Friday, January 20, 2017

GSP+ කා වෙනුවෙන් ද?

අපට යුරෝපා සංගමයෙන් GSP+ ලැබිනැයි ආණ්ඩුවේ සමහරු උදම් අනනු අසන්නට ලැබිණි. ඇත්ත වශයෙන්ම එය තවම ලැබී නැත. මතක හැටියට 2005 දී එය අපට නැති වන විටත් දැන්නම් සාගතයක් එනු ඇත; ව්‍යාපාර කඩා වැටෙනු ඇත; යුද්ධය පරදිනු ඇත; ආණ්ඩුව බිඳ වැටෙනු ඇත ආදී වශයෙන් භයංකර කතා කියූවන් දැන් උද්දාමයට පත් වී සිටීම අපට තේරුම් ගත හැක.

එහෙත්, එය එදා නැති වීමෙන් ලංකාවේ අප සාගතයට ලක් නොවූවා පමණක් නොව GSP+ නැති කිරීමේ යුරෝපා සංගමයේ තක්කඩි අරමුණ ද පරාජය කරමින් දෙමළ ත්‍රස්තවාදයට නින්දා සහහගත පරාජයක් අත් කර දීමට අපට හැකි විය. එසේනම් GSP+ දැන් අපට ලැබීමෙන් උදා වන අමුතු සෞභාග්‍යයක් නැති බව හුදී ජනයා දැන ගත යුතුය.





ආණ්ඩුවේ වැජඹෙන කට-හැකර ජාවාරම් කාරයින් මොන මොන කපිරිඤ්ඤා ගැසුවත් GSP+ අපට ලැබෙන්නේ යුරෝපා සංගමයට ලංකාව පාවා දීමෙන් අනතුරුව බව ද අප දැන ගත යුතුව තිබේ. මේ ආණ්ඩුව කරගෙන යන ජහඃ-පාලන ජුන්ටාව අතට බලය හුවමාරු වන්නේ ඒ එකඟතාව අනුව ක්‍රියා කිරීමෙන් පමණි. ජනතා මතය මර්ධනය කිරීමෙන් කරගෙන යන මේ ජුන්ටා පාලනයට ඒ හයිය නොමැතිව පැවැත්මක් නැත.

GSP+ කා වෙනුවෙන් ද? යන්නට අප විසින් Sa rasa තුමාගේ වියුණුවේ කළ සටහනක් මෙසේ දක්වමු.
GSP+ අවශ්‍ය වන පුද්ගල කොට්ඨාශයක් මේ සිරි ලංකාවේ සිටී. රටක් වශයෙන් ලැබෙන වාසිය කෙසේ වෙතත් පුද්ගලයින් වශයෙන් ලාභ ලැබිය හැකිනම් එය තමන් විසින්ම වළක්වා ගන්නා මරි-මෝඩයින් ජහඃ-පාලන ජුන්ටාවේ නැත.

මේ ලාභ මූල්‍යමය විය හැක, එසේ නොවියද හැක. එහෙත් සියලු දෙනාම පිළිගත යුතු කාරණාවනම් ජහඃ-පාලන ජුන්ටාව තනිකර ජාවාරම් ගුහාවක් බවයි. රනිල් අලි බබාත් ඔහුගේ ජාවාරම්කාර හොර හැතිකරයත් මේ ලක ලැහැස්ති වන්නේ රට උකසට තබා තම ජාවාරම් කරගෙන යාමට මිස වෙන කුමටද?

ETCA ගිවිසුම තකහනියේ අස්සන් කිරීමත්, යෝජිත හනුමා පාලමට අනුමැතිය දීමත් මේ සන්ධර්භය තුල සාකච්චාවට බඳුන් විය යුතුය. පුත්තලම්-කල්පිටියට උතුරෙන් යාපනය දක්වා විහිදෙන දූපත් කලාපය මේ ජාවාරම්කාර හැතිකරයේ මීළඟ ඉලක්කයයි. පංචවිධ ක්‍රියාවලිය සම්පූර්ණ වී මාස 60 කින් අළුත් රට හැදුණු පසු කවුරුවත් Las Vegas යන්නට අවශ්‍ය වන්නේ නැත. විල්පත්තුව දෙබෑ කර ගොඩනැගෙන අභිනව XXX පුරවරය මේ කියන අළුත් රාජ්‍යයේ බිම් මට්ටමේ ආර්ථිකය හසුරුවනු ඇති අතර පාළමේ එහා කෙළවරේ ඇති දෙමළරටේ පාතාලය එහි මධ්‍යම මට්ටම අයත් කර ගනු ඇත. හොර රහසේ වෙනස් කෙරෙන ඉඩම් රෙගුලාසි හරහා ලක්බිම ඉඩම් අත්පත් කර ගන්නා දෙමළ ඩයස්පොරවල් ඇතුළු බටහිර වැසියන් ජහඃ-පාලන ජාවාරම් කාරයින් සමග හරි හරියට මේවායේ උපරිම භුක්තිය විඳිනු ඇත.

