.249+05:302014-05-03T23:04:32.249+05:30ඇයි මේ කථා 32 ගොළුවෙලා?
ජෝසප් , ඔබගෙන්වත් යම් පිළි...ඇයි මේ කථා 32 ගොළුවෙලා?
ජෝසප් , ඔබගෙන්වත් යම් පිළිතුරක් ලැබේයැයි සිතනවා. අප සමග මෙහි පැමිණි බොහෝ දෙනෙකු නැවත කථා 32 හැර යාමටද මෙවන් වූ දීර්ග නිහැඬියාවන් බලපෑ වගක් මට සිතෙනවා.සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-57041951209545445932014-04-29T19:05:41.759+05:302014-04-29T19:05:41.759+05:30අවිද්‍යා, ඔබගේ මුල් ඡේදය පුරාවට ඔබ ප්‍රශ්න වැලක් න...අවිද්‍යා, ඔබගේ මුල් ඡේදය පුරාවට ඔබ ප්‍රශ්න වැලක් නගයි. මේ සියල්ල අප අපගෙන්ම ඇසිය යුතු දෑ මිස පැහැදිලි පිළිතුරු ඇති බවක් නොපෙනේ.
එසේම ඔබ මෙහිදී අපගේ දැනුමට කුමක් වීද කියා ප්රෂ්න කරයි. එය හොඳ ප්රෂ්නයකි, එහෙත් මා මෙහි සොයන්නේ මේ කියනා වූ අප කවුරුන්ද කියා මිස අප සතු වූ දැනුම කුමක්ද කියා නොව. දැනුම අපගේ නම් මුලින්ම අප සොයා යා යුත්තේ ඒ අප කවුරුන්ද කියා නොවේද?
සැබැවින්ම මිනිසා තමා හා ලෝකය හඳුනා ගන්නේ අවිඥ්ඥානිකව සංස්කරනය කරන ලද සංඥා පද්දතියක් ඇසුරින් නම්, බටහිර විද්‍යාව කරනු ලබන්නේ ඒ සංස්කාරිත ලෝකය සවිඥ්ඥානිකව තව තවත් සංස්කරනය කිරීම නොවෙයිද? එසේනම් එවන් වූ දැනුමක් ලොවට දායාද කිරීමක් කෙරෙහි රහතෙකුගේ මනස යොමු වීම ප්‍රායෝගිකද? සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය භාවයත් සසරෙහි නිසරු බවත් ප්රත්යක්ෂයෙන් දන්නා වූ රහතෙකු මිනිසුන් තව තවත් සංස්කාර ගොඩ නැගීමකට හා ඒ තුලින් තන්හා වඩන මගකට යොමු කරවාවිද?
මා සිත තුල පැන නගින මේ පැන වලට ඔබලාගේ අදහස් දැන ගැනීමට තුටු වෙමි.

පයිතගරස් හා පුණ්ණ තෙරුන් සමකල ඉහත ලිපිය කියැවූ සැනින් මට සිතුනේ ලක් දිව විසූ රහතුන් දිවිය ලෝක වල දිග පලල අපට දෙසා අප ඒ කෙරෙහි තන්හා කරවා ඇති අතර බටහිර විසූ එකම රහතුන් විසින් සංස්කාර්යන් ප්‍රථි සංස්කරනය කරවා තන්හාව වඩවා ඇති සෙයකි.

මේ සියල්ල අර්හත්වයට එරෙහි මතවාද මිස මානම් කිසිදු හරයක් නොදකිමි.