යුරෝපා සංගමය රටක් නොවේ. එය අඩු තරමින් රාජ්‍ය වල එකතුවක්වත් නොවේ. යුරෝපා සංගමය රාජ්‍යයන්ට ඉහළින් අටවා ගත් අදිසි හස්තයකි. යුරෝපා මහාද්වීපයේ රාජ්‍ය දියකර ඒවා පාලනය කිරීම මේ සංගමයේ අරමුණයි. යුරෝපා පාර්ලිමේන්තුවෙන් සෘජුවම කෙරෙන්නේ මෙකී කටයුත්තයි. BREXIT ලෙස හැඳින්වුණු ජනමත විචාරණය මගින් බ්‍රිතාන්‍යය මහජනතාව යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීන්දු කෙරෙන්නේ ඒ රටේ මහ ජනතාව (එනම්, එංගලන්තවාසී ඉංගිරිසින්) ජාතික අභිලාශ වඩා වැදගත් කොට සැලකුණු හෙයිනි.

යුරෝපා නොවන වෙනත් රටවල රාජ්‍ය දිය කර හැරීම යුරෝපා සංගමයට අවශ්‍යය. ඒ එමගින් තම අධිපත්‍යය අනෙක් රාජ්‍යයන් මතද තහවුරු කර ගත හැකි නිසාය. ඊනියා සහනයක නාමයෙන් GSP+ ලබා දෙන්නේ මේ කර්තව්‍යය උදෙසාය. මෙවැනි අල්ලස් මගින් සහනයක් උදා කර ගන්නා සුළු පිරිසක් ඕනෑම රටක සිටී. ඒ සහනය ලබා ගනු කැමති පිරිසක් අතට බලය හුවමාරු කරවාගෙන එමගින් තම අභිලාශ ක්‍රියාත්මක කරවා ගැනීම යුරෝපා සංගමයේ පිළිවෙතයි.

GSP+ සහ ඒ හා බැඳුනු යුරෝපා සංගමයේ අභිලාශ තේරුම් ගැනීමට යුරෝපා සංගමය පිහිටවූ සහ එය මෙහෙයවන අදිසි බලවේග පිළිබඳ හැදෑරීමක් කළ යුතුය. පහත දැක්වෙන්නේ GSP+ ලබා ගැනීම වෙනුවෙන් යුරෝපා සංගමය ලංකාවෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන කොන්දේසි මාලාවකි. එය මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් පසුගිය 17 දාතමින් දිනපතා දිවයිනේ පල කළ "GSP + ලැබෙන්නේ කොන්දේසි නැතුවද?" යන ලිපියෙන් උපුටා ගන්නා ලදී.
  • ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම,
  • අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,
  • සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,
  • රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,
  • මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,
  • අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම,
  • නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම,
  • ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‌ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බවද සඳහන්ය),
  • පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,
  • දූෂණවලට එරෙහිව ජාතික ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දී අල්ලස්‌ කොමිසම ශක්‌තිමත් කිරීම,
  • නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,
  • නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම,
  • ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,
  • දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම,
  • පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්‌ ඇති කිරීම,
  • මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය),
  • අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම,
  • නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම.


එසේනම්

ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදයට සෘජුවම විරුද්ධ වන ඒ වෙනුවෙන් ලේ හලා ගැනීමට ඉදිරිපත් වන ඊනියා බලවේග, බලසේනා සහ වෙනත් කණ්ඩායම් යුරෝපා සංගමය විසින් මෙහෙයැවෙන සංස්කෘතික ව්යාප්තවාදයට ඒ තරමින් විරුද්ධ නොවන්නේ ඇයි?




7 comments:

  1. අපිට දාලදා මාලිගාවට බෝම්බ ගැහීම අමතකවුනා නේද බොලං

    ReplyDelete
    Replies
    1. මේ ගැන ආචාර්‍ය නලින් ද සිල්වා තමාගේ කාලය වෙබ් අඩවියෙත්, දිවයින පුවත් පත තම කතුවැකියේත් මතක් කර තිබිණි.

      Delete
  2. ඊයේ ජනවාරි විසිපස්වැනි දා. දෙමළ ත්‍රස්තවාදීන් දළදා මාළිගාවට පහර දුන් දිනය. මා දන්නා තරමින් කිසිම ජනමාධ්‍යයක් ඒ ගැන කිිසිම ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. එහෙත් ඔවුන් සැප්තැම්බර් එකොළහ ගැන කතා කෙළේ නැද්ද? අපට වැදගත් වන්නේ අප මතක් කර ගත යුත්තේ සැප්තැම්බර් එකොළහ ද? ජනවාරි විසිපහ ද? අප ඊනියා සංහිඳියාවක් නාමයෙන් ජනවාරි විසිපහ අමතක කළ යුතු ද? පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ ජාතික හිමිකම් සංවිධානයේ සාමාජිකයන් ඊයේ දළදා මාළිගාව මළුවෙහි අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට සංවිධානය කර තිබුණා. මා ද එහි අනුශාසකයකු ලෙස ගියා. එහෙත් අපට දැනගැනීමට ලැබුණේ දළදා මාළිගාවේ බලධාරීන් උසාවි නියෝගයක් අනුව යමින් එවැනි අධිෂ්ඨාන පූජා තහනම් කර ඇති බවයි.