ඔබගේ අවසන් ඡේදයයම් සිත් රිදීමකින් ලියැවුනු වගක් දකිමි. මා ප්‍රශ්න නගන ආකාරය එවැන්නක් ඇති කලා නම් මා ඒ ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරමි. එසේම මා අනිත්‍යය අවබෝධ කලෙකියි හැඟෙන යමක් මාගෙන් කිසිවිටෙක කියැවී නැත. ඒ බව මා සහ සුද්දෙන්ම දනිමි.
ස්ත්යාවබෝධයට බාධා ඔවුනගේ මුල් දැනුම පමණක් නොව සංස්කාර පද්දතීන් මුල් කොට ඇති සියලු දැනුම සත්ත්‍යය වෙත පැමිනීමට බධාම වේ (මා දකිනා හැටියට ) කෙසේ වෙතත් මේ බටහිරයන් හා අප යනසංකල්ප මා දනා බුදු දහම අනුව නම් වෙන්කොට ගත හැකි වෙනස් වූ දෑ නොවෙයි. තව දුරටත් කියනවානම් මේ රහතුන් වැඩි පොළොවෙහි පෙර විසූවන් අපගේ මුතුන් මිහ්තන් හෝ අපගේ උන් වන්නේ සසර සයුරෙහි එක් නිමෙශයක් සඳහා අප රැඳී සිටිනාමේ බවය සඳහා නොවේද? අප සරන්නේ නිමක් නැති සසරක බව දන්නා අප, අපගේ පුබ්බේ නිවාසානුස්සතිය නොදන්නා අපි, අනෙකෙකුගේ මුතුන් මිත්තන් කල වැරදි වලට උන්ට එරෙහි වීම තරම් විහිලුවක් තවත් වෙත්ද?
සසර දිගු බව දන්නවානම්? අබුද්ධෝත්පාද කාලයන් කෙබඳුදැයි සිතා ගැන්මටවත් නොහැකිනම්? දහම තවමත් ජීවමාන නම් බුද්ධෝත්පාද කාලයක, දහම ඇති දේශයක උපත ලැබීමට තරම් අප හේතු වන්තයින් නම්, තව දුරටත් කල යුත්තේ මමත්වය වඩවන දැනුම් පද්ධති සොයා යාමද නැතහොත් නිර්වාන මාර්ගය සොයා යාමද?
කෙලක් රහතුන් වැඩ සිටි මේ පොළොවෙහි සංස්කරනය කරනාලද දැනුම් පද්ධතීන් බිහි නොවූයේ ඇයි දැයි මා සිතනා හැටි මෙසේ කියා පෑම වරදක්යැයි මා නොසිතමි. එසේම ඒ කෙලක් රහතුන්ගේ පහස ලැබූ පොලොවෙහි ජනිත වීමට අප භාග්‍ය වන්තයින්වී ඇත. ඒ කුමක් සඳහාද? තවදුරටත් සංස්කරණය කරනා ලද දැනුම් පද්ධතීන් බිහි කිරීම උදෙසාද?සිතුවිළිnoreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-44854062296906820552014-04-29T12:03:42.504+05:302014-04-29T12:03:42.504+05:30ලිපිය නැවත සකස් කිරීම වෙනුවෙන් අප ඔබට තුති පුදමු.ලිපිය නැවත සකස් කිරීම වෙනුවෙන් අප ඔබට තුති පුදමු.අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.comtag:blogger.com,1999:blog-4980774058297102516.post-2323521732470631962014-04-29T11:21:54.920+05:302014-04-29T11:21:54.920+05:30ඔබගේ පැනයට දීර්ග පිළිතුරක් සිතමින් සිටින විට කනිෂ්...ඔබගේ පැනයට දීර්ග පිළිතුරක් සිතමින් සිටින විට කනිෂ්කයන්ගෙන් විශිෂ්ට පිළිතුරක් ලැබී ඇත.

ඒසා රහතුන් වැඩ සිටි ලක් පොළොවෙහි ඇති නොවූ චින්තනයක් එක් රහතෙකු පමණක් වැඩ සිටි ග්‍රීසියෙහි ඇති වූයේ කෙසේද? අපගේ ගැටලුවද එයම වේ. ග්‍රීසියෙහි ඔය කියන විශිෂ්ට චින්තනය ඇති උනිද? අපගේ චින්තනය කොපමණ විශිෂ්ට විය යුතුද? බුදුදහමට අමතරව පෙරදිග පැවති අනෙක් දැනුමද උපයෝගිකොටගෙන, එදාද (අද මෙන්ම) බටහිර පැවති අදිපතිවාදය සමග නොගැටී ගැටීමට ගත් උත්සාහයක ශේෂය විය නොහැකිද? එහි ශේෂය වැරදි අර්ථකතන සමග නොමග යද්දී, අපගේ දැනුමට කුමක් සිදුවීද? එය සිතා මතා විනාස කලේද? එසේ කල උන්ම තවමත් අළුයට ඇති ගිනිපුලිගු වලට බයේ මහාචාර්ය නලින් සිල්වා පවසන පරිදිම අපව තවමත් පීඩනයකට ලක් කරමින් සිටින්නේද? අප නොදැනුවත්වම අප අපගේ නොවන දැනුම් පද්දතියක් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේද? කිසිවෙකු දැඩි බලයක් යටතේ අපව පාලනය කරමින් සිටින්නේද?

කනිෂ්ක ඔබ වෙනත් යමක් අදහස් කලේ නම් තවත් සැගවී සිටීමට ඔබට නොහැක.

No one errs or does wrong willingly or knowingly.
අපට ඉහත සදහන් Socrates කියමන පිලිබදව ඔහුගේ අදහස අපට හමුවීමට පෙර සිටම අපගේමවූ යම් අවබෝධයක් ඇති බැවින්, සුද්දන් සමග හෝ දැනුම් පද්දතීන් සමග හෝ ගැටීමක් නැත. අපට දැනුමට අදිපතිකම් කීමේ හෝ මගේ දැනුම විෂිස්ටවේ එය හැර වෙන දැනුමක් නැත කීමේ අදහසක්ද නැත. අපට කාගෙන් හෝ නිවැරදි දැනුම සොයා ගැනීමේ අරමුණ පමණක් පවතී. නමුත් වැරදි පෙනී පෙනීත් හුදු තමන්ගේ පොරත්වය වෙනුවෙන්ම "සියල්ල වෙනස් වේ. අපට කල හැක්කක් නැත." සහ "කව්රු මොනවා කලත් බුදු සසුන ලක් පොලවේ තවත් වසර 2500 පවතී" යනුවෙන් පවසමින් වැරදි දැනුම රකින්නන් "පඩියන්" ලෙස අවමානයෙන් බැහැර කරමු.

අපට දිවයින ලිපිය හමුවූ විට අප කලේ එයින් ලැබූ උද්දීපනය හේතුවෙන්ම දිර්ගව කරුණු සෙවීම වේ. ඒ සදහා මාස කිහිපයක් තුල ඉඩ ලද බොහෝ කාලයක් ගත කළෙමු. අප එවැන්නකින් උද්දීපනයක් ලබන්නේ එය හුදු සුද්දන්ට විරුද්ධ වීමක් නිසාම නොව, අපගේ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපට ඇති අපරිමේය වූ භක්තිය නිසාම වේ. සැබෑ "අනිත්‍ය" බුදු කෙනෙකුගේ ධර්මය තුලින් හැර තමුන්ටම අවබෝධ කරගත හැක්කේ තවත් බුදු, පසේබුදු වරයෙකුට පමණක්ම වේ යනු මා තරයේ විස්වාස කරමි. ඔබ පවසන පරිදි ඔබද "අනිත්‍ය" අවබෝධ කොටගෙන ඇත. බටහිරද පසු කාලීනව බිහිවූ විශිෂ්ට යයි සම්මත විද්වතුන්ද "අනිත්‍ය" අවබෝධය තෙක් පැමිණ ඇතිබවට අපගේ මුල් ලිපියේ කරුණු දක්වා ඇත. ඒ හැර ඔවුන්ද ඔවුන්ගේ පෙර දැනුම සබැ සත්‍ය දැකීමට බාදාවක් බවට ඉගි පලකොට ඇත!. වත්මන් දැනුම ඉන් ඔබ්බට යාමට නොදී අපව බැද තබන්නේද? අපට අවශ්‍ය වුයේ "සුද්දන්" සමග ගැටීමට නොව පාටකයාට සැබෑ ශ්‍රද්ධාව වඩවා ගැනීමට යම් හෝ සහයක් ලබාදීමය. කෙළක් නැති සසරක සරණ අප, නිමේෂයක් බදු නවාතැනක බඩපිලුම් ගසන්නේ අබුද්ධෝත්පාද කාලයක ලෝකය කෙබදු විය හැකිද යනු නොදැනම විය යුතුය. බටහිරයන් උන්ගේ යයි පැවසුවද මෙවන් විනාශකාරී බටහිර චින්තනය තුලටද යම් හෝ මානව හිතවාදී දැක්මක් එක් වී ඇත්නම් ඒ බුදු දහමේ අභාසය තුලින් බව මතු කිරීම අපගේ අරමුණ විය.අවිද්‍යාවhttps://www.blogger.com/profile/11136949652809591563noreply@blogger.com