    මේ තමයි බුදුසසුන රැක පෝෂණය කිරීම. ඉංගිරිසින් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම (ඊනියා උඩරට ගිවිසුම) කඩමින් 1840 දී දළදා මාළිගාවේ භාරකාරත්වය දියවඩන නිළමේට පැවරුවා. දියවඩන නිළමේ රෝම ලන්දේසි නීතිය අනුගමනය කරනවා. මහානායක හිමිපාණන් වහන්සේලාට මේ සම්බන්ධ තීරණ ගැනීමේ බලයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ රටක්ළු. එබැවින් එය වෙනුවට අනාගමික රාජ්‍යයක් අවශ්‍ය යැයි ජයම්පති වික්‍රරත්න ඇතුළු සිිංහල බෞද්ධ විරෝධීන් බෙරිහන් දෙනවා. ඔවුන් අනාගමික කියා කියන්නේ විවිධ ක්‍රිස්තියානි ආගමික රාජ්‍යවලට. ඔවුන්ගේ අරමුණ මෙරට ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයට සුළු වුවත් බාධාවක් තිබෙනවා නම් ඒ ඉවත් කිරීමයි.


    ආචාර්‍ය නලින් ද සිල්වා | කාලය

    ReplyDelete
  3. කහට කෝප්පේ පොඟවා ගිලින්නට
    පාන් කැබැල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට.....

    රටම ගිනි ගෙන දැවෙද්දී ඒකාබද්ධයේ ඇතැම් හාල් පාරුවන්ද අපිට විහිළු සපයමින් සිටිනා හැටි ජුගුප්සා ජනකයි...

    ReplyDelete
    Replies
    1. ගරු කටයුතු මතුගම සෙනෙවිරුවන් මහතාගේ වෙබ් අඩවියේ ඊයේ දැමූ ප්‍රතිචාරයක් මෙතැනට ගැලපේ යැයි සිතමි.


      කතා කතු January 26, 2017 at 2:04 AM

      "දෙමළ ප්‍රශ්ණය නමැති ඊනියා සංකල්පය ව්‍යාජයක් බව ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් ඔප්පුකිරීමට දැන් කාලය පැමිණ ඇත."

      සැබෑ ප්‍රශ්නය නම් මෙය කරන්නේ කෙසේද යන්නයි.

      බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ඒ රටවල ජනතාව තීන්දු කිරීම හා එමගින් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට සෘජු පණිවිඩයක් නිකුත් කිරීම හොඳ ආරම්භයකි. ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයා වූ හිලරි ක්ලින්ටන් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉතිහාසයේ කුණු බක්කියේ පතුලටම ඇද දැමිණි. නව ජනාධිපති ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති අපට හිතකර වීම නොවීම කෙසේ වෙතත් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට හා එහි අධිකාරි බලයට හිතකර නැත. ට්‍රම්ප් මහතා "international community" යන්න භාවිතා නොකළද එහි ඇමරිකානු උපාංග තම ප්‍රථම කතාවෙන් ඉලක්ක කළ බව "establishment" වෙත කළ අභියෝගයෙන් පෙනේ. තෙරේසා මේ මෑතකදී "global elite" වෙත නිකුත් කළ පණිවිඩයෙන් කියවෙන්නේ ද එයයි.

      මෙහි අරුත ඒ ඒ රටවල් වෙන වෙනම ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට පහර පිට පහර දීමට පටන් ගෙන ඇති බවයි. ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) ඉවත් විය යුතු බවට නැවතත් යෝජනා කරළියට එන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රබලම උපකරණය UN බව ඇමරිකාවේ පුරවැසියන් හොඳින්ම දන්නා හෙයිණි.

      මේ සියල්ල එසේ තිබියදී අපේ රටේ කරුමයට පහළ වී ඇති මේ ආණ්ඩුව කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවගේ අභිලාශ ඉෂ්ඨ කරමින් ජාතිය නසන ගමන ඉක්මන් කරවීමයි. ඒකාබද්ධ විපක්‍ෂය පාරේ ඉන්නා පර-බල්ලෙකි. බල්ලෝ බුරත් - එහෙත් "තවලම" නවතින්නේ නැත. චන්ද්‍රිකා දුර-දිග නොබලන තැනැත්තියකැයි චෝදනා කළ හැක්කේ කාටද ?

      Delete
  4. https://en.wikipedia.org/wiki/Voynich_manuscript
    මේක ගැන දන්නවද?

    ReplyDelete
ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (ඉල් අව සතවක දා) උදෑසන සර්වඥයන් වහන්සේගේ ද්‍රෝණයක් ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියස සම්බුද්ධ පා පහසින් පවිත්‍ර වූ ජය භූමියේ සිට ජනාධිපතිධුරයේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශය.


එතුමාට දෙතිස් කතාවේ උණුසුම් සුභ පැතුම් !
තෙරුවන් සරණින් සියළුම දෙවි රැකවරණින් සියලු කටයුතු සාර්ථක වේවා !